තාත්ති ආවට පස්සේ….

ආන්න තාත්ති එනවා……

අම්මී උඩු මහලේ ඉඳගෙන හැමදාමත් වගේ පුංචි කෙලීත් එක්ක මග බලනවා. බටහිර අහසින් තැඹිලි පාටට ඉර බැහැගෙන යද්දී, අමාරුවෙන් ඇවිදලා ඇවිදලා හොයාගත්තු වේවැල් කර්ටන් අස්සෙන් එන තරමක් උණුසුම් හුළං රැලි වල දැවටී දැවටී සනීපෙට අම්මිගේ ඔඩොක්කුවට වෙලා ළඟ තියෙන පොකුනේ මාලු දිහා බල බල ඉන්න කෙල්ලගේ පුංචි කට පොඩ්ඩට පන එන්නේ තාත්ති එනවා කියලා ඇහුනම තමා.

පා…. පා…. පා…. කිය කිය අම්මිටත් සැරවෙන වෙන ගමන් ගලපගන්න බැරි වචන කිය කිය කෙලි පොඩ්ඩ අත දික්කරන්නේ පඩිපෙලෙන් බැහැලා යමු කියලා කියන්න. ඊට පස්සේ ඉතිං ගෙට පළවෙනි පඩිය තියද්දිම අම්මයි දූයි උලුඅස්ස ළඟ. පුංචි දිලිසෙන ඇස් දෙක තාත්ති දිහා බලාගෙන ඉන්නේ මේ දැන් වඩාගෙන ඉඹියි කියන මහා බලාපොරොත්තුවත් එක්ක.

කෝ මගේ මැණික් කැටේ….? ම්…. ම්….

ආනේ… මැණික් කැටේ කාක්කෙක් ඇවිත් අරං ගියානේ…

කොයි පැත්තටද ගියේ…..?

මී….. මී……

ආ මේ පැත්තටද ගියේ… කාක්කා කෝමද මගේ මැණිකගේ කම්මුල පැත්තට ගියේ…..  කෝ බලමු…..

හරියට මහ මෙරක් බදාගන්නවා වගේ අත් දෙක දෙපැත්තට දික් කරලා තාත්තිගේ බෙල්ල වටේට අත්දෙක දාලා එල්ලෙන කෙලි පොඩ්ඩ, ආසම තාත්තිගේ බෙල්ලට මූන තියාගෙන ඉන්න. ඊට පස්සේ ඉතිං ම්…. ම්…. කිය කිය කෙඳිරි ගගා තවත් තුරුළු වෙන්න. උදේ ඉඳන්ම අම්මයි ආච්චියි සීයයි එක්ක හිටියට තාත්ත කෙනෙකුගේ ආදරේ ගාව ඒ  හැම දෙයක්ම පරාදයි. සමහර විට දවස තිස්සෙම වේල්ලක් බැඳලා හිර කරගෙන ඉන්න ආදරේ පීඩනය දැනෙන නිසා වෙන්න ඇති. පුංචි ඇස් දෙක ඉබේම පියවිලා ගිහිං, ඇස් වලින් ලැබගන්න අරමුණු නැති කරලා දාලා මුහුණේ සියුමැලි සමෙන් විතරක් තාත්තිගේ බෙල්ලේ උණුසුම විතරක් විඳගන්නේ ඇයිද කියලනම් තාමත් දන්නේ නෑ….

මැණික ඔහොම ඉන්න… තාත්තිට තේ එකක් හදාගෙන එනකං…. කිව්වම ඔලුව දෙපැත්තට වනලා හා කියනවා මිසක් කටක් ඇරලා වචනයක් කියන්න පුළුවනෑ තාම.

ඊට පස්සේ ඔන්න අම්මි එනව‍ා, කෝ දූ මෙහෙ එන්න දැන් තාත්තිට තේ එක බොන්න… මොන පිස්සුද දූ නම් බහියි තාත්තා අතින්. අම්මි අතට යනවා වෙනුවට කරන්නේ තවත් තාත්තිගේ බෙල්ල බදාගෙන තේ එකෙන් උගුරක් පොවනකම් තාත්තිගේ මූනේ හැඩ බල බල ඉන්න එක තමා. කොයි තරම් මහන්සි තිවුනත් ඒ ඇස් දෙක නැටවෙන හැටි බලාගෙන හිටියම මහන්සියක් දැනෙයිද….? තේ කෝප්පේ පුංචි මූනට ලං කරද්දි චූටි කට පොඩ්ඩත් ඇ‍රගෙන තේ උගුරක් බොන්න කෑදර කමේ ඉන්න ලස්සන.

ම්…. මගේ පැටියා… කියලා ‍කෙලි පොඩ්ඩගේ මූන ඉඹිද්දි….

දැං ඉතිං දූ ඉන්නවනේ… එන්නකෝ නිදා ගත්තම….. හ්ම්හ්…. කියාගෙන ගස්ස ගෙන යන සමහරු ආයෙමත් ටිකකින් ඇවිත්…

දැන් ඇති………….. ඉතිං දූව හුරතල් කලා…..

හා එන්නකෝ එහෙනම් අම්මිවත් හුරතල් කරන්න… කියාගෙනම වම් අතෙන් දූව වඩාගෙන දකුණු පැත්තේ උරහිසට අම්මගේ ඔලුව ගෑවෙන්න තුරුල් කරගත්තම… දෝනිට වඩා සැරට ඇටකටු ටික කුඩු වෙන්න තද කරගෙන මුළු සංතානයම උණුසුම් කරලා…. බෙල්ල බලෙන්ම වගේ පාත් කරගෙන සිපගන්න කොට, මොකටද දවස තිස්සෙම ඔෆිස් එකට වෙලා ඉන්නේ කියලා හිතෙනවා…..!

Advertisements

56 Responses to “තාත්ති ආවට පස්සේ….”

  1. දොඩං Says:

    අනේ මන්දා අන්තිම ටික තේරුනේ නැද්ද මංදා 😀

  2. ශානු Says:

    :O හීන බලනවද

  3. බානුක Says:

    එක පාරටම හීනයක් දැක්කද…
    මොනව වුනත් කතාව නම් පට්ට

  4. Nisupa Says:

    පට්ට කතාව හොදේ.අදත් ඊයෙ වැඩේ වෙයිද දන්නෙ නෑ. 😦

    • Nisupa Says:

      ඇති යන්තම් එහෙම වෙලා නෑ…:)

    • ගෝල්ඩ් fish Says:

      අද නම් අවුලක් නෑ…

      මට කියන්න බැරි වුනානේ… ඊයේ ඔයා කියපු සීන් එකක් තමානේ ආවේ… අද උදේ මැසිම දාද්දිම රතුපාට වෙලා ඩිටෙක්ට් කලා….

  5. පිණිබිඳු Says:

    හ්ම්ම්.. කාගෙත් හීනෙ ඔහොම ආදරණීය කැදැල්ලක් තනාගන්න තමා.

    • ගෝල්ඩ් fish Says:

      කාගෙත්… හික්…. හ්ම් හ්ම් හොඳයි…. 😉

      • මධුරංග Says:

        ඔන්න අපි නම් ඕවට නෑ. කාගේ කාගෙත් කිල්ලෝඅ වල හුනු ඩිංග ඩිංග ඇති නේ. 🙂

      • ගෝල්ඩ් fish Says:

        😉

  6. විසිතුරු | visituru Says:

    හරිම හුරතල්!

  7. Gimhani Says:

    හ්ම්ම මාළුවා දැම්ම ඉඳම්ම හීන බලනවද ?? ඔෆිස් යන්නෙත් නැතුව ගෙදර ඉන්න වගේ කල්පනාව ..

  8. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    කමිං කලර්ස් නෝ ගුඩ් . . . .

  9. praveena Says:

    දුව කවුරු වගේද?…:D

    • ගෝල්ඩ් fish Says:

      අනේ මන්දා අක්කේ… ඇත්තට එහෙම ප්ලෑන් කරන්න විදියක් නැද්ද තාම?

      • මධුරංග Says:

        දූ අම්මි වාගේ….

      • ගෝල්ඩ් fish Says:

        තාම දන්නේ නෑ බං….

  10. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අන්තිම ටික නිකන් X ගනයට වගේ වැටෙන්නේ…..එළ එළ…..

  11. cjgayan Says:

    හික් උඹ දැන්මම ඉපදෙන්න ඉන්න ළමයින්ට කෙන්දර හදනවද ? 😀 😀

  12. Weni Says:

    ඔය මවන හීනම තමයි හැබෑ වෙන්නෙ කවදා හරි !

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්…. ලොකු අයියලා එහෙයි කියද්දි පොඩි අපි කොහොමෙයි නැහැයි කියන්නේ….

  13. Gayan Rupasinghe (සිංහයා) Says:

    හලේ .. ආසාවේ බෑ බං……

    ජය..

  14. suneth Says:

    මචන් මාළු මල්ලි
    මටත් ඉන්නවා පොඩි කෙලි පැටිකියක්,වැඩ ඇරිලා ගෙදර ගියහම” තාත්තා ” කියලා බෙල්ල බදා ගත්තාම මහන්සිය කොහෙන් ගියදකියල නැහැ.මට වෙලාවකට බයත් හිතෙනවා මේ ළමය මට මේ තරම් ආදරේ කරනේ ඇයි කියලා.
    මේ පොස්ට් එකනම් මගේ බොක්කටම වැදුනා.තව තවත් ලියන්න වාසනාව ලැබේවා.
    ජයවේවා

    • ගෝල්ඩ් fish Says:

      තාත්තලගේ ආදරේට සමාන කරන්න පුළුවන් දෙයක් මට නම් මේතරම් කාලෙකට හම්බුවෙලා නෑ අයියේ… ඒ උණුසුමයි, අත් දෙකේ මස් පිඩු වල තියෙන ශක්තියයි එක්ක වෙන කිසිම දේකට හැප්පෙන්න බෑ… ලොකු අයට වැඩිය හොඳට පුංචි එවුන්ට ඒක හොඳට තේරෙනවා…

  15. arunishapiro Says:

    කවදා හරි තාත්තියෙක් වෙච්ච දාට අත්දකින්නත් ලැබේවා!!

  16. කළු පූසා Says:

    මේකේ මුල් හරිය කියවනකොට මට හිතුනේ යශෝදරා එයාගේ පොඩි කාලේ ගැන ලියල කියල. තව ටිකක් මැදට එද්දී මට හිතුනා මේක බැඳපු කෙනෙක් තමාගේ දුව ගැන ලියපු එකක් මාළුවා post එකකට දාල කියල.

    “දැං ඉතිං දූ ඉන්නවනේ… එන්නකෝ නිදා ගත්තම….. හ්ම්හ්….”
    එත් අන්තිම හරිය එද්දී නම් මට හිතුනා මේක නම් මාළුවාගේ හිතේ අදහසක්ම තමයි කියල. 🙂

    මොනවා උනත් මගේ හිතට ගොඩක් වැදුණු කතාවක්. හේතුව මොකද කියල හිතාගන්න බැහැ , සමහරවිට මගේ හිතෙත් ඔය වගේ හීනයක් තියනවද දන්නේ නැහැ 🙂

    • ගෝල්ඩ් fish Says:

      වගේ නෙමේ බං අනිවාර්යෙන් උඹේ හිනෙත් ඔය වගේ වෙන්න ඇති…

      • කළු පූසා Says:

        වෙන්න ඇති 🙂

  17. dinesh umagiliya Says:

    මාළුවා දැම්මම අනාගතේ සුභ සිහින දකිනවා වගේ…:)

  18. මධුරංග Says:

    කතාවේ අන්තිම ටික මට පේන්නේ කොටු කොටු විතරයි. මොකද ඒ ??? නෙට් අවුලක් ද නැත්නම් මැශින් එකේ අවුලක්ද ???

  19. E-Porter Says:

    ම්ම්හ්……කොලුවා නඩුවක් දගෙන හෙට අනිද්දම හිරේවිලන්ගුවෙ වටෙන්න වගේ යන්නෙ….අනේ වාසනාවන්……. අපිටත් කේක් කෑල්ලක් කන්න තිබ්බනං….. පුලුවන්නං මේ පැත්තටත් විසික්ක කොරහංකො……

    ඇත්තටම…මචන් උඹලගෙ ලියවිලි මේ ගිනිගත්ත වැලිකතරට සීතලම සීතල වතුර බින්දුවක්….මේ ගල් අරාබියො අස්සෙ ගල් වෙන අපේ හිත් මෙලෙක් කරන්නෙ උඹල……බොහෝම ස්තූත්යි මාලුවො…. බොහෝම ස්තූතියි….

    • ගෝල්ඩ් fish Says:

      අප්පේ කේක් කන්න නම් තව කාලයක් බලාගනෙ ඉන්න වෙයි අයියේ…..

      තෑන්ක්ස්…. මම දැනන් හිටියේ නෑ මේ කමෙන්ට් එක අරාබියේ ඉඳන් වැටෙන එකක් කියලා.

  20. E-Porter Says:

    නෑ කොල්ලො… අබුඩාබියෙ….ගල් අරාබි ලෝකෙම තමයි.තව බ්ලොග් වලට coments කරා…. ම්හු…appear වෙන්නෑ….moderation නිසා වෙන්න ඇති…..

  21. Deeps Says:

    සිහින විමානේ කිව්වලු

  22. දයියා Says:

    මාළුවට ඔෆිස් නොගිහින් ගෙදර ඉන්න වෙන්නෙ පැටව් ලොකු උනාම තමයි. එතකං උපරිම වැඩට යන එකයි තියෙන්නෙ. අපේ කට්ටිය ළඟ ගෙදර නවතින දවසෙ නිවාඩුවට කියන වෙනම නමකුත් තියෙනව. අනේ මමනං ඕව මොකුත්ම දන්නෙ නෑ ඔන්න.

  23. ගිනි කුරුල්ලා Says:

    මොකෝ බන් මාළුවෝ එක පාරටම පොඩි එකෙක් හුරතල් කොරන්ඩ හිතුනේ??? ඔල්මාදේ හැදීගෙන එනව වත්ද?

  24. henryblogwalker Says:

    මොකක්ද මේ වෙන්නෙ හැබෑටම? මම හිතාගෙන ඉන්නෙ ගෝල්ඩ්‍ෆිෂ් කියන එකා අම්මට හොරෙන් රා, බියර් වගෙ බීම බොන, ඒත් අම්මට හුඟාක් ආදරය කරන, අවිවාහක පෝතකයෙක් හැටියට. මේක නම් ලියලා තියෙන්නෙ නවක තාත්තා කෙනෙක්. මට ඩෝප්ද?

  25. මන්තරකාරි Says:

    මාළු පැටික්කියෙක් වරල් දෙකෙන් බදා ගත්තා කිව්වෙ නැතුව මදෑ… මාර ලස්සනයි මාළුවෝ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: