හිතන්න… ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වෙනවා. පස්සේ ඉතිං එයාත් එකක් කතාත් කරනවා. ඉතිං කොහොමහරි ළමයාව හොඳටම ෆිට් කරගත්තාත් කියමුකෝ…. ඒත් ඉතිං ඒයාගෙන් යාළුවෙන්න අහන්නේ කොහොමද…? කටින් අහන්න බැරිනම් ලියලා පෙන්නුවනම් හරිනේ… ඒකත් නිකං කොලේක නෙවේ… තමන්ගේ ෆ්ලෑෂ් සපෝට් කරන ටච් ස්ක්‍රීන් ෆෝන් එකේ….!
ෆ්ලෑෂ් ෆයිල් වලට සහය දක්වන ටච් ස්ක්‍රීන් සහිත ඕනෑම ජංගම දුරකථනයක මේ ෆයිල් එක රන් වෙනවා. ඔයාලටත් ෆ්ලෑෂ් සහිත ටච් ස්ක්‍රීන් මොබයිල් එකක් තියෙනම් ට්‍රයි කරලා බලන්න. මෙතනින් ඩවුන් කරගන්න….
මේක ෆෝන් එකට දාලා පොඩි අයට අහුවෙන්න නම් තියන්න එපා. මොකද පොඩි අය මේක ගල් ලෑල්ල වෙනුවට හරි ඇස්සයිස් පොතක් වෙනුවට හරි පාව්ච්චි කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 7:59 ට
ඔය අතේ තියෙන්නේ උඹගේ ෆෝන් එකද බං පට්ටයි බං ! මටත් ආසයි ෆ්ලෑෂ් ඉගන ගන්න කොහෙද බං මට බෑ නේ ..උඹ පටන් ගනිංකෝ මචං ෆ්ලෑස් පාඩම් මාලාවක්
අඩේ සිරාවට සතියක එකක් දුන්නත් ඇති බං මම කියන හින්දම කොරහං !
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:35 ට
නෑ නෑ බං මගේ ෆෝන් එක නෙවෙයි…. යාළුවෙක්ගේ එකක් බං.
මම ඉතින් කොහෙන් ඉගෙන ගන්නද බං… නෙට් එකෙන් මිසක්….
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:17 ට
මේක අර එදා නිසුට දීපු එක නේද ?
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:37 ට
ඔව් බං ඒක තමා, පොඩි වෙනස් කම් ටිකකුත් එක්ක…
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:29 ට
ආ මේක නේද ඔයා එදා පෙන්නපු එක. පොඩි අවුලක් ගැන කිව්වෙ ඒක හදාගත්තද බං.
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:53 ට
පුළු පුළුවං විදියට හැදුවා අක්කේ…. සමහර ෆෝන් වලට විතරයි අවුල්… ගොඩක් ඒවයේ වැඩ.
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:53 ට
ආආආඅ අයියේ මරු මරු 😉
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:59 ට
එල 😀
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:59 ට
මටත් ඒ ජාතියේ ෆෝන් එකක්…
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:45 ට
ඕනෙද?
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 9:04 ට
රන් මාලුවෝ ඔය ඇප් එකත් එක්ක පෝන් එකත් ඩවුන් ලෝඩ් කර ගන්න විදියක් නැද්ද?
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:41 ට
මං ටිකක් හොයලා බලන්නම් සමාධි…. අනේ අම්මපා මුං ටත් තියෙන පස්න.
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 9:12 ට
එල එල.. ඔන්න මමත් බෑ ගත්තා මචන්..
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:42 ට
වැඩ කරනව නේද බලපං
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 9:23 ට
අපේ කාලේ නම් ඉතින් හස්ත මුද්‍රා තමයි.. බලාගෙනයි කෙල්ලක් ඔය ගැජට් එක අරන් පොළොවේ ගහවි..
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:42 ට
කමක් නෑ වෙලාවට මයෙ ගාව ටච් ස්ක්‍රීන් ෆෝන් එකක් නෑ…
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 9:49 ට
මචං ඉස්සර “සරසි” පත්තරේ එක්ක එන ලියුං කොලේට ගහන්න මොන සක්කරයටවත් බැරිඋනා…..ඒකට දැන්……..එළ එළ…….
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:53 ට
අපිට කොහේද ඉතිං ඔය වගේ පත්තර….
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:29 ට
අනේ අම්මේ බං එක එක වයසට තියෙන ප්‍රශ්න. ඕක අපේ ගෙදර තිබ්බා නම් මගෙ වයිපරේ ඕකෙ ලියන්නෙ කඩෙන් ගේන්න ඕනෙ බඩු ලැයිස්තුව.
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 11:03 ට
කොහොමද බඩු ලෑස්තුව දිලිසෙන්න ලියලා දෙද්දී… හරියට ෆාම් ටොප් එක අරං කඩවල් ගානේ යන රෙපාලා වගේ….
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:34 ට
ඒක නෙවෙයි මොකක්ද අර මඩ පාරක් යන්නෙ මාලුව අර තෙලැස්ට්රෝ එකේ කශ්ටියත් එක්ක ට්‍රැක්ටරේකින් ගිය සීන් එකකට?
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 11:03 ට
අයියේ ඒ මොකද්ද අයියේ…? කොහෙද තියෙන්නේ සීන් එක?
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 6:16 ට
http://tlr.thelastrow.net/2011/10/05/%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%95%E0%B6%B1%E0%B7%90-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B6%E0%B6%A9%E0%B7%94/comment-page-1/#comment-30013
අනේ මම නං නෑ ඔව්වට.
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 6:28 ට
ඇයි හද්දෙයියනේ වෙන මොකවත් තිබුනෙම නැද්ද අර පාර්සලේට ඇතුලත් කරන්න
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:50 ට
(කට උල් කරලා)…ස්..ස්..ස්..ස්….. මාරයි නෙ කොල්ලො ඈ….. උඹ ලංකාවෙ ඉන්න ඕන් එකෙක් නෙමෙයි… අත්තටම උඹේ ගම කොහෙද බං…..
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 11:13 ට
ගම කුලියාපිටියේ… ඉන්නේ කළුතර… කාඩ් එක සාක්කුවේ, බැංකු පොත නැන්දා ගාව… 😀
තෑන්ක්ස්….
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:03 ට
ඇත්ත්තද….. මම හිතුව තල්ලූවෙ කියල….. එල..එල.. දැනට තියෙන කාඩ් ටික දාගන්න ඔය සාක්කුව ඇද්ද……
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:26 ට
හික්… දැන්ට ෂේප්….
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:04 ට
ආහ් මේක එදා බුක් ෆෙයාර් එකට ගෙනත් අපට පෙන්නුවේ. මරු නේ අයියා.
හිතේ තියෙන දේවල් කියලා ලියලා හරි පෙන්නන්න තිබ්බා කවුරු හරි හිටියනම්
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:27 ට
උඹ මට ලියලා පෙන්නපං… මං උඹට ලියලා පෙන්නන්නං…
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:08 ට
මචං මේක 5800 එකක් නේ බං? එල කිරි වැඩක් බං
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 12:28 ට
ෆෝන් එක nokia C6 එකක් මචං.
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 3:43 ට
එල! වැඩ බන්…
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 6:27 ට
හරි මචෝ…. තෑන්ක්ස් කමෙන්ට් එකට
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 6:23 ට
Apita touch nathoo… Me ar windows ehem chek krnn denw wge, ub touch arn depnko bn ayye., api hri wrdi keynnam.. Agrmemt ghmu d, ube flsh withrmi test krnne., as 2k pl.. 😀 😀
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 6:48 ට
ඈ මාලු, උඹ පැය විසිහතරම ඔන් ලයින්ද? මම බය වුනා කොමෙන්ට් එක දාපු වේගෙට. ඒක නෙවෙයි මාලු. නම් ටික වෙනස් කලාට ඕක ඇත්තම කතාවක්. පැකට් එකේ තිබ්බෙ බඩුම තමයි. ඔය යාලුවා කිඩ්නි ෆේලියර් එකකින් මැරුන.
2011 ඔක්තෝබර් 6 දින ප.ව. 7:07 ට
ඈ…. මං හිතුවේ ගොතපු කතාවක් කියලා අයියේ… සමහරවිට එව්වා ටික විකුනන්න ගෙනියනවද දන්නේ නෑනේ…. ඔයාලා මඩ ගැහුවට.
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 12:51 ට
මාළු යාළු වැඩේ මාරයිනේ… නියම වැඩ කෑල්ලක්නේ… ඔන්න මමත් අරගත්තා…..
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 8:49 ට
තෑන්ක්ස් දිනේෂ්…
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 2:48 ට
මට මොකද්දැ මලේ ඕකෙං ගතෑකි පරෝජනේ ????
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 8:02 ට
ඕනේ අයියා ප්‍රමාද වැඩියි. ඕක බාගෙන තියාගන්න පොඩි දූට අකුරු කියාදෙන්න 🙂
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 8:57 ට
ඕනේ අයියා විතරක් නෙමේ උඹත් අරගෙන තියාගනින්…. උඹටත් යන විදියට ඉක්මනටම ඕනේ වෙනවා මේක.
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 8:52 ට
අර හෙන්රි අයියා කියනවා වගේ බඩු ලෑස්තුව එහෙම ලියාගෙන ගියෑකි… නැත්තං උඹත් තාම පුංචි එකා වගේ නිසා බලි කුරුටු අඳින්නත් පුළුවන්… කොහොමද තාත්තයි පුතයි දෙන්නම එකට බලි අඳිද්දී වයිපරේ ඇවිත් කොස්සෙන් නෙලන්න හදන හැටි… මට මැවිලා පේනවා ඕනේ අයියා ගේ වටේ දුවන හැටි… සමරත් උස්සගෙන…. 😀
2011 ඔක්තෝබර් 7 දින පෙ.ව. 11:27 ට
හූ හූ . . . මට සරං අඳින්න බැරියෝ
2011 ඔක්තෝබර් 7 දින ප.ව. 12:01 ට
මටත් බෑනේ බං අයියේ… උපන්දා සිට කරපු හොඳ නැත වරක් ඇන්දොත් කලිසමේ… සරම වගේ නෙමේ හෝදන්න ටිකක් අමාරුයිනේ…
2011 ඔක්තෝබර් 7 දින ප.ව. 6:16 ට
@ඕනයා සහ ගෝල්ඩ්ෆිෂ්: Welcome to the Club මටත් බෑනෙ බං සරමක් ඇඳගෙන ඉන්න. ඕක හරි ඩේන්ජරස් ඇඳුමක්නෙ. අර එක පාරක් සරමෙ අගය ගැන බ්ලොග් පෝස්ට් එකකුත් යනකොට මම සද්ද නැතුව හිටියා. ඔන්න එකමත් එක කාලෙක මට අවුරුද්දට සරමක් හම්බවුනා. ඕක මම තියන් හිටියෙ විසිටර් කෙනෙක් ආවොත් දෙන්න. අපේ ගෙදරට එන විසිටර් කෙනෙකුත් නෑ මම ඕක මම අඳින්නෙත් නැති හින්දා වයිපරේ ඕන් ඒක හිඟනෙකුට දීල.
2011 ඔක්තෝබර් 7 දින ප.ව. 9:11 ට
මාත් එක දවසක් දා ට්‍රයි කරලා බලන්න කියලා සරමක් ඇඳගෙන නිදා ගත්තා… උදේ වෙද්දී ඉතිං කියන්න ඕනේ නැහැනේ…
ඉස්සර දහම් පාසල් යද්දී අම්මා සරම අන්දලා තව ෂෝටකුත් අන්දලා සරමට පටියකුත් දාලා යවන්නේ….