මහ ලොකු ස්පෙෂල් කැටගරිය….

මොනාද හොයන්නේ ඔයා….?

ෂා‍‍‍…. ෂෝයි අක්කියෙක්…. ආහ්…. මම මේ බර්ත් ඩේ කාඩ් හොයනවා….

බර්ත් ඩේ කාඩ් තියෙන්නේ එහා පැත්තේ…. එතනින් තෝරගන්න….

හා….. කියලා මම  බර්ත් ඩේ කාඩ් තියෙන තැනට ගියා. හප්පේ තෝරගන්න බැරි තරමට කාඩ්…. එක එක කාන්ඩ යටතේ වෙන් කරලා.

මුලින්ම අවුරුද්දට වඩා අඩු බබාලට, පස්සේ අවුරුද්දට වැඩි… පහට වැඩි, වගේ ඉඳන් අවුරුදු හැට දක්වාම පිලිවෙලට තියෙනවා. අර චූටිම බබාලගේ හරියේ තිබුනා මරු කාඩ් සෙට් එකක්. එව්වා ඇරියම චූස් චූස් ගාලා හැප්පි බර්ත් ඩේ සිංදුව ප්ලේ වෙනවා. ඒ මදිවට එක එක පාටින් තොරන වගේ ලයිටුත් පත්තු වෙනවා.

මදර්, ෆාදර්, සිස්ටර්, බ්‍රදර්…. ටීචර්, මදර් ඉන් ලෝ…. අරකද මේකද හැම ‍එකම. ඒත් ඉතිං ඔය කොයි වර්ගෙන් තිබුනත් මට ඕනේ එක නැහැ.

දැනට අවුරුදු කීපයකට කලින් නම් ඉතිං කිසි බයක් සැකක් නැතුව ගිහිං දුන්නේ ටීචර් කැටගරියේ කාඩ් එකක් වුනාට පහු වෙද්දී එහෙම කොරන්න බැරුව ගියානේ. තැන් තැන් වල ඇවිද්ද හිත කුමාරිකාවක් ගාව නැවතුනාම ඉතිං ආයෙම කුමාරිකාවගේ අම්මට ටීචර් කැටගරියේ කාඩ් දෙන්නේ මොන හිතකින්ද දෙයියනේ. ඒක නිසා ඉතිං එදා ඉඳං හැම අවුරුද්දෙම දුන්නේ ස්පෙෂල් කාඩ් එකක්.

ඒත් ඉතිං දැන් එහෙමත් බැහැනේ… ඒක නිසා දැං මං හොයන්නේ හිටිය මදර් ඉන් ‍ලෝ කියන කාන්ඩය හරි ආයෙමත් වෙන්ඩ මදර් ඉන් ‍ලෝ කාන්ඩය හරි දෙකම නැත්තං හිටිය/වෙන්ඩ ස්පෙෂල් කාන්ඩය හරි.

සාමාන්‍යයෙන් හිටිය, වෙන්ඩ මදර් ඉන් ලෝ නැතිවුනත්, ස්පෙෂල් කැටගරියක් තියෙන්න එපැයි බර්ත් ඩේ කාර්ඩ් තියෙන තැනක. මෙතෙන ඒකත් නෑ. ඇත්තටම මට මෙදා පාර වෙලාවක් තිබුනේ නෑ බම්බලපිටියේ උතුම් පැතුම් එක පැත්තට වටයක් දාන්න… ඒක නිසයි පානදුරේ අලුතින් දාපු බුක් ෂොප් එකකට රිංගුවේ. මොන වැඩක් තියෙන තැනකට ආවනම් කමක් නෑ…. ඒත් ඉතිං එවෙලේත් ටිකක් රෑ වෙලා තිබුන නිසා මෙතනින්ම එකක් ඇගෙන යනවා කියලා හිතාගෙන කාඩ් එකක් තෝරන්න ගත්තා.

හතර වටේටම බැළුවා ස්පෙෂල් කියලා කාඩ් සෙට් එකක් නෑ. අනිත් එව්වා ඔක්කොම තියෙනවා. ඒක විතරක් නෑ… ඉතිං මොනා කරන්නද අහෙන් මෙහෙන් ඇද ඇද ස්පෙෂල් තත්ත්වෙට සරිලන කාඩ් එකක් අනිත් කාඩ් අස්සේ හොයන්න කියලා මං හිතාගත්තා. එහෙම හිතලා කාඩ් සීයකට වඩා පෙරලන්න ඇති ම්හු…. ඒත් නෑ….

පස්සේ ඔන්න අර ස්වීට් අක්කා ආයෙම ආවා….

තාම තෝරගත්තේ නැද්ද….?

අයියෝ…. මෙතෙන ස්පෙෂල් කාඩ් සෙට් එකක් නෑනේ…

ආහ්… ස්පෙෂල් කියලා ගහලා නම් නෑ… ඒත් අර ලේබල් එකක් නැති රැක් එකේ බලන්න. කියලා එයා ගියා.

පස්සේ ඉතිං මාත් මොකාද වගේ ගිහිං බැළුවා. එතකොටත් මගේ කාඩ් තෝරන මිෂන් එකට විනාඩ් 45ක් විතර ගතවෙලා. ඒක නිසා තමා අක්කා එන්න ඇත්තේ. ඒ පාර නම් යන්තං එක දෙක මීටර් වෙනවා අර ලේබල් එකක් නැති රැක් එකෙන්. සමහර එව්වයෑ ඇතුල හිස්… අපිට ලියන දෙයක් ලියලා දෙන්න තමා ඒ. ඉස්සර නම් කාඩ් එක අරගෙන මගෙ අතිනුත් මොනහරි කුරුටු ගාලා දුන්නට දැන් ඉතිං එහෙම කරන්න තරම් වෙලාවක් නැහැනේ. ඒක නිසා ඉතිං කවුරු හරි ලියපු, මට ගැලපෙයි කියලා හිතුන වචන වගයක් තිබ්බ එකක් තෝරගත්තා…. ඊට පස්සේ ඉතිං ආයෙම ඉස්සරහ පිට බලද්දි තමා දැක්කේ… ඒක මං හොයපු විදියෙම You are very special to me…. ! කියලා තියෙනවා. පස්සේ ඉතිං ආයෙම කාලෙ නාස්ති කරන්න දෙයක් නෑනේ, ඒක නිසා යන්නං විනාඩි 55කින් විතර වැඩේ ගොඩ දාගත්තා.

♥ inter mission ♥

ඉතිං ඊයේ යශෝධරාවගේ මවුතුමියගේ උපන් දිනේ. මං කාඩ් එක තේරුවේ ඊට සති දෙකකට විතර කලින්. ඊට පස්සේ ඉතිං කාඩ් එකේ මගේ නමත් ලියලා ක‍වරෙට දාලා යශෝධරාව‍ගේ අතට පත් කලාම ගානට වෙලාවට, ඒකිට අමතක නොවුනොත්… නඩුකාරිගේ උපන් දිනේ දා උදේට කාඩ් එක අතට ලැබෙනවා.

ඊයෙත් දැනගන්න ලැබුන විදියට කාඩ් එක ලැබිලා තියෙනවා. මට ස්තූතියි කියලත් කිව්වා… ඒත් ඉතිං ටිකක් දුකයි. ඇයි ඉතිං මාත් ආස නැද්ද ඔය පහල තියෙනවා වගේ කාඩ් දෙකින් එකක් නඩුකාරිට දෙන්න…..!

ඇත්තමයි මට නම් දැන් ස්පෙෂල් කැටගරියෙන් කාඩ් තෝරන එක එපා වෙලා තියෙන්නේ… ඊළඟ අවුරුද්දෙවත් මේ තියෙනවා වගේ එකක් දෙන්න පුළුවන් වුනොත්….!

56 Responses to “මහ ලොකු ස්පෙෂල් කැටගරිය….”

  1. maathalan Says:

    ඔය උඹට වැදිලා තියෙන කාඩ් වලින් එකක් යැව්වොත් නරකෙයි..

  2. සාතන් Says:

    වෙන්ඩ නැන්දම්ම දන්නව නම් උඹට මෙච්චර පිස්සුවක් තියෙනව කියල උඹට දුවව දෙනව හෙටම…. මේ මාසෙ ඉතිං වැදගත් මිනිස්සු ඉපදුන මාසයක්ලු කොහොමත් 😉

  3. cjgayan Says:

    ඊළඟ අවුරුද්දෙවත් මේ තියෙනවා වගේ එකක් දෙන්න පුළුවන් වුනොත්….!

    එසේම දෙන්න ලැබේවා කියල පතනවා11

  4. පිණිබිඳු Says:

    එහෙනම් වැඩේ ගොඩ යාගෙන එනවද මාලූස්..

  5. ශානු Says:

    ඊලඟ අවුරුද්දෙ මේ නඩුකාරිටම මදර් ඉන් ලෝ කාඩ් එකක්ම දෙන්න ලැබේවා!!!

    අර කිව්වත් වගේ ඔයාට වැදුන කාඩ් එකක් දෙන්නකො මෙයා 😉

  6. පූසා Says:

    උඹටත් තියෙන්නේ ලෝකේ නැති ප්‍රශ්න 😀

  7. ගිනි කුරුල්ලා Says:

    බය නැතුව හිටහන්… උබටත් දවසක ඉර පායයි……
    මදර් ඉන් ලෝ එක දෙන්න එපා බන්.. කෙලින්ම මදර් එක දියන් ඒක නියමෙටම හිතට වදිනවා….

  8. නවම් Says:

    ඇග් ! නැන්දම්මටත් කාඩ් දෙනවද උඹ? මයෙ කටට එන ඒව මෙතන කියාගන්න හැටියක් නැතිහැටි……

  9. E-porter Says:

    අනේ… මූ නැන්දම්මව අන්දන්න දඟලන දැඟලිල්ලක්……..පවු අප්පා……..දුකේ බෑ…….තනි අහැට ඇඬෙනව……

  10. Gayan Rupasinghe (සිංහයා) Says:

    ඊගාව අවුරුද්දේ එහෙම වෙන්නටය කියල ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා මචෝ

    ජය,,

  11. මාඩා Says:

    wasana wasana…….. sithum pathum e ayurinm esta siddawewaaaaaaaaaa…….. 😀 😀 😀

  12. අකීකරුහිත Says:

    අනේ අම්මපා මෙයාට තියෙන ප්‍රශ්න

  13. suneth Says:

    දැන් මේ ජාතක කතාවට අවුරුදු කියද මචන්

  14. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඉතිං අද ඉඳලම පටං ගනිං නැන්දම්මගෙ ලබන අවුරුද්දෙ උපන්දිනේට කාඩ් එකක් ඩිසයින් කරන වැඩේ . . . . . කරල උඹම ප්‍රින්ට් කරගනිං වැඩේ ඉවරනෙ . . .. .

    ප.ලි.
    කාඩ් එක ඇතුලෙ ලියන්න ලස්සන කවි කෑල්ලක් ඕනෙ නං . . . . කාටවත් චාටර් නොවෙන්න පොඩි බ්ලොග් කොම්පෙටිශන් එකක්න් තියපං . . . තව අවුරුදු 10කට විතර හරියන්න කවි සෙට් කරගන්න පුලුවං

  15. රූ Says:

    මාකටින් පාරට මගෙනුත් සුභ පැතුම්.
    Call කරලත් wish කරානම් තමයි හොඳ
    (අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!)

  16. suneth Says:

    කෙල්ලත් කැමති නම්, අම්මත් කැමතිනම්, තාත්තත් කැමතිනම්, උඹගේ ගෙදරෙනුත් කැමතිනම් මොකද නහයෙන් අඩන්නේ??? සල්ලි ප්‍රස්නයක් නම් කියපන් කොටු කාඩ් එකක් ගහල එකතු කරුමු. මමත් කලේ එහමයි.

  17. මධුරංග Says:

    තමන්ගේ වෙන්ඩ නැන්දම්මට නඩුකාරි කියන එකම එක කොල්ලත් ගෝල්ඩ් ෆිශ් අයියමද කොහෙද !!!! හික්ස් 🙂
    මාත් ඔය ප්‍රාර්ථනේ කරන්නම්. එතකොට අඩුම ගානේ අපටත් කේක් කෑල්ලක් කන්න පුලුවන් නේ ගෝල්ඩ් ලීෆ් අයියා ගානේ.

    ප.ලි. – මාත් බර්ත් ඩේ කාඩ් එකක් ගත්තා. ඒත් ඒක දෙන්න කෙල්ලෙක් තමා නැත්තේ. නැද්ද ඔය පැත්තේ සුකුරුත්තන් කෙලි පැටික්කියෝ එහෙම. 🙂

  18. මන්තරකාරි Says:

    ඔයා කොයි තරම් වාසනාවන්තද මාළුවෝ… මට ඔය වාසනාව නෑ මොන කාඩ් 1ක්වත් දෙන්න…

  19. හිස් අහස Says:

    නැන්දම්මව අල්ලගෙන ඉන්න එපාය මොනා කරන්නත් . මමත් බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා උඹට යසෝදරාවට හැම වසරකම කාඩ් ඩ්දෙන්න ලැබේවා කියලා ..

    ඊට අමතරව උඹලෑ වෙඩිමට මටත් ආරාධනාවක් ලැබේවා කියලා .

    මම හිතන්නේ දැන් උඹ කියාපු කරදර බාදා අහවරයි දැන් උසස්පෙලත් ඉවරයි නේ බං !

  20. Botta Says:

    ඒ කියන්නේ දැන් වැඩේ ශේප් වේගනද එන්නේ?

  21. dinesh umagiliya Says:

    මේ කාඩ් එකේ ආනුභාවයෙන්වත් ඊළග අවුරුද්දේ අර පහලින් තියෙන කාඩ් එකක් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….

  22. කළු පූසා Says:

    ඕක එච්චර අවුලක්ද බං ? කෙලින්ම නඩුකාරි ලඟට ගිහිල්ලා නඩුකාරිගේ මූණ බලාගෙන කියපන් “මට ඊළඟ අවුරුද්දේ ඉඳං ඔයාට අම්මේ කියන්න ඕනේ , නිකන්ම එහෙම කියන එක හරි නැනේ , එක නිසා ඔන්න ඔහේ මම ඊළඟ අවුරුද්දේ යශෝධරාව සරණ පාවා ගන්නම්.”.. එතකොට මට ඔයාට අම්මේ කියන්න පුළුවන්නේ ඇන්ටි” 😀

    //පස්සේ ඔන්න අර ස්වීට් අක්කා ආයෙම ආවා….

    තාම තෝරගත්තේ නැද්ද….?//

    අර අක්කා sure එකටම බය වෙන්න ඇති උඹ b’day card උස්සනවා කියල . 😛

  23. Observer Says:

    කාර්ඩ් තෝරන අතරෙ, කාර්ඩ් කීයක් ෂර්ට් එක අස්සෙ හංග ගත්තද?…හිකිස්…

  24. විසිතුරු | visituru Says:

    ඈ බාන් මාලුවෝ තමන්ගෙ අතින්ම හදලා ලියලා කාඩ් එකක් ගිහින් දුන්නා නම් නේද හොඳ?

  25. sarath Lankapriya Says:

    වෙන්ඩ MIL කාලෙදිම ලකුණු දාගන්න එක හොඳයි.. මන් ඔහොම කරලා අපේ MIL නම් ඉන්නේ ඕන වෙලාවක මගේ පැත්තේ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: