මගේ වරාය බලන්න සියල්ලෝම පැමිණෙත්වා….!

මේ ඕයි…. තමුසේ මොනාද බලන්නේ…?

ඇයි…. මොකෝ ගෑණියේ කෑගහන්නේ…..?

මොකෝ අහන්නේ… තමුසේ හිතුවද ඕයි මං දැක්කේ නෑ කියලා… තමුසෙගේ ඇස් දෙක තිබුනේ මගේ හැට්ටේ අස්සෙනේ ඕයි….

අනේ පලයන් ගැණියේ යන්න… උඹ හිතුවද මං බීප් බීප් දැකලා නෑ කියලා…..? මහ ලොකු බීප් බීප්….. හැමෝටම පේන්න බාගෙට ඇඳගෙන ඇවිල්ලා දැන් මෙතෙන කෑගහන්න එනවා…

එතනින් පස්සේ නම් ගෑණු කෙනාගේ කට පොඩ්ඩක් වැහුනා. පිරිමි සහ ගැහැණු ඔක්කොමලා අර ගැහැණු කෙනා දිහා බැළුවේ මහ කැත විදියට. තමන්ගේ පාඩුවේ පාර දෙපැත්ත බල බල ගිය අයත් මේ සිද්ධියෙන් පස්සේ අර කෑගහපු ගෑණු කෙනාගේ උඩු කය අඩ නිරුවත දිහා බැලුවම නෙවෙයි… ස්වභාවික විදියට බැලුනා. සීට් වල වාඩි වෙලා හිටිය අයත් ඉස්සිලා බලන්න හදලා ආයෙම නිකං සායම යවාගන්න ඕනේ නැහැනේ කියලා හිත තද කරගෙන වාඩි වුනා. මොකද ඒ වෙලාවේ මං ගිය බස්‍එකේ එකම එකෙක් වත් මන්ද මානසික තත්වයකින් පෙලිච්ච අය හිටියෙ නෑ…

මේ සිද්ධිය වෙලා වැඩි දවසක් නෑ… එදත් මං ඔෆිස් ගිහිං ටිකක් රෑවෙලා ගෙදර ගිය දවසක්. මතක විදියට මතුගම එකකද කොහෙද ගියේ. රෑ වෙලා යන දාටනම් ඉතිං වාඩි වෙන්න සීට් එකක් හම්බුවෙනවා කියන්නේ හීනයක්….! ඉතිං මමත් මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න කියලා කොන්දා කෑගහන්න කලින්ම ඉඩ තිබුන අයිනකට රිංග ගත්ත‍ා…

ඊට පස්සේ ඉතිං නිදි මත එන නවත්ත ගන්න කියලා සිංදුවකුත් අහගෙන යද්දී තමා මං හිටිය සීට් එක අයිනේ ඉඳන් සීට් තුනක් විතර ඉස්සරහින් සීට් එකක වාඩි වෙලා හිටිය ගෑණු කෙනෙක් කෑගහන්න ගත්තේ. ඒ මංගල්ලේ පටන් ගත්තේ කොහොමද කියන්න නම් දන්නේ නෑ… හැබැයි වෙච්ච දේනම් හිතාගන්න පුළුවන්….!

සභ්‍ය භාෂාවෙන් නොතේරෙන්න කියනව නම්… ෂුවර් එකට, ගෑණු කෙනාගේ බෙල්ලේ තිබිච්ච නැව නවත්තලා තිබුන වරාය දිහා බලාගෙන ඉන්න ඇති ඉස්සරහා ඉන්න පිරිමියා.

ඉතිං ඒක දැකපු අදාල ගෑණු කෙනාට කේන්ති ගිහිංද, එහෙමත් නැත්තං ලැජ්ජ හිතිලද…. එහෙම්මත් නැත්තං, එක පිරිමියයිනේ වරාය දිහා බැළුවේ ඒක නිසා අනිත් අය‍ගෙත් ඇස් ඇදලා අරං හැට්ටේ අස්සේ දාගන්න ඕනේ නිසාද දන්නේ නෑ, වැඩිය දුර දිග කල්පනා කරන්නේ නැතුව බස් එකටම ගෑණු කෙනා කෑගැහුවා. හරියට නිකං මගේ වරාය බලන්න සියල්ලෝම පැමිණෙත්වා කියලා අනවුන්ස්මන්ට් එකක් දුන්නා වගේ…

ඊට පස්සේ ඉතිං වුනේ මුළු බස් එකේම සම්පූර්ණ අවධානය අර පිරිමි කෙනාට කෙසේ වෙතත් ගෑණු කෙනාගේ වරාය දිහාට එල්ල වෙච්ච එක තමා.

පස්සේ කොහොම හරි චූදිත පිරිමියාගේ අන්තිම වචන කිහිපයට, ඊට එහා පැත්තේ හිටිය ගෑණු කෙනාත් සහයෝගය දක්වපු නිසා පැමිණිලිකාර ගෑණු කෙනාගේ කට නිකංම වැහුනා. පිරිමියෙක් බනිද්දි එකට එක විරුද්ධව කියන්න කට පන තිබුනට ගැහැණු කෙනෙක්ම බනිද්දි ලැජ්ජා හිතෙන්න ඇති… ඒ මනුස්සයට කෑ ගහන්න එපා ඔයා…. ඔයා දැනගන්න ඕනේ හරිහමං ඇඳුමක් ඇඳන් එන්න. බලන්න මටත් මෙතෙන ඉන්න ලැජ්ජයි ඔයාලා වගේ අය නිසා…. කිව්වම ඉතිං තවත් කියන්න දෙයක්, වරාය පෙන්නන ගෑණු කෙනාගේ කටට එන්න නැතුව ඇති.

ඊට පස්සේ නම් වැඩි සද්දයක් තිබුනේ නෑ… පස්සේ අර වරාය ෂෝ ගෑණු කෙනා පානදුරෙන් බහිද්දි තමා මාත් සීන් එක හරියටම දැක්කේ. ඒකේ අමුතුවෙන් බලන්න කියලා දෙයක් තිබුනේ නෑ කොහොමත්…

අනේ මන්දා සමහර විට මේ ටිකේ පායන නිසා දාඩියයිනේ. ඒක නිසා ඔටෝ ඒසී පාරක් වදින්න වෙන්න ඇති එහෙම ඇඳගෙන එන්න ඇත්තේ. එහෙම බාගෙට ඇඳගෙන ඇවිල්ලත් මිනිස්සුන්ට පෙන්න පෙන්න ගිහිල්ලත්, වැරදි කාරයෝ වෙන්නේ පිරිමි. සමහර ගැහැණු අය හිතාගෙන ඉන්නේ එයලා නිකං සිගිරි ලලනාවෝ වගේ කියලා. ඉතිං හැමෝටම පේන්න භාගෙට ඇඳගෙන  යනවා.

කොහොමින් කොහොම හරි කොච්චර මොනා ඇන්දත්… අඳින්නේ නැතුව හෙළුවෙන් යද්දි පිරිමියෙක් බැළුවත්… වැරදි පිරිමියාමයි. ඇයි ඉතිං අපි හෙන වල්නේ…. ඒකට, ගෑණු අය හෙන හොඳයිනේ, හරියට නිකං පිච්ච මල් වට්ටි වගේ.

වෙලාවට ඔය වගේ හෙන හොඳ පිච්ච මල් වට්ටි කියලා හිතාගෙන ඉන්න ගෑණු අතර ගොඩක් හොඳ සංවර කාන්තාවොත් ඉන්නවා….! ඒ නිසා තමා වරායේ දිග පලල මනින්න ගිය පිරිමියා යන්තං බේරුනේ. නැත්තං ඌට තාම බයිනවා අර බීප් බීප් ගෑණි….

දැන් කතාව ඉවරයි, ඉතිං පොඩ්ඩක් හිතලා බලන්න… කෑලි බෑලි පේන්න ඇඳ‍ඟෙන ගියාම ඒක දිහාට ඇහැ යන එක අපි දන්න විදියට සාමාන්‍ය මනුෂ්‍ය ගතියක් නෙමේද කියලා. මන්ද මානසිකත්වෙයෙන් පෙළෙනවනම් හරි ගෑණු ඇලජික් නම් හරි විතරක් පිරිමි ගෑණු දිහා නොබල යාවි. ඒත් එහෙම නෙවේ නම් ඉතිං අනේ මන්දා. මං මේ පිරිමි අය ගෑණුන්ගේ අඟ පසඟ බලන එක සාධාරණිකරනය කරනවා නෙවෙයි. ඒක වැරදියි තමා. ඒත් ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ පිරිමියාට වඩා දෙයක් ගෑණියකට කල හැකියි….!

සාරියක් හරි විදියට ඇඳගෙන යන ගැහැණු කෙනෙක් දිහා අපි බැළුවම හිත් වල උපදින්නේ මහා කැත හැගිමක් නෙමේ… හරි අමුතු ගෞරවය මුසු හැඟිමක්. ඒත් අර වගේ ගෑණු කෙනෙක් දිහා දැක්ක ගමන් හිතෙන්නේ… ෂා… මාර බඩුවක්නේ…. කියන හැඟිම.

ඉතිං පිරිමින්ගේ හිත්වල සුළු වශයෙන් හරි කැත සිතුවිලි උපදන්න ඕනේ නම් හරි, තමන්ගේ අවයව වෙත අනිත් අයගේ අවධානය ඇදගන්න ඕනේ නම් හරි ඒ විදියට ඇඳගෙන ගියාට කාරියක් නෑ….

79 Responses to “මගේ වරාය බලන්න සියල්ලෝම පැමිණෙත්වා….!”

  1. Gayan Rupasinghe (සිංහයා) Says:

    බීප් බීප් මාරු වචනේ බං.. හෙහ් හෙහ්,, ඇත්ත මචන්… අපි මිනිස්සුනේ.. මේක ට හරිම උත්තරේ දන ගන්න තිබ්බ කාන්තා පාර්ශවයේ කෙනෙක් දාන කමෙන්ට් එකකින්…

    ජය…

  2. Weni Says:

    හරි සංකීර්ණ ගැටලුවක්නෙ ! අවයව ප්‍රදර්ශනය වෙන විදියට අඳින්නත් ඕනි.. ඒ අඳින්නෙ අනිත් අයට පෙන්නන්න ! පිරිමියෙක් බැලුවහම ඒකට යකා නගින්නත් ඕනි .. යකා නැගලා බනින්න , ඔරවන්නත් ඕනි ! බැනල ඔරවලා මම තමයි මෙතන හරි කියලා අනිත් අයට ඒත්තු ගන්වන්නත් ඕනි ! පවු ! ඒ අය මාර ෆයිට් එකක් දෙනවා..පෙන්නන්න සහ නොපෙන්නන්න..

  3. මධුරංග Says:

    කතාව සහතික ඇත්ත. නිකන් පේන්න ඇඳගෙන ඇවිත් නිකන් පිරිමින්ට බනිනවා. ඒක වැරදියි. ඒ වගේම තමයි පිරිමි උනත් ඕනවට වඩා ඕවට පබ්ලිසිටි දෙන්න යන්න හොද නෑ.

  4. පූසා Says:

    කෙල්ලෙක් අසංවර විදිහට ඇඳගෙන ගියානම් කොල්ලන්ගෙන් සංවර බැළුම් බලා පොරොත්තු වෙන්න බෑ.
    සමහර කෙල්ලෝ කොල්ලෝ හිතං ඉන්නේ කොළඹ කියන්නේ ලස් වේගාස්(las vegas) කියලා.

    කෙල්ලො කොහොමත් එක එක ලස්සන ඇඳුම් ඇඳලා සුකුරුත්තම් එල්ලගෙන ඉන්න ආසයි. ඒ කෙල්ලන්ගේ හැටි. ඒත් ඒ ඒ දේවල් තමන්ට ගැලපෙන විදිහට කරන්න ඕනේ.

    කෙල්ලෝ අඟ පසඟ පේන්න ඇඳගෙන හියාම මිනිස්සු හැරි හැරී බලනකොට එයාලා හිතනවද දන්නේ නෑ “මේ මම ලස්සන හින්දයි බලන්නේ” කියලා……

  5. cjgayan Says:

    හහ් පිස්සු සැදිලා ආයෙත් සැදැනවා.. උඹට මාර කල්පනානෙ බං පහල වෙන්නේ (හොරෙන්.. උඹත් ඒ ගැනිගෙ බීප් බීප් දිහ හොරෙන් බැලුව නේද ?) 😀 😀

  6. Observer Says:

    මේ ගැන මෙව්ව වෙනව ඇර මොකද කරන්නෙ?
    සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මාළුවට ඇති වෙලා තියෙන බව නං සක් සුදක් සේ පැහැදිලිය්

  7. පිණිබිඳු Says:

    යකාගෙ හැටියට එපැයි විමානෙ. තමන් ඇඳන් යන ඇඳුමෙ හැටියට තමා අනිත් මිනිස්සුන්ගෙ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න පුලුවන්.

  8. රාජ් Says:

    ඔය කොයිදේත් බලන්න කැමතියිනේ අපේ උදවිය. මට මතක් වුනේ ජේ.වී.පී. එකේ සමන්ත විද්‍යාරත්න පහුගිය දවසක කියපු කතාවක්.
    “හම්බන්තොට වරායෙ තියනවලු ලොකු වලක්, ඉහල කොත්මලේ තියනවලු ලොකු හිලක්” ඕව බලන්න වැල නොකැඩී ගියේ.

  9. නවම් Says:

    අනෙ මයෙ නං අකමැත්තක් නෑ ඔහොම ඇඳං යන්න කැමති නං. මාත් ආයෙ බලනව හොරෙන් නෙමෙයි කෙලින්ම. ඇයි හතිලව්වෙ අපි ඇඳුං එහෙ මෙහෙ කරල බැලුවැයි පේන දේනෙව බැලුවෙ. නඩු දාන්න බෑ මයෙ හිතේ !

  10. sameera Says:

    සෑහෙන්ඩ බොන්ඩ ඕනි ප්‍රරශ්නයක් ……… හැබයි ඉතින් වරායෙ බැහැලා පීනන්න වගේ බලං හිටියනං මිනිහත් වැරදි . ඔය තත්වයම නොවුනත් සමහර වෙලාවට කාන්තා පාර්ශවය අපි නිකං බැලුවත් එහෙන් මෙහෙන් වහගන්න වෙලාවල් තියන්වා හරියට අපි බලං හිටියා වෙගේ අන්න එතකොට නං ඉතින් බලන්ඩම හිතෙනවා…………….

  11. සාබිත් Says:

    සිරාවට!අර සිංහල සර් කෙනෙකුත් කෙල්ලෙක්ට කිව්වලු නේ මට තමුසෙගේ කුරුම්බැට්ටි පෙන්නන්න ඕන නෑ!මගේ ගෙදර මට බලන්න හොඳ රන් තැඹිලි දෙකක් තියනව කියල “)

  12. ශානු Says:

    ඔන්න පළවෙනි කාන්තා කමෙන්ටුවා මොනා උනත් කියලා තියෙන්නේ සහතික ඇත්ත ඊයෙත් බස් එකේ ඔහොම ගෑනු දෙන්නෙක් හිටියා අපේ අම්මාගෙ වයස විතර ඇති දණිස්සටත් වඩා උඩින් කොට ඩෙනිම් ස්කර්ට් එකක් ඇඳලා පොඩි කෙල්ලෝ අඳින තරමේ ටීෂර්ට් එකක් ඇඳලා මුළු බස් එකටම ඇහෙන්න හිනා වෙවි ෆෝන් එකෙන් කතා කර කර හිටියේ හිටි ගමන් කෑගහුවා එතන හිටන් හිටි මනුස්සයට ඇයි යකෝ බීප් බීප් බීප් ගෑනියෙක්ට පාරෙ බැහැලවත් යන්න නෑනේ මේ බීප් බීප් බීප් නිසා ඒ පිරිමි කෙනා නම් ඇත්තටම අහින්සක පාටයි සම්පූර්ණ වැරැද්ද ඉතින් මේ ගෑණූ කෙනාගෙ තමා බීප් බී බීප් බීප් අර මනුස්සයාට මේ ගෑනි අම්බානක බනිනවා ශුද්ධ සිංහල භාසාවෙන් පස්සේ බැරිම තැන කොන්දොස්තර ඇවිත් බැන්නා තමුසෙලා හරියට ඇඳුම් ඇඳගෙන යනවා අනිත් මිමිස්සුන්ට බනින්නේ නැතිව කියලා එතකොට අර ගෑනිගෙ කට නිකන්ම වැහිලා මඟින්ම බැහැල ගියා බස් එකේ උන්නු හැමෝම මිනිස්සු කිව්වේ හොඳ වැඩේ කලේ කියලා ඒ ගෑනිට

    මගේ කතාව බලා සිටි ඔබ සැමට ස්තූතියි 🙂 😉

  13. සාතන් Says:

    මේ සම්බන්දව නම් මම මොකුත් කියන්නෙ නෑ… මේ ටොපික් එකේ මොකක් කිව්වත් ඒක අනිත් අතට හරවන්න පුළුවන්….

  14. ශානු Says:

    ආහ් මට කලින් පිණිබිඳු අක්කා කමෙන්ට් කරලා එහෙනම් මම දෙක

  15. Mahesh Nishantha Says:

    සතුන් අතරේ මිනිසා ලිංගිකත්වය ඇත්තේ අසීමිත කැමැත්තක් , බලන්න අනෙක් හැම සතෙක්ට වගේ රැළේ යන කාළයක් තියෙනවා , බල්ලන්ට වුනත් ….ඒත් මිනිස්සුන්ට එහෙම කාළ , වේලාවල් නැහැ .ඕන වෙලාවක ඔට්ටුයි. අනෙක අපිට කුතුහලය වැඩියිනේ , ඉතින් පියයුරු .කළව , නිතඹ වගේ ලිංගික ප්‍රෙද්ශ පොඩ්ඩක් ඇරල බලාගන්න තිබ්බම අපේ අර මුලික ලක්ෂණ මතුවෙනවා ..කුතුහලය+නිමක් නැති ලිංගික ආශාව ….ඉතින් වරායේ ගලක් තිබුණත් කඩාගෙන යන්න තරම් හැකියාවක් ඇති වෙනවා , ඒ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ හැටි .. කොහොම වෙතත් සමාජ ජිවියෙක් විදියට අපිට සමහර දේ පාළනය කරගෙන සිටින්නට වෙනවා , ඒකනේ මන උස්ස කම ..නැත්නම් කැළෑ කම (වල් කම) නේ ..ඒත් ඉතින් පාළනය කරන්නට බැරි ස්ථානත් තියෙනවානේ(පෘතග්ජන මිනිස්සුනේ) , ඒ නිසා තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙන විදියට ඇඳ පැළඳගෙන යනවා නම් තමයි හොඳ …

    මාළු පැටියටත් හරිම වරායවල් තමයි දකින්න ලැබෙන්නේ …

  16. Kasun Chanaka Says:

    අන්න එහෙම තමයි ඉන්න ඕන. පේන්න ඇඳන් එනව නම් මිනිස්සු බලන එකත් ඉවසගන්න පුළුවන් වෙන්න ඕන. ඇයි යකෝ අපිත් පෘටහ්ජන මිනිස්සුනේ. ඔහොම දෙයක් දැක්කම ඇහැ යනවා තමයි. ඔහොම වෙලාවට කට වහගෙන හිටියොත් නිකන්ම වැරදිකාරය වෙනවා. ඒ වෙලාවට ලුණු ඇඹුල් ඇතුව කතා කළා නම් හරි.

    (මේ දවස් වල කාගේවත් පොස්ට් වලට කමෙන්ට් දැම්මේ නෑ. ඒත් මේකට නොදාම බැරි නිසා දැම්මේ. 🙂 )

  17. මාඩා Says:

    adee…. menna kathawa,,,,,, : D dapan 5k….. genunt penna adinna hodanam baluwama moko ne ban,,, kohomath balapan keyala ne ohoma adinne,,,,,

  18. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    නිකංද මල්ලි සාරිය ඇන්ඳම හැට්ටෙටෙ යටිං පේන බුරියෙ තීරුවට “ඔබේ තීරය” කිවුවෙ අපේ පැ‍රැන්නො . . . . .????

  19. Tanikada Says:

    මොනතරම් හොද ගෑනු කෙනෙක්ද … වරාය බලන්න එන්න කියලා අනවුන්ස්මන්ට් එකකුත් දීලනේ ….
    මාළුවටත් හිතෙන්න ඇති ටැංකි වල ජීවිතේ වැඩක් නැ කියල …

  20. E-porter Says:

    මාලුවගෙ කතාවට සීයෙන් දෙසීයයි.
    “…මං හිටිය සීට් එක අයිනේ ඉඳන් සීට් තුනක් විතර ඉස්සරහින් සීට් එකක වාඩි වෙලා හිටිය ගෑණු කෙනෙක් …”
    මට මැවිල පේනව මාලුවගෙ බෙල්ල සීට් තුනක් ඉස්සරහට ජිරාෆ්ගෙ වගේ දික් වෙලා වරායට නැවෙන හැටි…. හික්…..මූ බොරුකියන්නෙ බහිනකොට දැක්ක කියල…..ගෑණි බහිනකොට තමයි මූ දැක්කෙ බස් එකේ තව මිනිස්සු ඉන්නව කියල…..

  21. Gimhani Says:

    නියම වචනෙ වරාය. අද තමයි එහෙම කියනව කියල දන්නෙ . ගෑනුන්ගෙ ඇඳුම් ගැනනම් කියල වැඩක් නෑ අනේ.
    …වස කැතයි අදින විදියනම් සමහරු . ඕව ඇඳගෙන ගෙවල් වලින් එලියට බැහැල එනකොට අම්මලාට පේන්නෙ
    …නැද්ද මන්ද ?
    …

  22. Madhawa Habarakada Says:

    හික් හික්. වටිනා කතාවක්. මේ පෙන්නන එක විතරක් නෙමෙයි, සමහරක් ගෑනු, බස් එකේ ඉස්සරහට යනකොට යන්තම් ඇඟේ ගෑවුනත් ඔරවල බලනව. මට නම් ඒ වෙලාවට මල පනිනව, ඇයි සමහරු හිතන් ඉන්නෙ මේ යන්නෙ කාර් එකක කියලද කොහෙද.
    ඔයාල කියවල තියෙනවද දන්නෙ නෑ ඩෙස්මන් මොරිස්ගෙ The naked Ape කියන මනෝ විද්‍යා පොත. Mahesh Nishantha මහතාගේ අදහස දැක්ක ගමන් මට මතක් උනේ ඒ පොත. ඒකෙ මිනිහා ගැන, මේ නොනිමි ලිංගික හැඟීම් ගැන හොඳින් විස්තර කරල තිබෙනවා. මිනිසා පරිණාමයේදී පවා ඒකට මුල් තැනක් ලැබිල තිබෙනවා. උදා: ගැහැණු සතුන්ගේ පියයුරු තිබෙන්නෙ පැටවුන්ට කිරි දෙන්න. වෙනත් ඕනෙම සත්ව වර්ගයක පියයුරු වල පැටවාට කටින් අල්ලගැනීමට පමණක් අවශ්‍ය ලෙස තන පුඩුව සැකසී තිබෙනවා. ඒත් මිනිස්සුන්ගෙ??? අනවශ්‍ය මේද තට්ටුවක් කාන්තා පයයුරු වල තිබෙනවා. පිටුපස පෙදෙස ගැන උනත් කියන්න තිබෙන්නෙ මෙවන් කතාවක්මයි. ඔබ දන්නවාද, කාන්තා තොල් මොන වගේද කියල? මම කුණුහරුප කියනව කියල කියන්නෙපා හොඳේ. කාන්තාවන්ගේ තොල් සිහින්ව ඉතාම රතු වර්ණයෙන් තිබෙන්නෙ (සමහරු ඉන්නව තමා එහෙම පාට නැති, ඒත් ලිප්ස්ටික් ගාගෙන කාන්තාවන් ඒ ප්‍රශ්නෙ විසඳගන්නවා) කාන්තාවන්ගේ යෝනි තොල් වල ස්වභාවය සංකේත්වත් කරමින්. (ඉතින් කෙල්ලො ටිකක් හිතල බලන්න රතට රතේ තොල් පාට කරනකොට. 😀 )

  23. ~ChAnDiKa~~ Says:

    “ඉතිං මමත් මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න කියලා කොන්දා කෑගහන්න කලින්ම ඉඩ තිබුන අයිනකට රිංග ගත්තා”

    අල්ලගෙන ගිය එක හොඳා අරහෙ මෙහෙ තියන්නෙ නැතුව 😛 😀 😀 😀

  24. ඉන්දික උපශාන්ත Says:

    ඔය ගැන ප්‍රසිද්ධ කතාවක් මතක් උනා. හිටහං ලියන්න.

  25. dinesh umagiliya Says:

    මරු කතාව.. අපිටනම් මෙහේදි ඔයවගේ දේවල් ඕන තරම් පේනවා.. ඒත් අපි නොදැක්කා වගේ යනවා..

  26. chathuranga perera Says:

    කථාව නම් ඇත්ත මාළුවෝ… දැන් බස් එකක යද්දි බලන්න නෙවෙයි ගෑනු දරුවෙක්ගේ ඇඟකට කෙස් ගහක් වැදුනත් අපි පිරිමි වැරදියි නොවැ. ඇයි ඉතින් උන්දැලට අතවර කොරයි කියනවනේ. ඉතින් අපි අමාරුවෙන් හරි කාන්තා පාර්ශවයේ ඇඟේ නොවැදි, උන් දිහාවත් නොබලා සියළු දුක් විඳගෙන බසයේ යන්න ඕනේ… යකෝ මේක අපේ පිරිමි කම පිළිබඳ ප්‍රශ්ණයක්නේ…

    ඔය බෝ පැල වගේ සීදේවි ගෑණු දරුවෝ යන්නේ ඇඟම වැහෙන්න දිගට ඇඳගෙන. අම්මපා පන්සල් වගේ… ඔක ගෑනුන්ගේ හැටි… පේන්න ඇඳගෙන ඇවිත් පෙන්නන්නම ට්‍රයි කරනවා. අපි බැලුවොත් ඒකටත් බනිනවා. අනේ මන්දා කිව්වද නහී, නොකිව්වද නහී

  27. ඔබ නොදු‍ටු ලොවක් Says:

    එළ සීන් එක…මගේ යාළුවෙක් හිටියා ඌ කියන්නේ බුම් බුම් කියලා ඔය අවයවයට……

  28. කළු පූසා Says:

    මම දන්න විදිහට කොටට ඇඳගෙන අයගේ වර්ග දෙකක් තියනවා , එක වර්ගයක් තමයි පරම්පරාවෙන්ම කොටට අඳින අය. අනිත් වර්ගය තමයි කැල්ල වෙන්න කොටට අඳින අය.

    මෙතනින් පරම්පරාවෙන්ම කොටට අඳින අය සමාජයේ මදක් ඉහල ස්තරවල ඉන්න , ටිකක් ධනවත් සමාජශීලි අයයි. මේගොල්ලෝ දිහා බැලුවා කියල. කවදාවත් කෑගහන්නේ නැහැ .

    ප්‍රශ්නේ තියන කැල්ල වෙන්න අඳින අයගේ තමයි. ඒගොල්ලන්ට ඕනේ පිරිමි ඒගොල්ලෝ දිහා බලන්න. ඒ වගේම තමන් වරදක් කරනවා කියන හැගීම හිතට එන නිසා බොරුවට පිරිමින්ට බනිනවා. එතනිනුත් යටිහිතෙන් බලාපොරොත්තු වෙන්නේ අන් අයගේ අවධානය. මම හිතන්නේ මේකට කියන්නේ ප්‍රදර්ශන කාමුකත්වය. මේකත් සුළු මානසික ලෙඩක්.

    මොනවා උනත් කොටට ඇඳන් යන කෙල්ලෙක් දැක්ක ගමන් නිකන්ම බැලෙනවා තමයි :P. එක එකපාරටම වෙන දෙයක්. එහෙම බැලෙන එක නවත්ත ගන්න ඕනෙත් නැහැ. බලන්න ඕන නිසානේ ඇඳගෙන යන්නේ

    හැබැයි ඉතින් කන්න වගේ බලන් ඉන්න එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි ( මොකෝ බලන් හිටිය කියල කන්න දෙන එකක් යැ 😦 )

  29. තාරක Dilsh@n Says:

    හම්බන්තොටට නාවට ඔය වාරායන් වලටනම් හොඳට නැව් එනවා.. 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: