මගේ වරාය බලන්න සියල්ලෝම පැමිණෙත්වා….!

මේ ඕයි…. තමුසේ මොනාද බලන්නේ…?

ඇයි…. මොකෝ ගෑණියේ කෑගහන්නේ…..?

මොකෝ අහන්නේ… තමුසේ හිතුවද ඕයි මං දැක්කේ නෑ කියලා… තමුසෙගේ ඇස් දෙක තිබුනේ මගේ හැට්ටේ අස්සෙනේ ඕයි….

අනේ පලයන් ගැණියේ යන්න… උඹ හිතුවද මං බීප් බීප් දැකලා නෑ කියලා…..? මහ ලොකු බීප් බීප්….. හැමෝටම පේන්න බාගෙට ඇඳගෙන ඇවිල්ලා දැන් මෙතෙන කෑගහන්න එනවා…

එතනින් පස්සේ නම් ගෑණු කෙනාගේ කට පොඩ්ඩක් වැහුනා. පිරිමි සහ ගැහැණු ඔක්කොමලා අර ගැහැණු කෙනා දිහා බැළුවේ මහ කැත විදියට. තමන්ගේ පාඩුවේ පාර දෙපැත්ත බල බල ගිය අයත් මේ සිද්ධියෙන් පස්සේ අර කෑගහපු ගෑණු කෙනාගේ උඩු කය අඩ නිරුවත දිහා බැලුවම නෙවෙයි… ස්වභාවික විදියට බැලුනා. සීට් වල වාඩි වෙලා හිටිය අයත් ඉස්සිලා බලන්න හදලා ආයෙම නිකං සායම යවාගන්න ඕනේ නැහැනේ කියලා හිත තද කරගෙන වාඩි වුනා. මොකද ඒ වෙලාවේ මං ගිය බස්‍එකේ එකම එකෙක් වත් මන්ද මානසික තත්වයකින් පෙලිච්ච අය හිටියෙ නෑ…

මේ සිද්ධිය වෙලා වැඩි දවසක් නෑ… එදත් මං ඔෆිස් ගිහිං ටිකක් රෑවෙලා ගෙදර ගිය දවසක්. මතක විදියට මතුගම එකකද කොහෙද ගියේ. රෑ වෙලා යන දාටනම් ඉතිං වාඩි වෙන්න සීට් එකක් හම්බුවෙනවා කියන්නේ හීනයක්….! ඉතිං මමත් මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න කියලා කොන්දා කෑගහන්න කලින්ම ඉඩ තිබුන අයිනකට රිංග ගත්ත‍ා…

ඊට පස්සේ ඉතිං නිදි මත එන නවත්ත ගන්න කියලා සිංදුවකුත් අහගෙන යද්දී තමා මං හිටිය සීට් එක අයිනේ ඉඳන් සීට් තුනක් විතර ඉස්සරහින් සීට් එකක වාඩි වෙලා හිටිය ගෑණු කෙනෙක් කෑගහන්න ගත්තේ. ඒ මංගල්ලේ පටන් ගත්තේ කොහොමද කියන්න නම් දන්නේ නෑ… හැබැයි වෙච්ච දේනම් හිතාගන්න පුළුවන්….!

සභ්‍ය භාෂාවෙන් නොතේරෙන්න කියනව නම්… ෂුවර් එකට, ගෑණු කෙනාගේ බෙල්ලේ තිබිච්ච නැව නවත්තලා තිබුන වරාය දිහා බලාගෙන ඉන්න ඇති ඉස්සරහා ඉන්න පිරිමියා.

ඉතිං ඒක දැකපු අදාල ගෑණු කෙනාට කේන්ති ගිහිංද, එහෙමත් නැත්තං ලැජ්ජ හිතිලද…. එහෙම්මත් නැත්තං, එක පිරිමියයිනේ වරාය දිහා බැළුවේ ඒක නිසා අනිත් අය‍ගෙත් ඇස් ඇදලා අරං හැට්ටේ අස්සේ දාගන්න ඕනේ නිසාද දන්නේ නෑ, වැඩිය දුර දිග කල්පනා කරන්නේ නැතුව බස් එකටම ගෑණු කෙනා කෑගැහුවා. හරියට නිකං මගේ වරාය බලන්න සියල්ලෝම පැමිණෙත්වා කියලා අනවුන්ස්මන්ට් එකක් දුන්නා වගේ…

ඊට පස්සේ ඉතිං වුනේ මුළු බස් එකේම සම්පූර්ණ අවධානය අර පිරිමි කෙනාට කෙසේ වෙතත් ගෑණු කෙනාගේ වරාය දිහාට එල්ල වෙච්ච එක තමා.

පස්සේ කොහොම හරි චූදිත පිරිමියාගේ අන්තිම වචන කිහිපයට, ඊට එහා පැත්තේ හිටිය ගෑණු කෙනාත් සහයෝගය දක්වපු නිසා පැමිණිලිකාර ගෑණු කෙනාගේ කට නිකංම වැහුනා. පිරිමියෙක් බනිද්දි එකට එක විරුද්ධව කියන්න කට පන තිබුනට ගැහැණු කෙනෙක්ම බනිද්දි ලැජ්ජා හිතෙන්න ඇති… ඒ මනුස්සයට කෑ ගහන්න එපා ඔයා…. ඔයා දැනගන්න ඕනේ හරිහමං ඇඳුමක් ඇඳන් එන්න. බලන්න මටත් මෙතෙන ඉන්න ලැජ්ජයි ඔයාලා වගේ අය නිසා…. කිව්වම ඉතිං තවත් කියන්න දෙයක්, වරාය පෙන්නන ගෑණු කෙනාගේ කටට එන්න නැතුව ඇති.

ඊට පස්සේ නම් වැඩි සද්දයක් තිබුනේ නෑ… පස්සේ අර වරාය ෂෝ ගෑණු කෙනා පානදුරෙන් බහිද්දි තමා මාත් සීන් එක හරියටම දැක්කේ. ඒකේ අමුතුවෙන් බලන්න කියලා දෙයක් තිබුනේ නෑ කොහොමත්…

අනේ මන්දා සමහර විට මේ ටිකේ පායන නිසා දාඩියයිනේ. ඒක නිසා ඔටෝ ඒසී පාරක් වදින්න වෙන්න ඇති එහෙම ඇඳගෙන එන්න ඇත්තේ. එහෙම බාගෙට ඇඳගෙන ඇවිල්ලත් මිනිස්සුන්ට පෙන්න පෙන්න ගිහිල්ලත්, වැරදි කාරයෝ වෙන්නේ පිරිමි. සමහර ගැහැණු අය හිතාගෙන ඉන්නේ එයලා නිකං සිගිරි ලලනාවෝ වගේ කියලා. ඉතිං හැමෝටම පේන්න භාගෙට ඇඳගෙන  යනවා.

කොහොමින් කොහොම හරි කොච්චර මොනා ඇන්දත්… අඳින්නේ නැතුව හෙළුවෙන් යද්දි පිරිමියෙක් බැළුවත්… වැරදි පිරිමියාමයි. ඇයි ඉතිං අපි හෙන වල්නේ…. ඒකට, ගෑණු අය හෙන හොඳයිනේ, හරියට නිකං පිච්ච මල් වට්ටි වගේ.

වෙලාවට ඔය වගේ හෙන හොඳ පිච්ච මල් වට්ටි කියලා හිතාගෙන ඉන්න ගෑණු අතර ගොඩක් හොඳ සංවර කාන්තාවොත් ඉන්නවා….! ඒ නිසා තමා වරායේ දිග පලල මනින්න ගිය පිරිමියා යන්තං බේරුනේ. නැත්තං ඌට තාම බයිනවා අර බීප් බීප් ගෑණි….

දැන් කතාව ඉවරයි, ඉතිං පොඩ්ඩක් හිතලා බලන්න… කෑලි බෑලි පේන්න ඇඳ‍ඟෙන ගියාම ඒක දිහාට ඇහැ යන එක අපි දන්න විදියට සාමාන්‍ය මනුෂ්‍ය ගතියක් නෙමේද කියලා. මන්ද මානසිකත්වෙයෙන් පෙළෙනවනම් හරි ගෑණු ඇලජික් නම් හරි විතරක් පිරිමි ගෑණු දිහා නොබල යාවි. ඒත් එහෙම නෙවේ නම් ඉතිං අනේ මන්දා. මං මේ පිරිමි අය ගෑණුන්ගේ අඟ පසඟ බලන එක සාධාරණිකරනය කරනවා නෙවෙයි. ඒක වැරදියි තමා. ඒත් ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ පිරිමියාට වඩා දෙයක් ගෑණියකට කල හැකියි….!

සාරියක් හරි විදියට ඇඳගෙන යන ගැහැණු කෙනෙක් දිහා අපි බැළුවම හිත් වල උපදින්නේ මහා කැත හැගිමක් නෙමේ… හරි අමුතු ගෞරවය මුසු හැඟිමක්. ඒත් අර වගේ ගෑණු කෙනෙක් දිහා දැක්ක ගමන් හිතෙන්නේ… ෂා… මාර බඩුවක්නේ…. කියන හැඟිම.

ඉතිං පිරිමින්ගේ හිත්වල සුළු වශයෙන් හරි කැත සිතුවිලි උපදන්න ඕනේ නම් හරි, තමන්ගේ අවයව වෙත අනිත් අයගේ අවධානය ඇදගන්න ඕනේ නම් හරි ඒ විදියට ඇඳගෙන ගියාට කාරියක් නෑ….

%d bloggers like this: