පෙරහැර… පෙරහැර කිව්වම ඉතිං හැමෝටම මතක් වෙන්නේ අලි, මල් ගස් අනං මනං පිරිවරාගත්ත ලස්සන සෞන්දර්යාත්මක චිත්‍රයක්. දැන් ඉතිං අද මේ කියන්න හදන්නේ ගෑණු ළමයින්ටත් හෙන සතුටු හිතෙන දෙයක්… මොකද ඉතිං ගෑණු ළමයි ආසා නැතුවයැ පෙරහැර බලන්න… නේද…?
ඇත්තටම මං නං හිතන්නේ ගෑණූ ළමයෙක්ව සමාන කරනවනම් හොඳම දේ පෙරහැර. ඒ කියන්නේ ගෑණූ ළමයෙක් සඳහා සුදුසුම උපමාව. එක්කෙනෙක් නම් පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ලත්, කව්ද මන්දා කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලාගෙන ඉද්දී කිව්වා…. ආහ්… දැන් ඉතිං හරිනේ පෙරහැර බලනවා වගේ බලන්නේ… කියලා.
ඉතිං ඒ කතාව ඇත්ත තමා කියලා මටත් හිතුනා. බලන්නකෝ දැන් පෙරහැරේ මුලින්ම එන්නේ කස කාරයොනේ… කොහොමද සද්දේ… චට පට චට පට ගාලා වදිද්දී, ලඟක හිටියොත් කාපු බීපුවත් උගුරෙන් එනවා. අන්න එහෙම්ම තමා කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න ඇහුවමත්. ඔක්කොමගෙන්ම නෙමේ, අහන එකාට අකමැති කෙල්ලේ හරියට නිකං කසේ වගේ තමා. පෙරුම් පුරලා කොල්ලා ගිහිං කෙල්ලගෙන් යාළුවෙන්න ඇහුවම…. තමුසෙට පිස්සුද ඕයි… මගුල් නටන්න එන්නේ… කියලා කෙල්ල අහද්දී නිකමට මතක් කරලා බැලුවනම් කසේ සද්දේ කොහොමද මේ බජිරි හිටවන්න පුළුවන් කට කොහොමද කියලා….. අනිවාර්යෙන් කස හඬ සනීපයි කියලා හිතෙයි.
ඊට පස්සේ පෙරහැරේ එන්නේ ගිනිබෝල. ඒක නම් ඇත්තටම පට්ටනේ. වටේ කැරකි කැරකි උඩ දදා එක එක විදියට පත්තු වෙන හැටි. ඒ වගේ තමා කෙල්ලගෙන් කැමතිද අහලා කස ගහනවා දැක දැක තවත් පස්සෙන් යද්දී…. අයෙ මොනාද ඔරෝනවා එරවිල්ලක්… ගිනි බෝල දෙක දෙක පේන්නේ. හරියට නිකං ගිනි මකරියෝ වගේ. ඇස් දෙකෙන් ගිනි බෝල පිටවෙනවා. කන් දෙකෙන් දුං පිටවෙනවා. ඒත් ඉතිං ගිනි බෝලේ නිවෙද්දි කොප්පරා දාන්න ඕනෙත් අපිම තමා.
සමහර වෙලාවට ගිනි බෝල ඉස්සර වෙන පෙරහැරවලුත් තියෙනවා. සමහර ගෑණූ ළමයින්ගේ හෝමෝන වර්ධනය වේගෙන් උනාම ඉන්න හිටින්න බැහැනේ. කසනවා වගේ සීන් එකක් එනවනේ. අන්න එතකොට ලඟ ඉන්න පිරිමි දිහා බලන්නේ…. එන්නකෝ…. යන්න…. මට ඉන්න බෑ….. කියනවා වගේ තමා. ඔය අවස්ථාවම ආයෙම බැන්දට පස්සෙත් උදාවෙනවද කොහෙද… අපෝ ඉතිං එව්වා මං දන්නේ නෑනේ…. බැඳපු අයියලාගෙන්ම අහගන්න. අක්කලාගෙන් අහන්න ගියාට එයාලා එයාලගේ රහස් මායම් වෙන කාටවත් කියන්නේ නැති නිසා අහලා තේරුමක් නෑ.
නලා කාරයෝ එනවා ඊගාවට… ස්…. ස්… නංගි….. නංගි…. කියාගෙන. ඒ එක්කම හේවිසි කන්ඩායමත් එනවා. මොනාද බං තාම ඇහුනේ නැද්ද කියාගෙන.
ඊට පස්සේ මොනාද තියෙන්නේ පෙරහැරේ….? ඊට පස්සේ එන්නේ සැවුලා වන්නම කියලා හිතමුකෝ. ඒ කියන්නේ අර ගිනිබෝල බලලා, කස පාර කාලා ඔක්කොමත් ඉවසගෙන තවත් පස්සෙන් යන එකට. කුකුල් ගතිය අරින්න බැහැනේ. එතකොට යන්නේ හැංගි හැංගි ඔළුව බිමට නවාගෙන දැක්ක නොදැක්ක ගානට. අඩෝ මේ දැන් එකෙක් වත් කියනවා නෙවෙයි මූ මේ ඔක්කොම ලියන්නේ අත්දැකීමෙන් කියලා හරිය.
එතනින් එහා එන්නේ බොරු කකුල් කාරයෝ. කෙල්ලගේ ගෙවල් හොයාගෙන, ගෙවල් ගාවට ගිහිං තාප්ප වලින් ඉස්සි ඉස්සී, වැට වල් වලින් එබි එබි ඉන්න කාලේ.
පස්සේ ආයෙමත් එනවා නැටුම් කන්ඩායක්. වටේට කැරකි කැරකි පාර පුරා රවුමට යන්නේ අන් ඒ සෙට් එක. නම නං දන්නේ නැත. ඒ ගොල්ල හරියට කෙල්ලට දෙවෙනි පාරට සුභ පිළිතුරක් බලාපොරොත්තුවෙන් කෙල්ල යන යන තැන රවුම් ගහන කොල්ලෝ වගේ…. නැද්ද මං අහන්නේ…
පස්සේ ඉතිං එනවා ලීකෙලි. කවුරු හරි සෙටාර් එකක් එක්ක එකතුවෙලා ආයෙම යනවා ඕනේ වලියකට සූදානමින් කෙල්ල පස්සේ. ඊට පස්සේ තියෙන එව්වා මට මතක නැති නිසා ඒ ටික ස්කිප් කරලා දානවා. ඔහොම ගිහිං ගිහිං කොහොම හරි කෙල්ලගේ හිත හරියට රිජිෆෝම් වගේ උනුවෙනවා. සැර ගඳ තමා ඉවසන්න බැරි. ඊට පස්සේ ඕං එනවා මල් පෙරහැර. එතෙකාට ඉතිං මෙලෝ සිහියක් නෑ…. මල්ම තමා. කඩනවයි, තලනවයි, පැනි බොනවයි එක විකාරයයි. එතනින් ටිකක් දුර ගියාම ආයේ එනවා බෙර කන්ඩායමක්. ආවෙ නැතුවට කමක් නෑ එහෙම එනවා කියලා හිතාගන්න.
ගැට බෙර, තම්මැට්ටම් ගහගෙන පුංචි පුංචි සීන් එක්ක පෙරහැර යනවා. අන්තිමේ කවුරු අකමැති වුනත් කෙල්ලයි කොල්ලයි කසාද බඳිනවා. හරියට පෙරහැරේ දාතු ගේනවා වගේ තමා. පෙරහැරේ යන්නේ නිළමේ උනාට මේ මගුල් පෙරහැරේ නිළමෙගේ වෙන්ඩ බිරින්දෑත් යනවා. ඊට පස්සෙත් ඉතිං ආයෙම මල් මල්…. ඒ අස්සේ බීප් බීප් එව්වත් තියෙනවා. අර කොටුදාන සීන්. එව්වා මං දන්නේ නෑනේ ඉතිං.
ඕං ඊට පස්සේ එනවා ආයෙම බෙර කාරයෝ ටිකක්. එතකොට ඉතිං සද්දෙ වැඩියි. මුලින්ම ගිය කස වලට වැඩිය සද්දෙයි. කරන්න දෙයක් නෑ… බැඳගත්තනම් ගහපල්ලා…. ගහන්න බැයිනම් ඉවසගෙන හිටපල්ලා. දැන් ඕං පෙරහැරේ මතු වෙනවා මහ බඹා කියන චරිතය. බඩ ගෙඩිය ඉස්සරහට ඇවිල්ලා, ටිකක් උජාරුවට පැද්දි පැද්දි තමා යන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා තමා මටත් පස්නේ. මහ බඹාව තමා පරිස්සමටම ගෙනියන්න ඕනේ. වැරදිලා හරි කකුලක් ටැපලුනොත් සොරිම තමා. ඒක නිසා ඉන්ෂුවරන්ස් එකක් දාගන්න කියාපු කාලේ. පස්සේ එනවා මෝලම් කාරයෝ ටික….
ඩකර ඩකර ගගා සහෙන දුරක් යනකං මෝලම් සද්දේ ඇහෙනවා. හරියට නිකං කසාදෙකින් පස්සේ ජීවිතේ ගෙවෙනවා වගේ…..!
මොනා වුනත් ඒ අස්සෙත් කස පුපුරන්න ගත්තම තමා ඉවසා වදාරන්න බැරි. ඔය කොයි තරම් කස පිපිරුවත් මල් පෙරහැවලුත් යනවනේ.
හැබැයි පුතෝ පෙරහැර යද්දී මුලින්ම එන මල් පෙරහැර මිස් කරගත්තොත් නම්… මෙන්න මේ ටික තමා වෙන්නේ….!
දැන් ඉතිං ඉක්මනටම මටත් පෙරහැරක් බලන්න වෙයි වගේ… ඔක්කොම කොටස් නැතත් මුල් කොටස් දෙක විතරක් තියෙන…
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 6:03 ට
සහමහර කෙල්ලෙන්ගේ ඔච්චර සද්ද බද්ද ,බලිටි නෑ එයාලා නිකම් කටුස්සෝ වගේ…..
ෂේප් එකේ පාට මාරු කරනවා!
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:09 ට
එහෙම එවුනුත් ඉන්නවා නේන්නම් බං සෑහෙන්න…
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 6:19 ට
ඔහොම ගියොත් පෙරහැර යයි! කියලා අහලා නැද්ද?
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:10 ට
පෙරහැර ගියාට පස්සේ අඬලා වැඩකුත් නෑ කියලා තියෙනවනේ… ඒ තව පෙරහැරක් එන නිසා. 😀
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 6:21 ට
මෙච්චර කල් පෙරහැරවල් බැලුවට මෙහෙම දෙයක් නම් හිතුනේම නැනේ.. මාලු ඇත්තටම 100%ක් හරියටම හරි…. මොනවා කිවත් ඉතින් මේ මාලු අත්දැකිම් කියලා අපි දන්නවා
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:10 ට
මට ඔච්චර අත්දැකීම් නෑ බං…
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:19 ට
මල් පෙරහැර එන්නාසේ හිදිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විදිමි
ගැල් පෙරහැර යන්නාසේ නිදමි
ඔබ අහක බලාගිය පසු දුක් විදිමි
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:29 ට
ඒ සින්දුව කොච්චර ලස්සනද කියනන් මට නම් වචන නෑ …..
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:46 ට
උපමාව නම එල.. 100% එකගයි මචන්… ගිනි මකරු නෙවෙයි බොල.. ගිනි මකරියෝ.. අර ශ්රෙක් එකේ ඉන්නේ එකියක්..
ජය…
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 8:10 ට
හරි හරි බං… මොකා වුනාම මොකෝ… ගින්දරනේ…
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 7:51 ට
කෙල්ලෙක්ව උපමා කරන්න හරියනම එක තමයි පෙරහැර කියලා කියන්නේ.
මරු උපමාව. හික්ස් 🙂
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 8:12 ට
උඹට නම් ඉතිං ඕක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 8:29 ට
” අඩෝ මේ දැන් එකෙක් වත් කියනවා නෙවෙයි මූ මේ ඔක්කොම ලියන්නේ අත්දැකීමෙන් කියලා හරිය”
තෝ කියන බොරැ මෙ උඹේ අද්දැකීම් නෙවෙයිද ? හිටු නඩුකාරිට කියන්න තෝ කෙල්ලන්ව පෙරහැරකට උපමා කරා කියලා..
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:28 ට
අනේ බං මොනාද බං එහෙම කරන්නේ… උඹ හදන්නේ ෂේප් එකේ ඉන්න මට නඩුවක් ටපලන්නද…
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:24 ට
මේ ලිපියෙ යටි අර්ථෙකුත් තියෙනව වගේ..:D නිකං හිතල බලන්න ඔය කස, ගිනි බෝල අරව මේවා ගෑණු ළමයින්ගෙ චරිත ලක්ෂණවලට ආදේශ කරල බැළුවොත් කොහොමද 😀 😀
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:31 ට
අන්න හරි….. ගෑණූ ළමයෙක්ගේ මුළු ජීවිත කාලයම ගත්තත් හරියට ලස්සන පෙරහැරක් වගේ…
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:32 ට
😀 😀
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:27 ට
සද්ද බද්ද කොච්චර දාලා පෙරහැර වගේ උනත් සමහර කෙල්ලෝ ඇවිල්ලා අහස වගේ නිසංසලයි ….කොයිවෙලාවේ වහියිද…අකුණු ගහයිද කියන්න බෑ…..
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:32 ට
ඔව් ඔව් ඒකනම් සහතික ඇත්ත….
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:32 ට
hikzzz…. maru eaa…….. ubth lagdi perhre ynwad,,, 😀 😀 maru maru……. mal peraharakma wewaaaaaaaaa…………… 😀 😀 😀
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 9:36 ට
දැම්ම නම් මට පෙරහැර් යන්න වෙන්නේ නෑ බං
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 10:08 ට
ඔහොම යන්කෝ…එතකොට පෙරහැර ගිහින් තියේවිනේ…. 😛
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:27 ට
ඈ…. එහෙම වෙයිද…?
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 10:38 ට
බලමුකො මාලුවා පෙරහැරේ යද්දි.
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:30 ට
මමනම් එකෙකුටවත් කියන්නේ නෑ…. 😛
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 10:51 ට
ඔය පෙර හැරේ වඩිග පටුන එහෙම යනවනේද….? කෙල්ලොත් ඔය නටන්නෙ වඩිගපටුන…..තව ඔය විවිධ යක්කු….සන්නි.. එහෙම නටන්නෙ…..ඔච්චර නෝන්ඩි කරන්න ඕන්නෑනෙ…. අපි මෙහෙමත් කියමු….. ඔය කොච්චර බලන් හිටියත් එපා වෙන්නති දේවල් තියෙනවනෙ… ඔය අලියා….පොඩිලමයි….. ඒවගේ පෙරහැරත් එහෙම තමයි…. කොච්චර බලන් හිටියත් කෙල්ලො දිහා.. එපාවෙන්නෑනෙ……අනේ අම්මපා දෙයියොත් මවපු මැවිල්ලක්…….
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:30 ට
හික්… මගේ උපමාව හරියට හරි වගේ….
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 10:53 ට
ඇත්ත කියපං . . . මේලඟකදි උඹ බාලිකාවක ගේට්ටුව ලඟ බැස්ස නේද ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ???
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:31 ට
අනේ අම්මෝ නෑ…..
2011 ඔක්තෝබර් 3 දින පෙ.ව. 11:17 ට
මමත් පෙරහැරවල් නම් කියක් බැලුවද, ගොඩක් පෙරහැරවල් වල හිටියෙ කස කාරයොයි ගිනිබෝල් කාරයොයි විතරද මන්ද
ඔය අතරින් පතර එකක තමයි හිටියෙ මල් අරගෙන යන අය
තවම කරඩුව වඩම්මන පෙරහැරක් නම් දැකල නෑ ඕන
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:32 ට
ඉක්මනටම දැක ගන්න හම්බුවෙයි….
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 12:13 ට
මාළුවා කට හින්ද නෙමේ, බ්ලොගේ හින්ද නහින්න වගේ හදන්නෙ….හිකිස්….
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:36 ට
ඒකත් කියන්න බෑ ඔබා අංකල්… මොනා වේවිද මන්දා…
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:00 ට
ඉතාමත් සන්තෝසෙන් කියපු සියලු එව්වා ඇත්ත කියා පිලිගනිමි 😀
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 2:38 ට
ඒකනේ කියන්නේ…. ඇති යන්තං එක්කෙනෙක් හරි පිළිගත්තා…
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 6:12 ට
යකෝ එක්ස්පීරියන්ස් නැතුව මෙහෙමනම්,තෝඅ බැන්ද දවසක බ්ලොග් ක 60+ වගෙ රෙස්ට්‍රික්ට් කරන්න වෙනව.ආයි කතා දෙකක් නැ.
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 9:21 ට
මෙව්වා දාන්නේ හැදෙන්න බං….
2011 ඔක්තෝබර් 3 දින ප.ව. 11:57 ට
හික්ස්!ඉක්මනටම පෙරහර බලන්න නෙවේ පෙරහරේ යන්න පුලුවන් වේවා……යි ප්‍රාර්ථනා කරනවා!
2011 ඔක්තෝබර් 4 දින පෙ.ව. 7:24 ට
හිහ්…. 😉
2011 ඔක්තෝබර් 4 දින පෙ.ව. 1:01 ට
මාළුවගේ උපමාවනම් හරියටම හරි… අත්දැකීම් නැතුව ලිව්වයි කියන එක තමයි පිළිගන්න අමාරු… ළගදි පෙරහැරක්වත් බැළුවයි….
2011 ඔක්තෝබර් 4 දින පෙ.ව. 7:25 ට
ුප්ට කොහෙන්ද බං අත්දැකීම්…? නුවර පෙරහැර බැළුවා….
2011 ඔක්තෝබර් 4 දින පෙ.ව. 7:47 ට
එකත් ඇත්ත තමයි වගේ
2011 ඔක්තෝබර් 4 දින පෙ.ව. 7:51 ට
තමයි වගේ….?
2011 ඔක්තෝබර් 5 දින ප.ව. 11:07 ට
උඹ කියපු ඔක්කොම හරි එත් එක පෙරහරේ නිලමෙලා එක්කෙනකුට වඩා යනවා.
අන්න එක තමයි බය හිතෙන වැඩේ. 😦
2011 ඔක්තෝබර් 6 දින පෙ.ව. 7:18 ට
ඒක ගැන පුදුම වෙන්න එපා බං… අපිට යාලුවෝ ඉන්නවා වගේ තමා පෙරහැරට නිලමෙලා….
2012 ජනවාරි 12 දින ප.ව. 4:14 ට
api kiyanne pansalak wage kiyana eka hodai wage
2012 ජනවාරි 12 දින ප.ව. 9:53 ට
පන්සල් ගැන මට වැඩිය හොඳට උඹ දන්නව ඇතිනේ…. සමහර දන්සැල් එහෙමත් තියෙන්නේ….