ගමනක් ගිය පැන්සල් තුඩ…

ආයෙමත් එක වසරට යන්න තමා මේ සුදානම… ඉස්සර ස්කෝලේ යද්දී එක වසරේ වෙච්ච දේවල් පෝලිම් ගැස්සුවොත් එහෙම, මගේ මතකයට අනුව මේක තමා දෙ‍වැනියට තියෙන්නේ.

ඒ දවස් වල නම්‍ මේ කේස් එක ගොඩක් දරුණුවට ගියා. පොලිසියෙන් ආපු නැති ටික විතරයි. දෙමවුපියෝ රැස්වෙලා, ගුරුවරුත් වටකරගෙන සාක්ච්චා කීයක් නම් පැවැත්වෙන්න ඇත්ද…. මොකද ඉතිං අමිලගේ පැන්සලේ තුඩ සමන්ගේ පස්ස පැත්තේ ඇමිනිලා ගෙදර යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ….!

ඒ දවස් වල එක අපි එකවසරට ඇතුල් වෙලා මාස හතරක් විතර ගිහිං ඇති. මං අර අමුතු ලෝකයට ගිහිං ආපහු පන පිටින් ආවට පස්සේ තමා මේක වුනේ. ඒ දවස් වල ඉතිං අපි ඉඳියේ එක ඩෙස් එකේ දෙන්න ගානේ. මහ ලොකු තරහක් මරහක් නැති වුනාට ඩෙස් එක දෙකට මැද්දෙන් වෙන් කරගෙන තිබුනේ….

අනිත් පැත්තේ යාළුවගේ පැන්සලක්, පොතක චූටි ‍කොනක් හරි අර  ඩෙස් එකේ ඇඳපු ඉරෙන් අපේ පැත්තට ඇවිත් තිබුනොත් ඒ දවස් වල ඉතිං වලිම තමා.

“මේ මේක… ගන්න. ඔයාගේ පැන්සල මගේ පැත්තේ තියෙන්නේ…. ගන්න හොඳේ…. නැත්තං මං අපේ අම්මට කියනවා.”

කියන වාක්‍යයේ පැන්සල කියන එකයි අම්ම කියන එකයි හරියට අර ප්‍රෝග්‍රැමින්ග් වල තියෙන වේරියබල් වගේ. පැන්සල කියන තැනට මක්කේ, පොත, පෙට්ටිය වගේ එව්වා අසයින් වෙනවා. අම්ම කියන තැනට, අම්මි, තාත්තා, තාත්තී, චීච…. බැරි වෙලා හරි ස්කෝලේක ලොකු පන්තියක සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා නම් එයාගේ නමත් මේ වේරියබල් එකට සූටබල්.

ඉතිං ඔහොම ගිහිං පළවෙනි වෝර්නින් එක දෙනවා අර උඩින් කිව්ව විදියට. ඒත්… අනික් යාළුවා ටිකක් ගට තියෙන එකෙක් නම් (අනේ ඒ දවස් වල අපි දන්න ගට) අනිත් එකාගේ පැත්තට ගිහිං තියෙන මොකක් හරි අයිටම් එක තව ටිකක් තල්ලු කරලා යුධ ප්‍රකාශ යාළුවව මල පන්නන එක ගැන දෙපාරක් හිතුවේ නෑ‍.

ඉතිං මේ සමනුත් එහෙමයි. සමන්ගේ පැන්සලක් ඩෙස් එකේ අමිලගේ පැත්තට ගිහිං. ඉතිං අමිල සමන්ට ෆස්ට් ‍වෝර්නින් එක දීලා…

මේ සමන්…. මං චීචට කියනවා ඔයා මගේ පැත්තට පැන්සල දානව කියලා. ඊට කලින් මේක ගන්න….

මොන… සමන් හෙන අහිංසක පාට් එකට හිටියට අමිල වගේ ඔලු කාරයින්ව පේන්න බැහැ. ඉතිං පොර කරපු වැඩේ උගේ මක්කෙත් අමිලගේ ප්‍රාන්තෙට දාපු එක. ඔය වැඩේට අමිලට මල පැන්නා. මුලින්ම අමිල…

මම ඔයාට කිව්වා හරිද කියලා…. කියලා අමිලගේ පැන්සල් පෙට්ටියෙන් සුළු අවි ප්‍රහාරයක් එල්ල කරා. ඒක සුළු අවි ප්‍රහාරයක් වුනාට නිකං බෝම්බයක් ගැහුවා වගේ. සර සර ගාලා අමිලගේ පෙට්ටියේ තිබ්බ පැන්සලුයි, කටරුයි අනං මනං ගැජට් කෑලි ඔක්කොම බිම. දැන් අමිලට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ. පස්සේ ඉතිං ඔන්න සමනුත් එකතු වෙලා බි වැටිච්චා අහුලලා ආයෙම පැක් කරා. පස්සේ සමන්…. හූ හූ…. ඇද්ද ඔයා මට ගහන්න ආවා කියලා හිනා වෙලා උගේ පැන්සලයි මක්කෙයි ආයෙම ගත්තා. ඉතිං ටික වෙලාවක් යද්දී දෙන්නා ආයෙම යාළුවෝ.

හැබැයි අමිල මේක අමතක කරලා නෑ. අසාලිවීමක් කොහොද ලියලා සමන් ගියා චීච ගාවට පොත පෙන්නන්න. පොර ඇවිත් වාඩි වුන ගමන්….

ඉහි…. ඊ….. ඊ…. කියාගෙන ආයෙම නැගිට්ටා. හරියට නිකං ගින්නක් ඇවිත් සයිරන් ‍එකක් ගැහුවා වගේ. පස්සේ පන්තයේ ඔක්කොම ළමයි සමන් දිහා බලනවා. සමනුත් අරින්නේ නෑ… අඬනවා ඇඬිල්ලක් පස්ස පැත්ත අතින් අතගගා…. එක වසරේ පන්ති සෙට් එකම දෙවනත් වෙන්න.

පස්සේ ඉතිං මිස් ඇවිත් බැළුවා මොකද සීන් එක කියලා. බලද්දී… අමිලයා, ඌට තිබ්බ තරහට සමන් වාඩි වෙන කොට හොඳට උල් කරලා තිබ්බ පැන්සල කෙලින් තියලා අල්ලලා පුටුවට. ආයේ ඉතිං කියන්න දෙයක් නැනේ සනීපේ…..

පස්සේ ඉතිං කොහොමහරි සමන්ව ශේප් කරලා ඉවර වෙද්දී ස්කෝලේ ඇරිලා.

ඊට පස්සෙ ඉතිං අපි සෙටාර් එක ගෙවල් වලට ගියා. ඊළඟ දවසේ උදේ…

මිස් මං සමන්ගේ අම්මා…. කියාගෙන සමන් වගේම සුදු ඇන්ටි කෙනෙක් ආවා අපේ මිස්ව හම්බුවෙන්න. අපිත් බලාගෙන ඉතිං, මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න එපැයි. පස්සේ සමන්ගේ අම්මා පොඩි කොල කෑල්ලක් දැග ඇරලා මොකද්දෝ මන්දා මිස්ට පෙන්නනවා. හරියට නිකං මැණික් ගල් හම්බුනාම ජෙම් හවුස් වලට ගිහිං බඩා මුදලාලිට පෙන්නනවා වගේ. අපිටත් ඉතිං හරි පුදුමයි… කියන්න බැහැනේ සමන්ගේ අම්මටයි තාත්තටයි මැණික් ගලක් වත් හම්බුවෙලාද දන්නේ නෑනේ…

පස්සේ ආයෙම ටික වෙලාවකින්,

අම්ල… මෙහෙට එනවා…. කියලා අපේ මිස් අමිලව ගෙන්නුවා. ඊට පස්සෙ පිටට පාරක් ගහලා හෙට එනකොට අම්මව එක්කං එන්න ඕනේ කියලා, අමිලගේ පොතක ලිව්වා. පස්සේ ඉතිං සමන් එදා පන්තියේ හිටියේ නෑ, අම්ම එක්කම ගෙදර ගියා. අපිට හරි පස්නේ ඇයි මේ කියලා. අර මැණික් ගල අමිලට දෙන්නද දන්නේ නෑනේ….

ඉතිං පහු වෙනිදා ඔන්න එනවා අමිලයි, අම්මයි… අනිත් පැත්තෙන් සමනුයි අම්මයි. පස්සේ ඉතිං මිස්ට දෙන්නම කතා කරනවා අපි අහගෙන.

එතකොට තමා අපි දන්නේ සමන්ගේ අම්මා කලින්දා මිස්ට පෙන්නුවේ මොකද්ද කියලා. ඒ අමිලගේ පැන්සලේ තුඩ…..! ඒක සමන්ගේ පස්ස පැත්තේ ඇමිනිලා සමන්ලාගේ ගෙදර ගිහිං. පස්සේ සමන් එයා‍ලගේ අම්මට සීන් එක කියද්දී තමා පැන්සල් තුඩ හොයාගෙන තියෙන්නේ. පස්සේ ඉතිං අම්මලා දෙන්න කතා කරලා විසඳන්න හැදුවට හරියන්නේ නෑ… ඒ පාර ප්‍රින්සිපල් ගාවට ගියා. ආයෙම පාරක් දෙමාපිය රැස්වීම් කිහිපයක් තිබ්බා. පස්සේ කොහොම හරි ඔන්න වැඩේ ශේප් වුනා.

ඒ ඔක්කොම වෙලත් ආයෙ ටික ටික දවසකින් අමිලයි සමනුයි හොඳ යාළුවෝ…! අනේ මන්දා ඔය වගේ වැඩක් ටිකක් ලොකු වෙලා එහෙම වුනා නම්…..?

අනික සමන්ගේ පස්ස පැත්තෙ ඇමිනිලා ගෙදර ගිය මිනිරන් කෑල්ලට ඔච්චර සාකච්චා කරානම් ඇත්තටම මැණික් කෑල්ලක් ඇමිනිලා ගියොත් කොච්චර සාකච්චා කරයිද…!

Advertisements

44 Responses to “ගමනක් ගිය පැන්සල් තුඩ…”

  1. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හික් හික් .. . . . මමත් එකදවසක් පංතියෙ කෙල්ලෙක්ගෙ පු‍ටුවෙ ඔය විදියට බෙදුං කට්ට තියල . . . . .

  2. මධුරංග Says:

    ඉස්සර අපිත් ඔය වගේ වැඩ කරනවා. පුලුටේ කටි හයි කරනවා. එතකොට වාඩි වෙන එකාට බඩුම තමා.
    පැන්සල් කිව්වම මතක් උනේ. පන්සල් මක්කත් මාර රහයි.

  3. Gayan Rupasinghe (සිංහයා) Says:

    අම්මට උඩු.. පට්ට සීන් එක… හැබැයි මචන් ඕක හරියට ඇනුනා නම් මල විජ්ජුම්බරයක් වෙන්නේ..

    ජය..

  4. පිණිබිඳු Says:

    ඔය ඩෙස් එක බෙදාගන්න වැඩේ අපෙත් හෙන වලි යන සිද්දියක්. ටීච පන්තියෙන් ගියාට පස්සෙ චෝක් කෑල්ල අරන් ගානට මැනලා ඩෙස් එකේ මැද්දෙන් ඉරක් ඇඳගන්නවා. පොඩ්ඩක් හරි ඉර ක්‍රොස් කරොත් ඒකාගෙ අවසානය තමා.

  5. cjgayan Says:

    බොරු විතරක් කියන්න එපා.. ඔය පැන්සල් තුඩ ඇනුනේ උඹෙ පස්ස පැත්තෙනෙ..

  6. අකීකරු හිත Says:

    ඩෙස් බෙදා ගැනිමේ වලි නම් අපෙත් තිබුනා උසස් පෙළ පන්ති වල ඉදිද්දිත්…ඒ නම් හැමෝටම ගානට ඩෙස් නොතිබුන නිසා..පුංචි වෙලාවකට රන්ඩු වුනාට අපි බොහෝම සමගියෙන් එක ඩෙස් එකේ දෙන්නා ගානේ පාවිච්චි කලා… 🙂

  7. සරුංගලේ Says:

    මම දවසක් අක්කා කෙනෙක් ඉදගන්න කොට සීල් පෑඩ්1ක් තිබ්බා…. ඩෙනිමෙ එක පැත්තක දම්පාට කො‍ටුවක්… ටී ශර්ට්1ක් ඇදල හිටියෙ…… කො‍ටුව හොදට පෙනව.. අඩ අඩ ගියා…….

  8. මාඩා Says:

    😀 😀 me dennagen kawru hari malu malaya une nadda???? 😀 😀

  9. maathalan Says:

    නියම. අපේ පොඩි මෑන් වලියක් දාගෙන ඇහ නූලෙන් බේරන් ඇවිල්ල තිබුනා. මම කියල තියෙන්නේ එකෙකුටවත් ගහන්න එපා කියලා. හැබැයි ගැහැව්වොත් වැටෙන්නම ගහපන් කියල තියෙන්නේ. මේ ඒක නෙමෙයි උඹ මගේ පොස්ට් වර්ජනය කොරලද…?

  10. Kasun Chanaka Says:

    මමත් එක පාරක් පෑනක් තිබ්බ ඔහොම කොල්ලෙකුට 9 වසරේදී. වලියක් ගිහින් නෙමෙයි, ජොලියට. ඌ හූ කියාගෙන නැගිට්ටේ. ඊට පස්සේ බලනකොට පෑන නෑ. ඒක උගේ පස්සේ එල්ලි එල්ලි තියනවා. වෙලාවට වෙලාවට පෑන හැරිල හූරගෙන ගිහින් තියෙන්නේ. කෙලින් අනුන නම් උගේ කන්‍යා බාවය නැති වෙනවා.

  11. Nisupa Says:

    අපි නම් කරන්නෙ පුටුව පස්සට ඇදලා තියන එක.එතකොට ඉතිං බිම තමයි.

    • ගෝල්ඩ් fish Says:

      ඔක්කොටම වැඩිය හපන්නේ ඒක… ඇයි දෙයියනේ කොන්ද කැඩුනොත් කාටද කියන්නේ…

    • සෝරෝ Says:

      කොන්ද නම් කමක් නෑ… ඔළුව වැදුනොත්…

      ප.ලි – අපිත් හැබැයි කරලා නද් තියෙනවා ඒක.. දැං තමා බරපතලකම තේරෙන්නේ.. ඒ දවස් වස අපි සුට්ටං බට්ටිච්චො නේ…… 😀

      • ගෝල්ඩ් fish Says:

        හ්ම්….

  12. නවම් Says:

    පෑන් පැන්සල් නෙමෙයි අපේ ඉස්කෝලෙ පොඩි පන්තිවල එකෙක් උගෙ යාළුව වාඩිවෙනකොට ඌ වතුරගෙනාපු වීදුරු බෝතලයක් තියල මල විජ්ජුම්බරයක් උනේ.

    උගෙ බරට බෝතලේ බැලන්ස් නැතුව ඌත් එක්කම බිම ! පස්ස කැපිල උස්සං ගියා ඉස්පිරිතාලෙ.

    • ගෝල්ඩ් fish Says:

      එච්චර සැරටනම් මේ සීන් එක ගියේ නෑ… කොහොමත් එක වසරේ සීන් එකෙන් පස්සෙ කට්ටිය ටිකක් සේප්…

  13. Observer Says:

    නමේ පන්තියෙදි පුටුවකට ගහගෙන, එකෙක් මගෙ අත හපා කාපු දත් පාර තාම යන්තමට තියෙනව

    • ගෝල්ඩ් fish Says:

      පුටුවකට ගහ ගත්තද…? හපා ගත්තද…?

    • දොඩං Says:

      අපෝ මාත් පුටුවකට ගහගත්තා..තොල් පලාගෙන ලේ එනකං..8දි…වයිස් ප්‍රින්සිපල්ගෙ පුතන්ඩිය එක්ක

  14. Weni Says:

    අපේ ඉස්කෝලෙ ළඟ තිබුනා රබර් වත්තක්.. රබර් ඇට කාලෙට අපි තියන්නෙ රබර් ඇට..චරස් ගාලා පුපුරන කොට කොහොමද ආතල් එක..

  15. මුහුදු කොල්ලකාරයා Says:

    ඔබ්සර්වර් මයික් ටයිසන් එක්ක දැ කොහෙද ඉගෙන ගෙන තියෙන්නෙ. අප්පේ ලේසි පාසු පොරවල් නෙවෙයි නෙ බලාගෙන යද්දි 🙂

  16. හිස් අහස Says:

    පට්ට කතාවක් මචං පොඩි කාලේ වෙච්ච දේවල් මතක් කරනවාට මම මාර ආසයි .

    මට මතකයි මම සැරයක් මගේ යාලුවෙක්ක්ගේ පිටට පැන්සලෙන් ඇනලා තුවාල කලා . පවු බං ඌ ඇඬුවා .

    • ගෝල්ඩ් fish Says:

      දැන් තමා දුක හිතෙන්නේ ….

    • දොඩං Says:

      මම ඇන්නෙ පෑනෙන්..7 වසරෙදි…කනට..තුවාලත් උනා…හැබැයි ඊට පස්සෙ ඌත් එක්ක හිටියටත් වඩා ෆිට්

  17. සෝරෝ Says:

    ඒ බං මාලුවෝ උඹේ නමේ අමිල කියලා කෑල්ලකුත් තියේ ද………. 😀

    අමිල ප්‍රසන්න

    හක හක හක…. 😀

  18. කළු පූසා Says:

    අපිත් පොඩි කාලේ උඹල වගේ තමයි ඩෙස් එකේ පැති වෙන්කරගෙන හිටියේ , අපේ නම ඒ කාලේ ලොකු ඩෙස් 2 දාල එකේ 4 දෙනෙක් වටේ තියල තියෙන්නේ ( කෙල්ලෝ දෙන්නයි 😛 කොල්ලෝ දෙන්නයි )

    ඒ කාලෙත් අපි ළඟ හිටපු කෙල්ලන්ට කිව්වේ අපේ wife කියලා 😀

    • ගෝල්ඩ් fish Says:

      අපිව කෙල්ලෙක් ගාවට දාන්නේ වැරැද්දක් කරාම විතරයි. ඉස්සර ඉතිං හෙන ලැජ්ජයිනේ… ඒක නිසා ඉවසන් හිටියා…

  19. Chaminda Says:

    එල එල දිගටම ලියන්න ඔබට සදා ජයම වේවා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: