මේ………… සිංදු ටික ගෙනාවද…?
මාලිගයට පළවෙනි අඩිය තියන්නත් කලිංම යශෝධරාවගෙන් ලොකූ පස්නයක්…. ඔය ප්රශ්නෙට මං කුමාරයා නෑ කියන්නත් හදලා….. ආයේ මොකටද නිකං උදේ පාන්දර නඩුවක් ඇද ගන්නේ කියලා හිතලා හ්ම් ගෙනාවා…. කියලා ජුංඩං උත්තරයක් දීලා නැවැත්තුවා. වැඩි හරියක්ම මට අප්සට් ගියේ මේ යෝදි, මගෙන් මහන්සිද කියලවත් අහන්නේ නැතුව අහපු ප්රශ්නෙට.
ඊට පස්සේ ඉතිං මං සීඩී එක දෙනකං සක බඹරේ වගේ කැරකි කැරකි මාලිගාව පුරාම එහාට යනවා මෙහාට යනවා. පව්නේ….. ඒ පාර ඉතිං මගේ ඩයරියේ කවරේ අස්සේ තිබ්බ ඩිස්ක් එක ඇදලා දුන්නා.
ඒ වෙලාවේ බලන්න ඕනේ හිනාව…. ආයෙ තැන්ක් යූ කිවිලි අනං මනං මොකුත් නෑ… ඉස්සර හුරතලේ පිටින්ම පොඩි එකෙක් වගේ ඩිස්ක් එක අරං ගිහිං පීසී එකට දාලා ඉප්පීකර් දෙකත් ගහගෙන වැඩ පටන් ගත්තා. දැන් ඉතිං මං ඉන්නවද නැද්ද කියලා ගානක් නෑ කුමාරිකාවට. මුලින්ම රුමේෂ්ගේ දිගු දෑස දුටුවාම… ඊට පස්සේ භාතියලාගේ දේදුන්න සේදී…. ඔහොම ගිහිං සිංදු 10ක් විතර අහලා තමා ආයෙමත් මං කුමාරයා ඉන්නවාද කියලා බලන්න පිටි පස්ස හැරුනේ. එයා දන්නේ නෑනේ මං මේ සිංදු ටික හොයාගත්ත හැටි. සමහර සිංදු වල මැද්දේ පද දෙකක් විතරක් ලියලා දුන්නම ඩොකීට කියලා එව්වා හොයාගත්ත හැටි කුමාරිකාව දන්නේ නෑනේ…
මං කුමාරයත් ඉතිං ඇහි පිය නොගහා බලාගෙන ඉන්නේ ඔය වෙලාව එනකම් තමා. එතකන් කරන්නේ යශෝධරාවට පිටිපස්සෙන් තියෙන ෆෑන් එකෙන් විදින හුළං පාරට පුංචි කුමාරිගේ කොන්ඩ ගස් එකින් එක… සැරින් සැරේට ඒ මේ අත යන හැටි බලාගෙන ඉන්න එක තමා. හිටිගමන් ජනේලෙන් එන ඉර එළිය තැඹිලි පාට කර්ටන් එකට වැදිලා තව ටිකක් පැහැපත් වෙලා විහිදෙන එලියට තවත් එළිය දෙන්න වගේ යශෝධරාවගේ ඇඟිලි ඇවිත් කන වටේට ගිය කොන්ඩ ගස් ටික හදලා ආයෙමත් යනවා. හරියට නිකං උත්තර ධ්රැවයේ අවුරෝරා එලි වගේ.
පස්සේ ඉතිං ඔහොම ඉන්න ගමන් තව සිදු ටිකක් ප්ලේ වෙන්න දාලා ඕං දුවනවා සිරියහන් ගැබට.
අම්මේ…. මට තේ එකක් හදලා දෙන්න….
ඉතිං නඩුකාරිත් එනවා තේ හදන්න. හප්පේ එතෙන තියෙන විකාර. මං කුමාරයා කලිනුත් කියල ඇති අනන්තවත් ඔය වග. නඩුකාරිගේ අතේ එල්ලිලා යශෝධරාව හුරතල් වෙන්නේ හරියට නිකං මොන්ටිසෝරි යන පොඩි කෙල්ලෙක් වගේ. වෙලාවකට ඉතිං මටත් හිතෙනවා දුවලා ගිහිං අනිත් අතේ එල්ලෙන්න. ඒත් ඉතිං නිකං මොකටද නඩු ෆයිල් කරගන්නේ කියලා හිතලා ඉන්න ඉරියව්වෙන්ම පුටුව උඩට වෙලා ඉන්නවා. පස්සේ ඉතිං ටික වෙලාවකින් යශෝධරාව ආයෙමත් එනවා පීසී එකට ගාවට. ඒ ඇවිදින් අර සිංදු ටින ආයෙමක් අහනවා. අහනවා නෙමෙයි බලනවා. ඕඩියෝ ටික තියාගන්නවා පස්සේ අහන්න. වීඩියෝ ටික එවෙලෙම බලනවා.
ඊට පස්සේ ඉතිං නඩු කාරි එනවා තේ දෙක අර ගෙන අත්දෙකට. එකක් යශෝධරාවට, අනික මට. දෙන්න එක්ක පොරකාලා එක දශමයක් හරි වැඩියෙන් තියෙන තේ එක ගන්න දඟලන්නේ ඇයි මන්දා…? ඇති වැඩකුත් නෑ…. මොකද දෙන්නගෙං එක්කෙනෙක් වත් ඔය තේ දෙකෙන් අන්තිම උගුර වෙනකම්ම බොන්නේ නෑ. එක්කෝ උණුයි කියලා පැත්තකින් තියනවා, එහෙමත් නැත්තං විසි කරනවා. කොහොමත් උණුයි කියලා තිබ්බම ටික වෙලාවකින් එක් බොන්නේ කූඹි….
ඉතිං ඊට පස්සේ අයෙමත් අර සිංදු වල ඉතුරු ටික අහනවා. මං කුමාරයක් ඉතිං යශෝධරාව දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඇස් රතු වුනාම ලක්බිම හරි විදුසරක් හරි අරගෙන කියෝනවා. ඒ කියවන අතරෙදි එකපාරටම….
නිකං ලයිට් ගියා වගේ සීන් එකක් වෙලා, ප්ලේ වෙවී තිබ්බ සෙන්ටිග්රේඩ්ලගේ නිල් සඳ මඬල නැවතුනා. මං කුමාරයත් පත්තරේ බැලුවට සිංදුව අහගෙන හිටි නිසා වෙච්චි දේ ගැන හොඳ අවධානෙන්…..! මං බලන කොටම මේං කුමාරිකාවත් අර නිල් පාට සූටි ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන මොකද්දෝ ලොකු ප්රශ්නෙකුත් දිව අග තියාගෙන ඉන්නවා.
ඔය ප්රශ්නේ ඉතිං කවදාවත්… මට ආදරෙයි නේද…? කියලා අහනවා වගේ එකක් වෙන් බෑනේ. ඒක නිසා ඉතිං මටත් එක පාරට උත්තරයක් දීගන්න බැරිවෙයි කියලා හිතෙද්දිම, මේ… මේ… කියලා පටන් අර අහනවා…
ඇයි හැම සිංදුවෙම “මියුසික් කඩයක්” කියලා මැද්දෙන් කියන්නේ….?
හරිනේ ඉතිං දැන් දීපල්ලකෝ බලන්න ඕකට උත්තර. මට පටාර් ගාලා මීටර් වුනේ මියුසික් අවන් එක… ඒත් ඒක හැම එකේම දාන්න විදියක් නැහැනේ. ඉතිං මං කුමාරයා ඉතිං දහඅතේ කල්පනා කරනවා මොකද්ද බොල මේ හරුපේ තේරුම කියලා… මට හිතාගන්නම බැරි පාර මං කිව්වා මට ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඊට පස්සේ ඉතිං ඔන්න නිල් සඳ මඬල ආපස්සට ටික දුරක් ගිහිං ආයෙමත් ප්ලේ වෙනවා. එක තැනකදී නිකං රහසින් වගේ පොඩි වචන වගයක් කියනවා. පස්සේ මං ආයෙමත් පාරක් ලඟටම ගිහිං කන ඉප්පීකරේ තියාගෙන ඇහුවා.
මට ඇහුන දේ හරි… මොකද මගේ කන් දෙක මට විශ්වාසයි. ඒ වගේම මං මේක මීට කලිනුත් හැම වීඩියෝ ගොඩක දැකලා තියෙනවා. ඒත් ඉතිං යශෝධරාවගේ කන් දෙක් ඇහෙන්නේ අඩුවෙන් කියලා කිව්වොත් එල්ලුම් ගස් යන නඩුවක් සෙට් වෙනවා ෂුවර්. ඒත් ඉතිං මේ වගේ චාන්ස් එකක් අතාරින්නේ කොහොමද….? මට දෙන ගින්දර වල හැටියට පොඩ්ඩක් නෝන්ඩි කලාම මක් වෙනවද…?
ඒක නිසා මං ඇහුවා… මොකද්ද ඔයා කිව්වේ…?
මේ හැම එකේම “මියුසික් කඩයක්” කියලා කියනවනේ….
ආහ්…. එහෙමද…. මං හිතුවේ නෑනේ වයස හැටක විතර කන් ඇහෙන්නෙ නැති කෙනෙක් කියලා…
අනේ කියනවාකෝ… මොකද්ද ඒ කියලා….
මං මොකටද කියන්නේ…? කන් දෙක සුද්ද කරලා කර අහගන්න… නැත්තං මං අම්මට කියන්නං දුවගේ කන් දෙක ඇහෙන්නේ නෑ කියලා…
යනවා යන්න මෝඩරජා….
හරි හරි මං මෝඩයා… එහෙනම් ටිකක් සද්දේ වැඩිකරගෙන අහලා බලන්නකෝ ආයෙමත්…
ඔන්න ආයෙමත් නිල් සඳ මඬල මුල ඉදන් ප්ලේ වෙනවා… ඒ අතරේ මැද්දෙන්…. මියුසික් ඩොට් එල්කේ… කියලාත් ලාවට ඇහෙනවා….
ඔය ඔක්කොම අහගත්තට පස්සේ ඔන්න රිප්ලයි එනවා….
ඉතිං මට ඇහුනේ එහෙමනේ…… කියලා තව තොඳොල් වෙන්නත් එනවා. එතකොට ඉතිං වෙනදා වගේම තමා. මං කුමාරයට කට උත්තර නැති වෙනවා….! කොහොමහරි මෙදා පාර නම් මදි නොකියන්න ෂොට් එක දුන්නා…..
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:08 ට
අඩේ සිරාවටම උඹට මාර නඩු තමයි සෙට් වන්නේ නෙද ? උඹ ඔය දිලා තියෙන්නෙ වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලනෙ නිකන් නෝන්ඩි නොවි නරකද රෙකෝඩ් බාර් එකකට දිලා ඔය ටික ගහලා දුන්නනම් …
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:23 ට
ඔව්වට කෝ බං වෙලාවක්…
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:09 ට
අද මම එක…..:D 😀
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:24 ට
ඔව් ඔව් උඹ තමා…. 🙂
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:11 ට
යශෝදරා අක්කා ඔය තරමට සිංදු අහන්න මනාපද ? මම නම් දන්නේ අර සිංදු පොතක් හොයාන සිංදු කියපු සීන් එක විතරයි. 🙂
අයියා ගාව නැද්ද පරණ සිංදු. අර ඇන්ටන් ජෝන්ස් මත්තයාගේ සිංදු එහෙම.
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:25 ට
හපෝ ඒකි සිංදු හනවා විතරක් නෙමේ සිංදු කියනවත් එක්ක. මයෙ ගාව තිබුනා පොඩි සිංදු කෑල්ලක් හොයාගන්න පුළුවන් වුනොත් මං ඒකත් දාන්නම්…
අනේ නෑනේ බං…. මට ඔය කොහෙන් හරි මීටර් වුන ගමන් නෙට් එකෙන් හොයාගෙන තමා අහන්නේ…
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:14 ට
මම් දෙක…… 😦
අප්පමත්තාන මීයන්ති
යේ පමත්තා යථා මථා
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:26 ට
දැන් ඉතිං නාඩා හිටු…. හොටු ටික පිහිදගනින්… 😛
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:17 ට
උඹ දැන් වීරය වෙලා ඕවට රිටන් එක එන්න ගත්තහම දුවන්න පාරවල් හොයන් හිටපන්… 😉
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:26 ට
ඒක නම් ඇත්ත… අම්මෝ දෙන කොට දෙන්නේ එලෝ එලෝ බං…. ඒ වුනාට මේ පාර නම් ශේප් වෙයි… සිංදු ටික ගිහිං දුන්නනේ…
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:21 ට
හී හී ඔය වගේම තමා ඉසර ගොල්සෝන් ඩොට් එල් කේ කියන්නෙ සින්දු මැද්දෙන් ඒ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන ඒවගෙ. කැම්පස් එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් වෙලාවෙ සින්දු ප්ලේ වෙද්දි එක පාරටම ඕක කිව්වා. කොල්ලො හූ තිබ්බා එතකොට.
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:30 ට
මමත් කීප පාරක්ම ඔය වැඩේ නිසා නාගෙන තියෙනවා. අනිත් එක එලකිරි එක… අපෝ චා වෙච්ච කරමක්…
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:21 ට
අපිට නැහැනෙ ගෙදර ගිහින් හුරතල් කරන්න chance………….
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:13 ට
හුරතල් කරනවා කිව්වට ඉතිං කතා බහ කරනවා විතරයි බං.
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 2:40 ට
හරි බං ….. එහෙමවත්…….???
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:11 ට
මටත් උඹ හිතන විදියම තමා. මේකත් නිකං ඒක පාර්ශවීය එකක් වගේ බං.
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:29 ට
මියුසික් කඩයක් හොඳයි… අර සින්දුව මැද්දෙන් ” බොරු ” කියනවට වඩා…. කව්ද මේ යශෝධරා… බ්ලොග් එකේ පෝස්ට් අම්බානෙක මිස් වෙලා වගේ….
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:13 ට
නෑ බං… මේක ආදි කාලේ ඉඳන් ලියන එකක්…
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:38 ට
ආහ්…..ආයෙත් පටන් අරන් වගේ..ඔහොම යන් ඔහොම යන්…………
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:17 ට
නෑ මං හිතන්නේ… එයාට හිනා වෙන්න හිතුනම මාත් එක්ක හුරතල් වෙන්න ඇති.
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:00 ට
හික් හික් ඊයෙ මම කෝල් කරද්දි හිටියේ එහේද
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:18 ට
එහේ ගිහිං ඇවිත්, යාළුවෙක් එක්ක සෙට් වෙලා හිටියේ…
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:13 ට
හිකිස්.. මෙයාත් දාගන්න නඩු 🙂
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:30 ට
කමක් නෑ ඔයාට පිං සිද්ධ වෙන්න වචන දෙක තුනක් කතා කරගත්තා…
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:01 ට
එහෙනම් ආයේ මුණ ගැහුන වෙලාවක කන්න බොන්න දෙයක් අරන් දෙන්න වෙයි මට.. 😀
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:16 ට
ඈ…. මල මගුලයි කට වරද්ද ගත්තද මන්දා…..
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:14 ට
මෙන්න මේ වගේ එකකුත් නරකම නෑ කෙල්ලට තෑග්ගක් විදියට . . . . (හික් හික්)
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:31 ට
ඒකිට මොන තොරංද අයියේ… මං ගියාම දාන්න තියෙන ඔක්කොම තොරන් ටික දානවා….
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 1:38 ට
මටත් අහුවුනා සයිට් එකක් sindukade .com කියල, ඒකෙත් සුද්දියක් ලතාවකට කියනව, සින්දුකඩේ ඩොට් කොම් කියල ලතාවකට, සින්දුවෙන් සින්දුවට. මට නං සින්දු වලට වඩා අල්ලල ගියා ඒකි ඒ ටික කියන විදිය හෙහ්…හෙහ්…හෙහ්…
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:10 ට
අපිට ඉතිං කෙල්ලංගේ වොයිස් ලස්සන වුනාට කෙල්ලන්ට එහෙම නෑනේ….
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 1:58 ට
කාලෙකට පස්සේ යසෝධරාවත…….
හොද වෙලවෙට අර හොරු…. බොරු…. වගේ එකක් නොගියේ
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:10 ට
ඒ මොකෝ ඒ?
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 2:56 ට
I yooo maluwoo yasodarawatha kiyawannata mage as penne nathoo…
computhare format kara dan sinhala dammata wada karanne naa….. iiyyyayooooo 😦
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:13 ට
ai ara pissa koheda? porata kiwwanam sutus gala hadala dewine…
2011 සැප්තැම්බර් 28 දින ප.ව. 5:25 ට
eyaata ape gedara enna ba ne ewa haddanna… call ekak deela hadanna puluwan ekak neme 🙂
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 4:27 ට
හී හී මියුසික් කඩයක්.. නියම පෝස්ට් එක
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:13 ට
ඇත්තමයි, ඒකිත් එක්ක හිටියොත් මට පිස්සු හැදෙයිද කියලත් වෙලාවකට බය හිතෙනවා.
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 5:05 ට
අනේ අම්මප..බොටත් එකපාරටම මාර චූන් යනවනේ………
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:14 ට
ඕක ඔය ලාමක ටිං ටිං එකක්. අනිත් ඒවා ලියන්න ගියොත් එහෙම මට වසන්න වෙන්නේ නෑ,..
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 5:59 ට
ඔය සින්දු අතරෙන් සයිට් වල කෑලි දාන එකේ හරි හරි වැඩ වෙනව. මං එක පාරක් අහගෙන අර රනිඳුවගෙ “මාගේ නංගී” කියන සින්දුවෙ තියනව මෙන්න මෙහෙම
දඬුවම්ද වින්දේ ඔබයි… එලකිරි ඩොට් කෝම්…..
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:15 ට
හික්…. කරන්න දෙයක් නෑ ඉතිං එලකිරි එකේ එවුම්ම දාගත්තුවනේ….
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:19 ට
නවම් අයියා හික්ස්………
පිශ් මාළුවා
අනේ හපොයි මං මුලින්ම හිතුවා ඔය ඩොට් ඇල් කේ එක වෙන්නැ කියලා. හික්ස්….. පවු අප්පා යසෝ…….. එතන මදිවට මෙතනත් නෝන්ඩි කොලා නෙවැ. හික්ස්……
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 6:25 ට
ඔව්වා ඉතිං රොමැන්ටික් නෝන්ඩිනේ..
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 9:43 ට
අයියෝ මට මේ කතාවේ අග මුල ගලප ගන්න බෑ නේ. දැන් මේක ලඟදි වුන වැඩක් නේද?
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 12:23 ට
ගිය ඉරිදා…
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 3:14 ට
එතකොට තාමත් එහේ යනවද?
2011 සැප්තැම්බර් 28 දින පෙ.ව. 7:28 ට
මාසෙකට පැයක විතර කෝටා ටයිම් එකක් තියෙනවා බං.
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 10:59 ට
මේක අද ඊයේ වෙච්ච සිද්දියක් නම් මම සන්තෝස වෙනවා මචං ..
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 12:25 ට
ඊයේ පෙරේදා නම් තමා බං.. ඒත් සතුටු වෙන්න දෙයක් නෑ,.. මං වෙනදා වගේම ඒ මායම් කාරිට අහුවුනා විතරයි..
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 11:27 ට
හේ හේ මරු
උඹ film එකක් එහෙම පෙන්නන්න අරගෙන යනකොට ප්රශ්න අහලම ඉවරයක් නැති වෙයි 😀
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 12:26 ට
හික්… ඒකනම් ඇත්ත…
2011 සැප්තැම්බර් 27 දින පෙ.ව. 10:50 ට
adee appaa…… maluwata ai mal mal kalayak labala wage…. subapathum mchoooo……. 😀 😀
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 12:27 ට
නෑ බං…. ආයෙ පාරක් මං රැවටුනා විතරයි.
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 2:48 ට
iooooooooooooooooooooooooooooooooooooo……….. :O :O
2011 සැප්තැම්බර් 28 දින පෙ.ව. 7:21 ට
😦
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 6:03 ට
ඔහොම යං ඔහොම යං!
2011 සැප්තැම්බර් 28 දින පෙ.ව. 7:29 ට
හිහ්… ඔහොම කිව්වේ… මෙහෙමද?
2011 සැප්තැම්බර් 30 දින ප.ව. 1:25 ට
ඇති යන්තම් හොටු පෙර පෙරා ඉන්නෙ නැතුව කුමාරයා කුමාරිකාව බලන්න ගිහින්…
2011 සැප්තැම්බර් 30 දින ප.ව. 9:17 ට
හ්ම් ආයෙ ඉතිං තව කාලයක් බලන් ඉන්න ඕනේ…