මෙව්වා මේ මඩ එහෙම නෙමෙයි… අර නොපළ කවි…. නොපළ කතා කියලා තියෙන්නේ අන්න ඒ වගේ එකක්. ඉතිං මේ කතා ටික අහලා මට ගුටි කන්න වුනොත් එහෙම ඔන්න මං නම් නෑ,…
18 වෙනි ඉරිදා, මං සෙනසුරාදා පොඩි වැඩ වගයක් තිබිලා ඔෆිස් එකේ නරත වුන නිසා ඉරිදා පොත් බලන්න ගියේ ඔෆිස් එකේ ඉඳන්මයි. ඉතිං උදේ පාන්දරම යන්න කලිනුත් පිනිබිඳු අක්කගේ මෙගා ත්‍රෙඩ් එකට තව මොනාදෝ කොටල එහෙම තමා ගියේ…
ඉතිං නොපළ සීන් ටික ඔය උඩ තියෙන මගේ සුරතින් ගත්ත පින්තූරෙට අනුව ලියාගෙන යන්නම්. ආයේ ඕං මේකෙ අගක් මුලක් හොයනවා නෙවෙයි…
උදේ පාන්දරම චූටි ප්‍රහාරයක් අපේ සිංහ පුතාට. පොර පින්තූරේ නෑ…. ඒක නිසා පොරගෙන් පටන් ගත්තම ලේසියි. අනික මං මෙච්චර දවසක් බැළුවේ වෙච්ච ජොලි සීන් ටික කවුරු හරි එකෙක් ලියාවි කියලා…. කෝ ඉතිං නැහැනේ…. ඉතිං ඔන්න18 වෙනිදා යන ගමනට 17 වෙනිදා රෑ දොලහ එකවෙනකම්ම මාක් එක්ක චැට් කොරලා … හරි හරි මචං මං උදේ පාන්දරම එනවා කියලා නිදාගත්ත එකාගෙන් මං උදේ නැගිටින්නත් කලින්ම කෝල් එකක්…. ඒක ඉතිං මට එන්න වෙන්නේ නෑ බං කියන්න ගන්න කෝල් එකක් බව මං අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා ඉතිං හිත හදාගෙන ආන්සර් කලා.
සිංහයට දහම් පාසල් සීන් එකගැන රැස්වීමක්ලු. ඉතිං ඒකට ගිහිං පුළුවන් ඉක්මනට එනවා කිව්වා. මාත් ඉතිං මුකුත් කිව්වේ නෑ… පවුනේ…. සිංහයා නෙමෙයි, අර දහම් පාසල් නොගිහින් ගෙවල් වල ඉන්න පොඩි එව්වෝ….!
ඊට පස්සේ මුල්ම නොපළ සීන් එක පිනිබිඳු අක්කගේ වෙන්ඩ හබීට. මං පිනිබිඳු අක්කව හොයාගෙන යද්දි එයාලත් මාව දැකලා. ඉතිං අක්කා කිව්වලු අයියට… අර ඉන්නේ මාළුවා කියලා. මල මගුලයි අයියා අහලා කෝ ඉස්සෝ දැල්ලොත් ඉන්නවද කියලා… වෙන්ඩ හබී හිතලා තියෙන්නේ මං මුහුදට අධිපති කියලද දන්නේ නෑ ඉස්සොයි දැල්ලොයි වට කරගෙන පොත් ප්‍රදර්ශන බලන්න එන්න. ඒ අයියා හරී හොඳයි…. මට ෆ්ලෑෂ් මෙව්වා වගේකුත් එවන්නම් කිව්වා.
පිනිබිඳු අක්කා ගැන නම් කියන්න දෙයක් නෑ… හරී හොඳයි. එත් මට තියෙන එකම ප්‍රස්නේ සැවෝයි එකේ සාරි තියෙනවද කියන එක තමා…. ආහ්… තව එකක්, ඔය කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න බුකියේ රිලේෂන් ෂිප් එකකට වැඩිය දාන්න ඇහැක්ද කියලා…. මට ඉතිං කරලා බලන්න විදියක් නෑ… එහෙම කරන්න ගියොත් එහෙම ගුටියක් සුවර්නේ….
ඊට පස්සේ ශිරෝෂිද කොහෙද…. නම මීටර් නෑ… හරි අවුලක් නෑ, ඇත්තට මේ ළමයි ගැන මට කියන්න දෙයක් නෑ. හරි නිවිච්චි ළමයා.
ඔය කහපාට ටී ෂර්ට් එක ඇඳලා ඉන්න එකා හින්දා තමා තව පොඩ්ඩෙන් මට ප්‍රදර්ශනේ බලන්න වෙන දවසක එන්න වෙන්න තිබ්බේ. හිරු එලිය මං අනිත් සෙට් එකත් එක්ක එන්ටරන්ස් එක ගාව තැප්ප තැපිල්ලක්…. යකෝ යන අහක යන්න ඉක්මනට එන්න එපැයි. ඒ අස්සේ කෙල්ලොන්ට සැන්ඩ්විචසුත් ගිල්ලවලා.
ඊට පස්සේ ගයාන්. මං ගයාන්ව අඳන ගත්තේ 18 වෙනිදා. අදුන ගත්තා කියන්නේ දැක බලා ගත්තේ. හෙන හොඳ කොල්ලා. කොල්ලා නෙමේ අයියා. මිස්ටර් පැනොරාමා කියන්නෙත් මෙයාට තමා. අපි දෙන්න තමා ප්‍රදර්ශනේ බලන්න තනියම ආවේ. ඇවිදිල්ලා අනිත් කස්ටිය එනකං හිටියා වතුර මල ගාව. අම්මප ඒක වතුරමලක් නෙවෙයි, නිකංම නිකං පොකුණක්…..
සාපා….. මොනා කියන්නද…. මේකි ප්‍රදර්ශනේ පුරාවට කරපුවා ලියන්න ගියොත් මං ඉවරයි. මට නිවාඩු දාලා තමා ලියන්න වෙන්නේ…. මොනා වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කටක් තියෙනවා…..
ඊට පස්සේ උඩ පේලියේ…. ආසිරි. අර අඹ මල් රේණුව කියලා ලියන්නේ මෑන්ස් තමා. ලොක්කට කියන්න ඕනේ මහියංගනේ පැත්තෙත් බුක් ෆෙයා එකක් තියන්න කියලා. නැත්තං කොල්ලා පවු… මෑන්ස් දෙකට යනව කිය කිය හිටියේ, අර කට ඇති දුව කිව්වා යන්න දෙන්නේ නෑ කියලා… ඉතිං මොනා වුනාද දන්නේ නෑ, අපි කලිං ආවනේ….
ආසිරිට උඩිං ඉන්නේ මධුරංග. හපෝ කියලා වැඩක් නෑ,.. වල් පඳුර. මටත් එක්ක ලැජ්ජයි. අයියයි මල්ලි දෙන්න එකට ඇවිත් මූ මල්ලිව කලින් යැවුවනේ…. හරි අයිය කෙනෙක් කරන වැඩක්ද ඔය… මල්ලි හිටියනම් මධුරංගට ගෙදර යන්න වෙන්නේ නැති බව පොරට තේරුනා. මොකද මූ ඇවිත් හිටිය දිගට ඇඳලා උන්න ගෑණු ළමයි දිහා එක පාරක් බලද්දි මල්ලී මූ දිහා තුන් පාරක් විතර බලලා, පොරගේ හැසිරීම දිහා. පස්සේ ඔන්න තවත් අක්කා කෙනෙක් එක්ක ගිහිං බඩ ඉරිඟු ගෙනැල්ලා කනවා. අපිට පෙන්න පෙන්න. අඩුගානේ අයියේ එක ඇටයක් ඕනෙද කියල ඇහුවද….? ඒ අස්සේ අක්කගේ නංගිටත් සෙවල පාරක් දැම්මයි කියලා කව්දෝ මන්දා කිව්වා. නංගි එනවයි කිව්වම පොර උඩ පැනගෙන හා හරි හරි මාත් එන්නම් කිව්වලු.
මධුරංගට දකුණු පැත්තේ ඉන්න මල්ලිවයි, වම් පැත්තේ ඉන්න මල්ලිවයි දෙන්නවම ප්‍රහාරයක් එල්ල කරන්න තරම් අඳුනන්නේ නෑ… වම් පැත්තේ මැද… එකියන්නේ හිරු එලියට උඩින් ඉන්න මල්ලි බ්ලොග් එකක් ලියනවා. මට නමත් කිව්වා… දැං මතක නෑ,……
ඊට පස්සේ ඉන්නේ මං මෙච්චර කාලෙකට දැකපු පෙරේත නැතිම ගෑණු ළමයා. නම ඕනේ නෑ… මං නං කිව්වේ නිසූපාගේ නංගි සනීපා කියලා. නැත්තං ඊට පස්සේ කියයි මඩ ගහනවා කියලා. මෙයාගේ අක්ක අතේ තිබ්බ බඩ ඉරිඟු කරල කාපු හැටි……………… ඒ ලෝකේ අන්තිම බඩ ඉරිඟු කරලා කියලා හිතාගෙන තමා මෙයා කෑවේ… ඒ මදිවට අක්කගේ බටර් පාරක් සැරටම වැදිලා අක්ක ගත්ත පොත් ඔක්කොම ටික උස්සං යන්නත් ලෑස්ති වෙලා ඇවිත් හිටියේ. පව් අප්පා….. ඒ පොත් බෑග් එක උස්සල බලද්දී මට මතක් වුනේ අර ඒ දවස් වල සෙල්ලං කරද්දි මං ස්කොට් ගහපු හැටි…..
නංගිට මෙහා පැත්තෙන් අක්කා. මෙයා තමා මේ ලෝකේ අන්තිම පෝටෙලෝ එක බිව්වේ…. ඒ සන්තෝසේ නිසා තමා පොටෑ කෑල්ලකුත් දාගත්තේ ඉස්සරහට. පුරුද්ද තමා චිප්ස් නැතුව බොන්න බැහැනේ…..! මුලින්ම මෙයාව හම්බුන ගමන් මගෙන් ඇහුනේ අඳුරන්න බැරිද කියලා. ඇයි හත් දෙයියනේ කොහොම අඳරන්නද මං හිතන් හිටියේ මට වැඩිය උස (-) සිහින් දෑරි ගෑණු ළමයෙක් වෙන්න ඇති කියලා. සෘණ දැම්මේ ඇයි කියලා හිතාගන්න එක ඔබ සැමට බාරයි. නම නිසූපා….
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. රන්දිකා අක්ක ඇවිත් හිටිය නිසා මං ගියා ඒ පැත්තට. ඉතිං ටිකක් දුරින් හිටිය අයව අඳුන්නලා දුන්නා. ඉතිං නිසූපව පෙන්නපු ගමන් රන්දිකා අක්කා කිව්වේ… අර ස්ටුඩියෝ එකේ නම තියෙන ගෑණු ළමයා නේද කියලා. මට දැන් හිතෙනවා ඒ ස්ටුඩියෝ එක ටික දවසකින් වහන්න ඇති කියලා…..
නිසුට එහා පැත්තේ මාධව. මාධව ගැන නිසූපගෙන් අහලා දැනගන්නකම්ම මං හිටියේ බරපතල වැරදි මතයකින්නේ. මං හිතුවේ අර මාධවට පිටිපස්සෙන් ඉන්නේ මාධවගේ නංගි කියලා. බැලින්නම් ඒ මාධවගෙම නංගිනේ…. මාධවටනම් ඉතිං කියන්න දෙයක් නෑ,… ඒ ඔක්කොමත් හරි මූට සැරින් සැරේ බඩගිනි වෙන එක තමා ඉවසන්න බැරි.
දැන් ඔතෙන එකෙක් අඩුයි… ඌ ගැන ඉතිං කියන්න දෙයක් නැහැනේ…. බෝ පැලේ වගේ හොඳ කොල්ලනේ……!
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 7:19 ට
බෝ පැලේ වගේ?? 🙂
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:31 ට
නැතුව නැතුව….
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 7:35 ට
ඔය බෝ පැලේ වගේ එකා කරපු දේවල් මේ වගේ පෝස්ට් පහකවත් ලියන්න වෙයි නේද?
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:32 ට
ඒ මොකටද බෝ පැලේ ගුණ වර්ණනා කරන්නද?
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 7:40 ට
//දැන් ඔතෙන එකෙක් අඩුයි… ඌ ගැන ඉතිං කියන්න දෙයක් නැහැනේ…. බෝ පැලේ වගේ හොඳ කොල්ලනේ……!//
මල්ලි . . . . “කාක බෝ” කියල ජාතියකුත් තියනව නේද . . . ???? අර ව්හලව . . . පරන බිත්තිවල හෙම සරු සාරෙට හැදෙන්නෙ . . . .
ප.ලි.
“පොලු කාරයා” . . . . මම හිතාන හිටියෙ තොගෙ වැඩත් ටෝක් වගේමයි කියල . . . . ඉරිද තමයි දැනගත්තෙ “සද්ද දාල අරින පඩේ ගඳ නෑ” කියල . . . . .
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:33 ට
තොපි උදේ පාන්දරම වරු පිරිත් වලට අපි මොකද්ද කරන්නේ කියපං… අපි දැන් අමද්‍යපේ…
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 7:42 ට
කපුටු බෝ 😀
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:33 ට
පල යන්න….
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 7:43 ට
මම ඊයේත් එක්ක දවස් 3 ක් ගියා ඔක බලන්න මාලුවා ආයි ඔය පැත්තේ යනවනම් කියන්න
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:34 ට
ආයෙ යන්න හිතාගෙන නම් තමා බං ආවේ…. ඒ වුනාට යන්න වෙන එකක් නෑ,..
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 8:04 ට
උඹ එහෙනම් මටත් කාර්ඩ් එකක් ගැහුවා නේද ? හිටු තෝව අල්ලගෙන ඔය බඩට බිලී කොක්කක් බස්සන්න…
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:36 ට
අඩේ මං නෙවේ බං… එතෙන හිටිය කෙනෙක් තමා ඔය නම කිව්වේ… ඉතිං මං ඒක මතක තියාගත්තා.
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 8:06 ට
මට ආයේ රෙදි අඳින්න වෙන එකක් නෑ වගේ. මාව නැති කරලා මේ මාලුවා. අර ෆොටෝ එක කොයි වෙලාවේ ගැහුවද කියලා මම් තාම හොයනවා.
මගේ දෙපැත්තේ ඉන්න මල්ලිලා බ්ලොග් ලියන කියවන අය නෙමේ.
සැ.යු. – කියන තරම් යකා කලු නැති බවත් ගොරවන තරමට වහින්නේ නැති බවත් මෙයින් මතක් කර දෙමි. 🙂
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:37 ට
ඔව් මධුරංගයා කියන තරම් ඌ හොඳ නෑ තමා… 😛
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 8:18 ට
කෑවා යකෝ මට මඩ ගැහුවත් මගෙ අහිංසක නංගිට මඩ ගැහුවෙ මොකටද?…. 😛
මං නංගිට බටර් ගෑවෙ නෑ මාලුවො.එය ස්වකැමැත්තෙන් තමයි පොත් ටික උස්සන් ගියේ.ඇරත් ඒ ඔක්කොම පොත් ටික නෙවෙයි තව ගත්තානෙ අපි…:D
ෆේස් බුක් එකේ රූපෙ දැකලත් මං කෙට්ටුයි කියලා හිතුවෙ මොකො බොල…:O
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:38 ට
මං දැක්කේ නැන්දාගේ හුරතල් ප්‍රොෆයිල් පික් එක විතරයිනේ….
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 3:05 ට
නිෂූෆා අක්කගේ නංගිට මඩ ගැහීම සපුරා තහනම් !!!!
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 6:41 ට
අම්මෝ මෙන්න මූට සත්ත කරුණාව පහල වෙලා…. සමාවෙයන් සමාවෙයන්…. මං හිතුවේ නෑනේ උඹේ හිත ඔච්චර රිදෙයි කියලා…
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 4:01 ට
නැන්දා….@%&*&^%$@^)(&*%^#@%^&**(()
@මධුරංග – හා කො එහෙනම්….:D
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 7:04 ට
ඉතින් නිෂූෆා අක්කේ වරදවා හිතන්නෙපා ඕං….
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 7:37 ට
😛
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 8:20 ට
තන්ඩර්ස්ම වැදියන් මේ මාලුවාට :@
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:39 ට
උඹ එන්නේ එහෙම නෑ අපේ ගෙදර ලෙමන් පෆ් කාලා යන්න
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 8:20 ට
ඔය වහ ටිකක් ගෙනෙව්.. මට කාලා කැලේකට රිංගන්න…
ජය….
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:41 ට
මොනාද ඕනේ පොලිඩෝල්ද?
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 9:23 ට
අඩේ එහෙම නම් ෂුවර් එකට පිණිබිඳුවයි සජ්ජයි තමයි සැවොයි ටිකට් කවුන්ටරේ වැඩට හිටපු උන්ට සාරි විකුණනවද නැද්ද කියල තර්ජනේ කර කර හිටියෙ….
උඹ ගැන නම් නොලියපු එක හොඳයි… නැත්තන් මධුරංග ගැන ලිව්වට වඩා වැඩිපුර පේලි කීයක් උඹ ඇහැ දාපු කෙල්ලො ගැන ලියන්න වෙයිද (පෝස්ට් එකකුත් මද වෙයිනෙ)…
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:04 ට
සහතික ඇත්ත සාතන් අයියා. මම් මේ අහිංසකයා වෙච්චි මුන් ඔක්කොම මටමනේ මඩ ගහන්නේ 😦
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:43 ට
ඔව් ඔව් උඹ බබා…..
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 10:42 ට
තෝ කොහොද එහේ ගියේ…..? ඊටත් තනියම?
2011 සැප්තැම්බර් 23 දින පෙ.ව. 11:15 ට
මම මේ දුකින් හිටියේ එන්න බැරි උන එකට..අම්බෝ ආවේ නැති එකම හොදා වගේ..ආවනම් මඩ නාගෙන ඉන්න වෙන්නේ..
[ එහෙම කිව්වට දුකයි අප්පා එන්න බැරි උනාට,ආයි ඉතින් මොකක් හරි තිබුනොත් සෙට් වෙමු 😀 ]
මේ කවුරුත් නැද්ද මේ බෝ පැලේ ගැන ලියන්න ??
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 6:40 ට
බෝ පැලේ ගැන ලියන්න දෙයක් නෑ බං… ඌ පොඩි විහිළුවක් කරාට අසික්කිත වැඩ කරන්නේ නෑනේ… උඹට සෙට් වෙන්න පුළුවන් වෙයි SBU එකට.
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 12:10 ට
හොදා හොදා කස්ටිය මොනා නැතත් හොදට කාල බීල තියෙනව වගේ.. (තාමත් කනවා.. :)) hiks
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 6:40 ට
වෙලාවට උඹ ආවේ නැත්තේ…. කොහොමද මාමට?
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 12:33 ට
hikzzz….. adee maluwo…. uba thami dwsaktwth miniha… 😀 😀 😀 😀 😀 😀
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 4:00 ට
මේ අර හිරුඑලියට උඩින් ඉන්න එකා මල්ලි නෙවෙයි බොල අයියා වෙන්නෙ.සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා බ්ලොග් ලියලා පස්සෙ නතර වුනා. මාස නවයකට පස්සෙ ආයෙත් ලියනවා ඔන්න දැන්. ඒ අපේ පාඩම් කරන්න සෙට් වුනා පොඩි කාලෙ ඉදන් යාලුවෙක්නෙ.
මෙන්න එයාගෙ බ්ලොග් එක උදිතගේ විද්‍යුත් සෙල්ලිපිය. http://sellipiya.blogspot.com/
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 6:43 ට
තෑන්ක්ස් නිසූපා…. මං සෑහෙන්න මතක් කරා බ්ලොග් එක… ම්හු ආවෙම නෑනේ…
@උදිත අයියේ…. මං හිතුවේ මල්ලි කියලනේ… සොරි හොඳේ….
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 8:49 ට
එක දවසකුත් මම උබට කිවනේ මාලු මොකක් හරි එකක් තියනකොට කියපන් කියලා… උබට ඒවා මතක් වෙන්නේ නැනේ…
කොහොමහරි ගේට් එකටවත් එන්න ඕනා.. ඔය බෝ පැලේ එහෙම බලා ගන්න
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 7:49 ට
අඩේ උඹ බුකියට එන්නේ නැද්ද බං? ඒකෙ හැම රෙද්දම තියෙනවනේ…
2011 සැප්තැම්බර් 23 දින ප.ව. 11:34 ට
මටත් එන්න තිබුණා අප්පා !
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 7:50 ට
දවස් දෙකක් ට්‍රිප් එකක්…? 😀
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 1:22 ට
මධුරංග අයියට කියලා තියෙන දෙයක්.. පවු අප්පා..
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 7:50 ට
විහිළුවටනේ බං… ඌ සිරා ගන්නේ නෑ ඕක.
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 1:59 ට
මඩ නෙමෙයි නම් ඉතින් කමක් නෑ. ඒක නෙමෙයි දැන් මාළුවා අයිය කරපු චාටර් සීන් කියන්න කවුරුවත් නැද්ද?
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 7:51 ට
මං කිසි දෙයක් කලේ නෑ බං…. ඒකනේ කට්ටිය කටවල් වහගෙන ඉන්නේ කියාගන්න දෙයක් නැතුව….
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 10:59 ට
යකෝ අපිට හොරෙන් බුක් ෆෙයා ගිහින් ඒ මදිවට පෝස්ට් එකකුත් දාලා….
2011 සැප්තැම්බර් 24 දින පෙ.ව. 11:08 ට
තොපිට අයෙ බුලත් දීලා කියන්න ඔනේද බොල
2011 සැප්තැම්බර් 24 දින ප.ව. 6:56 ට
උඹල කට්ටිය සෙට් වෙලාද ඕක බලන්න ගියේ……පුලුවන්නම් මට අයියගෙ ෆෝන් නම්බර් එක facebook එකට msg එකක් දානවද?කැමතිනම් විතරයි……..
2011 සැප්තැම්බර් 24 දින ප.ව. 7:18 ට
ඔව් බං… අපි සෙට් එක සැට් වෙලා තමා ගියේ…
2011 සැප්තැම්බර් 25 දින පෙ.ව. 8:58 ට
කෝ මාළුවා?
2011 සැප්තැම්බර් 25 දින පෙ.ව. 11:53 ට
මාළු කොහොමද පොත් ප්‍රදර්ශන බලන්න යන්නේ? ඌ ඉන්නේ ටැංකියෙනේ… 😛
2011 සැප්තැම්බර් 25 දින ප.ව. 2:03 ට
මම හිතන් හිටියේ ඊලඟ පාර නම් කොහොමෙන් හරි සෙට් වෙනව කියල… දැන් නම් අයෙත් දෙපාරක් හිතන්න වෙනව…
2011 සැප්තැම්බර් 25 දින ප.ව. 6:24 ට
නෑ නෑ අයියා එන්නකෝ… මං ඊළඟ පාර මඩ ගහන්නේ නෑ….
2011 සැප්තැම්බර් 25 දින ප.ව. 8:15 ට
කළු පූසටත් පූසියෙක් හිටියනම්, ප්‍රදර්ශනය බලන්න යනවනේ 😦
2011 සැප්තැම්බර් 25 දින ප.ව. 9:23 ට
දැන් අපි ගියේ අපිට එක එකා ඉඳලද බං? අපි කවුරුත් කපල් ගියේ නෑ…..
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 10:29 ට
එකත් ඇත්ත
2011 සැප්තැම්බර් 27 දින ප.ව. 12:24 ට
🙂
2011 සැප්තැම්බර් 25 දින ප.ව. 8:25 ට
aiya maarai anee…. mata mada gahalama na… hih hih.. aththama man ahinsaka lamayek kiyuwe oya witharai…. 😛 😛
2011 සැප්තැම්බර් 25 දින ප.ව. 9:23 ට
මං දැක්කේ නැතෑ ඒ හරිය. ඒත් ඉතිං කටක් ඇරලා කියන්න බැරි නිසා නිකා හිටියා….
2011 සැප්තැම්බර් 26 දින පෙ.ව. 11:31 ට
යකෝ මේක මම දැන්නෙ කියෙව්වෙ. අහුවෙයන්කො කබර මාලුවා. තෝව මම බාබකිව් කරනවා.
2011 සැප්තැම්බර් 26 දින ප.ව. 12:14 ට
අනේ බාබ කිව් එපා බබා කිව් කරන්නකෝ…