හිත උණුවෙන සිරා පොරක්….

මේ සීන් එක මාගේ යාළුවෙක්ගේ යාළුවෙකුට වෙචිච දෙයක්… ඇත්තටම වෙච්චි දෙයක් නෙමේ උගේ තිබුන හැදිච්චි කමට කරපු දෙයක්…

අපි ඉතිං ගමනා ගමනය බස් එකේනේ. ඒක නිසා ඉතිං වාඩි වෙලා යන්න ඉඩ තියෙන බස් එකක් අහුවුනොත් එක හෝල්ට් එකක් හරි වාඩි වෙලා යන්න තමා ට්‍රයි එක. අනික මේ සීන් එක වෙලා තියෙන්නේත් හවස් ජාමේ. ඒ කියන්නේ හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ගෙදර යන්න කියලා හිතාගෙන බස් එකට ගොඩවෙලා ටික දුරක් යද්දී….

පොරගේ නම සුනිල් කියමුකෝ. ඔන්න දැන් සුනිල් බස් එකට නගින කොට ඉඩ තිබුන නිසා පොර කිසි ගින්නක් නැතුව වාඩි වෙලා යනවලු…. ඉතිං ඔහොම ටික දුරක් යද්දි හෝල්ට් දෙක තුනක් ගියාම මේං සෙනග පිරෙනවලු එකසිය ගානට. ඇඟිල්ලක් ගහන්න තියා චූටි ඇඟිල්ලවත් ඔබා ගන්න බැරි තරමට සෙනග පිරිලා….

ආයෙ ඉතිං ටික දුරක් යද්දී සෙනග අඩුවෙලා. ඒ කියන්නෙ  යන්නං එක ඇඟිල්ලක් ගහන්න පුළුවන්ලු. ඉතිං මෙහෙම තවත් ටික දුරක් යද්දී එක‍ හෝල්ට් එකකින් නැග්ගලු වයසක ආච්චි කෙනෙක්…

ඒ ආච්චිට කෙලින් හිට ගෙන යන්නත් ටිකක් අමාරුයිලු. නියම වැඩේ කියන්නේ, ආච්චි නැග්ග ගමන් මෙච්චර වෙලා අයි පොඩ්, මියුසික් මොබයිල් එහෙම කනේ ගහගෙන සනීපෙට සෑඳෑ හුළං වැදි වැදි වාඩි වෙලා ආව ගෑණු මිනිස්සු ඔක්කොම ටිකට සිං සිං ගාලා නින්ද ගිහිං. බස් එක තඩි වලකට වැටිලා ගැස්සුනත් එකෙක්ටවත් ඇස්, වැරදිලාවත් ඇරෙන්නේ නෑලු. දැන් මේ කියන යාලුවා ඉඳලා තියෙන්නේ බස් එකේ මැද හරියේ. ආච්චි නැගලා තියෙන්නේ ඉස්සරහින්….

ඉතිං ආච්චි ඒ මේ අත බලනවලු වාඩි වෙන්න තැනක් හොයන්න… ඒත් ඉතිං ඔක්කොමලා නිදිනේ. ඇරහැරවලා සීට් එකක් ඉල්ල ගන්නත් බැහැනේ. දැන් අපේ පොරටත් හෙන අප්සට් සීන් එකට. ඇයි ඉතිං මෙච්චර වෙලා ඇස් ඇරං ආපු අය එකපාරටම පන ගියා වගේ ඇස්  පියා ගත්තම පොඩි එකෙක් වුනත් බය වෙනවනේ. ඊටත් හපන් මේ යාළුවගේ හි‍තේ, ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගැන තියෙන කාරුණික බව. ඒ කියන්නේ වයසක හයිහත්තිය නැති කෙනෙක් දැක්කම හිත උණුවෙන ගතිය. පොරට දැන් ඉතිං අර නිදාගත්ත හැමෝත් එක්කම කේන්තියිලු. මෙච්චර අමාරුවෙන් වයසක කෙනෙක් හිටගෙන යද්දී මුං සේරොමලා තාප්පෙට තියලා පාප්ප ගෑවා වගේ සීට් එකටම ස්ටිකර් වෙලා හොඳටම නිදිනේ…. ඉතිං කේන්ති යන එක අහන්නත් දෙයක්යැ.

පස්සේ ඉතිං මූට කේන්තියි වගේම හෙනටම දුකත් එක්කලු…. ඇයි ඉතිං තාමත් අර ආච්චි හිටගෙනනේ…. පවුනේ… ඉතිං ඒ පාර මේ යාළුවා කරලා තියෙන්නේ, ඌටත් ආච්චි හිටගෙන අමාරුවෙන් යන හැටි බලාගෙන ඉන්නම බැරි පාර පොරත් ඇස් දෙක වහගෙන….!

බලන්න ඉතිං හිත උණු වෙන කොයි තරම් හොඳ පුත්‍ර රත්තනයක් කියලා…..!

49 Responses to “හිත උණුවෙන සිරා පොරක්….”

  1. roshanrh Says:

    එළ කොල්ලෙක් නේ. තැනට සුදුසු නුවණ තියෙන අය හරිම හිඟයි දැන් කාලෙ..

  2. sameera Says:

    ” සංවේදී ” පොරක් සුවර් ද මෑන් ස් ලොක්කගෙ කවුරුහරි නෙවී කියලා……………

  3. sameera Says:

    මං 1 ක නේ ප්‍රීතියි ප්‍රීතියි…………..

  4. praveena Says:

    ඒ පුත්‍ර රත්නයට තිබුනේ නැද්ද ඉඳගන ඉන්න කෙනෙකුට ටොක්කක් ඇනලා, ඇහැරවලා අර වයසක කෙනාට ඉඩ අරන් දෙන්ට.

    හිටගෙන ගියේ ඔයානේ. ඔයාගේ වැඩේ බස් එකේමයි….:D:D:D

  5. maathalan Says:

    ඌගේ අනාගතය සුභයි…
    උඹගේ යාලුවෙක් කිව්වනේ..

  6. weniwel Says:

    නිදා ගත්ත හැමෝම ඔහොම හිතලම තමයි නිදා ගන්න ඇත්තෙ !

  7. නුවන් කුමාරනායක Says:

    හික් හික් .. පව් යකෝ..
    මේ ඒක නෙමේ.. ඉඩ තිබ්බ කියල උඹ එහෙම ඔය චූට් ඇඟිල්ල ගහන්න යනවා නෙමේ හොඳේ……

  8. සෝරෝ Says:

    සංවේදී නායකයාගේ රටේ සංවේදී පුරවැසියෙක්….. 😀

  9. cjgayan Says:

    ඔව් ඔය වෙන කෙනෙක් නෙමෙයි සුනිල් කියලා නම දාගෙන මාලුවම කරපු වැඩක් වගේ…

  10. සරුංගලේ Says:

    ඇත්තම කියනවනම් මටත් ඔය වගේ දේවල් පෙන්නන්න බෑ…. ඒක නිසා මමත් ශීට්1 ඕනෙ කෙනෙක් නගින්න කලින්, මම බස්1ට නැගපු ගමන් අයිනක් අල්ලලා නින්දක් දානව. හැබැයි බොරුවට නෙමෙයි…. සිරාවටම නිදි…. කට ඇරගෙන….. ඔලුව වැදි වැදි…… බබා දොයි………

  11. මයියා Says:

    හිත උණුවෙනකොට ඇහැ පියවෙන්වයි කියලා මිතුන් මිත්තෝ කියන්නේ බොරුවට නෙමෙයි එහෙනම්,,

  12. Gayan Rupasinghe (සිංහයා) Says:

    අඩේ ඇත්ත කියහන්.. ඔය සුනිල් = ප්‍රසන්න නේද,,,,,, හෙහ් හෙහ්

    ජය…

  13. අකීකරුහිත Says:

    දැන් ඔය සංවේදි කියන වචනෙ තේරුම මොකද්ද

  14. සාතන් Says:

    යාළුවො වගේ උඹ එහෙම බස් වල යද්දි ඇඟිලි ගහන්න යන්න එපා….

  15. Nisupa Says:

    කියලා වැඩක් නෑ. අන්න නියම මිනිස්සු කිව්වාලු. අනේ රටට ගිය කලක්..

  16. මධුරංග Says:

    හරියට උනු වෙච්ච හිතක් තියෙන කොල්ලෙක්.
    ඒක නෙමේ මොකෑ බස් වල යනකොට ඇඟිලි ගහන්න හදන්නේ. හිකිස් 🙂

  17. Observer Says:

    බස් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ කියල පාරෙ ඉන්න අයට කොන්දොස්තර දෙන හෑන්ඩ් සිග්නල් එක දන්නවද?

  18. හිස් අහස Says:

    මිනිස්සු ඒ බස් එකේ යන්නේ සල්ලි ගෙවලා උන් නිදාගත්ත එක සාදාරණයි !

    .. ඩ්‍රයිවර්ට තිබුණා සීට් එක දෙන්න .. එයා හැමදාම වාඩිවෙලා යන කෙනා නේ එක දවසක් සීට් එක දුන්නාම මොකද වෙන්නේ ?

  19. රූ Says:

    ඔය වගේ හිත උණුවෙන්නේ මනුස්සකමටනේ.
    දවසක් මමත් පණ්ඩිතයෙක් වගේ සීට් එක දුන්නා. ඒත් ඒ ආච්චි බැහැලා යද්දි වෙන මනුස්සයෙකුට අඬගහලම සීට්එක දුන්නා මම ළඟ හිටගෙන ඉද්දි.
    ඊට පස්සෙ මගෙත් “හිත උණුවෙනවා“ බස් එකේ යද්දි.


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: