තවත් ප්‍රශ්නාර්ථයක්…..?

හා කියන්න බලන්න විශ්ලේෂන එන්ජිම හොයාගත්තේ කව්ද කියලා….

හිහ් මෙයා මට විහිළු කරනවා… මහ ලොකුවට, මේ මහා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කියලා පටන් ගත්තට අහන්නේ ශිෂ්‍යත්වෙට එන ප්‍රශ්නනේ…

චාල්ස් ‍බැබේජ්.

හ්ම්…. එ‍‍‍හෙනම් කියන්න බලන්න දෙවෙනි පරම්පාරවේ පරිගණක වල භාවිතා‍ වෙන්නේ මොනාද කියලා…

චුට්ටක් විතර ආමාරු ප්‍රශ්නයක්…  පුංචි කාලේ ඉගෙන ගත්තු එව්වා එක පාරටම මීටර් කරගන්න බැහැනේ…

අයියෝ සිම්පල්නේ… ට්‍රාන්සිස්ටර්….

හ්ම්….. දැන්  එහෙනම්…..

හා… හා.. මේ දැන් ඔයා ඇහුවා ඇති…. දැන් මං අහන්නම්….

හා…

හ්ම්… කියන්න බලන්න…. පී කොක් කියන්නේ මොනරටද…?

ඉඳලා ඉඳලා ඇහු‍වා උත්තරයක් දෙන්න බැරිම ප්‍රශ්නයක්… දීපල්ලකෝ බලන්න මේකට උත්තර. මගෙන් ප්‍රශ්න අහලා මාව අමාරුවේ දාන්න ආවා….

හ්ම්……

හෙන කල්පනාවක්……

මේ මේ ඔච්චර වෙලා දෙන්න බෑ…. ඉක්මනට කියනවා….

පී කොක් කියන්නේ රටක් නෙමේ අයියෝ… පී කියන්නේ මොනරටනේ….

ඉතිං ඒකනේ මං ඇහුවේ…. මෙච්චර වෙලා ගත්තේ මොකටද, ඔයා පරාදයි….

කාලෙකට පස්සේ ඔහොම රන්ඩු කරගත්තම මං හිතුවේ මට අඩුමගානේ සතියකට සැරයක්වත් ආයෙමත් රන්ඩු කරන්න පුළුවන් වෙයි කියලා… කෝ ඉතිං…. රන්ඩු කරන්න තියා උන්නද මලාද බලන්න කතාවත් කරන එකක්යැ…. දැන් මාසෙකටත් කිට්ටුයි….  කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නෙත් නැති හැටි…!

 

50 Responses to “තවත් ප්‍රශ්නාර්ථයක්…..?”

  1. Nisupa Says:

    හ්ම්….මාලුවා දුකෙන් වගෙයි.බය වෙන්න එපා මාලුවො ඔයා බොක්කෙන්නම් ඕක අනිවා ගොඩ යන්න ඕනෙ. ජය වේවා..

  2. සාතන් Says:

    එල එල… ආයිත් රවුමක් යන්න වගේ… සුභ පැතුම් මාළුවො!…

  3. cjgayan Says:

    හහ් උඹත් නිකං අයින්ස්ටයින්ගෙ මල්ලි වගේනෙ ප්‍රශ්න අහලා තියෙන්නේ….

  4. පිණිබිඳු Says:

    ඔය රණ්ඩු ඉතින් ටික කාලයයි. පස්සෙ එයාටම ඇතිවෙලා කතා කරන්නැද්ද බලන්නකො. අපි නොදන්නවයැ ඕවා.

  5. පන්සල් හංදිය Says:

    මල්ලි අහලා නැද්ද බලාපොරොත්තු මිනිසා ජීවත් කරවයි කියන කතාව ……..

  6. මධුරංග Says:

    හා එහෙනම් කියන්න බලන්න who කියන්නේ කවුද කියලා ?
    එච්චර වෙලාව දෙන්න බෑ. අයියා පරාදයි

  7. මාඩා Says:

    opsss…. maligawe kce ekada me,,,, adee owa hohoma thmi bn,,, nadu badui dekama kellonge…. 😀 😀

    ……………………..
    punchi deyak malu, මාඩා ai leyanawa..

  8. Gayan Rupasinghe (සිංහයා) Says:

    අපොයි ඔන්න ආයෙත්………. what කියන්නේ මොකක්ද..
    cow කියන්නේ කවුද..

    ජය..

  9. henryblogwalker Says:

    අර පීකොක් නම් මාත් ගිල්ලා. මම හිතුවෙ පී කියන්නෙ චූ එතකොට කොක් කියන්නෙ.. අහ්හ් ඒක අල්ලල දාමු.
    මොකද මාලුවො untrusted site කියලා කම්පියුටරේ මැරෙන්න හදන්නෙ බ්ලොග් ටැන්කියට ආවාම. මම ගිනි නරියගෙ සෙකියුරිටි සෙටින් ඕවරයිඩ් කරලා ආවෙ.

  10. කළු පූසා Says:

    මාසයක් තිස්සේ නම් බලාගෙන ඉඳල හරියන්නේ නැහැ . කෙලින්ම ගිහිල්ල කතා කරපන් වැරදි වැටහීමක් තිබුන නම් එක නැති කරගන්න එක තමයි හොඳම දේ . ඔහොම පැත්තකට වෙලා ඉන්න ඒකෙන් වෙන්නේ දෙන්නට දෙන්න ඇත් වෙන එක.

  11. maathalan Says:

    පී කොක් කියන්නේ චූ කුරුල්ලට..
    වලි වලටත් පුරුදු වෙයන්..
    බැඳලා මාස තුනෙන් ගේම පටන් ගන්නවා..

  12. නුවන් කුමාරනායක Says:

    අඬන්න එපා මාළුවෝ.. තේරුමක් නැහැ.. උඹ වතුරෙනෙ ඉන්නේ..

  13. ගිනි කුරුල්ලා Says:

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ..
    නේද මාළුවෝ?
    මොනා කරන්නද බන් දුක තමා….

  14. මන්තරකාරි Says:

    ගොඩක් වෙලා ගන්නෙ නැතුව දිනන්න මාළුවෝ… හිතේ තද කරන් ඉදලා පරක්කු වෙන්නේ නැතුව කතා කරන්න…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: