අක්කලාගේ ලයිට් එමිටිං ඩයෝඩ්….

ඊයේ අපි ගියානේ පොත් බලන්න… අම්මො තිබ්බ පොත් ගොඩ. කොච්චර තිබ්බත් මං ගන්න හිතාගෙන ගිය එව්වැයින් ගන්න පුළුවන් වුනේ එක පොතයි අනිත් පොත් වලින් එකක්වත් තිබ්බේ නෑ… ගත්ත පොතත් ගන්න වෙන්නේ නෑ… පිනිඹිඳු අක්කා ඒ පොත් ටික පෙන්නුවෙ නැත්තං.

ඉතිං ප්‍රදර්ශනේ ගැන මාධවයි, සිංහයයි පිනිබිඳු අක්කයි තුන්දෙනාම පෝස්ට් දාලා තිබ්බා.

මාධවගේ…. සිංහයාගේ පිනිබිඳු අක්කගේ

ඉතිං මං මේ කියන්න යන්නේ මං 10 වසරෙදි විතර පානදුරේ ගෑණු ළමයින්ගේ ස්කෝලක තිබ්බ තාක්ෂණික ප්‍රදර්ශනයක් බලන්න ගිහින් වෙච්චි සීන් එකක්. කොහොම හරි ඔය ප්‍රදර්ශනේ බලන්න එන්න කියලා අපිට ආරාධනාව ලැබිලා තිවුනේ ප්‍රදර්ශනේට සති දෙකකට විතර කලින්.  ඒක නිසා ඉතිං කහ පාට ෂර්ට් වෙනුවට සුදු පාට ෂර්ට් ලෑස්ති කරගන්න එහෙමත් කාලයක් තිබුනා. බාලිකා පාසලකට යද්දී ඉතිං කොච්චර කලු වුනත් කිරිකොකා වගේ යන්න එපැයි.

ඔහොම ගිහිං ගිහිං ප්‍රදර්ශනේ දවස ආවා. අපි ඉතිං සතිගානක් බලාපොරොත්තුවෙන් හිටිය දවසනේ… ඒක නිසා ඉතිං කොල්ලො ටිකත් කලින්ම ආවා. වැඩිය ඕනේ නෑ මමත් ස්කූල් වෑන් එකේ නොගිහිං ඒසී එකකයි ස්කෝලෙට ගියේ, ෂර්ට් එක පොඩි වෙයි කියලා බයට… ගෑණු ළමයින්ගේ නම් ඉතිං වැඩිය සුදානමක් නෑ… උන්ටනම් මොකද ඉතිං… අපිට එහෙම බෑනේ…!

පස්සේ ඔන්න ස්කෝලෙට ආවා කලින් ලෑස්ති කරපු සි.ටී.බී බස් එකක්. ඒකටත් අපි නැග්ගේ අන්තිමට, පොරකාලා සීට් අල්ලගද්දී  ඇඳුම් පොඩිවෙනවනේ… ඒක නිසා. කොහොම හරි විනාඩි 10කින් විතර ප්‍රදර්ශනේ තිබ්බ ස්කෝලෙට ගියා.

පස්සේ ඉතිං අපිත් එක්ක ගිය ගුරුවරයා අපිව රැස් කරලා කිව්වා, විනීතව හැසිරෙන්න කියලා. කොහොමත් පිට ස්කෝලෙකට යන්න කලිනුයි ගියාමයි කරන පළවෙනි වැඩේ තමා ඒක. අපිත් ඉතිං හා හොඳයි කියලා ඔලුව වනලා පිලිගත්තා.

පස්සේ ඔන්න යනවා පන්තියෙන් පන්තියෙට… ඒක ඇත්තටම තාක්ෂණික ප්‍රදර්ශනයක් කිව්වට හැම දෙයක්ම වගේ තිබුනා. මල් පැල, බෝනික්කෝ වගේ ඒවත් ප්‍රදර්ශනේට තියලා තිබුනා. ඊට පස්සේ ආයෙ වෙන පන්ති කාමර වගයක වෛද්‍ය විද්‍යාව අදාල ගැරඬි, නයි, ගෙම්බෝ  වගේ එවුන්ව බෝතල් වල දාලා තිබුනා. එදා තමා අපේ සමහර ගෑණූ ළමයි ගෙම්බන්ව එහෙම ලඟට දැක්කේ. ගෙම්බෙක් පයිනවා දැක්ක ගමන් සාමාන්‍යයෙන් ගැණු ළමයි ගෙම්බට වැඩිය හයියෙන් පයිනවනේ…

ඔය විදියට ටිකක් යද්දි එනවා ඉලෙක්ට්‍රොනික අයිටම්ස් තියන හරිය. ඒ දවස් වල විද්‍යාව පොතෙන් අපේ එවුන් කියෙවුවේ ඔය පාඩම විතරයි. ඇත්තට දැනට සාපේක්ෂව අපි ඒ දවස් වල ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන සෑහෙන ටච් එකේ හිටයේ. ඉතිං දැන් පනිති කාමරයක් පිරෙන්න එක එක ජාතියේ බලුප් පත්තුවෙනවා, නිවෙනවා… හරියට තොරනක් වගේ. තව තැනක වතුර පාරකින් ජල රෝදයක් කැරකෙනවා. එතකොට එක පොඩි ඩයිනමෝ එකකට සෙට් කරලා එකෙන් උපදින විදුලියෙන් බල්බ් එකක් පත්තු වෙනවා…. ඊට එහා පැත්තෙන් ට්‍රීං…. ට්‍රීං…. ගාලා විදුලි සීනුවක් නාද වෙනවා… ඔය වගේ වැඩ කෑලි ගොඩයි.

ඊට පස්සේ අක්කලා ටිකක වට වෙලා තවත් සර්කිට් එකක වයර් කෑලි එක්ක ඔට්ටු වෙනවා. මොකක් හරි හෙන වැදගත් සීන් එකක් වෙන්න ඕනේ මොකද , ඒක වටේටම කවර් කරගෙන තමා වැඩේ කරන්නේ. අපි ඉතිං හිමීට හිමීට ඒක හදලා ප්‍රදර්ශනේට දානකම්ම තැන් තැන් වල කැරකි කැරකි හිටියා.  ඒක ඔන්න මේසයක් උඩින් තියලා තව ඊට කිට්ටුවෙන් පොඩි බ්‍රිසිල් බෝඩ් එකක එල්.ඊ.ඩී එකක් එහෙම ඇඳලා… පොඩි විස්තර වගයක් පේන්න තියලා එහෙම වැඩේ පටන් ගත්තා. ඉතිං අපි තමා මුලින්ම ඒ අයිටම් එක බලන්නේ…

ඉතිං අක්කලාගේ මාහාර්ග වස්තුව තමා එල්.ඊ.ඩී දහයක් එක පැත්තකට විතරක් යන නයිට් රයිඩර් සිස්ටම් එක. ඒ දවස් වල අපි තරම් ඔය ගැන වෙන එකෙක්වත් දන්නේ නෑ… කොටින්ම කාර් එක හදපු එවුන්වත් එච්චර දන්නේ නැතුව ඇති. අපි හෙන ආසයි ඔය සර්කිට් එකට අයි.සී දෙකකුයි තව පොඩි පොඩි දේවල් දෙක තුනකුයි සෙට් කරගත්තම වැඩේ සිරාවටම කරන්න පුළුවන්. හැබැයි ඒ දවස් වල පොත් වල තිවුනේ එල්.ඊ.ඩී දහයක් එකපැත්තකට විතරක් හරි, එහෙම නැත්තං පහක් දෙපැත්තටම හරි වැඩ කරන සර්කිට් විතරයි. පස්සේ අපේ ඩැඩාගෙන් අහගෙන මං තනියම හැදුවා එල්.ඊ.ඩී දහයම දෙපැත්තට වැඩ කරන එකක්. ඒකට ඉතිං අයි.සී හතරයි… තව වෙනම පොඩි සර්කට් එකක් හදන්න වුනා. වැඩේ නකරම නෑ. ඉතිං එච්චර හරියක් කරපු අපිට තමා මේ අක්කලා ලොකු සීන් දාන්නේ… පස්සෙ ඉතිං කට්ටියම කතා වෙලා පොඩි බයිට් එකක් දෙමුයි කියාල ගියා අක්කලා ගාවට.

ඉතිං අපි එතෙන්ට ගිය ගමන් අක්කලා ටික පැනි හිනාව දාගෙනම කතාව කියන්න ගත්තා.

මල්ලිලා දන්නවද මේ මොකද්ද කියලා….

අපි එකෙක්වත් දන්නේ නෑනේ සුදු අක්කේ … කියන්න වගේ ඔලුව වැනුවා දෙපැත්තට.

පස්සේ ඉතිං ඕං පටන් ගන්නවා කතාව.

මේ තියෙන්නේ නයිට් රයිඩර් කියන කාර් එකේ ඉස්සරහ වැඩ කරන විදියේ ලයිට් පත්තුවෙන සර්කිට් එකක්…

එතකොට මොනාද අක්කේ මේ ලයිට්…? අක්කට කතාව ඉවර කරන්න වුනේ නෑ ‍දැන් අපේ බ්ලොග් ලියන එක කොල්ලෙක් ඇහුවා  ප්‍රශ්නයක්….

මේවට සිංහලෙන් කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ කියලා…

එත‍කොට ඉංග්‍රිසියෙන්….?

ආහ්… ඉංග්‍රිසියෙන් කියන්නේ මල්ලි එල්.ඊ.ඩී කියලා…

අක්කා ඒ උත්තරේ දුන්නේ නම් නිකං අපි මොට්ට මෝල්ලු කියලා හිතාගෙන. අර මුලින්ම ආහ්… ගාලා අනිත් ‍අක්කලා දිහාත් බැළුවේ, අපිට කිංඩියට වගේ… දෙන්නං ෂොට් එක කියලා හිතාගෙන අර කොල්ලම ඇහුවා තව පස්නයක්…

එල්.ඊ.ඩී කියන එකේ තේරුම මොකක්ද අක්කේ….?

එල්.ඊ.ඩී කියන්නේ මල්ලි…. ලයිට්…. ම්ම්ම්ම්……………. ලයිට්…ම්ම්ම් ………………             …………………… පොඩ්ඩක් ඉන්න මල්ලි….

දැන් අපේ එවුන් අර කොල්ලගේ පිටිපස්සෙන් ඉඳගෙන පිටට අනිනවා… අපේ උනුට හිනාව නවත්ත ගන්නත් බැරි සයිස් එකක්. ඊට පස්සේ ඔන්න අක්කා උත්තරේ කියනවා…

ලයිට්… එම්ට්ට්ට්ට්ටිංග් ඩයෝඩ්….

හා…. හරි අක්කේ…. එ‍තකොට මොනාද අක්කේ මේ කළුපාට අඬු තියෙන හැකරැල්ලෝ වගේ ඉන්නේ…? ඒත් අර කොල්ලම තමා… අයි.සී එකක් පෙන්නලා තමා පස්නේ අහන්නේ…

ඒ මල්ලී අයි.සී කියන එක.

ආහ්…. එහෙමද ඒකටද අයි.සී කියන්නේ…..? ෂා මාරයිනේ…. (පිටිපස්සේ ඉන්න යාළුවෝ දිහා බලමින්)

එතකොට මේක ඇතුලේ ට්‍රාන්සින්ටර් කීයක් විතර තියෙනවද?

අක්කලා ටික මූනට මූන බලාගත්තා….

එච්චරම තමා… කට්ටයම ගල් වෙලා… එකෙක්ට වත් කට උත්තර නෑ…

අපේ කොල්ල ටිකට හෙන සන්තෝසයි හැපනින් සීන් එකට. ඉස්සරහින්ම ඉඳන් පස්න අහන කොලුවගේ පිට ඉවරයි ඉතිං.

අර කොල්ලත් පිටි පස්සේ ඉන්න අවුන්ට ඇහැක් ගහලා හැරෙන පමාවට අක්කලා සර්කිට් අරගෙන පැක් කරගෙන ආපු පැන්සල් පෙට්ටියට පැක් කරනවා…

හිනාව නවත්තගන්න අමාරු නිසාම තවත් අපහසුතාවයට පත් නොකර අර එල්.ඊ.ඩී එක ගැන ගහලා තිබ්බ බෝඩ් එකත් අපිම ගලෝලා දීලා අත් වලින් කටවල් වහගෙන ඊළඟ පන්තියට ගියා….!

ඒක එයාලා හදපු එකක් නම් වෙන්න බෑ… කාට හරි අයිය කෙනෙකුට හරි මල්ලි කෙනෙකුට  හරි කියලා හදෝගත්තු එකක්. ඒ වගේම දැන් තියෙනවා එල්.ඊ.ඩී 50ක් හෝ වැඩි ගනනක් වුනත් එකින් එක නිවි නිවී යන ගමන් ඊට පිටිපස්සෙන් නැට්ටක් වගේ සිරාවටම යන්න පී.එල්.සී වලින් කරපු සිරා සිස්ටම්ස්…

ඉතිං ආපහු අපි ස‍්කෝලෙට යන ගමන් හිතෙනවා… අනේ අක්කලයි අපියි දන්න නයිට් රයිඩර් …! කියලා.

Advertisements

56 Responses to “අක්කලාගේ ලයිට් එමිටිං ඩයෝඩ්….”

  1. මාඩා Says:

    adeee,,,,,, uba wagemi blan geyama ube yaluwoth,,,, 😀 😀 😀
    eka walle pol wage……..,,,, me mchao sire ekata enkot mokkakda ara password ekakui, user name ekakui illanne,,, :O

    • ගෝල්ඩ් fish Says:

      අපේ යාළුවෝ ගැන වචන නෑ බං…

      ඈ… මොකේද බං?

      • මාඩා Says:

        A username and password are being requested by http://www.sahithya.lk. The site says: “test”

        onna oya msg 1 enne… :O

      • ගෝල්ඩ් fish Says:

        මේ බං බ්ලොග් තරඟාවලිය සංවිධානය කරලා තියෙන සර්වර් එකේ අවුලක්. අපි එයාලගේ ඉමේජ් එකක් දාලා තියෙනවනේ… ඒක ඩිස්ප්ලේ කරන්න බෑ කියලා එන්නේ. අනිත් බ්ලොග් වලත් එනවද කොහෙද…

  2. ~ChAnDiKa~~ Says:

    හප්පා අපිත් ඉස්සර ඔය වගේ කබ්බ ඩයල් පච කරලා දානවා 😀

    • ගෝල්ඩ් fish Says:

      මං තාම ඔය කතාව නඩුකාරිට කියලා නෑ…. මේ සීන් එක ක​ලේ නඩුකාරිගේ ගෝලයෝ සෙට් එකකට. පස්සෙයි දන්නේ…

  3. මධුරංග Says:

    පවු නේ ඒ අක්කලා. ආසාවෙන් කරන්න හිතන් හිටිය වැඩක් අල කලා. 🙂

  4. සාතන් Says:

    පව් බන්…. 😉

  5. cjgayan Says:

    අපෝ පව් බන් ඒ අක්කලා ටික උන්ට ප්‍රදර්ශනේ එපා වෙන්න අති. උඹලත් මාර වැඩ තම්යි කරන්නෙ නෙද සාය කැල්ලක් දැක්කොත් විනාසයි. 😀

  6. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    එල්.ඊ.ඩී. 6ක නයිට් රයිඩර් සර්කිට් එක හදන්න උවමනා දේ . . .
    එල්.ඊ.ඩී. 6යි
    එන්.ඊ. 555, සී.ඩී. 4017 අයි.සී. දෙකයි
    22කේ, 500කේ රෙසිස්ටර් දෙකයි
    1මයික්‍රෝ ෆැරඩ් කන්ඩෙන්සරයයි
    ඇති පමනට ඊයං කම්බි
    බැටරි කෑල්ලක් (1.5v)
    සර්කිට් වයර්
    ෆෝමිකා කෑල්ලක්
    බවුත් එකක්
    පුකේ අමාරුව සැරටම

    • ගෝල්ඩ් fish Says:

      හරියට හරි.. අර අන්තිම එකට කියන මරු වචනයක් තියෙනවා….
      සර්කිට් ඇම්ම කියලා…

  7. පිණිබිඳු Says:

    පව් අප්පා. මැට්ටා වගේ කියල දෙන එක අහන් ඉන්නනෙ තිබ්බෙ.

  8. තරිඳු Says:

    මාලු යාලු මම ඔච්චර ලඟ ඉදලත් මට කතා කරේ නැත්තේ ඇයි….. අපේ ගෙවල් පසුකරගෙන ගිහින්.අයියො…

  9. Kasun Chanaka Says:

    අප්පෝ කලොත් ඔහොම කාඩ වැඩක් තමයි. පව් අක්කල ටික.

  10. Gayan Rupasinghe (සිංහයා) Says:

    ඕක බලන්න මමත් ගියා මචෝ. ඉස්කෝලෙත් කියන්නම්ද ඕනෙනම්… ඕකේ ටයි එක තැබිලි පාටයි නේද???? හිකිzzz යසයි කොරල තියෙන වැඩේ.. ලයිට් එම්පිටින්ග් ඩයොඩ්.. හිකිzzzz

    ජය…

  11. නදී... Says:

    ගෙම්බෙක් පයිනවා දැක්ක ගමන් සාමාන්‍යයෙන් ගැණු ළමයි ගෙම්බට වැඩිය හයියෙන් පයිනවනේ…

    //මේක නම් මරු කතාව මල්ලි

  12. නවම් Says:

    හික්.. ඔය ප්‍රදර්ශණ කතා නම් පට්ට. අපිත් ඒකාලෙ බලාන ඉන්නෙ ගෑණු ඉස්කෝලෙක ප්‍රදර්ශණයක් එනකං. හප්පේ අපි හිටියෙ පිරිමි ඉස්කෝලෙයක වීමේ කරුමෙ තමා ඉතිං.

    • ගෝල්ඩ් fish Says:

      වෙලාවට අපේ ස්කෝලේ කෙල්ලන්වයි කොල්ලන්වයි ඔය වගේ එව්වට යවන්නේ වෙන වෙනම… නැත්තං ඉතිං ඔක්කොම ඉවරයිනේ.

  13. sulagawageawidin Says:

    මම හිතන්නේ ඒ ඉස්කෝලේ ඔයාලා ඔය කියන කාලේ වෙනකොට කොටු කර සමඟ බකල් එක නේද තිබ්බේ යුනිෆෝම් එකට දැන්නම් අර ඇස් කඩන් යන තැඹිලිපාට ටයි එක ඈම් අයි කැරට් මාළුවෝ

    • ගෝල්ඩ් fish Says:

      කැරට් කැරට් … ඔයා කොහොමද ඒ විස්තර දන්නේ?

      • sulagawageawidin Says:

        අප්පොච්චියේ…………… මගේ අම්මාගෙ මහ ගෙදර ඉස්සරහා තියෙන ඉස්කෝලෙ ගැන මම කොහොමද නොදැන ඉන්නේ ඇන් මම ක්ලාස් ගියේ පානදුරේට කියලා අමතකද මාලුවෝ

      • ගෝල්ඩ් fish Says:

        ඔව්නේ….

  14. මන්තරකාරි Says:

    ඔය ගත්ත පොත් කාවොම කාපිය…

    • මන්තරකාරි Says:

      මටත් මතක් උනා ඔහොම මගේ යාලුවෙක් ප්‍රදර්ශනේකදි පොඩි එවුන් ටිකක් චා කරන්න ගිහින් වෙච්චි දෙයක්, ඒක පස්සෙ කාලෙක පෝස්ට් එකකින්ම දාන්නම්…

      • ගෝල්ඩ් fish Says:

        හොඳයි ලියමුකෝ එහෙනම්…!

    • ගෝල්ඩ් fish Says:

      කස්ටියගේ ඇස් නොපෙනුනාට අපි පලිද? ඈ බොල?

  15. Praසන්ன Says:

    ඕක තමයි නොදන්න දේ නොකර ඉඳිං කියන්නෙ.

  16. Nisupa Says:

    අනේ අක්කලා ටිකව දාලා තියෙන ආමාරුවක්. ඔතන නංගිලා හිටියානම් ඔහොම කරන්නෙ නෑ නේද මාලුවෝ….

  17. පිස්සිගෙ ලෝකය Says:

    අය්යෝ ඊයෙ මායි පිස්සයි දෙන්නම ආවා පොත් ප්‍රදර්ශනය බලන්න. කලින් කියන්න එපැයි මාලුවො!

  18. indika Says:

    ඔහෙ ප්ලයං..ලොල්..ලොල්

  19. මයියා Says:

    හි හි රෙසිස්ටර් වල කලර් කෝඩ් එකෙනුත් අන්නන්න තිබ්බා

  20. නදුන් උයන Says:

    අපිත් ඔය වැඩේට පට්ටම ආසයි… කාලෙකට ඉස්සර අපිත් ගියා අයි. ටී. ප්‍රදර්ශනයක් බලන්න. ගිහින් ඔන්න ශේප් එකේ ඉස්සරහට යනකොට , එක කුටියක හිටපු පොරක් මරුම ටෝක් ටිකක් දුන්න.එයාල කරල තිබ්බේ “ආර් එස් එස්” රීඩර් එකක් හදල. මෙන්න බුවා පට්ටම ටෝක් ටිකක් දෙනව, හරියට එහෙම එකක් ලෝකෙම හදල තියෙන්නේ එයා විදිහට… අපිත් ඉතින් මුකුත් නොදන්න විදිහට මෝඩ ප්‍රශ්න අහනව… බුවාට තව හැපි.. තව ලොකු ටෝක් දෙනව… ඊට පස්සේ ඔන්න අපේ එකෙක් අහපි මේක කරපු ලැන්ග්වේජ් එක මොකක්ද කියල… එහෙම පටන් ගත්ත ප්‍රශ්න ටික කෙලවර උනේ මල්ටි ත්‍රෙඩින්ග් වෙනකන් ඇවිල්ල.
    මුලදි මුලදි මල්ලි – මල්ලි කියල කියපු බුවා අන්තිමට කියපි “අය්ය ඒක නම් මම හරියට දන්නේ නෑ… මේක මේ අපේ අවුට් වෙච්ච අය්ය කෙනෙක් කරපු ප්‍රොජෙක්ට් එකක් ” කියල….

  21. පන්සල් හංදිය Says:

    බොලා කලොත් ඔය වගේ කුප්ප වැඩක්ම තමා ……..

  22. කස්සා Says:

    අක්කලගෙ ලයිට් කිවුවම මම බයත් උනා…බලනකොට මෙ එල්.ඊ.ඩී නෙ!

    • ගෝල්ඩ් fish Says:

      අපෝ උඹ නම් මහ වලත්තයෙක් කස්සා… අක්කලාගේ ලයිට් කිව්වම ඔහොම නම්, ජෙට් කිව්වහම මොනා හිතෙයිද….

  23. කෝඩුකාරයා Says:

    ඔය ප්‍රශ්න ටිකට උත්තර දන්න අක්ක කෙනෙක් එහෙම හිටියනම් ඔය කොල්ලට දුවන්න පාරවල් නැති වෙනව.

  24. කළු පූසා Says:

    හේ හේ

    අපිත් ඉස්සර A/L කරන කාලේ කොට්ටාශ මට්ටමේ (පළාත් මට්ටමේ ද මන්ද ) netball තරඟ තියන්න තෝරාගෙන තිබුනේ අපේ ස්කොලේ , විභාගෙට වැඩි දවසක් නැහැ ( මාස 2ක් විතර තියෙන්න ඇති )
    අපේ කොල්ලොත් නිකන් කෙල පෙරාගෙනනේ ඉන්නේ ඔහොම chance එකක් එනකල් මොකද netball ගහන කෙල්ලොත් හරි සංවර විදියටනේ නේ ඇඳගෙන එන්නේ 😛

    සෙනසුරාදා දවසක chemistry class එකේ interval එකේදී ස්කොලේ පැත්තට යද්දී මෙන්න බොලේ දිව්‍ය ලෝකේ ස්කෝලෙට වැඩලා. ලස්සන සුදු නංගිලා netball ගහනවා.

    එක කොල්ලෙක් නැහැ පිට්ටනියේ . අපි ඉතින් කොච්චර ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ උනත් ඔහොම chance එකක් ආවාම ලජ්ජා බය අමතක වෙනවා. class එක අමතක කරලා අපි ගියා පිට්ටනියට, පව්නේ අපේ ස්කොලෙනුත් අහිංසක නංගිලා ටික දෙනෙක් netball ගහනවනේ. ඒ උනාට පස්සේ අපි cheer කලේ අපේ ස්කොලේ නංගිලාට නෙමෙයි පිට ස්කොළවල් වලින් ආපු නංගිලාට. 😛

    සුරපුරයත් මේ වගේ ඇති කියල එදා අපිට හතුනා ( මොකද ඔය කියන්නේ එක දෙවි කෙනෙකුට දිව්‍යාංගනාවෝ එකසිය ගණන් ඉන්නවා කියල 🙂 )

    • ගෝල්ඩ් fish Says:

      අපේ ස්කෝලේ ඉතිං වොලි බෝල් විරතයි බං…. 😦

      • කළු පූසා Says:

        අයියෝ අපරාදේ 😦

  25. namila007 Says:

    chaater kootiyai 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: