බ්ලුග්.. බ්ලුග්… සමාන්තර ​ලෝකය….

මේකත් මං ස්කෝලේ යද්දී වෙච්චි සීන් එකක්. මං එතකොට එක වසරේ… ඉස්සර ඉතිං අපේ අම්මා මාව ස්කෝලේ ගේට් එකෙන් ඇතුලට දාලා, මං පන්තියට යනකම් ගේට් එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මං පන්තියට යන කම්ම පස්ස හැරී හැරී බල බල යන බව දන්න නිසා. අම්මා පේන්න නොහිටියොත් ඒ ටික වෙලාවට මං එදාට ස්කෝලේ ගියේ නෑ වගේ තමා. ආයේ මොනාද කෑගහගෙන අඬාගෙන දුවන්නේ ගේට් එක ගාවට.

ඉතිං එහෙම හිටිය කොල්ලතමා දැන් මේ එක එක චන්ඩි පාට් දාන්නේ. ඉතිං මේ සීන් එක වෙද්දී එක වසරේ මැදක් හරියේ. ඒ කියන්නේ අගෝස්තු නිවාඩු හම්බුවෙලා ආයෙම ස්කෝලෙ පටන් ගත්ත අලුත වගේ. ඒ දවස් වල තමා අපේ ස්කෝලේ බුදු මැදුර අලුතෙන් පේන්ට් කරලා, තිර රෙදි දාලා එහෙම ලස්සන කරමින් තිබුනේ. බුදු මැදුරට මෙහා පැත්තෙන් හෙන ලොකු වලකුත් හාරලා තිබුනා. පස්සේ ඔන්න ටික දවසක් යද්දී මේක පොකුණක් වෙලා.

පාට පාට මාළු… බුදු මැදුර ගාවින් යන්න බැරි තරමට සුවඳ එන මානෙල් මල් එහෙමත් ගෙනත් දාලා. ඉතිං අපි හැමෝම කරන්නේ, උදේ පාන්දරම ගිය ගමන් පොකුන අයිනේ තියෙන යෙලෝ ෆාම් ගාලට වෙලා පොකුන දිහා බලාගෙන ඉන්න එක. ඔය පොකුනේ හිටිය මාළු මහ නරක මාළු ටිකක්. මොකද… අපි ගොඩක් වෙලා බලන් ඉඳලා ඉඳලා පොකුන ගාවින් යන්න හදද්දිම පතුලේ ඉඳන් මෙච්චර වෙලා පේන්න හිටියේ නැති මාලුවෙක් මතුවෙනවනේ… ඉතිං කොච්චර බලන් හිටියත් ඉතිං ඇති වෙන එකක් කියලයෑ. උදේට ඉක්කෝලේ පටන් ගන්න බෙල් එක ගහන කම්ම අපි එතෙන. ඊට පස්සේ ඉන්ටවල් එකට කෑම කාපු ගමන් ආයෙමත් පොකුන ගාව.

පොකුනේ වැඩි හරියක්ම හිටියේ සාරි ගප්පි. ඊට පස්සේ කාෆ්  ජෝඩු දෙකක් හිටියා. කාෆ් ලට වැඩිය ඒ දවස් වල නම් මං ආසා සාරි ගප්පිංට. අම්මෝ උංගේ ලස්සන. කවදාවත් එක වගේ සාරිය තියෙන මාළු දෙන්නෙක්ව මට දැක ගන්න පුළුවන් වුනේම නැහැ. ඉතිං ඔහොම බලන් ඉඳලා තමා අම්මට සාරි තෝරද්දී මට හොඳට සාරි තෝරන්න පුළුවන් වුනේ.

අපි ඉන්ටවල් එකට කාපු ගමන් පොකුන ගාවට යන්නේ රංචු ගැහිලා. පොකුන මහ ලොකු එකක් නොවුනට අපි හතලිස් දෙනෙකුට විතර ඒක වටේ හිටගෙන ඉන්න පුළුවන් තරමට ලොකුයි. ඉතිං ඔහොම අපි හැමදාමත් පොකුනේ සිරි නරඹනවා.

ඔන්න ඉතිං දවසක්දා පොකුන දිහා බලාගෙන ඉද්දී… එක පාරටම මාව නිකං උඩිං විසි වෙනවා දැනුනා. ඊට පස්සේ බලද්දී මේං මගේ වටේටම ලා කොල පාට වතුරු වගේ ජාතියක්. ඒ අස්සෙන් මට හුස්ම ගන්න බෑ… තියෙන හුස්ම ටික පිටකරද්දිත් මහ අමුතු සද්දයක් එන්නේ… නිකං බ්ලුග්… බ්ලුග්… ගාලා වගේ ලොකු බුබුලු එක්ක තමා හුස්ම පිට වෙන්නේ. ඒත් මට මීටර් නෑ මොකද්ද වුනේ කියලා. මට දැන් අම්බානෙට බයත් එක්ක. මොකද මගේ වටේට හිටිය යාළුවෝ එකෙක් වත් පේන්නේ නෑ. හරියට නිකං අර මායාබන්ධන එකේ පෝල් ගියා වගේ සමාන්තර ලෝකෙකට ගිහිං වගේ. ඇත්තටම මක්කෙයි මේ වුනේ කියලා හිතාගන්නවත් බෑ. කොහොම හරි ඇඟට සීතලත් දැනෙනවා. මං ටිකකට කලින් පස්ට දාඩියක් දාගෙන පොකුන දිහා බලාගෙනනේ හිටියේ. ඒත් එක පාරටම වටේම නිල් පාට වෙලා මට සීතලත් දැනෙනවා. ඒකත් හරියට අර හත්පෙති මලේ ෂේන්යා නංගි උතුරු කෙලවරට ගිය සීන් එක වගේ.

ඒ මදිවට මගේ කකුල කොහෙවත් වදින්නෙත් නෑ. හරියට නිකං වලාකුලු වල වගේ පාවෙනවා. පස්සේ කව්දෝ මන්දා එකෙක්ගේ අතක් වගේ එකක් උඩ තිබ්බ කොල පාට තිරයක් වගේ එකකින් ආවා, මගේ වටේට දෙපාරක් විතර කැරකුනා… බෲස්… ගාලා උඩට ඉස්සුනා. මට එක පාරටම ඇස් ඇරගන්නත් බෑ… අර සමාන්තර ලෝකේ ඉඳලා ආපහු හිටිය ලෝකෙට ආවාම ඇස් දෙක රිදෙනවා ඇ‍ඬෙන්නම. පස්සේ ඉතිං කව්දෝ මන්දා මාව අරගෙන බිමින් තිබ්බා. එත‍කොට තමා ටිකක් බය ඇරුනේ… ඇයි ඉතිං කකුල් දෙක පොලොවේ වැදුනනේ.

ඒ පාර ටිකකින් ඇස් දෙකත් ඇරගන්න පුළුවන් වුනා. ඊට පස්සෙ තමා මං දන්නේ මොකද්ද වුනේ කියලා. අක්කලා වගේකුයි අයියලා සෙට් එකකුයි මාව වට කරගෙන. මගෙන් ප්‍රශ්නම අහනවා. මං හිතන්නේ එයාලටත් පුදුමයි මං සාමාන්තර ලෝකෙට ගිය එක ගැන.

මල්ලී ඔයාට හුස්ම ගන්න පුළුවන්ද…?

වතුර පෙවුනද පැටියෝ…?

ඇස් රිදෙනවද මැණික….?

අම්මේ… පැනි බේරෙනවා. අයිය කෙනෙක් සාලුවකුත් අරගෙන දුවගෙන ඇවිත්, අපේ තාත්ත මාව නාවලා ඔලුව පිහිදන්නා වගේ ඔලුව රත් වෙනකම්ම පිහිදනවා. හරියට අර අභ්‍යාවකාශෙට ගිහිං එන අයව වායු ‍නිරෝධායන කුටියකට දාලා පිරිසිදු කරනවා වගේ. ඔන්න ඊට පස්සේ තමා මට වචනයක් කියන්න කට ඇරගන්න පුළුවන් වුනේ… ඒ ගමන්ම මං පටාර් ගාලා අර ලෝකෙට නමක් දාගත්තා. නම තමා බ්ලුග් බ්ලුග් ලෝකය. කවුරු හරි ඇහුවොත් එහෙම කියන්න පුළුවන් වෙන්න එපැයි.

ඊට පස්සේ මට මතකයි මං, ලඟ හිටිය අක්ක කෙනෙක්ගේ අතේ එල්ලිලා එයාගේ මූන දිහා බලලා ඇහුවා…

මොකද වුනේ… කියලා. පස්සේ එයා මගේ ගාවින් දනගහගෙන මගේ අවුල් වෙච්චි කොන්ඩෙ හදන ගමන් කිව්වා, මල්ලි කෙනෙක් ඔයාව පොකුනට තල්ලු කරලා දිව්වා කියලා. මට ඉතිං එච්චර ගානක් නෑ… මොකද්ද වුනේ කියලා. පස්සේ ඔන්න අක්කලා ටික මාව එක්කරගෙන එයාල‍ාගේ පන්තියට ගිහින් පුටුවක් තියලා වාඩි කරගත්තා මැද්දෙන්. ඊට පස්සේ එන එන මිස් මගේ ඔලුව අතගාලා මොනාදෝ කියලා යනවා. මං හිටියේ ඔලුව ඩෙස් එකට තියාගෙන. අර ගෑණු ළමයි 8 වසර වගේ පැන්නම ඔලුව කැක්කුමයි කියලා ඩෙස් එකේ  ඔලුව තියාගන්නේ අන්න ඒ විදියට.

පස්සේ තව අක්ක කෙනෙක් මගෙන් නම ඇහුවා. මං ඉතිං නමත් කිව්වා. පන්තියත් ඇහුවා ඒකත් කිව්වා. පස්සේ ඔන්න එයා අපේ පන්තියට ගිහිං මගේ බෑග් එක උස්සං එනවා. ඊට පිටිපස්සෙන් අනේ පංති භාර අනුලා මිස් එනවා. මට ඉතිං හිතාගන්න බෑ, මොනාද කරන්නේ කියලා. මාත් ඔන්න ඔහේ හිටියා. පස්සේ අපේ මිස් ඇවිල්ලා ආයෙමත් ඔලුව අතාගාල මොන මොනවද කියලා ගියා. පස්සේ ස්කෝලේ අපේ පන්තිය ඉවර වෙන වෙලාවට අර අක්කලාම ගිහිං අම්මට මාව භාර දීලා සීන් එකත් කිව්වා. ඒත් ඉති මට වැඩිය මීටර්නෑ මොනා වුනාද කියලා. පස්සේ අම්ම වැඩට යන්නෙත් නැතුව කෙලින්ම මාව ගෙදර එක්කන් ගියා. ඒ ගිහිං නිදා ගෙන නැගිට්ටේ පස්සෙන්දා උදේ. සමහර විට මැදක් හරියෙදී මං නැගිටින්න ඇති. එව්වා මතක නෑ…

ඊට පස්සේ ආයෙමත් උදේ ඉක්කෝලේ ගියා. එදානම් අම්මා මාව පන්තියටම ගිහිං ඇරලුවා. පස්සෙ ඔන්න ගාථා කියලා එහෙම ස්කෝලේ පටන් ගත්තා. අපේ මිස් ඇවිත් … දැන් කොහොමද පුතා කියලා අහද්දී තමා මට ඊයේ සීන් එක මතක් වුනේ. පස්සේ ඉතිං මං කිව්වා කව්ද මාව පොකුනට තල්ලු කලා කියලා. ඊට පස්සේ තමා මිස් සීන් එක කිව්වේ…

ඔයාව තල්ලු කරලා තියෙන්නේ තනූජ… එයාට මං දුන්නා හොඳ වේවැල් පාරක්… කියලා තනූජව පෙන්නුවා. මෑන්ස් හොඳටම බය වෙලා. මිස් කිව්වට වේවැල් පාරක් කියලා මට පේන්නේ පස්ස පැත්තේ පාර හිටින්න දීලා තියෙනවා.

පස්සේ ඉතිං මට සීන් එක සැරින් සැරේ මතක් වුනාට එච්චර ගානක් නෑ. ඒත් තනූජයා මට කරපු ‍වැඩේට, ඒ කියන්නේ රෙවේන්ජ් ඔ‍ෆ් ද මයි ඉන්සිඩන්ට් කියන විදියට මං පොරට දුන්නා ගේමක් පහ වසරෙදි ආයේ කෙල්ලෙක්ගේ මූනක් බලන්න බැරි වෙන්න.  එදා ඉඳන් ස්කෝලෙන් අස් වෙනකම්ම කෙල්ලෝ, පහ වසරෙදි වෙච්චි සීන් එක මතක් වෙද්දී මෑන්ස්ව දැක්කම හිනා වෙනවා.

මට මේ දැන් මතක් වුනේ… එදා පොකුනට වැටිච්ච වෙලාවේ මට සිහිය නැති වුනානම් ෂෝක්. එහෙමනම් ලඟ හිටිය අක්‍කා කෙනෙක් මට කෘතිම ශ්වසනය දෙන්නත් තිබ්බා…. ආව් එහෙම වුනානම් එහෙම….! 😦

51 Responses to “බ්ලුග්.. බ්ලුග්… සමාන්තර ​ලෝකය….”

  1. sulagawageawidin Says:

    මට මේ දැන් මතක් වුනේ… එදා පොකුනට වැටිච්ච වෙලාවේ මට සිහිය නැති වුනානම් ෂෝක්. එහෙමනම් ලඟ හිටිය අක්‍කා කෙනෙක් මට කෘතිම ශ්වසනය දෙන්නත් තිබ්බා…. ආව් එහෙම වුනානම් එහෙම….! 😦

    සිකේ………. මල් වාලුවා. හොඳ වෙලාවට එදා බේරුනේ නැත්තන් කෝ අපිට කතා කියන්න මාළු පැට්ටෙක් 😉

  2. cjgayan Says:

    මාලුවා නිකං වෙනම ග්‍රහ ලෝකෙකට ගියා වගේ ගතියකින්නේ ඉඳලා තියෙන්නෙ. මම හිතන්නෙ ඔය දැන් මොලේ අවුල් වෙලා තියෙන්නෙ එදා මොලේට වතුර බැහැපු නිසා වෙන්න ඇති… 😀 😀

  3. Botta Says:

    “ඒ අස්සෙන් මට හුස්ම ගන්න බෑ…” මම හිතුවේ මාළුන්ට වතුර ඇතුලේ තමයි හුස්ම ගන්න පුළුවන් කියලා…. බලාගෙන යනකොට මේකා ගොඩ මාළුවෙක්නේ…. 😛

    මම දන්න විදියට කාෆ් කියලා මාළු ජාතියක් නෑ. හරි නම කාර්ප් (http://en.wikipedia.org/wiki/Carp).

    තනූජ යට දීපු ගේම ලියන්නේ නැද්ද?

  4. සෝරෝ Says:

    අක්කලා නෙවෙයි එහෙම නම් උඹට කෘත්‍රීම ස්වශනය දෙන්නේ ඉස්කෝලේ අතුගාන්න ඉන්න ඇන්ටී…. 😀

  5. Gimhani Says:

    හික්ස් කෘතීම ශ්වසනයට ඔච්චර ආසද?

  6. සාතන් Says:

    උඹව බේරගත්තු අක්කල දැනගත්තනම් උඹ කෘතිම ස්වසනයකුත් බලන් ඉන්නව කියල උඹව ආපහු කොහෙ හරි බෝක්කුවක ඔබනව….

  7. weniwel Says:

    ඔයින් ගිහින් බේරුනා මදැයි.. !
    තව පොඩ්ඩෙන් මාලුව මැරෙන්නෙ වතුර පෙවිලා !

  8. ඉන්දික උපශාන්ත Says:

    අර වයසක අංකල් කෙනෙක් දරුණු තැනකින් මූදට තල්ලු කරපු නිසා තෑග්ග දිනපු කතාව මතක් උනා!

  9. විසිතුරු | visituru Says:

    //එහෙමනම් ලඟ හිටිය අක්‍කා කෙනෙක් මට කෘතිම ශ්වසනය දෙන්නත් තිබ්බා// අපරාදෙ බොරුවට හරි එහෙම ඉන්න තිබුණානෙ! 🙂

    විසිතුරු | visituru

  10. මධුරංග Says:

    මාලුවෙක් වතුරෙදි ගිලිලා මැරෙන්න ගියා ගියලා මම මේ ඇහුවමයි. හික් 🙂

  11. හිස් අහස Says:

    අනිත් මාලුන්ට ඒ පොකුනේ හොඳට ඉන්න පුලුවන් නම් ඇයි උඹට බැරි .?

  12. මන්තරකාරි Says:

    ඔය කෘතීම ශ්වසනය කිව්වේ කොල්ලා බොරු කිව්වම කෙල්ල කට කනවා වගේ සීන් එකක් වෙන්ටැති නේද? ඉතින් මාළුවෝ බොරුවක් කියන්න තිබ්බනේ…

  13. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    //ලඟ හිටිය අක්‍කා කෙනෙක් මට කෘතිම ශ්වසනය දෙන්නත් තිබ්බා….//

    හික් හික් . . . . කොහොමද කටටම තියන දත් හතර එලියට පැනපු ලඟදි පැංසං යන්න ඉන්න හෝම් සයන්ස් මැඩම් දුන්න නං කෘතිම ශ්වසනය . . . .????

  14. මයියා Says:

    ඒ දවස් වල කරමල් හෑදිලා තිබ්බේ නැද්ද ආ…..

  15. දයියා Says:

    මං ඒත් කල්පනා කර කර හිටියෙ මූ පොඩි කාලේ වතුරක වැටුනවත්ද කියල ලෝකෙටම බලන්න ලියන දේවල් වල හැටියට හරි නේ. මට මතක් උනේ අර සීය කෙනෙක් අවුරුදු අසූවෙදි නලලට ගහගත්තු කතාව. මේකට මේ වයසෙදි මතක් වෙච්ච එක හොඳයි කෘතිම ස්වසනය.

  16. Kasun Chanaka Says:

    ඔය සීන් එකෙන් පස්සෙද මාලුවෙක් වෙන්න හිතුනේ? 🙂 ඔන්න මම නම් වල් මාළුවා කියන්නෙ නෑ. ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. 😀

    හැබැයි අක්කලාට තිබුන බොරුවට හරි කෘතීම ස්වසනය දෙන්න නේද?

  17. කෝඩුකාරයා Says:

    මාලුව පොකුණට වැටුනට පස්සෙ පීනන්නෙ නැතුව අහවල් එකක් කොලාද…..?

  18. කස්සා Says:

    අපරාදෙ හොඳ චාන්ස් එකක් මිස් වෙලා…..යකෝ එදා මලානම් මොකද කරන්නේ….ඇති ඔයින් ගියා…

  19. තනි අලියා / දිපුන් නිර්මාල් පෙරේරා Says:

    ඔයාට තිබ්බෙ සිහිය තිබ්බත් සිහි නෑ වගේ ඉන්න, ප්‍රශ්ණෙ, අක්කලම කෘතිමශ්වසනය දෙයිද? 😀

  20. කළු පූසා Says:

    “එහෙමනම් ලඟ හිටිය අක්‍කා කෙනෙක් මට කෘතිම ශ්වසනය දෙන්නත් තිබ්බා”

    අපරාදේ බං කොහොම උනත් ඒ කාලේ හරියට ඕවා ගැන දන්නේ නැනේ , කොහොමද දැන් try කරලා බැලුවොත් ? Office එක හරියේ තියන ඇලකට හරි , මුහුදට හරි පැනල බලපන් (ජෝඩු ඉන්න හරියක නම් පනින්න එපා , අහිංසක ජෝඩු කඩා කප්පල් වෙන වැඩනේ ඔව්වා 😛 )

    “මං හිටියේ ඔලුව ඩෙස් එකට තියාගෙන. අර ගෑණු ළමයි 8 වසර වගේ පැන්නම ඔලුව කැක්කුමයි කියලා ඩෙස් එකේ ඔලුව තියාගන්නේ අන්න ඒ විදියට.”

    ඇයි බං 8 වසර පැන්නම කෙල්ලෝ ඩෙස් එකේ ඔලුව තියාගෙන ඉන්නේ ? කෙල්ලන්ගෙන් ඇහුවට උත්තර දෙන්නේ නැනේ ? :O

    ( I’m using this identity only to Comment on sinhala blogs , I’m not registered as “කළු පූසා ” on any social forum or any social Network )

  21. Ieam Noon Says:

    වෙලාවට සිහි නැති උනේ නැත්තේ….
    වැරදිලා හරි අක්ක කෙනෙක් නැතුව අයිය කෙනෙක් එහෙම කෘතීම ස්වසනය දුන්න නම්???


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: