ඉස්සර ඉක්කෝලේ යද්දී හැමදාම නැතත් මාසෙකට දවසක් වත් අපි සල්ලි නොදී හොරෙන් යනවා බස් එකේ… ඒ ඉතිං සල්ලි ඉතුරු කරගන්න. ඉතුරු වෙන සල්ලි වලින් කරන්න ඕනේ තරම් දේවල් තිබුනා ඒ දවස් වල. හැමෝම ඔහොම සල්ලි එකතු කරලා, මට මතකයි අපි එක පාරක් ගත්තා කුකබුරා බැට් එකක්. ඊට පස්සේ ටෙනිස් බෝල් ටින් දෙකක්ද කොහෙද… ඊට පස්සේ ඉතුරු වෙන සල්ලි වලින් කැන්ටිමට ගිහින් බඩ කට පුරා කෑවා… තවත් රුපියල් හැටක් විතර ඉතුරු වුනොත් ස්කෝලෙට එහා පැත්තේ කඩෙන් පහේ ටොපි 5ක් ගේනවා. මං නම් ඒකට නෑ…
ඉතිං ඒ ඉස්සරනේ… අපි ඔය සල්ලි ඉතුරු කරන්න හිතාගෙන බස් එකේ හොරෙන් යද්දී, ගොඩ දවසට කොන්දා අපිව හොයාගෙන බස් එකේ එහා කොනේ ඉඳන් එනවා සල්ලි ඉල්ල ගන්න. මොකද මෑන්ස් දන්නවා අපි හොරු කියලා. හැමදාම එකම බස් එකක නොගියත් අපි නගින බස් වල කොන්දෝ දන්නවා අපි යන්නේ හොරෙන් කියලා. ඇත්තට අපිට හිතාගන්න බැරුව හිටියේ කොහොමද මූ අපේ හොරේ අල්ලන්නේ කියලා… හැබැයි කවදාවත් ඉතිං බැනුම් අහන්නේ නම් නෑ, සල්ලි ඉල්ලුවොත් දුන්නා. නැත්තං නෑ… සමහරදාට නම් හෝල්ට් එකෙන් බැස්සමත් ඇවිත් සල්ලි ඉල්ලගෙන තියෙනවා. එතකොට නම් ඉතිං ආ… අද හරි… සල්ලි ටික ඉතුරුයි කියලා හිතේ ඇති කරගත්ත පරම පිවිතුරු චේතනාව එතෙනම මිය යනවා.
දැන් ඉතිං අපි ලොකුයිනේ… ඒක නිසා හොර වැඩ කරන්නෙ නෑ. කොටින්හ අපි දැන් හොඳම හොඳ ළමයි. ඒත් ඉතිං පුංචි කාලේ සීන් මතක් වෙද්දී ආයෙම ඒ කාලෙට යන්න හිතෙනවා. කොල්ලෝ එක්ක එකතු වෙලා බෝල් ගහනඑව්වා, මඩ නාගෙන වැස්සේ නටන එව්වා එහෙම දැන් කරන්න අමාරු වුනාට, බස් එකේ හොරෙන් යන එක එහෙම නෙවෙයිනේ ඉතිං…. සල්ලි නොදී බස් එකේ යන එක ඕනෙ කාලෙක කරන්න පුළුවන් දෙයක්.
ඉතිං ඊයේ පෙරේදා දවසක මට ආයෙමත් බස් එකේ හොරෙන් යන්න හිතුනා. වැඩිහරියක්ම එහෙම හිතුනේ ඉස්සර වගේ දැනුත් මම මාට්ටුවෙයිද කියලා බලන්න. වෙලාව කියන්නේ මගේ සහයට කට ඇති දුවෙකුත් සපෝට් එකට ආවා. ඒ අපේ ඔෆිස් එකේ නංගි කෙනෙක්. හරි ෂෝක් කෙලිපොඩ්ඩ.
අපි දෙන්නම පානදුර පරණ පාර බස් එකකට නැගලා තැන් දෙකකින් වාඩි වුනා. මුලින්ම මම කියලා තිබුනේ මම ටිකට් ගන්නම් කියලා. ඒක නිසා ඉතිං අර ළමයත් මැසේජ් වගයක් කොට කොට එයාගේ අයිතිකාරයත් එක්ක චැටක් දාගෙන යනවා. දැන් ඔන්න රාවතාවත්ත හරියට ආවා. කොන්දා මල්ලි එනවා…
ටිකට් ගත්තේ නැති අය ටිකට් ගන්න කියාගෙන…
දැන් ඉති කෝකටත් කියලා මාත් රුපියල් 100ක් අතේ ගුලි කරගෙන ඉන්නවා. මූ ඉල්ලුවොත් දෙනවා නැත්තං නෑ… පස්සේ ඉතිං මාව පාස් කරං පොර ගියා. සල්ලි ඉල්ලුවේ නෑ… තව දෙතුන් පාරක් මගේ දිහා හොඳට බලාගෙන ගියා… ඒත් සල්ලි ඉල්ලුවේ නෑ… පස්සේ බැරිම තැන මං ගහගත්තා හෙඩ් සෙට්එක කන්දෙකේ… ආතල් එකේ සිංදුවකුත් අහගෙනම සීන් එක ගැන හිතනවා. දැන් සල්ලි ඉල්ලයි, දැන් සල්ලි ඉල්ලයි කිය කිය හිටියත්… මොන කොන්දා මගෙන් ටිකට් ගත්තා නේද කියලවත් අහන්නේ නෑ…. ඒ අස්සේ මටම තේරෙනවා වෙනසක්. පුංචි කාලේ ටිකට් අරං හොරෙන් යද්දී මට බය හිතුනට, දැන් එව්වට ඉඩ නෑ… ඒ බය වෙනුවට දැන් මට කොන්දව දකින දකින පාරට හිනා යනවා. හරියට නිකං මලක් ගහලා වගේ.
පස්සේ අර නංගිත් මගෙන් මොකද්ද මංදා ඇහුවා… මට තේරුනේ නෑ මොන ඇහුවද කියලා… හෙන ලස්සන සිංදුවක් අහ අහ හිටියේ… ඒක නිසා අහපු දේ ඇත්තටම ඇහුනේ නෑ. පස්සේ ඉතිං පරන පාරෙන් දාලා ආයෙම වලාන හංදියෙන් ගාලු පාරට වැටිලත් කොන්දා මගේ දිහා බලනවා. ඒත් ඉතිං සල්ලි ගැන අහන්නේ නෑ… මූ බලන්නෙත් මගේ දිහා විතරයි. අර ළමයා දිහා බලන්නේ වත් නෑ.. ඉතිං මං ආයෙමත් හිතාගෙන හිටියේ මූ දැන් සල්ලි ඉල්ලයි… දැන් සල්ලි ඉල්ලයි කියලා… ම්හු… ඒත් නෑ…
කොහොමත් පොරට මගෙන් කෙලින්ම අහන්න විදියක් නෑ සල්ලි දුන්නද කියලා. මොකද මං ඔව් කිව්වත් නෑ කිව්වත් පොරට පිළිගන්න වෙනවා. කොන්දා සල්ලි ගත්තට කාටවත් ටිකට් දුන්නේ නෑ. ඒක නිසා ඉතිං මට පොඩි බේරුමක් තිබුනා එතෙන.
පස්සේ ඔන්න අන්තිමේ පානදුරේටම ආවා. ඉතිං බස් එක නැවැත්තුවම අපි දෙන්නම බැහැලා ස්ටෑන්ඩ් එකට යනවා. මෙන්න යන ගමන් අර ළමයා අහනවා…
මේ ඔයා ටිකට් ගත්තා නේද…?
මට ඉතිං නෑ කියන්න පුළුවන්යැ… එහෙම කිව්වොත් මේකි හිතයි මං මහ හොරෙක් කියලා. ඒක නිසා මං ඔළුවේ අතක් ගහගන්න ගමන්ම… මලා… මට අමතක වුනානේ කිව්වා… ඊට පස්සේ ඉතිං පොඩි ධර්ම දේශනයක් අර ළමයාගෙන්… අන්තිමටම දේසනාව ඉවර වුනේ… හරි ෂෝක්… ඔහොම අමතක වෙනවා නම්….! කියලා.
ඊට පස්සේ ඉතිං ඒ ළමයව බස් එකට දාලා මාත් නැග්ගා කළුතර එකකට. එතකොට තමා මට මෙහෙම හිතුනේ.
1. ඉස්සර මාව බස් එකේදි කොන්දා සල්ලි දුන්නද නැද්ද කියලා අල්ලා ගත්තේ මගේ මූනේ ඉරියවු වලන්. මොකද ඒ දවස් වල බයෙන් හිටිය නිසා ඒ බය ගතිය මූනෙන් පේන්න ඇති. බය ගතියට වැඩිය හොර ගතිය පේන්න ඇති. දැන් ඉතිං එහෙම නෑනේ… මෙදා පාර ගියේ හෙන ෆන් එකේ හිනා වෙවී නිසා කොන්දා මඥ්ඥං වෙන්න ඇති.
2. අනික තමා මට ඉස්සරට වැඩිය හොඳට මේ වැඩේ දැන් කොරන්න පුළුවන් වගේ. මොකද ඉස්සර මං විතරක් තනියම හොරෙන් ගියාට මෙදා පාර ගියේ තවත් එක්කෙනෙක් එක්ක. ඒ කියන්නේ මං දෙපාරක් හොරෙන් ගියා වගේනේ…. එක ට්‍රැවල් එකෙන් දෙපාරක් හොරෙන් ගිහිං නේ තවත් විදියකට කියනවනම්…!
3. දැන් මේක කියෙවුව එවුන් හිතයි මූ නම් මහ හොරෙක් කියලා. මොකද මේක මං ලියන්න හිතාගෙන හිටිනිසා කියෙවුවම අනිත් අයට හිතෙන එව්වත් මට නිකමට වගේ හිතුනා. එහෙම හිතන්න එපා… මේකත් මේ පුංචි කාලෙට ආයෙම යන්න පුළුවන්ද, එහෙමත් නැත්තං පුංචි කාලේ කරපු දඟ වැඩ ආයෙමත් කරන්න පුළුවන්ද කියලා බලන්න කොරපු වැඩක් විතරයි.
කොහොම හරි ඇත්තටම මට පුංචි කාලේ කරපු එක වැඩක් නම් ඒ දවස් වලටත් වැඩිය හොඳින් කරන්න පුළුවන් වෙච්චි එක ගැන නම් හෙන සන්තෝසයි….!
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 6:52 ට
හෙ හෙ මූ හෙන හොර මාළුවෙක්නෙ…මාත් ළඟදි දවසක් ඕක අහම්බෙන් කලා. හැබැයි හිතල නෙවෙයි. ගොඩක් දුර යනකං කොන්දා ආවෙ නෑ. ඒ කියන්නෙ කිලෝමීටර් 20ක් විතර. (80ක් විතර යන්න තිබ්බා) දැන් ඉතිං දෙන එකේ තේරුමක් නෑනෙ කියල නොදී හිටියා. 😀
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:07 ට
ඉතිං මාත් කලේ එහෙම තමා… මං සල්ලි අතේ තියාගෙන හිටියේ… අයියට වගේම තමා , මූ මගෙනුත් සල්ලි ඉල්ලුවෙම නෑනේ…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 6:54 ට
මමත් හොරෙන් ගිහින් තිබේ . ඒ සල්ලි වලින් ගන්න බුල්ටෝ එක ගෙදරට යන්න පෙර ඉවර කළා මතකයි. දැන් නම් හොර වැඩ කරන්නෙම නැත . සත පහක් වත් වංචා කරන්නට නොහිතේ. දැන් අපි ලොකුයිනේ . [ ළමයින් මේ බ්ලොග් එක බලන්නේ නැති බව ෂුවර්ය ]
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:12 ට
අපි නම් ඉතිං හොරෙන ගිහිං එකතු කරපු වැයින් කලේ ටෙනිස් බෝල් ගන්න එකම තමා.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:19 ට
අපෝ…..අපිත් ඕන තරම් බස් වල සල්ලි නොදී ගිහිල්ල තියනවා…..ඒ කාලෙට යන්න හරිම ආසයි නේද?…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:16 ට
හම්මා… කියලා වැඩක් නෑ බං…. මරාම ජොලි.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:20 ට
යකෝ මට තියෙන ප්‍රශ්නෙ කට ඇති දුව ඊළඟ වචන දෙක තුනේදි නංගි වුනේ කොහොමද කියල…. ටික දවසක් ගිහින් කියයිද දන්නෙ නෑ ඒ මගෙ ළමයින්ගෙ අම්ම කියල…. 😉
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:28 ට
මේකිව උඹ දන්නවා බං… අර මාත් එක්ක ඩෙල්ටා ෆෝස් ගහන්නේ…. මගේ කකුල් දෙක අස්සට ග්‍රෙනේඩ් එක අතාරින්නේ… අන්න ඒකි.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:33 ට
//දැන් මේක කියෙවුව එවුන් හිතයි මූ නම් මහ හොරෙක් කියලා.//
හැබෑට? සමහරු එහෙමත් හිතයිද?…:D
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:29 ට
ඔය ඉතිං අක්කා මුලින්ම එහෙම හිතලනේ…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:45 ට
මම මේ කල්පනා කොලේ මාලුව වෙනස් වෙලා තියෙන තරම මේ පුංචි කාලෙට. හැබෑට මාස තුනකින් ඒතරම් වයසට ගියේ කෝමද බං 😦
:@
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:30 ට
මැජික් අරිෂ්ටේ බොනවනේ බං මේ දවස් වල…. 😛
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:45 ට
මේ පෝස්ට් එක ඇති උඹව කූඩුවේ දාන්න ඒවගේම කමෙන්ට් කරලා තියන අයත් කූඩුවේ දාන්න . මොකද කියන්නේ දෙන්නද වැඩක් .
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 9:46 ට
අනුන්ව කුඩුවෙ දාන්න නෙමේ…… ඔය නිකන් ඉන්න වෙලාවෙ අර කතාව ලියලා දැම්මොත් නරකද සදරුවෝ………..
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:31 ට
එල කිරිනේ සඳරු… අපි උඹව දැකලත් නෑනේ බං….
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:47 ට
මමනං කවදාවත් ප්ලෑන් කරල ඉබ්බට ගිහිං නෑ . . . .හැබැයි සෙට් උනොත් නං අනිවා යනව. මගෙ මිත්‍රයෙක් ඉන්නව . . . දැනට ටවුන් හෝල් (කොළඹ) පැත්තෙ ප්‍රධාන පෙලේ පුද්ගලික බැංකුවක ලොකු පෝස්ට් එකක් තියන එකෙක් . . . . මූ මම දන්න දවසෙ ඉඳල අදටත් බස් එකේ යන්නෙ හොරෙං (තමංගෙම කියල කාර් දෙකක්ම තියෙද්දිත්). ඌ නිකංම ඉබ්බෙක් නෙමේ . . . . “කැස්බෑවෙක්” . . . ඒ කියන්නෙ සල්ලි නොදී යනව මදිවට කොන්දගෙන් ඉතුරුත් ඉල්ලගන්න ජාතියෙ බුවෙක් . . . . විස්වාසකරපං මූ මෝදර නතරවෙලා ඉන්න කාලෙ . . . ටවුන් හෝල් එකෙන් වැඩ ඇරිල බස් එකට නගින්නෙ පිලියන්දලට යන්න 120 බස් එකේ . . . (මූ කොහොමත් පට්ට ජැකා) ටවුන් හෝල් එකෙන් පිලියන්දලට ගිහින් තමයි මූ ටිකක් රෑවෙලා මෝදරට එන්නෙ . . . . ඒ එනකොට අනිවා 200යෙ ශොට් එකක් බයිට් එක්ක ගහන්න සල්ලිත් බස් වල කොන්දන්ගෙන්ම අරගෙන තමයි එන්නෙ . . . .
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:33 ට
මාර පොරක්නෙ…. අපි ඉතිං කොහොමද විශ්වාස කරන්නේ අයියා එහෙම නෑ කියලා…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:02 ට
මමත් අදම යනවා බස් එකේ හොරෙන් කොහේ හරි මාළුවාගේ මෙතඩ් එකට…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:34 ට
හැබැයි ඉතිං මාට්ටු වුනොත් එහෙම නම් මං නෑ ඕං…!
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:06 ට
මම නම් ඉස්සර බස් එකේ හොරෙන් ගිහින් ඉතුරු කරගන්න සල්ලි වලින් අයිස් කනවා. අයිස් කිව්වේ අයිස් කිරිං !!!!
ඔය විදිහට හොරෙන් යන එකට කියන්නේ ඉබ්බා යනවා කියලා. සල්ලිත් නොදී ඉතුරුත් ඉල්ලගෙන බස් එකෙන් බහිනවට කියන්නේ කැස්බෑවා යනවා කියලා.
එතකොට මාලුවා ඉබ්බෙක් ගිහින් 🙂
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:35 ට
ඒ කොහොමද බං සල්ලි නොදී ඉතුරු ඉල්ලන්නේ… කියපංකෝ බං…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:45 ට
ඒක නම් මම් දන්නේ නෑ. මම් කිව්වේ කැම්පස් එකේ රැග් සීසන් එකේදි කියපු දේවල්. 🙂
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 9:48 ට
ඒකට තමා බං කැස්බෑව යනව කියන්නෙ . . . . .ඒක හැකියාව
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 10:01 ට
තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ අයියේ… කොහොම හරි එක දවසක් හරි මං ඔය වැඩේ කරනවා…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:09 ට
“දැන් මේක කියෙවුව එවුන් හිතයි මූ නම් මහ හොරෙක් කියලා”
ඇ බං , මේ බ්ලොග් එක කියවන උන් මෙච්චර කල හිතාගෙන හිටියේ උඹ හොරෙක් නෙමෙයි කියලද ? 😛
පාසල් යන කාලේ මට නම් හොරෙන් යන්න chance එකක් ලැබුනේ නැහැ මොකද රුපියල් 9 ක දුරට හොරෙන් ගිහිල්ලා වැඩක් නැනේ.
හැබැයි පන්ති යන සමහර දවස් වල නම් හොරෙන් ගිහිල්ලා තියනවා. ඇත්තම කියනවා නම් හොරෙනුත් නෙමෙයි කොන්දා මගෙන් සල්ලි ඉල්ලලා නැහැ. ඉතින් ඒ මනුස්සයා මගෙන් සල්ලි ඉල්ලන්නේ නැතුව හිටියහම මම මොකද බලෙන් සල්ලි දෙන්නේ ?
( I’m using this identity only to Comment on sinhala blogs , I’m not registered as “කළු පූසා ” on any social forum or any social Network )
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:36 ට
මමත් සල්ලි දුන්නේ නැත්තේ ඉල්ලුවේ නැති නිසාම තමා බං
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:12 ට
චික් මෙහෙමත් හොර මාලුවෝ.. යකෝ දැන් මේක බලන පොඩි එවුනුත් ආතල් ගන්න කියලා හොරෙන් ගිහින් මාට්ටු උනොත් ඔන්න උඹ තමයි වග කියන්න ඕනෙ. 😀 😀
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:38 ට
මං ඉතිං මේක ආදර්සෙට ගන්න කිව්වැයි බං…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:23 ට
අඩේ….. මටත් ආසයි ආපහු ඒ කාලෙට යන්න………….
😉 දවසක යන්න ඕනේ…..
ශෝපින් කේස් එක මොකද උනේ…….
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:40 ට
තාම ෂොපින් ගියෙ නෑ බං… තව සති දෙකක් විතර යයි වැඩේට
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:51 ට
බොරු කියන්නෙ මොකටද මාත් එක පාරක් සල්ලි නොදී ගියා. එදා බස් එකේ හෙන සෙනඟ. කොන්දා අනිත් දොරේ හිටියෙ. කොහොම හරි මම ඉන්න තැනට සල්ලි ගන්න ආවෙ නෑ. මම බහිනකොට කොන්දා ආවත් මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ. සල්ලි දෙන්න හොඳටම පුලුවන් කම තිබිලත් මට දෙන්න හිතුනෙම නෑ. සල්ලි ටික අතේ ගුලි කරගෙන මම පසු නොබලා ගියා.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:41 ට
තනිකර හොරකම……! මොනා වුනත් හොඳ අර පිරිමැස්මෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 9:21 ට
හික් හික් ඊයෙ මම ඔය වගේ වැඩක් කොලා ෆෝන් එකෙන් මලක් කඩ කඩ ගියා ඔෆිස් එක ලඟ ඉඳලා පන්නිපිටියට යනකල්ම සල්ලි දෙන්න බැරි උනා එවේලේ සල්ලි දුන්නා නම් ගමකට බැනුම් අහගන්න වෙන නිසා සල්ලි නොදීම බැස්සා
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:43 ට
අනේ බොරු නොකිය හිටු. සුවර් එකට ඒකෙන් මූනේ උලා ගන්න කිරිම් එකක් ගන්න ඇති.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 9:37 ට
මමත් හොරෙන් යනව තාම……. හැමවෙලාවෙම නැහැ, මට කලින් බස් එකේ ඉතුරු අඩුවෙන් දුන්නොත් මම ඊලග එකේ හොරෙන් යනවා……….. හැබැයි හමවෙලාවෙම නැහැ…….
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:43 ට
ඒක මාර තියරියක්නේ බං.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 9:41 ට
හික්ස් අපිත් ඔහොම වැඩ කරලා තියෙනවා.දැන් නම් කරන්න හිතෙන්නෙ නෑ නෙ.කොහොමහරි සල්ලි දෙනවා.
අපේ එක යාලුවෙක් හිටියා(පිරිමි ලමයෙක්).එයාගෙන් කොන්දො සාමාන්යෙන් සල්ලි ඉල්ලන්නෙම නෑ.අපිත් එක්ක බස් එකට නැග්ගොත් අපෙන් අරගෙන එයාගෙන් ගන්නෙ නෑ.සමහර වෙලාවට එකට ඉදගෙන හිටියත් එයගෙන් නැතුව අනික් කෙනගෙන් ඉල්ලගෙන යනවා.මාර චාන්ස් එකක් ඒක.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:44 ට
වාසනාවත්න කොලුවෙක්…. සමහර විට පොරගේ මූන දැක්කම සල්ලි ඉල්ලන්න හිතෙන්නේ නැතුව ඇති.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:50 ට
අපෝ මූ හෙන හොරානේ………
හැමෝගෙම ජීවිත වල සුන්දරම කාලයක් තියෙනවා.. හැමෝම ආසයි ඒ සුන්දර කාලේට ආයෙම යන්න පුළුවන් නම්…. ඒත් ඉතින් කරුමේ තමා.. මගේ ජීවීතේ සුන්දරම කාලේට ආපහු යන්න පුළුවන්නම් ඒ වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා…
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 12:50 ට
ලස්සනම කාලෙ ඉතිං ඉක්කෝලේ කාලෙ තමා
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 4:31 ට
මම හැමදාම යන බස් වල ගමන් ගාස්තුව රු19යි.රු 20ක් දුන්නාම ඉතුරු රුපියල කවදාවත් දෙන්නේ නෑ.ඒකට මං කරන්නේ සල්ලි ඉල්ලනකම් දෙන්න යන්නේ නෑ.ඉල්ලුවේ නැති උනොත් ඒ සල්ලි මට.
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 5:17 ට
ඒ කතාවනම් සහතික ඇත්ත. මටත් කොන්දා ඉතුරු රුපියල් දෙක දෙන්නේ කලා තුරකින්. එහෙම බලද්දී මං කරපු වැඩේ හරි.
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 4:44 ට
රන් මාලුවෙක් ද, හුරුල්ලෙක් ද?
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 5:17 ට
ආඳෙක්ද කියලත් හිතෙනවා….
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 8:15 ට
පොඩි කාලේ නම් හොරෙන් බස් එකේ ගියා. එ දවස් වල එකපාරටම බස් වලට නගින්නේ නැ. ෆුල් ලොඩ් එකක් එනකන් ඉන්නවා. ඊට පස්සේ කොන්දට පෙන්නැති වෙන්න බස් එකට නැගලා සෙනග අස්සේන් ගිහින් බස් එකේ මැදට සෙට් වෙනවා. 9 වසරට එනකන් ඔය ක්‍රමේ සැහෙන සාර්තක උනා.
ඊට පස්සේ සීසන් වලින් ගියේ. CTB එනකන් තැපගෙන ඉන්න උනා.
ගාස්තුවෙන් බාගේ(වගේ) දිලා යන ක්රමෙකුත් කාලයක් කලා.
උදා – ගමනට මුලු ගාස්තුව රු 16 නම් 10 ක ටිකට් එක ගැනීම.
දැන් නම් හොරෙන් යන්නේ නැ. (හොර වැඩ කරන්න හොද නෑ නේ)
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 8:37 ට
හොඳයි හොඳයි….
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 9:27 ට
honda welawata kondostharala blog kiyawanne neththe
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:30 ට
ඒකනම් ඇත්ත නැත්තං පොර මාව හොයාගෙන එයි
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 10:11 ට
චීයා හොර මාළුවා. අපිත් නරක වෙනවා.
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:41 ට
උඹනේ මටත් සිස්ටම් එක කියලා දුන්නේ…
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:55 ට
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. අනේ අහිංසක මගේ චරිතය ඝාතනය කරන්න එපා.
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 2:03 ට
ඉතිං ඇත්තනේ බං… එදා මට කිව්වේ මෙහමෙ කරපන් මෙහෙම කරපන් කියලා. ප්‍රැක්ටිකල් කරන්න ගිහිං මතකද තව ඩිංගෙන් අම්බානෙට කනවා…
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 11:56 ට
මමත් ගියා බොල හොරෙන්. ඒ කාලේ පාසැල් බස් එක නැති උනාම හැමදාම යන්නේ රුපියල් 9ක් දීලා පාරේ බස් එකේ. පානදුරේ ඉදන් බම්බලපිටියට.. මේ කෙලිය හරියන්නෙ නෑ කියලම මම නැග්ග ගමන් සෙනග අස්සෙන් කඩා ගෙන යනව ආයෙ ලොවෙත් නැති වෙන්න.. හිකිzzz.. කොන්දොස්තර එනවා මාව හොයාගෙන.. මල්ලි ටිකට් ගත්ත ද? ගත්තා, ඒ මම.කතාව එතනින් ඉවරයි…. බස් එක නැති හැමදාම ඔය සෙල්ලම තමයි කලේ..
ජය..
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:41 ට
අපෝ මූත් හෙන හොරෙක්නේ….
2011 සැප්තැම්බර් 17 දින පෙ.ව. 8:40 ට
එයි මාළුවෝ.. මං බැඳලා ඉන්නේ පානදුරේ එක්කෙනෙක්.. එයා දන්නවා ඇති පවුලේ සියලු විස්තර.. කියන්නද මන් අම්මලට කියන්න කියල කොල්ල හොරට බස් එකේ ගිහින් දවසක හොඳට කයි කියලා ?
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:45 ට
අනේ අයියේ මං විහිළුවක්නේ කලේ… මං එහෙම හොරෙන් ගියේම නෑ…
2011 සැප්තැම්බර් 17 දින පෙ.ව. 9:22 ට
හප්පා
ඉබ්බා ගැන නම් කතා අම්බානයි.
ඒ දවස් වල කොටුවේ ඉඳන් කටුබැද්දට ගියේ ම ඉතින් හොරෙන් නෙව.
අනික ඔය ඉබ්බගෙත් ප්‍රභේද කීපයක්ම තියෙනවලුනෙ.
1. සල්ලි නොදී යන එක සාමාන්‍ය ඉබ්බා
2. සල්ලි දෙන්න වුනොත් යන දුරෙන් මඟට දෙන එක ඉබ්බා බාගෙ.
3. සල්ලි නොදී ගිහින් බහිනකොට ඉතුරු සල්ලිත් ඉල්ලගෙන බහින එක “කැස්බෑව”.
ඔය අන්තිම එක කරන්නෙ අති දක්ෂ කස්ටිය විතරයි. ඔන්න පොරක් නම් ඕක තමයි කරන්න ඕන
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:46 ට
වෙලාවක කරලා බලන්න ඔනේ කැස්බෑවා සීන් එක…
2011 සැප්තැම්බර් 17 දින පෙ.ව. 11:11 ට
maru wedak
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 1:47 ට
එල 😀
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 3:30 ට
ඉබ්බා යාම විනෝදජනකය. හැබැයි ඉතින් ඕකත් අයිති වෙන්නේ ඔඩෙල් හොරාගේ ප්‍රභේදයටම තමයි. පව් අහිංසක කෙල්ල.
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 3:37 ට
කෙල්ල? ඇයි අප්ප කෙල්ල විතරක්… අහුවුනානම් මාත් ගස්නේ…
2011 සැප්තැම්බර් 17 දින ප.ව. 10:57 ට
උඹත් එක්ක ගිය කෙල්ල නෙවෙයි බන්. මං කිව්වේ උදාරි කෙල්ල ගැන. 🙂
2011 සැප්තැම්බර් 18 දින පෙ.ව. 5:41 ට
හිහ්.. පව් බං…. ඒ උදාරි නංගි…. නේද