මේ පොඩි ගමනක් යන්න එනවද…?
ඈ ඔයත් එක්ක….?
ඔව් බං…. මායි තව කෙල්ලෝ දෙන්නෙකුයි යනවා…
ඈ……. කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක මං තනියෙන්….!
ඔව් ඕයි.. එනවද….?
අපේ ඔෆිස් එකේ යාළුවෙක් ලබන මාසේ හිරේ යනවා. නඩුව අහලා වැරැද්ද පිළිඅරන් තියෙන්නේ දැන්. ඒක වුනේ ගිය මාසේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ දකුණු අතේ මැද ඇඟිල්ලට එහා ඇඟිල්ලට මාංචුව දාන එක විතරයි. ඊට පස්සේ ඌ මැරෙන කම්ම හිරේ. ඉතිං අපිටත් ආරාධනා කරා පොරගේ හිරේයෑමේ දුක්ඛ දායක අවස්ථාවට සහභාගී වෙලා සතුට බෙදා ගන්නයි කියලා.
අපි ඉතිං ඔය වගේ එවුවට බෑ කියනවැයි…! අපි කොහොමත් යන්න තමා හිටියේ ආරාධනා නොකලත්. මොකද ඉතිං අපේ ඔෆිස් එකේ එකානේ. ඒක නිසා. ඉතිං දැන් ඔය සතුට බෙදාගන්න යන්න නිකං බෑනේ. අළුත් ඇඳුම් ගන්න ඕනේ, පොරට තෑග්ගක් ගන්න ඕනේ… ඔය වගේ විවිධාකාර දේවල් ගොඩයිනේ. ඉතිං අපේ ගෑණූළමයි කට්ටියටත් ඇඳුම් ගන්න යන්න ඕනේ වෙලා. පිරිමි වෙච්චි අපිනම් ඉතිං යටට එකයි උඩට එකයි ඔක්කොම ඇඳුම් කෑලි හතරයිනේ. ගෑණූ එහෙමයැ… අඳිනවා.. අඳිනවා ඉවරයක් නෑ… යටටයි, උඩටයි, මැද්දටයි…. අපෝ කියල ඉවරයක් කරන්න බෑ. පවුල් වෙලා ඉන්න උපාසක මහත්තරු ඒ ගැන දන්නවනේ ඉතිං.
ඉතිං ඔය අපේ අක්කලා නංගිලා කට්ටියට ඇඳුම් ගන්න යද්දී මටත් එන්න කියලා බොහොම රහසිගත විදියට අපේ ඉන්ටර්නල් මැසෙන්ජර් එකෙන් ආරාධනාවක් ආවා. මමත් ඉතිං උඩබිම බැළුවා වැරදිලාවත් ආපු එකක්ද කියලා… නෑ නෑ… බලද්දී සිරාවටම මට ඇඩ්රස් කරලා ආපු එකක්….
පස්සේ ඉතිං මටත් හෙන ආඩම්බරයිනේ… මෙච්චර කොල්ලෝ ඉන්දැද්දි මටම කතා කරාම. මාත් ඉතිං වැඩිය ලොකු කම් පෙන්නන්න ගියේ නෑ…
හ්ම් බලමු…. නෙක්ස්ට් වීක් නම් බෑ… ඊට පස්සේ ඕනේ නම් යමු…. කියල මං කිව්වා.
හා… හා… කමක් නෑ… කියලා අනිත් පැත්තෙන් කිව්වා….
දැන් ඉතිං මං මේ කම්පනා කරන්නේ මං ගිහින් මොනාද කරන්නේ කියලා. මොකද මං ගෑණුන්ට ඇඳුම් තෝරන්න දන්වා කියලයැ. මට ෂර්ට් එක ගේන්නෙත් අපේ අම්මා. අවුරුද්දට වුනත් ඇඳුම් ගන්න යන්නේ තාම අම්මා එක්ක. අපිට ඉතිං ඇඳුම් තෝරලා දෙන්න වෙන කවුරුත් නැහැනේ…. හැබැයි මං තමා අපේ අම්මට සාරි තෝරන්නෙ නම්. අපේ තාත්තට වැඩිය හොඳට මට සාරි සිලෙක්ට් කරන්න පුළුවන් කියලා තමා අම්මා කියන්නේ. ඒ ඉතිං සාරිනේ… අක්කලා තුන් දෙනා සාරි ගත්තොත් නං මොනා හරි ජිරිබිරිස් එකක් කරලා සාරි තුනක් තෝරන්න පුලුවන්. එහෙම නැතුව වෙන වෙන එව්වා ගන්න ගියොත් නම් මං ඉවරයි. ඔය ඔක්කොටම වැඩිය හපන් මුං තුන් දෙනා ඇඳුම් තෝරනකම් මට ඇවිදින්න වුනාම.
හැබැයි ඉතිං මට ඉස්සරහට සොපින් යෑම මොන වගේද කියල දැන ගන්නත් එක්ක මේ ගමන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ නෑ වගේ. කවද හරි මටත් යන්ඩ වෙනවනේ සාරි ගන්න….! අනික මුං තුන්දෙනා මටම කතා කරලා තියෙන්නේ මගේ කල් කිරියාව හොඳයි කියලනේ… අනේ මගේ මේ බ්ලොග් එක නොකියවන අය ඉන්න එකත් කොයිතරම් දෙයක්ද කියලා දැන් තමා හිතෙන්නේ…!
ඔය ඔක්කොමත් හරි මට නිකං ලාවට වගේ බයත් හිතෙනවා කුමාරිකාවගේ යාළුවෙක්වත් දැක්කොත් මට මාලිගාව තහනම් වෙයිද කියලා…. අනික මුං මාව අපහරනය කරයිද කියල කියන්නත් බෑ… එහෙව් බඩු තුන. තව…. උං ගන්න බඩුත් උස්සං එන්න වෙයිද දන්නේ නෑ… කෝමත් මං ඉතිං පුංචි එකා නිසා, ළමා රක්ෂක මන්ඩලේ රක්ෂනයක් දාගෙනම යන්න තමා හිතාගෙන ඉන්නේ…!
මුකුත් කියන්නත් බෑ… අක්කලානේ…. ඊටත් වැඩිය මේ වගේ චාන්ස් එකක් වදින්නේ හෙන කලාතුරකින්නේ… මේ චාන්ස් එක මිස් කරා කියන්නේ… මෙන්න මේකේ අන්තිම හරිය වගේ තමා…
2011 සැප්තැම්බර් 14 දින පෙ.ව. 11:33 ට
අඩේ…. පල පල කිසිම අවුලක් වෙන එකක් නෑ… 😀
එක කඩේකින් ඉවර උනොත් ගොඩ….. නැත්තන් බඩුම තමා…….
😀 😀 😀 😀 😀 😀
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:15 ට
එක කඩේකින් ඉවර වෙන්න…. හිහ් හොඳට හිටියි… එහෙමනම් පස්සෙන්දට ඉර පායන්නෙත් නැතිවෙයි.
2011 සැප්තැම්බර් 14 දින පෙ.ව. 11:38 ට
කොහොමද යශෝ අක්කා එහෙම දැක්කනම් ඉතින් මාලු අයියට කොහුපාර !!!
මට මැවිලා පෙනේ !!!
කෙල්ලෝ තුනක් කොහෙද මාලුවාට වැඩි වෙන්නේ. හික්ස් 🙂
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:16 ට
යශෝධරා උඹට නංගි වෙන්නේ බං…
අර අන්තිම වාක්යටනම් මං ලයික් බං…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:35 ට
එහෙම බෑ බං අයියා. උබේ නෝනා මට අක්කා වෙන්නේ. ඒයැයි බාල උනත් නැතත්. මොකද මාලුවා මට අයියා වෙන හන්දා. අන්න එහෙමයි නෑදෑකම් ඇති වෙන්නේ. තේරුනාද මාලුවෝ ? 🙂
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 3:02 ට
ඔය ටික ගිහිං කිව්වනම් එහෙම…. අම්මේ මගේ කන් දෙකේ මී පැනි දැම්ම වගේ වචන ටිකත් අහගන්න තිවුනා. මලේ කෙල්ලෝ කැමති නෑ බං වයසයි කියලා කියනවට…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 6:47 ට
අහන වචනයක් මං නෙමේ නේ අහන්නේ. අයියනේ. අනික ඔයැයිගේ නෝනා පොඩ්ඩ නේ මොනහරි කිව්වත් කියන්නේ. හික්ස් 🙂
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 7:44 ට
එහෙනම් ඉතිං හිත හදාගෙන ඉන් එක තමා තියෙන්නේ නේද බං
2011 සැප්තැම්බර් 14 දින පෙ.ව. 11:49 ට
යශෝ කෙල්ලගෙන් කොහු පාර කාලා ඔලුව වටේ කුරුල්ලොයි තරුයි කැරකෙනවා මට මැවිලා පේනවා 😛
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:17 ට
එක්කෝ මං යන්නේ නෑ බං… උඹලා බය කරනවනේ…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 2:36 ට
නෑ නෑ සුදෝ හතරවරම් දෙයියන්ගෙ පිහිටෙන් අනිවා උබ ගමකට කනවා මැක් ඩොනල් එකෙන් 😛
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 3:03 ට
එහෙම නම් කමක් නෑ… මං කොහොමත් කන්න බැරි පුතානේ…
2011 සැප්තැම්බර් 14 දින පෙ.ව. 11:59 ට
ehenam kollo parissamin gihin waren kiwwa
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:18 ට
පරිස්සම ගැන නම් අනේ මන්දා බං. 😛
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 12:08 ට
ඉල්ලන් කනව වගේ වැඩක් මාලුවො… කවද හරි තමන්ගෙ කෙල්ල එක්ක ගිහින් කුණ කන්න වෙන එකේ එතකං පුළුවන් තරම් බේරිලා ඉන්න බලපන්…. අත්දැකීමෙන් කියන්නෙ…
උඹටත් අක්ක කෙනෙක් හරි කමක් නෑ ටිකක් නලවල කතා කරහම… ගිහින් ඇවිත් ඔය ගමන ගැනත් පෝස්ට් එකක් දාපන් මලේ….
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:18 ට
ගිහිං ඇවිත් දාන පෝස්ට් එක ගැනනම් තුන් හතර පාරක් හිතන්න වෙයි බං.
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 12:15 ට
හරි ගිහිං ඇවිත් කියපංකෝ උඹට මොකදෑ වුණේ කියාල . ඇත්තටම කෙල්ලෝ ටික උඹව අපහරණය කලෝතින් උඹ ඒකත් ලියනවා නේද මචං ?
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:20 ට
අපහරණය කලොත් එහෙම කොහොමද බං ලියන්නේ… එතකොට මාව පුනරුත්පානය කරන්න දාවි… 🙂
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 12:22 ට
මොනා වෙන්නද හැමදාම වෙන කෙලියම වෙයි….. අර සදරු මල්ලිට ඔකද වෙනව වගේ තමයි.. හෙහ් හෙහ්
ජය,,,, ඔහොම හරි කමක් නෑ මොකක් හරි හරියනවනම්….
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:21 ට
මොකක් හරි හරියනවම් කියන්නේ හරි කතාවක්නේ බං… උඹ ඒ ටිකට පදයක් හැදුවානේද…? 😉
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 12:48 ට
එළකිරිස්! කෙල්ලො සෙට් එක උඹව අපහරණය කරත්වා කියලා ඉතසිතින් ප්රාර්ථනා කරමි 😀
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:21 ට
ලස්සන ප්රාර්ථනාවක් මචං… හෙන ස්තූතියි ඈ….
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 1:17 ට
උබට පිස්සුද බොල…. කෙල්ලො එක්ක ශොපින් යන්න… ඊට හොඳයි… යකෝ ගිහින්ම බලපන්කො ආතල් එක… ඇඩෙනවා…
හැබැයි උබව අපහරනය කරොත් නම් අනේ සාදු… මාළු පැංචිට අහු උනොත් ඊට සැපැයි.. හික් හික්…. ඇවිල්ලම කියකො බලන්න විස්තර…
2011 සැප්තැම්බර් 15 දින ප.ව. 5:50 ට
විස්තර කියන්න මාව ඉතුරු වෙයිද දන්නේ නෑ බං
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 2:18 ට
ඔන්න ඔහේ යමු ඕනේ දෙයක් කියලා
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 3:03 ට
මාත් එහෙම තමා හිතාගෙන ඉන්නේ…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 2:38 ට
අඩේ උබට අක්කල හෙන ආදරෙයිනෙ 😀
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 3:04 ට
අපේ අම්මනම් කියන්නේ ඒකට ලබා උපන් හැටි කියලා…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 4:57 ට
මම නන් කියන්නේ අක්කල තුන්දෙනාට පරිස්සන් වෙන්න කියල තමයි lol 😛
සාරි ඇද ඇද බලනකොට කඩේ වැඩ කරන එකා ඔරවන හැටිත් බලන්නකෝ 😛
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 7:44 ට
අප්පේ කඩේ වැඩ කරන එකාගේ මූන මං දැකලා තියෙනවා අම්ම එක්ක ගිහිං සාරි බලද්දී… ඌ වැඩි හරියක්ම රවන්නේ මට. මොකද මංනේ සාරි තෝරන්නේ…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 7:15 ට
මොනවා උනත් ඉස්සරහටත් ඔහොම ගිහින් බෑග් උස්සන් එන්න වෙනෙ එකේ පුරුදු වෙන්නත් එක්ක ගිහින් එන්න අයියේ… මොකෝ ඉතින් අපි වගේ එක කඩේකින් ගන්න එකක්යෑ…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 7:45 ට
අප්පේ ඔව් බං… මං දන්නවනේ අම්ම එක්ක ගියාම තියෙන යුද්ධෙ…. අනේ පුතේ අරකට යං, මේකට යං…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 7:40 ට
සුභ ගමන් මාලු අයියෙ. එහෙනම් පරෙස්සමින් ගිහින් එන්න. බුදු සරණයි!
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 7:46 ට
මුං මට කින්ඩි දානවද මන්දා
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 8:47 ට
ෂුවර් එකටම කලින් දවසක් ඒ අක්කලාගේ යාලු අයියලා එක්කලා සාරි ගන්න ශොපින් ගිහින් ඇති. ඒකයි මේ පාර ඔයාට කතා කරන්න ඇත්තේ…
මමත් අපේ එක්කෙනා එක්ක එක සැරයක් සාරි ගන්න ගියා. ඊලඟ දවසේ සාරිය මාරු කරන්න එන්න බෑ කිව්වනෙ අනේ… (මං මටම මඩක් ගහ ගත්තද මන්දා…)
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 9:04 ට
හපෝ නෑ ඔව්ව මඩයෑ…. මං ගිහිං එන එනකං ඉන්නකෝ…මඩ පෙන්නන්න…
2011 සැප්තැම්බර් 14 දින ප.ව. 9:39 ට
උඹට Bag තුන හතරක් උස්සගෙන පැය ගානක් පයින් ගාටන්න වෙයි ද දන්නේ නැහැ 🙂
පරිස්සමින් පලයන්. යන්න කලින් බුඳුන් වැඳලා , දෙවියන්ට බාරවෙලා එහෙම පලයන් කියන්න බැනේ අපහරණය කරන්න හැදුවොත් එහෙම 😛 මොන දෙවියන්ට කියන්නද ?
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 7:06 ට
අම්මේ ඔව් බං… බාරෙකුත් වෙන්න ඕනේ…
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 6:12 ට
මේ චාන්ස් එක අනාගතයට හොඳ අත්දැකීමක් වෙයි..එක්කො කොල්ල ගැනුලමයි එක්ක ජීවිතේට ශොපින් නොයයි…නැත්නම් ඉක්මනටම එකක් හොයා ගනී ශොපින් යන්න
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 7:07 ට
හිහ්… ඔව් ඔව් … අයියලා අත්දැකීමෙන් කියන කොට අපි කොහොමද නෑ කියන්නේ …
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 8:33 ට
බය වෙන්න එපා අනේ.ඔයා ඒගොල්ලොත් එක්ක යන නිසා ඔයාටත් මොනවා හඅ ර්රන් දෙන්නෙ නැතෑ….:)
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9:46 ට
අඩුම ගානේ KFC වත් යං කිව්වොත් ඇති…
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9:11 ට
කොල්ලට තෑගි බෝග හම්බවෙයි තුන්දෙනාගෙන්ම…
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9:47 ට
හ්ම්… හ්ම්… කම්මුල් දෙක සතූ වෙන්න…. 😀
2011 සැප්තැම්බර් 15 දින පෙ.ව. 11:09 ට
අපොයි…මේ බ්ලොග් එක ආයි කියවන්න වෙන්නෙ නැති වෙයිවද්ද ඊළඟ වෙසක් එක වෙනකල්!
2011 සැප්තැම්බර් 15 දින ප.ව. 12:25 ට
ඒ මොකෝ අයියේ?
2011 සැප්තැම්බර් 15 දින ප.ව. 5:52 ට
ෂොපිං ගිය දිනට පසු දින….රාජ්ය නාලිකාව… ප්රධාන පෘවත්ති..
කාන්තාවන් තිදෙනෙකු සමග ෂොපිං ගිය මාළුවෙකු එම කාන්තාවන්ගේ පෙම්වතුන් තිදෙනාගෙන් අම්බානක ගුටි කා ඇත…
කන් දෙක රතු වී දෑස කඳුලින් බර කරගත් එම මාළුවා හැංගෙන්නට ටැංකියක් සොයා ගිය බව වාර්තා විය……
*යන තැනක යශෝධරාට කියලා ගියා කනේ පාර ෂේප් කරගන්න තිබුනා….
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:05 ට
යශෝධරාවට කියන්න ගියොත් එහෙම ඒකිගේ හිත නරක් වෙනවා බං, ඒ වගේම මුං තුන් දෙනා එක්ක නොගියොත් මුන් තුන්දෙනාගෙම හිත් නරක් වෙනවා…
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:46 ට
රැවුලයි කැඳයි දෙකක් බෑ පුතයෝ… එක්කෝ කැඳ, නැත්තම් රැවුල……
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 7:53 ට
ඉස්කෝලෙ යනකාලෙ මටත් ඔය චෑන්ස් එක වදිනවා . . . . පංතියෙ අනිත් එවුවන්ට පට්ට ජෙල . . . .
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 8:56 ට
අනේ බොරු කියන්නැතුව හිටහන් අයියෙ මේ හෙණ ගහන දවස් වල. හික්ස්.
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:42 ට
😀 😀 😀
2011 සැප්තැම්බර් 16 දින ප.ව. 10:34 ට
හික් හික් . . . . නංගි මම ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙලියට පෙරිල්ලට චා වෙලා නෑ . . . ඒකයි ඔය චෑන්ස් ඔක්කොම . . . . .
2011 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10:34 ට
අපේ එවුනුත් මැරෙන්න හදනවා මෙහෙ