කඩුව පස්ස පැත්තේ ගහං යුද්ධෙට යන උංදැලා…

දැං ටික දවසක ඉඳන් අපේ ගෙවල් පැත්තේ දහම් පාසල් වහලා. ඉතිං මේ වැඩෙන් කොටස් දෙකකට පට්ටම වාසියි. පළවෙනි කොටස තමා දහම් පාසල් යන්න ඕනේ නිසා ඉරිදා නිවාඩු දවසටත් හරියට නිදාගන්නේ නැතුව නැගිටින දහම් පාසල් යන ළමයි. අනිත් කට්ටිය තමා දහම් පාසල් වල උගන්නවන ගුරුවරු.

ඉතිං මේ ටිකේ දහම් පාසල් නැති නිසා අර පොඩි එව්වෝ නම් කරන්නේ සරුංගලයක් හදාගෙන උ‍ෙද් දහය එකොලහේ ඉඳන් බිං කළුවර වැටෙනකම්ම නූල් දීදි ඉන්න එක. කරුමෙට හරි උදේම වැස්සොත් ගෙට වෙලා හොඳට බුදියනවා. ඊට පස්සේ ඕං හවස් වරුවෙ පෑව්වොත්හෙම ආයෙමත් යනවා කොල්ලෝ සෙටාර් එකත් එකක් වටයක්…!

ඒ දහම් පාසල් යන පොඩි ළමයිනේ. මේ දහම් පාසල් වල උගන්වන ලොකු ළමයි… එයාලටනං ඉතිං ගෙවල් දොරවල වැඩ තියෙනවා. ඒක නිසා ඉතිං ඇත්තටම ලොකු නිවාඩුවක් ලැබුනා වගේ ඇති.

සමහරුනම් දන්නවා ඇයි මේ දහම් පාසල් වල නිවාඩු දීලා තියෙන්නේ කියලා. හේතුව මේකයි. පානදුරේ ප්‍රසිද්ධ පන්සලක් කිට්ටුව සුරාසැලක් විවෘත කරන එකලු මහ ලොකු හේතුව. ඇත්තටම මං නම් ඔය සුරා සැල අරින වැඩේට විරුද්ධයි. හැබැයි ඊඨත් වැඩිය විරුද්ධයි දහම් පාසල් වහලා දාලා තියෙන එකට.

මොකද සුරා සැලක් විවෘත කරන එකට විරුද්ධ වෙන්න ඕනේ කියලා දහම් පාසල් වහනවා කියන්නේ, ඉස්සරහින් සතුරු සේනාවක් කඩු අමෝරාගෙන… තෝව කපනවා කියලා කෑගහගෙන එද්දී… තමන් අතේ තියෙන කඩුව පස්ස පැත්තේ ගහගෙන… හා පුළුවන්නම් කපාපියවු… කියන්න වගේ වැඩක්. සතුරන්ට නෙලන්න කඩුව අදිද්දි උගේ පස්ස පැත්ත කීතු වෙනවා කියලා මහ ලොකු රණකාමියටත් තේරෙන්නේ නෑ. මොකද පොර ඉන්නේ කේන්තිය ඉහවහා ගිහිංනේ.

ඇත්තටම මෙතෙන්දි වෙන්නෙත් ඒකමයි. පන්සල් වල හාමුදුරුවරු, ලොකු ලොකු දායක දායිකාවෝ එකතු වෙලා විරෝධය පාන්න දහම් පාසල් වහනවා…. අරහෙ ඉරිදා දහම් පාසල් ගියා පොඩි එවුන් එක එක ම‍ගෝඩි වැඩ කරනවා ඉරිදා නිවාඩු නිසා.  වැඩිය ඕනේ නෑ අපේ පැත්තේ එවුන්නම් වැල බලනවා ගෙවල් වලට සෙට් වෙලා. තව එවුන් ඉරිදා නිවාඩු නිසා තාත්තට සිගරට් ගේන්න කඩේ යනවා.

මගේ මෝඩ මොලේට තේරෙන විදියට කියනවනම්… කරන්න ඕනේ දහම් පාසල් වහලා දාන එක නෙමෙයි.  පුළුවන්නම් සෙනසුරාදත් දහම් පාසලක් දාලා තවත් දහමු දැනුමින් පෝසත් කරන එක. මොකද බොන එකා සුරා සැල ලඟ පාතක තිබුනත් දුරක තිබුනත්  මොන ක්‍රමෙන් හරි බොනවාමයි. හරි විදියට කරන්න ඕන් සුරා සැල් ඇරගත්තදෙන් කියලා පොඩි එවුන්ව බොන්නෙ නැති, යහපත් කල් ක්‍රියාවකට හැඩගස්සන එක. ඒත් මුං කරන්නේ ඒකෙ අනිත් පැත්ත.

අනික මං දන්න තරමින් ඔය ලොකු ලොකු පන්සල් වල ‍හාමුදුරුවරුන්ට,  මැති ඇමති වරු එක්ක තියෙන්නේ අදහන්නවත් බැරි තරම් ස්ට්‍රෝන්ග් කනෙක්ෂන්ස්. එක කෝල් එකෙන් ඇමතිවරු 10ක් පන්සලට ගෙන්න ගන්න පුළුවන් හාමුදුරුවරු ඉද්දී ඇයි මේ විදියට දහම් පාසල් වහන්නේ…? ඒ අයට බැරිද ඔය ලොකු ලොක්කෝ එක්ක පොඩි කතාවක් දාලා ඔය සුරාසැල අරින එක නවත්තන්න….? රන්වැටක හදන්න ලක්ෂ ගනනින් ආධාර දෙනවනම්, තෑගි බෙදාදීමකට තම සල්ලි වියදම් කරලා ඔක්කොම කටයුතු කරනවනම්, ඇයි බැරි මේ ව‍ගේ රටක් වටින වැඩක් නවත්තලා දෙන්න…?

එක පන්සලක් ඉස්සරහා අරින්න යන සුරා සැලක් වෙනුවෙන් අවට ගම් කිහිපයකම දහම් පාසල් වසාදැමීම ගැන මං සෑහෙන්න දුක්වෙනවා. සමහර විට එකමුතුකම පෙන්නන්න වෙන්න ඇති අනිත් දහම් පාසලුත් මේකට සම්බන්ධ කරගන්න ඇත්තේ. ඇත්තටම මේ විරෝධය දක්වන්නේ සුරා සැල නිසා පන්සල අවට පරිසරය හා සාමජය කිලුටු වෙනවා කියලා තමා. ඒ කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් මේ විරෝධතාවයට අත් උස්සලා සහභාගී වෙන අය පොඩ්ඩක්වත් හිතුවද මේ වගේ වැඩක් නිසා පුංචි ළමයින්ගේ හිත් කිලුටු වුනාම ඒක ඒ අයගේ සහ අනාගත පරිසරයට, වගේම සමාජයටත් කොයිතරම් බලපායිද කියලා….  බොන්නේ නැති අමද්‍යප සෙට් එක බාර් එක දාන්න එපා කියලා විරෝධය පෑවට කමක් නෑ… ඒක ඇත්තටම හොඳයි. වෙනව බාර් ඕනේ නෑ තමයි. ඒත් ඒකට මේ පුංචි එවුන්ව අවියක් කරගෙන උංගේ හැදී ගෙන ලෝක වලට හෙනයක් වෙන්න එපා. මහ ලොකු උපාසක මහත්තුරු දන්​නෙ නැතුවද මංදා, බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු වටපිටාවෙත් ඌරෝ මරන තැන්, සුරා හල්, ගණිකා නිවාස එහෙම තිබුනා. ඒත් බුදුරජාණන් වහන්​සේ එවුවා තිබුනයි කියලා තමන්ගේ ධර්මය දේශනා කරන එකවත්, අනිත් අයට යහපතක් සලසන එකවත් නැවැත්තුවේ නෑ….

මං දන්න තරමින් දැන් මාසයකට වැඩි කාලයක ඉඳන් දහම් පාසල් වහල දාලා. දහම් පාසල් යන ළමයි කියන්නේත් කුතුහලයෙන් පිරිච්ච වයසක ඉන්න කාන්ඩයක්. ඉතිං උංට වැරැද්දක් කියන්න බෑ… මොකද මාත් දහම් පාසල් ගියානේ. මාත් ඉස්සර නිවාඩුවක් හම්බෙන කං තමා බලාගෙන ඉන්නේ. ඒක නිසා මාත් දන්නවා නිවාඩුවක් හම්බුනාම කරන වැඩ ගැන. ඒක නිසා මං ආයෙම කියන්නේ සුරා සැලක් නිසා දහම් පාසල් වහලා දාලා මේ කරන්නේ බරපතල වැරැද්දක්. වැරැද්දකටත් වඩා ඒක මහ පවක්….! හරි පා‍ෙර් යන්න ඉන්න පොඩි එවුන්ට හරි දේවල් ඉගෙන ගන්න තියෙන එකම දවසත්  නැති කරලා මේ කරන්නේ ඇත්තටම ලොකු පවක්….!

දැන ඉතිං සමහරු කියයි… අපෝ අපේ ළමයිනම් එහෙම නෑ, දහම් පාසල් නැති වුනා කියලා ඉරිදට ගෙයින් එලියට බහින්නේ නෑ කියලා. හරි කමක් නෑ… ඉරිදට ගෙයින් එලියට නොබැස්සට ගෙටම වෙලා ටීවී එකේ පෙන්නන නාඩගම් ටික බලනව ඇතිනේ… ඒ ඇති  හොඳටම… ගෙට වෙච්චි නැති එවුනුත් ඇඟිල්ලෙන් ඇනගෙන හරි ගෙට වෙන්න…!

31 Responses to “කඩුව පස්ස පැත්තේ ගහං යුද්ධෙට යන උංදැලා…”

  1. පිණිබිඳු Says:

    මොන දේකින් උනත් තැලෙන්නෙ පොඩි මිනිස්සු තමා. අනේ අපේ රටට ගිය කලක්.

  2. සාතන් Says:

    අනේද කියන්නෙ බන්… අපේ උන් හැම එකාම කරන්නෙ අතීසාරෙට අමුඩෙ ගහනව වගේ වැඩනෙ… ( කිව්ව හරිද මන්ද? )

    මොකක්ද බන් මාලුවො වැල බලනව කියන්නෙ?… මම නම් අහල තියෙන්නෙ වැල කනව කියල විතරයි… ඔය කියන්නෙ වැල ගෙඩිය බානකන් බලන් ඉන්නව වගේ එකක්ද?… නැත්තන් මදුලු ගලවනකම් බලන් ඉන්නව වගේ එකක්ද?…

  3. Nisupa Says:

    ඔය වැඩෙන් සුරා සැලට තවත් ලේසියක් වෙනවා විතරයි. ෂික් අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැති හැටි මේවා.

  4. sarath Lankapriya Says:

    කටේ මසුරන් දාන්න වටිනා ලිපියක් මේක නම්.. ලොකු හාමුදුරුවරු උගුරට හොරා බේත් වළඳන්න හදනවා. වත්ත බද්දට දීල ඇස්සට දත් නියවනවා කියලත් කිවුවහැකි.. ආණ්ඩු බලේ පාවිච්චි කරලා මිනිස්සු හදන්න පුලුවන්ද ? එහෙමනම් අපේ බුදු හාමුදුරුවන්ට දේවදත්තට දඬුවම් කරවන්න තිබුන පියාණන් ලවා. එහෙම නැත්නම් නීති මගින් මිනිස්සු හරවා ගන්න තිබුනා. නීති මගින් නෙවෙයි මිනිස්සුන්ගේ මනස හැදීම මගින් සුචරිතය කරා ගෙනියන්න ඕන කියලයි ඒකට ඉස්සෙල්ලම පුජ්‍ය පක්ෂය ආදර්ශයට ගතහැකි අයුරින් හැදිලා ඉන්න ඕන කියන එකයි තමයි මට කියන්න තියෙන්නේ. හන්දියක් ගානේ බීම හල දැමිල්ල හොඳ වැඩක් නෙවෙයි එවුව නොදැම්මත් හොර අරක්කු අඩුවෙන්නෙත් නැහැ.. මනුස්ස ඉතිහාසේ පුරාම සුරාව තිබුනා. අලුතින් මොනවා ලියන්නද ? ඔබේ සටහන නම් හරිම කාලෝචිතයි අපුරුයි ඇස් අරවන සුළුයි ඇස් ඇත්තන්ගේ !

  5. ඉන්දික උපශාන්ත Says:

    වාද්දුවෙ නැති බඩු පානදුරෙන් හරි කළුතරින් හරි ගන්න බැරිද? මොකද මතුගම නෑ කියල උන් බොන්නෙම නැද්ද? බයිල වැඩ මල්ලි.

  6. Ayesha Says:

    මේවා ඉතින් අපේ ලoකාවෙම වෙන වැඩනේ

  7. Kasun Chanaka Says:

    කාලෙකින් බැරෑරුම් පෝස්ට් එකක් දාල. අද නම් සෑහෙන තරහ ගිහින් වගේ. 100% ක් ඇත්ත කතාව. විරුද්ධ වෙන්න දහම් පාසල් වහල ඉඳල හරි යන්නෙ නෑ නෙ. දහම් පාසල් තුලින් ළමයි දැනුවත් කරල හඬක් නගන එකනේ කරන්න ඕන.

  8. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හික් හික් . . . . හාමුදුරුවොත් වෙලාවකට කෙලින පිස්සු දිහෑ බැලුවාම උන්නාන්සෙලාගෙ මොල පිහිටලා තියෙන්නෙ කොහෙද කියල හිතෙනව . . . . . .

  9. දේවා ගේ අඩවිය Says:

    සිරාවටම ගොඩාක් දෙනෙක් නොතේරුම් ගන්න ඇත්තක් මාලුවා කතා කරලා තියෙන්නේ…

    ඇයි බන් මේක ඒ අයට නොතෙරෙන්නේ….
    දැන් ටියුශන් කාරයෝ ටිකටත් හොදයිනේ…

    ඉරිදාත් ක්ලාස් එපා කියලා කැ ගහන්න බැනේ

  10. කළු පූසා Says:

    මගේ ගැන නම් ඔතන තියෙන්නේ ඔයිට වඩා වෙනස් අදහසක් , මෙතන සිදු වුනේ භික්ෂුවගේ බලය පෙන්වීමක්. එත් මේ බලය පෙන්වීම අවශ්‍ය තැනදී කරන්නේ නැති එකනම් කනගාටුවට කරුණක්

  11. Gayan Ruasinghe Says:

    ඕක ගැන මමත් පෝස්ට් එකක් දැම්මා මචන්… ගොන් හරක් තක තීරු තීරනයක.. කිසි බටක් සැකක් නැතිව කියන්නේ දහම් පාසැල් ගුරුවරයෙක් විදිහට,,,

    ජය…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: