හැමදාම යාළුවෝ…!

මේක  ඇත්තටම මට ලියන්න හිතුනේ අපේ සිංහයා එයාගේ ස්කෝලේ යාළුවෙක් වෙචිච මලින් ගැන දාපු පෝස්ට් එක කියෙවුවම…

මං විශ්වාස කරන විදියට අපිට පුංචි කාලේ, ඒ කියන්නේ හරියට අකුරක් ලියාගන්න බැරි කාලේ ගොඩ නැගුනු යාළු මිත්‍රකම් බොහොම වටිනවා. මොකද ඒ දවස් වල අපිට මහලොකු වත්කමක් තිබුනේ නෑනේ. තිබුන පුංචි පුංචි වත්කම් තමා අළුත් පැන්සල් පෙට්ටියක්… අළුත් සුවඳ ගහන මක්කයක්. තුඩවල් මාරු කරන පැන්සලක්… , එහෙම නැත්තං දවල්ට කන්න ගෙනියන සැන්ඩ්විච් එක…. එග් රෝල් එක වගේ එව්වා. ඒ දේවල් නිසා බැඳිච්ච මිතුරු කම හරිම ‍සොඳුරුයි. කිසිම කපටි කමක් නෑ…

ඉස්සර අපි එකට සෙල්ලම් කලා ගහමරා ගත්තා… ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ආයෙමක් ස්කෝලේ ඉවර වෙද්දී අපි හොඳ යාළුවෝ. ඒ දවස් වල අපිට හිටිය යාළුවො එක්ක දැන් නම් මට කතා කරන්න ලැබෙන ඉඩත් ගොඩක් අඩුයි. ගොඩ දෙනෙකුගේ මොබයිල් තිබුනත් සමහර එව්වා වැඩ කරන්නේ නෑ… අවුරුදු ගානකට කලිං අපි ඉල්ල ගත්ත නම්බර්ස් දැන් පාවිච්චි කරන්නේ නෑ… ඒ වගේම ඔය කොච්චර නොම්මර තිබුනත් කෝල් එකක් දෙන්න වෙලාව හොයාගන්න බෑ… මොකද අනිවාර්යෙන් ඒ වගේ කෝල් එකක් පැයක් දෙකක් විතර දිගට ඇදෙනවමයි…  ඒ වගේ දේවල් නිසා අපි සෑහෙන්න ඈත් වෙලා. ඇත්තටම මට නම් දුකයි.

ඉතිං ඒ වගේ හොඳම හොඳ යාළුවෝ ගොඩක් ඒ දවස් වල අපිට හිටියේ අපිට කිසිම දෙයක් නැතුව. අර කලින් කිව්වත් වගේ කිසිම වත්කමක් නැති කාලේ. ඒ දවස් වල අපේ යාළුවෝ අපෙන් කිසිම බලාපොරොත්තු වුනේ යාළුකම විතරමයි….! කට්ටිය එක්ක එකෙක්ව අල්ලං බයිට් කලාම, බයිට් වෙච්ච එකා පැත්තකට වෙලා දුකින් ඉන්නවා. ඒක දැක්කම අනිත් උංටත් දුකයි. ඉතිං ගිහිල්ලා දුකින් ඉන්න එකාව හිනස්සන්න කරන එව්වා… කොහොම හරි මෑන්ස්ව හිනස්සලා තමා පස්ස බලන්නේ. ඊට පස්සේ අපි හිටියටත් වැඩිය යාළුයි.

අපේ ස්කෝලේ ගෑණු ළමයිනුත් හිටියනේ. ඉතිං එයාලත් අපේ යාළුවෝ. වැඩිය ඇඟෑළුම් කම් වලට නොගියම අ‍පේ පන්ති වල කෙල්ලෙකුට කවුරු හරි මොනා හරි කියලා තිබ්බොත් කොල්ලෝ ටික තමා යුධ ප්‍රකාශ කරන්නේ. අන්තිමේ ගහගන්නවත් එක්ක. ඒත් ප්‍රින්සිපල්ගෙන් ගුට්ටක් කාපු ගමන් තරහා කාරයෝ ඔක්කොම හොඳ යාළුවෝ…. ප්‍රින්සිපල් තමා එතකොට ඔක්කොගෙම හතුරා….! අම්මෝ ඒ වගේ සීන් කීයක් වුනාද….?

කීපාරක් අපේ පන්තියේ කෙල්ලෝ නිසා ගහගත්තද… එක පාරක් කව්ද එකෙක් ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා මගේ ඔලුවත් පැළුනා. පස්සේ බෙහෙත් දාන්න අරගෙන ගියෙත් ඌමයි කිව්වොත් විස්වාස කරනවද…? ඌ මගේ ඔලුව පැලුවට මං කවදාවත් පොර එක්ක තරහා වුනේ නෑ… වුනේ හිටියටත් වැඩිය ෆිට් වෙලා අඹ යාළුවෝ වුන එක විතරයි. ඇත්තට අපේ ස්කෝලේ හරි පුදුමයි. අපේ ස්කෝලේ එකෙකුට පිට ස්කෝලේකින් ගහන්න ආවොත් එහෙම වලියට යන්නේ අදාල පන්තියේ එකා විතරක් නෙමේ… උගේ යාළුවොයි යාළුවොන්ගේ යාළුවොයි… සමහර වෙලාවට සර්ලත් එක්ක…. සර්ලා ගියාමනම් ඉතිං වලිය සෝදා පාළු වෙනවා… එදාට ඉතිං ගෙදර ගිහිං තමා අතේ හිරි අරින්න වෙන්නේ…!

ඇත්තටම දැන් නම් ඒ අය ‍ගොඩක් දුරස් වෙලා. ඉතුරු වෙලා ඉන්නේ ටික දෙනයි. ඉස්සර පුංචි කලේ මොන්ටිසෝරි යද්දී, මාව මකරට කන්න දාලා බයේ පැනලා දුවපු මහේෂ් එක්කෙනෙක්. ඌ තමා මගේ පරණම ෆ්‍රෙන්ඩ් කනෙක්ෂන් එක දැනටත් පවතින.  පොරයි මායි එකටමයි මොන්ටිසෝරි ගියේ… එකටමයි ස්කෝලේ ගියේ… මං කොච්චර වයසට ගියත් මගේ වයසට වැඩිය අවුරුදු 3ක් විතරයි ඒ ෆ්‍රෙන්ඩ් ෂිප් එකට අඩු. දැන් පොර ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකායේ වැඩ. කැතම සීන් එක කියන්නේ පොරයි මායි ඒ දවස් වල හෙනම ආසාවෙන් හිටියේ හමුදාවට යන්න. ඒත් ඉතිං කව්ද හිතුවේ හමුදාවට යන්න කලින් ගෙදරින් අවසර ගන්න ඕනෙයි කියලා. කොහොම හරි පොර ගෙදරට මොකක් හරි ලොකු බෝලයක් බස්සලා අවසර ගත්තා, මට යන්න දෙන්න බෑ කිව්වා…

අනිත් යාළුවා ඩිලන්ත. පොර මට සෙට් වුනේ එක වසරෙදි. එදා ඉඳන් අපි හොඳ යාළුවෝ. හැබැයි මූ මට එක පාරක් ද්‍රෝහි වුනා. ඒ අට වසරෙදි. මං ලව් කරපු කෙල්ල මට බෑ කියලා මූට සෙට් වුනා. එහෙම වුනයි කියලා ඒ කෙල්ලයි මායි තරහ වුනාද…? නෑ,… මමයි මගේ යාළුවයි තරහා වුනාද… ? ඒත් නෑ,… දැන් දෙන්නම මගේ හොඳ යාළුවෝ….! ඔන්න මේ අවුරුද්දේ අන්තිමට දෙන්න කසාදත් බඳිනවා….! ඇත්තට මට මාර සන්තෝසයි… මොකද ‍ඩිලා ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ වගේම යුනි සිලෙක්ට් වෙලත් ගියේ නෑ, ආර්ථික අමාරුකම් නිසා. දැන් නම් ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක්…!

අනිත් එකා… සමීර. පොරත් මට සෙට් වුනේ එක වසරෙදි. මෙයා තමා ඒ දවස් වල පන්තියේ හිටිය අහිංසකම ඩයල් එක. තාමත් ඒ වගේ. මූට දැන් නම් කෙල්ලන්ගෙං බේරිල්ලක් නෑ,.. ඒත් මූ කැමති නෑ. පොර  දැන් ඩේවිඩ් පීරිස් එකේ ලොකු මහත්තයෙක්…!

මට දැනට ලඟින්ම ඉන්න යාළුවෝ තුන් දෙනා තමා මේ. මුං තුන්දෙනාගෙන් හැමදාමත් උදේට මට එන රින් කට් එකක් වැරදුනොත්, ඒක‍්කෝ මොකක් හරි ලොකු සීන් එකක් ගිහිං, එහෙම නැත්තං ෆෝන් එක නැති වෙලා….!

ඊට පස්සේ ඉතිං මට තව යාළුවෝ හෙන ගොඩක් ඉන්නවා. ඒත් අර ඉස්සර ස්කෝලේ යාළුවෝ තරමටම මාව තේරුම් ගත්ත එකෙක් තාම නෑ. අනික දැං ඉන්න ගොඩක් යාළුවෝ මහ එක විදියක්… මේක මේ බ්ලොග් ලියන කියවන එකෙකුටවත් අදාල නෑ… මොකද බ්ලොග් එක නිසා හම්බුවෙච්ච යාළුවෝ ගැන මට ලියන්න දේවල් හිතා ගන්න බෑ. එකෙක් හරි මිස් වුනොත් උගේ හිත රිදෙන නිසා මං ලියන්නේ නෑ… ඇත්තටම මං ඇහින් වත් නොදැකපු යාළුවෝ මට උදව්වක් ඕනේ වුනාම බොක්කෙන්ම උදවු කරනවා.  අනික ඉතිං ඔය බේබදු ළමා සංගමේ රැස්වුනාම එහෙම යාළු කමේ තරම මනාව ඉස්මතු වෙනවනේ…!

ඉතිං මේ තමා මගෙ යාළුවෝ ගැන මගේ හිතේ තියෙන ආකල්පය. මේ වගේ හොඳ යාළුවෝ ලබන්න අපි ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ…!

ඒ දවස් වල ස්කෝලෙදී වෙච්ච සහ කරපු මගෝඩි වැඩ ගැන මං කලින් ලියලා තියෙනවා… තව ටිකක් තියෙනවා ඒ ටිකත් ලියන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මුලින්ම ලියවෙන්න ඉඩතියෙන්නේ අපි හත වසරේ ඉද්දී, අපේ පන්ති නායිකාවගේ ගල්කැපීමේ කේස් එක….! මේකට අපේ පන්ති භාර සර්ත් සෘජුවම සම්බන්ධයි…

39 Responses to “හැමදාම යාළුවෝ…!”

  1. Deepika Priyadarshani Says:

    මක්කේ සහ ගුට්ට ! පොඩි කාලෙට නැවතත් ගෙන ගියා මාව. මාලුගේ කතාව ඇත්ත. ඒ කාලේ ඇතිවෙන යාළුකම් තාමත් සුන්දර විදියට දැනෙන්නේ ඒ යාළුකම් ඇති වුනේ අපිට මෙලෝ දෙයක් නැති නිසා වෙන්න ඇති.

  2. නුවන් කුමාරනායක Says:

    කියල වැඩක් නෑ මාළු ඒ වගේ කාලයක් නම්…
    ඇත්තම කිව්වොත් මතක් වෙනකොට ඇඬෙනවා..

  3. Gayan Ruasinghe Says:

    කියල වැඩක් නෑ මචන් ඒ කාලේ නම්… කිව්වත් වගේ යාලුවෙක් තවා යාලුවෙක් ගෙන් බලාපොරුත්තු වෙන්නේ යාලු කමක් විතරයි.. උගෙ සල්ලි වත් වෙන මොකවත් නෙවෙයි…. මතක් වෙනකොට හරිම ලස්සන අතීතයක් ඒක…

    ජය…

  4. praveena Says:

    දැන් ඉතින් අර යට තියන පින්තූරේ ඉන්න දෙන්නාගෙන් ඔයා කොයි පැත්තේ ඉන්න කෙනාද?…:D

  5. මන්තරකාරි Says:

    ඇත්තටම ඒ කාලේ යාළුකම් තරම් හදවතට දැනෙන යාළුකම් තවත් නෑ. කොයි තරම් යාළුවෝ ඊට පස්සෙ හම්බු උනත් අර තරම් ලෙංගතුකමක් ඉතිරි වෙන්නෙ නෑ. මාස ගණනකට, සමහරවිට අවුරුදු ගණනකට දකින්නවත් නොලැබුනත් හොඳම යාළුවෝ කිව්ව ගමන් මතක් වෙන්නෙ ඉස්කෝලෙ යාළුවෝ ටික…

  6. සසීන්ද්‍ර Says:

    එකේදි එක ඉස්කෝලෙක, දෙකේදි තව ඉස්කොලෙක, ආයෙ 5දි තව එකක 😀 මොන්ටිසෝරි ගිහිනුත් නෑ, 10යෙදි වෙනම සෙට් එකක්, 11දිත්, 12හෙත් එහෙමයි. 5හේ ඉඳන් එකටම ඉන්නෙ අමුතුම යාලුවො ටිකක් එක්ක. ඇත්තටම යාලුවො නම් පට්ට!

  7. පිණිබිඳු Says:

    ඉස්කෝලෙ කාලෙ යාලුවො තරම් ඊට පස්සෙ හම්බෙන යාලුවො හිතට ළං වෙන්නෙ නෑ. කැම්පස් එකේ උනත් තමන්ට වාසියක් තියෙනවනම් විතරක් ලං වෙන අය ඉන්නෙ.

    ආ අනිත් එක මම ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ලබාගන්න ආසාවෙන්ම හිටපු දෙයක් තමා තුල් මාරු කරන පැන්සලක්. ඊට පස්සෙ කළු පාට ෆයිල් එකක්. ඕවා තමා ඒ කාලෙ වටිනම වස්තු.

  8. කෝඩුකාරයා Says:

    හොඳ යාලුවන්ගෙ මතක හැමදාමත් සදාකාලිකවම පවතිනව මචෝ……දැන් අපි දිහාම බලපන්කො.කවදාවත් දැකල නැති වුනාට අඩුම තරමෙ කෝල් එකකින්වත් කතා කරල නැති වුනාට මට හිතෙන විදිහටනම් මේ බ්ලොග් යාලුකම තව දිග කාලයක් පවතියි……එළ…මේකනම් කියවන්නම වටින පෝස්ට් එකක්.

  9. cjgayan Says:

    සහතික ඇත්ත මචං අදටත් මට ඉන්න යාලුවෝ ඔක්කොම වගේ ඉස්කෝලෙ එකට ඉගෙන ගත්ත එවුං. උඹෙ පෝස්ට් එක කියවනකොට මාවත් ඒ කාලෙට ගියා. අපි කරපු මගෝඩි වැඩ පිස්සු නටපු හැට අප්පා මොන තරම් සුන්දරද ?

  10. නවම් Says:

    දන්න කියල මිනිස්සු මිසක් යාළුවො හරිම දුර්ලභයි බං. මමත් කාලෙකට ඉස්සෙල්ල්ල මට ඉන්න එකම යාළුව ගැන මෙන්න මෙහෙම ලිව්වා. https://nawammawatha.wordpress.com/2010/12/22

  11. සිරි කොලුවා Says:

    අඩෙ පිශ් අයියෙ බොලා 8 වසරෙ ඉදලා ලව් සින් පටන් ගත්තෙ නෙද .. හිටු මම යශොදරා නගාට කියනවා අනිවා … 😀 😀

    සිරි මල්ලිටත් මෙ පොස්ට් එක කියවද්දි සහොදරයෙකුට වඩා ලඟ බැදිම් තිබුන බොහොම කුලුපඟ පාසල් මිත්‍රයින් දෙදෙනෙක් මතක් උනා.. හ්ම්ම්.. හැබැයි උන් දෙන්නම දැන් විදෙශගත වෙලා නිසා තියන සම්බන්ධතා බොහොම දුරස්… දුක හිතුනා මතක් වෙද්දි 😥

  12. මධුරංග Says:

    මං ඉස්සර හරීම ආසයි මක්ක කෑලි කන්න. සුවද ගහන මක්ක කෑල්ලක් කාපු නැති දාට නින්ද යන්නෙත් නෑ.

  13. ගිනි කුරුල්ලා Says:

    තමන්ටම කියලා මෙලෝ දෙයක් නැති කලේක ජීවීතයට ලං වෙච්ච අය තමා ගොඩක්ම වටින්නේත මොකද අපිට නැතිවෙන්න දෙයක්,ඇති දෙයක් නැහැ කියලා දැන දැන තමයි ජීවිතයට ලං වෙන්නේ… ඒත් අතේ මිටේ සල්ලි, වාහන තියෙන කාලේක ලං වෙන්න හදන අය ගැන අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ මොකද ඒ දෙවල් නැති වෙනකොට අර සල්ලි වලට එන යාළුවෝත් අතුරුදහන්වෙනවා…

    පරණ යාළුවෝ ටික ඇප්.බී එකෙන් වත් හොයමු…….

  14. Tamara Says:

    මට යාලුවෝ ඉන්නවා කියල මං හිතාගෙන හිටියා.ලගකදී තෙරුන් ගත්තේ යාලුවෝ කියල ලග ඉදල තියෙන්නේ නමට යාලුවෝ කියල. හම්බ උන කිහිප denat උදවු පදවූ walatai යාලුවෝ වෙලා තියෙන්නේ.හරි sanipai දැන ගත්තාම ඉතින්.
    .හරිම dukai ඇත්ටටම මට tawama හොද යාලුවෙක් හම්බ වෙලා නැහැ.
    මම බලාපොරොත්තුවෙන් ඉන්නවා කවද හරි ඇත්ටටම හොද යාලුවෙක් මට hambawei කියල. 🙂

    මේ සිංහලෙන් ලිවිල්ල නම් එපා වෙනවා අප්පා.

  15. සාතන් Says:

    යාලු මාලුවො ගැන නම් කතාකරන්න බෙහොම දේවල් තියෙනව… උඹට වගේම ඉතිං මටත් ඉන්නව බොක්ක ගලවල දෙන මට්ටමේ බුවාල 3 දෙනෙක්…

  16. dinesh umagiliya Says:

    ඉස්කෝලේ යනකාලේ ඇතිවෙන යාළුකම් කවදාවත් අවසාන වෙන්නේ නෑ.. මොකද පොඩි කාලේ ඉදන් ඒ තියෙන මිතුදම බැදීම අපෙන් ආපහු ඉල්ලන්නේත් ඒ බැදීමම විතරක්මයි….

  17. The Lion Says:

    බොහොම ස්තූති මචන් ආයෙත් පොඩි කාලෙට ගියා ………..:D

  18. කල් Says:

    ඉස්කෝලෙ කාලෙ ඉදපු යාලුවො ගොඩක් වෙලාවට බොක්කෙන්ම ඉදපුඅය.පස්සෙ හමූවුන අය නෑ කියනව නෙවෙයි.එත් ඒ දවස් වල හැම දේම වගේ කලෙ සෙට් එක එකටමනේ..ඒ වගේම හැමදාම බොක්කෙන්ම ඉන්න යාලුවො ලබන්න පින් කරන්න ඕන…:D 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: