මේක අපේ ඔෆිස් එකේ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් පොරකට වෙච්චි දෙයක්… හෙන චූටි කතාවක්, ආයෙ මේක දිග්ගස්සලා ලියුවයි කියලා තේරුමකුත් නෑ. මොකද කතාව පුංචි වෙන තරමට තමා රස වැඩි.
මේ කියන මෑන් ගෙදර ගිහිල්ලා කාලා බීලා එහෙම සැපට නිදිලු. ඔන්න ඔහොම නිදාගෙන ඉද්දී මූට උංගේ මවුතුමී ඇවිත් කතා කරනවලු…
හපෝ මෙහෙමත් විනාසයක්… මේ බලහල්ලකෝ, මේ පිංගුත්තරයා පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදියගෙන ඉන්න හැටි… ඕයි පුතේ… අන්න බං වත්තට හොරු පැනලා පොල් කඩනවා…යකෝ නැගිටපං ….
අපේ එවුන් කතාව යවන්නේ අතින් දාලා සාරවත් කරලා නිසා මං ලියන්නේ මගේ අදහස් නැතුව, ඔරිජිනල් විදියට. බැලින්නං සීන් එක වෙලා මෙහෙමලු. මේ මෑන්ස්ගේ වත්තට හොරු ඇවිල්ලා. ඇවිල්ලා තියෙන්නේ පොල් හොරු. පොරගේ ගෙදර ඉඳන් මිටර් 10ක් විතර ඇතින් තියෙන පොල් ගහක ගෙඩි පොල් කඩනවලු පාන්දර ජාමේ. පොල් කඩලා බිම දාන සද්දෙට තමා මුංගේ අම්මට ඇහැරිලා තියෙන්නේ. හැබැයි මූ සිරාවටම නිදාගෙන ඉඳලා තියෙන්නේ. මීටර් 10ක් විතර ඈතින් පොල් ගහක ගෙඩියක් තනකොල ගොල්ලකට වැටුනත් වහින්නේ නැත්තං හරි, වෙන මුතුක් ඝෝෂාවක් නැත්තං හරි රෑට ඇහෙන්නෙ නැතුව යන්න විදියක් නැහැනේ. අනික් මූ බැඳලත් නෑ… බැඳලනම් පොඩි සමාවක් තියෙනවා රාත්‍රි වැඩමුරයෙත් වැඩ කරලා නිදා ගන්න ගියාම මහන්සි නිසා. කොහොම හරි පොරට ඇහැරිලා නෑ… ඒක තමා මෑන්ස්ගේ මවුතුමී අර විදියට අමතලා තියෙන්නේ….
ඊට පස්සේ අම්මගේ කෑගැහිල්ලට ඇහැරිච්ච මූට අම්ම සීන් එක කියලා. පස්සේ ඔන්න කොට්ටෙ ගාව චාජ් එකට ගහලා තිබ්බ ෆෝන් එකත් කලිසමේ සාක්කුවට දාගෙන කෑලි පහේ ටෝච් එකකුත් අරගෙන මූ යනවලු පොල් ගහ ගාවට. යන ගමන් ටෝච් එක ගහලා ගහේ මුදුනට… අම්මට සිරි බඩුම තමයිලු… හොරා ගහේලු. පිහියක් කටේ තියාගෙන මූ පොල් තෝරනවලු ගහේම ඉඳන්…
ඒ අස්සේ අර ටෝච් එලිය වැදිච්ච පාර හොරා ගහේම ඉඳන් පිහියත් කටින් අතට අරගෙන, අපේ මෑන්ස්ට සද්දේ දානවලු… අඩෝ කැ** තොගේ අම්මට හු* ගන්නේ නැතුව පල ගෙට… කියලා. මූ හොරා වුනත් හෙන දරුණු ඩයල් එකක් වගේලු අපේ බූරු පැටියට පේනනේ. ඇයි ඉතිං ගහේම ඉඳගෙන අරවගේ ටෝක්ස් දෙද්දි…. දැං මූටත් කට උත්තර නෑලු… අඩුගානේ හොරාව අල්ලන්න ගිහිං තියෙන්නේ පොලු කෑල්ලක් වත් අරගෙන නෙමේ…
ඒ මදිවට අපේ පොරත් වැඩිය වලියට බර ඩයල් එකක් නෙමේ… නිකං ගෑණු හෝමෝන මික්ස් වෙච්ච ගතියක් තමා තියෙන්නේ. ඒ මදිවට මුංගේ ගෙදර ඉන්නේ අම්මයි පුංචි අම්මයි මූයි විතරලු. තාත්තයි බාප්පයි කොහේ හරි ගමනක් ගිහිං තමා ඉඳලා තියෙන්නේ එදා. දැන් ඉතිං ගෙදර ගෑණු දෙන්නගේ ආරක්ෂාව භාර මූට නිසා… පොරගේ ශරීරේ තියෙන ඔක්කොම පිරිමි හෝමන ටික එකතු කරගෙන පුරුස දහිරිය අරගෙන කෑගනවලු…
ඒ හොරා අයියා… මේ මං අපේ බල්ලව ලෙහලා ගහ මුලට එවන්න කලින් බැහැපන් ගහෙන්… මේ මේ…. මේ බලපං… ෆෝන් එකත් අතේ තියෙනවා. මං පොලීසියට කෝල් කරනවා…..
එහෙම කියද්දී හොරා ගහේ ඉඳන් හිනා වෙනවලු මූට. මූත් ඉතිං ටෝච් එක ගහට ගහගෙනනේ ඉන්නේ… මෑන්ටත් පේනවා හොරා ගහේ ඉඳන් හිනාවෙනවෙනි හැටි…
පස්සේ මූ කියවලු…
නපුරු ෂොරා…. ඔයා නපුරා… අපේ පොල් කඩලා ඒ මදිවට ගහට වෙලා තව හිනාත් වෙනවා. බැහැලා යනවා ඕයි අපිට නිදාගන්න දීලා….
හොරාට මොන හිනාද… ඌට කරන්න පුළුවන් වෙච්චි හොඳම පොල් හොරකම මේක වෙන්න ඇති. ඒ අස්සේ අපේ ඩයල් එක පොල් එකතු කරනවලු හොරාට බැන බැන.
බලනවා ඕයි තමුසේ නිසා මට මහ රෑ පොල් අහුලන්නත් වුනානේ… කිය කිය මූ පොල් ටික ගෙට අදිනවලු. කොහොමහරි පුතන්ඩියාගේ තරම දන්න අම්මයි පුංචියි එකතු වෙලා හොරා ගහ ගලෝගෙන ගියදෙන් කියලා මූව ගෙට දාගන.
පස්සෙන්දා ඇවිත් තමා පොර ඇඟේ මයිල් ටික කෙලින් කරගෙන අපේ ෆැක්ට්‍රියේ උගේ යාළුවන්ට සීන් එක කියලා තියෙන්නේ. ඊට පස්සේ උං තමා කතාව මේ විදියට සංස්කරනය කරලා තියෙන්නේ…. හැබැයි ඇත්තටම මූ හොරාට මුකුත් කරලත් නෑ හොරා මූට මුකුත් කරලත් නෑ…. අනිවා ඌ කපටි ෂොරා වුනත් පොරටත් දුක හිතෙන්න ඇති මෑන්ස් ගැන.
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 9:18 ට
මොකටද නිකන් කේස් දාගන්නේ නිකන් පොල් කඩලා දුන්න නිසා…. පොල් ටිකත් ගෙට ගෙන සද්ද නැතුව හිටියනම් හරිනේ?? පොල්ගහකට නගින්න කීයක් ගන්නවද???
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 10:36 ට
ඒ දවස් වල නම් රුපියල් 10ක් විතර දැන් නම් දන්නේ නෑ බං… අඩෝ උම හිතුවද මං පොල් කඩනවා කියලා මගෙන් ගාන අහන්නේ… 😀
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 4:23 ට
බැහැනෙ ඉතින්….. කොච්චර වැදගත් රස්සාවක්ද? ඇයි නිකන් අමුතු විදිහට අහන්නෙ……..?
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 4:54 ට
හරි හරි බං ඒක අතෑරලා දාපං… 🙂
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 9:35 ට
මරු පොරක්නෙ… පව් යකෝ උඹල ඌට මඩ ගහන්නෙ…
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 9:48 ට
පවු තමා බං… ඒත් ඉතිං ජොලියටනේ…
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 9:56 ට
පව් බොල ඒ අහින්සකයා.. හෙහ් හෙහ් මටි ටෝකක් නෙ පොර දීල තියෙන්නේ.. හෙහ් හෙහ්
ජය..
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 10:00 ට
ඉතිං බං අහිංසකයා වුනත් ඌට තිවුනා අහල පහල එවුන්ට ඇහෙනන හරි කෑගහන්න…
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 9:56 ට
ඔය කියන එකාට ගස් නගින්න බැරිද බං. නැත්තං අපරාදෙ ගහ උඩ ෆයිට් එකක් බලන්න තිබුනා (කටින්)
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 10:01 ට
ගස් නගින්න බැරුව ඇති මං හිතන්නේ…
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 9:57 ට
😀 මචන් මාලු ඌටනම් මාර පිරිමිකමක් තියෙන්නෙ.ඒත් හොරා කඩපු පොල් ඌ ගෙට දාල තියෙන්නෙ ඒකත් නිකන් කඩල දෙන්න ඇවිත් කියල හිතන් වෙන්න ඇති.
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 10:02 ට
මං හිතන්නේ බං කතාව අපේ එවුන් සම්පුර්ණයෙන් කනපිට ගහලා… සමහරවිට හොරා මූට කනට ගහලා ගියාද දන්නෙත් නෑ බං… අර මෑන්ව බයිට් කරන්න කතාව සෑහෙන්න සංස්කරනය කරලා තියෙන්නේ…
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 10:55 ට
හොරා ගහේ ඉදිද්දි ගහ කපලා දැම්මානම් වැඩේ හරිනේ.. අයේ හොරා පැත්ත පලාතේ එන්නේ නෑ පොල් කඩන්න..
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 12:33 ට
එතකොට නඩුවට යන්නේ උඹද?
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 11:40 ට
හිකිස් පව් ඕයි අහිංසකයා. මඩ ගහනවා නේද…..
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 12:34 ට
ඉතිං දෙයියනේ ඌට ඇවිත් වීරයා වගේ කියන්න හොඳනම්… අපි බයිට් කරාම මක් වෙනවද?
2011 සැප්තැම්බර් 9 දින පෙ.ව. 11:54 ට
බලන්ඩ මේ දවස් වල පොල් කඩන්න මනුස්සයෙක් හොයා ගන්න තියෙන අමාරුව. මෙහෙම නොමිලේ පොල් කඩලා දීලා යන සේවාවක් කොච්චර වටිනවද. අනික දිවා රාත්‍රී සේවය. ආ නෑ නෑ රාත්‍රී සේවය.
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 1:25 ට
හික් හික්!! හිනාවෙලා පණ යනවා මචෝ. ඉතිං හොරා පහුවදත් ඇවිත් නැද්ද පොල් කඩන්න?
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 2:03 ට
ඒ ගැන දන්නේ නෑ බං… හොරාට දුක හිතෙන්න ඇති බං.
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 2:22 ට
hiks. niyamai . pol tika nikamma kadagaththane tikak baya unata mokada neda?
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 4:14 ට
ඔය ටික ඌට කිව්වනම් එහෙම මට අහගන්න තිබ්බා රත්තරං වචන වලින්…
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 5:16 ට
අන්න මොලේ තියන මිනිස්සු. ඕවට පොලිසි ගානේ ගිහින් වාත් වෙන්න ඕන නෑ නෙ. හොරාට කියලම පොල් ටිකත් කඩාගත්තා, වැඩෙත් ගොඩින් බේරගත්ත.
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 7:38 ට
ඒකත් හැබෑව බං…
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 5:49 ට
මේ කතාව බ්ලොග් ටැංකියේ පදිංචි ගෝල්ඩ් ෆිෂ් බුවාට සත්‍ය වශයෙන්ම සිදුවූ සන්තෑසියක් බව ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කර සහතික කරමි.
henryblogwalker the Dude
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 7:39 ට
හිහ්.. වෙලාවට අපේ වත්තේ පොල්ගස් නෑ…. ඒක නිසා ඔය බොරු චෝදනා වලින් මං නිදහස්….
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 5:56 ට
හොරාට හිතෙන්නැති මූගෙ වත්තට ආවෙ අපරාදෙ කියල.ඌට අර මිනිහ ගැන දුක හිතිල ගහ උඩම තනි ඇහැට ඇඬෙන්නැති……හික්zzzzz….
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 7:40 ට
තනි ඈහැට නම් මංදා පොර අපේ එකාගේ කතාවට හිනාවෙලානම් තියෙනවා…
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 7:23 ට
දැංකාලේ ඉතින් පොල් ගහකට හොරෙක් නැග්ගා කියන්නේ ගෙදරකට පැන්නා වගේම තමයි.. ඇයි දැන් පොල් සැහෙන ගනන්නේ.. මොනවා උනත් පොර හොරාට බැන බැන හරි පොල් ටික ගෙට දාපු එකනම් නියම වැඩේ..
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 7:40 ට
මට පුදුම මූට ගුටියක් වත් නොදී හොරා ගහෙන් බැහැලා ගිය එක ගැන බං…
2011 සැප්තැම්බර් 9 දින ප.ව. 10:30 ට
අඩෝ පොරවක් ගෙනල්ලා තර්ඦනේ කරන්න තිබ්බා .. “බැහැපන් ඩෝ බිමට නැත්තං කපනවා ගහ” කියලා කීවා නම් මූ බය වෙලා ගහෙන් වැටෙනවා සුවර් .
කොහේද උඹලෑ යාලුවෝ ටිකක් හදලා ගන්න උඹලා දැනගන්න එපෑය
2011 සැප්තැම්බර් 10 දින පෙ.ව. 8:05 ට
අපේ අවුන් හදන්න අපි….? ගෙවල් දොරවල් කුදලගෙන යන්න වෙයි බං…
2011 සැප්තැම්බර් 11 දින ප.ව. 8:52 ට
අපේ පැති වල තියන පොල්ගස් හෙණ උසයි.. තනියම නගින්න බෑ.. දෙන්නෙක් වත් ඕනි..
එකෙක් බාගෙයක් නගිනව, අනිත් එකා ඉතුරු බාගේ නගින්නේ..
2011 සැප්තැම්බර් 11 දින ප.ව. 9:19 ට
ඈ… ඒ කොහොමෙයි ඒ?