මෙලෝ රහක් නැති මතකේ……

හදවතේ තැනක හැංගිලා තියෙන පුංචි පුංචි මතක අහුරු සැරෙන් සැරේ හිත අස්සට කිමිදිලා මොනාද හොයන්න දෙන ට්‍රයි එකෙන් දැන් හෙනටම හෙම්බත් වෙලා.  කරන්නම දෙයක් නැති කමට හිත කූල් ඩවුන් කරගන්න පුළුවන් කියලා හිතෙන හැම දේම කරනවා.

ම්හු… හරියන්නේ නෑ… මේ මතක කන්දරාව බ්ලුමැන්ඩල් කුණුගොඩට විසික්කා කරන්න විදියක් දන්න කවුරුවත් නැතුව ඇති. ඒක නිසා ඉතිං ඒ ගැන කාගෙන්වත් අහලා වැඩක් නෑනේ…! වැඩිය ඕනේ නෑ, මල පෙරේතයෝ, කුම්භාන්ඩයෝ වගේ එවුන්ව අල්ලලා බෝතල් වලට දාලා ගඟේ මූදේ දානවා වගේ, මේ ඔලුව ඇතුලේ පිරිලා තියෙන මතක අහුර කම්ප්‍රෙස් කරලා පොඩි දුඹුරු පාට මාමයිට් කුප්පියකට දාලා කෙම් ෆික්ස් ගම් එකෙන් මූඩියත් අලෝලා ඝන අඩියක කොන්ක්‍රිට් කියුබ් එකක මැද්දට දාන්න පුළුවන් වුනානම්….!

එහෙමත් නැත්තං ඔච්චර ධනාත්මක වෙන්නේ නැතුව, බ්‍රෙන් කැප් වගේ මොකක් හරි හුට්ටප්පරේකින් මතක පොදිය එලියට ඇදලා අරං නැවත විකාශයක් කරලා, දැන් තියෙන එල්.ඊ.ඩී ස්ක්‍රීන් එකකට වීඩියෝ අවුට් පුට් එක ගහලා 7.1 සබ් එකකට ඕඩියෝ අවුට් එක ගහලා සරවුන්ඩින් කරලා පෙන්නුවනම්…! එත‍කොට ඉතිං ආයේ අමුතුවෙන් දේවල් එකතු වෙන්නේ නෑනේ… අර මතක ටිකමනේ රිපීට් වෙන්නේ…! එතකොට තව අවුරුදු සීයක් ගියත් මට මතක අවුරුදු විසි ගානක එව්වා විතරයි… අනික දැක්කට වැඩිය හොඳට පැහැදිලිව ලස්සනට පේනවානේ… හිත හදාගෙන මතක් කරන්න බැරි එව්වා ඉඳන් කට ඇරගෙන බලන්න පුළුවන් වෙයි…! කාමරේට වෙන් කරගෙන ඇතුලට ලා ක්‍රීම් පාට ගාලා ඒසී කරලා සෙල්සියස් 24ට විතර දාලා උණු කෝපි එකකුත් එක්ක ට්‍රිපල් ලේයර් ඩබල් ඇඳකට බලන්න තිබ්බනම්…! ආයෙ ඉතිං නිෂ්පාදනය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂනය, කැමරා කරණය, ආලෝක කරණය අනං මනං ඔක්කොම තනියම කරගන්න පුළුවන්නේ… කැමරා ඈන්ගල් එක හරියන්නේ නැත්තං අර ඩීවීඩී වල තියෙනවා වගේ තව කැමරා එකකින් වෙන ඈන්ගල් එකකින් මතක එව්වා බලාගන්න බැරියෑ… ආයෙ මොකෝ මතක චිත්‍රපටිය රන් වෙන ගමන් රියල් ටයිම් එඩිටිං, ලයිටිං කරන්න කාගෙන් තහනමක්ද….?

එතකොට ඉතිං මෙච්චර කල් ලයිට් එක අල්ලපු එවුංට තමා රස්සා නැතුව යන්නේ… කමක් නෑ ෆිල්ම් එක යන ගමන්, ඇ‍ඳෙන් බිමට බැහැලා එහෙ මෙහෙ යද්දී කකුලේ පැටලෙන වයර්, කේබල් වගේ ඒවා ටික අස්කරන්න තියාගන්න පුළුවන්නේ ලයිට් කාරයින්ව. ඕනෙ නං එයාලගෙත් මතක ෆිල්ම් කෑල්ලක් දාගන්නවා මැද්දට…. හරියට අර ටෙලි නාට්‍ය වල විනාඩි පහෙන් පහට ඇඩ් දානවා වගේ. සමහර එව්වා දැම්මම කතාවේ වෙන දේත් මතක නෑ…. ඒත් ඉතිං හැම වෙලාවෙම එහෙම වෙන්නේ නෑනේ….!

ඇත්තමයි මිනිස්සුන්ගේ මොලේ මේ තරම් මෙමරියක් එක්ක හැදුනේ ඇයිද මන්දා… මේක හරියට රබර් වගේනේ… දෙයක් කරන්න කරන්න ඒක මතක හිටිනවා… මට තේරෙන්නේ නෑ මොන විදියට මේක මනින්නද කියලා… ගිගා බයට්…, ම්හු… හරියන්නේ නෑ… එහෙනම් ටෙරා…. නෑ ඒත් මදි….! මේ මෙමරිය ගැන ඕනෙ වට වැඩිය හිතන්න ගියොත් එහෙම මටත් අංගොඩ ලගින්න වෙනවා ඉක්මනට… එත‍කොට නම් හැබැයි පොඩි ෆන් එකක් ගන්න පුළුවන් බිලි පිත්තක් බේසමකට දාගෙන මාළු බාලා….! මෙගාබයිට් 1024ක විතර ජුංඩං රැම් එකකුයි අවුරුදු පහනකට හැටකට හරියන හාඩ් එකකුයි තිබ්බනම් ගති…. ප්‍රොසෙසරේත් ඉතිං මහ ලොකු ගානක් ඕනේ නෑනේ… උපරිම කෝ අයි ත්‍රී තිබ්බනම් ඇති… මොකෝ ඉතිං කම්පනා කරලා වැඩක් කරනවා කියලයැ…. අනික වැඩේ කරල කල්පනා කරන්නෙත් නැහැනේ…..! ඉතිං මොනාද ප්‍රොසෙස් කරන්න තියෙන්නේ…?

හැබැයි ඉතිං පවර් යූපීඑස් පවර් සප්ලයි එකක් නම් ඕනේ මයි… නැත්තං ඉතිං මේ රටේ කරන්ට් යන විදියට මතක අහුරත් එක්කම මැසිම කූරියා ගහනවා. අනික ඉතිං ප්‍රධාන බලසැපයුම නැතුවුනාම බැකප් තියෙන එක හැමදේකටම හොඳයිනේ….! දුකක් ගින්නක් නැතුව දිගටම රැඳීසිටින්න ඇහැක් වෙන්නේ එත‍කොට තමා.

ඒත් ඉතිං ප්‍රධාන සැපයුමෙන් එන ඇම්පියර් එකම ලැබෙන්නේ නැති වුනාමනම් දුකයි තමයි…! මොනා කරන්නද ඉතිං ලැබෙන හැටියට කනවා බොනවා මිසක්…. සමහරු ඕකට‍නේ කියන්නේ ලද දෙයින් සතුටට පත්වෙනවා කියලා… අනේ මන්දා මට නම් ඔය වචන සැට් එක පෙන්න බෑ… ඇයි දෙයියනේ එහෙම ලද දෙයින් සතුටට පත් වුනොත් හෙම මිනිස්සු හැමදාමත් එක තැනනේ… කිසිම දියුණුවක් නෑනේ…!

එහෙමයි කියලා තව තව එව්වා ලබාගන්න ගියාම තමා මතක පිටු පෙරලිලා, හදවත අස්සේ මතක අහුරු ගොඩ ගැහෙන්නේ…! පස්සේ ටික කාලයක් යද්දී ඕං හිමිං හිමිං අර එකතු වෙච්චි මතක පොදි එබිකම් කරන්න ගන්නවා හිතට….! ඊට පස්සේ තමා ආයෙමත් මේ පෝසට් එක මුල ඉඳන් කියවන්න වෙන්නේ….!

Advertisements

31 Responses to “මෙලෝ රහක් නැති මතකේ……”

  1. cjgayan Says:

    සබ්ජෙක්ට් එකෙ තිබ්බා වගේම තමයි මෙලෝ රහක් නැ,, ඇත්තටම ඔය මතකය ෆෝමැට් කරගන්න විදියක් ඇත්තෙම නැද්ද ? අර සමහර ෆිල්ම් වල තියෙනව වගේ…..

    • ගෝල්ඩ් fish Says:

      පුළුවන් ඇති බං.. ඒත් මටනම් ලෝබයි බං

      • ගිනි කුරුල්ලා Says:

        අයියෝ සිම්පල් බන්. මකන්න පුළුවන්.. 2×2 පොල්ලක් අරන් සෙකන්ඩ්‍රි ස්ටෝරෙජ් එක තියන හරියට දෙන්න තියෙන්නේ.. හැබැයි පාර ටිකක් සැර උනොත් ප්‍රොසෙසරේට බඩු හෑව්…

      • ගෝල්ඩ් fish Says:

        උඹට ඕනේ කමක් නැද්ද මතකේ ඩිලිට් කරගන්න…. 😛

  2. Gayan Says:

    ඇත්තටම මාලුවෝ ඔක හැමොටම තියෙන ප්‍රශ්ණයක් නැතුවත් බැරි ඇතුවත් අපේ අතිත මතකයන්

  3. පිණිබිඳු Says:

    ඔය මතකෙ තමා අපිව කන්නෙ. ඇත්තටම.

  4. කෝඩුකාරයා Says:

    ඇත්තටම අයියෙ අපේ මතකෙ ඒ විදිහට එල්.ඊ.ඩී ස්ක්‍රීන් එකකට ගන්න තිබුනනම් ඒක මෙමරි චිප් එකකට දාගන්න විදිහට ප්‍රෝග්‍රෑම් කරන්නත් තිබුන.එතකොට ඉතින් අපේ මතක මේ විදිහට ටයිප් කර කර ඉන්නෙ නැතුව වීඩියෝ එකක් විදිහට බ්ලොග් එකට දාන්න පුලුවන්නෙ….නේද…….?

  5. අකීකරු හිත Says:

    අපෝ ඔය මතකේ ගැන මතක් කරන්න එපා….

  6. මන්තරකාරි Says:

    අද පෝස්ට් 1 හවස් වෙනකන් පරක්කු උනේ මතකය ලියන්නෙ නැතුව වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ට්‍රයි කරාද?
    මතකයේ කොයි තරම් ලොකු උනත් ඉගෙන ගන්න මෙලෝ දෙයක් මේකෙ තියෙන්නෙ නැති හැටි. මං හිතන්නේ එව්ව හාඩ් එකට යවන්නෙ ෆිල්ටර් කරලා…
    හැමෝගෙම මතකයන් එහෙම ස්ක්‍රීන් එකකට ගන්න පුළුවන් උනානම් අපිට ෆිල්ම් බිලියන 6.9ක් බලන්න තිබුනා…

  7. sulagawageawidin Says:

    ඔය මතකය ෆෝමැට් කරන්න ක්‍රමයක් තියේ නම් කොච්චර හොඳද

  8. pissa palaamalla Says:

    තිත්ත උනත් පැනිරස උනත් මම ඔය මතකයට ආසයි… ඒක එහෙම්ම තිබිච්චාවෙ….

    උබටත් හිතෙන දේවල් අම්මප..

  9. henryblogwalker Says:

    මාලු…

    මතකද මේ කොමෙන්ට් එක? හික්ස්.

    “මූට මැන්ටල් හොඳ එක… ”

    ඔන්න මටත් චාන්ස් එකක් ආව ඒකෙන්ම රිටර්න් එක දෙන්න.
    හූ ………………………

    විහිලුවක් කලේ.

    මං අහලා තියනවා අයින්ස්ටයින් වගෙ ඩයල් එක වුනත් පාවිච්චි කරල තියෙන්නෙ ෆුල් කපැසිටි එකෙන් 10%ද කොහෙද කියලා. ඉතිරිය නිකම්මලු.

    henryblogwalker the Dude

    • ගෝල්ඩ් fish Says:

      අඩෝව්….

      හරි බං වචන තියෙන්නේ දීලා අරින්න තමා… ඒත් මට පුදුම උඹේ මතකේ ගැන…

  10. Alchemiya Says:

    මගේ නම් මතකය ෆෝමැට් කරන්න කිසිම අවස්ථාවක කැමති නැහැ….
    යම් යම් අමිහිරි දේවල් ගිබුණත්, ඒකත් ජීවිතේම කොටසක්… මම ඒ මතක වල ගිලිලා ඉන්න හරිම කැමතියි…

    ඒ වගේමයි…….බුදු අම්මෝ… මගේ මතකෙ තියෙන දේවල් LED Screen…එකකට ගත්තොත් අහල පහල එවුන් ගහලා පන්නනවා…. ( ඒ තවත් පැත්තක්)

    ඒ මදිවට සමහර විෂය කරුණු පොත් පිටින් එලියට එනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා…..
    (මට පුංචි ලෙඩක් තියෙනවා සමහර කියවන දේවල් පිටු අංක පිටින් මතක තියෙන ප්‍රශ්නයක්)

    ඇත්තෙන්ම ගෝල්ඩ් ෆිෂ් ලගේ මතකය විනාඩි 5 කට වඩා තියෙන්නේ නැහැ…. ඒකයි ඉක්මනින් අමතක වෙන අයට ගෝල්ඩ් ෆිෂ් කියලා කියන්නේ…. (මගේ රසායනාගාරයෙත් ඒ වගේ දෙන්නෙක්ම ඉන්නවා)

    • ගෝල්ඩ් fish Says:

      අර ගහලා පන්නන සීන් එක නම් මටත් එහෙම්මයි අයියේ…

      මං ඒක ලියන්නත් හදලා ආයේ මොකටද නිකං කතා අහගන්නේ කියලා මං නොලිය හිටියා….

  11. හිස් අහස Says:

    නියම රිකවරි මෘදුකාංගයක් තියනවා අන්න ඒක භාවිතා කරන්න මගේ මිත්‍රයා .. ඒකෙන් පුලුවන් සිත තුල සැඟව ගිය ඕනෑම දත්තයක් සුටුස් ගාලා ලබා ගන්න ..

    මෝහනය ..

  12. Gimhani Says:

    අනේ මන්ද මල්ලී මගේ කරුමෙකටද උරුමෙකටද කියල පුදුම මතක ශක්තියක් මටත් තියෙන්නේ..පුදුම උත්සාහයක් ගන්නව මේක ෆෝමැට් කරන්න. ඒත් ඉතින් මිහිටි අමිහිරි දෙකම ෆෝමැට් වෙයි කියලා බයයි…
    ඒත් ඉතින් අමිහිරි මතකයන් තුලිනුත් ජීවිතේට ලොකු පාඩමක් එකතු වෙනවා…නිතරම warning messages එනවා..

  13. මධුරංග Says:

    පරණ මතක ටික ආයෙම ගන්න පුලුවන් ක්‍රමයක් තිබ්බොත් ඒක මටත් කියන්න. එතකොට මගේ ජීවිතයේ පරණ මතක ටික මතක් කරගන්න පුලුවන් නේ.

  14. නවම් Says:

    මල්ලී හෙට මං ගෙවල් ලඟ ඉස්පිරිතාලෙට යනව ක්ලින්ක්, වරෙන් උඹත් මාත් එක්ක. දෙවේලෙන්ම ගොඩදාගන්න ඇහැකි කුරුවල් වෙන්න කලින්ම බෙහෙත් ජුන්ඩක් ගත්තොත්.

  15. දොඩන් Says:

    මතකයන් මිහිරි වුනත් අමිහිරි වුනත් මට නං ඒව වටිනවා. කාටවත් දෙන්නෑ මකල දාන්න.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: