මේ කතාව උණුම උණු කතාවක්. ඒ කියන්නේ වැඩිය ඇල් මැරිච්ච නැති ළඟදී සිද්ධවෙච්ච කේස් එකක්. ඒත්… මේක කුණුහබ්බ සම්බන්ධ සීන් එකක් නිසා ඒවගේ පෝස්ට් වලට අකමැති අය කියවන්නේ නැත්තං හොඳයි. මට මේකට මෙච්චර වයසක් තියෙන අයට විතරයි කියලා සීමා කරන්න බැහැ. මොකද දැන් ඉන්න ඕනෙ පොඩි එකෙක් කුණුහබ්බ ගැන දන්නවා. අනික කුණුහබ්බ කියන්නේ අපිම අකුරු එකතු කරලා හදාගත්ත එක එක ක්‍රියාකාරකම් වලට ආරූඩ කරගෙන වෙනත් නම් කියලා දන්නවනේ….
මේ කතාව වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එකේ… සිද්ධියට මුහුණ දීපු කෙනාම තමා කතාව කිව්වෙත්. ඒක නිසා බොරුවක් නෙමේ කියලා හොඳටෝම ෂුවර්.
ඉතිං කතාව මෙහෙමයි. අපේ ෆැක්ටරි එකෙත් අනිත් ෆැක්ටරි වල වගේ එක එක ඩිපාමන්ට් තියෙනවා. මේ සීන් එක වෙන්නේ පාර්ට්ස් ඩිපාමන්ට් එකේ. කොටස් ඇමුණුම් අංශය කියන්නේ ඒකට තමා. මේ අංශයෙන් සැපයුම් කරන විදියට තමා අනිත් අංශවල කාර්යයක්ෂමතාව රඳා පවතින්නේ. ඉතිං වැඩ කරන වෙලා වලදී ෆෝන් පාවිච්චි කරන අවම කරන්න කියලා තමා මැනේජ්මන්ට් එකෙන් කියලා තියෙන්නේ…
ඉතිං කොටස් අංශයේ එකෙක් ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ හෙනම ලොකු සීන් එකක්. ඒත් ඉතිං ගෙවල් වල හදිසි ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න වලට එහෙම අවුලක් නෑ. රස්සාව විතරක්ම නෙමේනේ ජීවිතේ කියන්නේ….! ඒත් ඉතිං ළමයි හම්බුවෙන්න කලින්ම මල් කඩගන්න තියාගත්තොත් නම් වැඩේ සුම්මා. ඒ කියන්නේ වැඩ කරන වෙලාවේ පෙම් කෙලීම තනිකරම තහනම්.
ඉතිං පහුගිය දවසක වැඩ කරන අතරෙදි අයියා කෙනෙක් මල් කඩනවලු එකසිය ගානට. විනාඩියක් දෙකක් නම් අවුලක් නෑ… ඒත් ඉතිං විනාඩි 10ක් කියද්දී තත්ත්වේ ටිකක් බරපතලයි. ඒ පාර ඒ මල් අයියා එක වැඩ කරන අනිත් සගයා ගිහිං මූට කතා කරන්න. බලද්දී මේකා ප්‍රේමෙන් මත් වෙලා… කට දෙපැත්තෙන් සෙවල බේරෙනවලු. ඒ මදිවට ලඟ තිබ්බ කනුවකට හේත්තුවත් දාගෙන ලෙසටම වැඩේ යනවලු. ඒ පාර ඉතිං අතින් පයින් සංඥා දාලා… වරෙන් යකෝ දැන් ඇති, කිව්වට මූ එන්නෙම නෑලු.
පස්සේ අනිත් අයියා මල් අයියගේ ලඟටම ගිහින් අනාගතේ ස්පර්ෂ කරලා. ඕකට අත තිබ්බම කාටද කේන්ති නොයන්නේ…! ඒ පාර මල් අයියට මල පැන්න පාරට අනිත් අයියට කියලා…
*කපං *ත්තෝ… කියලා
ඒ සැනින් ෆෝන් එකෙන් ටීක්… ටීක්… ටීක්… කියලා ලයින් එක ඩිස්කනෙක්ට් වෙන සද්දෙ ආවලු… ඊට පස්සේ කිසිම සද්දයක් නැතිලු.
බැලින්නම් ඒ අයියා මලක් කඩ කඩ නෙවේ ඉඳලා තියෙන්නේ පොරගේ ගෙදර වැඩකට දන්න කියන හාඩ්වෙයාර් එකක ගෑණූ කෙනෙකුට කතා කර කර ඉඳලා තියෙන්නේ…
දැන් අයියා ඕඩර් කරපු වැලි ලොරිය කැන්සල්ලු… අර ගෑණු මනුස්සයා අයියව දකින දකින පාරට ඔරවනවලු….
ඒ ඔක්කොමත් හරි කියමුකෝ… පස්සෙන්දා පොර ඇවිත් කියනවා…
බලපං බං අර ගෑනි දකින දකින වෙලාවට ඔරවනවා බං. මං මේ බයේ ඉන්නේ අපේ ගෑනිට කොයි වෙලේ කියයිද කියලා…. දැන් හැමදාම හවසට මට ගෙදර යන්න වෙලා තියෙන්නේ… ගෙදර ගියත් මං නසී… මග හිටියත් මං නසී කියලා හිත හිත බං….
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 7:32 ට
😀 පවු මිනිහා, මාළුවත් ස්පෝට්නෙ ඔය වැඩ වලට 😀
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 7:54 ට
අම්මෝ මං නම් නෑ බං….
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:09 ට
ඕකනෙ කියන්නෙ කරන වැඩක් මනා සිහියෙන් යුතුව කරන්න කියලා. පට්ට සීන් එකක්….
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:28 ට
පවු අර අහිංසකයා…
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:19 ට
ammo…ඇති ෆෝන් එකෙන්ම ගුටියක් නොදුන්න!
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:28 ට
එකම හොඳේ ඒක තමා… අපේ එවුන් බිව්වත් කවදාවත් ගහගන්නේ නෑ…
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:22 ට
මේක නම් මාළුවාත් සෙට් වෙලා දීපූ ගේමක්….
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:34 ට
අනේ නෑ බං.. මං හතර කොනක වත් නෑ…
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:29 ට
වැලි ලොරියක් ඕඩර් කරන්න විනාඩි 10 ක් යනවද?
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:35 ට
නෑ ඉතිං තව තව දේවල් කතාකරන්න ඇති…!
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:38 ට
මේක නම් වැලි ඕඩර් කිරීමට එහා ගිය එකක්ද කොහෙද.
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:35 ට
සමහරවිට වෙන්නත් ඇති… එව්වා ඉතිං අහන්න බැහැනේ අක්කේ…
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:43 ට
අනේ අපොයි මාලුවට වෙච්ච වැඩේ… හතුරෙකුටවත් වෙන්න එපා දෙයියනේ 😦 😦
😛 😀
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:36 ට
අඩේ මට නෙමේ බොල…..
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:47 ට
හික් මිනිහට වැලි කන්න හිතෙන්න ඇති..යාලුවො ඉන්නෙ ඔහොම පෝරියල් වලට නේන්නම්..
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:40 ට
ඒක නම් ඇත්ත….
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:51 ට
මට පෙනෙන්නේ මිනිහ මුළු මහවැලි ගඟම ගොඩදාන්නයි කතාකර කර ඉඳල තියෙන්නේ. රන් මාළුවා වැඩේ කාලා .. රන් මාළුවා කන්නෙත් නෑ කන එකාට කන්න දෙන්නෙත් නෑ වගේ.. හික්ස්…
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:41 ට
අනේ මේ අහිංසක මං කිසි දෙයක් දන්නේ නෑ අයියේ… සිද්ධිය අහවර වුනාම තමා මං දන්නේ….
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 9:55 ට
වැලි ලොරියක් ගැන කියල ෂුවර්ද?..
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 1:16 ට
වෙන්න ඇති බං… ඌ කොහොමත් මේ ටිකේ ගෙයක් හදන වැඩකට හිරවෙලා ඉන්නේ…
2011 සැප්තැම්බර් 6 දින පෙ.ව. 10:24 ට
ඔන්න ඔහෙ උන්ටත් අපේ කොම්පැණියට එන්න කියපන් බන්.දවසම මල් කැඩුවත් මොකෙක්වත් ඇහැක් ඇරලවත් බලන්නෑ..
අනෙ අම්මප උගේ වැලි ලොරිය..
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 1:17 ට
මොකද්ද බං කොම්පැනිය… නෝ ජොබ් එකද?
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 7:18 ට
ඇයි බං බලපන්කො මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් මම උඹේ යාලුවෙක්නොවැ..
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 7:59 ට
මගුලයි…. මම දන්න එකෙකුත් ඉන්නවනේ…
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 1:40 ට
එල සීන් එක වෙලා තියෙන්නෙ, කොහොමද ඒ ගෑනි තමන්ගෙ මනුස්සයට එහෙම කිව්වනං ටොපිය ………
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 6:08 ට
ඒක නම් කමක් නෑ කියමුකෝ… කොහොමද අර මෑන්ගේ ගෑනිට කිව්වොත් එහෙම මූ මට මෙහෙම කිව්වා කියලා…
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 2:01 ට
අර ගෑනිට ෆෝන් එකෙන් අත දාල අරූගෙ කන අතගාන්න හිතෙන්නැති…….ඔය කිවුවෙ උඹට වුන සිද්දියක් එහෙම නෙමෙයි නේද?
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 6:09 ට
මං ඔය වගේ අලුගුත්තේරු වැඩ කරනව කියලා හිතුවද බං…
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 4:02 ට
ඔය හිස්තැන් වලට එන්නේ එකම අකුර නේද බොල.. හෙහ් හෙහ්..
ජය…
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 6:09 ට
නැතුව නැතුව … ටිකිරි මොලේ….
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 5:46 ට
අනේ බං උඹලත් අහු උනානෙව උගෙ බොරුවට.
හාඩ්වෙයාර් එකක අඳුරන අක්කා කෙනෙක්…….. 😉
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 6:14 ට
අපි නම් ඉතිං ඇල් වතුරත් නිවලනේ අයියේ බොන්නේ….
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 7:11 ට
මොනවා උනත් gold fish ට වෙච්ච වැඩේ නම් හරි නැහැ , දැන් උඹ ගෙදර යන්නේ කොහොමද ?
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 7:58 ට
අවුලක් නෑ බං… මට බනින්න ඉන්නේ අපේ අම්මා විතරනේ…!
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 7:23 ට
හාඩ්වෙයාර් එකේ ගෑනුත් ඉන්නවද බන්,,,,,,,,,,,,,,,
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 8:00 ට
අප්පට සිරි ඒක දන්නේ නැද්ද බං… පානුත් තියෙනවා බොල.
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 6:29 ට
දෙයියම්පල්ල ඒකනම් සහතික ඇත්ත. මේ අපිත් මෙහෙ පාන් ගන්නෙ හාඩ්වෙයාර් එකෙන් බොල. විකුනනනෙත් ගෑල්ලමෙක්.
henryblogwalker the Dude
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 9:29 ට
මං කිව්වේ ඒකනේ බං…. බටර් වෙනුවට ග්‍රිස් ටිකක් ගනින්…. එතකොට රසායි….. 🙂
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 6:36 ට
මාලුවො මට කොමෙන්ට් එක පෝස්ට් කලාට පස්සෙ මතක් වුනේ. අර බ්ලැක් කිං බුවා හාඩ්වෙයර් එකේ ගෑනු ඉන්නවද කියන එකෙන් අදහස් කලේ ඔය ශවලක් සිමෙන්ති කොට්ටයක් වගෙ ගෑනුත් විකිණන්න තියෙනවද කියන එකද දන්නෙ නෑ නේද? පොඩ්ඩක් අහල බැලුවොත්..
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 9:31 ට
නෑ බං පොර අහන්න ඇත්තේ ජොලියට…. අපි ඉතිං ජොලි කොල්ලොනේ….
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 9:41 ට
ගෝල්ඩ් ෆිෂ් ඇත්තටම උඹට වැලි කැන්ටරයක් ගෙන්නගන්න විනාඩි 10 ක් කයිවාරු ගහන්න උනේ මොකද? වැලිද නැත්නං හරි හරි කමක් නෑ. තව දේවල් උනත් අපට කියපං.
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 7:13 ට
දයියා උඹත් එහෙනම් මේක මගේ අකවුන්ට් එකටම දැම්මා….
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 11:15 ට
මොකද ඔය වැලි ලොරිය ඕඩර් කරන්න ඔච්චර වෙලා යන්නේ ?
අයියා අපිට කුණුහබ්බ කියා දීලා අපිව නරක් කරනවා. හික්ස් 🙂
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 7:36 ට
අම්බෝ ඔව් ඔව්… උඹ තාම කිරිකැටියානේ….!
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 11:21 ට
ඔවු මම් තාම පුංචි එකා.
අර අන්තිමට කියපු වචනේ හොද වෙලාවට මම් හරි පැත්තටම කියෝ ගත්තා. 🙂
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 12:27 ට
ඔය ඉතිං පේනවනේ….
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 6:27 ට
මම නම් කතාව කියෙව්වේ නෑ ඕං…:)
වැලි ඕඩර් කරද්දී කටින් කෙල පෙරෙනවද?….:D
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 7:37 ට
අක්කා දන්න දේවල්….! අපි තාම චූටි ළමයිනේ, අපි ඔව්වා දන්නේ නෑ….
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:36 ට
යකෝ වැලි ලොරියක් ඔර්ඩර් කරන්න විනාඩි 10 ක් යනව කියන්නේ… ඕක පටවල බාන්න මාස 3 – 4ක් වත් යයිනේ…..
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 12:27 ට
අනිවා අනිවා
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 12:40 ට
හික් හික් … මරුම සීන් එකක්නේ වෙලා කියෙන්නේ… හිනාවෙලා පණ යනවා..
කෙල්ලට ඇත්ත සීන් එක කියලා ඉක්මනටම වැඩේ ෂේප් කරගන්නයි තියෙන්නේ.
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 12:51 ට
කෙල්ල නෙමේ බං ගෑණී….
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 11:16 ට
අපෝ ඔක වැඩිය ගනන්ගන්ඩ එපා.හි හී
කැත සීන් එකනෙ වෙලතියෙන්නෙ…ඔහොමදෙවල් මොනිස්සුන්ටමනෙ වෙන්නේ….
2011 සැප්තැම්බර් 8 දින පෙ.ව. 7:30 ට
මං මොකටෙයි ගනන් ගන්නේ…