ගෙදර ගියත් මං නසී… මග හිටියත් මං නසී….

මේ කතාව උණුම උණු කතාවක්. ඒ කියන්නේ වැඩිය ඇල් මැරිච්ච නැති ළඟදී සිද්ධවෙච්ච කේස් එකක්. ඒත්… මේක කුණුහබ්බ සම්බන්ධ සීන් එකක් නිසා ඒවගේ පෝස්ට් වලට අකමැති අය කියවන්නේ නැත්තං හොඳයි. මට මේකට මෙච්චර වයසක් තියෙන අයට විතරයි කියලා සීමා කරන්න බැහැ. මොකද දැන් ඉන්න ඕනෙ පොඩි එකෙක් කුණුහබ්බ ගැන දන්නවා. අනික කුණුහබ්බ කියන්නේ අපිම අකුරු එකතු කරලා හදාගත්ත එක එක ක්‍රියාකාරකම් වලට ආරූඩ කරගෙන වෙනත් නම් කියලා දන්නවනේ….

මේ කතාව වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එකේ… සිද්ධියට මුහුණ දීපු කෙනාම තමා කතාව කිව්වෙත්. ඒක නිසා බොරුවක් නෙමේ කියලා හොඳටෝම ෂුවර්.

ඉතිං කතාව මෙහෙමයි. අපේ ෆැක්ටරි එකෙත් අනිත් ෆැක්ටරි වල වගේ එක එක ඩිපාමන්ට් තියෙනවා. මේ සීන් එක වෙන්නේ පාර්ට්ස් ඩිපාමන්ට් එකේ. කොටස් ඇමුණුම් අංශය කියන්නේ ඒකට තමා. මේ අංශයෙන් සැපයුම් කරන විදියට තමා අනිත් අංශවල කාර්යයක්ෂමතාව රඳා පවතින්නේ. ඉතිං වැඩ කරන වෙලා වලදී ෆෝන් පාවිච්චි කරන අවම කරන්න කියලා තමා මැනේජ්මන්ට් එකෙන් කියලා තියෙන්නේ…

ඉතිං කොටස් අංශයේ එකෙක් ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන්නේ හෙනම ලොකු සීන් එකක්. ඒත් ඉතිං ගෙවල් වල හදිසි ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න වලට එහෙම අවුලක් නෑ. රස්සාව විතරක්ම නෙමේනේ ජීවිතේ කියන්නේ….! ඒත් ඉතිං ළමයි හම්බුවෙන්න කලින්ම මල් කඩගන්න තියා‍ගත්තොත් නම් වැඩේ සුම්මා. ඒ කියන්නේ  වැඩ කරන වෙලාවේ පෙම් කෙලීම තනිකරම තහනම්.

ඉතිං පහුගිය දවසක වැඩ කරන අතරෙදි අයියා කෙනෙක් මල් කඩනවලු එකසිය ගානට. විනාඩියක් දෙකක් නම් අවුලක් නෑ… ඒත් ඉතිං විනාඩි 10ක් කියද්දී තත්ත්වේ ටිකක් බරපතලයි. ඒ පාර ඒ මල් අයියා එක වැඩ කරන අනිත් සගයා ගිහිං මූට කතා කරන්න. බලද්දී මේකා ප්‍රේමෙන් මත් වෙලා… කට දෙපැත්තෙන් සෙවල බේරෙනවලු. ඒ මදිවට ලඟ තිබ්බ කනුවකට හේත්තුවත් දාගෙන ලෙසටම වැඩේ යනවලු. ඒ පාර ඉතිං අතින් පයින් සංඥා දාලා… වරෙන් යකෝ දැන් ඇති, කිව්වට මූ එන්නෙම නෑලු.

පස්සේ අනිත් අයියා මල් අයියගේ ලඟටම ගිහින් අනාගතේ ස්පර්ෂ කරලා. ඕකට අත තිබ්බම කාටද කේන්ති නොයන්නේ…! ඒ පාර මල් අයියට මල පැන්න පාරට අනිත් අයියට කියලා…

*කපං *ත්තෝ… කියලා

ඒ සැනින් ෆෝන් එකෙන් ටීක්… ටීක්… ටීක්… කියලා ලයින් එක ඩිස්‍කනෙක්ට් වෙන සද්දෙ ආවලු… ඊට පස්සේ කිසිම සද්දයක් නැතිලු.

බැලින්නම් ඒ අයියා මලක් කඩ කඩ නෙවේ ඉඳලා තියෙන්නේ පොරගේ ගෙදර වැඩකට දන්න කියන හාඩ්වෙයාර් එකක ගෑණූ කෙනෙකුට කතා කර කර ඉඳලා තියෙන්නේ…

දැන් අයියා ඕඩර් කරපු වැලි ලොරිය කැන්සල්ලු… අර ගෑණු මනුස්සයා අයියව දකින දකින පාරට ඔරවනවලු….

ඒ ඔක්කොමත් හරි කියමුකෝ… පස්සෙන්දා පොර ඇවිත් කියනවා…

බලපං බං අර ගෑනි දකින දකින වෙලාවට ඔරවනවා බං. මං මේ බයේ ඉන්නේ අපේ ගෑනිට කොයි වෙලේ  කියයිද කියලා…. දැන් හැමදාම හවසට මට ගෙදර යන්න වෙලා තියෙන්නේ… ගෙදර ගියත් මං නසී… මග හිටියත් මං නසී කියලා හිත හිත බං….

%d bloggers like this: