රටක් වටින රිමෝට් කන්ට්‍රෝල් ඔරලෝසුව…

මේක නම් පට්ටම පට්ට අන්ඩපාල වැඩක්. තනිකර වයසේ වැරැද්ද. මම උසස් පෙල කරන දවස් වල අනිත් එවුන්ට වගේ මටත් ආසාවක් තිබුනා. කොටින්ම පොර වෙන්න දැඩි කැමැත්තක්….! කිව්වොත් තමා හරි. හැමෝම පොර වෙන්න යන්නේ ජංගි කෑල්ලකට ගහ මරාගෙන, එහෙමත් නැත්තං සිගරට් බීලා, ඒත් නැත්තං සැර ජාතියක් බීලා එහෙමනේ. මට ඔය සීන් අල්ලන්නේ නෑ…

මොකද ඒ වෙනකොට කෙල්ලෙක් නිසා නම් මරාගන්න වුවමනාවක් තිබ්බෙම නෑ… ඇයි ඉතිං සූටි කෙලි පොඩ්ඩක් හිටියානේ. එතකොට සිගරට් වලටත් මගේ කැමැත්තක් ඇත්තෙම නෑ, දැනටත් එහෙමම් තමා. බොන සීන් එකත් මට අල්ලන්නේ නෑ… හප්පේ එව්වයේ ගඳ… බොන එවුන් කොහොම බොනවද මන්දා… (ඒ… ඒ දවස් වල)

ඉතිං පොර වෙන්න වෙනස් ක්‍රමයක් කම්පනා කරද්දී තමා මට මීටර් වුනේ…. රිමෝට් කොන්ටෝල් ඔරලෝසුව….! එයින් එකක් තිබ්බනම්, ඔය පාඩම් කරන්න යාළුවන්ගේ ගෙවල් වලට යද්දී එහෙම මට වැඩර් වෙන්න පුළුවන්නේ. ඉතිං ටික කාලයක් සල්ලි එකතු කරලා ගත්තා එකක්. ටිකක් විතර ලොකුයි. ඒත් මාර වැඩ කරන්න පුළුවන්නේ. ටීවී විසිගානක් පාලනය කරන්න පුළුවනි. මදෑ ඉතිං රුපියල් 450ට ඊට වැඩිය බලාපොරොත්තු වෙන්න බැහැනේ කොහොමත්. පස්සේ ඔරලෝසුව ගත්ත ගමන් මුලින්ම බැලුවේ අපේ ගෙදර එකට වැඩද කියලා…

එදා ගෙදර ගිහිං ඇඳුම් මාරු කලෙත් නෑ, ක්ලාස් ගිහින් ආපු විදියටම පෙට්ටිය කැඩුවා භාන්ඩේ එක එක පැත්ත හරවා හරවා බැලුවා. පස්සේ ඔන්න පෙට්ටිය ඇතුලේ තියෙනවා පොඩි උපදෙස් පත්‍රිකාවකුත්. ඒකත් අරගෙන බලද්දී අපේ ටීවී එකටත් පුළුවන්ලු….! පස්සේ ඉතිං පොඩි සෙටිංග්ස් වගයක් හරිගස්සලා ගත්ත ගමන්, ඇල්ලුවා ටීවී එකේ දිහාට… එබුවා චැනල් අප් බටොං එක… මොන වෙන්න ඇතියි කියලාද හිතන්නේ…?

අපේ අංක චැනල් එක ජාතික සූපවාහිනිය. හැමදාම යන්නේ උයන එව්වනේ. ඒක ගොඩක් බලන්නේ අපේ අම්මා. අර බටොං එක එබුවා විතරයි මේං යකෝ වැටුනා අංක දෙකට… ඒකෙ තිබුනේ ඇස් නාලිකව. ඒකෙ නම් ඉතිං ඉස්සර මාත් ඇහැ තියාගත්ත ගමන්මයි. එක්කෝ දෙමල ෆිල්ම්… අර ඩිෂුම් ඩිෂුම් ගාන්නේ… අන්න එව්වා. එහෙමත් නැත්තං මොකක් හරි ක්‍රිඩා වැඩසටහනක්, ඒත් නැත්තං ඩිස්කවරි චැනල් එක. පස්සේ ඉතිං අනිත් බටොං එබුවම සද්දේ අඩු වැඩි කරන්නත් පුළුවන්, වැඩිය ඕනේ නෑ හොරෙන් හැංගිලා ටීවී එක ඕ‍ෆ් කරන්නත් පුළුවන්. එකම අවුල තමා බටොං ටික ඔබන්න සුලඟිල්ල ඕනේ වෙච්චි එක. හෙන චූටියි ඒ බට්න් ටික.

පස්සේ ඉතිං පාඩම් කරන්න යද්දී යාළුවන්ගේ ගෙවල් වලදී මං නිකංම පොර වෙනවා. ඒ රිමෝට් ඔරලෝසුව නිසා නෙවේ, සමහරුන්ගේ ගෙවල් වල එතකොටත් තිවුනේ රිමෝට් නැති ටීවී නිසා. අළුත් ටීවී තිබිච්ච ගෙවල් වලදී නම් ඉතිං අනිවා පොර. ඉතිං ඔය දවස් වල තමා මං කුමාරයා යශෝධරාව එක්ක ටයිටැනික් බැලුවෙත්. රෝස් ඇවිදින්, ජැක් ඉස්සරහා රෙද්ද ගලවද්දී, කරුමෙට යශෝධරා අතේ තිබ්බ රිමෝට් එක වැඩ නොකර ගියා. මට ඕනෙ නම් එවෙලේ තිවුනා මගේ රිමෝට් ඔරලෝසුවෙන් ඒ ටීව් එක ඕ‍‍ෆ් කරන්න. ඒත් ඉතිං නිකං මොකටද පොඩි එකීගේ සතුටට බාධා කරන්නේ….. අනික යශෝධරා හිතයි මං එයා ඉස්සරහා වැඩ දානවා කියලා…. ඒක නිසා එවෙලේ මං නිකා හිටියා. පිනකටද කොහෙද එවෙලේම කරන්ට් එකත් ගියා. නැත්තං වසල හමාරයි.

පස්සේ ඔය සීන් වෙලා ටික දවසකින් ආයෙ මරු අදහසක් ආවා. ඒ තමා අපි කළුතර බස් ස්ටෑන්ඩ් එකෙන් mp3 ගහගන්න කඩේ තියෙන ටීවී එකට වැඩක් දෙන්න. ඒ දවස් වලම තමා රනිඳුගේ මේ සින්දුව ආවේ…

ඕකට අපි හෙන ආසයි ඒ දවස් වල. මුලින් ආවේ මේ සිංදුව විතරයි, පස්සේ තමා ඔබ මගෙමයි ඇල්බම් එක ආවේ… අනිත් එක තමා භාතිය – සන්තූෂ් ලාගේ මේ සිංදුව….

මේ සින්දුව අවෙත් ඇල්බම් එකට කලින්, වසන්තයේ ඇල්බම් එකේ ප්‍රොමෝෂන් පාරක් විදියට. අපි කොයිතරම් කිව්වත් කඩේ අයියට මේ දෙක සීඩී එකකට බර්න් කරපිය කියලා, මූ කවදාවත් අපිට දාලා දුන්නේ නෑ. ඒකට වාඩුව ගන්න තමා රිමෝට් ඔරලෝසුවෙන් වැඩක් දෙන්න හිටියේ.

ගොඩක් වෙලාවට ඔය කඩේ අයියා දවල්ට ටීවී එක දාලා ඒකෙ යන සංගීත වැඩසටහනක් බෆල් වලට සැට් කරලා තමා තියෙන්නේ. පොර අළුත් සිංදු දාන්නේ ක්ලාස් ඉවර වෙන හවස් වෙලාවට. ඉතිං දවසක් අපි හතර දෙනෙක් විතර ගියා කඩේට. එදාත් දවල් දෙකයි ගානක ඉඳන් ටීවී එකේ සිංදු වගයක් යනවා. මූ ඒක හයියෙන්ම දාලා බෆල් වලට. ස්ටෑන්ඩ් එකේ කට්ටියත් සිංදු අහගෙන ඉන්නේ… පස්සේ ඔන්න මාත් එක්ක ගිය අනිත් යාළුවෝ තුන් දෙනාගෙන් එකෙක් කලෙක්ෂන් සීඩී පීරනවා… ගන්න ඕනේ නිසා නෙවේ, වෙන කරන්න දෙයක් නැති නිසා. තව කෙනෙක් අයියා එක්ක අළුතෙන් එන්න තියෙන සිංදු ගැන කතාවක්… පස්සේ මමයි අනිත් යාළුවයි සෙට් වුනා ටීවී එක ඉස්සරහම තියෙන සීඩී රැක් එකට. ඔන්න ඉතිං දෙන්න එක්ක ටූම්බ් රයිඩර් ගේම් එක හොයනවා….  අපි කලින් සතියෙත් ඇවිල්ලා බලලනේ ගියේ… ඒක නිසා බඩු නෑ කියලා ෂුවර්මයි… තිබිලා විකිනිලා. ඉතිං ඔය හොයන ගමන් ටීවී එකේ ගියේ මිල්ටන් මල්ලවාරච්චිගේ සිරා සිංදුවත්…

මමත් බැළුවා ටක් ගාලා ටීවී එකේ මොඩ්ල් එක, හදාගත්තා සෙටිංග්ස් ටික… එබුවා බටොං එක….

ටීවී එක හුටස්… ඔබන සැනින් නැවතුනා…. දැං අර සිංදුව රසවිඳගෙන හිටිය එවුන්ට අම්බානෙට මල. ඇයි ඉතිං රුපියල් පහ කේවනේ…. කඩේ අයියත් බැළුවා මොකද එක පාරම සද්දෙ නැතිවුනේ කියලා. බැලින්නම් ටීවී පොජ්ජ ඕෆ් වෙලා. අපි ඉතිං එව්වා දන්නේ නෑනේ… අපි බර වැඩකනේ… ඔන්න අයියා ආයෙමත් ටීවී එක ඔන් කලා… ඒකත් ටීවී එක ගාවටම ගිහිං ඒකෙ තිවුන බටං එක ඔබලා… මිනිහා අතින් රිමෝට් එක බිම වැටිලා අම්බ්‍රෙල්ලා පව්ඩර් වෙලා. ආයෙමත් ඔන්න අපේ යාළුවයි අයියයි බර කතාවක. මූ ඒත් ට්‍රයි කලේ පානිය දාලා අර සින්දු දෙක බර්න් කර ගන්නම තමා. කොහෙද හරි යන්නෙම නෑ‍නේ…

පස්සේ ආයෙමත් මං… එබුවා වෙන බටොං එකක්… අම්මට හුඩු සද්දේ වැඩි වෙනවා හෝ හෝ ගාලා… අන්තිමේ අපට ඇහෙනවා බෆල් වලින් චර චර ගාලා සද්දෙත්… බෆල් වල බේසුත් ඇරලා තිබ්බේ ලෙසටම. බයෙත් බෑ බෆල් එකේ පිටිපස්සේ ලෑල්ල ගලෝලා විසික් වෙයිද කියලා… බේස් හෝල් තිබ්බට ඒ සද්දෙට සුවර් නෑ… පස්සේ ඔන්න මම දැම්මා වෙන චැනල් එකක්. මල මගුලයි, ඒකෙ යන්නේ පට්ට දෙමල සීන් එකක්. කඩේ අයියත් බලනවා මේ මොකෝ මේ වෙන්නේ කියලා. ‍පොර බයවෙලා බලාගෙන ඉන්නවා ටීවී එකට ආච්චි වැහිලවත්ද කියලා….

පස්සේ පොර ආයෙම දැම්මා තිබ්බ චැනල් එකට… දාලා සද්දෙත් තිබ්බ ගානටම අඩුකලා… ඒත් ඉතිං අපි දන්නේ නෑ මොනා වෙනවද කියලා… අපේ යාළුව අහන්න යන්නෙත් නෑ, මොකද අයියේ වෙන්නේ කියලා. ආයෙ තව සුට්ටක් හිටියා, ඊට පස්සේ ආයේ ටීවී එක ඕ‍‍ෆ් කලා… දැන් මේ වෙන හැම දෙයක්ම කඩේ ඇතුලේ ඉන්න අපිට වැඩිය හොඳට ඇහෙන්නේ බස් ස්ටෑන්ඩ් එකේ බස් එනකං මිල්ටන් මල්වාරච්චිගේ සිංදුවට ඇහුංකන් දීගෙන හිටිය අයට. ඒ පාර නම් කඩේ අයියා බැලුවා මේ සීන් එක හරියන්නේ නෑ… කියලා, පොර වෝල් ප්ල්ග් එකෙන්ම ඕ‍ෆ් කරලා දැම්මා….

දැන් ඉතිං බිත්තියේ සුයිච් එක ඔන් කරන්න රිමෝට් කන්ට්‍රෝල් එකක් නැහැනේ… පස්සේ ඉතිං තව ටික වෙලාවක් වෙලි, කිසි දෙයක් නොදන්න පාට් එකට ඉඳලා හිනා වෙවී ක්ලාස් ගියා. පවු වැඩේ අර අහිංසක මගියෝ ටික, ඒ දවස් වල අයි පොඩ්, එතකොට මියුසික් එඩිෂන් ෆෝන් එහෙම එච්චර ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ. ඉතිං බස් එකක් එනකං සිංදුවක් අහන්නේ ඔය වගේ සීඩී සෙන්ටර් එකක් ගාවට වෙලා තමා.

Advertisements

57 Responses to “රටක් වටින රිමෝට් කන්ට්‍රෝල් ඔරලෝසුව…”

  1. මන්තරකාරි Says:

    ඊයේ පෝස්ට් එකක් දාන්නෙ නැතුව ඉදලා ඔය දාලා තියෙන්නෙ කරපු අණ්ඩපාල වැඩක්… අපිනම් ඔහොම නෑ… අපි අහිංසකයි…

    • ගෝල්ඩ් fish Says:

      අනේ අම්මෝ මන්තරාකාරියේ ඔන්නේ පොලෝ පැලී ගෙන පැලී ගෙන එනවා… දුවපියෝ…

  2. Black King Says:

    nondi weda karanna epa yako

    • ගෝල්ඩ් fish Says:

      ඇයි බං? මොකද්ද අවුල… මේක නිකං ෆන් කතාවක් විතරයි. කඩේ උඹේ නෙවෙයිනේ… කඩේ අයියා උඹේ නෑයෙකුත් නෙවෙයිනේ…

      වැරදිලා හරි එහෙම ඥාති කමක් තියෙනම් සමාවෙයන් මචං… මෙව්වා ඉතිං දාංගලෙට කරන ඒවා විතරයි. සිරියස් නැහැ.

      • Black King Says:

        pawne bun sinduwa rasa vindapu minissu tika
        ekai ehema kiwwuwe
        uba upset unada bun,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

      • ගෝල්ඩ් fish Says:

        යකෝ මං හිතුවේ උඹ කඩේ අයියාගේ මොකෙක් හරි කියලා ඒක කියලා තිවුන විදියට…. ඉතිං බං අපිත් පොඩි ෆන් එකක් ගත්තම මොකද බං වෙන්නේ…

  3. cjgayan Says:

    තව ටිකක සද්දෙ වැඩි කරල බලන්නෛ තිබුනේ මොනව වෙයිද කියලා… හැබැයි මාට්ටු උනා නම් එහෙම නියම කැමක් කන්න තිබුනා මදි නොකියන්න………….

  4. Praසන්ன Says:

    කඩේ අයිය ටී වී එක පොළොවෙ නොගැහැව්ව ඇති.

  5. Gimhani Says:

    ඉස්සර ඉදම්ම කරල තියෙන්නෙ මරු වැඩ නේද? දැන් ඉතින් හොද ලමයෙක් වෙලා ඇතිනෙ යශෝදරා නිසාවත් නේද?

  6. පන්සල් හංදිය Says:

    අනේ ඔය වගේ කුජීත වැඩ කරනවට මාට්ටු වෙලා හම්බ උනේ නැහැනේ හොඳ පෝරියල් එකක් මතක හිටින්න …….

  7. weniwel Says:

    අප්පේ කරන නසරාණි වැඩ..අපි නම් ඔව්ව කලේ නැහැ..ඉස්කෝලෙ වීඩියෝ සෙට් එකෙ ළමයින්ට පමණයි ෆිල්ම් බලල අහු උනා විතරයි ඔය කාලේ… සර් හොඳ නිසා බේරුනා. වීඩියෝ පීස් එක සර් තියා ගත්තා.. රෙන්ට් කරපු තැනට සල්ලි ගෙවන්න උනා.. ඊට පස්සෙ එතනින් ආයිමත් අපිට පීස් දුන්නෙත් නැහැ…බලන්න අපි නම් කොච්චර අහිංසකද කියල?

  8. දිල් Says:

    කොල්ලො කරන නසරානි වැඩ..අනේ අනේ…අපරාදේ මතක හිටින කෑමක් දෙන්න ඒ කාලේ කවුරුත් ඉඳලා නෑ මගෙ හිතේ… 😛

    • ගෝල්ඩ් fish Says:

      කොලු කමට ඔය වගේ දේවල් කරලා බේරුනා ඈති අප්පා…. දැං කාලේ එවුන් කරන එව්ව ඒ දවස් වල කරානම් එහෙම තාම හිරේ…!

  9. blog gadol Says:

    හික් හික්!! හිනා වෙලා පන යනවා බං

  10. සාබිත් Says:

    පියල්ගේ සීඩී කඩේද ඔය?

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්…. හ්ම්… ඒ දවස් වල කඩේ තිවුනේ උඩනේ… පියල් අයියා යනවා දවල්ට කාලා එන්න… එතකන් කඩේ බලා ගන්නේ වෙන එකෙක්..

  11. මධුරංග Says:

    අයියා වැඩ කාරයා. මොකොමහරි රිමෝට් කන්ට්‍රෝල් ඔරලෝසුවක් හොයාගෙන වැඩ දානවා.
    එක නෙමේ අයියා ඕකෙන් බැයිද නොපෙනී ඉන්න. අර මිස්ටර් ඉන්ඩියා වගේ.

  12. Kasun Chanaka Says:

    ඒ කාලෙ දවසකට එක නසරාණි වැඩක් වත් නොකලොත් නින්ද යන්නෙ නැද්ද?

  13. දේවා ගේ අඩවිය Says:

    වෙලාවට අර ලංකාවේ අර 18 + පෙන්නන චැනල් නැත්තේ… තිබුනනන්ම මාලුවා අද ලොවෙත් නැ…

  14. සිරි කොලුවා Says:

    හෆ්ෆටසිලි සිරි කිවලු පිශ් අයියා…. සිරි මල්ලි මෙ පැත්තෙ අවෙ මාසෙකට විතර පස්සෙ … 🙂 බොඩින් ගත වෙලා හිටි නිසා ජංජාලෙ හරියට හම්බුන් නැ නෙව . 😦
    *අනෙ මෙ පිශ් අයියෙ නිකන් හිටහන් බොලු නොකියා ටයිටැනික් බලද්දි ලයිට් ගියා කියලා . 😀 ඔව් මට අරංචියි පිශ් අයියත් යශොදරා නංගිගෙන් චිත්‍ර අඳින්න අඟුරු කැල්ලක් ඉල්ලලා හොදවයින් අහ ගත්තා කියලා … හු හූ … හික්zz 😀 😀

  15. සාතන් Says:

    මමත් ඉස්කෝලෙ කියන එකට යන කාලෙ ඔහොම ඔරලෝසුවක් ගන්න හෙන ට්‍රයි එක දුන්න… වැඩේ කියන්නෙ සල්ලි එකතු කරන්න ඉවර වෙද්දි ඔරලෝසුව ගැන තිබුන කික් එක නැති වෙලා ගන්තෙ වෙන මොකක් හරි මගුලක්…

  16. ගිනි කුරුල්ලා Says:

    සැක්… ඩිස්කවරි චැනල් එක මතක් වෙනකොටත් ඇඩෙනවා…..

    • ගෝල්ඩ් fish Says:

      ඒකනම් ඇත්ත බං… සිරාවට මං මුලින්ම ටයිටැනික් දැක්කෙත් ඩිස්කවරි චැනල් එකෙන්…

  17. කෝඩුකාරයා Says:

    අනේ කඩකාරය පව්…………….උඹ කොහොමද එක හිතකින් ඔහොම දෙයක් කලේ.

    • ගෝල්ඩ් fish Says:

      එහෙම කියන්න එපා බං, ඌ කොහොමද අපි අර සින්දු දෙක දහස් පාරක් විතර ඉල්ලද්දී නොදී හිටියේ…

  18. දයියා Says:

    අම්මප උඹ ඉන්නව ඇති. කොරපු වැඩ වලට කාගෙ හරි කොක්කකට අහු නොවී.

  19. කළු පූසා Says:

    කළු පූසටත් දවසක් හොඳ කලක් ලැබුවා දවසක් පූසියෙක් එක්ක ඉඳං Film එකක් බලල . (පූසිගේ අම්මට එවෙලාවේ මාටු උනානම් කළු පූසාගේ අඬු කඩනවා.) ඒ වෙලාවේ remote එක තිබුනේ පූසාගේ අතේ , අසරණ පූසිගේ ජොලිය කඩන්නේ මොකද කියල හිටලා පූසත් බොරුවට remote එක වැඩ කරන්නේ නැහැ වගේ හිටියා. එකෙන් ලැබුණු වාසිය නම් මේ ලඟක් වෙනකල්ම පූසට ලැබුන 😛

    ඔය සින්දු දෙක එද්දී කළු පූසා නම් 10 වසරේ , ඔය සින්දුව ( රනිදු ගේ ) මුලින්ම hit කලේ සිරස tv එකේ reload programme එකේ.මමත් ඔය සින්දු 2 දාගෙන හෙව්වා ඒ කාලේ .

    • ගෝල්ඩ් fish Says:

      උඹලා හරි වල්නේ බං…. අපිනම් ටයිටැනික් බැලුවේ පවුලේ සැම එක්ක… උඹ අම්මට හොරෙන් බැළුවා කියන්නේ ඉතිං හොඳ දෙයක් වෙන්න බැහැනේ… 😛

  20. Madhawa Habarakada Says:

    උඹත් කරන වැඩ. අඩේ මටත් ඔය ජාතියෙ එකකට ඒ කාලෙ මාරම ආසාවක් තිබ්බ, ඒත් ගන්න බැරි උනානෙ. ඇයි අර කැල්ක්‍යුලේටරේ තියෙන ඔරලෝසු ජාතිය. 🙂

    • ගෝල්ඩ් fish Says:

      ඇයි බං ලේසර් ටෝච් එක තියෙන එක… මගේ යාළුවෙක් ගාව එකක් තිබ්බ. ඌ ඒක කෙලින්ම ගහන්නේ කොල්ලන්ගේ වාසනාවන්ත තැනට.

  21. සිතුවම් Says:

    ඕන් ඕව බලු වැඩ මල්ලි

  22. henryblogwalker Says:

    මම නම් මාලුවො උඹලා වගෙ පල් වැඩ කලේ නෑ පොඩි කාලෙ. ඩීසන්ට් කමට බෝ පැලේ වගෙ තමයි හිටියෙ. මං පාරෙ යනකොට කාන්තාවො නිබ්බුත පද කියනවා සඳලුතලවල ඉඳගෙන. අනේ මෙවන් පුතෙක් ලද අම්මා නිවුනාවේ, අනේ මෙවන් …ඊටීසී.
    ඇයි උඹට ඉරිසියයිද?
    (උඹේ හිත් රිදුනනම් ඒක හරියන්න එක දෙයක් කියන්නම්. මං ඉස්සර ප්‍රයිවෙට් බස් වල ස්පීකර් වයර් කපන්නෙ නේල් කටර් එකෙන්. උඹ කාටවත් කියන්නෙ හෙම නෑ)
    henryblogwalker aka Dude

  23. Aktamge Says:

    machan
    uba kalutara da?

  24. Nisupa Says:

    “අම්බ්‍රෙල්ලා පව්ඩර් ” මෙන්න මේ වචන දෙකට මං මාරම ලයික් ඈ….

  25. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    අඩෝ මාළුවෝ උඹ ඔය කරපු දේට ටිකක් සමාන දෙයක් මමත් කළා මගේ ෆෝන් එකෙන්. මගේ එකේ තියනවා FM Transmitter එකක්. (Nokia – N79). දවසක් මම බස එකේ එනවා. ඉන්ටර්සිටියක්. මම හිටියේ ඩ්‍රයිවර්ට පිටි පස්සේ තියන දෙවෙනි සීට් එකේ. මේකා දාල තියනවා මෙලෝ රහක් නැති FM චැනල් එකක්. බැරිම තැන මම ගත්ත මගේ හෙඩ්සෙට් එක. අරන් ෆෝන් එකේ තිබ්බ සින්දුවක් අහ අහ හිටියේ. ඔය අතරේ Menu එකේ කාරක ගහද්දි මම දැක්කා අර FM Transmitter එක. බස් එකේ රේඩියෝ එකේ යන චැනල් එක මට පේනවා දැන්. මමත් ෆෝන් එක ටියුන් කළා ඒ frequency එකට. ඔන්න දැන් ට්‍රාන්ස්මිට් වෙන්න ගත්තා. පරණ සින්දු සෙට් එකක් ගිය චැනල් එකේ මෙන්න එක පාරටම යන්න ගත්තා BnS ගේ බයිලා ගමුද රී-මික්ස් කරලා සින්දුව. පොර එලවන ගමන් දැන් බලනවා මොකෝ මේ වෙන්නේ කියල. මම ඉන්නේ වැඩි ඈතක නෙමේත් නිසා ආයේ ඔරිජිනල් වගේම ඇහෙනවා. සද්ද බද්ද එන්නේ නෑ. මේකා මාරු කළා චැනල් එක. මමත් ඇල්ලුවා ඒකටම. ආයෙත් BnS බයිලා ගමුද රී-මික්ස් කරලා. මට දැන් බකස් ගාල හිනා යන්න එනවා. ඔය අතරේ මු ටියුන් කරන් යද්දී නිව්ස් යන චැනල් එකක් හම්බුනා පොරට මු ඒක දැම්මා මතක විදියට සිරස වෙන්න ඕනා. මමත් ඇල්ලුවා 88.8. මෙන්න නිව්ස් නැවතිලා යනවා “මල් පිට මල් තියල එයා ඇපල් මලක් දී ගියා.. මා දෙස නෙත් නොපියා බලං හිටපු මල්ලිලා….” හික් හික්. මිනිහ ඔය විධියට චැනල් දෙක තුනක් ඇල්ලුවා. මමත් ඒ අල්ලන අල්ලන එකට මගේ frequency එකත් වෙනස් කළා. පස්සේ අන්තිමට බැරිම තැන රේඩියෝ ඒක ඕෆ් කළා. මමත් මගේ පාඩුවේ සින්දු ටික අහන්න ගත්තා. හික්

    • ගෝල්ඩ් fish Says:

      මමත් ඔය වැඩේ කරලා ගුටි නොකා යන්තං බේරුනා… බලපංකෝ මේක

  26. tharindu Says:

    උබ නම් අම්මගේ ඩයල් එකක්……….. එල එල

  27. අලුත් කොල්ලා Says:

    හැක් හැක් පට්ටයි

  28. deshan Says:

    මම ලගත් තිබුනා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: