කොක්කුංගේ ** කාල තුවක්කු හයි කිරීම…

ඒ දවස් වල ඉස්කෝලේ අටේ හරි නවයේ හරි. අවුරුදු ඇති 13ක් 14ක් විතර. ආහ්… ඔය දවස් වලම තමා අර‍ බෝල ඇස් තියෙන කෙල්ලෙක් මගේ දිහා බල බල හිටියේ.

ඒ දවස් වල ඉතිං ඔෆ් පිරියඩ් එකක් තියන්නේ මාර ලොකු දෙයක්. මොකද ඉන්ටවල් එකට විනාඩි 15යිනේ, ඒත් ඔෆ් පිරියඩ් එකකට තියෙනවා විනාඩි 40ක්. ඉතිං ඔය විනාඩි 40ම කරන්නේ එලියට බැහැලා නටන එක හිතුවට, අපි නම් කරන්නේ පන්තියට වෙලා පොතක් දිග ඇ‍රගෙන එක එක කතා කියන එක. වැඩි හරියක් ඇම්ඩාගේ එව්වා. ඒ දවස් වල ඇම්ඩා තමා හිට් වෙලා හිටියේ. සුපර් මෑන්, ඉප්පයිඩර් මෑන්ලා එහෙම නෑ… ලාවට ටාසන් නම් හිටියා. එයත් හිට් වෙලා හිටියේ ජෙනී නිසා… නැත්තං අපි ඇහැක් ඇරලා බලයි…

අපිට ඉතිං හැමදාමත් ඇම්ඩාගේ කතා අහන්න බැහැනේ. දැන් වගේ මහා කතා ගොඩක් තිවුනේ නෑ… වැඩිම වුනොත් කතා 15ක් විතර තියෙන්න ඇති.  ඔය කතා කියලා සමහර දට අපි ඩෙස් වලට ගගහා සිංදු කියනවා. මියුසික් බෑන්ඩ් වලින් හිට් වෙලා තිබ්බේ මේරියන්ස් තමා.  ඔය සිංදු කිවිල්ලෙදී මේ සිංදුවනම් හැමදාමත් කියනවා… කවදාවත් මේ සිංදුව නැතුව නම් සිංදු කියලා නෑ…. මං හිතන්නේ මේ සිංදුව ආපු අළුතද කොහෙද…

පැය කාලක් විනාඩි 20ක් විතර අත් දෙක රිදුම් දෙනකං ඩෙස් වලට ගහලා ගහලා ඉවර වුනාට පස්සේ ආයෙමත් එක එක කතා වලට සෙට් වෙනවා. වැඩි හරියක් ඇම්ඩගේ, කතා වලට වැඩිය සිරා එව්ව. සමහර විට ඩබල් මීනින්, එහෙමත් නැත්තං තනිකර කුණුහබ්බ කවි, විරිදු එහෙමත් නැගලා යනවා. මමත් හෙන හොඳ එකා වුනාට… කවදාවත් ඔය වගේ සිංහල සාහිත්‍යයේ එන ගැඹුරු යෙදුම් වලින් සෑදුන ඔය වගේ කවි මඩුවක් නම් මිස් කරන්නේ නෑ…. අපේ ස්කෝලේ ගෑණු ළමයි හිටි නිසාම, මේ කවි ගොඩක් වෙලාවට කිව්වේ අර පාරු කවි කියනවා වගේ කට ඇරලා අත දිගඇරලා එහෙම නෙවේ… කොල්ලෝ කට්ටිය විතරක් සෙට් වෙලා රහස් කියනවා වගේ තමා මේ කවි කිව්වේ… හිටි ගමන් ඉතිං ටිකක් සද්දෙනුත් කියනවා. ඒ ගෑණු ළමයි ගෘහ විද්‍යාගාරෙට ගිය වෙලාවට.

ඔය කවි කියන්නත් අපේ පන්තියේ හිටියා ප්‍රසිද්ධ පොරවල් කිහිප දෙනෙක්. හොඳම එකා තමා සුරාජ්. පොර තමා මට මී හරකෙක්ට කියලා ෂොට් එක දෙන්න ලෑස්ති කලේ. අපි ඔය කවි කිවිල්ල කරන්නේ ගොඩක් වෙලවට බිත්තියක් අයිනකට සෙට් වෙලා… මොකද නැත්තං අපි පොදියක් වගේ එකතු වෙලා පන්තිය මැද්දේ ඉඳිද්දි දකින එවුන් හිතන්නේ වෙන වෙන එව්වනේ… ඔය බිත්තය අයිනට සෙට් වුනාම බිත්තිය අයින ලාවට කරුවල නිසා අපිව පෙනුනත් මොකාද ඉන්නේ කියලා අඳුර ගන්න බෑ… මාව නම් කොහොමත් අඳුර ගන්න බෑ… දත් ටික විතරනේ පේන‍්නේ…

ඉතිං ඔහොම දවසක් දා සුරාජ් අලුතෙන් හොයාගෙන ආපු කවියක් කියන්න අපිට සෙට් වුනා.  එදා ගෑණු ළමයි ටික ගෘහ විද්‍යාගාරෙට ගිහිං. ඉතිං රහස් කිවිල්ලක් නෑ… ටිකක් සද්දෙන් තමා කියන්නේ…මිනිහා කවියක් කියන කොට අනිවා ඩෙෆා පන්තියම කොල්ලෝ ටික ඉන්නෙ උගේ කට දිහා බලාගෙන. හරියට කටෙන් වැටෙන මී පැනි එකතු කරන්න වගේ. පස්සේ ඔන්න සුරාජ් පටන් ගන්න කලින්…

අඩෝ මේ මේක හෙන අළුත් කවියක්… අපේ ගෙවල් පැත්තේ එකෙක්ගෙන් තමා අහගත්තේ… කියලා එහෙම කාස්ට් එක දාලා අයිනේ තිබ්බ සිමෙන්ති කනුවට කවර් වෙලා පිටදී ගෙන එහෙම කවිය කියන්න තියා ගත්තා… මුල් පද දෙක යනවා මේ විදියට…

කැළණි ගඟේ පාවෙන්නේ මැරිච්ච කොක්කු….

උංගේ පු* හයි කරන්නේ කාල තුවක්…. ක්… ක්…. ක්…..

අන්තිම අකුරු දෙක කියන කොටම කවිය අප්සට් ගැහුවා… මූ දැන් තාරවෙක් වගේ… ක්….ක්… ක්….. ගානවා. ඒ අස්සේ ඌ කනට අත තියාගෙන. සුරාජ්ගේ අතට පිටිපස්සෙන් ඊට වැඩිය ලොකු අතක් උගේ කන අල්ලගෙන. අම්මද බොල… අපේ සමාජ අධ්‍යනය සෑර්…..

ඈ… බොල…. කාලතුවක්කු හයි කරන්නේ කොහෙද…?

ඕක අපේ එකෙක් ඇහුවනම් දෙන්න උත්තර කෝටියයි, ඒත් ඉතිං සර් ඇහුවම මොනා කියන්නද…? ඊට පස්සේ ඉතිං අනිත් අයට හම්බුවෙන දන්ඩනේම තමා…

දනගහපිය වල්  වනචර හැත්ත….. (ඒකත් පිට්ටනිය මැද්දේ ගිනි අව්වේ, කෙල්ලොන්ට පේන්න)

Advertisements

56 Responses to “කොක්කුංගේ ** කාල තුවක්කු හයි කිරීම…”

  1. ChammA Says:

    ඒ සිරාවටම කොහෙද මචන් තුවක්කු හයිකරන්නේ….ලොල්
    කොහොමද අව්වේ කරවේවි , කෙල්ලොත් ඉන්න කොට දනගහගෙන ඉන්නකොට , මට නිකන් මැවිලා පේනවා 😀

    • ගෝල්ඩ් fish Says:

      හම්මා ඒ ආතල් එක නම් ආයෙ ලොවෙත් නෑ… අපේ පිට්ටනියේ එක තනකොල ගහක් නෑ බං…

  2. ~ChAnDiKa~~ Says:

    අයේ එතන අමුතුවෙන් කාලතුවක්කු හයි කරන්න ඕනද බං 😀

  3. මධුරංග Says:

    මාර සීන් එකනේ. අඩේ කවුරුවත්ම දැක්කේ නැද්ද සර් කෙනෙක් එනවා කියලා.
    ඉස්සර අපිත් ඉස්කෝලේ යන දවස්වල එකම ඇම්ඩා කතා සීරීස් එකක් තියෙනවා.
    ඒ වගේම තමා කුනුහරුප බයිලා !!!! 🙂

    • ගෝල්ඩ් fish Says:

      නෑ බං… සර් හෙන මිටියි, පිටිපස්සෙන් ඉඳන් කනට එකක් ගැහුවත් පේන්නේ නෑ… අනික් කනුවට මුවා වුනාම කොහොමත් පේන්නේ නෑ…

  4. Nisupa Says:

    අපරාදේ..සර්ට තිබුනෙ ඉතුරු ටිකත් කියනකල් ඉන්න. එහෙනම් සර්ටත් ඒක පාඩම් කරගන්න තිබුනා…:D

  5. cjgayan Says:

    මෙක මෙ වෙන කෙනක් පිටින් යැව්වට මලුවට වෙච්ච එකක්ද කොහෙද ? මොකද බොලොග් ලියන කවුරැත් තමන්ට වෙච්ච එවා කියලා එකක් වත් ලියන්නෙ නැ. මම හිතන්නෙ මලුව කලුකුමාර උනෙ ඔහොම අව්වෙ දනගහගෙන හිටි නිසා වෙන්න ඇති. හි හි……

  6. deeps Says:

    අර උඩ තියන සින්දුව නම් ඒ කාලේ අපේ ගෙදරත් හිට් වෙච්ච සින්දුවක්. මට මතකයි වත්තේ තිබ්බ අලි ගහකට නැගලා මහා හයියෙන් ඔය සින්දුව කියනවා 😀 අනේ දැනුත් එහෙම කරන්න පුළුවන් නම් ….

    • ගෝල්ඩ් fish Says:

      ආහ්… මං දැනන් හිටියේ නෑනේ නංගිට කවි කියන්න පුළුවන් කියලා… කුඹුරක්වත් තිබ්බද ලඟ පාතක? 😛

  7. weniwel Says:

    හිකීස්.. අපෙත් සර් කෙනෙක් හිටිය ඔය වගේ වෙලාවට සම්පූර්ණ සිද්ධිය වෙන්න ඉඩ දීල තමයි බැටේ දෙන්නෙ..අපේ සයන්ස් ලැබ් එක පිටිපස්සෙ තමයි කට්ටිය පෙම් කෙලින්නෙ..එක දවසක් දවල් ඉන්ටවල් එක ඉවර වෙනකන් රැක ගෙන ඉඳල තමයි කපල් ඇල්ලුවෙ..ඊට ඉස්සෙල්ල ඩිස්ටර්බ් කලෙ නැහැ

  8. Chanaka Aruna Munasinghe Says:

    කවියෙ පද දෙකනෙ තියෙන්නෙ
    දණ ගහන් ඉන්න ගමන් ඉතුරු පද 2 හොරෙන් වත් අහහත්තෙ නැද්ද

    • ගෝල්ඩ් fish Says:

      ඒක හෙන දිග මාගලක් වගේ එකක් බං. මටත් මතක හිටියේ ඔච්චරයි… ඒකත් අරෑව සර්ට මාට්ටු වෙච්චි නිසා….

  9. Praසන්ன Says:

    මාලුව සෙට් එකත් එක්ක පිට්ටනියෙ දණ ගහගෙන ඉන්න හැටි මැවිල පේනව.

  10. පන්සල් හංදිය Says:

    දණ ගහගෙන ඉන්නකොට ඉතුරු පද දෙක ඉබේම මතක් වෙන් ඇති නේ ……..
    ෂෝක් සර් …….

  11. කෝඩුකාරයා Says:

    අපරාදෙනේ….සර්ටත් ඔය කවිය පාඩම් කරගෙන ගිහිල්ල ප්‍රින්සිපල් ඉස්සරහ කියන්න තිබුනේ.එතකොට සර්ටත් උඹල එක්කම අව්ව තපින්න තිබුන…..

  12. නවම් Says:

    දන ගහපිය වනචර හැත්ත

    අන්න බලන්න සර් හැදෙන ගහ දෙපෙත්තෙන් දැකපු අපූරුව. 😀

  13. පිණිබිඳු Says:

    කොච්චර හොඳ විනය ගරුක ගුරුවරුද ඒ ඉස්කෝලෙ ඉඳලා තියෙන්නෙ.

    • ගෝල්ඩ් fish Says:

      ඒක නම් ඉතිං එහෙම තමා… ඒ වුනාට මං නම් කියන්නේ අපිව එහෙම දනගස්සපු එක වැරදියි…

  14. මන්තරකාරි Says:

    ඔන්න දැන් ඉස්කෝලෙ ගෑණු ළමයින්ට අමතරව මාළුව දණ ගහගෙන හිටියා කියලා අපිත් දැන ගත්තා…

  15. ඉන්දික Says:

    හෙ හේ..අත කට දිගෑරල කිවුවනං හරි තුවක්කුව හයිකරන තැන!..ලොල්

  16. සපතේරු උන්නැහේ Says:

    අපරාදෙ.. මාලු මලය කලු ගැහෙන්න ඇති අව්වෙ ඉඳල…

  17. Observer Says:

    ගෝල්ඩ් ෆිෂ් වේලපුවම ඒ කරෝල වලට කියන නම මොකද්ද දන්නැහැ

  18. Gayan Ruasinghe Says:

    හෙහ් වනචර හැත්ත.. අඩේ අපිත් එක පාරක් පිට්ටනිය මැද දන ගහන් උන්න.අර පන්තියට එන මිස් ලා අත්සන් කරල යන පොතේ, පන්තියෙ දග කරන උන්ගෙ නම් දෙකක් ලියල ගිහින්.. අපෙ එකෙක් ඒ නෝට් එක වෙනස් කරල ඒ කොල්ලො දෙන්නගේ හැසිරීම ඉතා ඉහලයි කියල ලියල.. පිනාට මට්ටු… පැය 6ක කට්ටක් කෑවා…එලzz

    ජය..

    • ගෝල්ඩ් fish Says:

      අපෝ අපි එහෙම නරක වැඩ කරන්නේ නෑ… වැඩිම උනොත් මිස් කෙනෙක්ගේ බෑග් එකකට ගඩොල් කෑල්ලක් දායි…

  19. mada Says:

    adee.. Ublth ape wagemi ne bn… El el..

  20. henryblogwalker Says:

    මම හරිම සනීපයක් දැනෙනවා ඒ කතාව කියවන කොට. අතීතය මතක් වෙලා.
    තව එකක්,
    අපේ සින්දුවක් තිබ්බා ඔය ටියුන් එකටම
    “උඹලෑ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
    උඹලෑ තාත්තගෙ සරම කැඩිල සබාව මැද්දේ” කියලා.

    ඊට අමතරව මම තව දෙයක් නෝට් කලා. මෙන්න.
    මාව නම් කොහොමත් අඳුර ගන්න බෑ… දත් ටික විතරන් පේන‍්නේ…මාළුවා@Gold Fishගෙ Blog Tanකිය
    “ඒයි හෙන්රියො පොඩ්ඩක් හිනාවෙයං උඹ ඉන්නවද කියල බලන්න. මොකද මුගෙ දත් ටික විතරයි සුදු. හිනාවෙනකොට විතරයි පේන්නෙ මූ ඉන්නවද කියල.” කියල කෑ ගහල කියන එක. බස් එකේ මිනිස්සු හිනා…
    henryblogwalker@මට හිතෙන හැටි
    දැන් තවත් සනීපයි.
    මගෙ ප්‍රොෆයිල් ෆොටෝ වලින්පේනව ඇතිනෙ. ඔවු ඒ මං තමයි.
    henryblogwalker aka Dude

  21. හිස් අහස Says:

    කෙලින්ම අහන්න තිබ්බා නෙව “සර් * ක කියන්නේ කුනු හරපයක් නෙවේ ඔය සර්ටත් තියෙන්නේ කියලා වැඩේ සේප්

  22. තොන්සා Says:

    *කේ හයි කරන්නෙ කාල තුවක්කු කිව්වනම් කියවන අයට හිතන්න දෙයක් තිබ්බා මෙතනට එන්නේ මොන අකුරද කියලා නැද්ද මම අහන්නේ?

  23. sarath Lankapriya Says:

    අටේ පන්තියේදී ඔහොම දන ගහගෙන ඉන්න සීන් එකක් උනා ඒ කාලේ මොකා දැක්කත් ලැජ්ජාවකුත් නැහැ.. පිට්ටනියේ මාත් ඇතුළු අපේ පේලියේ උන්ටික දනගහන් හිටියේ ඔෆ් පීරියඩ් එකේදී යවපු රොකට් එකක් අල්ලපු පන්තියේ හිටපු සර්ගේ ඔලුවේ රැඳුනාම එකට දඬුවමක් වශයෙනුයි. ඇරිය එකාගේ නම නොකී නිසා පස්ස පැත්තට වේවැල් පාර තුන ගානේ දීල දන ගැස්සුවා . එහෙම ඉන්නකොට වීරයාගේ ඉස්සරහින් ටිකක් අලුත් බලු බෙ**ක් තිබුනා. අපේ එකෙක් තල්ලුවක් දීල වීරයා ඒක උඩට මුනින් අතට වැටුනා.. දන ගැහිල්ල ගුටි කෙලියක් වෙලා අන්තිමට ආයිත් වේවැල් පාර කන්න උනා..

    • ගෝල්ඩ් fish Says:

      මට හිතාගන්න පුළුවන් වීරයා කව්ද කියලා… මට මැවිලා පේනවා ඇනෝ ඩයල් එකක් පිට්ටනියක් මැද්දේ දන ගහගෙන ඉන්න ගමන් අරක උඩට වැටිලා මූන ඔම්ලට් වෙන හැටි….

  24. Kasun Chanaka Says:

    ඕකට කොකා හරි යන්නෙ නෑ නේද මාලු අයියෙ? ටිකක් ලොකු සතෙක් ගත්ත නම් හරිනෙ. නැත්තන් කාල තුවක්කුවක් කොහොමද හයි කරන්නෙ?

  25. නදුන් උයන Says:

    ඉතුරු පද ටිකත් හොයල දැම්මනම් කොච්චර අපූරුද?

  26. චතුර.... Says:

    ඈ… බොල…. කාලතුවක්කු හයි කරන්නේ කොහෙද…?

  27. සිරි කොලුවා Says:

    චැකේ වල් මාලු අයියා … 😀 යකො ඇම්ඩාගෙ කාතා නම් ඉතින් ඇහුවත් කමක්නැ කියමුකො.. බලන්යද්දි මෙකා ටාසන් අයියගෙ ජෙනිත් අදුරනවා නෙව හොදටම ….. :O 😀 😀

  28. කළු පූසා Says:

    හේ හේ
    ඉස්සර දවසක් අපි ඉස්කෝලේ සින්දු කියද්දී එහා class එකේ හිටපු sir ඇවිල්ල අහනවා මහත්තයලට සින්දු කියන්න මම සද්දේ අඩුවෙන් උගන්නනද ? කට්ටියම Full නිශ්ශබ්දයි. දැන් මෙතනින් සින්දු කියන්න ඕනේ එවන් ඇරෙන්න අනිත් එවුන් වරෙල්ල. ඉතින් හැම එකාම ගියා. sir ගේ පස්සෙන්.
    අනේ ඉතින් මොනවා උනත් හරි හොඳ sir . කට්ටියගෙම ආත්ම අභිමානයට කැළලක් වෙයි කියල හිතල එහම නොවෙන්න අපිව දනගස්සුව Bio class එක ඇතුලේ එකත් කෙල්ලෝ ඉස්සරහම. එවෙලාවේ නම් අපි හිතාගත්ත ආයිත් නම් සින්දු කියන්නේ නැහැ කියල. එත් ටික වෙලාවක් යද්දී හිතුනා හැමදාම මේ වේලාවට සින්දු කියනවා කියල.

    මොකද අපි දණගහල හිටියේ කෙල්ලන්ගේ පැත්තේ , කෙල්ලන්ගේ ඉස්සරහට වෙන්න. ඉතින් අපි නොසිතපු අත්දැකීම් වලට මූණ දෙන්න සිදුඋනා. (ඔව් උඹ හිතනවා හරි :P) Tube Light අයටනම් කරන්න දෙයක් නැහැ. 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: