කොක්කුංගේ ** කාල තුවක්කු හයි කිරීම…

ඒ දවස් වල ඉස්කෝලේ අටේ හරි නවයේ හරි. අවුරුදු ඇති 13ක් 14ක් විතර. ආහ්… ඔය දවස් වලම තමා අර‍ බෝල ඇස් තියෙන කෙල්ලෙක් මගේ දිහා බල බල හිටියේ.

ඒ දවස් වල ඉතිං ඔෆ් පිරියඩ් එකක් තියන්නේ මාර ලොකු දෙයක්. මොකද ඉන්ටවල් එකට විනාඩි 15යිනේ, ඒත් ඔෆ් පිරියඩ් එකකට තියෙනවා විනාඩි 40ක්. ඉතිං ඔය විනාඩි 40ම කරන්නේ එලියට බැහැලා නටන එක හිතුවට, අපි නම් කරන්නේ පන්තියට වෙලා පොතක් දිග ඇ‍රගෙන එක එක කතා කියන එක. වැඩි හරියක් ඇම්ඩාගේ එව්වා. ඒ දවස් වල ඇම්ඩා තමා හිට් වෙලා හිටියේ. සුපර් මෑන්, ඉප්පයිඩර් මෑන්ලා එහෙම නෑ… ලාවට ටාසන් නම් හිටියා. එයත් හිට් වෙලා හිටියේ ජෙනී නිසා… නැත්තං අපි ඇහැක් ඇරලා බලයි…

අපිට ඉතිං හැමදාමත් ඇම්ඩාගේ කතා අහන්න බැහැනේ. දැන් වගේ මහා කතා ගොඩක් තිවුනේ නෑ… වැඩිම වුනොත් කතා 15ක් විතර තියෙන්න ඇති.  ඔය කතා කියලා සමහර දට අපි ඩෙස් වලට ගගහා සිංදු කියනවා. මියුසික් බෑන්ඩ් වලින් හිට් වෙලා තිබ්බේ මේරියන්ස් තමා.  ඔය සිංදු කිවිල්ලෙදී මේ සිංදුවනම් හැමදාමත් කියනවා… කවදාවත් මේ සිංදුව නැතුව නම් සිංදු කියලා නෑ…. මං හිතන්නේ මේ සිංදුව ආපු අළුතද කොහෙද…

පැය කාලක් විනාඩි 20ක් විතර අත් දෙක රිදුම් දෙනකං ඩෙස් වලට ගහලා ගහලා ඉවර වුනාට පස්සේ ආයෙමත් එක එක කතා වලට සෙට් වෙනවා. වැඩි හරියක් ඇම්ඩගේ, කතා වලට වැඩිය සිරා එව්ව. සමහර විට ඩබල් මීනින්, එහෙමත් නැත්තං තනිකර කුණුහබ්බ කවි, විරිදු එහෙමත් නැගලා යනවා. මමත් හෙන හොඳ එකා වුනාට… කවදාවත් ඔය වගේ සිංහල සාහිත්‍යයේ එන ගැඹුරු යෙදුම් වලින් සෑදුන ඔය වගේ කවි මඩුවක් නම් මිස් කරන්නේ නෑ…. අපේ ස්කෝලේ ගෑණු ළමයි හිටි නිසාම, මේ කවි ගොඩක් වෙලාවට කිව්වේ අර පාරු කවි කියනවා වගේ කට ඇරලා අත දිගඇරලා එහෙම නෙවේ… කොල්ලෝ කට්ටිය විතරක් සෙට් වෙලා රහස් කියනවා වගේ තමා මේ කවි කිව්වේ… හිටි ගමන් ඉතිං ටිකක් සද්දෙනුත් කියනවා. ඒ ගෑණු ළමයි ගෘහ විද්‍යාගාරෙට ගිය වෙලාවට.

ඔය කවි කියන්නත් අපේ පන්තියේ හිටියා ප්‍රසිද්ධ පොරවල් කිහිප දෙනෙක්. හොඳම එකා තමා සුරාජ්. පොර තමා මට මී හරකෙක්ට කියලා ෂොට් එක දෙන්න ලෑස්ති කලේ. අපි ඔය කවි කිවිල්ල කරන්නේ ගොඩක් වෙලවට බිත්තියක් අයිනකට සෙට් වෙලා… මොකද නැත්තං අපි පොදියක් වගේ එකතු වෙලා පන්තිය මැද්දේ ඉඳිද්දි දකින එවුන් හිතන්නේ වෙන වෙන එව්වනේ… ඔය බිත්තය අයිනට සෙට් වුනාම බිත්තිය අයින ලාවට කරුවල නිසා අපිව පෙනුනත් මොකාද ඉන්නේ කියලා අඳුර ගන්න බෑ… මාව නම් කොහොමත් අඳුර ගන්න බෑ… දත් ටික විතරනේ පේන‍්නේ…

ඉතිං ඔහොම දවසක් දා සුරාජ් අලුතෙන් හොයාගෙන ආපු කවියක් කියන්න අපිට සෙට් වුනා.  එදා ගෑණු ළමයි ටික ගෘහ විද්‍යාගාරෙට ගිහිං. ඉතිං රහස් කිවිල්ලක් නෑ… ටිකක් සද්දෙන් තමා කියන්නේ…මිනිහා කවියක් කියන කොට අනිවා ඩෙෆා පන්තියම කොල්ලෝ ටික ඉන්නෙ උගේ කට දිහා බලාගෙන. හරියට කටෙන් වැටෙන මී පැනි එකතු කරන්න වගේ. පස්සේ ඔන්න සුරාජ් පටන් ගන්න කලින්…

අඩෝ මේ මේක හෙන අළුත් කවියක්… අපේ ගෙවල් පැත්තේ එකෙක්ගෙන් තමා අහගත්තේ… කියලා එහෙම කාස්ට් එක දාලා අයිනේ තිබ්බ සිමෙන්ති කනුවට කවර් වෙලා පිටදී ගෙන එහෙම කවිය කියන්න තියා ගත්තා… මුල් පද දෙක යනවා මේ විදියට…

කැළණි ගඟේ පාවෙන්නේ මැරිච්ච කොක්කු….

උංගේ පු* හයි කරන්නේ කාල තුවක්…. ක්… ක්…. ක්…..

අන්තිම අකුරු දෙක කියන කොටම කවිය අප්සට් ගැහුවා… මූ දැන් තාරවෙක් වගේ… ක්….ක්… ක්….. ගානවා. ඒ අස්සේ ඌ කනට අත තියාගෙන. සුරාජ්ගේ අතට පිටිපස්සෙන් ඊට වැඩිය ලොකු අතක් උගේ කන අල්ලගෙන. අම්මද බොල… අපේ සමාජ අධ්‍යනය සෑර්…..

ඈ… බොල…. කාලතුවක්කු හයි කරන්නේ කොහෙද…?

ඕක අපේ එකෙක් ඇහුවනම් දෙන්න උත්තර කෝටියයි, ඒත් ඉතිං සර් ඇහුවම මොනා කියන්නද…? ඊට පස්සේ ඉතිං අනිත් අයට හම්බුවෙන දන්ඩනේම තමා…

දනගහපිය වල්  වනචර හැත්ත….. (ඒකත් පිට්ටනිය මැද්දේ ගිනි අව්වේ, කෙල්ලොන්ට පේන්න)

%d bloggers like this: