අප්පට සිරි… මට එකයි….!

ඕං යන්තං එකයි…! ගිය අවුරුද්දේ අගෝස්තු 31 පටන් ගත්ත ටැංකියට යාන්තං අවුරුද්දක් වෙලා. ඉතිං මට නං කියන්න මහ ලොකු දෙයක් නෑ… කියන්නේ තියෙන්නේ පහල ඇනිමේසමේ තියෙන ටික තමා….

ඊට අමතරව කියනව නම් ඉතිං… ම්… ම‍ගේ පෝස්ට් වලට තමන්ගේ අදහස් එකතු කරන, වැරදි තැන් කියලා දෙන…, දිරිමත් කරන… හිත අස්පට් ගැහුවම ඒකත් ෆික්ස් කරගන්න උපදෙස් දෙන යාළුවෝ හැමකෙනෙකුටම බොහෝම ස්තූතියි…!

හැබැයි පුතෝ මං එකෙක්ගෙන් වත් වෙච්ච වැරැද්දකට සමාව නම් ඉල්ලන්නේ නෑ… මොකද මං හොදටම දන්නවා මේ අවුරුද්ද ඇතුලත මගේ අතින් කිසිම කෙනෙකුගේ හිත රිදිලා නෑ කියලා. ඉර හඳ වගේ සුවර්. ඒක නිසා ඉතිං සමාව ගන්න දෙයක් නෑ…

ඒ වගේම බ්ලොග් එක පටන් අරං හරියටම අවුරුද්දක් ලබද්දී තමා මගේ බ්ලොග් එකේ වැඩිම හිට්ස් ප්‍රමාණයක් තියෙන්නේ…

ඇත්තෙන්ම මේ ටැංකිය නිසා මට සෑහෙන්න හොඳ යාළුවෝ ගොඩක් හම්බුනා. කිහිප දෙනෙක්ව නම් දැකලා කතා කරලා එහෙමත් තියෙනවා. ඒ වගේම නොදැක්ක අය ඊට වැඩියි. ඒ හැම කෙනෙක්ටම ආයෙමත් සැරයක් බොහෝම ස්තූතියි, මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නවාට….!

102 Responses to “අප්පට සිරි… මට එකයි….!”

  1. Gimhani Says:

    මා මේ බ්ලොග් අවකාශයට අලුත් කෙනෙක්. ඔයාව දන්නේ ඔයගේ comments වලින්. ටික ටික අනිත් අයගේ බ්ලොග්ස් වලටත් සම්බන්ද වෙන්න ඕන ඉඩ ලැබෙන විදියට.
    ගූගල් එකෙන් ඔයාගේ බ්ලොග් එකට එන්න බැරිද?
    සුභ පතනව ඉත සිතින්ම…

    කෙනෙක්ගේ සිත රිදෙව්වේ නැ කියල අපි හොදටම දන්නවානම් ඒකෙ ලොකු වටිනාකමක් තියනවා. අගය කරනව මා ඔබව..

  2. මකුළු පැංචි Says:

    ටැංකියට ජය වේවා..සහ මගේ කොමෙන්ටුව ටැංකියේ මේ වසරේ පළමු කොමෙන්ටුව වේවා..!!!

  3. Botta Says:

    වැඩි වැඩියෙන් ලියන්ඩ ලැබේවා…..

  4. ChammA Says:

    මේ සිරාවට ගාන හරි නේද ? නෑ මම කිව්වේ ඉතින් රා එහෙමත් බිව්වා නේ පහුගිය දවස් ටිකේ 😉
    සුභ පැතුම් මාළුවෝ

  5. ගජං මල්ලි Says:

    ජය වේවා…!!!!!!!
    තවත් දීර්ඝ කාලයක් ලිවීමට ලැබේවා……..!!!
    ඔන්න කෝපි කඩෙන් සුභ පැතුම් එකතු කරා…

  6. praveena Says:

    මාත් මේ මාලු ටැන්කියට බැස්සේ ලඟදි…ඒත් දිගටම පීනන්ට හිතුනා….:D

    මගෙනුත් සුබ පැතුම්…

    ඔයා සිදුහත්ද අර යශෝධරා කෙනෙක් ගැන කතා කරන්නේ?…..:D:D:D

  7. ගුණේ අයියා Says:

    මම මාලුවට සුභ පතනවා තවත් හොදට වැඩි වැඩියෙන් ලියන්න කියලා.

  8. Praසන්ன Says:

    ඔන්න ප්‍රසන්නගෙන් ප්‍රසන්නට සුබ පැතුම්!
    බ්ලොග් අවකාශයේ තව දිගු ගමනක් යන්න ලැබේවා………

  9. Kas Says:

    hemadama tankiyata bessata comment kale ada…best wishes goldfish..

  10. Priyantha Says:

    මාළු ටැංකියට අවුරුද්දකුත් වෙලා නේද. දන්නේම නැතිව කාලේ යනවා. තවත් අවුරුදු ගණනාවක් පීනන්නට සුභ පැතුම්….!!!

  11. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    අඩෝ තාම බොට අවුරුද්දයි නේ වයස?එල එල මචං.ඔන්න මගෙනුත් සුභපැතුම්.දිගටම ලියපං.
    😀

  12. mada Says:

    ade el ne.. Mma penanna awith dan tika kalyak wenwa.. Jayawewa machan.. Dan xam ewarai ne d e wadeth goda daganen…

  13. නවම් Says:

    එලම තමයි, කියල තියනව වගේ බ්ලොග් නිසා නෙවෙන්නං උඹහැටත් මං වගේ සෙරේස්ට පුරුස රත්නයක් දැන අඳුනගන්ට ලැබුනෙ, මොකෝ කියන්නෙ ඒකේ සන්තෝසෙටයි මේකේ සන්තෝසෙටයි බියර් එකක් බෙදාගෙන බොමුද ?

  14. C0de BlUe Says:

    ඔන්න මගෙනුත් සුබ පැතුම්… , දිගටම ලියන්න ජය පතනවා .. !!!!

  15. සරුංගලේ Says:

    (පොඩි ප්‍රශ්නයක්, අවුරුද්ද මාලුවටද,……. ටැංකියටද…….? මළුව O/L කලේද කාඩ් 1 වැටුනේ?)
    සතුටුයි ඉතින් පලවෙනි එකට ම සුභ පතන්න ලැබුනට. මට පීනන්න බැරිඋනාට මමත් බහිනවා ටැංකියට හැමදාම, දැන් පුරුද්දට ගිහින්ද මන්ද…..

  16. cjgayan Says:

    appata siri maluwata 1y da ??????/ dannema nethiwa kale gewenawa. allala nathra karaganna puluwannam maluwa nathara wenne koheda ???? sure ekatama yasodara langa thamai nedda maluwoooooooooooo ehenam magenuth unusum suba pathum. (horen, dan podi ewunge 1y b’ day eka celebrate karanawa wage lawata party ekak wath danne nedda apitath enna)

  17. කල්හාර Says:

    ජය වේවා කිව්වා මාලු මලයට, මොකද කියන්නෙ ගහමුද අඩියක් එහෙම ……….

  18. හිම හන්සි Says:

    සුභ පෑතුම් අය්යෙ.දිගටම ලියන්න.ගෙට්ටුවක් තියෙන දවසකට එන්නකෝ කට්ටියව බලල යන්න

  19. කෝඩුකාරයා Says:

    මොන වැඩ තිබුනත් එදා දවසට අයියගෙ ටැංකිය පැත්තට ආවෙ නැත්නම් නිකන් කෑවෙ නෑ වගේ තමයි.ඒක නිසා මේ ගතවුන අවුරුද්ද වගේම තව අවුරුදු ගානක් අපේම බ්ලොග් සහෝදරයෙක් විදිහට ඉන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා……..කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව…

  20. සුදු හංසි Says:

    හප්පා.. මාළු ටැංකියේ හැපි බර්ත් ඩේ එක නේද….

    හැපි හැපි වේවා… තව බර්ත්ඩේ ගොඩක් සමරන්න ලැබේවා!!

  21. maathalan Says:

    හාටියස් කොන්ග්‍රැජුලේශන් මාළු පැටියෝ…!!!

    ජයවේවා…!!!

    සුබ අනාගතයක්…!!!

  22. Mahesh Nishantha Says:

    හැමදාමත් අහිංසක , සුන්දර කතාවකින් අපේ හිතට සතුටක් දුන්නු , කැමරාවේ කාචයෙන් අපි නොදුටු රටා දුටු අපේ මාළු පැටියා මල්ලිට ජය පතනව තව තවත් ලියන්නට , හෘදයාංගමව පිදෙන ස්තුතියත් එක්කම …

  23. Haree Says:

    වසරක් පුරා අපිව රසවත් කරාට බොහෝම පිං… තවත් කාලයක් බ්ලොග් ලියන්න ලැබේවා…
    යශෝධරා කතාවලට තමයි මම වැඩිපුර කැමති… ඒවා වැඩි වැඩියෙන් ලියාපිය…..

  24. පිස්සිගෙ ලෝකය Says:

    සුභම සුභ උපන්දිනයක් වේවා මාලුවෝ!
    අවුරුදු දෙක පිරෙන්න කලින් යශෝදරා අක්කාව ගොඩදාගත්තා නෑ නෑ හෝව් හෝව් ටැංකිය ඇතුලට දාගත්තා කියලා පොස්ට් එකක් ලියන්න ලැබෙව කියල ප්‍රාර්ථනා කරනවා 😛

  25. Marlan Fernando Says:

    ගෝල්ඩ් ෆිශ් අයියට සුභ පතනවා ඔන්න

  26. Kasun Chanaka Says:

    එහෙනම් මාලු අයියටයි ටැංකියටයි සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව. අර කිව්ව වගේ දෙවැනි උපන්දිනේ සමරනකොට යශෝධරාවත් ටැංකියේ සිටීවා.

  27. දේවා ගේ අඩවිය Says:

    අදත් පරක්කු වෙලා…. මොනවා උනත් පරක්කු උනාට හැම පොස්ට් එකකටම වගේ අපිත් මොනවා හරිම කියලා ඇති (මිස් උන එවත් ඇති පින්න්න පටන් ගත්තු කාලෙට පස්සේ)

    ජය වේවා මාලුවෝ… තාම නම් මට මේ එකෙක්වත් හැබැයින් හම්බ වෙලා නැ.. ඉක්මනට හම්බ වෙන්න ඕනා…..

  28. ඩිලාන් Says:

    සෑහෙන කාලෙක ඉදන් මාලු ටැංකියට එනවා ඒත් වැඩිය කමෙන්ට් කරන්නේ නම් නෑ බන්,,ඔන්න මමත් සුභ පැතුවා

  29. blog gadol Says:

    මගෙනුත් උණුසුම් සුභපැතුම් මාලුවෝ. තව අවුරුදු ගානක්ම බ්ලොග් අවකාශේ පීනන්න ලැබේවා

  30. මාරයා... Says:

    අඩේ මාළුස් සුභ පැතුම් මගෙනුත් ඔන්න හරිද..? නිතර නාවට ආව වෙලාවට පුළුවන් තරං කියවනවා…

    අඩෝ උඹ බොරුනේ බං කියන්නේ..උඹ හිත රිද්දලා නැහැ කියලා..බලහං මේ ලිපියේ කොමෙන්ට් එහෙකිනුත් උඹ අපේ හිත රිදෙව්වා..

    “ගෝල්ඩ් fish
    2011 අගෝස්තු 31 දින ප.ව. 12:27 ට
    පාටියක් නේද…. යකෝ මං මේ තනියම බියර් එකක් ගහන්න සෙට් වෙන්න කියලා ඉන්නේ අද… “

  31. මධුරංග Says:

    ඔවු සමාව නම් අනිත් අයගෙන් ඉල්ලන්න ඕනේ නෑ. බයින තරමක් බන්නේ මටනේ.
    වල් මාලුවා !!!! හික්ස් 🙂

  32. සිතුවම් Says:

    අම්මෝ කලබලේ ගොඩවෙලා යන්න ආවේ.මේ ටිකේම කියෙව්වෙ නෑ මචෝ.කොහොමහරි චිරාත් කාලයක් පොදු ජන හිත් පහන් කරවන පෝස්ටු කුරුටු ගාන්න ඉඩ ලැබේවා.

    පහුවෙලා හරි පහුගිය දොහේ ඒවත් බලන්නම්.ඕන් එහෙනම් මං ගියා….

  33. තාරක Dilsh@n Says:

    ඔන්න එහෙනම් සුභ පැතුම් කිව්වා..!

  34. දිල් Says:

    ඔන්න මගෙනුත් සුබ පැතුම් !

    තව කාලාන්තරයක් ලියන්න ශක්තිය…

  35. මන්තරකාරි Says:

    ටැංකියට හැපී බර්ත් ඩේ වේවා…!
    උදෙන්ම ටැංකියට ආවෙ නැත්තෙ එක දවසයි, ඒ ටිකට කේක් කපලත් ඉවරයි වගේ… 🙂

  36. දයියා Says:

    සෑහෙන කාලෙකින් උඹේ ටැංකියට පැන්නෙ. ඒකත් නියම දවසේ. මකුළු පැංච් කියන්න වගේ දිගටම ලියන්න වරල් දෙක (දෙකම නැති උනත් ලියන වරලටවත්) හයිය හත්තිය ලැබේවා.

  37. පුතා Says:

    බ්ලොගේට හැපි බර්ත්ඩේ එකක් වේවා මචං.. කමෙන්ට් නොකලත් උඹව කියවන්ටනම් අනිවා එනවා.. තව කාලයක් ලියන්ට හිතියං කියල පතනවා.. ජයවේවා!

  38. හිස් අහස Says:

    ඔන්න මමත් උඹට සුබ පැතුවා මචං .. දිගටම ලියපන් ..
    එදා ඉඳන් උඹ මගේ බොක්කනේ ..

  39. කුරුළු Says:

    මේ අවුරුද්දෙවත් යසොධරා උබේ බ්ලොග් එක කියවත්වායි කියල ප්‍රර්තනා කරනව.එ වගෙම උබට ජය…

  40. Sachith Says:

    මගෙනුත් සුභ පැතුම්….! දිගටම ලියන්න මචෝ…..!!!! ජය වේවා….!

  41. Nisupa Says:

    මාලුවාට තව අවුරුදු බර ගානක් දිගටම ලිවීමට ශක්තිය ලැබේවා.යසෝදරාවගේ විභාගය සාර්තක ලෙස නිම වී දෙදනාට හැකි ඉක්මනින් එක වහලක් යටට ඒමට ලැබේවා.ඔබේ ආදරය දිනේවා.. 😀

  42. සසීන්ද්‍ර Says:

    ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන් 😀
    අවුරුද්දට මගෙන් සුබ උපන්දිනයක්! 😀

  43. henryblogwalker Says:

    නුදු‍ටු මාලුවාටත් නිතර පීනන මාලු ටැංකියටත් යහපතක්ම වේවා! අපි හැමදා උඹ සමගයි.ජයවේවා!!
    Best Wishes from henryblogwalker aka Dude

  44. අකීකරුහිත Says:

    දෙයියෝ සාක්කි……! මම හෙන පරක්කුයිනේ…. තරහ වෙන්ට එපා හොදේ සුබ පතන්න පරක්කු වුනාට….තවත් දිර්ඝ කාලයක් ලස්සනට මේ විදිහටම ලියන්න ලැබේවා කියලා එක හිතින්ම ප්‍රර්ථනා කරනවා ඕං….

  45. නදුන් උයන Says:

    මම බ්ලොග් බලන්න එන්නේ ගොඩක් වෙලාවට සිකුරාදට හන්දද කොහෙද මගේ සුභ පැතුම පමා වුනේ..
    බ්ලොග් ටැංකියට තවත් බොහෝ කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා….. !!!

  46. සිරි කොලුවා Says:

    ඔල් ද බෙස්ට් කිව්වා 1කෙන්ම පිශ අයියා…. 🙂 මෙක සමරන්න ඔනෙ දෙයක් අයියා අනිවා … ( සිරි මල්ලිට ඉතින් බියර් 1ක් තිබ්බ නම් හොදටම ඇති .. 😀 ) අලෙ ඇස්. ඇම්.ඇස් එකක් හරි දලා සිරි මල්ලිට කිව්වා නම් ඔය කොහෙන් හරි මමත් සෙට් වෙනවා අනිවා .. පහු ගිය ටිකෙම ඔය පැත්තෙ තමා මමත් හිටියෙ …. 🙂
    best of luck aiya.. keep it up .

  47. සාතන් Says:

    පරක්කු වුනාට සොරි වෙන්න ඕන… සුභ පැතුම් මලය !…..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: