ඊයේ ඉරිදනේ… ඉතිං මං බාගෙට නැගිටලා ඇඳේම ඉඳගෙන ලැපීවත් අරගෙන කට්ටියගේ බ්ලොග් අප්ඩේට්ස් බලනවා. ගොඩක් වෙලාවට ඉතිං සිංඩි වල නැති එව්වා තමා ඉරිදට බලන්නේ. වෙලාවත් ඇති උදේ 7.45ට විතර. පිස්සිගේ චීන සංචාරය ගැන තමා කියෝ කියෝ හිටියේ. ඔන්න එක පාරටම මගේ ෆෝන් එක රිං වෙනවා.
ට්‍රීං… ට්‍රීං…. කියලා එහෙම නෙවෙයි රිං වුනේ, මේං මේ විදියට…
ඉතිං බලද්දී මගේ හොඳම යාළුවෙක්. කොහොමත් නිවාඩු දාට පොර උදේට කතා කරන එකේ අරුමයක් නැති නිසා මං ආන්සර් කරා.
හලෝ….(පසුබිමින් ඇහෙනවා හෝ හෝ ගාන සද්දයක්) මං හිතුවෙම මූ මට හොරෙන් කොහෙ හරි ට්‍රිපක් ගිහිං කියලා…
පස්සේ මාත්….. උඹ කොහෙද බං ඉන්නේ?
උඹ ගෙදර නේද..?
ඔව් බං…. ඇයි…?
ඉක්මනට වරෙන් බීච් එකට (එහෙම නෙවේ කිව්වේ, වර වැල්ලට කියලා… ඒ වුනාට බීච් එක කිව්වම හෙන පොෂ්නේ)
මොකටද බං? මේ උදේ පාන්දර…?
ඉක්මනට වරෙන් බං, කැස්බෑවෙක් ගොඩගහලා…
ඈ සිරාද…? (මටත් හෙන අවුල් ටීවී එකෙන් දැක්කට හැබැහින් දැකලා තියෙන එකක්යැ)
ඔව් බං වරෙන්…
හරි මචං මේ එන ගමන්, මග ඉන්නේ. ඕකට යන්න දෙන්න එපා, ඌ මැරුණ වුනාට අපි එනවා කියලා දැනගත්ත ගමන් මාරු වෙන්න ඉඩ තියෙනවා. වොච් එක දී ගෙන හිටහං…. කියලා කෝල් එක ඩිස්කනෙක්ට් කරද්දිම මට ඇහෙනවා යාළුවා මගේ ගුණ කියනවා පාන්දරම.
පස්සේ ඉතිං කොන්ඩේ පීරන්න කම්මැලිකමට කැප් එක දාගත්තා, දත් නම් මැද්දද කියලා මතකත් නෑ… ගත්තා පුටාර් එක ගියා. මගට යද්දී තමා මතක් වුනේ කැම් එක වෙන 8 ෆීට් ගාව නේද කියලා. පස්සේ පොරව ඇහැරවලා මෑන්ස් වත් ඇදගෙන ගියා වෙරලට. මං හිතුවේ හත් අට සීයක් වට වෙලා ඇති කියලා. මොකද යාලුවා කියපු විදියට කැස්බෑවා අඩි 20ක් වත් තරමේ එකෙක් වෙන්න ඕනේනෙ. ඒත් ගිහිං බලද්දී ඉන්නේ යාළුවයි උගේ මස්සිනායි විතරයි. අඩුගානේ කපුටෙක්වත් නෑ අහල පහලක. උං දෙන්න රා බොන්න ඇවිල්ලා. යාළුවගේ නෑනටයි බබා හම්බුවෙන්න ඉන්නේ… ඒ වුනාට මස්සිනාට තමා දොලදුක…
ඒ ඇවිල්ලා රැල්ල පාග පාග ඉද්දී තමා කෑස්බෑවව දැකලා තියෙන්නේ. මගේ හිතේ උදේ පාන්දර ඇතිවෙච්ච බලාපොරොත්තු ඔක්කොම ටික මුහුදු හුළඟටම ගහගෙන ගියා. මොනා කරන්නද ඉතිං අර යකාව මරන්නයැ. පස්සේ ඉතිං කැස්බෑවව බලන්න ගියා. අඩි දෙකාමාරක් විතර දිග කැස්බෑවෙක්. කොහොම හරි යාලුවා මට එන්න කියලා තියෙන්නේ මුගේ මරණ පරීක්ෂණයට වෙන්න ඕනේ. මං එහෙම කියන්නේ…. මේකයි. දැං ඔය මරණ පරීක්ෂණ වලට යද්දී එතකොට මිනියක් එම්බාම් කරද්දී එහෙම දෙකක් දාගන්න එක කොහොමත් වෙන දෙයක්නේ. ඉතිං මට මේ කැස්බෑවව බලන්න එන්න කියලා මූ මටම කියලා රා වගේකුත් සැට් කරලා.
ආයෙ ඉතිං දාලා යන්නත් බෑනේ. අපරාදෙනේ. මං රා බොන්න ආසාවෙන් හිටිය බව මූ දන්නවා. ඒත් වාර දෙක තුනකදීම වැඩේ ගැස්සුනා කියලත් මූ දන්නවා. ඒක නිසා වෙන්න ඕනේ, ඇති වෙනකං බීපිය කියලා රා මෙගා බෝතල් තුනක්ම ගෙනත් දුන්නේ. ආනේ ඉතිං කවද බොන්නද… ඒක නිසා මාත් ඔන්න ඔහේ ඕනේ එකක් කියලා උදේ පාන්දර හිස් බඩම ඇදලා ඇරියා වීදුරුවක්… ම්හු…. හරියන්නේ නෑ… එකක් බීලා නතර කරන්න හිතුවට බෑ වගේ. රා ටික බාපු ගමන්… පට්ට රසයි… පැනිම පැනි රහයි… ලාවට ඇඹුල් ගතියක් තියෙනවා එච්චරයි. කොහොම හරි මට සුළු දිය පහකරන්න ඕනේ වෙනකම්ම වැඩේ නැගලා ගියා. පස්සෙ බලද්දී මට දුකේ බෑ…
අනේ අප්පෝ… මගේ අතින් මට හම්බුවෙච්ච එක මෙගා බෝතලයකුයි තව එකකින් චුට්ටකුයි ඉවර වෙලා… නොදැනුවත්ව කරපු වැරැද්දට සමාව ඉල්ලනත් හිතලා ආයේ ඕනේ නෑ කියලා හිතුවා. දැං ඉතිං ටික වෙලාවක් යනකං මං කාටවත් බය නැහැනේ…. ඒක නිසා මං මොකටද සමාව ඉල්ලන්නේ….
පස්සේ ඉතිං රා ටික් ලාවට වගේ වැඩ. ඇයි යකඩෝ මේ පළවෙනි පාරනේ හිතේ හිටියට රා බීපු. ඉතිං වැඩ නොකර තියේවියැ. පස්සේ ඉතිං ගියා වෙරලා ඇවිදින්න. වෙනදට තඹ සතේකට මායිම් නොකරන සිප්පි කටු එවෙලේ අපි ඔක්කොටම මහා ලොකු කතා මවනවා හිත් වල.
කව්දෝ එකෙක් අහනවා… මෙව්ව කොහොමද බං හැදෙන්නේ කියලා.
ඒවට උත්තර දෙන්න බෑ වෙලාවේ හැටියට. පස්සේ ඔන්න අනිත් තුන් දෙනාගෙන් එකෙක් උස්සං ආවා, සිප්පි කටුවල ජීව විද්‍යාත්මක වටිනාකමක් තියෙන සජීවී නිදර්ශකයක්. ඒක නං හෙන වැදගත් පාටයි. ඒක ස්ටයිරෆෝම් කෑල්ලක් මත පුංචි පුංචි බෙල්ලෝ රෑනක් ඇති කරගත්ත පොඩි ජනාවසයක් වගේ එකක්. මං ඊයේ තමා මේ වගේ සීන් එකක් දැක්කේ. ඇත්තට අපි සිප්පි කටු කියන්නේ මේ සතාගේ දෙපැත්තේ තියෙන කටුවට. ඩයල් එක ඉන්නේ කටු දෙක අස්සේ. මූ එහෙ මෙහෙ යන්නේ අර කටුව ඇතුලේ තියෙන ජෙලි වගේ දේකින් හැදිච්ච රවුම් දෙයක් කටුවෙන් එලියට දාලා ඇදි ඇදී තමා. ඉතිං ඒ ව
ගේ සීන් එකක් මං දැක්කේ පළවෙනි පාරට වගේම කියෝන ඔයාලගෙන් සමහර අය තාම දැකලා නැතුව ඇති…
අපි වෙනදටත් බීච් එකට ආවම මේ වගේ දේවල් දිහා බලන්නේම නෑ, එක්කෝ පේන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් පානය කලාම ආපේ අයගේ තියෙන වෙනස ගැන මට නම් හරි පුදුමයි. මුං මාර දාර්ශනිකයෝ වෙලානේ…! ඒ මදිවට ගවේෂක චරිත, විශ්ලේෂක චරිත, පශු වෛද්‍ය චරිත එහෙමත් ආරූඩ කරගෙන.
ඊට පස්සේ ඉතිං අපි ලංකාවේ රා කර්මාන්තය ගැන කතාවුනා. ඔය තියෙන්නේ අතුර කියන එක. පොල් ගස් අතර ගහින් ගහට යන්න තමා යොදා ගන්නේ. ටිකක් විතර අවදානම් වැඩක්. ඊට පස්සේ ඒ දාර්ශනික කතා බහත් අවසන් වෙලා ආයෙම ගෙදර ගියා. යන ගමන් ඉතිං කම්පනා කරේ, රා වල ගද අම්මට දැනිලා මගෙන් අහනකං කටපියාගෙන ඉන්නවද..? නැත්තං ගිය ගමන් සීන් එක කියලා දානවද කියලා තමා. මොකද මං ගෙදරින් ගියේ රා බොනවා කියලා නෙමේනේ. කැස්බෑවව බලන්න යනවා කියලනේ. සමහර විට මට ආයෙමත් කැස්බෑවෙක් නෙවේ තල්මහෙක් ඇවිත්, අන්න උඹට කතා කරනවා කියලා කෝල් එක්ක ආවත් යන්න නොදෙයි.
ඔය වගේ දාහක් ප්‍රශ්න සහ උත්තර මගේ ඔළුවේ කැරකෙනවා… පස්සේ ටික වෙලාවකින් බලද්දී මං ගෙදර ඉස්සරහා. අම්මා මගේ දිහා බලාගෙන මගේ දිහාට එනවා.
අම්මේ මං රා ටිකක් බිව්වා….
මගුලයි… කොහොමද යකෝ මං කතාව අම්මට කියන්න කලින් කට ඉස්සර වුනේ… දැන් ඉතිං හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න එපැයි.
රා….?
ඔව්… එක වීදුරුවක් බිව්වා…. (හම්මෝ මූ කියන බොරූ……… කියලා හිත අස්සෙන් කෑ ගැහුවට මං බයවුනේ නෑ…)
පස්සේ ඉතිං ගත්ත ෆොටෝ එහෙම පෙන්නලා… අන්තිමේ…
අම්මේ රා ගඳ එනවද…? කියලා ඇහුවම…
නෑ …. නෑ… ගඳක් නෑ… කිව්වා. අම්මා දන්නවා කොහොමත් මං බොන්නේ නෑ කියලා. අනික ඉතිං රා ටිකක් බිව්වම මක් වෙනවද? බැන්නෙත් නෑ හොඳයි කිව්වෙත් නෑ… ම්ම්… කියලා නිකා හිටියා. හැමදාම බොන්නවා කියලයැ. පස්සේ කොහොම හරි නිකමට වගේ ඇඳට ගියා…. අම්මට සිරි ඇහැරෙද්දි දවල් 12යි ගානක්…
අන්තිමේ කොහොම කොහොම හරි මැරිච්ච කැස්බෑවෙක් නිසා අවුරුදු ගානක් දැක්ක රා හීනේ නම් හැබෑ වුනා….! අනේ අර කැස්බෑවා…. අනේ ඌ දිව්‍ය ආත්මයක් ලැබ වාසානාවන්ත ජීවිතයකට උරුමකං කියන්න ඕනෙ, මට මේ කරපු උදව්වට පිං සිද්ධ වෙන්න.
2011 අගෝස්තු 29 දින පෙ.ව. 6:10 ට
සඳුදා උදේට කියාපු ලිපිය ….
2011 අගෝස්තු 29 දින ප.ව. 3:21 ට
උඹට රා කිව්වත් ඇති….
2011 අගෝස්තු 29 දින පෙ.ව. 6:26 ට
කැස්බෑවා නම් මේ ආත්මේම නිවන් දකිනවා , එක්කාසු වෙච්ච පින් බලයේ මහිමයෙන් 😀
2011 අගෝස්තු 29 දින ප.ව. 3:22 ට
ඒක නම් ඇත්ත බං…. දැන් දෙව් සැප වළඳනවා ඇති…
2011 අගෝස්තු 29 දින පෙ.ව. 7:04 ට
කතාවේ ලස්සනම කෑල්ල ෆෝන් එක රිං වෙන සද්දේ. කතාව කියවන එක පැත්තක දාලා ඒක අහගන හිටියා….:D:D:D
2011 අගෝස්තු 29 දින ප.ව. 3:22 ට
අයියෝ… එහෙනම් කතාව කියවන්න ආයෙ පාරක්….
2011 අගෝස්තු 29 දින පෙ.ව. 7:20 ට
බිව්වහම එන දාර්ශනික අදහස් නම් කියල වැඩක් නැහැ. මී විතයි, ගී පොතයි… කතාව ඇත්තද මන්දා කියලත් හිතෙනවා
2011 අගෝස්තු 29 දින ප.ව. 3:23 ට
ඇත්තද අහනවා… ඇත්ත තමා….
2011 අගෝස්තු 29 දින පෙ.ව. 8:02 ට
රා වලින් තමයි අපිත් පටන් ගත්තෙ.. හරි සුන්දර කතාවක් ඒක..
2011 අගෝස්තු 29 දින ප.ව. 3:24 ට
හිහ්… මං නම් පටන් ගත්තේ වෙන දේකින්… ඒකත් හෙන සුන්දර කතාවක් අයියේ…
2011 අගෝස්තු 29 දින පෙ.ව. 8:06 ට
ෆෝන් එකේ රින්ග් ටෝන් එක නම් මරු….
@ Weni, ඕකට ඕමාර් කය්යාම් කියල තියෙන විදියට තව එකක් එකතු වෙන්න ඕනෙ, ජීවිතේ පලවෙනි වතාවට රා බීපු පොඩි එකෙක්ගෙ බ්ලොගේ ඕව කියන්න හොඳ නැහැ, ඌත් නරක වෙය්.
2011 අගෝස්තු 29 දින ප.ව. 3:25 ට
ඔබා අංකල් මොනාද අප්පා… ඔන්න ඔහේ ලියලා දාන්න. මං ආයෙ ඉතිං මේක කියවනවා කියලයැ…
2011 අගෝස්තු 29 දින පෙ.ව. 8:07 ට
ආ…කියන්න බැරි වුනා පොටෝ කෑලි ටිකත් මරේ මරු…..
2011 අගෝස්තු 29 දින ප.ව. 3:25 ට
තෑන්ක්ස්
2011 අගෝස්තු 29 දින පෙ.ව. 8:17 ට
කලවං නැත්තං රා කියන්නෙ පංකාදු බීමක් ……….
මම හිතන්නෙ කැස්බෑවෙක්ගෙ ජීවිත කාලේ අවුරුදු 1000 කට වැඩියි ……..
2011 අගෝස්තු 29 දින ප.ව. 3:25 ට
මට හිතෙන්නේ අයිය කියන විදියට මූ මොන්ටිසෝරි යන කැස්බෑවෙත් එහෙනම්….
2011 අගෝස්තු 29 දින පෙ.ව. 8:20 ට
රා බිව්වට පස්සෙ නින්ද යන්න නියම රිං ටෝන් එක.
2011 අගෝස්තු 29 දින ප.ව. 3:26 ට
ටිකක් විතර ඒ වගේ තමා…. 😉
2011 අගෝස්තු 29 දින පෙ.ව. 8:57 ට
රා බිව්ව වගේ නෙවෙයි…. දොට්ට යද්දි අමාරුවක් එහෙම දැනුනෙ නැද්ද?
2011 අගෝස්තු 29 දින ප.ව. 3:26 ට
පොඩි දැවිල්ලක් තිවුනා… පස්සේ ඇරිලා ගියා…
2011 අගෝස්තු 29 දින ප.ව. 7:03 ට
ඉහත කොමෙන්ටුව අපේ ගජං විසින් දමන ලදී හොඳේ
2011 අගෝස්තු 29 දින ප.ව. 7:32 ට
එල එල කවුරු දැම්මත් කමෙන්ට්නේ බං…
2011 අගෝස්තු 29 දින පෙ.ව. 9:23 ට
අප්පට සිරි උඹ රා බිලා අර නාලාගිරි ඇතා වගේ පිඹගෙන ගියෙ නැද්ද පුටාර් එක තල්ලු කරගෙන……….
2011 අගෝස්තු 29 දින ප.ව. 3:27 ට
පිස්සුද බං අපේ තාත්තගේ මහ රැජිනිට කිව්වේ කැස්බෑවා බලන්න යනවා කියලනේ… ඒක නිසා ඉතිං බලෙන්ම වගේ වෙරි හින්දගෙන ගියේ…
2011 අගෝස්තු 29 දින පෙ.ව. 10:20 ට
අනේ අනේ..කැස්බෑවගෙ පිටින් දාලා රාත් බිව්වා නේද මාලුවෝ. හැබැයි වටිනා පින්තුර ටික.මම බෙල්ලන්ව ඔහොම දැක්කාමයි. බොහොම ස්තුතියි ඒවා අපිටත් පෙන්නුවාට..:D
2011 අගෝස්තු 29 දින ප.ව. 3:28 ට
නිසුපා, මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා ඔයාටත් රා ඩිංගක් බොන්න ලැබෙන්න කියලා… එතකොට අපිට නලඟනන්ගේ විකාර ෆොටෝ ටිකක් බලාගන්න පුළුවන්… 😀
2011 සැප්තැම්බර් 1 දින පෙ.ව. 8:16 ට
අනේ මාලුවෝ ඔය යාලුවට කියලා මටත් ටිකක් ගෙනත් දෙන්න බැරිද…?? මං නලඟනක් නෙවෙයි නිසා ප්‍රශ්නයක් නෑ… 😛
2011 සැප්තැම්බර් 1 දින පෙ.ව. 9:59 ට
රා…? අපොයි ඒ කරුමාන්තෙත් ඉවරයි…
2011 අගෝස්තු 29 දින පෙ.ව. 10:36 ට
මජරය වගේ බීල විලි ලැජ්ජාවක් නැතුව කියන හැටි… චික් බේබද්ද… 😉
(හොරෙන්: මම දවසක එන්නම් සෙට් කරල තියපන් හොදේ… 🙂 )
2011 අගෝස්තු 29 දින ප.ව. 3:29 ට
හොරෙන්- මොනාද බං රා ද? හා හා වරෙන්… කාටවත් කියන්න එපා මං පාට් ටයිම් ගස් මදින බව හොඳේ……
2011 අගෝස්තු 29 දින පෙ.ව. 11:07 ට
ඒ කැස්බෑව ඌ කරගත් පිනෙන් තව්තිසා දිව්‍යලෝකෙ ඉපදෙවා කියල ප්‍රාර්ථනා කරපන්…………උඹේ ෆොටෝස් ටිකනම් එළ මචෝ……..
2011 අගෝස්තු 29 දින ප.ව. 3:30 ට
උඹට කියන්න කැස්බෑවා මට sms එකක් දාලා තිබ්බා බං, හෙන පිං ගොඩක් හම්බුනා කියලා.
2011 අගෝස්තු 29 දින ප.ව. 12:01 ට
ade… Saduu saduu…
2011 අගෝස්තු 29 දින ප.ව. 3:31 ට
මං දන්නවනේ උඹ සාධු කාරා දුන්නේ මට රා ටිකක් බොන්න හම්බුන එකට කියලා…
2011 අගෝස්තු 29 දින ප.ව. 12:14 ට
ස්තූති ලින්ක් එකට මාලුවෝ 🙂
පිස්සි නන් රා බීලා තියෙනව තුන් පාරක් විතර හැබැයි ඉතින් පලවෙනි පාර බිව්ව එක දැම්මා එලියට…. තුන් පාරම එක කෝප්පේ ගානෙ විතරයි ඒකේ සුවඳ මට අප්සෙට්
2011 අගෝස්තු 29 දින ප.ව. 3:32 ට
අපෝ මහ බේබද්දියක්නේ…. මට එහෙනම් ඔයාගේ රෙකෝඩ් එක කඩන්න තව තුන්පාරක් රා බොන්න වෙනවා….! 😛
2011 අගෝස්තු 29 දින ප.ව. 4:23 ට
මගේ රෙකෝඩ් එක කඩල ඉවරනේ දැනටම… මෙගා බෝතලයක කෝප්ප තුනකට වඩා තියෙනවානේ…! 😛
2011 අගෝස්තු 29 දින ප.ව. 4:52 ට
ඒ වුනාට එහෙම ඔට්ටු නෑලු….
2011 අගෝස්තු 29 දින ප.ව. 12:48 ට
අඩේ මම රා බීලා තියෙන්නෙ එකම එක පාරයි. ඒත් ඉස්සර.
2011 අගෝස්තු 29 දින ප.ව. 3:32 ට
දැන් රා ඉස්සර එව්වට වැඩිය රසයි බං… බීලා බලපංකෝ…
2011 අගෝස්තු 29 දින ප.ව. 2:32 ට
ඔහොම පෙරේත කමකින් මම මේ වීකෙන්ඩ් එකේ ගෙදර යන්න ඉන්නෙ වයින් බොන්න. රෙඩ් වයින් බෝතලයක් මට තෑගි හම්බුණා. බෝඩිමේ තියාගෙන මොනා කරන්නද. ගෙදර ගෙනිහින් තාත්තටත් දීලා බොනවා. හොඳ රෙඩ් වයින් එකක් බොන්න මම පුදුම පෙරේතකමකින් හිටියෙ.
2011 අගෝස්තු 29 දින ප.ව. 3:33 ට
ඔව් ඉතිං අපිව මතක් වෙන්නේ නෑනේ… ඔයාගේ බෝඩිමට අල්ලපු ගමේ මං ඉන්නේ….
2011 අගෝස්තු 29 දින ප.ව. 3:42 ට
උඹලා ඉතින් රා බොන අරක්කු බොන මිනිස්සුනෙ. මම හිතුවෙ වයින් පෙන්නන්න බැරුව ඇති කියලා.
2011 අගෝස්තු 29 දින ප.ව. 4:20 ට
පිස්සුද අක්කේ… වයින් කියන්නේ දෙවියන්ගේ බීමක්නේ…
2011 අගෝස්තු 29 දින ප.ව. 4:57 ට
මාලු, මට එක ප්‍රශ්ණයක් තියෙනවා. අම්මා ගෝල්ඩ් ෆිෂ් ගෙ බ්ලොග් ටැංකිය කියවන්නෙ නැතිද? හැබැයි පුතෝ එහෙම වුනොත් නම් අතේ කෝට්.
henryblogwalker aka Dude
2011 අගෝස්තු 29 දින ප.ව. 7:29 ට
අපේ අම්මා දන්නේ නම් නෑ මෙහෙම ටැංකියක් ගැන. කටක් ඇරලා කියන්න පුළුවන් එකක්යැ ලියන එව්වයේ හැටියට…
2011 අගෝස්තු 30 දින ප.ව. 12:47 ට
අනේ කවුරු හරි එකෙක් මාලුවගෙ අම්මට මෙන්න මේ ලින්ක් එක දීපල්ලකො. ලොකු උදව්වක්.https://prasanna86k.wordpress.com/
henryblogwalker aka Dude
2011 අගෝස්තු 30 දින ප.ව. 2:05 ට
හා… ලින්ක් එක අපේ අම්මට දීලා මට ඇවිත් නවතින්න තැනක් ලෑස්ති කරන්න…
2011 අගෝස්තු 29 දින ප.ව. 7:00 ට
මේ මචන් රාබීල වැඩිඋන දවාසක බලපන්.මාර ආතල්.දැම්මම බඩ කූල් වෙලා යනව.
2011 අගෝස්තු 29 දින ප.ව. 7:32 ට
අත්දැකීමෙන්නේ….!
2011 අගෝස්තු 29 දින ප.ව. 7:02 ට
බලපු කෙනෙක් ඉන්නවන්ම් කියන්නකො.:-D
2011 අගෝස්තු 29 දින ප.ව. 8:45 ට
හරි ෂෝක් පුතා… ලැජ්ජ නැතුව ගිහින් අම්මට කියපු හැටි බිව්වා කියලා… රා ටිකක් බිව්වානම් රෑට එළියට බහින්නත් පුළුවන් වෙයි නේද මාළුවෝ බය නැතුව? 😉
2011 අගෝස්තු 30 දින ප.ව. 2:03 ට
අපේ අම්ම දන්නවනේ ඉතිං කොල්ලගේ හැටි… අම්මට පුදුම මං ඒක කියපු එකට නෙවෙ, මෙච්චර කල් නොකියපු එකට…
2011 අගෝස්තු 29 දින ප.ව. 11:47 ට
උඹ මගේ ගෙවල් පැත්තේ වරෙං අයියා මම උඹව රා නාවනවා …!! අඩේ මට නම් රා කියද්දී මචාං !!!!!!!!!!!
ඇත්තටම මම නම් රා වලට අකමැතියි මචං මම එක වතාවක් ඇරෙන්න රා බීලම නෑ මට පලවෙනි සැරෙන්ම එපා වුණා ..ඒත් ඉතින් උඹගේ රා හීනේ හැබෑ වෙච්ච එකට මම සතුටු වෙනවා ..
මමත් මේ රා කවියක් ලියන්න කියලා පෑන අතට ගත්තා විතරයි ..
රා බීවම බඩ එනවාලු නේද ?
2011 අගෝස්තු 30 දින ප.ව. 2:04 ට
බඩ නම් ඔනේ නෑ කියමුකෝ… ඈඟවත් පොඩ්ඩක් එනවනම්….!
2011 අගෝස්තු 30 දින ප.ව. 12:38 ට
කැස්බෑවට පින් සිද්ද වෙන්න ගොල්ෆිෂ් රා බීලා.. ඒ පිනම ඇති කැස්බෑවට…
2011 අගෝස්තු 30 දින ප.ව. 2:04 ට
කැස්බෑවා වුනත් උනත් ඌ හරි හොඳ එකා…
2011 අගෝස්තු 31 දින ප.ව. 2:43 ට
අඩේ ඉස්සර වගේ මෙහේ ටොඩි තියෙන්නේ නෑ නේ.
මටත් සෑහෙන කාලෙකින් රා කට්ටක් තොල ගාන්න බරි උනා.
නැද්ද අඩියෙවත් පොඩ්ඩක් ?
2011 අගෝස්තු 31 දින ප.ව. 4:28 ට
පිස්සුද මල්ලි කොහේ ඉතුරු වෙන්නද…
2011 සැප්තැම්බර් 2 දින පෙ.ව. 6:45 ට
මෙහෙදී රසවිදපු පොල්රා ගැන කියන්නම්කො.. මෙහෙ පොල් රා බොහොම ඉහලයි.. හැබැයි බොන අලුත් ක්‍රමයක් මන් කියන්න යන්නේ. පොල් රා තුනකට(guinness ) ස්ටවුට් වගේ දුඹුරු පාට බියර් ජාතියකින් එකක් මිශ්‍ර කරනවා.. ඊට පස්සේ එන බීම කුල් කරලා ගත්තම ආයිත් කියල වැඩක් නැහැ.. ඔන්න බීල බලනවා නම් පුතෝ..
2011 සැප්තැම්බර් 2 දින පෙ.ව. 7:04 ට
දවස් තුනක් විතන නිවාඩු දාලා ගෙදර ලගින්න වෙයිද දන්නේ නෑ…
2011 සැප්තැම්බර් 3 දින ප.ව. 2:57 ට
මමත් තාම රා බීල නැ අයියා ….. තල් රා නම් සැප කනෙ තියෙන්න ගහලා තියනවා එක පාරක්… මෙ පිශ් අයියෙ අය එහෙම ඔහොම මෙගා බොතල් 2ක 3ක් සෙට් උනොත් ටස් ගලා මොබියා අරන් ඩයල් කරන්න සිරි කොලුවට හොදෙ … 😀 😀
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 1:20 ට
හා හා මරු මරු මාළු මලයා
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 5:56 ට
එල එල…