කොල්ලෝ බොරු කිව්වම කට කන කෙල්ලෝ….!

මං වැඩිය පත්තර කියවන්නේ නෑනේ….! ආහ් … ඒකට ඉස්සෙල්ලා වැදගත් දෙයක්… මේක 18+ එකක්… හැබැයි ඉතිං පොඩි එවුනුත් බැලුවට පස්නයක් නෑ… මොකද දැං පොඩියට හිටියට කවද හරි ලොකු වෙනවනේ… හැබැයි මෙව්වා කොරන්න ගිහිං දෙක වදින කොට… අනේ සෑර් අර ගෝල්ඩ් ෆිෂ්ගේ ටැංකිය බලලා තමා මෙව්වා කරන්න හිතුනේ කියලා එහෙම මාව පාවලා දෙනවා නෙවෙයි…

පත්තරයක් ගැනනේ කියන්න ගියේ…. මං ඉතිං වැඩිය පත්තර බලන්නේ නෑ. මොකද පත්තර වල තියෙන එව්වා කියනවට වැඩිය ලොකු ‍වැඩ තියෙනවා මට. ඒ කියන්නේ බ්ලොග් බැලීම, මූවි බැලිම, කෙල්ලෝ බැලීම, මාළු ටැංකිය දිහා බලාගෙන ඉඳීම…. වගේ එව්වා…. ඒත් ඉතිං ඔය බත් කන්න අරගත්තම එහෙම නම් මං කෑම කන ගමන් පත්තරයක් බලනවා.

ඉස්සර නම් ඉතිං අපේ අම්මා ගන්න තරුණි පත්තරේ බලන්න තමා වෙලාවක් හොය හොය ඉන්නේ. අම්ම ඉන්න වෙලාවට බලන්න බැහැනේ. එව්වයේ තියෙන එව්වා දෙමව්පියෝ එක්ක බලන්න ටිකක් අමාරුයි. ඉතිං අම්මයි තාත්තයි ගමනක් යනකං ඉඳලා තමා වැඩේට බහින්නේ. පස්සේ පස්සේ ලංකාදීපේ, සිළුමින එහෙමත් කියවන්න පුරුදු වුනා. දැන් නං ඉතිං සිළුමිනයි ඔබ්සර්වර් එකයි තමා. ඩේලි මිරර් බලනවා ඔෆිස් එකේදි. ඩේලි මිරර් බලනවා කිව්වට බලන්නේ ඒකෙ රූප ටික තමා.

ඉතිං කොහොම හරි කාලෙකට කලිං මං ඔය මොකක් හරි පත්තරක් බලද්දී දැක්කා සිරා දෙබසක්. ඒක තියෙන්නේ අම්මා කෙනෙකුයි පුතෙකුයි අතරේ. අම්මා කොල්ලට ටීවී එක දාලා දීලා යනවා කෑම උයන්නද කොහෙද… පස්සේ මේං ටිකකින් කොල්ල යනවා හෙන හයියෙන් අඬාගෙන කෑගහගෙන. පස්සේ අම්මා ඇහුවම ඇයි පුතේ කියලා මූ කියනවා…

අර ටීවී එකේ ඉන්න ඇන්ටි ඒ අන්කල්ගේ කට කෑවා…. කියලා… ඔව් ඉතිං පොඩි එකා බය වෙන්න ඇති තමා ඒ කාපු විදියට. ඇයි දෙයියනේ පෙරලගෙනනේ කන්නේ… පස්සේ ඉතිං අම්මා ටීවී එක වහලා දැම්මලු. පොඩි එක ඔය කට කාලා කියලා කෑගහලා තියෙන්නේ බොහොම හැඟීම් බර රොමැන්ටික් හාදුවක් දැකලලු. අපෝ මං නම් ඔව්වා දැකලාවත් නෑ… ඒක නිසා විස්තර කරන්න දන්නේ නෑ…..

ඉස්සර නයිට් රයිඩර් බලද්දී අන්තිම හරියෙදී අපේ තාත්තා මොකක් හරි බොරුවක් දාලා චැනල් එක මාරු කරනවා. පස්සේ කාලෙක තමා තේරුනේ අර මයිකල් නයිට් හැම දාම වලි ෆයිට් ටික ඉවර වෙලා කෙල්ලෙක්ගේ කට කනවා කියලා…

එදා දුමී අයියගේ ගෙට්ටුව දවසෙත් විහාරමාහා දේවි එකේ ජෝඩු දෙක තුනක් කට කාගත්තනේ… මං ෆොටෝ වගේකුත් ගත්තා. අනාගතේට ඕනේ වෙනවනේ කියලා….

ඉතිං මේ සීන් එක වුනේ මට. මතකනේ මායි මගේ යාළුවෙකුයි මල්වත්ත බලන්න ගිහිං කට කැඩිච්චි කෙල්ලෙක්ට මං මුස්ලිම්ද කියලා දැන ගන්න වුන බව. ඉතිං මේක වුනේ මල් වත්තෙදී. මායි කනිෂ්කයි ඇවිදගෙන යනවා ඉස්සරහට. වටේ පිටේ තියෙන ගස් කොලන් වලට කැමරාව මාන මාන ලොකු මුලක් තියෙන ගහක් ගාවින් යද්දී… පෙම්වත් යුවලක් හෙන ලොකු වැඩක.

ආයේ උං දෙන්නට ඉන්නෙ කොහෙද කියලවත් මතක නෑ… පොඩි එවුනුත් බල බල යනවා. සමහර කෙල්ලෝ අම්මලට මුවා වෙලා හොරෙන් බලන්නේ… ඇයි ඉතිං එතෙන මොකද්ද වෙන්නේ කියලා දැන කියා ගන්න ආසා නැත්තේ කව්ද… කොටින්ම අර ඩබල මඳ කිපිච්ච අලි දෙන්නෙක් වගේ ප්‍රේමයෙන් වෙලිලා… පස්සේ ඉතිං මාත් නිකමට වගේ බැලුවා. ඒ බැලුවෙත් කනිෂ්කට හොරෙන්. වැරදිලා වත් ඌ හිතුවොත් එහෙම අපෝ මූ වගේ අවලමෙක් කියලා. මොකද ඔය වැඩේ කොරන එවුන් දිහා බලනවට වැඩිය වල් විදියටනේ සීන් එක දිහා බලන එවුන් ගැන හිතන්නේ…

මගුලයි…. කෙල්ල කොල්ලගේ ඔ‍ඩොක්කුවට වෙලා කොල්ලගේ කට කනවා එකසිය ගානට. පව් වැඩේ අර අහිංසකයා ඌත් එහෙට මෙහෙට ඇඹරෙනවා… පොරට හැරන්නවත් බෑ…. කෙල්ල ඔඩොක්කුවෙනේ… ඉතිං කොහොම හරි මං සීන් එක බලන අස්සේ කනිෂ්කත් දැකලා ෆ්‍රී අඩල්ට්ස් ඔන්ලි මූවි එක. දැං ඉතිං අවුලක් නෑ, දෙන්නම දැක්කනේ. කොහොමත් ඌ දැක්කේ නැත්තං මං ඌට පෙන්නනවා… ආං අර බලපන් අරකට තමා කට කනවා කියන්නේ… උඹත් ඔව්වා පුරුදු වෙයන් අනාගතේට ඕනේ වෙනවා කියලා… ඌට පෙන්නන්න කලින් මං බලලා ඉගෙන ගන්න එපැයි… ඒක නිසා තමා මං මුලින් බැලුවේ.

පස්සේ ටික දුරක් යනකං කනිෂ්ක කතාවක් නෑ… හරියට නිකං අර ඉස්සෙල්ලා කතාවේ ටීවී එකේ ඇන්ටිගේ වැඩේට බය වුන පොඩි එකා වගේ…. කිසි දෙයක් කියන්නෙත් නෑ, මගෙන් මුකුත් අහන්නෙත් නෑ… ඔහොම ඉතිං ටික දුරක් ගිහිං එක පාරටම තැනක නතර වෙලා මට කියනවා…

මේ බං…. අර කොල්ලා මොකක් හරි ලොකු බොරුවක් කියන්න ඇති බං… නැත්තං කෙල්ල අර විදියට උගේ කට කයි‍යෑ… කෙල්ලට හෙනට කේන්ති ගිහිං ඇති නේද බං…? 

ඔය ටික අහගත්තු මොහොතෙම මං හිතාගත්තා මං මීට පස්සේ කෙල්ලන්ට කියන තරමක් කියන්නේ බොරු කියලා….! 😉 දැං ඉතිං ඕනේ නැති කතා අහන්න එපා. මං හොඳ ළමයනේ. ඒක නිසා මං කියන ඕනේ බොරුවක් ගෑණු ළමයි විස්වාස කරනවා. ඉතිං තාම කවුරුත් මගේ කට කෑවේ නෑ… කවද හරි කෙල්ලෙක් මාව අවිස්වාස කරලා මගේ කට කයිනේ… එදාට දෙන්නම්කෝ ඇට්ටි හැලෙන්න…!

66 Responses to “කොල්ලෝ බොරු කිව්වම කට කන කෙල්ලෝ….!”

  1. සෝරෝ Says:

    මම කියෙවුවේ නෑ මේක… මේ පැත්තට ආවෙත් නෑ………… 😀

  2. ChammA Says:

    මේ උබත් මාර පැපරාසියෙක් නේ බලාගෙන යනකොට , පව් බන් අරුන් ටිකට සැනසිල්ලේ කට කන්නවත් දීලා නැහැ උබලා නම්.. 😛

  3. Sachith Says:

    එහෙනම් මේක තමයි අපිට පුංචිකාලෙ බොරු කියන්න එපා කියලා කියන්නෙ….:D

  4. haree Says:

    “අපෝ මං නම් ඔව්වා දැකලාවත් නෑ…”

    කරන එකාට නෙමෙනෙ අනිත් උන්ටනෙ පේන්නෙ………..

  5. Nisupa Says:

    අර කනිෂ්ක පොඩි එකෙක්ද….??? :O මට නම් විස්වාස කරන්නත් බෑ අරහෙම ඇහුව කිව්වාම….

  6. cjgayan Says:

    අප්පටසිරි මාලුවෝ උඹ එක්ක කොහේවත් යන්නත් බයයිනෙ ඔහොම Photo ගන්න ගිහින් උඹටත් එල නැමක් සෙට් වෙයි ලගදිම… පරිස්සමින් හිටපන්.. 😀 😀

  7. abeetha Says:

    කොල්ලොත් එක්ක සත්තු වත්තෙ ඇවිදින උඹට කෙල්ලෙක්ගේ කට කන්න අමාරු වෙයිද දන්නෙ නෑ….. කොල්ලන්ගේ කටවල් රසද බන්….. 😀

  8. maathalan Says:

    ඒයි මෙන්නෝ.. පොටෝ ගහන ග්‍රීස් යකෙක්.. කඩු පොලු අරන් වරෝ….

    අර ඉන්ග්‍රිස් පත්තරේ නැවක් පෙරලිල තිබුනේ නැතෙයි…

  9. සාතන් Says:

    අපෝ මම නම් කවදාවත් බොරු කියන්නෙ නෑ… 😉

    ඉස්සර වගේ නෙමෙයි බන් දැන් කොච්චර බොරු කිව්වත් වගේ වගක් නෑ… 😦

  10. buddie-බුඩී Says:

    උබ බබා,
    දැන් ඔය යශෝධරා උබේ කට කාලම නැද්ද මාලුවෝ?

  11. mada Says:

    ade ub oy 3rd eye ek ehem arn ynkot poddak yn paththa gana api dnuwth krpn hode…. Api ynwi keyl newei adunana ekek wth heteyoth kata kann ep prssmt idpn keynn..

  12. Kasun Chanaka Says:

    අම්මෝ අපි පොඩි කාලෙ කියල තියන බොරුවල හැටියට කෙල්ලො කට කෑව නම් දැන් කටක් නෑ. හැබැයි කන්න තිබුන මම නම් කියන්නෙ. 😛

  13. කල්හාර Says:

    දැන් මාලු මලයගේ කවුරුවත් කට කාලා නැහැ …………
    දැන් ඕක අපිට විශ්වාස කරන්න කියලද කියන්නෙ . ………

  14. නිරෝෂිනී Says:

    අය්යෝ මල්ලි ඔයා මොකද්ද මේ නිදහසේ කට කන අයගෙ ෆොටෝ ගන්න ගියේ! පව් අනේ…
    හිකිස් ඔයාගේ යාලුවා නම් හරි ශෝක්. බලන්න එයාගේ නොදැනුවත් කම නේද? එයාට ඔය වගේ කෙල්ලන්ගෙන් විය හැකි අතුරු ආන්තරා කියල දෙන්න ඔයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද නේද?

  15. කෝඩුකාරයා Says:

    අපෝ…………..මමනම් මේ පැත්තකටවත් ආවෙ නෑ.මමත් හිටියෙ සෝරෝ අයිය එක්ක.අපි වගේ හොඳ ළමයි මේව කියවනවද?………

  16. Black King Says:

    monawa unath uba phpto gaththu ekanam ketha wede
    maluwek unata ubath kollek neda bun

  17. weniwel Says:

    අපෙ සෙට් එකත් ෆිල්ම් එකක් බලන්න ගිහින් ෆිල්ම් එකට වැඩිය කෑලි ගොඩාක් පෙන්නුව ඉස්සරහ සීට් එකේ හිටිය කපල් එක.. අපිට මොකෝ.. එක ටිකට් එකකින් ෆිල්ම් 2ක් බැලුවා..

  18. ඉන්දික Says:

    මාලු මලයත් නොදන්නා දෙයක් නෑ නෙ බලං යනකොට!

  19. blog gadol Says:

    හික් හික්!! උඹ මොකටැයි ඕවා ෆෝටෝ ගහන්න ගියෙ?

  20. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    උඹේ කටනම් කන එකක් නැ.
    උඹ දත් මදින්නෙත් නැ?කට හෝදන්නෙත් නැ [ලු.]
    ඉතින් කන එකක් නැ

  21. tharindu Says:

    ඇයි බොල අර ඉන්නේ උබේ යසොදරා ගිහින් කියාපියකො ඇමරිකාවට බරක් වුන බබා ඔබාමා මළා කියලා…මතක් කරල දත් මැදගෙන පලයන් එතකොට කයි…. ජය වේවා…..

  22. Lahiru Says:

    මාත් අද ඉදලා කෙල්ලන්ට කියන්නෙම බොරැ…අයේ අහලා..තැන්කු මාළුවෝ

  23. නදුන් උයන Says:

    අනේ බොල මාලුවෝ…. ඕව හොරෙන් බැලුවට කමක් නෑ.. පොටො ගන්න එක නම් එතරම් හොඳ වැඩක් නෙවෙයි… ඒ මදිවට මෙ යකා එව්ව අන්තර් ජාලයටත් දාල.. ඊට පස්සේ ළඟදිම දවසක පත්තරේ තියෙයි “අසැබි රූ පල කල බ්ලොග් කරුවා 6 මසකට වැලිකඩට” කියල…. කොහොමද එතකොට …. ?

  24. ගිනි කුරුල්ලා Says:

    උබ මේ අහින්සක ඩ්‍රැකියුලා ජෝඩුව තාමත් විනාස කරනවද බන්???? (අපිට මතකයි උබ කැරකි කැරකි ඔය ඩබලව කැප්චර් කරපු හැටි)

  25. මලියා Says:

    අනේ සත්තලනේ මාළුවට ගිය කලක්, දැන් කෙල්ලො කට කනවා බලනවා මදිවට සියුම් සීරූවේ මඩත් ගහනවා නේද??

    එලැ එල. අර කිව්වත් වගේ මම මේ පැත්තෙ ආවෙත් නෑ, කියෙව්වෙත් නෑ!

  26. henryblogwalker Says:

    ඉස්සර වික්ටෝරියා පාක් එකේ ඉන්නව පොරවල් ටිකක් බංකු උඩ ඉඳගෙන පත්තර දිගෑරගෙන. ඒ පත්තරේ මැද්දෙ තියෙනව හිලක්. ඒක එල්ල කරලා තියෙන්නෙ ඔය කට කන කපල්ස් දිහාට.
    henryblogwalker aka Dude

  27. මධුරංග Says:

    මටත් හිතෙනවා කාගේ හරි කට කාලා බලන්න. !!!! :0

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කිවු එකා ගේ කට කෑවත් මදිය.

  28. කළු පූසා Says:

    කළු පූසයි , තව යාලු පූසෙකුයි දවසක් දුෂ්‍යන්ත් sir ගේ class කට් කරලා මහරගම Cafe එකකට ගියා time pass කරන්න මෙන්න එහා පැත්තේ PC එකේ ඉන්න කෙල්ල , කොල්ලෙක්ගේ කට කනවා. මම හිතන්නේ උන් දෙන්නට අමතක වෙලාද කොහෙද එහා පැත්තේ Pc එක වෙන්කරලා තියෙන වීදුරුවෙන් ඔක්කොම පේනවා කියල. සමහරවිට කෙල්ල මාව බය කරන්න කියල හිතාගෙන පේන්නම කොල්ලගේ කට කවද දන්නේ නැහැ :O මොනවා උනත් මම එහා PC හිටපු යාලුවවත් මගේ PC එක ගාවට ගෙන්නගත්තා , කට කනවා පෙන්නන්න. හැබැයි උන දෙන්නට අපිව සිහියක් නැහැ හෝ ගාල කටකනවා ( සමහරවිට කොල්ල ලොකූ බොරුවක් කියන්න ඇති )

    මාර වැඩේ කියන්නේ කව්ද මන්ද අසමත්ජාතියෙක් කළු පූසාගේ 4n එකෙන් , කළු පූසාගේ අතේ තියෙද්දීම මේ seen එක record කරලනේ ? 😦


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: