ඇන්ටිගේ නාටකේ….

එදා හොඳටම හවස් වෙලා… වහින්නත් වගේ… මුළු අහසම අඳුරු අලු පාටන් පිරිලා. වැස්සත් හරියට නිකං බලාගෙන ඉඳලා තියෙන්නේ මං ඔෆිස් එකෙන් එලියට බහිනකම් මාව නාවන්න. තෙමෙන්න අකමැත්තක් නැති වුනත් මට ඉතිං පෞද්ගලික වාහන නැහැනේ ගෙදර යන්න. ඒක නිසා ඉතිං කොච්චර කලු කරගෙන ආඩම්බරපාගෙන හිටියත් වැස්සට නොතෙමෙන්න කුඩේ ඉහලලා වැහි කලුවලට මගේ ආඩම්බර කම පෙන්නන්න මට සිද්ධ වුනා.

පස්සේ ඉතිං වැස්ස යටින් ලාවට විතර තෙමී ගෙන ගිහිං යාන්තං අඩිය තියාගත්ත බස් හෝල්ට් එකට. වෙනද නම් එකෙක් වත් යන්නේ නැති ඇඳුරු දිරලා ගිය බස් හෝල්ට් එක අස්සේ එක සෙන්ටීමීටරයක ඉඩක් වත් නෑ මට පය ගහන්න. ඒ ඉතිං මේ වරුසාවට පිං සිද්ධ වෙන්න තමා…

එහෙමයි කියල මට බාගෙට තෙමෙන්න බැරි නිසාම අමාරුවෙන් රිංග ගත්තා හෝල්ට් එකේ වහලට කවර් වෙලා තියෙන හරියට. කවුරුත් මුකුත් කිව්වේ නෑ… මොකද එතෙන හිටිය අය වගේම මාත් ටිකක් විතර තෙත බරියම් වෙලා තිබ්බ නිසා…

කොහොම හරි ටික වෙලාවක් යද්දී මට ගෙදර යන්න කළුතර – කොළඹ බස් එකක් එනවා. ගොඩක් දවස් වලට මං යන්නේ මතුගම, අළුත්ගම වගේ දුර බස් වල වුනාට වැස්ස දාට පුරුද්දක් විදියට මං යන්නේ කළුතර බස් වල. හේතුව තමා මගේ තෙමිච්ච කුඩේ අනිත් අයට කරදරයක් නොවෙන්න අරගෙන යන එකත්, අනිත් අයගේ කුඩ වල තියෙන වතුර වලින් මගේ ඇඳුම් වල නියම වර්ණය ආරක්ෂා කරගන්නත් ඕනේ නිසා. හැබැයි ඉතිං මට හිතෙන්නේ අනිත් අයත් මං වගේම හිතනවද කොහෙද… මොකද කවදාවත් කට කපලා ලෝඩ් වෙන්නේ නැති කළුතර බස් එක එදා හොඳටම පිරිලා. මගේ වෙලාවටද කොහෙද බස් එකේ හිටි අයගෙන කිහිප දෙනෙක් බැස්ස වගේම අපේ හෝල්ට් එකේ හිටි අයගෙන වැඩි දෙනෙකුත් බස් එකට නැග්ගේ නෑ. ඉතිං ඒක නිසා මාත් අමාරුවෙන් රිංගලා ඇතුලට ගියා.

ඔහොම ඉතිං මොරටුව හරියට එද්දී බස් එකේ සෙනග ටිකක් විතර අඩුයි.  ඒ මොරටුවෙ බස් එක නවත්තපු වෙලාවේ බැහැලා ගිහිං නිසා… වැස්සත් සෑහෙන දුරට අඩු කරලා. වීදුරු වලින් පේන විදියට වැටෙන්නේ යන්තං කුඩු පොද විතරයි. එව්වත් ඇහැකට පේනනේ නෑ, එලියේ තියෙන වතුර වලක් දිහා බැළුවම තමා පේන්නේ…

ටික වෙලාවකින් බස් එක, අළුත් ගාලු පාරේ මං කැමතිම හරියට ආවා. ඒ කියන්නේ මොරටුව පහුවෙලා දකුණු පැත්තෙන් මුහුද පේන හරිය… වැහි අන්දකාරේ වුනත්, ඉර බැහැලා ගිහිං වුනත් මුහුදේ රැලි වල සුදු පාට පෙන ඉපිලුමේ නම් කිසිම අඩුවක් නෑ… ඒ වගේම අහස අඳුරු වුනා කියලා ලස්සනේ අඩුවකුත් නෑ…

ඔහොම ටික දුරක් යද්දී, මං හිටගෙන හිටිය සීට් ලඟට පිටිපස්සේ සීට් එකේ ජනේල අයිනේ ඉන්න ගැහැණු කෙනා දිහා මට නිකමට වගේ බැලුනා. කර පලල්, පපුව ටිකක් පේන, තොල් දෙක තද රතු පාට ලිප්ස් ටික් එකකින් පාට කරගත්ත කාන්තාවක්. මං හිතන්නේ විදේශ ගත වෙලා ඉඳලා ලඟදී ලංකාවට ආපු, කලින් ටිකක් විතර දුප්පත් දැන් තරමක් පෝසත් කාන්තාවක් වෙන්න ඕනේ… එයත් මං වගේම මුහුද දිහා බලාගෙන ඉන්නවා. මට ඉතිං ඒ මුහුදයි මේ මුහුදයි දෙකම බලන්න බෑනේ… ඒක නිසා අර රැලි ගහන මුහුද දිහාම බලාගෙන ඉඳිද්දි තමා ආයෙම මං දැක්කේ… වටේ පිටේ ඉන්න සේරම පිරිමි ටික අර ගැහැණු කෙනාගේ අතේ තියෙන යම් දෙයක් දිහා බොහොම ඊරිසියාකාරි විදියට බලාගෙන ඉන්නවා කියලා…

මාත් ඉතිං බැලුවා… බැලින්නං ඒක පුංචි තොරණක්. වටේටම එක එක පාට ලයිට් තියෙන ඇඟිලි තුඩු වලින් වැඩ කරන තොරණක්…! මං දැක්ක විදියට චයිනීස් කෑල්ලක්. ඩුවල් සිම්, ඩුවල් මෙමරි කාඩ්… වගේ ඔක්කොම අළුත්ම අළුත් මොබයිල් ෆෝන් එකක්. ඒ විස්තර ටික දැක්කේ ඒ කාන්තාවගේ ඔඩොක්කුවේ තිබ්බ ෆෝන් එකේ පෙට්ටියෙන්. සමහරවිට ඒ මොබයිල් එක අරගෙන එන ගමන් වෙන්න ඕ‍නේ. නැත්තං ඉතිං පෙට්ටය තියෙන්න විදියක් නැහැනේ…

කොහොම හරි තව ටික දුරක් එනකොට ඒ කාන්තාව අර තොරන මත තිබ්බ ස්ක්‍රීන් එකේ පේන වර්චුවල් නම්බර් පෑඩ් එකේ එයාගේ ඇගිලි තුඩු වලින්, අංක 10ක් සටහන් කරලා ගත්තා දුරකථන ඇමතුමක්.

ඒ ඇමතුම අතරෙදි තමා මං දැනගත්තේ මේ කාන්තාව බොහොම බර අත්තක් කියලා…! කොටින්ම මට මං ආසම මුහුද දිහා බලාගෙන මේ කාන්තාවගේ දුරකථන සංවාදය අහගෙන ඉද්දී දැනෙන්නේ හරියට නිකං ඉංග්‍රිසි නලුවෝ රඟන ඉංග්‍රිසි මූවි එකකට දෙමලෙන් හඬ කවලා වගේ දෙයක් තමා. මුහුදයි කාන්තාවගේ වචනයි මැච් වෙන්නෙම නෑ… මුහුද හෝ හෝ ගාලා අහිංසක විදියට කරන සද්දේ වෙනුවට මේ කාන්තාව…

ආ…. ඊ යස්… ඊ යස් ….. ඕ මයි ගුඩ්නස්… නෑ  ඉතිං… අනේ ස්වීට් ඇතිනේ….. වගේ අමුතු කතා අස්සේ එක පාරටම පටන් ගත්තේ නැතෑ මිලියන් ටෝක්ස් වගයක්… කෙලින්ම බිස්නස් ගැන. එව්වත් ‍ලේසි පහසු එව්වා නෙමේ මහන මැෂින් 1000ක් විතර ගෙන්නලා ලංකාවේ දුප්පත් අයට බෙදාගෙන කැම්පේන් එකක් ගැන.

ඉතිං මේ කතාවට මං ඕනේ කමින් ඇහුන් කන් දුන්නා නෙවේ… ඒ කාන්තාව ‍මුළු බස් එකටම ඇහෙන්න කතා කරා. ඇඩ් දානවා කියන්නේ… අර පිනිබිඳු අක්කා කිවේ… අන්න ඒ වගේ සීන් එකක්. බස් එකේ ඉන්න අයටත් ඉතිං මේක හරි හොඳ අවස්ථාවක්. තෙමිලා තෙමිලා හෙම්බත් වෙලා ඉන්න අයට වේදිකා නාට්‍යයක් පෙන්නනවා කියන්නේ ‍හිතට ‍කොයි තරම් සැනසිල්ලක්ද…!

පස්සේ ඉතිං මුහුද දිහා බලාගෙන හිටිය මමවත් අර ගැහැනු කෙනාගේ නාට්‍ය්‍ය දිහා බලාගෙන හිටිය කෙනෙක් වත් හීනෙකින්වත් හිතුවේ නෑ මේ නාට්‍යය අස්සේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වෙයි කියලා…

එක පාරටම අර කාන්තාවගේ බිස්නස් කතා අස්සේ කනට තියාගෙන හිටිය චයිනීස් ‍තොරන ලයිටුත් පත්තුවෙවී… රිංග් වෙන්න ගත්තම… කොහොමද දැනෙන සනීපේ…! ඊටත් දන්නවනේ චයිනීස් ෆෝන් වල සද්දේ…

ෆෝන් පාවිච්චි කරන අය දන්නවා කෝල් එකක් අතරදි තවා කෝල් එකක් එද්දී ඒක ඇලර්ට් වෙන්නේ ‍ෆෝන් එක අතේ තියාගෙන ඉන්න කෙනාට විතරයි කියලා. මොකද ඕනෙම ෆෝන් එකක කෝල් එකක් මැදදි තව එකක් එද්දී ලාවට ඉයර් ප්‍රයිස් එකෙන් බීප් එකක් එනවා මිසක් ලවුඩ්ස්පීකර් මොඩ් ගිහිං රිං වෙන සිරිතක් නෑනේ… ඒත් ඉතිං මෙච්චර වෙලා වැස්ස නිසා හෙම්බත් වුන බස් එකේ අයට ලැබුන අමුතු අත්දැකීමනං මරු. කොහොම හරි ටික වෙලාවක් යනකං මට මුහුදයි වැස්සයි දෙකම අමතක වෙලා අනිත් අයත් එක්ක එක්කහු වෙලා හිනා ගියා….

වෙලාවට බස් එක එත‍ෙකාට අළුත් පාලම ගාව හෝල්ට් එකට කිට්ටු කරලා තිබ්බේ…! කව්ද මන්දා බෙල් එක ගැහුවා… අර ගෑණු කෙනා බස් එකෙන් බැස්සා නෙවෙයි…. පැන්නා….

(මේක පොඩි එක්ස්පෙරිමන්ට් පෝස්ට් එකක්. මං ලියන ක්‍රම දෙකක් එකට මික්ස් කරලා තියෙන්නේ….)

Advertisements

53 Responses to “ඇන්ටිගේ නාටකේ….”

  1. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    හික්z.පව් ඒ ඇන්ටි.(උඹට අක්ක.) ඔහොම ඩයල් වලට නම් පුංචි පහේ නෝන්ඩියක් දුන්නට කමක් නැ.
    ඉට්ටයිල් එකේ අවුලක් නැ මාලුවො

  2. නවම් Says:

    හෙහ්…. වස ලැජ්ජාවයිනෙ බං… වැරදිලාවත් ම නං මයෙ පෝං ක‍ටුව එලියට ගන්නෙ නෑ බස් එකේදි, ඇයි බං මේවයෙ ඩුප්ලිකේට් පිරිලනෙව.

  3. buddie-බුඩී Says:

    මට දවසක් ඔහොම දෙයක් වුනා. කෝල් එකේ ඉද්දි එකපාර කෝල් එක කට් වුනා හෙලෝ හෙලෝ කියද්දි මෙන්න අයේ කෝල් එක ඇවිත් ෆෝන් එක රින්ග් වුනා. අවුලක් නෑ ඉතින් මොකද මම ඇඩ් එකක් දදා නෙමේ හිටියේ

  4. සෝරෝ Says:

    ඇත්ත කියපං උඹ ෂුවර් එකටම බලං ආවේ ඒ මුහුද දිහා ද……… 😀

  5. cjgayan Says:

    මාලුවා ගැවිච්ච හැම තැනම ගැණු පරානයක් ලගින් හරි යනවා.ඇත්තටම මාලුවෝ උඹට ඔය ගැණු නැතුව කතා ලියන්න බැරිද ???? හී හී…

  6. මන්තරකාරි Says:

    දවසක් බස් එකේ එහා සීට් එකේ මිනිහා ඇණේ වෙන්න ඇවිත් මමත් හෑන්ඩ් ෆ්‍රී එක ගහලා යාළුවෙකුට කෝල් එකක් ගත්තා. ටිකක් යනකොට බැටරි ලෝ. ශේප් එකේ කවදාවත් නැතුව බුදු සරණයි කියන්නෙත් නැතුවම කට් කරලා කෝල් එකේ වගේම ආවා. පූරුවෙ පිනකට ඒ වෙලාවෙ තව කෝල් ආවෙ නෑ…

    එක්ස්පෙරිමෙන්ට් එක සිරා මාළුවෝ…

  7. පිණිබිඳු Says:

    හපොයි මේ කෝල් ඇඩ් නම් හැමතැනම නේද. මම එක දවසක් බස් එකේ යනකොට ගෑනු කෙනෙක් නැග්ගා. හෙන හයියෙන් ෆෝන් එකෙන් කතාව ගෙයක් හැදීම ගැන. බාසුන්නැහේ එක්කද කොහෙද කතා කරන්නෙ. කොහොම හරි ගෙවල් හැදීමේ අත්තිවාරමේ ඉඳන් වහල ගැහීම දක්වාම මුලු බස් එකටම එයා කුප්පියක් දැම්මා වගේ..

    • ගෝල්ඩ් fish Says:

      පවු අක්කේ… ඒ අයට ඔය වගේ දේවල් කතා කරන්න වෙලාවක් හොයාගන්න නැහැනේ… හෙන බිසීනේ…

  8. පන්සල් හංදිය Says:

    හිහ් ……. හී ……. ඔහොම වෙන්න ඕන නැති ලොකුකම් මවන්න හදන උන්ට ……
    මලයා මට නම් වෙනසක් දැනුනෙ නැහැ බං උඹ ලියන විදියෙ, හැබැයි කිසිම අවුලකුත් නැහැ ……..

  9. සාතන් Says:

    උඹ ඉන්න තැන මම නම් ෆෝන් අන්සර් කරන්නෙ නෑ කිසිම දවසක…. තොපි බලන් ඉඳල මොනා කියයිද දන්නෙ නෑ නෙ…

    කතා කර කර ඉන්න වෙලාවට කෝල් එක කට් වෙලා… ආපහු ගන්න නම්බර් එක ගහල කනේ තියාගන්නවත් එක්ක අනිත් පැත්තෙන් කෝල් එක එන ඒවනම් මට ගොඩක් වෙලා තියෙනව…

    අනික් අතට මගේ රාජකාරි කෝල් එකක් එහෙම උඹ වැරදිලාවත් අහන් ඉන්න එපා… රු 5000- 6000 හෙ ෆෝන් එකෙන් මිලියන් ටෝක්ස් යන්නෙ(මගේ නෙමෙයි උන්ගෙ සල්ලි ගැන)…. උඹල වගේ උන් හින්ද බස් එකක කෝච්චියක කතා කරන්න වෙලා තියෙන්නෙ හොර බිස්නස් කරනව වගේ… ඇයි අහන් ඉඳල මොන කුප්ප කතාවක් කියයිද දන්නෙ නෑනෙ… 🙂

  10. Gayan Ruasinghe Says:

    මට උනානම් වහ ටිකක් කාල කැලේකට රින්ගනවා බොල.. ඉකේයියා…

    ජය….

  11. tharindu Says:

    අපි එන බස් වල නගින්නේම ඔය වගේ කට්ටිය තමයි….විශේෂයේන් අපේ රොඩ් එකේ යන බස් නෙද සහො…..

  12. blog gadol Says:

    හික් හික්!! ලොවෙත් නෑ. ලියන විදිහනං හොඳයි

  13. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    ඇඩ් දාන්න ඕන කමක් තියනවනං ඕකුන්ට බැරිද මම අහන්නේ ෆෝන් එක සයිලන්ට් දාල ඔය දාන ඇඩ් එකක් දාගන්න. එහෙම කලානං ඉතිං ඇඩ් එකත් ලස්සනට යනවා මිනිස්සුත් බලනවා. ඔන්න ඉතිං දැන් කියන්න එන්න එපා මම එහෙම ඔය වගේ ඇඩ් දානවා කියල. මරනවා හරිය

  14. අකීකරු හිත Says:

    මුහුද දිහා බලන් හිටියා කිවට මට නම් විස්වාස නැ වගේ

  15. mada Says:

    ade maxxa bn..

  16. roshanherath Says:

    වෛබ්‍රේට් දාගෙන සයිලන්ට් දාගෙන ඇඩ් දැම්මානම් කිසි අවුලක් වෙන්නෙ නෑ නෙ. මගේ phone එකේ රින්ග්ටෝන් එක මටවත් ඇහිලා නෑ කාලෙකින්. හැම වෙලාවෙම සයිලන්ට්. අනික කෝල්ස් එන්නෙත් නෑ නෙව. පැය 123 ක් කෝල් අරන් තිබුනට ඒවායින් 107ක්ම අවුට්ගොයින්..

  17. Tamara Says:

    matat oya anuty ta una deta samana athdakimak tiyenawa. e phn eken mama bf ta katawak kiya kiya innakota nodanuwatma cl eka cut wela(signal natiwa)..mama danneth na. kata kara kara inna atarema ait phn eka rings giya kanata gahuwa wage sadden(rings yanakota kana laga tibuna nisa).
    hmmm itin mawa eda dakka ayat samahara wita oya hituwa dema hitanna ati kiyala mata hienawa…

  18. දොඩං Says:

    ලියන විදිහෙ මට නං පොඩි අවුලක් තියේ. එකපාරටම සිද්ධිය (වාක්‍යෙන් වාක්‍යට) තේරුම් ගන්න අමාරුයි

  19. තොන්සා Says:

    ඔහොම සීන් එකක් අපේ මිස් කෙනෙකුටත් උනා පන්තියේ ඇඩ් එක දාන්න ගිහින්

  20. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    මූදෙ ‍රැල්ල ලොකුද බං ???

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… හ්ම්…. කොහොමත් අයියේ ගල් තලාවක් අස්සෙන් රැල්ලක් එද්දී ටිකක් ප්‍රෙෂර් වෙලානේ එන්නේ…

  21. දේවා ගේ අඩවිය Says:

    ඔය වගේම පම්පොරි කතාවක් මගේ එකෙත් මේ දවස් වල…. ලංකාවේ හැමතැනම එහේම ඒවා තමා…

    එත් මේ මාලු මොකක්ද බන් අර ස්ටයිල් දෙකක් ගැන කිවේ, මට නම් දැනුනේ පරන මාලු ගදමනේ

    හිකිස්

    • ගෝල්ඩ් fish Says:

      පම්​පෝරි කියන්නේ කිසිම වැඩක් නැති එව්වා බං…. උන්ට වැඩකුත් නෑ අහගෙන අපිට වැඩකුත් නෑ…

  22. චතුර.. Says:

    චැහ්.. පව් අප්ප ඇන්ටි පොඩිත්ත..

  23. praveena Says:

    //ෆෝන් පාවිච්චි කරන අය දන්නවා කෝල් එකක් අතරදි තවා කෝල් එකක් එද්දී ඒක ඇලර්ට් වෙන්නේ ‍ෆෝන් එක අතේ තියාගෙන ඉන්න කෙනාට විතරයි කියලා. මොකද ඕනෙම ෆෝන් එකක කෝල් එකක් මැදදි තව එකක් එද්දී ලාවට ඉයර් ප්‍රයිස් එකෙන් බීප් එකක් එනවා මිසක් ලවුඩ්ස්පීකර් මොඩ් ගිහිං රිං වෙන සිරිතක් නෑනේ…//

    කොහොමද දන්නේ චීන්නු අලුත් ජාතියක ෆෝන් එකක් හදලද නැද්ද කියලා කෝල් එකක ඉන්දැද්දි තව එකක් එනකොට හය්යෙන් රිං වෙන….:D:D:D

    • ගෝල්ඩ් fish Says:

      ඒ ඇත්ත තමා අක්කේ…. එව්වා කියන්නත් බෑ… ඒත් ඇයි එහෙමං අර ගෑණු කෙනා දඩබඩ ගාලා බස් එකෙන් පැන්නේ…

  24. නිරෝෂිනී Says:

    අනේ ඇත්තට මෙහෙමත් මරගාත!
    හික්ස් චය්නීස් තොරණක් නම් ඉතින් ඇත්තටම ගොඩක් සල්ලි තියෙනවා වෙන්න බෑනේ. එහෙනම් ගන්නවනේ ඔරිජිනල් ෆෝන් එකක්.

    //ටික වෙලාවකින් බස් එක, අළුත් ගාලු පාරේ මං කැමතිම හරියට ආවා. ඒ කියන්නේ මොරටුව පහුවෙලා දකුණු පැත්තෙන් මුහුද පේන හරිය… //

    මමත් ආසම කෑල්ල තමයි ඔය. මම කැම්පස් යන කාලේ, උදේ 7 ට විතර අලුත් පාරේ මුහුද ගාවින් යනකොට ඕන කමින් ෆුට් බෝර්ඩ් එකේ යනවා. පේන ලස්සන වගේම මුහුදු හුලන් වැදෙනකොට දැනෙන සනීපෙත් කියල නිම කරන්න බැහැ.

    //මොකද කවදාවත් කට කපලා ලෝඩ් වෙන්නේ නැති කළුතර බස් එක //
    හප්පේ මොකක්? මන් දන්නා කාලේ ඉඳලම සෙනග නැති 400 බස් අල්ලගන්න හරි අමාරුයිනේ. දැනට අවුරුදු 3 කට වගේ ඉස්සර නම් හවස 5 පහු වුනොත් බම්බලපිටිය හන්දියෙන් වාඩිවෙලා යන්න පුළුවන් 400 බස් එකක් අල්ලගන්න හරි අමාරුයි. ඒකට 100. 100, 101 වැහි වහල. ඒ උනාට ඒවා බඩගානවනේ 🙂

    පොස්ට් එකේ ශෛලිය හොඳයි කියල කමෙන්ට් වලින්ම පේනවනේ 😀

    • ගෝල්ඩ් fish Says:

      දැන් හවස 6.30 විතර වෙද්දී සිකුරාදා ඈරෙන්න අනිත් දවස් වලට සෙනග සෑහෙන අඩුයි….

  25. henryblogwalker Says:

    මාලු, මරු පෝස්ට් එක. මට දැන ගන්න ඕනෙ මොකක්ද මේ රයිටිං ස්ටයිල් දෙකක් එකතු කරලා හදපු අලුත් එක්ස්පෙරිමෙන්ටල් කොත්තුවක් ගැන කියලා තියෙන්නෙ? මේ ස්ටයිල් එකත් හොඳයි. බොක්කට වදිනවා.සමහරවෙලාවට සමහර දේවල් ගැන මාලු හිතන්නෙත්, දකින්නෙත් මම හිතන විදියටම නේද කියලා හිතෙනවා
    henryblogwalker aka Dude.

    • ගෝල්ඩ් fish Says:

      කොත්තුව තමා, මං මුලින් ලියාගෙන ගියේ ස්වභාව ධර්මය ගැන ඊට පස්සේ ටික ටික සාමාණ්‍ය කතාවකට බ්ලෙන්ඩ් කරා…

  26. මධුරංග Says:

    ඒ ඇන්ටි පවූඌඌඌඌඌ
    මම නම් හරිම ආසයි වැස්සේ තෙමෙන්න.
    මේ කමෙන්ට් එක දානකොටත් මෙහාට්ට (නුවරට) වැස්ස.

  27. සිරි කොලුවා Says:

    පිශ් අයියා සුවර්ද එ ආන්ටි අතෙ පෙට්ටිය තිබ්බා කියලා … ? 😉 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: