අලි ටික කොහොම හරි ගැන ගත්තනේ…

මේක නම් මට හෙනටම නඩු වැටෙන කතාවක්… ඒත් ඉතිං වැරදියට ගන්න එපා. මොකද මේ සමාජයේ මං අත්විඳලා තියෙන ඒ වගේම මගෙ කන් දෙකෙන් අහලා තියෙන, ඇස් දෙකෙන් දැකලා තියෙන ඒත් මදිනම් සත්‍ය වශයෙන්ම අත්විඳලා තියෙන තත්ත්වයත් එක්ක බලද්දී මට හිතුන දෙයක්… ඉතිං මේක නිකංම  නිකං සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්… එහෙම නැත්තං යම් සත්‍ය තාවයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේක මේ කාටවත් කරන චෝදනාවක් එහෙම නෙවෙයි…

දැන් ටික දවසකට කලින් අපේ රටේ අලි සංගණනයක් තිබ්බනේ. ඒකට ඉතිං මං දන්න කියන මල්ලිලා වගේකුත් සහභාගී වෙලා තිවුනා. ඉතිං ඇයි මේ අලි සංගණනයක් තියන්නේ…?

කොහොමත් සංගනණයක් තියන්නේ මූලික වශයෙන්ම යම් තෝරාගත් ප්‍රාදේශයක් ආවරණය කරමින් දත්ත රැස්කර ගන්න තමා. පස්සේ ඉතිං ඒ දත්ත කොම්පූටර් වලට දාලා ඇනලයිස් කලාම තමා තොරතුරු බවට පත් වෙන්නේ. පුංචි කාලේ ස්කෝලේ කියලා දුන්නේ එහෙමනේ…!

ඉතිං මේ අලි ගැනිල්ල කරේ ලංකාව පුරාව උතුරු මැදත් ඇතුළුව ස්ථාන 1500කට ආසන්න සංඛ්‍යාවක තමා. ඉතිං මේ සංගණනයේ මූලික අරමුණු වෙලා තියෙන්නේ… ලංකාවේ කොපමන අලි ඇතුන් සංඛ්‍යාවක් ඉන්නවද, ගැහැණු පිරිමි වෙන වෙනම කොච්චරක්ද ඒ වගේම අලි ඇතුන් වැඩි පුර ගැවසෙන ප්‍රදේශ මොනාද වගේ දේවල් දැන ගැනීම තමා. ඉතිං මේ සංගණනයට අලි ඇතුන් විතරක් නෙමේ හමුදාවේ වගේම විවිධ සංවිධාන වල අයත් 4500ක් විතර සහභාගී වෙලා තියෙනවා. වැඩි විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්…

ඉතිං මේ වගේ දෙයක්කරපු එක නම් හොඳයි. මොකද මුළු ලංකාවේම අලි ගාන එකපාර ගැනගෙන නෑ තාම එක පාරක්වත්. කිහිප වරක් අලි සංගණන තිබ්බත් ඒ හරම එකක්ම රටේ විවිධ ප්‍රදේශ වල තමා තිබිලා තියෙන්නේ. ඒක නිසා එදා මෙදා තුර ලංකාවේ අලි ප්‍රමාණය අලි ගානකින් වෙනස් වෙලා ඇති. ඒක නිසා මේ වගේ දෙයක් කරපු එක හෙනම හොඳ වැඩක්. කොහොමත් මේ ගණනයේ මූලිකම අභිප්‍රාය වෙන්නේ ලංකාවේ අලි ඇතුන්ගේ සහ මිනිසුන්ගේ ගැටුම් අවම කිරීම කියලා තමා කියන්නේ…

මට ඉතිං මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ… මොකද වැඩිය කිව්වොත් මට වෙන්නේ සුදු පාට වෑන් එකකින් නොමිලේ ටුවර් එකක් යන්න. ඒක නිසා මං මට හිතෙන දේ කෙටියෙන්ම කියලා දාන්නං… දැන් ඉතිං ඔය අලි සංගණනයේ ප්‍රතිඵල වාර්තා එන්න කිට්ටුයිනේ… ඉතිං ඒ වාර්ථා වල මෙහෙම එව්වා අඩු වෙන්න බැරි නැද්ද….

වයසට ගිය දල ඇතුන්…. (ගොඩක් එවුන් ඉස්සරහට ස්වභාවික හේතුන් කියන එව්වා මත මැරෙන්න ඉඩ තියෙනවා)

හොඳ නාඹර ඇත් පැටවු… (රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් වැඩි කරගන්න රට යන්න ඉඩ තියෙනවා)

වගේ කොටස් වල යම් යම් සංඛ්‍යාත්මක අඩුපාඩුකම් වෙන්න පුළුවන්…  මොකද එව්වට දැම්මං සෘන ගනන් දාගන්න පුළුවන්නේ. ඒ වගේම කාටහරි සහසුද්දෙන්ම කියන්න පුළුවන්ද ලංකාවේ දේශපාලඥයෝ මේ ගණනයෙන් පස්සෙ නිකං ඉඳියි කියලා… මං හිතන්නේ නෑ… කට්ටිය තමන්ගේ යටතේ වැඩ කරන අය ලව්වා මුන්ව හොය හොය මරයි… බල්ලගේ ඔලු කට්ටටත් වටිනාකමක් දෙන අයට දල ඇතෙක් කියන්නේ හතර මහා නිධානේ වගේ….

බලාගෙන යද්දී මං විතරක් නෙමේ මේ වගේ සිතුවිල්ලක උරුම කරු වෙලා තියෙන්නේ… පරිසර සංවිධානත් සංගණනය වර්ජනය කරලා. ඒත් ඉතිං මං නම් කියන්නේ සංගණනය කරපු එක හොඳයි… ඒ වගේම එව්වයේ ප්‍රතිඵලත් විනිවිදභාවයෙන් යුක්ත වෙන්න ඕනේ… අද හංගලා ගැහුවොත් හෙට මේ රටේ අලි නැතිවෙන්නේ මේ රටේ ඉන්න අපිටම තමා….!

පරිසර සංවිධාන කියන විදියට නම් ඉදිරියේදී ලොකු ලොක්කන්ගේ ගෙවල් වල අලි ඇත්තුත් හුරතලේට හැදේවී…! මෙහෙවර ටිකිරා කියන කොට නගුට උස්සගෙන කුංඥනාද කරගෙන යන අලි පැටවුනුත් ඉඳිවී… ෂා සෝයි නේ…. එතකොට අපිටත් ඔය පෝසත් යාළුවෙක්ගේ ගෙදරකට ගිහිං අලියාගේ බඩ යටින් රිංගන්න බැරියෑ… නිකං මොකටද කන්දෙ විහාරෙ ගිහිං රුපියල් සීයක් දීලා අලියගේ බඩයටින් රිංගන්නේ…?

 

42 Responses to “අලි ටික කොහොම හරි ගැන ගත්තනේ…”

  1. සිතුවම් Says:

    සහතික ඇත්ත.අම්මප එක පයින් එකඟයි ඒ කථාවට.අනේ බන් ඕව ලංකාවේ වෙන වැඩද.මේ තියෙන විදුලි වැටවල් ටිකවත් හරිහාමනේකට නඩත්තු කරගන්න බැරි මුන් කොහෙ අලිමිනිස් ගැටුම් නවත්තන්නද?

    ඒක නෙවී ඔය වල් අලිය වන අලිය කරේ මක්කෙයි?

    • ගෝල්ඩ් fish Says:

      වල් අලිය වන අලියා කරේ තමන්ගේ තියෙන අලි වල් කම් ටික වහගන්න මිසක් වෙන ඇති වැඩකට නෙවෙයි බං… වල් කියන්නේ කෑලෑවේ ඉන්නව කියන එකම නෙමේ… වල් කියන්නේ හීලෑ නැති, මඳ කිපුනු වගේ අදහස් දෙන වචනයක් අලි සම්බන්ධව බලද්දී… සමරහ විට මින් පස්සේ අලි මඳ කිපෙන්නේ නැතුව ඇති, ඒ වගේම ඔක්කොම හීලෑ වෙනවත් ඇති…

  2. පූසා Says:

    දේසපාලනෙයි දේසපාලඥයොයි ගැන කතා කරලා වැඩක් නෑ බං 😦

  3. maathalan Says:

    සියළුම අලින්ට වස නරක කාළයක් උදා වෙලා තියෙන්නෙ. අනාථාගාර වල ඉන්න අලිත් එහෙමයි. පින්නවල හා සිරිකොතේ..

  4. ChammA Says:

    මේ කාලේ තනිකරම “සියලුම” ආකාරයේ අලින්ට අපල කාලයක් !

  5. පිණිබිඳු Says:

    ඔය සීතල කාමර වල ඉඳගෙන ටීවි එකෙන් විතරක් අලියෙක් දැක්ක ලොකු මහත්තුරුන්ට මිනිස්සු අලි නිසා විඳින දුක් තේරෙයිද. ඒකෙනුත් වාසි ගනියි පුලුවන්නම්.

  6. ඉන්දික Says:

    අනේ මන්ද, අලිය හිතනව ඇති මං මෙච්චර ලොකු උනේ මක්කටද කියල!!..අර කූඹියෙක් සයිස් හිටියනං මොකෙක්වත් ගනං ගන්නෙත් නෑ , මොන හෙන ගෙඩියක්කත් නෑ!

  7. සාතන් Says:

    පරිසර සන්විධාන අයින් වුනේ ඇමතිය අලි ඇත්තු 300ක් උන්ව නඩත්තු කරන්න පුළුවන් අයට දෙනව කිව්ව කතාවකටනෙ… ඒ නැතත් ඔය සංගනනෙ කලේ අලින්ට ඇති ආදරේට නම් නෙමෙයි…

    බුද්ධාගම ඉස්සරහට දාගෙන අලින්ව පන්සල් වලට පූජ කලා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ මලය….

  8. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හික් හික් . . . . ඇත් දල කියන්නෙ සුවල්ප සල්ලියක්ද මල්ලි . . . . . ලංකාවෙ කොච්චර ඇත්දල ප්‍රමාණයක් තියනවද කියල ආණ්ඩුවෙ වියදමින්ම බලාගන්න ලැබෙනවයි කියන්නෙ ආයෙ ඉතිං වෙන මොනවද . . . . .

  9. buddie-බුඩී Says:

    අලි හොර වැඩක් නේ මාලුවෝ
    ඇත්තටම ඔහොම වෙයිද බං
    මටත් හිතිලා තියෙන්නේ අපේ ගෙදරට අලියෙක් ගේන්න,
    ගෙනාවොත් කියන්නම් රිංගලා යන්න එන්න බැරියෑ

  10. sarath Lankapriya Says:

    ඕකට සඳරුව මොකවත් ලියල නැහැනේ.උගෙන් අහන්න ඕනා.

  11. Observer Says:

    මං හිතා හිටියේ අලි ඔක්කොම දැන් බුලත් කොළ වෙලා කියල

  12. චතුර.. Says:

    “මෙහෙවර ටිකිරා කියන කොට නගුට උස්සගෙන කුංඥනාද කරගෙන යන අලි පැටවුනුත් ඉඳිවී… ෂා සෝයි නේ….” ෂෝයිදත් අහනවා.. එහෙනම් දැන්මම ඇමති පුත්‍රයෙක් මිත්‍රයෙක් කර ගත්තොත් අලියාගේ බඩ යටින් ගියෑකි නේ..? එහෙම නැත්තන් අපිත් ඉල්ල ගම්මුද පැටියෙක්ව ගෙදර ඇති කරන්න, පහසු ගෙවීමේ ක්‍රමයට..? “අපිටත් මෙහෙ වර ටිකිරා කිව්වැකිනේ..?”
    කියලා තියෙන දේත් එක්ක 100%ක් එකඟයි සහෝ..

  13. මන්තරකාරි Says:

    සුදු වෑන් එකක් ටැංකිය පැත්තට එනවා දැක්කා… මාළුවෝ හැංගියෝ…

    මට මේ ළඟදි අයි.ටී.එන් එකේ නිව්ස්වල කියනවා ඇහුනනේ අලි මැරෙන්න හේතුව වල් අලි ඇවිත් රැලේ ඇතින්නියොන්ට ලයින් දැම්මම රැලේ අලි උන්ව මරන එකයි කියලා. මං හිතන්නේ සංගණනයෙන් පස්සේ හොඳ දළ ඇත්තු ඇතින්නියොන්ට ලයින් දායි…

  14. ඉන්දික උපශාන්ත Says:

    කේරළයෙ සල්ලි කාරයො තාම බල්ලො වෙනුවට හදන්නෙ ඇත්තු. වාසනාවකට එහෙ බහුතරයක් අලින්ට දළ තීනව. ඒත් අපේ යන්තං දළ පැනපු එවූ කීපදෙනත් එක එකා ගාවට දැක්කුවම ඉත්ං කැලේ යන්න වෙන්නෙ ඌරු දළ බලන්න තමයි!

  15. යසියා Says:

    චන්දෙ කාලෙට පින්නවල වහනව කියන්නෙ ඇත්තද බන්.. ලොල් එල ලියුම…

  16. පන්සල් හංදිය Says:

    හොඳ පෝස්ට් එකක්, කියලා තියනවා වගේ හැම දෙයක්ම විනිවිද භාවයකින් කෙරෙනවා නම් හොඳයි ‍‍‍‍‍‍‍‍……….

    (ලංකාවේ අලි ඉන්නවද කියලා බලන්න තමා ඔය සංගණනෙ ක‍රන්නෙ, මොකද දැන් හුඟක් අලි දැන් හීලැ වෙලානෙ, දැන් ඉතිං ඔරිජිනල් අලියෙක් හොයා ගන්න එක කලු නික හොයනවා වගේ තමා ……….)

  17. මධුරංග Says:

    දේසපාලුවෝ ගන නම් මම් කතා කරන්නේ නෑ.

  18. සිරි කොලුවා Says:

    සිරි මල්ලි මෙ අලි සංගනණයට සෘජුවම සම්බන්ද උනා කියන්න පිශ් අයියා දනවනෙ.
    ඔව් මමත් අයියා එක්ක එකඟයි. ආණ්ඩුවෙ යටි හිත කොනියන්නෙ අපෙ සංස්කෘතිය රැක ගන්න ඔනෙ කියන වදනට මුවා වෙලා අර කිව්වා වගෙ දළ ඇත්තුන්ගෙ බර මනින්න. එක මෙ සංගණනයට සහභාගි උන අපි හැමොටම කලින්ම අරන්චි වෙලා තිබුණ කුප්‍රකට රහසක් . එ වැයම වලක්වන්න අපිත් බොහොම සියුම්ව යම් යම් උපක්‍රම භාවිතා කලා සංගණනය අතරතුරදි. 😉 කෙසෙ හො වෙවා මෙහිදි සමික්ශණය සිදු කල ක්‍රම වෙදය පිලිබදව නම් මගෙ සිතෙ අපැහැදිලි තාවක් නැ. මෙහිදි අප කලෙ සෘජු නිරික්ශන මගින් තොරතුරු ලබා ගැනිම. ආසන්න වශයෙන් 98% ක් 99% ක නිරවද්‍යතාවකින් දත්ත සැපයිමට අපට පුලුවන් උනා. නිල නොවන වාර්ථාවන්ට අනුව නම් අපට දැන ගන්න ලැබුනෙ දිවයිනෙම අලි ගහනනය ආසන්න වශයෙන් 5000- 6000 ත් අතර ඇතැයි යන්නයි. දළ ඇතුන් සංඛ්‍යාව 100- 150 ත් අතර යැයි කියන දත්තයට නම් මෙ සිරි මල්ලිට එකඟ වෙන්න බැ අයියා . 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: