මේ කතාවටනම් මං කුමාරයයි, යශෝධරාවයි නඩුකාරියි වගේම මං කුමාරයාගේ මවුතුමිය හා පියාතුමාත් කෙලින්ම සම්බන්ධයි. අපි ඉතිං අවුරුදු කාලෙට වගේම වෙසක් හරි පොසොන් මාස වල හරිත් යනවා අපේ මවුතුමියගේ උපන් දේශය බලාගෙන එන්න. ඒ ඉතිං වැඩි හරියක්ම යන්නේ අර කිව්වත් වාග් වෙසක් හරි පොසොන් හරි පෝයක් අල්ලලා තමා…
ඒ දවස් වලට අපේ මවුතුමියගේ රාජ්‍යයේ වැසියෝ ඉන්නේ හරියට අවුරුදු ලබලා වගේ තමා. ඒ වගේම පෝය දවස් වලට කට්ටිය සෙට් වෙලා පඬුවස් නුවර්, යාපහුව එතකොට වැල්ලෑගල එහෙමත් යනවා. මං කුමාරයත් ඔය වගේ ගමන් වලට හිටි ගමන් බොහොම කැමැත්තෙන් සහභාගී වෙනවා. ඉතිං මේ කතාව වෙද්දී මං කුමාරයට මතක විදියට ගෙවෙමින් තිබුනේ 2005 අවුරුද්ද…
ඔන්න අපි ගමේ ගිහිං ආවා. එනකොටම කව්දෝ මන්දා අෙප් මවුතුමිගේ යාළු නැන්ද කෙනෙක් ඇවිත් අපේ මවුතුමීට කියලා කව්දෝ මන්දා දුවෙකුයි අම්ම කෙනෙකුයි ඇවිල්ලා ගියා කියලා… පස්සේ ඉතිං වැඩි විස්තර හොයාගෙන යද්දී ඇවිත් තියෙන්නේ මගේ රාජකුමාරියි එතුමිගේ මවුතුමීයි. ඒ ඇවිදිල්ලා තියෙන්නේ අපේ ගේ ලඟ තියෙන නඩුකාරිගේ යාළුවෙක්ගේ මාලිගයට ආපු ගමන්ම තමා.
පස්සේ ඉතිං අපේ මවුතුමීටත් හරි දුකයි වෙච්ච සීන් එකට. මොකද මං කුමාරයාගේ මවුතුමීත් බලාගෙන ඉන්නේ යශෝධරාව අපේ මාලිගයට එනකං, ඒකිව හුරතල් කරන්න. අපෝ අම්මලා දෙන්නයි යශෝධරාවයි එකතු වුනාම තියෙන විකාර… අපේ මවුතුමීගේ වැඩේම කෙල්ලට ලෙමන් පෆ් කවන එක… කෑවේ නැත්තං අල්ලලා කටේ ඔබන තරමට ආදරෙයි. මං කුමාරයට ඉතිං ඔව්වා බලන් ඉද්දී අපේ මවුතුමීව පේන්නේ හරියට නිකං ආලවක වගේ. ඇයි වදේ යශෝධරා ආව ගමන් මං කඩේ දුවන්නයි, වීදුරු හෝදන්නයි වැඩ ගොඩයි. මේ කෙල්ල ඉඳලා හිටලා එද්දී මෙහෙමනම් කවද හරි අපේ ගෙදර පදිංචි වෙච්චි දාට මට කඩේකුත් දාගෙන කඩේ තමා නවතින්න වෙන්නේ… ඇයි ඉතිං නැන්දගෙයි ලේලිගෙයි විකාර බල බල ඉන්න ඇහැක් මොන කුමාරයටද…?
ඉතිං අපේ ගමේ අවුරුද්දට එකපාරකුයි අයෙම පොසොන් මාසෙට තව පාරකුයි, වාර දෙකක් අඹ හැදෙනවා. මං කුමාරයත් අඹ වලට වැඩිය පෙරේත නැති නිසා අඹ ගෙඩි පනහක් විතර අරගෙන තමා ආපහු එන්නේ. ඉතිං ගෙදර ආපු ගමන්ම මං කුමාරයා කරන්නේ හොඳට ඉඳුනු අඹ ගෙඩි දහයක් විතර අරගෙන මගේ මේසේ උඩින් තියාගන්න එක. ආයේ ඉතිං එව්වා ඇල්ලුවොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති නිසා මාලිගයේ කිසිම කෙනෙක් අඹ වලට අතක් තියන්නේ නෑ. අඩුම ගානේ ආනේ…. මේ අඹ නේද කියලා අඹ දිහා බලන්නේ වත් නෑ,.. ඉතිං මේ අඹ වල සුවඳ එද්දී අපේ මවුතුමීට ආවා මරු අදහසක්…!
ලොකූ….
ඇයි අම්මේ…?
මේ… මායි තාත්තයි ගිහිං එන්නං ඔයාගේ නංගිව බලන්න….
ඈහ්… මල මගුලයි. අපේ මවුතුමීට දුක කොච්චරද කියනවනම්, කෙල්ලව බලලා එන්නත් යන්න ප්ලෑන් කරගෙන… මාත් එන්නද කියලා අහන්න හිතුනත් ඒ වගේ වෙලාවට කට පන නැතුව යනවා. වෙන මොකවත් නිසා නෙමේ අපේ අම්මා මගේ ගුණ කියලා සාධුකාර දෙන නිසා.
පස්සේ ඔන්න අපේ පියතුමාවත් ලෑස්ති කරගෙන මගේ ගාවට ඇවිත්…
නංගිට ගෙනියන්න අඹ ටිකක් දෙන්න. ඔයා අරං තියාගත්තනේ හොඳට ඉඳිච්ච අඹ වගයක්…
යකෝ මේක හරි ලවු එකක්නේ. මට නිකමටවත් හිතුනේ නෑ ඒකිට අඹ ගෙඩියක් දෙන්න. එහෙව් එකේ අපේ අම්මට මොකද්ද ඒකි ගැන තියෙන කැක්කුම. ඒ ඔක්කොමත් හරි මේ අඹ ටික මං ගමේදි බෑග් එකට දාගත්දි කියපුවා… කාට කන්නද ඔච්චර… ඔව්ව තැලනවා නේද ගෙනියිද්දී… අරකයි මේකයි රටේ නැති එවුවා කියද්දී ඒ කිසි දෙයක් ඇහුනේ නෑ වගේ තමා මං මේ අඹ ටික පරිස්සමින් අරගෙන ආවේ… දැං මේ අඹ ටික යශෝධරාවට පුදන්න ලෑස්තිය… එව්වා කොහෙද මාත් එක්ක…
අනේ එයාට අඹ ඕනේ නෑ අම්මේ… මේ ටික ගෙනාවේ මට කන්න….
ආ.. ඇත්තද… මෙහෙට දෙනව අඹ මල්ල … කියලා මගේ අතේ තිබුන අඹ මල්ලම අරගෙන තාත්ත එක්ක පිටත් වුනා යශෝධරාවගේ මාලිගයට යන්න… දැං ඉතිං හරිනේ… මගේ හිත මටම ඔච්චං කරනවා…
තොට හොඳ වැඩේ… පෙරේතයා…!
හැමදේම වෙන්නේ මං කුමාරයටම නිසා ඒ වෙච්චි දේ අරුමයක් නෙමේ. පස්සේ ඉතිං ඔන්න මවුතුමී යශෝධරාවගේ මාලිගයට ගිහිං ආවා. ආපු ගමන් මං හිතුවට වෙච්චි දේවල් කියයි කියලා, කිසි දෙයක් කිව්වේ නැහැනේ…
ආයෙ ඉතිං ඕවා හාරවුස්සලා අහන්නත් බෑ… එහෙම ඇහුවොත් ආයෙම මං කුමාරයාගේ ගුණ වරුණාවක් පටන් ගන්නවනේ. ඒක නිසා කිසි දෙයක් වෙච්චි නැති විදියට උන්නා.
පස්සේ ඔන්න මාත් දවස් දෙකකින් විතර යශෝධරාවගේ මාලිගයට. එදා නම් මං යද්දී උඩ පැනගෙන ඉස්සරහට ආවා… කට පුරෝලා හිනාවකුත් දාගෙන. ඒත් ඉතිං අර අඹ ටික ගැන ලෝභ හිතිච්චි නිසා මං ඉන්නේ ඔරෝගෙන… ඒ පාර…
එයත් අර හිනා කට වහගෙන, මුහුන කළු කරගෙන… මොකද ඔරවගෙන ඉන්නේ….?
දැං ඉතිං ඔය ප්‍රශ්නෙට මං කුමාරයා කොහොමද උත්තර දෙන්නේ… මගේ අඹ ටික නැතිවුන නිසා කිව්වොත් වසලා හමාරයි… ආයේ දෙකක් නෑ මට මේකි හූ කියනවා…
ඒක නිසා මං හිත රවට්ටගෙන, නෑ නිකං මට එදා ඔයාව බලන්න එන්න බැරිවුනානේ ඒකයි කිව්වා… ඒ ටික ඇහුනම ඉතිං යශෝධරාවටත් ටිකක් විතර දුක තුනී වුනා. පස්සේ ඉතිං ඔන්න එයත් පටන් ගන්නවා අපේ අම්මගේ ගුණ වරුනාව.
එදා අම්මා ඇවිත් මගේ කාමරේටම ආවා. හිහ්… මේං වැඩක් මේකි අපේ අම්මට ඇන්ටි නොකියා අම්මලු. ඒ මදිවට කියන කියන වචනයක් ගානේ ඇඹරෙනවා…
මං කුමාරයටත් ඉතිං හිනා යන්න එනවා… හා ඉතිං… අපේ අම්මා මොනාද කිව්වේ…?
මුකුත් කිව්වේ නෑ…… අම්මලා එද්දි මං නිදාගෙන හිටියේ. අම්මා ඇවිත් අඹ ටික දීලා කිව්වා අයියා දුන්නා කියලා…
මට ඉතිං ලැජ්ජත් වගේ… අපේ අම්ම ගම කාලනේ. කමක් නෑ මට ලකුණු ටිකක් වැටුනනේ… ඊට පස්සේ ඕන්න එනවා නඩුකාරි….
ආ… ළමයා… එදා අම්මලා අතේ එවපු අඹ ටික එක දවසට ඕං ඉවර කලා…
කවුද….?
කවුද ඉතිං ඔය ඉන්නේ… ඔයාගේ පෙරේත නංගි…
බලාගෙන යද්දි යශෝධරාව මට දෙවෙනි නෑ,… මං කොහොමත් ඔය අඹ ටික ඉවර කරන්නේ දවස් හතරකින් විතර. මෙයා එක දවසින් ගේම දීලා… හොඳයි ඉතිං බැන්ද දාට පලතුරු කඩයක් තමා දාගන්න වෙන්නේ….! මවුතුමී එහෙම කියනකොට බලන්න ඕනේ යශෝධරාවගේ මූන… හරියට හොඳට ඉදිලා රෝසපාට වෙච්චි මී අඹ ගෙඩියක් වගේමයි….! ආසාවේ බෑ රත්තරං පාට මූනු පොඩ්ඩ….
ඔහොම ඉඳලා ඉඳලා… මාත් අන්තිමේ ආපහු මගේ මාලිගයට එන්න පිටත් වෙලා එන ගමන්… කන්ථකව අරගෙන… මේ අඹ නංගි…. ගාලා ටිකක් සද්දෙන් කතාකරලා… මම යනවා… අඹ ඇට ටික පැලකරන්න කිව්ව…
මේං ඊළඟ මොහොතේ එනවා… දූවිලා විසරුවාගෙන පොළොව ගුගුරවාගෙන මගේ ඉස්සරහට…
මොකද්ද කිව්වේ….
ඉතිං මට කට උත්තර නෑ… හිත චුට්ටක් රිදිලා තියෙන වෙලේ තවත් රිද්දන්න බැහැ මට. අනික මං බයම දේ තමා යශෝධරාවගේ හිත රිද්දන එක… ඒක නිසා ඉතිං කට පියාගෙන බලෙන්ම වගේ පැමිණිල්ලේ වරදකරු මං වෙලා ඒ පාරත් නඩුවේ දිනුම එයාටම දුන්නා…
හ්ම්… එනව මෙතෙන මට නම් දාන්න…. කියලා මගේ කනත් අර චූටි ඇඟිලි වලින් මිරිකලා…
දැන් පරිස්සමින් යන්න…. කියලා තරහා ඔක්කොම නිවාගෙන හෙන ආදරෙන් කියනවා. ඒ වෙලාවට ඉතිං ගෙදර යන්න හිතෙන්නේ නෑ … මොනා කරන්නද යන්න වෙනවනේ….! ඉතිං අායෙමත් අර අන්තිම මොහොතේ හම්බුවෙච්ච මතකයත් එක්ක මං කුමාරයා මගේ මාලිගයට එනවා.
දැන් නං ඉතිං මං අරගෙන එන අඹ කන්න කවුරුත් නෑ… ඒවා ඔක්කොම කන්නේ මං කුමාරයාම තමා. අඹ වලට පෙරේත කෙනා නැහැනේ ඉතිං… ඒක නිසා වැඩිවෙලා අහක යන එව්වා ඔක්කොම ගිරවුන්ට, මයිනන්ට තමා…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 6:17 ට
මොකද මාළු අයියේ යශෝදරාවට උනේ…?
2011 අගෝස්තු 23 දින පෙ.ව. 7:08 ට
ඒකි දනී මං නොදනී….
2011 අගෝස්තු 23 දින පෙ.ව. 6:26 ට
ඒ මාළු අයියේ, යශෝදරාවට මොකද වුනේ? මේ කතා කියවනකොට අහන්න හිතෙන එකම ප්රශ්නය ඒක
2011 අගෝස්තු 23 දින පෙ.ව. 7:08 ට
මට උත්තර නැති ප්‍රශ්නෙකට මං කොහොමද උත්තර දෙන්නේ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 6:29 ට
සිරාවට ම්ආලුවෝ ඔය යශෝධරාවට මොකද වුනේ බං ????
2011 අගෝස්තු 23 දින පෙ.ව. 7:08 ට
අනේ මන්දා බං… හිටි ගමන් අහක බලාගත්තා….
2011 අගෝස්තු 23 දින පෙ.ව. 7:25 ට
මුලටම ගිහින් මුල ඉදන් යශෝධරාවත කියවගෙන ආවා…යශෝධරාව කොහොමද මුණගැහුනේ කියලත් නෑනේ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 7:42 ට
එයාව මුනගැහන හැටි මෙහෙමයි කියලා කියලා නැතිවුනාට… සමහර තැන් වල ඇති මං කුමාරයා යශෝධරාවගේ මවුතුමී ගාව ක්ලාස් ගියා කියලා ඉංග්‍රිසි වලට… එහෙම ගිහිං තමා මුන ගැහුනේ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:06 ට
අනේ මන්ද මොනවා කියන්නද කියලා….එයාගේ විබාගේ දැන් ඉවරයි නේද මාලුවෝ…කතා කරලා බලන්නකො….
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:11 ට
කතා කරටෙ ෆෝන් එකට එන්නේ නෑනේ… මං කරපු වැරැද්දකුත් නෑ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:14 ට
කෝ බන් මේ කතාවේ හැපි එන්ඩින් එක නෑ නේ… ඉල්ලල අඹ ගන්න එක… උඹ වැඩක්ම නෑ බන්…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:12 ට
එව්ව නොකරපු එකේ ආනිසංස තමා අයියේ මේ….
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:31 ට
හිටි ගමන් අහක බලාගත්තා කියන්නේ මාලුව කරපු මොකක් හරි දේකට ඔරොප්පු වෙලා වෙන්න ඇති මගෙ හිතේ………
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:12 ට
අනේ මන්දා බං.. තරහ වෙන්න හේතුවවත් කියන්නේ නෑනේ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:40 ට
අඹ ගහ යට සෙවනේ ඉල්ලල අඹ ගන්නේ…
2011 අගෝස්තු 23 දින ප.ව. 8:26 ට
අක්කලාට එව්වා පුරුදු වුනාට අපිට පුරුදු නෑනේ ඉතිං…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:41 ට
යශෝදරාව අභිනිශ්ක්‍රමනය කරාවත්ද?
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:13 ට
අනේ නෑ ඔය ඉන්නේ අගේට… ඒත් ඉතිං මං නම් මෙහේ දුෂ්කර ක්‍රියා කරනවා…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:50 ට
අඹ නම් නියමයි.. ඉල්ලලා අඹ ගත්තොත් තවත් එළකිරි තමයි..
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:13 ට
හිහ්… සෑහෙන කාලයක් යයි අයියේ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 8:53 ට
හික් හික්………….අපි නම් කයි අඹ.
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:14 ට
ඇයි උඹ කන්නේ ජෑම්ද?
2011 අගෝස්තු 23 දින පෙ.ව. 9:14 ට
යකෝ ලේන්නුන්ට මයිනන්ට නොදී ඒව දීපන්කො බං මට…
මේන් මේක මතක් වුනා බං මේක කියෙව්වම
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:14 ට
මැක්සා බං…. තෑන්ක්ස්…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 9:49 ට
අයියා ගමේ ගිහින් එනකොට මටත් අඹ ටිකක් ගේන්න බැයිද. අච්චාරුවක්වත් දාගන්න බැරුව යෑ. හික්ස් 🙂
අම්මා ලේලි පොඩ්ඩට ගොඩක් ආදරෙයි වගේ. ලේලිව ගෙදර ගෙනාවට පස්සේ මාලුවාට යන එන මං නැති වෙයිද මංදා. 🙂
ප.ලි. – මේ දවස්වල විභාගෙට පාඩම් කරන නිස කියවන්න එන්න උනේ නෑ.
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:15 ට
ලේලිව ගෙදර ගෙනැල්ලා මං අපායට ගියත් කමක් නෑ බං… මේකි එන්නේ නැති එකනේ පස්නේ…
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:42 ට
බොරු කියන්න එපා මාලුවා මා ගාව වොයිස් රෙකෝඩ් එකක් තියෙනවා
2011 අගෝස්තු 23 දින ප.ව. 12:15 ට
ඈ… ඒ මොකකද?
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:13 ට
යශෝධරාවගෙ විභාගෙත් ඉවරයි නේද මාලුවෝ…..? දැන් ඉතින් මානුෂික මෙහෙයුම පටන්ගන්න කාලෙ හරි වගේ….
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:27 ට
මා මානුෂික වුනාට මේ පස්නෙදී ඒකි මානුෂික නෑ බං… මට ෆෝන් එක හරහත් පපුවට මල්ටි බැරල් ගහනවා…
2011 අගෝස්තු 23 දින ප.ව. 12:26 ට
ඇයි අර එදා මම දානෙට යන්න අඬගැහුවාම කිව්වේ ආන් ඒක
2011 අගෝස්තු 23 දින ප.ව. 4:48 ට
නෑ නංගි එදා එහෙ යන දවසක් වුනාට එහෙ ගියෙ නෑ… දැන් මාලිගයට යන්න අවසර තියෙන්නේ මාසෙකට එක දවසයි.
2011 අගෝස්තු 23 දින පෙ.ව. 10:59 ට
උඹටම ගැලපෙන කෙල්ලෙක්… අඹ පෙරේතයා සහ පෙරේතී… 😉
2011 අගෝස්තු 23 දින ප.ව. 12:16 ට
ගැලපෙන කියලා තමා බං තාම හිතාගෙන ඉන්නේ….
2011 අගෝස්තු 23 දින ප.ව. 12:39 ට
adee…. Mr kce 1 ne bn.. Ai bn 1 prtm wens une, hodt hethl wrdunu thn hdgnen… Kellge hethe ub gn thm athi.. Try and try u can one day fly…
2011 අගෝස්තු 23 දින ප.ව. 4:49 ට
මටත් එහෙම හිතෙන්නේ නැතුවම නෙවෙයි බං…
2011 අගෝස්තු 23 දින ප.ව. 1:04 ට
හ්ම්ම්…
2011 අගෝස්තු 23 දින ප.ව. 4:50 ට
වෙන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද ඩොකී….?
2011 අගෝස්තු 23 දින ප.ව. 6:33 ට
ane yako
2011 අගෝස්තු 23 දින ප.ව. 8:22 ට
ඇයි බං?
2011 අගෝස්තු 23 දින ප.ව. 7:45 ට
අවුලක් නැ බං ඇඩ්රස් එක එවන්නම්.අඹ ටික තැපල් කරපං
2011 අගෝස්තු 23 දින ප.ව. 8:23 ට
ෆැක්ස් එකක් දාන්නද. ඒක ඉක්මනට එනවානේ බං…
2011 අගෝස්තු 23 දින ප.ව. 11:54 ට
ඇයිබං මේ කතාවට ඇත්තටම වෙච්ච දේ අපිට නොකියන්නේ ? .. දැන් යසෝදරාගේ විභාගේ ඉවරද ?
2011 අගෝස්තු 24 දින පෙ.ව. 7:15 ට
විභාගේ නම් ඉවරයි… ඒත් ඔන්න ආයෙමත් කරනවලු.
2011 අගෝස්තු 24 දින පෙ.ව. 12:23 ට
කියන්න දෙයක් හිතාගන්න බෑ මාලු අයියෙ.
2011 අගෝස්තු 24 දින පෙ.ව. 7:15 ට
මටත් එහෙම තමා බං…
2011 අගෝස්තු 24 දින පෙ.ව. 5:47 ට
mama dannawa eththatama wechcha de
2011 අගෝස්තු 24 දින පෙ.ව. 7:15 ට
අනේ උඹ දන්න ඉටිගෙඩිය.. මං වත් හරියට දන්නේ නෑ… 🙂
2011 අගෝස්තු 24 දින පෙ.ව. 6:13 ට
මේං ඊළඟ මොහොතේ එනවා… දූවිලා විසරුවාගෙන පොළොව ගුගුරවාගෙන මගේ ඉස්සරහට…
සිරාවට මේ ටික කියවද්දි නාලාගිරි ඇතාව මැවිලා පෙනුනා….
අනේ අයියේ….යශෝදරාවත කියවලා අපි ඔය දෙන්නගෙ විහිලු වැඩ වලට රණ්ඩු වලට හිනා වෙවී රසවිඳිනවා…ඒත් මේක ලියන ඔයා ඔය ටයිප් කරන හැම අකුරක්ම.හැම මතකයකම එක්කල පිච්චෙනව ඇති නේද කියලත් හිතුණෙ අද තමයි……අනේ යශෝදරාව ඔයාගෙම කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද..???
2011 අගෝස්තු 24 දින පෙ.ව. 7:16 ට
ක්‍රමනම් ඕනෙ තරම් තියෙනවා… ඒත් ඒවා කරොත් එයාගේ හිත රිදෙනවා…
2011 අගෝස්තු 26 දින ප.ව. 8:08 ට
අනේ එක පාරක් හිත රිදුනත් මොකෝ…. ඊට පස්සෙ එයා මුලු ජීවිතකාලෙම සතුටින් ඉදීවිනෙ…ඔයා ඔය තරම් ආදරේ කරද්දි,,…ඈ ආඩහ්රේ වෙනුවෙන් පොඩ්ඩක් දුක හිතුනට මොකෝ,,,,අඩුම ගානෙ එයාට මේ බ්ලොග් එක බලන්න දෙන්න..
2011 අගෝස්තු 24 දින පෙ.ව. 6:15 ට
අඹ කන්න නං මමත් හරිම පෙරේතයි අප්පා…ඒත් ඉතින් කරුමෙ කියන්නෙ ..නිවාඩුට ගෙදර යද්දි අඹ වාරේ ඉවරයි..අඹයක් තියා ඹ ඇටයක්වත් නෑ අප්පා හොයාගන්න… :((
2011 අගෝස්තු 24 දින පෙ.ව. 7:17 ට
මම නම් කඩන ගන්නේ නැතිම තරම්… හොඳ අඹ ඕනෙ නම් ගහකින් කඩලාම කන්න ඕනේ…
2011 අගෝස්තු 26 දින ප.ව. 6:06 ට
ඔහොම කියන්න එපා බොල අයියේ….තවත් කෙළ ගිලෙනවා… 😥
2011 අගෝස්තු 29 දින ප.ව. 5:54 ට
යකෝ මම ලියන්න හිතපු කමෙන්ට් ඔක්කොම අනිත් එවුන් ලියලනේ.
henryblogwalker aka Dude
2011 අගෝස්තු 29 දින ප.ව. 7:31 ට
හිහ්… අවුලක් නෑ… මේකත් ඇති…