එයාටෙල් උජාරුව…

දැං මේ කතාව කියද්දිත් නිකං මොකද්ද වගේ… ඒත් ඉතිං මේක ලියන මං වගේම අනිත් ‍ගොඩ දෙනෙකුත් මේ බෝට්ටුවෙම නිසා වැඩිය අවුලක් නෑ,..

යාළුවෝ දන්නවනේ එයාටෙල් කියන්නේ මොකද්ද කියලා… ඉන්දියාවේ ජයටම ජය වී ගෙන යන මොබයිල් කනෙක්ෂන්ස් දෙන තවත් එක් ආයතනයක්. ඉතිං දැනට අවුරුදු 2කට විතර කලිං එයාටෙල් සේවාව ලංකාවටත් ආවා. මේ කියන්නේ එයාටෙල් ලංකාවෙට එන්න කලින් එයාටෙල් ගැන තිබ්බ තත්ත්වේ තමා.

මං හිතන හැටියට මෙතුවක් කාලෙකට දුරකථන සමාගම් වලින් කරපු ප්‍රචාරන ව්‍යාපෘති වලින් හොඳම හා සාර්ථකම ව්‍යාපෘතිය. ඒ දවස් වල කවුදෝ මන්දා සෙට් එකක් කටකතාවත් ගෙනිච්චා එයාටෙල් කියන්නේ චන්ද්‍රිකා තාක්ෂනය උපයෝගි කරගෙන දුරකථන සේවා ලබාදෙන සමාගමක්ය… මුළු ඉන්දියාවටම තියෙන්නේ එයාටෙල් දුරකථන කුළුනු හයයි ය කියලා… එහෙම කියලා ඒ මදිවට කියනවා ලංකාවේ ඉන්දන්නේ අර ඉන්දියාවේ තියෙන කුළුනු වගේ එව්වැයින් භාගයක් උස එක කුළුනක්ය කියලත්…

ඔව් ඉතිං අච්චර ලොකු ඉන්දියාවම කුළුනු හයකින් කවර් කරන්න ඇහැක් නම් ලංකාවට පොඩි ඒරියල් කෑල්ලක් තිබුනත් බැරියෑ… හැබැයි ඉතිං ඔය කිසිම දෙයක් මට නෙට් එකෙන් නම් දැක බලාගන්න පුළුවන් කමක් වුනේ නෑ,..

හරි… ඒ ‍ඔක්කොමත් අතාරිමුකෝ… මේක‍නේ සිරාම සීන් එක… ඔය එයාටෙල් සමාගමේ ශාඛාවක්  ලංකාවේ පිහිටුවලා ප්‍රචාරණ ව්‍යාපාරය ජයටම ගෙනියන ගමන්… අත්පත්‍රිකා එහෙමත් බෙදාහැරියා… ඉතිං ඊට කලින් ඇති කරපු ප්‍රචාරණ විප්ලවය නිසා අන්ති‍මේදී අර අත් පත්‍රිකා එතකොට තමන්ටත් සිම් පතක් ඉල්ලුම් කිරීමේ ඉල්ලුම් පත්‍ර එහෙම හිඟ වුනා.  කොහොම හරි මගේ යාළුවෙක් අපිට ඇප්ලිකේෂන් ගේන්න කොළඹ ගිහිං අරගෙන ආවේ එක ඇප්ලිකේෂන් එකයි… ඒක් ෆොටෝ කොපි කරගෙන තමා අපි විසි දෙනක් විතර ඉල්ලුම් කරේ.

ඒ ඉල්ලුම් කිරීමේදීත් මාර ජෝක් තමා තිබුනේ. එව්වා ඒ දවස් වල නම් ජෝක් වුනේ නෑ… ඒත් දැං තමා හිතෙන්නේ අපි අහු‍වුනේ හෙන ‍විහිළුකටනේ කියලා… ඔය එයාටෙල් ඇප්ලිකේෂන් එකේ තිබුනනේ අපිට කැමති නොම්මර අපිට ලබාදෙනවා කියලා… එකක් නම් කමක් නෑ කියමුකෝ, අපි කැමති දුරකථන අංක 3ක් හරි 5ක් හරි වෙනකං අපිට ඉල්ලුම් කරන්න අවස්ථාව ලැබුනා…

පස්සේ ඉතිං මාත් මගේ තියෙන නොම්බරේම එයාටෙල් වර්ෂන් එකකුයි, කලින් තිබ්බ නොම්මරේ එයාටෙල් වර්ෂන් එකකුයි ඇතුලුව තවත් අංක කීපයක් ඉල්ලුම් කලා. මං විතරක් නෙමේ අපේ ඔෆිස් එකේ ගොඩක් දෙනා කලෙත් එහෙම තමා… අපේ ඔෆීස් එකේ විතරක් නම් මොකද අනිත් ඔෆිස් වලත් එහෙම්ම තමා…

පස්සේ අපේ කට්ටියට හම්බුනේ එක ඇප්ලිකේෂන් එකයිනේ… ඒක නිසා ඉතිං ඒක තැපැල් කරන්න තියෙන්නේ කොහෙටද කියලා එකෙක්ටත් නිච්චියක් නෑ… ඊට පස්සේ තමා අපි කම්පනා කරලා කරලා… අපිට ලඟම එයාටෙල් ප්‍රාදේශීය මධ්‍යස්ථානයට ගිහිං අපේ අත්වැලින්ම ඇප්ලිකේෂන් එක භාරදීලා කොහොමහරි කරලා චන්ද්‍රිකා තාක්ෂනයෙන් යුතු අසමසම ‍ඉන්ටර්නෙට් වේගයකින් යුතු එයාටෙල් සිම්පතක් ලබාගන්න හිතුවේ. ඉතිං අපිට ආසන්නම ප්‍රාදේශිය මධ්‍යස්ථානය වුනේ පානදුර හොරණ පාරේ තිබ්බ ශාඛාව තමා. ඒ පාර මමයි මගේ තවත් යාළුවෙකුයි ගියා ලස්සන අත් අකුරින් ගෑණූ ළමයින්ට කියලා පුරෝගත්ත ඇප්ලිකේෂන් විස්සක් විතර අරගෙන භාරදෙන්න… එතකොට වෙලාව ඇති රෑ හතට විතර… කොහොම හරි ඇප්ලිකේෂන් පෝලිම දිගයි මීටර් 50ක් විතර. පස්සේ ඉතිං ‍මේ අවස්ථාව මග ඇර ගන්න බැරි නිසාම අපිත් පෝලිමේ අන්තිමට සෙට් වුනා. හැබැයි අපි අන්තිම වුනේ තත්පර දෙක තුනකට විතරයි… කොහොම හරි අපි ඇප්ලිකේෂන් පෝලිමට රෑ හතට සෙට් වෙලා ඇප්ලිකේෂන් එක භාරදෙනකොට වෙලාව 9.55යි. අන්තිමේ ගෙදර යාගන්න විදියක් නැතුව ඒ.සී බස් එකක ගියේ…

ඕං ඔහොමයි එයාටෙල් ලංකාවේ ස්ථාපනය වෙන්න කලිං තිබ්බ එයාටෙල් උජාරුව… ඉතිං එයාටෙල් ලංකාවට ආවා ටික දවසකින්. අපි ඉතිං සිම් පත් එහෙම ගන්න ගියේ නෑ… මොකද ඉතිං අපි සිම් පත් වල අපිට අවශ්‍ය නොම්මරේ ඉල්ලලා ඉල්ලුම් පත්‍ර දැම්මනේ, ඒක රෙජිස්ටර් කරලා ගෙදරට ලියුමක් එවනව කියලත් කිව්වනේ… ඒක නිසා ඉතිං අපිට කලබල වෙන්න දෙයක් තිබුනේ නෑ,.. පස්සේ ඉතිං ඔය එයාටෙල් ගැන ඒ අස්සේ එක එක කතා ඇහැන්නත් ගත්තා.

ගොඩක්ම තිවුනේ අනේ එයාටෙල් වැඩක් නෑ බං… සිග්නල් නෑ බං… කියන එක තමා. මට හිතෙන්නේ අර හයිකරනවා කියපු එකම එක කුලුනට හෙනයක් වත් වදින්න ඇති කියලා තමා. පස්සේ ඉතිං බලාගෙන යද්දී එයාටෙල් දුවන්නෙත් අර මී වදේ හැඩේට ටවර් ගහලා ඒවාට ඇතුලත් වෙන ෂඩාස්‍රාකාර සෙල් ආකෘතියටම තමා… ඉතිං එහෙව් එකේ අපිටත් එයාටෙල් ගැන තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා… පස්සේ ඉතිං හැමදාමත් ගෙදර ගිය ගමන් බලන්නේ එයාටෙල් සිම් එක ගන්න එන්න කියලා ලියුමක් ආවද කියලා… කෝ දැන් අවුරුදු දෙකක් විතර වුනා තාම ආවේ නැහැනේ ලියුම…!

ඊටත් පස්සේ මාස තුනකින් විතර කවුදෝ එකෙක් කියනවා ඇහුනා එයාටෙල් කියන්නේ හුලං ටෙල් කියලා…! මොනා කරන්නද ඉතිං අපිත් හැමදාමත් වගේ මේ පාරත් රැවටුනා නෙව…

ඉතිං මට මේ හුලං ටෙල් ගැන ලියන්න වුනේ මගේ යාලුවෙක් හම්බුනා අර එදා එයාටෙල් පෝලිමේදී මුනගැහුන… පොරව ම‍ට අන්තිමට මුන ගැහුනේ එදා ඊට පස්සේ දැන් දවස් කීපයකට පස්සේ… ඉතිං ‍මෑන්ස් තමා එයාටෙල් මතකය අවදි කලේ… වැඩේ කියන්නේ ඌට ඇවිල්ලත් නැහැනේ අර සිම් එක ගන්න එන්න කියලා එනවයි කිව්ව ලියුම….!

දැන් නම් කවරේජ් එක ටිකක් හොඳයිලු. ඒත් එනිත් එව්වා තරං නෑ. මේකට ලු ප්‍රත්‍යය දාන්න උවමනාවක් නෑ… මොකද අපේ මලයාත් එයාටෙල් එකක් තියාගෙන බැන බැන ඉන්නවා. හැබැයි ඉතිං පොඩි පොඩි වාසි තියෙනවලු. ඒක නිසා ඉතිං පොර ඒක පැත්තකට දාන්නෙත් නෑ,.. ඒ වගේ තමා මං දන්න හුඟ දෙනෙකුට… කිරි නිසා විසික් කරන්නත් බෑ… උණු නිසා බොන්නත් බෑ….!

මං මේ එයාටෙල් ගන්න එපා කියනව නෙමෙයි… මට ‍මොකද මොක පාවිච්චි කලත් මං මේ කිව්වේ මං රැවටිච්චි හැටිගැන. අනික කොළඹ හා තවත් නගර රැසකට එයාටෙල් සිග්නල් ලෙසටම තියෙනවා… තව ටික කාලයක් යද්දී අනිත් පැති වලටත් අළුත් අළුත් වාසි එක්ක එයාටෙල් සිග්නල් ඒවි….!

 

ආහ්… මේ ඔයාලා කවුරු හරි කෙනෙක් නැගලා තියෙනවද දුරකථන කුළුනකට…? මං නම් නැගලා තියෙනවා…. මට හිතන්නේ මීටර් 60ක් විතර උසයිද කොහෙද… අපේ ගෙවල් කිට්ටුව ඉඳන් කළුතර නගරෙට කිලෝමීටර් 8ක් විතර තියෙනවා. ඉතිං අර කුළුනට නැග්ගම කළුතර ටවුන් එකයි චෛත්‍යයි එහෙමත් දැක්කා… අපි නැග්ගේ ටිකක් හවස් වෙලා… චෛත්‍යයේ ලයිටුත් දාලා තිබ්බේ… මාරම හැඩයි.

70 Responses to “එයාටෙල් උජාරුව…”

  1. cjgayan Says:

    මමත් ඔහොම කට්ටක් කෑවා. මටත් හම්බුනේ නැ ඉල්ලපු නම්බර් එක. වෙන ඒවා 1ක් හම්බුනා හැබැයි එ එක no එකට බිල් නම් 2ක් අවා පස්සෙ අතැරලා දැම්මා……

  2. හංසකිංකිණි Says:

    අපේ පෙම්බර ඇත්ත නං ඔය කණුවකට නැගල මගෙං බැනුමුත් අහගත්ත… උන්දැ නගින ගමං හතර වටේ පොටෝත් ගහල උජාරුව පෙන්නන්ඩ මට එවල තිබුණනෙ….

  3. පිණිබිඳු Says:

    කාටවත් කියන්ඩ එපා අපිත් ඔය එයාර්ටෙල් ලණුව කෑවා.

  4. ChammA Says:

    ලොල්…ඔය නම්බර් සීන් එකනම් පට්ට..මාත් දැම්මා මගේ නම එන විදියට නම්බර් එකක්..මට නම් හැබැයි ලියුම ආවා..හිකිස්‌..දැන් නම් භාවිතයක් නොමැත..
    මටනම් එයාටෙල් චාටර් [ ඩයලොග් වලට සාපේක්ෂව ]..

  5. නවම් Says:

    චිකේ…. ! එයා ටෙල්….. ඉයෑක් ! බෲ…….

    ඔය එයාටෙල් වැඩේ කොච්චර නැගල ගියාද කියව්නවනම් මගෙ ඩිපාට්මන්ට් එකේ කොල්ලො බාගයක් විතර ගියා උන්ගෙ කෝල් සෙන්ටර් ඉන්ටර්වීව්. ඕං දැං උන් දත නියවං ඉන්නව!

  6. blog gadol Says:

    අපේ කැම්පස් එකේ එවුනුත් ලෙසටම ඇන්දුනා ඔය වැඩේට. වැඩේ කියන්නෙ සිම් එන්නත් කලින් කපල් පැකේජ් නියොජිතයෙක් පත් වෙලත් ඉවරයි. අන්තිමට ඌට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න බැරිවෙන තත්ත්වයක් තිබුනේ

  7. Praසන්ன Says:

    ඔච්චර කට්ටක් කන්න ඕනයැ දැන් එයාටෙල් සිම් හතර පහ නිකං දෙනව.
    මාත් ඔය ටවර් එකකට නැගල තියෙනව. බිම ඉදන් බලනකොට උස නෑ වගේ පෙනුනට නගින්න ගියාම තමයි වැඩේ තේරෙන්නෙ.

  8. Kasun Chanaka Says:

    මාලුවෝ මේ, එයාර්ටෙල් වලට බැනල අහු වෙන්න එපා. එයාර්ටෙල් ගැන නම් පුදුම ලස්සන මතකයක් තියෙන්නෙ. ඒව කියන්න ගියොත් මේක පෝස්ට් එකක් විතර දික් වෙනව. හැබැයි එයාර්ටෙල් කැම්පස් වලට දෙන ඩේටා සිම් එක නම් පට්ටම ලාබයි. මම කැම්පස් ඉන්නකොට ඒක තමයි පාවිච්චි කරන්නෙ. හැබැයි සිග්නල් තියෙන්නෙ කොළඹයි නුවරයි විතරයි මම දන්න විදියට.

  9. ශානි Says:

    මට නම් එයාර්ටෙල් පට්ටයි ඈ…….. මල් කඩන්න කියාපු සිම් එක අපේ ගෙදරට මොබිටෙල් වලට වඩා එයාර්ටෙල් එකට හොඳට සිග්නල් තියෙනවා

  10. සිතුවම් Says:

    ඕකටත් බං වුනේ අර මිල්ල සොයා ෆිල්ම් එකට වගේ වැඩක්.අද එනව හෙට එනවා කියනවා තව මාසෙකින් එනව කියනව අන්තිමේ මිනිස්සුන්ට ඒකෙ ආතල් එක නැතිවෙලා ගිහින් එපා වෙනවා.
    හි හි අපිනම් ඕන් පෝලිම් ගානෙ බලෙන් හිටියෙ නෑ.

  11. සිතුවම් Says:

    අඩෝ ඒක හරිම අසාධාරණයි මම දාපු අනිත් ටික වැටුනෙ නෑ.ඔය <> අස්සෙ තිබ්බ මෙන්න මෙහෙම.

    හුලන් ගැහුවා කාලයක් ඉතිං

  12. Nisupa Says:

    අම්මෝ…වෙලාවට ඕවට අහු වුනේ නෑ.. තියෙන මොබිටෙල් රත්තරං කියල හිටියා…:))

  13. අමා Says:

    හි හී අපි නම් ගත්තේ නෑ හුලන් ටෙල්. මැලිබන් හන්දියට එනකම්ම මම මොබිටෙල්. හැබැයි මට නිකන් (රී ලෝඩ් නැතිව) හම්බෙච්ච එයා ටෙල් සිම් යාලුවොන්ට එහෙම දීල තියේ.

  14. සාතන් Says:

    අපි නම් අහුවෙයි ඕවට… මුලින්ම තිබ්බ හචි යක්… ඊට පස්සෙ ගත්ත දෙබස් පැකේජ් එකක්… ආපහු වෙනස් කලේ නෑ… කරන්න උවමනාවකුත් නැ ඕන්…

    ලොකුවට කිව්වට ඉතිං මොකක් හරි ගානට පිළිවලෙට වෙනකොට ඕක වෙනස් කොරන්න යන්නෙ නැති එකෙන් තමයි මාත් බේරුනේ…. නැත්තන් සොරි…

  15. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    මෙන්න මාළුවා ඒ පාර ෂොපින් කරන්නත් පටන් අරන් 😛

    අඩෝ මමත් නැග්ග බොල ඔය ටවර් එකකට. අපි නං අඩුම තරමේ මීටර් 90-100 විතරවත් නගින්න ඇති. ඊට වඩා උඩට යන්න බෑ හුලන් සැරට විසි වෙනවා. පස්සේ එතන ටවර් එක බලාගන්න අයියගේ දැඩි ඉල්ලීම නිසා බැස්සා පහලට.

  16. කල්හාර Says:

    මම නම් හිතන්නෙ ඩයලොග් තමා දැනට හොඳටම තියෙන්නෙ …….

  17. deeps Says:

    මම නම් පෝලිම වල ඉඳලා නැහැ..එත් සිම් ඇවිල්ලා ටික කාලෙකට පස්සේ හුලන් ටෙල් එකක් ගත්තා ගණන් අඩුවට ඉන්ටනෙට් පාවිච්චි කරන්න..දැන් නම් සිම් ඒක කොහෙද කියලාවත් මතක නැහැ

  18. Nadun Says:

    මමත් ඔය කාලේ ඔය වගේ ඒ කාලේ හැම කොමිනිකේෂන් එකේම මාර පොලීම. එයාටෙල් Branch එකේ ලගත් එහෙමයි.මම ගන්න යනකොට හැම කඩේම සිම් නෑ කොහොම හරි එක තැනකින් සිම් ගත්තා . මටනම කිසිම අවුලක් නෑ අනිත් Compani වඩා එයාටෙල් හොදයි. මම පාවිචි කරන්නේ එයාලගේ 99 ැකේජ එක. එයාලා ඒ ගානට Mb 400 sms 1000 දෙනවා තව අපි දාන 99 එහෙන්ම දෙනවා ඕනම Netwook එකකට Call ගන්න මෙචර වාසි කොම්පැනියක් ලංකාවේ තියෙනවද . වෙනත් Compani ගත්තනම් මම ඉන්ටනෙට් යන්නයි Call ගන්නයි වෙන වෙනම දාන්න එපැයි ඒ අතින් එයාටෙල් හොදයි.

  19. tharindu Says:

    කොතන තියන කුලුනටද නැග්ගේ මම ඉන්න පැත්තෙත් එකක් තියනවා මමත් නැගල බලන්න ඔන……..උබ ඉන්න දිහා කොහෙද බන් ඔකක් තියෙන්නේ පාරට පෙනවද ?

  20. Lakmal Says:

    Usually am climbing Telecommunication tower..that was another part f our job…anyway
    if any body need like that Exp. i suggest Pls think twice without previous experience…

  21. මන්තරකාරි Says:

    හිකිස්…එයර්ටෙල්ද? කැම්පස්වලට අවුට්ගොයින් ෆ්‍රී පැකෙජ් එකක් දෙනව කියලා අපේ එක්කෙනාත් ඒ දවස්වල කරපු විකාරයක්. අන්තිමට බරපතල බිලකුත් ආවා… ඕං මං ඒකට පොලු තිබ්බ කියලා කාටවත් කියනව හෙම නෙවෙයි… 🙂

  22. henryblogwalker Says:

    හිකිස්. කට්ටියම ගත්තා නේද හුලං ටෙල්? අපි නම් අහුවෙයි ඕවට. හුහ්. ( වරහන් ඇතුලෙ – ඔය කාලෙ අපි ලංකාවෙ හිටියෙ නැහැ. ඒකයි. නැත්නම් මමත් පෝලිමේ යයි . ඕන් වරහන් වැහුවා.)

  23. දිල් Says:

    මමයි අයිති කාරයයි දෙන්නම පාවිච්චි කලේ ඩයලොග්….මාසෙකට එක්කෙනෙක්ට විතරක් රුපියල් 4000/ විතර බිලක් ආවා. දැන් අපි දෙන්නටම එයාටෙල් කනෙක්ෂන් එකක් තියෙන්නෙ. හේතුව අපි දෙන්නට out going free නිසා….. මන්දා මට නම් කනෙක්ෂන් එකේ ගැටළුවක් තාම නෑ. මාසෙකට යන්නෙ රුපියල් 1000/ විතර. මොකද අපි දෙන්නට නිසා

  24. හිස් අහස Says:

    අපෝ අපි අහුවෙයි ඔවුවට !! මාලුවා නම් අහුවෙලා !!

  25. Gayan Ruasinghe Says:

    මමත් නැගල තියෙනවා කෑගල්ලේ තියෙන ඩයලොග් කුලුනට. අප්පා මාරම ලස්සනයි වට පිටාව..ඔය ලංකාවටම සිග්නල් දෙන කතාව මෙහෙමලු මචං.. ඕක ඉන්දියාවේ වෙන්නේ චන්ද්‍රිකා තාක්ශනය හරහා නොවැ. අපෙ රටට එයා ටෙල් එනකොට ලංකාවේ යුද්ද්යක් තිබ්බ නොවැ. යුද්ද අස්සේ මෙහෙට සැටලයිට් ටෙච්නොලොජි එකෙන් මොබයිල් ෆෝන් කනෙක්ශන් එකක් පටන් ගන්න ආන්ඩුවෙන් අවසර දීල නෑ කියල තමයි ආරන්චිය. එකට හේතුව ලෙස දක්වල තියෙන්නේ සැටලයිට් තාක්ශනයෙන් එන දුර ඇමතුම් වලට රහසේ ඇහුන්කන් දීමට ඇති හැකියාව සාපේක්ශව වැඩි බව කියල තමයි ආරන්චි..
    මේ වෙනකොටත් ලංකාවේ එයා ටෙල් වයාප්ත කිරීමට ලන්කාවෙන් ලබන ආදායම ප්‍රමානවත් නොවන නිසා භාරති එයාටෙල් වලින් මුදල් ප්‍රතිපාදන ලබා ගන්න බව සැලයි..ම්ම මෙව්ව දන්නේ අපේ නැන්දගෙ පුතාට ඔය කොමියුනිකේසන් එකක් තියෙනව නොවැ. එතෙන්ට එයා ටෙල් කාඩ් දාන්න එන එකා තමයි ඔව්ව කියන්නෙ…

    ජය..

  26. buddie-බුඩී Says:

    මාත් නැගලා තියෙනවා 🙂
    කියලා වැඩක් නෑ ඒක නම් මාර උසයි. මූදත් පෙනුනා

  27. මධුරංග Says:

    මම නම් එයාටෙල් වලට කැමති නෑ.
    අපෝ නෙට් යන්න ගියාම එන්නෙම එජ් !!!! සංසරේ එපා වෙනවා.

  28. kumaraya Says:

    මොකක්ද බං අර වීඩියෝ කෑල්ල …. පිස්සු හැදෙනවා ..
    ඒක බලලා මට සෙල් පෝනුත් එපා වුනා …
    අරූ අර කණුව දිගේ නගින නැගිල්ල දැක්කම ඇඟ හිරිවැටෙනවා …


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: