හද බිත්තියේ ගල් අකුරු…

පෙමින් වෙලී සිටි කාලෙක අපි සොඳුරු

මතකද නුඹට මැවු හැටි

අපි සිරි මැදුරු…

 

හෙමින් හෙමින් බැඳ හදවත ගල් පවුරු

ටික කලෙකින් ඇරඹුන හැටි

සෙල් සිදුරු…

 

 

හද බිත්තියේ නුඹ කෙටු ඒ ගල් අකුරු

අකුණු සැරට සුදිලෙන හැටි

මිණි අහුරු…

 

වැසි සමගින් මාරුත මැද මහ රුදුරු

නොසැලී ඉන්න හැටි

විඳගෙන දුක් සොඳුරු…

28 Responses to “හද බිත්තියේ ගල් අකුරු…”

  1. Sachith Says:

    මැක්සා…මැක්සා… ගෝල්ඩ් ‍fishiyooo

  2. මධුරංග Says:

    ආදර්ශය :
    ගල් හිතක උනත් කැටයම් කපන්න පුලුවන් ලස්සන ආදරේකට.
    මාලු අයියා ලියන කවිත් ලස්සනයි මාලු අයියගේ ආදරෙත් ලස්සනයි !!!!
    (මෙහෙම කිව්ව හන්දා මට හවසට රෝස්පාන් කාලකුයි වඩේ එහෙකුයි ඕනේ :))

  3. කල්හාර Says:

    යකෝ මූ දැන් කවියෙක් වෙලානෙ …….
    පටිටයි ඈ ……….

  4. මන්තරකාරි Says:

    සුදිළෙන ගල් හදවත මාළුවා මිතුරු
    පෙම උතුරා ලියනා හැටි
    කවි මියුරු…

  5. සාතන් Says:

    පට්ට මචන්…. ලෙසටම ලියල තියෙනව….

  6. henryblogwalker Says:

    කවිය නම් නියමයි. නමුත් මට දැන ගන්න ඕනෙ ඔය ෆොටෝ එක ගැන. ඔය තාර පාරක්ද? කොහොමද ඔය හද ගල දැක්කෙ?

  7. Mahesh Nishantha Says:

    දහසක් කතා දෙන මේ සේයා රුවට …
    පන මුසු කළා කදිමයි පැටියෝ යසට ..
    හදවත රැඳෙන රස මුසු වූ හැඟුම් ගැන …
    ඔබ ලියු කතාවෙත් රැඳුනා මේ ලෙසම ..

    ඔබේ හැකියාවන් ඔස්සේ අනර්ග සොඳුරු ප්‍රහාරයන් පෙන්වන මාළු පැටියට අපේ ආදරණිය දිරි පැතුම

  8. චතුර.. Says:

    ලස්සන කවිය..
    එක පාරටම මොකෝ කවි සිතුවිලි පහල වෙලා..?

  9. අකීකරු හිත Says:

    කවියේ රටාවයි අදහසයි දෙකම ලස්සනයි

  10. vajiradevi Says:

    ජීවිතේ ඔහොම තමයි.. ආදරේ වෙලාවකට හරි සුන්දරයි. තව වෙලාවකට හරි බරපතලයි ..

    හදවතේ හීන් සිදුරු..
    පිරෙනා ලේ නහර..
    විටෙක හිරකරන හුස්ම..
    ආදරය…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: