ගැජ මැටික් ටික බේරගමු….!

කොම්පූටර් ඉස්සරහා ඉන්න අපිට තියෙන වැදගත්ම දේවල් මොනාද… කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි… හැබැයි මං නම් කියන්නේ අපිට වැදගත් වෙන්නේ අපිට ගොඩක්ම ‍ෆැමිලියර් වෙච්ච ගැජ මැටික් ටික‍‍‍…

දැන් ඉතිං බලන්න එපා අද මොකාටද එන්නේ මූ කියලා… අද මේ දෙසන්න යන්නේ අපිට නිතර වුවමනා වෙන වටිනා කියන සොෆ්ට් වෙයාර් කෑලි ටික ‍හොර හතුරන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් බේරගන්න හැටියක් ගැන. මේ ක්‍රමේ අනිත් අය දන්නව වුනාට අනුගමනය කරනවද නැද්ද නං මං දන්නේ නෑ. හැබැයි මං නම් මගේ ෆ්ලෑෂ් එකේ තිබ්බ සොෆ්ට් වෙයා ටිකට කෙල වෙච්චි දා ඉඳන් අනුගමනය කරන නොවරදින ක්‍රමයක්. නොවරදින කියන්නේ 85%ක් විතර තමා ඉතිං.

සොෆ්ට් වෙයාර් එක්ක වැඩ කරන… ඒ කියන්නේ ඔය ඔෆිස් පැකේජ් එකෙන් එහාට ගිය දේවල් කරන සහ තමන්ගේ පරිගණකය ඇරෙන්න අනිත් අයගේ පරිගණක වලත් වැඩ කරන අය ගොඩක් වෙලාවට තමන්ට අවශ්‍ය වෙන සොෆ්ට් වෙයා කෑලි ටික තියා ගෙන ඉන්නේ ෆ්ලෑෂ් එකේ තමා. එහෙමත් කෙනෙක් තමා ඩීවීඩී බැකප් තියාගෙන ඉන්නේ… ඉතිං අපි කොයිතරම් හිතුවත් වයිරස් ගාඩ් තියෙන පරිගණක ආරක්ෂිතයි කියලා, මගේ නම් අදහස ඒ කියන තරම් ආරක්ෂිත නෑ කියලා තමා. ඉතිං ඕනේ වෙලාවක අපි අනාරක්ෂිත වෙන්න පුළුවන්. එත‍කොට ඉතිං අර ෆ්ලෑෂ් එකේ තිබ්බ වටින මෘදුකාංග ටිකට කෙල වෙන්නේ ඇස් පනාපිටම.

කවුරු හරි දැකලා තියේද වයිරස් එකක් විසින් exe ෆයිල්ස් ඔක්කොම ටිකට ආසාදනය වෙමින් එව්වා විනාස කරන හැටි…? ඒ සිද්ධිය දකින්න නම් මං පිං කලා. ඒ ස්කෝලේ යන කාලෙදී… ටිකක් ස්ලෝ මැෂින් එකක…. වයිරස් එකක් විසින් exe ෆයිල්ස් වලට ආසාදනය වෙද්දී එව්වයේ අයිකන් ටික වෙනස් වෙලා යනවා… අනේ ඉතිං මාත් කට ඇරං බලං හිටියා. පස්සේ බලද්දී මගේ වටිනා ගැජ මැටික් ටික අහවරයි. ඒ දවස් වල ඉතිං දැං වගේ ජංජාලේ එක්ක වැඩිය යාළු කම් නෑනේ…. ඒක නිසා ඒ සොෆ්ට් වෙයාර් කෑලි ටික හෙනම වටිනවා… කැස්පර්ස්කි තිබ්බත් කෙල වුන අපූරුව….!

ඉතිං මේකට උපක්‍රම හෙව්වට හම්බුනේ නෑ… පස්සේ ඉතිං මං ලැපීව ගත්තට පස්සේ එයාටත් දැම්මා වයිරස් ගාඩ් එකක්. ඒත් කැස්පර්. ලයිසන් කී එක ඔෆිස් එකෙන් ඉස්සුවා. එතකොට මගෙ එකත් ලයිසන්ඩ් එකක්නේ… ඉතිං සතියකට පාරක් විතර අප්ඩේට් කරනවා… ඒ අස්සේ ආයෙමත් මට කෙලවුනා. පස්සේ ආයෙමත් අර සොෆ්ට් වෙයා රැක ගැනීමේ මෙහෙයුම අරඹන්න වුනා.

ඊට පස්සේ ජංජාලෙම හෙව්වත් හොයාගන්න බැරි වුනා. ඊට පස්සෙ ඉතිං ඔහොම යද්දී ආයෙමත් දවසක් අර කෙලවීම එහෙම්ම වුනා. ඒ තුන් වෙනි පාර. මට ඉතිං මල අතේ… ඒත් පොඩි සහනයක් තිබ්බා. ඒ තමා මං හෙන ලවෙන් ඉන්න ෆොටෝ ෂොප් එක සිප් කරලා තිබ්බ නිසා බේරිච්ච එකට. පස්සේ ඉතිං මං මගෙ ෆ්ලෑෂ් එකට දාගන්න හැම රෙද්දම සිප් කරලා දාගත්තා. අන්තිමේ ඉතිං කොච්චර වයිරස් තියෙන මැසිමකට ගැහුවත් මගේ ගැජමැටික් ටික ගොඩ. ඇත්තට මං හිතුවේ නෑ ඒක විසඳුමක් කියලා… ඒත් බලාගෙන යද්දී ඒක තමා තියෙන සිම්පල්ම ප්ලෑන් එක…

මං දන්න තරමින් නම් සිප් ෆයිල් කියන්නේ ෆයිල් එකේ ප්‍රමාණය අඩු කරලා කැපෑසිටි අඩු ෆයිල් එකක් හදාගෙන මෘදුකාංගයක්. ඉස්සර වින්ඩෝස් 98 තියෙද්දී නම් අපි රට වටේ ඇවිදිනවා වින් සිප් තියෙන කලෙක්ෂන් සීඩී හොයන්න. සමහර එව්වයේ කවරෙ තිබුනට සිප් තියෙනවා කියලා ගෙනැල්ල බලද්දී වින් සිප් නෑ….

ඒත් ඉතිං දැන් එහෙම නෑනේ… වින්ඩෝස් එක්කම සිප් එන නිසා ප්‍රශ්නයක් නෑ… ඒ වගේම නෙට් එකේ හොයලා බැලුවම සිප් වලට ආසාදනය වෙන වයිරස් තියෙනවද කියලා, දෙක තුනක් ඇරෙන්න මහ ගොඩක් නම් හම්බුනේ නෑ…. හැබැයි නැත්තෙම නෑ… ඉතිං මං හිතන්නේ වයිරස් වලින් ගැජ මැටික් ටික රැක ගන්න තියෙන හොඳම ලේසිම ක්‍රමේ තමා ඒ ටික සිප් කරන එක…. ඉඩත් අඩුයි… ආරක්ෂාවත් වැඩියි…!

දැන් නම් ඉතිං සොෆ්ට් වෙයා ටිකට කෙල වුනාම ආයෙම ඩවුන් කරගන්න පුළුවන්… ඒත් අවුරුදු කීපයකට කලින් නම් මේ ක්‍රමේ මට හෙනටම අල්ලලා ගියා. දැනටත් ඉතිං වෙනසක් නෑ…. මගේ නම් ඔක්කොම ගැජ මැටික් ටික සිප් කරගෙන තමා ඉන්නේ… සිප් කරන විදිය දන්නේ නැති අය නැතුව ඇති…. ඒත් කමක් නෑ,.. ෆයිල් එකක් සිප් කරන්නේ ඒ ෆයිල් එක රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් send to තෝරලා ඒකෙනුත් එන මෙනු එකෙන් compressed zip folder කියන එක ක්ලික් කිරීමෙන් තමයි…

ඇත්තෙන්ම මේක වටින්නේ ගෙදර නෙට් නැති හා ෆ්ලෑෂ් එක විවිධ පරිගණක වල පාවිච්චි කරන අයට. මොකද ඒ අය කොහෙන් හරි ඩවුන් කර ගන්න සොෆ්ට් වෙයා ටික තියාගන්නේ ෆ්ලෑෂ් වල නිසා….

ඉතිං ඔය විදියට සිප් කරලා පාස් වර්ඩ් එකකුත් දාගත්තනම් සාමාන්‍ය කෙනෙකුට ඒ ගැජ මැටික් වලින් වැඩ ගන්නත් බෑ… හැබැයි මතක තියාගන්න සිප් පාස් වර්ඩ් කඩන්නත් ඕනේ තරම් බඩු තියෙනවා… මොනා වුනත් සාමාන්‍ය ආරක්ෂාවක් වෙනුවෙන් නම් සිප් නියමයි…. අත්දැකීමෙන් කියන්නේ….!

55 Responses to “ගැජ මැටික් ටික බේරගමු….!”

  1. මධුරංග Says:

    මාළු අයියා කිව්වත් වගේ සිප් ෆයිල් එච්චර ඉක්මනටම වයිරස් ආසාදනය වෙන්නේ නෑ.
    ඒකත් එක අතකට හොද ක්‍රමය තමයි.
    සිප් ෆයිල් පාස්වර්ඩ් නැතුව කඩන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක ලින්ක් එකක් දාන්න පුලුවන් නම් වටී. 🙂

  2. Randil Says:

    දෙයියනේ කියල පහුගිය අවු 5 තිස්සෙ මට නම් වයිරස් ගැන හිතන්නවත් අවශ්‍ය වුනේ නෑ. මොකද මම වින්ඩෝස් අතහැරලා ලින්ක්ස් සහ මැක් පාවිච්චි කරන්න ගත්ත හින්දා.

  3. Udith Ishara (@udithishara) Says:

    හැබැයි පුතෝ, සිප් එක පොඩ්ඩක් හරි ඩැමේජ් උනොත් නම් මුලු ෆයිල් එකටම බබා අතේ 😀

  4. Praසන්ன Says:

    ඇයි මැක් වල තියෙන කහපාට මොන වගේද?

  5. කල්හාර Says:

    මටත් ඔය සීන් එක ටික කාලෙකට කලින් උනා, මම ඒ දවස්වලම වින් ආර් ඒ ආර් වලට සිප් කලා ඔක්කොම පොඩි පොඩි ගැජමැටික් ටික ……….

    සෑහෙන්න වටින පෝස්ට් එකක් …….

    දැන් කොහොමද අලුත් ජොබ් එක, ඒකට ගියාද, මොකද උනේ ……….

  6. මන්තරකාරි Says:

    කැස්පර්ස්කයිට බැනලා අහු වෙන්න එපා මාළුවෝ…. 😉

  7. ළහිරු හිමේෂ් Says:

    අනිවා ගෝල්ඩ් ‍ෆිෂ්. කොම්ප්‍රෙස්ඩ් ෆයිල් වලට වයිරස් ආසාදනය වෙනවා අඩුයි. මට නම් හිතෙන්නේ අඩුම 7-Zip හා Uhark වගේ ඒවා කියලා. සමහර දරුණු වයිරස් වින් මාමට කෙල කරවනවා
    ඒත් මේ පොස්ට් එකට ගොඩක් ස්තූතියි

    • ගෝල්ඩ් fish Says:

      මචං ලහිරු.. වින් සිප් එකට කෙලියත් 7 සිප් එකට කෙලියත් වෙන්නේ එකම සීන් එකනේ බං. මොකද දෙකම exe නේ… ඒක නිසා සිප් exe එකට වැඩිය 7zip exe එක හොඳයි කියන්න බෑ බං… අනික මේක zip software එකත් එක්ක තියෙන අවුලක් නෙමේ බං… තියෙන එකම චාන්ස් එක තමා zip extension එක තියෙන ෆයිල් වලට ගේමක් දෙන්න වැඩිය වයිරස් නැති එක.

  8. Gayan Ruasinghe Says:

    හුට්ටප්පර කිව්වලු, අර ලව් සීන් ටික මාටු නෙවෙද… අඩේ එකෙක් නෙවේ සෙට් එකම නෝන්ඩි වෙන සීන් එකක් නොවැ.. හිකිzzz … ගෙදරින් ඔව්ව ගැන එච්චර නොදන්න නිසා අවුලක් නැති වෙයි බොල.. ඇහුවොත් කියන්න බ්ලොග් එකක් කියන්නේ ෆේස් බුක් වගේ එකක්ය කියලා/ හිකිzzz..

    ජය..

  9. cjgayan Says:

    මෙක කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද ????????

  10. Deshan Karunarathne Says:

    This is the first time I’m commenting in your post. but I’m your big fallower. by the way try new software called 7zip to zip your files. its free and amazinly reduce the space of zip file. and also you can unzip anykind of zip file using 7zip.

  11. පිණිබිඳු Says:

    හෙහ් හෙහ් ඉස්සර කොල්ලගෙ ෆොටෝ ටික රැකගන්නත් පාවිච්චි කරේ සිප් ෆයිල් එකකට දාලා පාස්වර්ඩ් දාපු එක තමා. නැත්තන් කොහෙද අපෙ අක්කගෙ රහස් පරීක්ෂක වැඩ වලින් බේරෙන්නෙ.

  12. සිතුවම් Says:

    එහෙනං එහෙනං ඔය කොයි කොයි ගැජමැටික් කෑලි එහෙමත් සිප් එකක් දාගෙන පරිස්සම් කොර ගන්නව හොඳයි.

    මොකෝ බ්‍රහ්මචර්යා සමාදන් වුනාද මේ ටිකේ.

  13. Sanoj Says:

    අපිට නම් ඔය Virus කතන්දර නැහැ….අපි Zip කරන්නෙත් නැහැ…..පාවිච්චි කරන්නෙත් Windows …..හි…හි…..

  14. සාතන් Says:

    අනේ මට නම් කිසිම කරදරයක් නෑ… සිප් කරලත් නෑ… ‍මොකද මම දකින දකින එකට පෑන ගහන්න යන්නෙ නෑනෙ… 😉

    අනික මගේ ලඟ තියෙන පෑන රීඩ් ඔන්ලි කියල සෙට් කරන්න බටන් එකක් තියෙනව…. 🙂

  15. චතුර.. Says:

    පෙන් වගේ එව්ව ඔටෝ ප්ලේ වෙන එක නවත්තලා පෙන්ඩ්‍රයිව් නිතරම වෙන මොකකට හරි ගහලා තමන්ගේ පීසී එකට ගහද්දී ස්කෑන් කර ගත්ත නම් ඔය ප්‍රශ්නේ නෑ..එක දවසක් එකෙක් එවපු ස්ක්‍රිප්ට් එකක් ඇරෙන්න දෙයියනේ කියලා මගේ වෛරස් ගාඩ් රාජයෝ ටික මාව රකිනවා..

  16. නවම් Says:

    ඔය එක එක මැසින් වල පෙන් ගහල සිප් එක වහල ජාම බෙරගන්න බෑ කොළුවො ! 😉

  17. henryblogwalker Says:

    ස්තුතියි මාලු, මාත් කරලම බලන්නම්කො ඒකත්. මටත් බැක් අප් ගන්න මතක් වෙන්නෙ කෙල වෙනකොට තමා. හැබැයි මම අනිත් වුන්ට අවවාද දෙනවා බැක් අප් තියාගන්න කියලා. හික්ස්

    • ගෝල්ඩ් fish Says:

      දැන් තියෙනවා පුතෝ… උඹ හිතුවට නැහැයි කියලා… ගෙඩිය පිටින්ම එකක් තියෙනවා ලිනක්ස් වල කම්ප්‍රෙසින් මෙතඩ් එක්ක හවුල්වෙලා ඩිස්ට්‍රිබියුට් වෙන…. ලයිව් සීඩී ගහද්දී තමා වැඩිපුරම… මං දැනගත්ත ලින්ක් එක ආයේ හොයාගන්න ඈහැක් වුනොත් අනිවා ෂෙයාර් කරන්නම්…

  18. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    “මට ඉතිං මල අතේ… ”
    උඹේ අතෙත් අධෝමුඛයක් තියෙද බං?
    හික් හික්.ඔව් ඔව්.සිප් එක එල තමා බං.හැබැයි ඉතින් ගමනක් යන්න ලැස්ති වෙලා සිප් එක පිස්සු කෙලින්න ගත්තාම තමා තවත් ආතල්.

  19. ලහිරු Says:

    ඵල ඵල වටින ලිපියක්, මමත් පටන් ගන්නෝන!

  20. හිස් අහස Says:

    මේක මම අද්දැකීමෙන් දන්න බඩ්ඩක් ! .. සිප් පයිල් වලට විතරක් වෙචේ .. සිංහලෙන් නම් කරලා තියන ෆෝල්ඩර් වල තියන එවුවත් ආරක්‍ෂිතයි !! කොහොමද සිංහලයාගේ බලය !!

    අපේ බාසාවට අනෙක් හැම පරිගණක භාෂාවක්ම පරාදයි !! 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: