කුණුහරුප පාඩමක්…

මේ මොන කුණුහබ්බයක්ද කියලා හිතන්නේ නැතුව කියෝගෙන යන්න…. මොකද කුණුහරුපයක් දැනන් ඉන්න එක වැදගත් වෙන වෙලාවලුත් තියෙනවා.

කුණු හරුප කියන එව්වා නොදන්න චූටි ඈයෝ ඉන්නවා නම් ඉතිං මට කරන්න දෙයක් නෑ… එවුන්ට කොච්චර කිව්වත් මේක බලන්න එපා කියලා නොබලා ඉන්නේ නෑනේ… අනික මේක බැලුවා කියලා කිසිම හානියක් වෙන්නෙත් නෑ…

ඉතිං මේ කියන්න යන්නේ කුණුහරුප සම්බන්ධව මං දකින පැත්ත ගැන. සමහරවිට මං වැරදි ඇති… ඒත් ඉතිං මට හිතෙන දේනේ මේ… අපි මුලින්ම දහම් පාසල් යද්දී අපිට කියලා දුන්නා පරුෂ වචන කියන්න එපා පව් සිද්ධ වෙනවා කියලා… දහම් පාසලේ විතරක් නෙමේ ස්කෝලේත් කියලා දුන්නා. ඉතිං මේ පරුෂ වචන කියන්නෙත් කුණුහරුප වලටමයි කියලා මං නම් හිතන්නේ නෑ… මං හිතන විදියට කුණුහරුප හා පරුෂ වචන කියන්නේ කොටස් දෙකක්.

මට තේරෙන විදියට ලියන්නම්… පරුෂ වචන කියන්නේ, මරනවා, කපනවා, කොටනවා වගේ කෙනෙක්ට තර්ජනය කරලා බය කරන්න හරි, විහිළුවට හරි කියන එව්වා… ඒවා කිව්වම ඉතිං පවු සිද්ධ වෙන එක අහන්න දෙයක් නෙමේනේ… ඒ වගේම කුණුහරුප කියන්නේ අපි ජීවත් වෙන සමාජය විසින් නොපැවසිය යුතු යැයි සම්මත කරගත් වචන මාලාවක් තමා. ඒ වචන වැඩි හරියක් යොදා ගන්නේ කෙනෙක්ට නරක විදියට ආමන්ත්‍රනය කරන්න හා මොකක් හරි රහස් යැයි සලකන ක්‍රියාවලියක් වෙනුවට තනි වචනයක් ලෙස යොදාගන්න තමා… උදාහරණයක් විදියට ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ශාරීරකව එකතු වෙලා කරන ප්‍රජනන ක්‍රියාවලිය හඳුන්වන්නත් තියෙනවා තනි වචනයක්… ඒක නොදන්න බබාලා නෑනේ… එච්චර වැදගත් ක්‍රියාවකට තනි වචනයක් හදාගෙන ඒක කුණුහරුපයක් කියලා හංවඩු ගහන එක ගැන නම් දෙපාරක් හිතන්න ඕනේ මං හිතන්නේ…

ඒ වගේම තමා ‍ගැහැණු කෙනෙක්  ‍​වෛශ්‍යාවක් ලෙස කටයුතු කරනවනම් ඒකිව හඳුන්වනනත් අකුරු දෙකේ නමක් තියෙනවා. ඒ වගේම දරු සම්පත් ලබන්න බැරි හා යම් යම් දේවල් වල අඩුපාඩු තියෙන පිරිමි හඳුන්වන්නත් අකුරු හතරක සංකේත නාමයක් තියෙනවා. ඉතිං මෙන්න වගේ එව්වා තමා අපි ජීවත් වෙන සමාජය විසින් නොපැවසිය යුතු දේ හෙවත් කුණුහරුප ලෙස පිළිඅ‍රගෙන තියෙන්නේ.

දවසක් දා පුංචි කාලේ මාත්…  කවුරු හරි කියනවා අහගෙන ඉඳලා හු** කියලා අපේ අම්මා මගේ කටට එකක් ගැහුවා… මං දන්නේ නෑ ඒ දවස් වල ඒකෙ තේරුම… ඒ දවස් වල විතරක් නෙමෙයි අදටත් මට ඒ වචනේ තේරුමක් හිතාගන්න අමාරුයි… මම හිතන්නේ කෙනෙකුට කේන්ති ගියාම යම් පිරිමි හෝ ගැහැණු කෙනෙක්ව හඳුන්වන්න යොදන චවනයක් කියලා විතරයි. එතින්න එහාට නම් ඒකට තේරුමක් දෙන්න මං දන්නේ නෑ… ඒත් මං පොඩි දවස් වල අපේ අම්මා මගේ කටට ගැහුවේ ඇයි…? එයා තේරුම දැනගෙන හිටියද…? මං නං හිතන්නේ අපේ අම්මා තේරුම දන්නෙත් නෑ….

ඒත් මගේ කටට ගැහුවේ ඒක සමාජය විසින් අවිවාදයෙන් බැහැර කරන පිලිකුල් සහගත වචනයක් නිසා… ඒත් ඒකට නියමිත තේරුමක් නෑ… නිකං කියන්නන් වාලේ අපිත් කියනවා, ඊට පස්සේ අහගෙන ඉන්න එවුන් අපිට දෙහි කපනවා…

හැබැයි ඔය ක්‍රියාකාරකම් සඳහා යොදාගන්න තනිචවන නම් වෙනත් නාම පද එක්ක යොදාගැනීම නිසා බොහෝ විට ගැටීම් හිටං ඇතිවෙනවා… දන්නවා ඇතිනේ… අඩෝ මේ… අම්මා මතක් කරන්න එන්න එපා… කියලා කෑගහන්නේ… අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමා.

ඇත්තටම මේ වචන සිංහල අපිට කුණුහරුප වුනාට වෙනත් භාෂාවක ඒ වචනයෙන් හඳුන්වන්නේ මොනා හරි වටිනා දෙයක් වෙන්න පුළුවන්… අනේ මන්දා… මේ එක එක අකුරු තුන හතරවල් පටලෝ ගෙන කුණුකරුප කියලා ‍බෝඩ් ලෑල්ලකුත් ගහගෙන කරන විකාර.

දැන් ඉතිං මේවා කියන්නේ කුණුහරුප කියන එව්වා නොසලකා හැරලා ඒ වචන කියන එක නගාසිටුවන්න එහෙම නෙමෙයි, මට හිතෙන විදිය ගැන පොඩ්ඩක් කියන්න විතරයි. අනික මේ කුණුහරුප කියන්න ගියොත් එහෙම අපිව සමාජයෙන් කොන් වෙනවා… එතකොට ඉතිං මොකද කරන්නේ… ඒක නිසා තියෙන හොඳම දේ තමා කුණුහරුප දැනගත්තට නොදන්නවා වගේ ඉඳීම. එතකොට ඉතිං අපි කුණුහරුප දන්නේ නෑනේ…! කුණුහරුප කියන්නම ඕනේ නම්.. අර ඩබල් මීනින් කියලා තියෙන්නේ එව්වැයින් පුළුවන් ඒ ටික කරගන්න…

ඒ වගේම මේ කුණුහරුප සමහර වෙලාවට වැදගත් වෙන අවස්ථාත් තියෙනවා. එක උදාහරණයක් කියන්නම්… ඔයාලා දැකලා ඇතිනේ මුහුද අයිනේ මාදැල් අදිනවා… ඒ වගේ වෙලාවට දැල අදින්න ගැම්ම ගන්න කියන්නේ තුන් සූත්‍රය වත්, වෙන මොකක් හරි සිංදුවක් වත් නෙමේ තනිකරම කුණුහරුප… දැන් ඉතිං මේ ටික කියෝලා කට්ටිය කුණුහබ්බ කියන්න අරගෙන ටොකු , පොලු පාරවල් කෑවොත් එහෙම මං නං නෑ ඕං….

ඇත්තට මේ ලෝකේ කුණුහරුප කියලා සම්මතයක් නොතිබ්බනම් මාදැල් අදින අය මොනා කියලා ගැම්ම ගනීද…?

58 Responses to “කුණුහරුප පාඩමක්…”

  1. cjgayan Says:

    අප්පට සිරි මාලුවට හිතෙන දේවල් ?????????

  2. පිණිබිඳු Says:

    හික්ස්. මේකා අද ඇඳ විට්ටම පැත්තෙන්ද බැස්සෙ?

  3. haree Says:

    මොනාද ඔය කුණුහර්ප කියන්නෙ?

  4. Gayan Ruasinghe Says:

    අඩෝ කුනුහර්පෙකෙට උදාහරනයක් කියපන්කො මාලුවෝ… හිකිzz

    ජය…

  5. රත්ගමයා Says:

    අතීතයේ සිට පැවත ආ කුනුහබ්බ 13යි තියෙන්නේ…ඒ 13ම මම දන්නවා 🙂

  6. සරුංගලේ Says:

    ඇත්තටම කුණුහරප කියල දෙයක් නැත්තන් අපිට අපේ තරහ පිටකරන්න වෙන්නේ ගහ මරාගෙනම තමයි. ඉතින් මිනිස්සු ගහමරාගන්න එක අඩු කරන්න තමයි කුණුහරප තියෙන්නේ. ඒත් ඒවා කියල, ගුටි කනවට කරන්න දෙයක් නැහැ………

  7. කල්හාර Says:

    කුණු හරප කතා නොකර ඉඳහං මාලුවො ……….
    කුණු හරප කියා දෙයක් නැත, දෙල් ගසට කොස් ගස කීවොත් එය කුණු හරපයක් විය හැක ……….

  8. අම්බලම Says:

    අපි සිංහලෙන් කුණුහරපයක් වෙන වචනයක් තවත් බාශාවක ශිෂ්ට සම්පන්න වචනයක් වෙනවා කියන එක නම් ඇත්ත. පොඩි කාලේ ඉංග්‍රීසි සර් මුලින්ම carry කියන වචනේ කිව්වාම ක්ලාස් එකේ හිටපු උන් ඔක්කොම හිනාවෙලා සර්ගෙන් අම්බානක බැනුඹ ඇහුවා මට මතකයි. මොනවා උනත් කුණු හරප කියන්නෙත් ඒවා හදාගන තියෙන්නෙත් සමාජයෙන් වහන් කරගන ඉන්න හදන්නෙත් මිනිස්සුම තමයි.

  9. ගිනි කුරුල්ලා Says:

    අඩෝව් $%@@#%@%%%@ මාළුවා….
    අර වැදගත් ක්‍රියාවට කුණුහරුපයක් නොවන තනි වචනයක් තියනවා බන්.

  10. මධුරංග Says:

    කුණුහරුප උනත් වැදගත් වෙන වෙලාවල් තියෙනවා. මොනදේ කලත් කාගේ උනත් දෙමවුපියෝ මතක් කරල බනින එක වැරදියි.
    මොකෑ මාළු අයියේ මේම හිතුනේ ? අද පෝස්ට් එක පරක්කු වේනකොට මම් හිතුවේ ද කතා නෑ කියලා.

  11. ලහියා Says:

    එහෙනම් මොන හු** ද බන් කුනුහරුපයක්වත් න්තිව මාදැල් අදින්නෙ කොහොමද කියල මාදැල් අදින්නෙ නතුව ඉන්දියි.. අපිට වෙන්නෙ මලු නොකා ඉන්න.

  12. සාතන් Says:

    සිරාවටම මාදැලක් අදින තැනක ඉද්දි ඇහෙන වචන සෙට් එක නම් මරු…

    අනිත් අතට මම කුණු හරුප කියන්නෙ ‍අනිත් මිනිස්සුන්ගෙ කුණු අවුස්සන්න තවත් කෙනෙක් පාවිච්චි කරන වචන වලට….

    • ගෝල්ඩ් fish Says:

      උම දැකලා තියෙනවනේ දැල් අදින හැටි…. අපිත් ඒ වචන ඇහුනේ නෑ වගේ වැඩේට සපෝට් එක දුන්නොත් අපිටත් මාලූ කූරියෙක් ලැබෙනවා…

  13. සිතුවම් Says:

    මචං කුනුහබ්බ ගැන දැනගන්න ඕනිමනම් මම කියන්නද නෙට් එකේ තියෙන තැනක්.හෙන ලිස්ට් එකක්ම තියෙනවා.උඹේ අවසරේ තියෙනම් විතරක් මෙතන දාන්නම් ඒක සර්ච් කරන්න ඕනි හැටි….

    ඔව් බං මේ අපි මොන කුනුහරුපයක්ද කරන්නෙ.

    • ගෝල්ඩ් fish Says:

      අවුලක් නෑ ලාවට දාපං බලන්න… මොකෝ ඉතිං මේක බලන කුනුහරුප නොදන්න බබාලා නැහැනේ…

      • සිතුවම් Says:

        Google දෙයිය ඕපන් කොරල මෙන්න මෙහෙම ritigala jayasena sinhala slang කියල ගහල සර්ච් කොරල පළවෙනියටම එන විකි ලින්ක් එකට ගිහින් පල්ලෙහාටම ස්ක්‍රොල් කොරල බලනවා හොඳා.

        පොඩි එවුන් එහෙම පැත්ත පලාතක යනව නෙවී

      • ගෝල්ඩ් fish Says:

        මචං පුබුදු… ඒක පට්ට ලින්ක් එකක්නේ බං….

  14. නවම් Says:

    කුණුහරුප උනත් දැනෙන්නෙ සිංහලෙන් කිව්ව්ම විතරයිනෙ. එහෙම නැත්නම් ඉංගිරිසි සින්දුවල තියන ඒව රහ කර කර අහයි යැ ප්‍රසිද්ධියේ…. ඒව සිංහලෙන් තේරුම් කරගන්න ගියාම අපි කියන හරුප මොනවද කියලත් හිතෙනව වෙලාවකට. ඇයි අර රසල් පීතර ගොයිය අම්ම මෝ නැතුව දෙනෝදාහක් ඉස්සරහ කියන්නෙ. ඒ මදිවට සමහර ඒව අංග චලනයෙනුත් පෙන්නන්නෙ. අපෙ අප්පෝ නොකිය අපිත් කට ඇරං බලං ඉන්නෙ…….

  15. mada Says:

    aththa kthaw mchn.. Sera..

  16. Observer Says:

    කුණුහරප කියනවට වෙන්නැති අර “oral sex ” කියන්නෙ මගෙ හිතේ

  17. Mahesh Nishantha Says:

    හරුපේ කුණු වෙන්නේ එය ලැබෙන සමාජයේ තියෙන පිළිගැනීම් සම්ප්‍රදායන් එක්ක , ඒ වගේම හුඟක් කුණුහරුප වලදි පිඩනයට ලක්වෙන්නේ ඒ සමාජයට පුද්ගලයින්ට වැදගත්ම දේ , මොකද වටිනම දේට රිද්දුවම තමයි වැඩිය රිදෙන්නේ කියන හැඟීම අපි ගාව තිබෙනවා . අදාහරණයක් බලන්න අපි “අ…. හු…..“ කියන එක ඉංග්‍රිසියෙදි “mother F…..r ” කියල එළියට එනවා , මොකද මොන සමාජයෙත් අම්මා වැදගත් චරිතයක් …හොඳ මාතෘකාවක් , ටිකක් හිතන්න හිතෙන සමාජ විද්‍යාත්මක වැදගත් කමක් තියෙන මාතෘකාවක් , ලියන්න මේ වගේ වෙනස් දේ , දකින්න කැමරාවෙන් අළුත් දේ , මගේ සුබ පැතුම් අපේ මාළු පැටියාට …..

    • ගෝල්ඩ් fish Says:

      තෑන්ක්ස් මහේෂ් අයියේ…

      හරුපේ නිසා අපේ සමහරු මරාගන්නත් යන්නේ අර උතුම් දේ මුලට දැම්මම තමා…

  18. කස්සා Says:

    ලංකාවෙ අඩු වුනාට මේ වගේ රටවලනම් කුනුහරුප ගොඩක් වෙලාවට කියවෙන ව.අපි ඔසියන්ට උගන්න තියෙන්න කෙල්ලෙක් දැක්ක ගමන් අර උඹ කිවුව අකුරු දෙකේ වචනෙ කියන්න.

  19. තාරක Dilsh@n Says:

    දැල් අද්ද්දි කුණු හරුප කියන කතාව අදමයි බන් ඇහුවේ බන්

  20. චතුර.. Says:

    ඩබල් මීනින් හොඳා..

  21. නුවන් කුමාරනායක Says:

    අඩෝ මාලුවෝ උඹ දන්නවද කුණුහරප හින්දා තමයි කන්ට්‍රෝල් එක තියෙන්නේ. කනේ පාරක් ගහනවා වෙනුවට කුණුහරපයක් කියල නිකන් ඉන්න පුළුවන්නේ.. කනත් බේරිලා.. තරහත් නිවිලා…

  22. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    “ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ශාරීරකව එකතු වෙලා කරන ප්‍රජනන ක්‍රියාවලිය හඳුන්වන්නත් තියෙනවා තනි වචනයක්…”

    අඩේ මාළුවෝ, මොකද්ද බං ඒ? :-/

  23. Kasun Chanaka Says:

    අනේ ඉතින් අපි නම් ඕව දන්න නැති නිසා ප්‍රශ්නයක් නෑ.

  24. ටී.බී. හේරත් Says:

    ඔව් ඉතිං හොඳ හුප්පදයක් කියද්දි හොඳ ගැම්මක් එනවනෙ, මාදැල් ඇදීම වගේ සාමූහිකව හෝ තනිවම බොහෝ සෙයින් ශරීර ශක්තිය වැය කරන ක්‍රියා වලදී, ජීවිත අවධානමෙන් ක්‍රියා කිරීමේදී වගේ අවස්ථාවල බොහෝ විට කුණුහරප කියවෙනව ගැම්මක් ගන්නත්, බය නැතිකරගන්නත්.
    කුණුහරපයක් තමන්ගෙත් අනුන්ගෙත් හිත දූශ්‍ය වන ආකාරයට භාවිතා කිරීම තමයි හොඳනැත්තෙ.

    • ගෝල්ඩ් fish Says:

      ඔව්… ඒක නම් ඇත්ත… අර වගේ යහපත් දේකට විතරක් යොදාගන්නව නම් කොච්චර හොඳද…

  25. Dulith Kasun (@dksljets) Says:

    සිරා මචං… මැක්ස.

  26. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    සිංහලෙන් කිව්වොත් තමා බං ලෙඩේ.අර උඹ කිව්ව,”උදාහරණයක් විදියට ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ශාරීරකව එකතු වෙලා කරන ප්‍රජනන ක්‍රියාවලිය හඳුන්වන්නත් තියෙනවා තනි වචනයක්…”ඔය වචනෙ ඉංග්‍රිසියෙන් කිව්වහම කිසි ලෙඩක් නැ.
    😀

    • ගෝල්ඩ් fish Says:

      එහෙනම් ඉතිං කියපිය…. ඒත් බං ඒකෙ තේරුම ඇහුවොත් මොකෙක් හරි එකෙක්… ආයෙත් කෙලවෙනවනේ….

  27. Alchemiya Says:

    සමාඩයේ භාවිතා වන සමහර වචන කුණුහරුප කියන සම්මතය හදාගෙන තියෙන්නේ අපිමයි. උදාහරණයක් වශයෙන් උඹ කියන වචනේ ඉස්සර ගම්වල දරුවො අම්මලාටත් අම්මලා දරුවොන්ටත් අමතන්න යොදාගනිපු වචනයක්, දැන් මිතුරන් අතරේ පමණක් භාවිතා වුනාට. දැන් ජනාධිපති තුමා තමුසේ කියන වචනෙත් සාමාන්‍ය ව්‍යවහාරෙන් අයින් කරන්න යන එකේ මේ වගේ නිතර භාවිතා වෙච්චි වචන ඉබේම කුණුහරුප බවට පත්වෙනවා අනාගතයේදී.
    ඉස්සර සමහර පලාත්වල ගෙදර මනුස්සයාට කියන්නේ වාහේ කියලා – ඒ කියන්නේ ගෙදර වාසය කරන මිනිහා කියන තේරුම – නමුත් මේ වචනය පසු කළෙක කුණුහරුපයක් බවට පත් වෙනවා.

    එක භාෂාවක වචනයක් තවත් භාෂාවක් කතා කරන අය ඉදිරියේ කුණුහරුප වන අවස්ථා ඕන තරම් තියෙනවා. සිංහලෙන් නංගි කියන වචනය හින්දියෙන් කුණුහරුපයක්. හින්දියේ ලුන්ඩ් කියන වචනය කුණුහරුපයක් ඒත් බටහිර රටවල නගර නම් කරලා තියෙනව ඒ නමින්. සිංහලෙන් පුතා කියන වචනය ස්පාඥ්ඥ / පෝලන්ත භාෂාවෙන් කුණුහරුපයක්. ඉංගිරිසියේ වචන සමහරක් ශබ්ධ වෙන්නේ සිංහල කුණුහරුප විදියට. ලංකාවේ භාවිතා වන හු යන්නෙන් පටන් ගන්න වචන සමහරක ආගමනය වෙලා තියෙන්නේ බටහිරින්. සමහර භාෂාවල මේ වචන ඒ අයුරින්ම ශබ්ධ කෙරෙනවා. මේවා 100 % ක් ශ්‍රී ලාංකික නිර්මාණ නොවෙයි.

    නමුත් මේවා ඇහෙන සහ තේරුම්ගන්න පුද්ගලයාගේ මානසිකත්‍වය අනුවයි මේවා කුණුහරුප වන්නේ.
    සමහර පිරිත් / සූත්‍ර දේශනාවලත් මේ කුණුහරුපවලට සමාන වචන අනන්තවත් තියෙනවා. ඒත් පිරිත් කියනකොට ඒ කුණුහරුප ගැන හිත හිත ඉන්න ගියොත් පිරිත් වල නියම ගුණය ලැබෙනවද ?

    හිතලා බලන්න

  28. henryblogwalker Says:

    යකෝ දැන් කට අරින්න බයයිනෙ. මොනව කිව්වත් ඒක ජාත්‍යන්තර කුණුහරපයක් වෙන්න පුලුවන්. ඉස්සර PYE කියලා ජර්මන් ටීවී එකක් ගෙනාවා ලංකාවට. විකිණුනේ නැහැ.

  29. කුරුළු පැන්ච Says:

    කුනුහබ්බ TV එකක්ද ඒක ??


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: