බිත්තරේට වෙච්චි දේ…

අපි ඉතිං ස්කෝලේ යන දවස් වල ගත්ත හා වැරදිලා ලැබුන ෆන් කේස් තමා අමතක වෙලා නෑ නොවැ. කොහොම හරි ටික ටික අමතක වේගෙන යද්දී ආයෙම කොහෙන් හරි යාළුවෙක් සෙට් වෙලා එව්වා මතක් කරනවා. මේකත් එහෙම ‍සීන් එකක් තමා.

බිත්තරේ…. බිත්තරේ කිව්වම කට්ටියට මතක් වෙන එව්වා මොනාද කියලා නිකමට හිතන්න. කිකිලි බිත්තරේට අමතරව තව තව බිත්තර ගැන මතක් වෙනවා. එව්වා ඉතිං මෙතෙන කිව්වොත් මට විසුමක් වෙන්නේ නැති නිසා එව්වා ඕනේ නෑ…. අනික තාමත් හෙන මතවාදයක් තියෙනවනේ… කිකිලිද බිත්තරේද මුලින් ඉපදුනේ කියලා… මං නම් හිතාගෙන ඉන්නේ ඔය දෙකම නෙවේ මුලින්ම ඉපදුනේ කුකුලා කියලා… දැන් ඉතිං හේතු අහන්ට එපා…

මේං කතාව…

ඉස්සර ඉතිං අපි ස්කෝලෙට ගොඩක් වෙලාවට ගෙනියන්නේ… මං මේ කියන්නේ ඉන්ටවල් එකට කන්න… බනිස්, ජෑම් පාන්, මාළු පාන්, බටර් පාන් ව‍ගේ වැඩිය ඇඟ පතේ නොගෑවෙන කෑම ජාති තමා. අපි ඔව්වට කොයිතරම් අකමැති වුනත් අපේ අම්මලා ‍බලෙන් වගේ කෑම පෙට්ටි වලට ඔබන්නේ ඔව්වම තමා. මොකද නැත්තං ඉතිං අපි ඉඳුල් නාගෙනනේ ගෙදර එන්නේ ඒක නිසා…. හැබැයි ටික ටික අපි ලොකු වෙද්දී, ඒ කියන්නේ 8,9,10 වසර වලට එද්දී ගොඩක් වෙලාවට බත් තමා ගේන්නේ… ඒ ඉතිං ස්කෝලෙන් පස්සේ ක්‍රීඩා පුහුණුවීම්, එහෙමත් නැත්තං ‍අමතර පන්ති වගේ එව්වා සෙට් වෙන නිසා….

ඉතිං අපි මෙහෙම බත් ගේන කොට අපේ ගෙවල් වල අය හරියට හිතනවා අපේ පෝෂණය ගැන. ඒක නිසා ගොඩක් වෙලාවට ස්කෝලේ සෞඛ්‍ය පොතෙන් නිර්දේෂ කරපු ඇස්පෙනීම වඩවන ගොටුකොල සම්බෝලය, ප්‍රෝටීන් බහුල පරිප්පු, ඊට පස්සේ කැල්සියම් බහුල පොඩි මාළු… එහෙම කෑම එකට වරදින්නේ නෑ…. ඉතිං ඔහොම කෑම ගෙනාවම ගොඩක් වෙලාවට අපි කන්නේ එක බත් මුලක් දිග ඇරගෙන දහ දෙනෙක් විතර කාලා… ආයෙම තව එකක් ලෙහා ගෙන කන පිළිවෙලට තමා.

ඉතිං ඔහොම කාගෙන යද්දී එක එක වෑංජන එක එක ජාතියේ හාල් වර්ග වල බත් එහෙම කැවෙනවා. ඒ අස්සේ කාගෙ හරි බත් එකක බිත්තරයක් එහෙම තිවු‍‍නොත් නම්, එතෙන බත් කෑමක් සිද්ධ වෙන්නේ නෑ… ගොඩක් වෙලාවට බිත්තරේ තියෙන බත් මුල කෑවා නෙමේ වපුරපු ස්වභාවයක් තමා පෙන්නුම් කරන්නේ.

ඉතිං මේ කියන දවසෙත් අපේ කවුරු හරි එකෙක් ගෙනාව බිත්තරයක් තම්බගෙන. ඉතිං දැං දහයක් විතර වටවෙලා බත් මුල දිගෑරගෙන කන්න ලෑස්ති වෙනවා. අපේ තව කසුන් කියලා එකෙක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං අපිත් කෑගගහා බත්මුල ලෙහුවා විතරයි… අපේ ඔලු දෙපැත්තට කරගෙන ආවා අතක්… ආපහු ගත්තා ක්ෂණිකවම….

අපිට හිතාගන්නවත් වෙලාවක් නෑ මොකද්ද වුනේ කියලා… පස්සේ ඉතිං පිටිපස්ස බලද්දී කසුන් හිනා වෙවී දුවනවා විතරක් දැක්කා. ඊට පස්සේ එහෙම්ම බත් එක දිහා බලද්දී මෙන්න බොල බත් එකේ ලොකු ආවාටයක්…. හරියට නිකං උල්කාපාතයක් වැටිලා වගේ… ඒත් ඉතිං වැටිච්චි මගුලේ සලකුණක්වත් නෑ… පස්සේ ඔන්න කව්ද එකෙක් කෑගහනවා…

අඩෝ… කසුනා බිත්තරා දීපිය යකෝ…. කියලා…

මල මගුලයි…. කසුනා බිත්තරේ අරං පැනගෙන…. ඒක මීටර් වෙද්දී කසුන් බිත්තරේ කාලා ඉවරයි. ඔය බිත්තරේ උස්සන කල්ලියට තව දෙතුන් දෙනෙක් සම්බන්ධයි… හැමදාමත් උංම තමා බිත්තරේ උස්සන්නේ… මොකද බත් එක ගෙනාපු එකා දන්නෙත් නෑ බත් එකේ තියෙන්නේ මොනාද කියලා… ඒක නිසා ඉතිං වැඩිපුර ආරක්ෂාවක් දාන්න වෙලාවක් ඇත්තෙම නෑ,. ඉතිං ඔය සීන් එකෙන් පස්සේ කවුරු හරි බිත්තරේ ගත්න කං තව දෙන්නෙක් විතර බලාගෙන ඉඳලා බිත්තරේ ගත්ත එකාව පෙරලගෙන බිම දාලා බිත්තරේ ආපහු ලබාගන්න වැඩ පිළිවෙලකුත් තිවුනා…. ඊට පස්සේ ඒක ටිකක් වෙනස් වුනා…  කොහොම හරි බිත්තරේ ගත්ත එකා මුලින්ම බිත්තරේ අරං දුවන්න කලින් බිත්තරේට උගේම කෙල පාරක් ගහනවා… එතකොට ඉතිං වෙන කවුරුත් කන්නේ නෑනේ… එතකොට ඉතිං බිත්තරේ තනියම, කනවා….

පස්සේ ඔය ක්‍රමේටත් කන කොකා හැඬුවා… ඒකටනම් හේතු වුනේ මං. ඔය බිත්තරේ උස්සලා කෙල පාර ගහන එකා ඉන්නවනෙ… ඌ ඉතිං උගේ රාජකාරිය ඉවර කරලා බිත්තරේ අපිට පෙන්න පෙන්න කන කොට එල වැඩක් කරන්න පුළුවන් කියලා මට මීටර් වුනේ ටිකක් කල් ගිහිල්ලා….

මොකද්ද දන්නව‍ද වැඩේ….? දැං අර බිත්තරේ උස්සපු එකා උගේ කේඨ ස්ප්‍රේ පාරක් එහෙම දාලා අපිට පෙන්න පෙන්න බිත්තරේ කන්න හදද්දි අපිත් පැනලා උගේ අත් දෙකටයි, බිත්තරේටයි දෙකටම ගහනවා හොඳ කෙල පාරක්… ඊයා තමා ඉතිං… මොනා කරන්නද… ඒ දවස් වල ඉතිං පිස්සුනේ…

පස්සේ ඉතිං බිත්තර හොරා බිත්තරෙත් බිම දාලා දුවනවා ටැප් එක ගාවට. ගිහිං අත් දෙකම හෝදගෙන ඉන්ටවල් ඉවර වෙලා තමා ආයෙත් පන්තියට එන්නේ… ඒ වගේ දවස් වලට ඉතිං බිත්තරේ කාටවත් කන්න විදියක් ලැබෙන්නේ නෑ… ඔය කේස් එක නිසාම මං ඇතුළු තවත් කීප දෙනෙක්ම බිත්තර ගේන එක නැවැත්තුවා… පස්සේ අපි 11 වසරට එද්දී අට නවය වසර වල අපේ බත් එකේ තිබ්බ බිත්තරේට වෙච්චි දෙයක් හොයා ගන්න බැරුව ගියා… කොටින්ම කියනවා නම් ඊට පස්සේ එකෙක්වත් බිත්තර ගෙනාවේ නෑ ඉන්ටවල් එකට කන්න….

Advertisements

55 Responses to “බිත්තරේට වෙච්චි දේ…”

  1. buddie-බුඩී Says:

    “”””අපි ඉතිං ස්කෝලේ යන දවස් වල ගත්ත හා වැරදිලා ලැබුන ෆන් කේස් තමා අමතක වෙලා නෑ නොවැ. කොහොම හරි ටික ටික අමතක වේගෙන යද්දී ආයෙම කොහෙන් හරි යාළුවෙක් සෙට් වෙලා එව්වා මතක් කරනවා”””””
    මේ කතාව නම් සහතික ඇත්ත.

    බිත්තරේ වැඩේ නම් එල.

  2. මන්තරකාරි Says:

    චී නෝටි ළමයි… 😀

    ඉස්කෝලෙ කාලෙ කොච්චර ලස්සන මතකයන් ගොඩක්ද අපිට එකතු වෙලා තියෙන්නෙ… එව්ව මතක් වෙනකොට දුකයි ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා…

    අපිත් ඒ කාලෙ කන්නෙ කට්ටියම වට වෙලා බත් 1න් 1ට. ඒත් ඉතින් ඔහොම වැඩනම් නෑ. අපි හොඳ ළමයිනෙ. කන්නෙ කට්ටිය එකට කියලා දන්න නිසා එක කෑම එකක් දෙතුන් දෙනෙකුට තරම් ලොකුයි. එව්වා ඉවර කරන එක තමයි යුද්ධෙ…

    • ගෝල්ඩ් fish Says:

      අපෙත් එහෙම තමා.. ඒත් ඉතිං දහයක් එකතු වුනාම බත් එක වාෂ්ප වෙනවා වගේ… කොහොමත් කට්ටියම කන නිසා ටිකක් ලොකුවට තමා බත් එක ගෙනියන්නේ…

  3. සෝරෝ Says:

    හැක් හැක් හැක්…. උඹට ඒ දවස් වල කාඩ් එක දාලා තිබුනේ කසුන් කියල ද…….. 😀

  4. චතුර.. Says:

    අපෙත් හිටියා ඔහොම සෙට් එකක්, ඔයින් එකෙක් හිටිය මාළු කෑල්ලක් මස් , බිත්තරයක් වගේ තිබ්බොත් කටේ දාල සූප්පු කරලා ආපහු තියාගෙන බත් කන එකෙක්. කොල්ලන්ගේ ඉස්කෝල වල කෑම ඔහොම තමයි , අපේ එවුන් ඉස්කෝලෙන් යනකන්ම කෑවේ ඔහොම තමයි, පස්සේ පස්සේ එක එකා අත දාල කන එක අප්පිරිය වෙලාම මම නම් ඉන්ටවල් එකට කන එක නවත්තලා හවසට කන්න පුරුදු වුනා.. කන කෑම එකට රණ්ඩු වෙන්න බෑනේ කෑවට පස්සේ ගහන්න කියලයැ..

    • ගෝල්ඩ් fish Says:

      අපේ නම් බං කවදාවත් කෑම එකට රන්ඩු වුනේ නෑ… අනික උදේ වරුවෙදී රන්ඩු වෙලා හිටියනම් උන් කෑම කද්දී හෙන යාළුයි…

  5. කල්හාර Says:

    කිසිම වෙනසක් නැහැ අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොමම තමා ……..
    ඇයි බිත්තර විතරද මස් මාලු, ඔය දෙකටත් ඔය ටිකම තමා ……..
    හැබැයි ඒලෙවල් වෙනකොට නම් ටිකක් විතර පිලිවෙලට කන්න පුරුදු උනා ……..

    • ගෝල්ඩ් fish Says:

      ඒ ලෙවෙල් වෙද්දී අපි වෙනම පන්ති කීහිපයකට කැඩුන නිසා අපිටත් එච්චර අවුලක් වුනේ නෑ අයියේ…

  6. මධුරංග Says:

    ඉස්සර අපේ ඉස්කෝලේ එවුනුත් ඔහොම කරලා තියෙනවා. ඉස්සර බිත්තර පාන් හොට් ඩෝග් වගේ කෑම කැන්ටිමෙන් ගත්තම මුලින්ම කරන්නේ කෙල ගහන එක. එතකොට අනිත් එවුන් කන්න එන්නේ නෑ.

    අර බිත්තරේ එකපාරම කටේ දාගෙන හිමිහිට කනකොට අපේ සමහරු මීටරේ දාලා කහමදේ කනවා. මොකද කහ මදේට කෙල ස්ප්‍රේ වෙන්නේ නෑනේ. 🙂

  7. සාතන් Says:

    ඔව්ව ඔහොම තමා… සාතන්ල කලුකුමාරල සෙට් එකත් ඕකම තමා කලේ… මස් මාළු තිබුනත් එච්චරයි… කෙළ ගැහිල්ලක් නෑ… එකපාර නයා ගිල්ල වගේ ගිලින එක තමා කරන්නෙ….

    ඒ ‍දවස් වල හොඳම බත් දෙක ගෙනාවෙ කළු කුමාරයයි තව එකෙකුයි… උන්ගෙ බත් එකට තමයි ඉල්ලුම වැඩි….

    එකපාරක් පන්තියෙ පොරක් සොසේජස් බනිස් ගෙනත් දවල් පොර කන්න යනකොට සොසේජස් එක නෑ… බනිස් විතරයි… හැම ඉස්කෝලෙකම සාමාන්‍ය දේවල්…

    • ගෝල්ඩ් fish Says:

      උඹලා මහ හොරුනේ බං… අපිනම් එහෙම ඉස්සුවේ නෑ… කන වෙලාවට පොරකකා කෑවා මිසක්…

  8. සිහින ඉසව්ව Says:

    අපෙත් ඔහොමම තමා. හැබැයි ඔය කෙළ සීන් එක නම් නෑ. මරු වැඩ තමා කරන්නේ.

  9. පිණිබිඳු Says:

    අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම්මමයි. මම නම් 13 වසරට යනකල්ම ගියේ මිශ්‍ර පාසලකට. ඉතින් කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ කන්න ගියාම. බත් එක දිග අරින පමාව විතරයි. කොහෙන් එන අත්ද මන්දා. අන්තිමට ඔලුවෙත් එක්ක බත් ඇට. අනාගත්ත එක කන්න වත් වෙලාවකට මුන් දෙන්නෙ නෑ. කට ගාවට බත් කට ගනිද්දි ඒකත් උදුරලා අරන් කනවා. මොනා උනත් ඒ කාලෙ නම් මාර ෆන්. දැන් කොහෙද. තනියම බත් එකක් අරන් එනවා. ලන්ච් රූම් එකේ තියාගෙන පිලිවෙලකට කනවා. ඉස්සර කන්න කලින් අත හෝදන්නෙත් නෑ. හුඟක් වෙලාවට පීරියඩ් එකක් මැද්දෙන් කන නිසා කාලා ඉවර වෙන වෙලාවට පන්තියට සර් කෙනෙක් ආවොත් කාලා අත හෝදන එකත් කරන්නෙ නෑ. හයියෝ මගෙ යාලු සෙට් එක මතක් වෙද්දි දුකේ බෑ අප්පා..

  10. Praසන්ன Says:

    ප.ලි. කසුන් = ගෝල්ඩ් ෆිෂ් යන ආකාරයට මෙය සංශෝධනය විය යුතුය.

    බොට අන්තිමට ඒක දාන්න මතක නැති උනා නේද?

  11. blog gadol Says:

    හික් හික්!! අපෙත් බත් එකක් දිග ඇරියාම තත්පරයක් ඇතුලත ප්‍රෝටීන් කෑම අතුරුදහන්

  12. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    apeth 10,11 nam ohoma thamai bn.bt AL clz wala ehema seen naa.gaanata piliwelata kanawa.hikz

  13. mada Says:

    ade adenw bn, apith oy kale ohommi… Mma geye mix 1kt hodm wde keynne 10/11 wsrwldi ape clz 1 inn kello unge adrneya ayylata denn bth uyagen arn enw paw appa e bth wala atayak wth hoygnn hmbenna.. Adare pol katu hadi 3k thiyn nes ape bdwl wlt mara sapa…

  14. weniwel Says:

    මම ඉතින් මස් , මාලු සහ බිත්තර නොකන නිසා එක පත කන වෙලාවට මන් පොර කන්නෙ හොඳම ඒලවලු ටික කන්න..

    • ගෝල්ඩ් fish Says:

      එකද එක දවසක් අපේ එකෙක් ගෙනාවා තක්කලියි සලාද කොලේකුයි ඒදෙකම මගේ බඩේ …

  15. tharindu Says:

    අපිත් ඔහොම තමයි කනවට වඩා වපුරනවා අතින් කනවනම් කමක් නෑ කියමුකො අල්ලෙන්නේ කන්නේ………..පෙරේත කමට නෙමෙයි ෆන් එකට…

    • ගෝල්ඩ් fish Says:

      ඔව් බං ඒ දවස් කාපු හැටි මතක් වෙද්දී දැන් තමා හිනා යන්නේ… බත් ගන්නේ අහුරු අහුරු…

  16. නුවන් Says:

    මමත් වෙජි මගේ කෑම එකට පොර කන එකෙක් නෑ….

    ගුනේ අයියා…

    • ගෝල්ඩ් fish Says:

      උඹ වෙජි….???? අඩෝ පලයන් බං යන්න බොරු කියන්නේ නැතුව….. එතකොට අර එදා කාපු චිකන් ගාතේ….? ඒකත් වෙජිද?

  17. Kasun Chanaka Says:

    ඔය මම කසුන් නෙමෙයි නෙ. අපි 7ක් විතර සෙට් එකක් හිටිය බත් ගේන. හැබැයි අපේ ඒවට කවුරුවත් පැන්නෙ නෑ. අනිත් උන් ඇවිත් මොකක් හරි බත් එකකින් කටක් දෙකක් කාල යනව. ඒක නිසා දෙයියනේ කියල අපි නම් පොරකන්නෙ නැතුව කෑව. හැබැයි ඔහොම කන සෙට් එකකුත් හිටිය. උන් ටික කාල ඉවර වෙලා, බත් එකේ තිබුනෙ මොනවද කියල කතා වෙනව. ඇයි තියෙන්නෙ මොනවද බලන්නෙ නෑ, පැන්න ගමන් පලාතක් ගලව ගන්න එක නෙ කරන්නෙ. සමහරු බත් විතරයි කාල තියෙන්නෙ, සමහරු එලවලු විතරයි. ඔය බිත්තරේට කෙල ගහන එක අපෙත් තිබුන, පස්සෙ කෙල ගහපු එකත් කන්න පටන් ගත්ත.

    • ගෝල්ඩ් fish Says:

      ඈක්කා බං… කෙල ගහපු එකත් කෑව කිව්වා..?

      • Kasun Chanaka Says:

        ඔව් එකෙක් ඒ වැඩේ පටන් ගත්ත. ඊට පස්සෙ ඔක්කොම ඒක කලා. ඒකෙන් කෙල ගහන වැඩේ එහෙමම නැවතුනා.

    • ගෝල්ඩ් fish Says:

      ඈක්කා බං… කෙල ගහපුවත් කෑවා කිව්වා…???

  18. rmpmcreation Says:

    අපි දැනටත් ඔහොම තමා ඕං

  19. සිතුවම් Says:

    අපිනම් ඕං කෑවෙ ඔහොමම තමයි ස්කෝලෙන් දොට්ට දානකම්ම.
    ඇයි ප්‍රධාන ආහාර වේලට කලින් හොරෙන් කන බත් එක.ඒකනෙ රස.

  20. දොඩං Says:

    කැම්පස් එකේ ප්‍රෝටීන් කෑම වාෂ්ප උනාම හැම එකාම වගකිව යුත්තා විදිහට අල්ලගන්නෙ මාවමයි. අනේ මංදා මුන්ට වෙන එකෙක්ව පේන්නෙම නැද්ද මංදා. 😦

  21. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හික් හික් . . . . ප්‍රෝටීන් කෑම වලට බැස්ටිය දෙන එවුං නං අනන්තයි අප්‍රමානයි ඉස්කෝලෙදි. ඊටත් හපං කැන්ටිමෙං ගන්න තේකට, පාං කාලට පාර දෙන්න බලං ඉන්න එවුං. මල්ලිට කියන්න මල්ලි . . . . මමත් එයිං එකෙක් නෙව . . . . . මොකෙක් හරි කැන්ටිමෙං ගන්න ප්ලේන්ටියට කෙල පාරක් ගහල ගත්තම මම ඒ කෙල ටිකට පොඩ්ඩක් එහාට යන්න පිඹල තේක බීල තියනව . . . .

  22. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හික් හික් . . . . මොනා කියනවද මන්ද . . . . නැතුව නැතුව . . . . . .. .

  23. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හුටා . . . .වැරදිලා මල්ලියෙ මේක වැදුනෙ

  24. නුවන් කුමාරනායක Says:

    මෙහෙත් එහෙමම තමා.. බත් 10 ක් කන්න යන්නෙත් විනාඩි 5 කි විතර. නිකන් වාෂ්ප වුණා වගේ තමා.
    සමහර එවුන් දන්නෙත් නෑ අපි උන්ගෙ කෑම එකත් කාලා.

    • ගෝල්ඩ් fish Says:

      අපි එහෙම නම් කලේ නෑ… කට්ටිය අර හමුදාව කොටින්ගේ කෑම්ප් ඇල්ලුවා එක බත් මුල බත් මුල බැගින් තමා කන්නේ…

  25. කෝඩුකාරයා Says:

    අපෙත් ඉන්නව ඔය වගේ එකෙක්.කෝඩුකාරයගෙ අඩවියේ මේ පාර post එක ඌ ගැන තමයි.කොහොමහරි වැඩේනම් එළ…………

  26. හිස් අහස Says:

    අදටත් මම නෑදෑ ගෙදරක මගුල් ගෙදරක ගියාම සුටුස් ගාලා බත් කාල නැගිටිනවා .. වටේ බලං ඉන්න මිනිස්සු අහනවා ඇයි කියලා .. එතකොට තමයි මටත් මීටර් යන්නේ ඉස්කෝලේ කාලෙදී බස බස ගාල කාලා ලබා ගනිපු ඉස්කිල් එක තාමත් මගේ ඇඟේ පැලපැදියං වෙලා තියනවාය කියලා .

  27. Bunny Says:

    උඹ මේ බිත්තර ගැන කියනවා.. අපේ එකෙක් වැරදිලා හරි ඉදි ආප්ප මුලක් ගෙනාවොත්.. අයිති කාරයටත් නැ.. කපුටෝ ගැහවා වගේ තමා 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: