පේව් මන්ට් එකේ සිට සැබෑ කරගත් සිහිනය…

පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ගිය පෝය දවසේ තෘප්තිමත් කරගත්තා. මේකත් ඇන්ටි ගර්ල්ස් කතාවක්… එක කෙල්ලෙක් වත් නෑ කතාව පුරාවටම. අහෙන් මෙහෙන් වැටුන හිනා පොදවල්, ඇ‍ඟේ දැවටුන පර්ෆියුම් සුවඳවල් ඔක්කොම ටික නොසලකා හැරලා තමා කතාව ලියන්නේ. ඒත් ඉතිං අර රත් නෙළුම් අහුරක් ගෙනිච්ච අත්දෙක නම් අමතක වෙන්නේ නෑ….

මෙච්චර කාලයක් තිස්සේ රැ නිදි මරාගෙන,… පුංචි කාලෙනම් තාත්තගේ ඔඩොක්කුවට වෙලා අම්මගේ අතින් අල්ලගෙන සැපට ඉඳගෙන නිදිමත පෙර පෙර නුවර පෙරහැර ටීවී එකෙන් බලපු මට මේ පාර නුවර පෙරහැර, සෙනග මැද්දේ තෙරපිලා… දූවිලි කාගෙන බලන්න ආසාවක් ඇතිවුනා. ඉතිං මට තනියම යන්න ටිකක් කම්මැලි වගේ නිසා මගේ තව යාළුවෝ දෙන්නෙකුත් සෙට් කරගෙන ගියා නුවර. බස් එකේ යන ගමන්… අරුං දෙන්න හිටියත් හිතට කිසි ෆිට් එකක් නෑ… ඒ පාර අපේ බ්ලොග් ලියන, නුවර පෙරහැර බලන්න එන්න ඉඩ තියෙයි කියලා හිතෙන කිහිප දෙනෙකුට කතා කලාම… කට්ටියටම විවිධ ප්‍රශ්න. ඇත්තට ඉතිං මං තාම තනිකඩ උනාට අනිත් අයියලා මල්ලිලා කපල් වෙලානේ… එහෙව් එකේ ඉතිං පර්මිශන් ග්‍රාන්ට් කරන නං ඇවිදින්න අවසර නැහැනේ…

පස්සේ ඉතිං අන්තිමේ මට ඉතුරු වුනේ මාත් එක්ක ගිය යාළුවෝ දෙන්නා විතරයි. උදේ එකොලහට විතර නුවරට ගිහිං, උදේට කාලා එහෙම දළදා මාලිගාවට ගියා. ඒ යන ගමන් අපිට ඇවිල්ලා සෙට් වෙලා පෙරහැර බලන්න පුළුවන් තැන දෙක තුනක්ම මතක තියන් ගියාට අපි එද්දී එව්වා ඔක්කොම සෙනගින් පිරිලා. දළදා මාලිගයට ගිහිං අපි එතෙන ගත කරපු කාලය වැඩි වුනා මයෙ හිතේ… කඩපිල් ගානෙත් ඇවිද්දනේ… ඒකත් එකත්රා ලස්සන අත්දෑකීමක්…

ඇත්තට මට මේ පෙරහැර, ටීවී එකෙන් නැතුව ඇත්තටම සජීවීව… අර බෙර හඩට පපුව ගැස්සී ගැස්සී බලන්න හිතුනේ… අපේ අම්මා නිසා. අපේ අම්මා හැමදාමත් දළදා පෙරහැර ගැන ටීවී එකේ දාන කොට එයාගේ මතකය අවදි කරනවා. ක්වීන්ස් හෝටලයේ උඩ තට්ටුවේ අපේ ලොකු මාමාලා එක්ක පෙරහැර බලපු හැටි කියද්දී මට ඌරු ජුවල්… වෙන වෙලාවකට ඉරිසියාවක් නැති වුනත්, ඒ වෙලාවටනම් ම‍ගේ හිතේ තනිකරම හෙන ඊරිසියාවක් පැලපදියම් වෙනවා… ඒක නිසාම තමා මේ ගමන මට යන්න වුනෙත්…

ඉතිං දළදා මාලිගය වැද පුදාගෙන එද්දී අපිට ඉඳගන්න තැනක් නෑ… වෙනදට අපි එකෙක්ට වත් පදික වේදිකාවේ තියෙන එක බිම් අඟලක් වටිනවද…? ඒත් පෙරහැර තිබ්බ දවසේ නම් ඒ වටිනාකම හොඳට තේරුනා‍. මොකද අපිට ඉඳගන්න එක සෙන්ටිමීටරයක්වත් ඉඩ තිබුනේ නැති නිසා. කොහොමහරි අන්තිමේ අපිට එකතු වුන තවත් යාළුවෙක් නිසා අපිට ඉඳගන්න තැනක් හම්බුනා. හැබැයි අපිට ඉස්සරහින් ලොකු වතුර ටැංකියක් තිබ්බ නිසා වැඩේ ටිකක් අප්සට්… ඒත් ඉතිං වෙන කරන්න දෙයක් නැති නිසාම අපිට සිද්ධ වුනා එතෙන ලගින්න පෙරහැර එනකං….

පස්සේ ඉතිං තුනට විතර වාඩි වෙච්චි අපි තවත් පැය හයා මාරක් විතර… ඒ කියන්නේ රෑ 9.30 විතර වෙනකංම එකතැන එක එක පැත්තට හැරි හිරී බිම ඉටිකොල එලාගෙන බිම වාඩිවෙලා ඉඳියා. සමහරු නම් අහල පහල තිබ්බ ගොඩනැගිලි වල තිබ්බ පුටු වල හා උඩ තට්ටු වල ඉඳගෙන පෙරහැර බලනවා අපි දැක්කා. මං නිකං විහිළුවට වගේ ක්වීන්ස් ‍එකේ පුටුවක ගාන ඇහුවා…. වැඩිය නෑ රුපියල් වලින් 6000යි…. පස්සේ ඉතිං ඒ අදහස අතෑරලා තමා පේව් මන්ට් එකට බහින්න තීරණය කලේ… ඇත්තට පෙරහැරේ උණුසුම දැනුනේ ඒ සෙනග ගොඩේ තෙරපෙද්දී තමා…

රෑ 9.35 ට විතර අපි හිටිය යටිනුවර වීදියට පෙරහැර කිට්ටු වුනා. මුලින්ම කස කාරයො, ඊට පස්සේ ගිනි බෝල කරකවන අය. මං නම් හැම පෙරහැරේම වගේ ආසා ගිනි බෝල කරකවන වැඩේට තමා. කොච්චර බලං හිටියත් එපා වෙන්නේ නෑ…. මාරම ගති…. ඊට පස්සේ ඉතිං තව තව ගොඩක් නැටුම් අංග තිබුනා… අලිත් හිටියා සෑහෙන්න. වෙනදට අලින්ව සරසන සූත්‍රිකා පහන් වෙනුවට මේ පාර යොදාගෙන තිබුනේ එල්.ඊ.ඩී බල්බ්. මං හිතන්නේ එව්වා යොදා ගන්න ඇත්තේ, වියදම අඩු නිසාත්, පිටවන තාපය අඩුනිසාත් ඒ වගේම වැයවන විදුලි බලය අඩු නිසාත් වෙන්න ඕනේ…. ඔය මොනා අඩු වුනත් දීප්තියෙන් නම් අඩුවක් නෑ…

පස්සේ ඉතිං කරඩුව වඩම්මන ඇතා එනකං කියලා මාත් පොඩ්ඩකට ඇල වුනා. හප්පට සිරි ඒ ඇලවිල්ල තමා මරු. පැය භාගයක් විතර කාලයක් පෙරහැරේ වෙච්චි දේවල් මතක නෑ කියමු‍කෝ… මොකද මට ටික වෙලාවක් නින්ද ගිහිං. ගොඩක්ම ඉතිං ඇඟට දැනුන මහන්සිය නිසා තමා. පස්සේ කොහොමහරි කරඬුව ඇතුලු දේවාල හතරේ පෙරහැරත් බලලා යාන්තං පාන්දර එක වෙද්දී නුවරින් බස් එකේ නැගලා පාන්දර හයාමාර වෙද්දී ගෙදරත් ගියා…. ප්‍රවාහන පහසුකම් එහෙමත් කිසිම අඩුවක් නැතුව තිබුනා… ඒක නිසා ඉතිං අවුලක් වුනේ නෑ…

කොහොමහරි කට්ට කාලා ‍පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගත්ත එකම මදෑ… ඒ නැතුවත් දැං අපේ අම්ම පෙරහැර ගැන පුරාජේරු කියවද්දී මටත් ඒ ‍මැද්දට පැනලා පොර වෙන්න පුළුවන්නේ…..!

63 Responses to “පේව් මන්ට් එකේ සිට සැබෑ කරගත් සිහිනය…”

  1. buddie-බුඩී Says:

    නුවර අවු. 3 ක් බින්න ගැහැලා හිටියත් තාම පෙර හැර බලන්න බැරි උනානේ හැබෑවට 😛

  2. අකීකරු හිත Says:

    “මේකත් ඇන්ටි ගර්ල්ස් කතාවක්… එක කෙල්ලෙක් වත් නෑ කතාව පුරාවටම.” අම්මපා….. ෂුවර්ද? මට නම් විශ්වාස නැ වගේ… මටත් ලොකු ආසාවක් තිබුනා පෙරහැර බලන්න..ඒත් යන්න විදිහක් තිබුනෙ නැනේ…

  3. මධුරංග Says:

    මම් නම් අවුරුදු තුනක් එක දිගටම පෙරහැර බලලා තියෙනවා. එක පාරක් පෙරහැර බලන්න සෙට් උනේ ඒ පෙරහැර මාලිගාවට යන හරියේ. එතකොට නැට්ටුවෝ නටන්නෙත් නෑ ගිනිබෝල කරකවන අය ඒක කරකවන්නෙත් නෑ. ඔහේ ඇවිදන් ගියා විතරයි. ඇයි ඉතින් මහන්සියි නේ.

  4. මන්තරකාරි Says:

    මටත් හරිම ආසාවක් තියෙනවා පෙරහැර බලන්න යන්න. ඒත් නුවර හොඳම යාළුවෙක් ඉදලත් තවම යන්න බැරි උනානෙ. මේකා කියනවනෙ ‘එක කෙල්ලට කොල්ලෙක් ගානෙවත් ඕන, ඉවර වෙලා යන්න වාහනයකුත් ඕන, නැත්නම් එක්ක යන්න බෑ’ කියලා…

  5. සාතන් Says:

    මට නෑනෙ අම්මප ඔහොම ආසාවල්…. ටිවි එකෙත් පෙරහැර බලල ඇති 1 පාරක් නැත්තන් 2 පාරක්…. බුදුහාමුදුරුවො වඩිනව කිව්වත් ඔහොම සෙනඟ ගොඩේ තෙරපෙන්න නම් යන්නෙ නෑ මම…

  6. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    මටත් ආසාවක්නම් තියේ.බට් දැන්ම යන්න හම්බෙන්නෙ නැ.2012 නැත්නම් 2014 වගේ ට්‍රයි එකක් දාන්න ඕන.

  7. mada Says:

    ade.. Kohomd ber hada papuwata waddidi.. Thw kumari hamila ge admbre kohomd…

  8. Mahesh Nishantha Says:

    කතාවත් ලස්සනයි , ඒකට යොදල තියෙන ඡායාරූප ඊටත් ලස්සනයි..

  9. buwa Says:

    නුවර පෙරහැර නම් බලලා නැතුවා ….සමන් දේවාලයේ පෙරහැර නම් ඕනි තරම් බලලා ඇතුවා… හැබැයි කාලෙකින් ඒකටවත් ගියේ නැතුවා

  10. Praසන්ன Says:

    කෙල්ලන් සම්බන්ධ විස්තර මේ පෝස්ට් එකෙන් සහ පිංතූරවලින් ඉවත් කර ඇත.
    කොහොමහරි පෙරහැර බැලුවනේ. ඒ මදැයි.

  11. සිතුවම් Says:

    යකෝ ඉතිං බං අම්ම සැපට ක්වීන්ස් එකේනෙ ඒ කාලෙ පෙරහැර බලල තියෙන්නෙ.උඹ මේ පේව්මන්ට් එකේ බලල ඒ කතාවට පෑහෙන්නෙ කොහොමෙයි.
    හික් හික් හික්..

  12. පිණිබිඳු Says:

    ඒ බං තව ෆොටෝ කෑලි ටිකක් දානවකො. මටත් තාම නුවර පෙරහැර බලන්න යන්න බැරි උනා.

  13. කල්හාර Says:

    අනේ සාදු මාලු මලය පෙරහැර බලලා ……….

  14. තාරා Says:

    මටත් නුවර පෙරහැර බාලන්න නම් ලොකු ආසාවක් තියෙනවා…තාම ගිහින් නෑ…
    අනේ මාළුවගේ පොටෝ දැක්කම ආසාවෙ බෑ… මටත් ආසයි ඔහොම පොටෝ ගන්න ඉගෙනගන්න… කවද හරි කැමරාවක් ගත්තොත් කියන්නම්. මාළුවා කුප්පියක් දානවද?
    මටත් ලොකු ප්‍රශ්නයක් තිබුනා මුල් හරියේ ගිය අලින්ගෙ (මූනට විතරක් ලයිට් දාලා තිබුනු) බෙල්ල ලඟ බැටරිය තිබුනෙ නෑ… දෑලෙ ඇත්තුන්ගෙ විතරයි තිබුනෙ. පස්සෙ තේරුනා එල්.ඊ.ඩී. ටිකක් දැම්මාම ලොකු බැටරියක් බෙල්ලෙ එල්ලගෙන යන්න ඕනෙ නෑනෙ කියලා…

  15. sarath Lankapriya Says:

    මං බැලුවේ කල්පකාලයකට ඉස්සර හැබැයි ඒ කලේ පෙරහැර මෙච්චර නවීකරණය වෙලා තිබුනේ නැහැ.. ඒ නිසා ගති.. බැලුවම බාගයක් බලල තියෙන්නේ නින්දේ හීනෙන් වගෙයි..

  16. නවම් Says:

    මාත් පෙරහැර බැලුව වඩේ කකා ප්ලේන්ටි බිබී හරිම ජොලි [සාලෙ පු‍ටුවකට වෙලා]

  17. රත්ගමයා Says:

    චැක්…වැඩේ කියන්නේ එක පාරක් වත් බලලා නෑ නේ මම..
    මගෙත් හීනයක් තියේ…හැබෑ කොරගත්තම දාන්නම්…
    පුදුමයි පෙරහැර බලන්න හිතිලා මේකට

  18. rmpmcreation Says:

    මමත් ඔය කට්ට කෑව දැන් අවුරුදු දෙකකට විතර කලින්.අවුලක් නෑ කට්ට කෑවෙ බුදුහාමුදුරුවන්ගේ දන්ත දාතුව වඩම්මන පෙරහැර බලන්නනේ.
    …මොනා උනත් මාලු ඔයාගෙ ඡායාරූප කරනයනම් ඉතා ඉහලයි.මගෙන් සුබ පැතුම්

  19. තාරක Dilsh@n Says:

    මගෙත් තියෙන අසාවක් බන් ඕක බලන්න යන එක…

    කොහොමද බන් ඔච්චර වෙලා ඕක අල්ලන් ඉන්නේ?? මට බැරිම දේ තමයි කැමරාය හොල්ලන් නැතුව අල්ලන් ඉන්න එක!

  20. කෝඩුකාරයා Says:

    මමත් හරි ආසාවෙන් මචන් ඉන්නෙ ඔය පෙරහැර බලන්න.මම ඕක බලන්න ගියා…….ඒ ගියෙ අපේ අම්මගෙයි,තාත්තගෙයි අතේ…ඒක නිසා ආයිත් ගිහිල්ල බලන්න ඕනෙ.

  21. නුවන් කුමාරනායක Says:

    අයියෝ මටත් බැරිවුණා තාම ඔය හීනෙ හැබෑ කරගන්න. ලබන පාර වත් අනිවා ට්‍රයි එකක් දෙන්න ඕනා. නුවරින් කෙල්ලෙක් වත් සෙට් වුණොත් ගොඩ.. හී හී….

  22. deeps Says:

    ෆොටෝ ටික නම් මල් හතයි !! මම නුවර ඉන්න නිසාද කොහෙද අගයක් නැහැ…පහේ හයේ ඉන්නකොට පෙරහැර බලන්න ගියා ගියාමයි ආයේ නම් යන්න හිතිලා නැහැ මට නම්

  23. චතුර.. Says:

    ඇයි බොලන් ක්වීන්ස් එකේ ඇරෙන්න වෙන තැන් වලත් සීට් තියෙන්නේ, ගාන ඇහුවේ නැද්ද .. පෙරහැර තුන් පාරක් බැලුවා එක පාරක් ඔහොම සෙනග මැද්දේ අනික් දෙපාරම සීට් වල.ඒ පාස් නිසා . ඉස්සර නම් ඔය අනික් තැන් වල ගාන පන්සීයයි දැන්නම් ගාන කීයද දන්නේ නෑ.. අමුතුම අත්දැකීමක්..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: