උඹ පරක්කු වුනා බං…

වෙන ජොබ් එකකට යන්න හිතාගෙන කියලා, ගිහිං සේවා සහතිකයක් දෙන්න කිව්වම… ලිවුමක් ලියලා දෙන්න කිව්වා… ඔව්වා ඉතිං කවද ලියපුවද…? ඒ පාර, මෙහෙම අනේ….. කියලා ඇඟිල්ලෙන් ඇන ඇන වචනෙන් වචනේ ඒ ෆෝ එකක් පුරාවට ලියෙව්වා. වෙලාවකට හිතෙනවා කඩේ යැවුවා වත්ද කියලා… කමක් නෑ කොහොම හරි ලොක්කගේ අස්සන එක්ක සහතිකේ හරිගස්සලා දුන්නනේ… ඒත් ඇයි… ඒක ලියුම් කවරෙකට දාලා අතට දෙන ගමන්, ඇස් දෙකයි මුනයි දිහා බලලා…

 

මේ සහතිකේ යන ඉන්ටර්වීව් එකෙන් රිජෙක්ට් කරන්න ඕනේ…. කිව්වේ….?

 

ටී ටයිම් එකට විනාඩි 3 තුන හතරක් පරක්කු වෙලා ගියාම, කට්ටිය එක්ක සැපට කාපු චීස් ගැන කියවද්දී… කව්දෝ එකෙක් කිව්වා, උඹ පරක්කු වුනා බං… නැත්තං උඹටත් කෑල්ලක් කන්න තිබ්බා… කියලා…. ඇයි එතකොට පැත්තට වෙලා ඉඳලා, හොරට මූන දිහා බලලා… එක පාරටම….

 

මෙයා හැම දේටම පරක්කුයි තමා…. කිව්වේ….?

 

මොකද…. ඒ පාර  පුළුවන්නම් විසඳගන්න කියලා තවත් ප්‍රෙහේලිකාවක් ඔලුව උඩ පටවන්නද  හදන්නේ…?

 

54 Responses to “උඹ පරක්කු වුනා බං…”

  1. Marlan Fernando Says:

    මංගලම් ජය මංගලම්… මාලුවා අයියට මංගලම්…

  2. මධුරංග Says:

    මගෙනුත් මාලු අයියට සුබ පැතුම් !!!!
    චීස් තියේ නම් මටත් කෑල්ලක් තියන්න වටී !!! මාත් චීස් කන්න ආසයි නේ 🙂

  3. දොඩං Says:

    ඔහොම යං ඔහොම යං…ජය සිරි සුභ මංගලම් කිව්වා……:D

  4. රත්ගමයා Says:

    අපිට එන්නේ නෑ නේ මේ වගේ ප්ලාන්ටන්ස්…මේ කොහේවත් යන ප්ලාන්ටන් කන්නේ නැති මාලුවටමයි කඩා පාත් වෙන්නේ…නෙද්දකින්

  5. weniwel Says:

    සෑහෙන්න හිතන්න ඕනි ඉඟියක් තමයි දීල තියෙන්නෙ..හ්ම්ම්ම්.. මොනා උනත් අපෙනුත් සුභ පැතුම්!

  6. Kasun Chanaka Says:

    අනේ පව් අසරණ මාලු අයිය. දැන් ඉතින් දියෙන් ගොඩට දාපු මාලුවෙක් වගේ පණ ඇද ඇද කල්පනා කරනව ඇති මොකක්ද ඒ කිව්වෙ කියල.

  7. සපතේරු උන්නැහේ Says:

    මාලු මලයටයි සඳරු මලයටයි තියෙන්නෙ එකම ලෙඩේ… දැක්ක ගමන් ඔකඳ වෙනව..

  8. තාරා Says:

    එතකොට අර වෙන මූනකට රිප්ලේස් කරන්න බැරි හිතේ ඇඳුනු මූන???????

  9. සාතන් Says:

    ජය මංගලම් සුභ මංගලම්
    යුග ජීවිතේ වාසනා…
    පෙම් සිහින එලිවී සියල්ලෙන් පිරී
    පිපේවා පැතුම් මල් සිනා…. 🙂

  10. හිස් අහස Says:

    අනේ උඹ ගොඩ පලයන් මගෙ දෙයියා !! .. උඹට තුනුරුවන්ගේ සරණයි

  11. සිතුවම් Says:

    ඒ බං මේ අරයා නේද?මට නම තමා මතක නැත්තෙ.ඒක බලන්න පරන ඒව කියවන්නත් එපෑයෑ උඹ ලියපුවා.අර අලුතෙන් ආව කියලා ඒ දවස්වල ලියලා තිබ්බේ.ගේම් එහෙම ගහන කෙනා නේද?
    මට ඒත් ඒ දොහේම හිතුනා මේකා ටැංකියෙන් පිට පනින්න තමා අර අඳින්නෙ කියලා.හොදා හොදා ශ්‍රී සුභ මංගලම් කීවලු.
    ඒක නෙවී මොකෑ උඹ රස්සාවට තිත තියන්න හදන්නේ…?

  12. Sachith Says:

    එතකොට යශෝධරා වත……?????……ඉවරද…..?????

  13. Bunny Says:

    මචං උඹේ ලක් එක. කාට හරි ට්‍රාන්ස්පර් කරපං 😀

  14. Gayan Ruasinghe Says:

    අඩේ බය නොවී හිටු, දෙන දියියෝ යොකු ඇන ඇන දෙනකොට මේකාට ගන්න පින නෑ නොවැ…

    ජය..

  15. නිසුපා Says:

    ඇහ්…ආයෙත් පොල් ගහක්ද??? :O


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: