ආ…. අයිවන් පුතා…..

මේක පස්ට කතාවක්. මට කිවවේ මගේ හොඳම යාළුවෙක් වෙන කනිෂ්ක… පොර ගැන දන්නවනේ… අර කෙල්ලෙක්ව පුදුම කරවන්න හිතාගෙන නොකියාම ගියාම, කෙල්ල මූව පුදුම කරවන්න නෑ විත් හිටියේ….

කනිෂ්කත් ඉතිං ගිහිං තියෙන්නේ මිශ්‍ර පාසලකට. ඒ කියන්නේ ‍සුටි සුටි සෝස පාට නංගිලා එත‍කොට ජම්බු එක්ක තරහා ගත්ත අක්කලා එහෙම ඉන්න පාසැලකට. ඉතිං සාමාන්‍යයෙන් හැම ස්කෝලෙකම, හැම පන්තියකම වගේ කනිෂ්කලාගේ පන්තියෙත් ඉන්නවලු පට්ට ඩයල් එකක්. ඒ කියන්නේ පන්තියේ පොර. මෑන්ස්ගේ නම අයිවන්. ඉතිං මිනිහාගේ වැඩේම පන්තියේ ඉන්න මරුමුස් සෙට් එකත් එක්ක එක එක විකාර කරන එකලු….

ඔය පන්තියේ වෙන පොත් විසිකිරීම්… ඩෙස් පුටු වල කකුල් ගැලවීම්… එත‍කොට කෙල්ලන්ට නොහොබිනා විහිළු කිරීම් වලට වගේ හැම දේකටම මාට්ටු වෙන්නේ මේ අහිංසක අයිවන්වලු. අනේ මන්දා ඉතිං… ඕවට අපේ මගේ යාළුව කනිෂ්කත් සම්බන්ධ නැහැයි කියලා මට හිතෙන්නේ නම් නෑ,.. ඒ වුනාට මේකා එව්වා කියන්නේ නෑ මට…. ‍

කොහොම හරි ඉතිං ඔය අයිවන්ගේ වැඩ කිඩ ටික පන්ති භාර මිස්ට හෙන කරදරයක් වෙලාලු තිබ්බේ… ඒ වගේම ඉතිං පන්ති භාර මිස්වත් අයිවන්ට හෙනම කරච්චරලයක්ලු. පස්සේ ඉතිං ඔහොම ටික කාලයක් යද්දී… පන්ති භාර මිස් හොරොන් හොරෙන් රෑට රෑට නයිට් ෂිෆ්ට් එකේ වැඩ මහත්තයා එක්ක බෙදාගෙන කරද්දී… නැවක් වරායට කිට්ටු වෙන ලකුණු පෙන්නුම් කරනවලු. ඔය ටියුබ් ලයිට් වලට කියනවනම්… මිස් ටිකක් රෑ වෙනකං ඇහැරිලා හිටි නිසා මිස්ට බබෙක් හම්බුවෙන්න කිට්ටු වෙලාලු….

පස්සේ ඉතිං අයිවන්ට මිස්ගේ බඩ දකින දකින සැරේට හෙන සතුටුයිලු. වෙන අහවල් එහෙකට නෙමේ මිස් ඉක්මනට නිවාඩු ගත්ත‍ම මූට පන්තිය දෙවනත් වෙනකං කෑගහලා ඇති වෙනකං නටන්න පුළුවන් නිසා. පස්සේ ඉතිං අයිවන් කාරයා ඇඟිලි ගැන ගැන ඉන්නේ උංගේ පන්තිභාර මිස්ව ඉප්පිරිතාලෙට ගෙනියන කංලු. එතකොට ඉතිං අනිවාර්යෙන් මාස හතර පහක් පන්ති භාර ගුරුතුමා වෙන්නේ මූනේ… ඒකයි.

පස්සේ ඔහොම ටික දවසක් යද්දී… දවසක්දා… පන්තියේ හිටිය ගෑණු ළමයි හත් අට දෙනෙක් පිට්ටනිය මැද්දේ පෙරලිලා මිස්ට වඳිනවලු… මිසුත් ඒ ළමයින්ගේ ඔලුව අතගාලා මොන මොනවද කියනවලු… කොහේ‍දෝ හිටිය අයිවනුත් මේ සීන් එක දැකලා. පොරට හෙනම හැපීලු… මොකද කෙල්ලෝ ටික ගිහිං මිස්ට වඳින්නේ මිස් බබා හම්බුවෙන්න ගෙදර නවතින්න යන නිසානේ…. ඉතිං කවදාවත් මිස්ට වඳින්නේ නැති, පන්තියෙදි කියන දෙයක් අහන්නේ නැති මූට එක පාරටම පන්ති භාර මිස් ගැන හෙන ගුරු ගෞරවයක් පහල වෙලා. පස්සේ ඉතිං වැඩිය කල් අරින්නේ නැතුව මූත් දුවලා දුවලා ගිහිං අර ගෑණූ ළමයි අස්සෙම, පිට්ටනිය මැද්දේ බිම පෙරලිලා මිස්ට වැන්දලු… ගෑණු ළමයි ටිකත් බලාගෙන ඉන්නවලු…. පස්සේ ඉතිං ‍මූ කොච්චර දැඟලුවත් යන්තමට හරි ගුරු ගෞරවයක් තියෙන නිසානේ මූ මේ කට්ට අව්වේ බිම පෙරලී ගෙන වඳින්නේ කියලා හිතපු අයිවන්ගේ පන්ති භාර මිස් මුකුත් නොකියා හිතේ හැටියට වැඳ ගන්න දුන්නලු….‍

පස්සේ ඉතිං කොල්ලගේ ඔලුවත් අතගාලා…. බුදුසරණයි එහෙම කියලා… මිස් ඇහුවලු…

ආ අයිවන් පුතා,  ඔයත් මේ ගෑණු ළමයි එක්ක නෙට් බෝල් තර‍ඟෙට යනවද….?

Advertisements

63 Responses to “ආ…. අයිවන් පුතා…..”

  1. තීර්ථ යාත්‍රිකයා Says:

    රෙදි නෑ කිව්වලු. අයිවන්ට පොලව පලාගන යන්න හිතෙන්න ඇති.මට නිකමට වගේ හිතෙනවා මේක උනේ උඹටවත්දෝ කියලා.

  2. සුදු හංසී Says:

    ඔය අයිවන් කියන්නේ දැන් කාලේ මාළුවෙක්ටද? මට හිතෙන්නේම එහෙමයි!!

  3. මධුරංග Says:

    පිස්සු කොර !!!!!
    මට තේ එකත් ඉස්මොල්ලේ ගියා. කතාව කියවලා.මදෑ ටීචර් යනකන් බලාගෙන හිටියා. 🙂
    මම නම් අර නැව වරායට සේන්දු වෙන කතාව දන්නේ නෑ. පොඩි එකානේ මම්

    • ගෝල්ඩ් fish Says:

      හරි හරි උඹත් නැවක් වරායට කිට්ටු කරාම තේරෙයි…

      • මධුරංග Says:

        කොළඹ වරායටද හම්බන්තොට වරායටද කියලා දැන ගන්න කැමතියි. 🙂

      • ගෝල්ඩ් fish Says:

        ත්‍රිකුණාමලය වරායට… ඒක මචං සුවාභාවික එකක්නේ…

  4. නුවන් කුමාරනායක Says:

    අඩෝ ෆට්ට කතාවක් තමයි. උදේ පාන්දරම ලේ පිරිසිඳු වුණා. හනේ හනේ උඹටත් වෙන වැඩ.

  5. පූසා Says:

    මරු සිද්ධිය…..
    මාළුවා මේ උඹට වෙච්චි එකක් නෙමෙයි නේද? 😉

  6. cjgayan Says:

    පට්ට, එදාට පස්සේ අයිවන් පන්තියේ දැගලුවෙ නැතිලුද ? මටත් මෙක වෙලා තියෙන්නෙ මාලුවටදෝ කියලා හිතෙනවා……..:D 😀

  7. පිස්සු පුසා Says:

    යාලූ මාලූ ෆට්ට කතාව..මේක උනේ ඔයාටද කියලාත් සැකයක් එනවා…ලොල්

  8. henryblogwalker Says:

    හික්..හික්…පට්ට්…! ඒත් අර මධුරංග කියනවා වගේ මොකක්ද මේ නැව් කතාව…..? හැබැයි අයිවන් ඇම්ඩට වැඩිය ඩීසන්ට් නේද?

    • ගෝල්ඩ් fish Says:

      නැව් කතාව ගැන මං කාගෙන් හරි අහලා කියන්නම්.. යකෝ මුංට නැව් හදන්න හොඳයි, ඒ වුනාට නැව් ගැන දන්නේ නෑ… 😛

  9. මන්තරකාරි Says:

    ආ… කණිෂ්කගෙ යාළුවාට නේද ඕක උනේ? 😉

  10. ශැගියා Says:

    ලොවෙත් නැ..ලොවි ගහෙත් නැ කිව්වලු…. 😀

  11. haree Says:

    පට්ට පට්ට……..

    ඇයි ඔය නෙට්බෝල් කෙල්ලො විතරක් ගහන්නේ……..?

  12. Kasun Chanaka Says:

    අර පිණිබිඳු අක්කත් ඔහොමයි. යාලුවන්ට වුනා කියල තමයි ඔක්කොම කියන්නෙ.

    • පිණිබිඳු.. Says:

      ඇයි යකඩෝ මේක හරි කෙලියක්නෙ. කතාවක් කියන්න බෑ මුන් හිතන්නෙ අපිට වෙච්ච එකක් කියලා. ඇත්තටම අපිට උනා නම් මුන් මොනා නොකියයිද.

      • ගෝල්ඩ් fish Says:

        ඇත්තටම වුනාමත් ඉතිං එහෙම්ම කියයි…..!!!

      • Kasun Chanaka Says:

        ඒක තමයි, මුන් හරි නරකයි අක්කෙ!

      • ගෝල්ඩ් fish Says:

        උඹ හරි හොඳ එකා….

      • Kasun Chanaka Says:

        😛

    • ගෝල්ඩ් fish Says:

      නෑ… මටත් නිකමට හිතුනා බං….

  13. සාතන් Says:

    අයිවන් කාරය අනිත් අතට මොකුත් කිව්වෙ නැද්ද දන්නෙ නෑ… මන් යන්නෙ කෙල්ලො නෙට්බෝල් ගහනව බලන් ඉන්න කියල වගේ එකක්…. 😉

  14. mada Says:

    ade maxxa kathaw bn.. Adenw thni ahat..

    Post 1k dmme n bn kleken.. Dn gedr newei inne eki.. Eth hmdam 4ne 1n mlu tankiyti, thw blog 7,8 ti ynnw..

    http://mada-ambalama.blogspot.com

  15. මම Says:

    “පන්ති භාර මිස් හොරොන් හොරෙන් රෑට රෑට නයිට් ෂිෆ්ට් එකේ වැඩ මහත්තයා එක්ක බෙදාගෙන කරද්දී…” පට්ට කතාව ඇ

  16. පිණිබිඳු.. Says:

    ඉස්සර ඉස්කෝලෙ නිවාඩු දෙන දවසට ගුරුවරුන්ට වඳිනකොට හරිම බයයි ඩෝලෙ බැඳ ගත්ත ටීචලාට වඳින්න. ඇයි අප්පා නැගිටිද්දි බඩේ වැදුනොත් එහෙම. බලාගෙන යද්දි ටීචට බබා හම්බෙන එක ගැන එයාගෙ මහත්තයට වැඩිය සතුටු එයාගෙන ඉගෙන ගන්න ළමයින්ට නේද. කොහෙත් එකයි අප්පා..

    • ගෝල්ඩ් fish Says:

      අපෝ මූං වගේ ළමයි… ගුරුව​රයෙකුට ස්වභාවික ආපාදාවක් ආවම අපිනම් ඔය ඈඹුල් ජාති ගිහිං දීලා එහෙම හෙනට උදව් කරනවා… ඒකට මේං…

  17. සරුංගලේ Says:

    කෙනෙක් දෙයක් කියනකොට……. මෙලොව ගැන වගේම පරලොව ගැනත් හිතන්න ඕනේ…… නේද?

  18. නවම් Says:

    හෙහ් හෙහ්…. රෑ වෙනකල් ඇහැරං උන්නම ළමයි හම්බුවෙනවද බොල….. ඈ..
    කෙල්ලනේ ඔය වැඩ නවත්තල වේලපහ බුදිය ගනිල්ලා විජහට…… 😉

    • ගෝල්ඩ් fish Says:

      හරි හරි… ඉතිං නවම් අයියා ගෙදර වලං හේදුවට අනිත් අය වලං එහෙම හෝදලා තමා නිදා ගන්නේ…

  19. රාවණ Says:

    උඹ නාඩන් උඹ නාඩන් මේවා උඹට හොද පාඩම් .

  20. Dilanka Madhawa (@dilankamadhawa) Says:

    අනේ පව් අප්ප අයිවන්.
    නිකමට අහන්නෙ,අයිවන් සමානයි ප්‍රසන්න නෙවේනේ?

  21. maathalan Says:

    හොඳ සාහිත්‍ය කාරයකුගේ ලක්ෂන පෙන්නුම් කරනව..
    තමන්ගේ දේවල් අනුන්ගේ විදියට ලියන එක.. ඔය වැඩේ කොරන ප්‍රසිද්ධ කෙනෙකුත් මේ අන්තර්ජාලේ ඉන්න්ව.. හික් හික් ඒක දන්නෙ එයයි මමයි විතරයි..

  22. tharindu Says:

    වුන චාටර් එකට අයිවන්ට බබා හම්බුවුනාද දන්නේ නෑ……..

  23. Kathandara Says:

    පස් කෑවා කිව්වලු!

  24. rmpmcreation Says:

    රෙද්ද කරේ නේ මාලු?අයිවන් කියන්නෙ ගෝල්ඩ් fish ගේ ඇත්ත නමද?

  25. හිස් අහස Says:

    හූ කියපියවු !!

    මේකත් වැටෙන්නේ මාලුවාගේ බකට් එකටම තමා !!

  26. පන්සල් හංදිය Says:

    පොරට ඉන්නෙ කොහෙද කියලා අමතක වෙන්න ඇති ……….

  27. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඉතිං මල්ලියේ උඹට ගොඩක් අමාරු උනාද නෙට් බෝල්සෙල්ලං කරන්න ඉගෙනගන්න ???

  28. චතුර.. Says:

    මේක නම් වෙලා තියෙන්නේ මාළුවටද කොහෙද..?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: