ආ…. අයිවන් පුතා…..

මේක පස්ට කතාවක්. මට කිවවේ මගේ හොඳම යාළුවෙක් වෙන කනිෂ්ක… පොර ගැන දන්නවනේ… අර කෙල්ලෙක්ව පුදුම කරවන්න හිතාගෙන නොකියාම ගියාම, කෙල්ල මූව පුදුම කරවන්න නෑ විත් හිටියේ….

කනිෂ්කත් ඉතිං ගිහිං තියෙන්නේ මිශ්‍ර පාසලකට. ඒ කියන්නේ ‍සුටි සුටි සෝස පාට නංගිලා එත‍කොට ජම්බු එක්ක තරහා ගත්ත අක්කලා එහෙම ඉන්න පාසැලකට. ඉතිං සාමාන්‍යයෙන් හැම ස්කෝලෙකම, හැම පන්තියකම වගේ කනිෂ්කලාගේ පන්තියෙත් ඉන්නවලු පට්ට ඩයල් එකක්. ඒ කියන්නේ පන්තියේ පොර. මෑන්ස්ගේ නම අයිවන්. ඉතිං මිනිහාගේ වැඩේම පන්තියේ ඉන්න මරුමුස් සෙට් එකත් එක්ක එක එක විකාර කරන එකලු….

ඔය පන්තියේ වෙන පොත් විසිකිරීම්… ඩෙස් පුටු වල කකුල් ගැලවීම්… එත‍කොට කෙල්ලන්ට නොහොබිනා විහිළු කිරීම් වලට වගේ හැම දේකටම මාට්ටු වෙන්නේ මේ අහිංසක අයිවන්වලු. අනේ මන්දා ඉතිං… ඕවට අපේ මගේ යාළුව කනිෂ්කත් සම්බන්ධ නැහැයි කියලා මට හිතෙන්නේ නම් නෑ,.. ඒ වුනාට මේකා එව්වා කියන්නේ නෑ මට…. ‍

කොහොම හරි ඉතිං ඔය අයිවන්ගේ වැඩ කිඩ ටික පන්ති භාර මිස්ට හෙන කරදරයක් වෙලාලු තිබ්බේ… ඒ වගේම ඉතිං පන්ති භාර මිස්වත් අයිවන්ට හෙනම කරච්චරලයක්ලු. පස්සේ ඉතිං ඔහොම ටික කාලයක් යද්දී… පන්ති භාර මිස් හොරොන් හොරෙන් රෑට රෑට නයිට් ෂිෆ්ට් එකේ වැඩ මහත්තයා එක්ක බෙදාගෙන කරද්දී… නැවක් වරායට කිට්ටු වෙන ලකුණු පෙන්නුම් කරනවලු. ඔය ටියුබ් ලයිට් වලට කියනවනම්… මිස් ටිකක් රෑ වෙනකං ඇහැරිලා හිටි නිසා මිස්ට බබෙක් හම්බුවෙන්න කිට්ටු වෙලාලු….

පස්සේ ඉතිං අයිවන්ට මිස්ගේ බඩ දකින දකින සැරේට හෙන සතුටුයිලු. වෙන අහවල් එහෙකට නෙමේ මිස් ඉක්මනට නිවාඩු ගත්ත‍ම මූට පන්තිය දෙවනත් වෙනකං කෑගහලා ඇති වෙනකං නටන්න පුළුවන් නිසා. පස්සේ ඉතිං අයිවන් කාරයා ඇඟිලි ගැන ගැන ඉන්නේ උංගේ පන්තිභාර මිස්ව ඉප්පිරිතාලෙට ගෙනියන කංලු. එතකොට ඉතිං අනිවාර්යෙන් මාස හතර පහක් පන්ති භාර ගුරුතුමා වෙන්නේ මූනේ… ඒකයි.

පස්සේ ඔහොම ටික දවසක් යද්දී… දවසක්දා… පන්තියේ හිටිය ගෑණු ළමයි හත් අට දෙනෙක් පිට්ටනිය මැද්දේ පෙරලිලා මිස්ට වඳිනවලු… මිසුත් ඒ ළමයින්ගේ ඔලුව අතගාලා මොන මොනවද කියනවලු… කොහේ‍දෝ හිටිය අයිවනුත් මේ සීන් එක දැකලා. පොරට හෙනම හැපීලු… මොකද කෙල්ලෝ ටික ගිහිං මිස්ට වඳින්නේ මිස් බබා හම්බුවෙන්න ගෙදර නවතින්න යන නිසානේ…. ඉතිං කවදාවත් මිස්ට වඳින්නේ නැති, පන්තියෙදි කියන දෙයක් අහන්නේ නැති මූට එක පාරටම පන්ති භාර මිස් ගැන හෙන ගුරු ගෞරවයක් පහල වෙලා. පස්සේ ඉතිං වැඩිය කල් අරින්නේ නැතුව මූත් දුවලා දුවලා ගිහිං අර ගෑණූ ළමයි අස්සෙම, පිට්ටනිය මැද්දේ බිම පෙරලිලා මිස්ට වැන්දලු… ගෑණු ළමයි ටිකත් බලාගෙන ඉන්නවලු…. පස්සේ ඉතිං ‍මූ කොච්චර දැඟලුවත් යන්තමට හරි ගුරු ගෞරවයක් තියෙන නිසානේ මූ මේ කට්ට අව්වේ බිම පෙරලී ගෙන වඳින්නේ කියලා හිතපු අයිවන්ගේ පන්ති භාර මිස් මුකුත් නොකියා හිතේ හැටියට වැඳ ගන්න දුන්නලු….‍

පස්සේ ඉතිං කොල්ලගේ ඔලුවත් අතගාලා…. බුදුසරණයි එහෙම කියලා… මිස් ඇහුවලු…

ආ අයිවන් පුතා,  ඔයත් මේ ගෑණු ළමයි එක්ක නෙට් බෝල් තර‍ඟෙට යනවද….?

%d bloggers like this: