දෛවයද මොකද්ද එක වෙනස් වුන ඉක්මන….

ඊයේ මට වෙඩිමක් තිබ්බ බව දන්නවනේ…. ඉතිං මං අඬ අඩ හිටියේ බියර් උගුරක් බීගන්න විදියක් නැතුවනේ… අම්මයි තාත්තයි එන නිසා. කොහොම හරි ‍දෙන්නම ගමන කැන්සල් කරලා ගෙදර හිටියා. තාත්තට හෙම්බිරිස්සාව වගේ නිසා එතෙන්ට ගිහිං ඉන්න අපහසු නිසා. පස්සේ ඉතිං මං තනියෙන් සෙට් වුනා ගමනට…

මං ගියෙත් මනාලිගේ අයිය එක්ක. පස්සේ ඉතිං ඔන්න හෝටලේට ගිහිං… පෝරුවේ වැඩද අරවද මේවද ඔක්කොටම සහභාගී වෙලා, දොලහට විතර අපිට ස්ටුඩියෝ එකට යන්න සෙට් වුනා තැන්කිව් කාර්ඩ් ටික ප්‍රින්ට් එකක් දාගන්න. ඉතිං ගියේ මනාලයාගේ මල්ලිගේ ට්‍රයි ෂෝ එකේ… ගිහිං එන ගමන් ඔන්න මොනාද මන්දා ටින් දෙකක් අරං මගේ යාළුවයි මායි බිව්වා… ඉතිං අර ආසාව හරි… මනාලයාගේ මල්ලි නම් බිව්වේ නෑ… වීල් එක ගෙනියන්නේ පොර නිසා…

ඔන්න ඊටත් පස්සේ ඉතිං කට්ටිය එක්ක නටනවා… මට හැමදාමත් වගේ ඔය නටන වෙලාවට කකුලේ කැක්කුමක් හැදුනා. එතකොට ඉතිං නටන්න බැහැනේ… ඒක නිසා මං පැත්තක, අනිත් අය නටනවා….

ඔය නැටිල්ල ඉවර වෙලා පැය දෙකකට විතර පස්සේ… අර බීපුවෑ සැර නැති වුනාම එහෙම… මනාලිගේ අයියයි, මනමාලයාගේ මල්ලියි ගියා මනාලයාගේ කෝට් එක අරගෙන එන්න… පස්සේ ඉතිං මාත් පැයක් විතර බලාගෙන ඉඳලා… කට්ටියටම යන්නං කියලා ගෙදර එන්න කියලා ආවා. එතකොට වෙලාව ඇති හවස හතරයි කාලට විතර.

මං එන තැනට ඉස්සරහ තියෙනවා හතරං මං හංදියක්… ඒ හතර මං හංදියෙන් දකුනට හැරිලා තමා මං ගාලු පාරට  යන්නේ… ඉතිං මෙහෙම ටික දුරක් යද්දී… ඉස්සරහින් එනවා ත්‍රී වීල් එකක්. ඒ කියන්නේ හතර මං හන්දිය දිහාවට මං ඇවිදගෙන එන කෙලින් විරුද්ධ දිසාවේ ඉඳන් මගේ පැත්තට. පස්සේ හතරමං හන්දිය සෙට් වෙන කිට්ටු වෙද්දී ඩ්‍රැයිවර් හෝන් එකත් ගැහුවා. හෝන් එක ගහලා වීල් එක හෙනම ස්ලෝ එකේ හතර මං හන්දියට දාපු ගමන් , අර මං හැරෙන්න ඕනේ පැත්තේ ඉඳන් ආපු කළු පාට වෑන් එකක්….

දඩස්…. ක්‍රීස්….. ගාලා වීල් එක මීටර් දෙකක් විතර දුරකට ඇදගෙන ගිහිං නතර වුනා.

දැන් ඉතිං එතෙන ඇක්සිඩන්ට් එකක් හැප්පුනා… මල මගුලයි ඉතිං. මාත් දනිපනි ගාලා දිව්වා වෑන් එක ගාවට. මට හිතුන විදියට නම් කාටවත් එච්චර තුවාල වෙන්න විදියක් නෑ… පස්සේ  ඉතිං දුවගෙන ගිහිං බලද්දී මස්සිනාලා දෙන්න ලේ පෙරාගෙන වීල් එක ඇතුලේ… මේක බොරුවක් නෙවේ… ඇත්තටම මගේ ඇස් දෙක ඉස්සරහා සිද්ධවෙච්ච මහ අවාසනාවන්තම සිද්ධියක්… ඒ පාර කොහොම හරි අනිත් අයගෙත් උදව් ඇතුව දෙන්නවම වෙන වීල් එකකට දාගෙන මාත් යනවා රෝහලට. යන ගමන් මගේ යාළුවගේ කටින් ලේ එනව… ඌ මට කියනවා…

මල්ලි කියපං…. මගේ මූන ඇද වෙලාද…?

මට කට උත්තර නෑ…. පස්සේ ආයේ අහනවා…

මොකද මල්ලි මට වෙලා තියෙන්නේ… මට කතා කරන්න අමාරුයි බං… දත් ටික ගැලවිලාද….

ඒත් මට කියාගන්න දෙයක් නෑ… පොරගේ මූනෙන් ලේ බේරෙනවා. පස්සේ මගේ ගාව තිබ්බ සර්වියට් එකෙන්ම උගේ ලේ පිහිදලා… ඒක දුන්නා පොරගේ අතට මේක තියාගෙන තද කරගනින් කියලා….

පස්සේ අනිත් එකා… ඌත් වීල්‍ එකට වෙලා මගෙන් අහනවා…

ඒ අයියේ මොකද බං අපිට වුනේ….?

අපි කොහෙද බං මේ යන්නේ….?

මං ඉතිං මොනාද කියන්නේ….? මං කවදාවත් ඔය විදියට ලෙඩෙක්ව අරගෙන ගිහිං නෑ රෝහලකට. එක පාරක් තාත්තව ඔපරේෂන් කරලා පානදුරේ රෝහලට ගියා… ඊට පස්සේ ආයෙමත් අර පෙරේතයෙක් කාපු බත් කාලා තාත්ත ලෙඩ වෙච්ච වෙලේ ගියා… ඊට අමතරව අම්මට මල්ලිව හම්බුනාම දවසක් ගියා, අයෙම ලොකු මාමාව බලන්න දවස් දෙක තුනක් නුවර ගියා… ඒ ඇරෙන්න ලෙඩක් එක්ක ගිහිං නෑ මං. එහෙව් එකේ මට අර අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ…

ආයෙම මගේ යාළුවා මගෙන් අහනවා…

මල්ලී, මට කතා කරන්න  බැරි වෙයිද බං…? ඒ හැම දෙයක්ම පොර කිව්වේ නිකං හරියට කටේ වතුර ටිකක් තියාගෙන කතා කරන කොට අපිට ඇහෙන්නේ අන්න ඒ විදියට…

පස්සේ ඉතිං මට දෙන්න පුළුවන් හොඳම උත්තරේ වුනේ….

ගනන් ගන්න එපා බං… ඔය කට හිරි වැටිලා තියෙන්නේ ඒකයි බං…. කියන එක විතරයි…

අනිත් මල්ලිටත් කියන්න වුනේ…

උඹ බය නැතුව හිටිපං, ඉක්මනට ඉස්පිරිතාලෙට ගියෑකි කියලා විතරයි….

පස්සේ ඉතිං ත්‍රී වීල් අයියත් පුළුවන් ඉක්මනින් අපිව අරගෙන ගියා රෝහලට… පස්සේ දෙන්නවම වාට්ටු දෙකකට දාලා, ආයෙම එකම වාට්ටුවකට දැම්මා දෙන්නගෙම ඔලුව වැදිලා නිසා චෙක් කරලා ඒක්ස් – රේ ගන්න ඕනේ කියලා…. ටික වෙලාවකින් මගුල් ගෙදර කට්ටිය ආවා…. අපේ මල්ලිත් ආවා. පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර මල්ලිව ටික වෙලාවකට යාළුවෝ දෙන්න ගාව තියලා මං ගෙදර ආවා… මොකද මට සෑහෙන මහන්සියි ඒ වෙද්දී…. අළුත්ම අත්දැකීමක් වුනත් කවදාවත් ඒ වගේ අත්දැකීමක් ලබන්න නම් හීනෙකින්වත් පැතුවේ නෑ…

පස්සේ දැන ගත්ත විදියට මගේ යාළුවගේ උඩ හනුවයි යට හනුවයි ක්‍රැක් වෙලා… පහල ඇන්දේ දත් ටික කොටස් දෙකකට කැඩිලා ස්ථර දෙකක් විදියට ප්‍රමාණ දෙකකින් කට ඇතුලට ගිහිං. ඒකනං හදන්න පුළුවන් කිව්වා…

පස්සේ අර අනිත් මල්ලි… මෑන්ගේ ඔලුව මොකක හරි තදින් වැදිලා… මිනිහාට වෙච්චි කිසිම දෙයක් මතක නෑ… අඩුම ගානේ කොහෙද ගියේ කියලවත් මතක නෑ… ඒකත් අර එක පාර ඇති වෙච්ච කම්පනේ නිසා කිව්වා… ටික දවසකින් ඒකත් ඇරිලා යයි කිව්වා…

පස්සේ ඉතිං ගෙදර ආවම තමා මට හොඳම කතාව අහන්න වුනේ… කිව්වේ අපේ අම්මා, අම්මට කියලා තියෙන්නේ මගුල් ගෙදර කට්ටිය එක්ක ගෙන ආව, ඇක්සිඩන්ට් එක වෙච්චි තැන ත්‍රී වීල් රියදුරෙක්…

ඔය ඔතෙන වෙච්චි තිස් හත්වෙනි ඇක්සිඩන්ට් එක…. හැමදාම වෙඩින් එකක් තියෙද්දී එතෙන ඇක්සිඩන්ට් එකක් වෙනවමයි…

47 Responses to “දෛවයද මොකද්ද එක වෙනස් වුන ඉක්මන….”

  1. සෝරෝ Says:

    අර අන්තිමට කියපු සීන් එක නම් එච්චර විශ්වාස කරන්න බෑ (“ඔය ඔතෙන වෙච්චි තිස් හත්වෙනි ඇක්සිඩන්ට් එක…. හැමදාම වෙඩින් එකක් තියෙද්දී එතෙන ඇක්සිඩන්ට් එකක් වෙනවමයි…“)

    තමන් පරිස්සමෙන් යන්නේ නැතුව එහෙම එක එක ඒවා කියනවා.. ඒව නම් වැඩිදුර හිතන්න දේවල් නෙවෙයි..

    කොහොම වුනත් දෙන්නටම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..

  2. මධුරංග Says:

    ඇක්සිඩන්ට් එකක් වෙලා !!!!
    මාර සීන් එක. එහෙනම් ඉතින් දෙන්නටම ඉක්මන් සුව පතනවා

  3. ~ChAnDiKa~~ Says:

    මේකනෙ පුතා. වෙඩිං වලට ගොහින් එන හුගාරියක් ඩැයිවර් උන්දලාට තුන්මං හන්දි පේන්නෙත් හය හත වෙලා නොවැ. ඉතිං ඇස්සිඩන්ට් නොවෙයියැ? 😀

  4. මන්තරකාරි Says:

    මේක කියවද්දි මට මතක් උනේ පළවෙනි වතාවට මං රෝහලකට එක්කගෙන ගිය කෙනාව. ඒත් මට එයාව එක්ක එන්න බැරි උනා… මම ගෙදර ඉදලා කලින්ම එයාව එක්ක ගියානම් මට එයාව එක්ක එන්න තිබුන… 😥

    යාළුවෝ දෙන්නට ඉක්මන් සුවය පතනවා…

  5. weniwel Says:

    මට ඇක්සිඩන්ට් උනහම උදව් කරන්න බැහැ. මොකද ලේ බලන්න බැහැ. ඔලුව කැරකිල්ල එනව. ඒ නිසාම මන් අකමැතිම දේ තමයි ඇක්සිඩන්ට්.. තරහකාරයෙකුටවත් වෙන්න එපා කියලයි හැම වෙලාවෙම හිතන්නෙ..

  6. සාතන් Says:

    කතන්දරේ හැටියට වැරැද්ද වෑන් කාරයගෙනෙ බන්… වෙඩින් එකක් තියෙන දවසට ඇක්සිඩන්ට් එකක් හැප්පෙනවමයි කියන්නෙ කෝමද බන්… වීල් එකේ කස්ටිය බීල ගිහින් කොහෙ හරි ඇන්න නම් අන්තිම ටික පිළිගතෑකි…

    කස්ටියට ඉක්මනය සනීප වෙන්න කියමුකො…. (මාළුව ළඟින් ගියොත් සොරිම තමා කියල කතාවකුත් හැදෙයිද බන් ගමේ….)

  7. Gayan Ruasinghe Says:

    අපොයි. ඔහොම අනතුරු නම් හතුරෙකුට වත් වෙන්න එපා..

    ජය..

  8. ගිනි තුරුල්ලා... Says:

    ඇකිසිඩන්ට් 37ක් වෙන්න හේතුව ඒ පාරවල් වල පිහිටීම වෙන්න ඇති.

  9. නවම් Says:

    ඔය උඹේ අපලෙ බං උන්ගෙ පිටින් ගියේ…..

  10. maathalan Says:

    අම්මට හුඩු.. තොවිලයක් නටවපන්.. මමත් එන්නම්..

  11. තාරා Says:

    ඒ දෙන්නටම ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා…. ඔයාලත් වාහන වල යද්දි පරෙස්සමින්….

  12. arunishapiro Says:

    පාරේ පිහිටීම සහ වාහන සංඛ්‍යාව අනුව සමහර තැන්වල දී ‘ඇක්සිඩන්ට් හැප්පෙන එක’ වැඩියෙන් සිදුවෙනවා. මෙහෙ දී නම් එහෙම දත්ත එකතු වෙද්දී මාර්ග වේගය අඩු කිරීම, නැවතුම් පුවරු වැඩි වීම, නැත්නම් පාර පළල් කිරීම වැනි දෙයක් සිද්ධ වෙනවා සුනංගු නොවී. අර ‘දෛවය’ කියල හිතන අය ඒක ‘මොකක් ද’ කියලා හිතන්න පටන් ගත්තාම ‘ඇක්සිඩන්ට් හැප්පෙන’ ගණන අඩු කරගන්න පුළුවන්.

    හැප්පිච්ච මතකය නැවත ලැබෙන්නෙ නැහැ අර මස්සිනාට. හිත කරදර කරගන්න අවශ්‍ය නැහැයි කියන්න. හක්කත් සුව වේවා කියල පතනවා අනිත් මස්සිනාට.

    පාරේ වෙනසක් වේවා කියලත් පතනවා පළාතේ හැම දෙනාගේම සුවය පිණිස!!!

  13. ශැගියා Says:

    මේ ගෝල් පිස්….උඹේ lyf ඵක නම් මාරයි.වෙන්න ඔන හැම මගුලම වෙලා තියනවා…

  14. චතුර.. Says:

    හොඳ අත්දැකීමක් මොනවා උනත් අර දෙන්නට සනීප වෙනව නම් එච්චරයි..

  15. තාරක Dilsh@n Says:

    ඓහෙම වුනාට පස්සේ ඒ මතකයනම් ආයෙ එන්නේ නෑ. මීට අවුරුද්දකට කලින් මටත් ඔහොම එකක් උනා. තාම ගෙදරින් ගිය හැටිවත් මතක නෑ.
    දෙන්නට ඉක්මනට සුව වෙන්න කියල පතනවා!

  16. හිස් අහස Says:

    අර අන්තිමට කියාපු එක ගැන තමා මම මේ තවම හිතන්නේ . වෙඩින් එකක් දාට කස්ටිය පට්ට යන්න ගහලා එනවා ඇති ඔතනින් ඒකයි ..

    මස්සිනාලා දෙන්නට ඉක්මන් සුවය පතමි !

  17. නදුන් උයන Says:

    මම ලගදි දැක්ක අනතුරු අඩු කරගන්න කියල පිරිත් කියනව පාර දිගේ…
    අනේ මන්ද.. ඔය මොනව කලත් වැඩක් නෑ… රියදුරෝ විනීත නැත්නම්…

    මාලු මිතුරන්ට ඉක්මන් සුවය පතන්වා….

  18. Nisupa Says:

    අම්මෝ අර දත් වලට වුන වැඩේ ඇහුවාම ඇඟ හීතල වෙලා ගියා…

  19. කල් Says:

    මේ මචෝ ගෝල්‍ෆිශෝ,මොනවද උබට නොව්නෙ කියල එක්ක ලියපන් කෝ…
    (උබනම් මාර පොරක් ඈ…..)

  20. tharindu Says:

    කවදද වුනේ බන් අපිට ආරන්චි වුනේ නෑනේ……..කොතනද තැන අර මොටසයිකලයක් හැප්පිලා අමි එකේ කොල්ලෙක් මැරැණ තැනද ?එතන මහ මුසල තැනක් බන්..මාරයගේ නවාතැනක්……….

  21. පන්සල් හංදිය Says:

    මාත් ඔහොම අත්දැකීමකට මූණ දීලා තියනවා ……..
    වැඩක් නැහැ කතා කරලා, තුවාල වෙච්ච කෙනා අහන ඒවට උත්තර දෙන්න කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ …….
    දැන් කොහොමද ලෙඩ්ඩුන්ට …..

  22. සිතුවම් Says:

    “දැන් ඉතිං එතෙන ඇක්සිඩන්ට් එකක් හැප්පුනා”
    ඔක්කෝම හොඳයි.මේකේ තෙරුම මොකෑ මාලුවා?

    අයියෝ වරෙන්කො මාත් එක්ක හොස්පිට්ල් යන්න.ගියානම් උඹට ඇඩෙනවා ඒකේ ඉන්න ලෙඩ්ඩු දැක්කම.මමනම් දැන් අවුරුද්දක් තිස්සෙ හොස්පිටල් ගාටනවා අයියව බලන්න.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: