අපෝ මූ හෙන බොළඳයිනේ….

කෙල්ලෙක් ගැන හිත හිත හිටිය කොල්ලෙක්….

මුළු ජීවීතේම, කෙල්ලගේ මායම් වලට රැවටිලා…

අන්ත අසරණ කරගත්තා…

ඒත් කෙල්ලට, කොල්ලා ගැන ගානක් වත් නෑ…

ඇත්ත… කෙල්ල කොල්ලගේ ජීවිතේම වුනාට,

කොල්ලා කෙල්ලගේ ඇඟිලි අතරින් උඩට පැන්න…

දූවිලි කැටයක්වත් වුනේ නෑනේ…

දැන් ඒ කෙල්ලම….

කොල්ලට පරාජය දීපු දෙයක් එක්ක තරඟයක….

හ්ම්….

කමක් නෑ… කෙල්ල දිනයිනේ…!!!

 

හිත ඇතුලේ ආයෙමත් සැරයක් පුංචි දුකක්… බලාගෙන ඉන්නවා, ඇස් අස්සෙන් කඳුළු වෙලා ඇවිල්ලා… උගුරු දන්ඩෙන් මහා ඝෝෂාවක් නගාගෙන පිටවෙලා යන්න. ඒත් ඉතිං බැහැනේ… එතකොට හැමෝටම හිතෙයි,

 

අපෝ මූ හෙන බොළඳයිනේ….

 

76 Responses to “අපෝ මූ හෙන බොළඳයිනේ….”

  1. deeps Says:

    තනියම ඉන්න වෙලාවක අඩන්න ඕනේ නම් අඩන්න. කවුරුවත් දකින්නෙත් නැහැ, බොළඳයි කියලා හිතන්නෙත් නැහැ.. ඇති වෙනකන් අඩන්න පුළුවන්. දුක පිට කරගන්නවා කියන්නේ බොළඳ වෙනවා කියන එක නෙවෙයි මාළුවෝ

  2. maathalan Says:

    අඬන්න ඕන වෙලාවට අඬපන්.. උඹ හිනාවෙන්නෙ කාගෙන්cඅත් අහල නෙමෙයිනේ.. ඕන එකෙක් ඕන දෙයක් හිතපුදෙන්.. උඹ අඬපන්..

  3. මධුරංග Says:

    අර කිව්වත් වගේ තනියම කරන දෙයක් තමයි.
    මොකද ඔය හැම දුකක් ම තනියම දරා ගන්න එපැයි. මොකෝ මාලු අයියට එකපාටරම ඔහොම දෙයක් හිතුනේ.

  4. Explorer Says:

    ඕවා ගණන් ගන්න එපා.හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ

  5. හංසකිංකිණි Says:

    කවුරුත් ජීවිතේ ඔය වෙලාවෙදි බොළඳයි තමා පිෂ් මලයො… උඹ විතරක් නෙවෙයි මේ කතා කරන අපිට වුණත් එච්චරයි.. අඬන්ඩ අපෙං ලයිසොං ඉල්ලන්ඩ ඕනෙ නෑ… උඹ අඬපං… ඕන්නං කෑගහල අඬපං… හැබැයි එකක් කියන්නං.. අඬන්ඩ ඕනෙ වෙලාවෙදි ඇඩවෙ නැත්තං උඹට පස්සෙ කාලෙක ලොකු දුකක් ඉතුරු වෙයි…!

  6. prarthana Says:

    කොල්ලෙක් අඬනව කියන එක ලැජ්ජාවට කරුණක් නෙවෙයි මල්ලි. දුක පිට කරගන්න මොනම ක්‍රමයක් හරි තියෙන්න ඕනේ, ඒකට තමයි කඳුළු අපිට ලැබිලා තියෙන්නේ. කොල්ලෙක් අඬනවා කියන්නේ මට නම් ඒක් ලොකුම දෙයක්. මොකද ඒ කොල්ලගේ අව්ංක හැඟීම් ඔක්කොම ඒ කඳුළු වලින් කියාපාන නිසා.

  7. මදුශාන් Says:

    අනේ අඬපං බං………….
    ඕනි එකෙක් ඕනි එකක් කියපු දෙන් ඇඟේ ඇලෙන එකක් යෑ……
    අඬන උංට බොලඳයි කියන්නෙ ජීවිතේට අඬලා නැති උං..
    ඒ කියන්නෙ හිනාවෙලත් නැති උං……………………………

  8. Prabha Says:

    deeps akka kiyapu de hari…adanna ona welawta hithe duka nathi wenakm adanna maluwo..loketa penna hinawela hithe duka hira karn inna eka hugak amarui,,.mat eka hodta dnnawa.. e nisamai kiyanne…. adanna hithena welawata athi wenkam adanna.. ita passe hithta loku sahalluwak danei.. kollek adanwa kiyanne kohomatawat bolada wedak nemei..

  9. cjgayan Says:

    මම නම් කියන්නේ අපි හැමෝම වෙලවකට බොළඳයි තමයි ඒ උනාට ලෝකෙටම පේන්න අඬනවට වැඩිය එක දරාගෙන ඉන්න පුරුදු වෙනවනම් එක කොල්ලෙකුට වටිනවා ..

  10. නවම් Says:

    අඬපන් බන් ඕකෙ මොන ලැජ්ජාවක්ද, මයෙ වටේම ඉන්න උන් දන්නව මං අඬනව කියල. 😀

  11. මන්තරකාරි Says:

    අඬන්නෙ බොළඳ කමටම නෙවෙයි. දුක පිට කරන්න. ඒත් මාළුවෝ A/L ඉවර වෙනකන්ම අඬන්න එපා. දුක පිට කරලා හිනා වෙවී ගියාට ඇස් දෙක ඉදිමුනාම ලෝකයා දැන ගන්නවා ඇඬුවා කියලා…

  12. බෙලෙකා Says:

    ඔය වගේ කේස් එකක් ආවහම අඬපන්.කොහොම හරි අඬපන්.දවස් දෙකෙන් වැඩේ සේප්

  13. සෝරෝ Says:

    අඬන්නෙපා බං පිස්සුද… උඹ එච්චර බොළඳයි ද බං…. හික් හික්……….. 😀

  14. පිස්සු පුසා Says:

    අඩන්න සහෝ අඩන්න.අඩලා ඒක ඉවරයක් උනාම ආයෙත් හිනා වෙන්න

  15. ගිනි තුරුල්ලා... Says:

    අපෝ මූ හෙන බොලදයිනේ කියලා මොකෙක් හරි කිව්වොත් ඇනපන් දත් 4ක් බිම වැටෙන්න.. ඇයි යකෝ ඇස් දෙක අපේ නම් කඳුළුත් අපේ නම් ඇඩුවයි කියලා අනිත් උන්ට මොකෝ?

  16. සාතන් Says:

    උඹට අඩන්න ඕන නම් අඬපන්…. හැබැයි ඉතිං අඬ අඬ ඉද්දි මිස් වුන දේවල් ගැනත් අඬන්න නොවෙන විදිහට…

  17. Gayan Ruasinghe Says:

    හිතට දරා ගන්න බැරි දුකක් ආවොත් ඒක නැති වෙලා යනකම් අඩපන්. ඔය එක එකා කියන එව්ව අහන්න එපා. අනික උන් දන්නෙ නැ ඒ දුකේ තරම…. උනුත් ඔය වගේ අවස්තාවල කන පැලෙන්න අඩනව ඇති..
    ජය..

  18. කෝඩුකාරයා Says:

    අඬන්න හිතෙන වෙලාවට කෑගහල අඬපන්.අඬන වෙලාවට බොළඳයි කියන එවුන් ජීවිතේ කවදහරි තේරුම් ගනියි අඬන එක බොළඳ කමක් නෙමෙයි කියල……….

  19. Ayesha Says:

    adana eka bolada wedak kiyala mama nam hithanne. adanna one welawata adanna one. ethakota hitha nidahas wenawa

  20. aku Says:

    අඞන්න ලැජ්ජ වෙන එක තරම් බොලඳ කමක් තව කොයින්ද

  21. Nisupa Says:

    හ්ම්….මටත් කියන්න තියෙන්නේ අඬන්න කියලා තමයි. ලෝකෙටම පේන්න අඬන්න ඔනේ නෑ. ඒත් තනියෙන් වෙලාවක් හොයාගෙන අඬන්න. එතකොට හිතට දැනෙන සහනය වෙන දේකින් ලැබෙන්නේ නෑ. තනියම අඬන්න බැරිනම් හොඳම යාලුවෙක් හොයා ගෙන එයාට කියන්න, එයා ඉස්සරහ අඬන්න ලැජ්ජ නැතිනම් අඬන්න.

  22. පිණිබිඳු Says:

    අනේ උඹ අඩහන් බං. අපේ හිතේ දුකට අපි අඬන්නැතුව අල්ලපු ගෙදර එකා අඬන්නයැ. අපි ඉන්නවනෙ යාලු පිට් එකට.

  23. අකීකරු හිත Says:

    දුක දැනෙන්නේ තමංගේ හිතට නම් ඒ දුක නැති කර ගන්න පුළුවන් වෙන්නේ තමන්ටමයි…..අඩන්න ඕන වෙලාවට හිත හිත ඉන්න එපා… අනෙක් අය ඔයාට විහිළු කරයි කියලා හිතෙනව නම් කවුරුත් නැති තැනකට වෙලා අඩන්න…ඇස් වලින් ගලන කදුළු තමන්ගෙ නම් මොන කෙහෙම්මලකටද අනෙක් අය ගැන හිතන්නේ….

  24. කස්සා Says:

    ජිවිතේ කියන්නේ ඔහොම තමා…ඔය මොනදේ උනත් අන්තිමට දුක තමා මචන්.ඔලුව කෙලින් තියාගෙන හිටපන්.

  25. පූසා Says:

    ඇයි බං අපිට අඩන්න බැරිද? අපිට දුක දැනෙන්නේ නැද්ද? කෙල්ලන්ට විතරද අඩන්න පුළුවන්?

  26. පිස්සිගෙ ලෝකය Says:

    ඔන්න ඔහේ අඬපන් බන් කවුරු දැක්කත් මොකෝ 🙂

    මොනහරි කිව්වොත් කිව්ව එකාගෙ මූනටම ඇඩෙනකන්ම ගහලා කියන්න උබ වගෙ තමයි මමත් රිදෙනවට අඩන්නෙ කියල 😛

  27. Sajith Says:

    අඩන්න මචන්, අඩන එක ජෛව අවශ්යතාවක් කියල මම අහල තියනවා…..

  28. සිතුවම් Says:

    සිනහවලට වඩා ඔබේ කඳුලුවලම මං ආසයි කියා සිංදුවකුත් තියෙන්නෙ බං.ඕක ඉතිං ගෑණු පිරිමි භේදයක් තියෙන එකක්යැ.අඩපන් බියර් එක්කුත් අරන් මාත් එන්නම් අඬන්න..

  29. blog gadol Says:

    ඔය කවුරුත් නැති වෙලාවක් බලලා හොඳට අඬපන්

  30. හපා Says:

    කොල්ලෙක් අඬනව දැකල “අපෝ මූ බොලඳයිනෙ” කියන්නෙ ඔක්කොටම වඩා බොලඳ උන්.උඹ කරන්න ඕන උඹේ හිත කියන දේ……

  31. චතුර.. Says:

    මටත් කියන්න තියෙන්නේ අඬන්න ඕනේ වෙලාවට කෑගහලා අඬපන් හිනාවෙන වෙලාවට කෑ ගහලා හිනා වෙයන්..

  32. ~ChAnDiKa~~ Says:

    අනේ අඬපන් බන්. මොකද බොළඳ උන්ට විතරද දුකට ඇස්වලට කඳුලු එන්නේ? 🙂

  33. පන්සල් හංදිය Says:

    මෙන්න මේකා අඞන්නෙ නැතුව අඞලා ………
    අඞන්න ඕන වෙලාවට අඞපන් මල්ලි කවුරු හිටියත් ඒක ගැන හිතන්න එපා ……….


prarthana වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: