බුදු හාමුරුවන්ට මුවාවී වැල බැලීම….

මේ කතාවටනම් සමහර කට්ටිය මට බනිවි. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ කතාව ලියන්නම වෙනවා. මේ ලඟදී දවසක අ‍පේ ඔෆිස් එකේ අයියා කෙනෙක් මගෙන් ෆෝන් එක ඉල්ලුවා. මං හිතන්නේ සිංදු ටිකක් ඉමේජස් ටිකක් එයාගේ එකට දාගන්න වෙන්න ඇති. කෝල් එකක් ගන්න නම් නෙමේ. අපේ ඔෆිස් ලයින්ස් තුනක් තියෙන නිසා මොබයිල් එකකින් කෝල් එකක් ගන්නේ බොහොම කලාතුරකින්… දන්න අය දන්නවා ඒ ගැන…

ඒත් ඉතිං ම‍ගේ ‍ෆෝන් එක මං කාටවත් දෙන්න කැමති නෑ… මොකද ඒකෙ මගේ යාළුවන්ගේ නොම්මර, එතකොට එක එක වෙලාවල් වලදී සේව් කරගත්ත පොඩි පොඩි නොට්  එහෙම තියෙන නිසා. ඔය මොනව නොතිබුනත් අඩුම ගානේ ෆෝන් එක වැඩ නොකර තිබුනත් මං දෙන්න කැමති නෑ. ඒ මගේ හැටි. ඉතිං අර අයියා ෆෝන් එක ඉල්ලුවාම මං නිකං විහිලුවටත් එක්ක…

පිස්සුද බං… මේක දීලා කොහොමද… කියලා කිවුවා.

පස්සේ ඉතිං මෑන් මට කියනවා. ඔව් ඉතිං ඕකේ වැල පුරවලා ඇතිනේ. උඹ නිතරම ඉන්නේ ඉන්ටර්නෙට් එකේනේ බං….. කියලා. ඕං ඉතිං මං අහගත්ත හරිය.

මං ඉතිං පොරගෙන් අහන්න ගියේ නෑ ‍ඇයි එහෙම කිව්වේ කියලා… තේරුමක් නෑනේ… අනික මං හේතුවත් දන්නවනේ… කොහොමහරි ඉතිං මට ඇත්තටම ඉන්ටර්නෙට් තියෙන නිසා (ගෙදරයි ඔෆිස් එකෙයි) මගේ ෆෝන් එකේ ඇත්තටම ඔව්වා දාලා තියන්නේ නෑ. අනික හිටි ගමන් කොච්චර තරහා වුනත් යශෝධරාත් ෆෝන් එක ඉල්ලනවා. එතකොට ඉතිං එක එක ඒවා තිබ්බොත් එහෙම ඇදිලා තියෙන ස්වීප් එක මදිවට තවත් ස්වීප් එකක් ඇදිලා නඩුවකුත් ෆයිල් වෙනවා. ඒක නිසාම සහ ඇත්තටම මේ ටූ ජී.බී මෙමරියේ ඕවා දාන් ඉන්න ඉඩ නැති නිසා මං දාන්නේ නෑ…. මේ වෙනකන් එහෙම එකක් මගේ ෆෝන් එකට වෙන එකෙක්ගෙන් ට්‍රාන්ෆර් වෙලා නෑ…

දැං මේ පංපෝරි ගහනවා නෙවෙයි… ෆෝන් එකේ නැත්තේ ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙන නිසා හරිද… මහින්ද මාමා සයට් කීපයක් බ්ලොක් කරාට ඒ තිබ්බ සයිට් වලට වැඩිය පට්ට ඩේලි අප්ඩේට් වෙන සයිට් ‍බර ගානක් ඊට පස්සේ ආවා කියලා පොර දන්නේ නැතුව ඇති. අනික ඔය බ්ලොක් කරපුවට වුනත් ඕනේ පොඩි එකෙක්ට යන්නත් පුළුවන්….

ඉතිං මං මේ කියන්නේ ඒ වගේ දෙයක් ගැන තමා. ගොඩක්ම මේ අවුල තියෙන්නේ පාසල් යන සහ පාසලෙන් ඉවත් වෙච්ච අළුත වගේ ඉන්න පිරිමි ළමයි ගාව. ගැහැණු ළමයි ගාවත් යම් මට්ටමකට තියෙනවා මං හිතන්නේ. මොකද ඉතිං කෙල්ලෝ කියන්නේ හැඟීම් දැනීම් නැති අය නෙවෙයිනේ….

කට්ටිය දැකලා ඇතිනේ ගොඩක් ‍ෆෝන් වල වෝල් පේපර් එකට දාලා තියෙන්න බුදුහාමුරුවන්ගේ රූපයක් හරි, ජේසු තුමාගේ රූපයක් හරි. ඒත් ඒ ඉ‍මේජ් එක ඇත්තෙත් ඉතා සීමිත ෆෝන් මෙමරි එකේ… දැන් තියෙන හැම ෆෝන් එකකටම වගේ එක්ස්ටර්නල් මෙමරි කාඩ් ගහන්න පුළුවන් නිසා, හැමෝ ගාවම අඩුම ගානේ ගිගාබයිට් 2ක වත් මෙමරියක් ‍තියෙනවා. ඉතිං මං නිකමට, කීපදෙනෙක්ගේ අවසර ඇතුව බලපු ‍ෆෝන් වල මෙගා බයිට් 300ත් – 600ත් අතර ප්‍රමාණයක් සිංදු තියෙනවා. ඒ වගේම තවත මෙගා බයිට් 200ක විතර වැල වීඩියෝ සහ වැල ෆොටෝ…

ඒවටත් වැඩිය ආරක්ෂාවක් නෑ… අඩුම ගානේ හයිඩ් කරපිය. ඒත් නෑ… නිකං ඔහේ දාලා තියෙනවා. වැඩිම වුනොත් ෆෝල්ඩර් දෙක තුනක් අස්සේ ගහලා තියෙන්නේ. මං අර කිව්වේ බුදු රූපයක් ගැන. අන්න ඒක වෝල් පේපරයට දාලා තියෙන ෆෝන් තියාගෙන ඉන්න කීප දෙනෙක්ගේ තමා මං සීන් එක බැළුවේ… අපරාදේ කියන්න බෑ… ඒ බුදු හාමුදුරුවන්ගේ රූපේ විතරයි සමහර ෆෝන් වල වැදගත් කමක් තියෙන එකම එක පින්තූරේ වුනේ. අපිට ඒක වැදගත් වුනාට ඒක දාගෙන ඉන්න අයට ඒක ඉතා වැදගත් වෙනවා. මොකද ඒක තමා උංගේ බේරුමට තියෙන එකම දේ… මොකද හැමෝම හිතන්නේ මූ හෙන බෞද්ධයා… මූ ගාව නරක දේවල් නැතුව ඇති කියලනේ… ඒත් ටිකක් විපරම් කරලා බලද්දී බුදු රූපකෙට මුවා වෙලා තියෙන නරකම එව්වා තියාගෙන ඉන්නෙත් පොරවල්ම තමා. මේ අතර ඇත්තටම හොඳ අයත් ඉන්නවා. ඒත් පාසල් යන ළමයින් පවා මේ විදියට හොඳ මූනක් දාගෙන සමාජයේ රඟපාලා උංගේ ජීවිත නැති කරගන්නවා.

මට තේරෙන්නේ නෑ මේක වැරදිද නැද්ද කියලා… මොකද ඒ අයටත් විවිධ ආශාවල් තියෙනවා, හැඟීම් දැනීම තියෙනවා… අපිට ඉතිං ඉන්ටර්නෙට් තියෙන නිසා අපි ෆෝන් වල දාගෙන ඉන්නේ නෑ… ඒත් ඉතිං ඉන්ටර්නෙට් නැති අයට කුමන සහනයක්ද…?

අනික මාත් ස්කෝලේ යද්දී ඔව්වා බලලා තියෙනවා. ඒ දවස්වල ඉතිං ෆෝන් තිබුනේ නෑනේ… මුද්‍රිත මාධ්‍ය තමා ඒ දවස් වල ජනප්‍රිය. මේක මට හෙන ගැටලුවක්… මට ඇත්තටම හිතාගන්න බැරි ඇයි මේ යක්කු ෆෝන් එකේ ජරාව පුරෝගෙන ඒකෙ හෙලුව වහන්න ආගමික දේවල් යොදාගන්නේ කියලා… උංට බැරිද මලක් දාගන්න, එහෙම නැත්තං ඔය මොකක් හරි වෙන එකක්…

කව්රි හරි දන්නවද ඔය කරන වැරැද්දට බුදුදහමේ හැටියට, තමන්ගේ පව් ගොඩට එකතු වෙන පව  මොකද්ද කියලා…? එහෙමත් නැත්තං අපිට විඳින්න වෙන කර්මයේ ආකාර‍ය මොකද්ද කියලා…..???

66 Responses to “බුදු හාමුරුවන්ට මුවාවී වැල බැලීම….”

  1. උපුල් Says:

    මටත් මේ ගැන නම් අත්දැකීම ඇත අයියා! හෙහෙ

  2. මධුරංග Says:

    ඔන්න මම නම් ඕවට මුකූ….ත් කියන්නේ නෑ හරිද.
    පවු නේ බලපුදෙන් !!!!

  3. සිතුවම් Says:

    කාලෙකට ඉහතදි A/L කරණ කාලෙ මගෙ 4න් එකෙත් තිබ්බා.ඒනිසා මේ ගැන අදහස් දක්වන්න මම සුදුසු නැද්ද මන්ද.හැබැයි කවදාවත් බුදු හාමුදුරුවන්ගෙ 4ටෝනම් තිබුනෙ නෑ.
    හැබැයි දැන්නම් මගේ 4න් එකේ ඕව මුකුත් නෑ.
    මෙහෙමයි මාලු හැබැයි අපි බෞද්ධයෝ කියල 4න් එකේ වැලක් තිබ්බ කියන එකනම් ඉතිං අව්ලකුත් නෑ.ඔය කාලෙට හැදෙන ආසාවල් ලෙඩනෙ.අපේ සාස්තෲවරයා හැටියට බුදු හාමුදුරුවෝ ගැන ගෞරවයක් තියෙනවා.සමහර විට ඒ හින්ද wallpaper එකට ඒක දාගෙන ඉන්නව වෙන්න පුලුවන්.
    හැබැයි කවුරුහරි අර චේතනාවෙන් එහෙම හිතලා ඒ උදෙසාම පිංතූරෙ භාවිතා කරල තියේනම් ඒක කැතයි.

  4. නවම් Says:

    ඕක හරියට අර ඉස්සරහ වේගෙන් යන බස් රියදුරාගෙ අම්ම මතක් කර කර පිටිපස්සෙන් හුරේ රන් එකක් දෙන අනිත් බස් එකේ පිටිපසෙ ගහල තියන “මේ බුදුන්ගේ දේශයයි” වගේ තමා. ආගමික සංඛේත ඔහේ පාවිච්චි කරනව මිසක් හැඟීමකින් යොදාගන්නව නෙවෙයිනෙ.

    ගොඩක් වෙලාවට ආගම ඉස්සර කරන් යන්නෙ හිස් බව වසාගන්න. එහෙමත් නැත්නම් කැත කුණු වසාගන්න. නැත්නම් අර කැලණියෙ චන්ඩියා අහවල් දේකටෙයි පිරිකර අරං මල්වත්තෙ බඩගාන්නෙ. ඒ මදිවට පින්තූර අරං ප්‍රවෘත්තිවල එහෙම දාන්නෙ.

    මම කිව්වට හොයල බලන්න ඔය බුදු පින්තූර ෆෝන්වල දාගෙන ඉන්නෙ මොනවගේ බැක්ග්‍රවුන්ඩ් එකකින් එන අයද කියල. මගේ සොයාගැනීම මෙතන සටහන් කරන්නෙ නැත්තෙ, ඒ කුලකයට අහු නොවෙන සැබෑ ආගමික භක්තියකින් එහෙම කරන කිහිපදෙනා අපහසුවකට ලක් නොකරන්නයි.

  5. buddie-බුඩී Says:

    වැරැද්දක් නැත. කොහොම හරි වැල ටික පරිස්සම් කර ගන්න නේ මේ කට්ට. පව්නේ 😛

  6. Explorer Says:

    මම ඔහොම එකෙක් නෙමේ කිව්වොත් පිලිගන්නවද? 😀

  7. පූසා Says:

    ෆෝන් එක විතරක් නෙමෙයි උඹ උඹේ කැමරාවත් කාටවත් දෙන්න කැමති නෑ 😀
    මොනවද බං වැල කියන්නේ? ගස් වටේට යන එව්වද? අතුරු පසටගන්න එව්වද?

  8. සාතන් Says:

    “මේ ටූ ජී.බී මෙමරියේ ඕවා දාන් ඉන්න ඉඩ නැති නිසා මං දාන්නේ නෑ…” මොනා වුනත් මාලුව ඇත්ත කියල තියෙනව… 🙂

    මට නෑනෙ යකෝ අඩුම ගානෙ සින්දුවක්වත් දාගන්න පුළුවන් ෆෝන් එකක්… 😦

  9. Buwa Says:

    ආගමික සංඛේත තමන්ගේ කැත වහගන්න පාවිච්චි කරන එක අපේ රටේ හැටි , තොග පිටින් මිනි මරපු රාජ්‍ය නායකයො මල් වට්ටි අරන් පන්සල් ගියපු , පෝයට සිල් ගත්ත රටක් මේක . එහෙව් එකේ ඕව මොනාද බන් ….. කොහොමටත් වැල පෝන් වල දාගෙන යනව නම් පරිස්සමෙන් මොකද පොලෝසියෙන් අල්ලනවලු , දන්නවනේ ලංකාවේ පොලිසියේ හැටි (ඉරාජ් ගොය්යා කියනව වගේමනේ …හි හි හි )

  10. දුකා Says:

    ගොඩක් පොරවල් ඔහොම තමයි බන් . . හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් . . රට පාලනය කරන එකාගේ ඉඳන් ඉස්කෝලේ යන පොඩි එකාට වෙනකම් තියෙන්නේ රැවටීම . . . ආසියාවේ ආස්චර්ය කියන්නේ ඕකට වෙන්ටැ. . හික්ස්

  11. Gayan Ruasinghe Says:

    ජය වේවා. ඔන්න කාලෙකට පස්සෙ කතා කරන්න පුලුවන් පෝස්ට් එකක් දැම්මා. උබ කියන කතාව ඇත්ත මචං. මමත් ඕක දැකලා තියෙනව. අර කිව්වත් වගෙ මගෙ ජංගමෙත් වැලා නෑ.. සුදු මැනික එක්ක යෞලු එන්න කලිනුත් නෑ, දැනුත් නෑ.. මම මේ කියන්නේ ෆෝන් එක ගැන…

    ජය,,,,

  12. කෝඩුකාරයා Says:

    4n එකේ බුදුහාමුදුරුවන්ගෙ ෆොටෝ එකක් wallpaper එකට දාල තිබුනටනම් කමක් නෑ.ඒ උනාට සිතුවම් අයිය කියනව වගේ ඔය කියන අරමුණින් බුදුහාමුදුරුවන්ගෙ ෆොටෝ එකක් wallpaper එකට දාල තියන එකනම් මාරම කැත වැඩක් තමයි.

  13. බෙලෙකා Says:

    මාලුවගෙ ඔලුව වැද්දද කොහෙවත්?
    අඩේ කොහොම උනත් සීන් එක නම් ඇත්ත මචං.
    1.මමත් කමති නැ නෙව වෙන එව්වොන්ට ෆෝන් එක දෙන්න.[මේ යක්කු මේක තේරුම් ගන්නෙ නැති හැටි.අනේ පුලුවන්නම් ඔන්න ඔය අවුලට උඹේ ඉස්ගෙඩි මොලෙන් මොකක් හරි මෙව්ව එකක් මෙව්ව කරපංකො]
    2.අනේ බං මමත් ෆෝන් එකට තියා මැසිමට වත් වැල නම් දාගෙන නැ.බොරු මක්කෙටෙයි.මොකෝ වැලක් දැකල නැති එවුන් ඉන්නවනම් උන් එක්කො අඩුම ගානෙ 6 වසරෙන් පල්ලෙහා වෙන්න ඕන.
    කොහොම උනත් මල් වාලුවෝ,ඔය බුද්ධ රූප දාගෙන වැල ඇතුලෙ තියෙන ෆෝන් නම් මට අහුවෙලා නැද්ද කොහේ.

  14. ගිනි තුරුල්ලා... Says:

    මම නම් කීයටවත් බුදුහාමුදුරුවන්ගේ පින්තූරයක් වෝල් පේපර් එකක් විදියට දාන්නේ නෑ. මොකද ෆොන් එක තියෙන්නේ සාක්කුවේ, එහෙම නැත්තම් ඔය කොහේ හරි මේසයක් උඩ. බුදුරුවකට එහෙම කරන එක හරි මදි..
    කෝමද වැල පුරෝගෙන පාරේ යන කොට පොලියෙක්ට අහු වුනොත් ආතල් එක???!!!
    ප්‍රයිවසි එකට හෙන ගහලා පලයන් කියලා පොලිසියට ෆෝන් අදින්න අවසර දුන්න එක නම් මහා චා වැඩක්… අනික තමා මම කාගෙවත් ෆෝන් එකක් අදින්න කැමතිත් නෑ මොන කොටළුවෙක්වත් මගේ ෆෝන් එක අදිනවටත් කැමති නෑ…..

  15. Malith Says:

    වෝල් පේපර් එකට වත් බුදුහාමුදුරුවො දාගෙන ඉන්නව කියල හිත හදාගනින් මාළුවො, ඔය ටිකවත් නැතිඋන් කොච්ච‍්ර ඉන්නවද 🙂

  16. දේවා Says:

    සිරාවටම මමත් මගේ කිසිම ෆොන් එකක් (සිම් 4 එකයි, හැමදේටම රෙඩි නොකියා මියුසික් එක්ස්ප්‍රෙස් එකයි )(ඔක්කොම සිම් 5යි) කාටවත් දෙන්න කැමතිත් නැ.. ඔවා බලලා නැ කියලා මම කියන්නේ නම් නැ… එත් මගේ ෆොන් එකටනම් ඕවා දාලාම නැ… එදා ඉදන්ම කාටවත් මම ෆොන් දෙන්න කැමති නැ.. අනේ මන්දා ඒ ඇයි කියලා නම්

  17. Kasun Chanaka Says:

    මම නම් ෆෝන් එකට බුද්ධ රූප දාන්නෙ නෑ. ඔය හේතුව නිසා විතරක් නෙමෙයි, අපි ෆෝන් එක දාගෙන ඉන්නෙ සාක්කුවේනෙ. බුද්ධ රූපයක් දාගෙන සාක්කුවේ දාගෙන ඉන්න එක හරි නෑ නෙ.

    මට තව සිද්ධියක් මතක් වුනා. ඉස්සර ගෙදර බුදු පිළිමෙ තිබුනෙ මගේ කාමරේ. කම්පියුටර් එක ගෙනාවම දැන් වැඩේ අවුල්. මොනිටරේ කෙලින්ම වගේ තමයි මල් ආසනේ තිබුනෙ. එතකොට ඉතින් මුකුත් බලන්න බෑ නෙ. පස්සෙ මම ශේප් එකේ ආච්චිට බෝලෙ බස්සල බුදු පිළිමෙ ආච්චිගෙ කාමරෙන් ගහල දුන්න.

  18. chathurawind Says:

    අනේ මන්දා බන් කියන්න දෙයක් නෑ,ඕකේ දාන් ඔව්ව බලන්න පිස්සුවක් ඇතැයි.. මම නම් ගිගා හතරකම සිංදු දාගෙන ඉන්නේ මොකද නැත්නම් හැමදාම බස් එකේ පැය තුනක් හතරක් කට්ට කනකොට අහන්න වෙන්නේ එකම සිංදුවනේ..

  19. හිස් අහස Says:

    මගේ ෆෝන් එකේ නම් ඔවුවා එකක්වත් නෑ බං . මට බලන්න ඕන නම් මම ෆෝන් එකේ බලන්නේ නෑ මගේ පරිගණකයට දාගෙන කාමරේට වෙලා රෑවෙලා බලනවා . මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඒතරම් ක්ලියර් නෑ බං .. අනික මම කොහොමත් හරි අහිංසක කොල්ලෙක් .. මම ඔවුවා බලන්න හිතන්නෙවත් නෑ

  20. jeewan Says:

    මම නම් කියන්නේ ෆොනේ එකේ වැල පුරවාගෙන ඉන්නවනම් හොදම දේ තමයි වෝල් එකට බුදු පිළිමයක් හරි ජේසු තුමාගේ පිළිමයක් හරි ෆොටෝ එකක් විදියට තියා ගන්න එක එතකොට එකෙන් වත් හිත කූල් වෙයිනෙ එහෙම කිව්වා කියල මගේ ෆොනේ එකේනම් ඕව නෑ ගිගා බයිට් 2 ක මෙමරියෙන් 1 යි 800 කම වැල තිබ්බ කාලයක් තිබ්බා එත් දැන් අපි හොද ළමයි 🙂

  21. sahan Says:

    sahan
    machan kathawa aththa…godak aya hoda katha tikakuth
    kiyala thibba..a nisa amuthuwen kiyanna deyak naha mata..
    ada hamoma thamange heluwa wahaganne sinhala kamai, api hena
    bawdayoy kiyala pennalane ban..
    oya wage unta henama gahanna one , nathnam me loketa hena
    gahana eka nawaththanna baha…
    ( samawenna wachana walata, eth thawa thawath thodol karala hari yanne naha…)

  22. අමා Says:

    ඔය ගොඩාක් උපාසකයෝ/උපාසිකාවෝ වගේ ඉන්න අය තමයි අන්තිමට බැලුවාම චාටර් ම වැඩ කරන්නේ. බොරු මුණු දාගෙන සමාජෙට හරි හොඳ ළමයි වගේ හිටියට, අනේ ඉතින් වැඩක් තියෙනවද? තමන් දන්නවනේ තමන් ගැන…
    දවසක් මගෙන් එක්කෙනෙක් අහනවා ඇයි ඔයාගේ වෝල් පේපර් එකේ වත්, ෆෝන් එකේවත් බුදු හාමුදුරුවන්ගේ පින්තුරයක් නැත්තේ කියල. මං කිව්වා බුදු හාමුදුරුවෝ මගේ හිතේ ඉන්නවා, ඒ ඇති කියල.

    • ගෝල්ඩ් fish Says:

      අක්කා මටද කොහොද හෙන හින්ට් එකක් ගැහුවා…. 😛

      අනේ ඇත්තමයි මගේ ෆෝන් එකේ නම් තියෙන්නේ එකම එක බුදු හාමුදුරුවන්ගේ පින්තූරයයි. ඒකත් තියාගෙන ඉන්නේ ගෙදර නැතුව දුරක ගියාම උදේටයි හවසටයි වඳින්න. නැත්තං මගේ වෝල් පේපර් එකත් හංසයෝ දෙන්නෙක් ඉන්න එකක්…. එහෙමයි කියලා කිසිම නරක මගුලක් මං ෆෝන් එකේ ඔබාගෙනත් නෑ….

      • අමා Says:

        අනේ මල්ලියෝ ඔයාට හින්ට් ගැහුවේ නැහැ. එහෙම හිත රිදුන නම් සොරි හොඳේ. මම කිව්වේ සමාජේ මිනිස්සු ගැන මම දැකපු දෙයක්. සැබෑ ශ්‍රද්ධාවෙන් බුදු රූප දාගෙන ඉන්න අයත් ඉන්නවා

      • ගෝල්ඩ් fish Says:

        අයියෝ අමා අක්කා, එහෙම කේස් එකක් නැහැ…. මං නිකං කිව්වේ…. මට සොරි වෙන්ට…. 😦

  23. gayan Says:

    කමෙන්ටුවක් දාන්න සැහෙන්න කට්ටක් කන්න උනනෙ.
    ඔය වැඩ නම් එච්චර හොද නැ.ඒත් ඕවා කොහොම වලක්කන්නද ඇ..

  24. බුද්ධි Says:

    මොබයිල් එකකින් කෝල් එකක් ගන්නේ බොහොම කලාතුරකින්… දන්න අය දන්නවා ඒ ගැන…

    දන්නවා දන්නවා ඒ ගැන නං මොකට කතාද! වැල වලට කෙසේ වෙතත් රාජකාරී දුරකතනෙං කැමරා ගැන අහන එකට වෙන පාප කර්මෙ ගැන නං උඔ හොයලා බලහං

  25. Thishura (Hima) Says:

    ඇත්තටම එහෙම එවුනුත් ඉන්නවානේ.මොබයිල් එක Personal Devices එකක්. ඒක තමන්ගේ වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නේ නැතුව වැරදි දේවල්වලට ගැනීම නම් ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෝන්ඩි! (උන්ට එච්චරම බලන්න උවමනා නම් ෆිල්ම් හෝල් එකකට ගිහිං ලොකුවට බලතැහැකි නේ)


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: