බුදු හාමුරුවන්ට මුවාවී වැල බැලීම….

මේ කතාවටනම් සමහර කට්ටිය මට බනිවි. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ කතාව ලියන්නම වෙනවා. මේ ලඟදී දවසක අ‍පේ ඔෆිස් එකේ අයියා කෙනෙක් මගෙන් ෆෝන් එක ඉල්ලුවා. මං හිතන්නේ සිංදු ටිකක් ඉමේජස් ටිකක් එයාගේ එකට දාගන්න වෙන්න ඇති. කෝල් එකක් ගන්න නම් නෙමේ. අපේ ඔෆිස් ලයින්ස් තුනක් තියෙන නිසා මොබයිල් එකකින් කෝල් එකක් ගන්නේ බොහොම කලාතුරකින්… දන්න අය දන්නවා ඒ ගැන…

ඒත් ඉතිං ම‍ගේ ‍ෆෝන් එක මං කාටවත් දෙන්න කැමති නෑ… මොකද ඒකෙ මගේ යාළුවන්ගේ නොම්මර, එතකොට එක එක වෙලාවල් වලදී සේව් කරගත්ත පොඩි පොඩි නොට්  එහෙම තියෙන නිසා. ඔය මොනව නොතිබුනත් අඩුම ගානේ ෆෝන් එක වැඩ නොකර තිබුනත් මං දෙන්න කැමති නෑ. ඒ මගේ හැටි. ඉතිං අර අයියා ෆෝන් එක ඉල්ලුවාම මං නිකං විහිලුවටත් එක්ක…

පිස්සුද බං… මේක දීලා කොහොමද… කියලා කිවුවා.

පස්සේ ඉතිං මෑන් මට කියනවා. ඔව් ඉතිං ඕකේ වැල පුරවලා ඇතිනේ. උඹ නිතරම ඉන්නේ ඉන්ටර්නෙට් එකේනේ බං….. කියලා. ඕං ඉතිං මං අහගත්ත හරිය.

මං ඉතිං පොරගෙන් අහන්න ගියේ නෑ ‍ඇයි එහෙම කිව්වේ කියලා… තේරුමක් නෑනේ… අනික මං හේතුවත් දන්නවනේ… කොහොමහරි ඉතිං මට ඇත්තටම ඉන්ටර්නෙට් තියෙන නිසා (ගෙදරයි ඔෆිස් එකෙයි) මගේ ෆෝන් එකේ ඇත්තටම ඔව්වා දාලා තියන්නේ නෑ. අනික හිටි ගමන් කොච්චර තරහා වුනත් යශෝධරාත් ෆෝන් එක ඉල්ලනවා. එතකොට ඉතිං එක එක ඒවා තිබ්බොත් එහෙම ඇදිලා තියෙන ස්වීප් එක මදිවට තවත් ස්වීප් එකක් ඇදිලා නඩුවකුත් ෆයිල් වෙනවා. ඒක නිසාම සහ ඇත්තටම මේ ටූ ජී.බී මෙමරියේ ඕවා දාන් ඉන්න ඉඩ නැති නිසා මං දාන්නේ නෑ…. මේ වෙනකන් එහෙම එකක් මගේ ෆෝන් එකට වෙන එකෙක්ගෙන් ට්‍රාන්ෆර් වෙලා නෑ…

දැං මේ පංපෝරි ගහනවා නෙවෙයි… ෆෝන් එකේ නැත්තේ ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙන නිසා හරිද… මහින්ද මාමා සයට් කීපයක් බ්ලොක් කරාට ඒ තිබ්බ සයිට් වලට වැඩිය පට්ට ඩේලි අප්ඩේට් වෙන සයිට් ‍බර ගානක් ඊට පස්සේ ආවා කියලා පොර දන්නේ නැතුව ඇති. අනික ඔය බ්ලොක් කරපුවට වුනත් ඕනේ පොඩි එකෙක්ට යන්නත් පුළුවන්….

ඉතිං මං මේ කියන්නේ ඒ වගේ දෙයක් ගැන තමා. ගොඩක්ම මේ අවුල තියෙන්නේ පාසල් යන සහ පාසලෙන් ඉවත් වෙච්ච අළුත වගේ ඉන්න පිරිමි ළමයි ගාව. ගැහැණු ළමයි ගාවත් යම් මට්ටමකට තියෙනවා මං හිතන්නේ. මොකද ඉතිං කෙල්ලෝ කියන්නේ හැඟීම් දැනීම් නැති අය නෙවෙයිනේ….

කට්ටිය දැකලා ඇතිනේ ගොඩක් ‍ෆෝන් වල වෝල් පේපර් එකට දාලා තියෙන්න බුදුහාමුරුවන්ගේ රූපයක් හරි, ජේසු තුමාගේ රූපයක් හරි. ඒත් ඒ ඉ‍මේජ් එක ඇත්තෙත් ඉතා සීමිත ෆෝන් මෙමරි එකේ… දැන් තියෙන හැම ෆෝන් එකකටම වගේ එක්ස්ටර්නල් මෙමරි කාඩ් ගහන්න පුළුවන් නිසා, හැමෝ ගාවම අඩුම ගානේ ගිගාබයිට් 2ක වත් මෙමරියක් ‍තියෙනවා. ඉතිං මං නිකමට, කීපදෙනෙක්ගේ අවසර ඇතුව බලපු ‍ෆෝන් වල මෙගා බයිට් 300ත් – 600ත් අතර ප්‍රමාණයක් සිංදු තියෙනවා. ඒ වගේම තවත මෙගා බයිට් 200ක විතර වැල වීඩියෝ සහ වැල ෆොටෝ…

ඒවටත් වැඩිය ආරක්ෂාවක් නෑ… අඩුම ගානේ හයිඩ් කරපිය. ඒත් නෑ… නිකං ඔහේ දාලා තියෙනවා. වැඩිම වුනොත් ෆෝල්ඩර් දෙක තුනක් අස්සේ ගහලා තියෙන්නේ. මං අර කිව්වේ බුදු රූපයක් ගැන. අන්න ඒක වෝල් පේපරයට දාලා තියෙන ෆෝන් තියාගෙන ඉන්න කීප දෙනෙක්ගේ තමා මං සීන් එක බැළුවේ… අපරාදේ කියන්න බෑ… ඒ බුදු හාමුදුරුවන්ගේ රූපේ විතරයි සමහර ෆෝන් වල වැදගත් කමක් තියෙන එකම එක පින්තූරේ වුනේ. අපිට ඒක වැදගත් වුනාට ඒක දාගෙන ඉන්න අයට ඒක ඉතා වැදගත් වෙනවා. මොකද ඒක තමා උංගේ බේරුමට තියෙන එකම දේ… මොකද හැමෝම හිතන්නේ මූ හෙන බෞද්ධයා… මූ ගාව නරක දේවල් නැතුව ඇති කියලනේ… ඒත් ටිකක් විපරම් කරලා බලද්දී බුදු රූපකෙට මුවා වෙලා තියෙන නරකම එව්වා තියාගෙන ඉන්නෙත් පොරවල්ම තමා. මේ අතර ඇත්තටම හොඳ අයත් ඉන්නවා. ඒත් පාසල් යන ළමයින් පවා මේ විදියට හොඳ මූනක් දාගෙන සමාජයේ රඟපාලා උංගේ ජීවිත නැති කරගන්නවා.

මට තේරෙන්නේ නෑ මේක වැරදිද නැද්ද කියලා… මොකද ඒ අයටත් විවිධ ආශාවල් තියෙනවා, හැඟීම් දැනීම තියෙනවා… අපිට ඉතිං ඉන්ටර්නෙට් තියෙන නිසා අපි ෆෝන් වල දාගෙන ඉන්නේ නෑ… ඒත් ඉතිං ඉන්ටර්නෙට් නැති අයට කුමන සහනයක්ද…?

අනික මාත් ස්කෝලේ යද්දී ඔව්වා බලලා තියෙනවා. ඒ දවස්වල ඉතිං ෆෝන් තිබුනේ නෑනේ… මුද්‍රිත මාධ්‍ය තමා ඒ දවස් වල ජනප්‍රිය. මේක මට හෙන ගැටලුවක්… මට ඇත්තටම හිතාගන්න බැරි ඇයි මේ යක්කු ෆෝන් එකේ ජරාව පුරෝගෙන ඒකෙ හෙලුව වහන්න ආගමික දේවල් යොදාගන්නේ කියලා… උංට බැරිද මලක් දාගන්න, එහෙම නැත්තං ඔය මොකක් හරි වෙන එකක්…

කව්රි හරි දන්නවද ඔය කරන වැරැද්දට බුදුදහමේ හැටියට, තමන්ගේ පව් ගොඩට එකතු වෙන පව  මොකද්ද කියලා…? එහෙමත් නැත්තං අපිට විඳින්න වෙන කර්මයේ ආකාර‍ය මොකද්ද කියලා…..???

%d bloggers like this: