හිතට වැදුන හොඳම එක…..

දැන් ඉතිං ටික දවසක ඉඳන් කැමරාවක් එක්ක ඔට්ටු වෙන නිසා, එක එක විදියේ පරීක්ෂන ​වගේ එව්ව කර කර තාම ෆොටෝ ගන්න ඉගෙන ගන්නවානේ මං. ඉතිං ඒ අතරතුරේදි එක එක විදියට ගන්න පුළුවන් වෙච්චි පින්තූර නම් හෙන ගොඩයි…. ඔක්කොම ඉතිං ෂෙයාර් කරේ නෑ…

ඒත් මේ පින්තූරෙට මං හෙන ආසයි. මේක ගත්තේ ඊයේ ඔෆිස් ඉවරවෙලා ගෙදර ගිහිං. පුංචි විතර කට්ටක් කන්න වුනා. ඒත් ඉතිං මහන්සියේ හැටියට කිසිම පාඩුවක් වුනේ නෑ…. බලන්නකෝ පින්තූරේ. මේක සමහරවිට අප්සට් ඇති… ඒත් ඉතිං මං තාම ඉගනෙ ගන්නවනේ ෆොටෝ ගන්න….

මගේ ඔය ෆොටෝ ගැනිල්ලට අපේ ගෙදර කට්ටිය වගේම බුද්ධි අයියා, එතකොට තව බ්ලොග් යාළුවෝ කීපදෙනකේ එහෙමත් උදව් කරනවා. එතකොට අපේ කස්සා තමා මට ෆ්ලික්ර් ඇල්බම් එකක් හදාගන්න උදව් කලේ…

66 Responses to “හිතට වැදුන හොඳම එක…..”

  1. deeps Says:

    අප්සැට් ඇති කියලා හිතන මාළුවාගේ ඔලුව තමා අප්සැට් 😀 this is wonderful!

  2. buddie-බුඩී Says:

    මචෝ කැමරාව ගැන විස්තර ටිකක් දාන්න බරිද? මිලත් ඕනේ 🙂

  3. පූසා Says:

    එළ එළ…. උඹේ ෆ්ලිකරෙත් මම ඉන්නවනේ 🙂

  4. Nisupa Says:

    මරු ෆොටෝ එකක් නේ. ඇයි මේක අප්සෙට්ද අහන්නේ. ඔහේට පිස්සුද හැබෑටම…:D

  5. පිණිබිඳු Says:

    හරිම ලස්සනයි මාලූ… සෝ ප්‍රවුඩ් ඔෆ් යූ…

  6. මධුරංග Says:

    පට්ට සිරා නේ අයියා.
    අයියටත් තියෙන්නේ මාරම කලාත්මක ඇහැක් නේ. කවුද අප්පා හිතන්නේ බෝතලයකට හෙන්දිරික්කා මල් දාලා මෙහෙම ලස්සනට ෆොටෝ ගන්න පුලුවන් කියලා. ඇත්තටම අයියා සිරාම ෆොටෝ ගැනිල්ලක් !!!!

    අයියට මම් සුබ පතනවා !!!! 🙂

  7. Kasun Chanaka Says:

    යකෝ ෆොටෝ ගැහිල්ල මාලුන්ටම ගියා නෙ. 😛

  8. weniwel Says:

    ෆොටෝ එක ගන්න ඉස්සෙල්ල වෙච්ච් මහන්සියෙ ප්‍රතිඵල ෆොටෝ එක පුරාවටම තියෙනව..ඉදිරියෙදි අපිට තව තවත් කලාත්මක ෆොටෝ බලන්න පුලුවන් වෙයි වගේ..

  9. Praසන්ன Says:

    ලස්සනට වැඩේ කරල තියෙනව.
    මේක අප්සෙට් කියන්න උඹ ඔලුවෙන් හිටගෙනද බැලුවෙ.

  10. ~ChAnDiKa~~ Says:

    යකෝ මේ තරම් සිරා පික් එකකට අජුතය් කියල කියන තොගේ මොලේ බලව ගනිං. 😀 මේක පට්ටයි යකෝ!!!

  11. maathalan Says:

    අපරාදේ බ්ලොග් ලියන්නේ.. උඹ දන්නේ නෑ වගේ ඕකෙන් කොච්චර හම්බ කොරන්න පුළුවන්ද කියල..

  12. අකීකරු හිත Says:

    මාර ලස්සනයි අයියෝ….

  13. තාරා Says:

    නැවතත් රිපීට් කරමි…”මාළුවාට අතිශයින් කලාත්මක ඇහැක් තිබේ….”

  14. නවම් Says:

    පික්ෂු හැදේ…. එල නොවැ කොළුවෝ. ආසාවේ බෑ බං 😉

    ඕකෙ High res එකක් දෙන්න බැරිද රාමු කරල කාමරේ එල්ලගන්න ?

  15. බෙලෙකා Says:

    අඩෝ මාලුව උඹ ඉඳපු වතුර කෝප්පෙ නේද ඔය?ඕකෙන් උඹ වෙන කෝප්පෙකට දාල වතුරට මල් දාල ජෝඩුවට අම්ම පොවයිද මන්ද?
    අඩෝ සිරා පොටෝ එක හොඳේ…
    දිගටම මේ වගේ සිරා එව්ව දාපන්.

  16. අසනි Says:

    ෂා… කලාත්මක ඇහැක්නේ තියෙන්නේ..නියමයි යාලු…

  17. Mahesh Nishantha Says:

    හරිම ලස්සනයි පැටියෝ , ඔයාගේ වචන හැසිරවීමේ හැකියාව වගේම තවත් දක්ෂතා හුඟක් තියෙන “නියම දක්ෂයෙක්“ , සුබ පැතුම් ඉදිරියට එන්න , ඔය දක්ෂතාවල රස විඳිමට අපේ බලා ගෙන ඉන්නවා

  18. Sachith Says:

    යාලු ෆොටෝ එක නම් සුපිරි………!

  19. දේවා Says:

    සිරාවටම මෙක දිහා ඔන්න මම ගොඩාක් වෙලා බලන් උන්නා.. තව ටිකෙන් කමෙන්ට් කරන්නත් බැරි වෙනවා…. මරුම තමා… තව ඒවා ඉස්සරහට හම්බ වෙයිනේ බලන්න අපිට

  20. පන්සල් හංදිය Says:

    චුට්ටක් එලිය වැඩි උනා නම් හොඳයි වගේ ……….

  21. කස්සා Says:

    මෙක පට්ට මචන්. මම හරිම ආස පින්තූරයක්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: