හිතට වැදුන හොඳම එක…..

දැන් ඉතිං ටික දවසක ඉඳන් කැමරාවක් එක්ක ඔට්ටු වෙන නිසා, එක එක විදියේ පරීක්ෂන ​වගේ එව්ව කර කර තාම ෆොටෝ ගන්න ඉගෙන ගන්නවානේ මං. ඉතිං ඒ අතරතුරේදි එක එක විදියට ගන්න පුළුවන් වෙච්චි පින්තූර නම් හෙන ගොඩයි…. ඔක්කොම ඉතිං ෂෙයාර් කරේ නෑ…

ඒත් මේ පින්තූරෙට මං හෙන ආසයි. මේක ගත්තේ ඊයේ ඔෆිස් ඉවරවෙලා ගෙදර ගිහිං. පුංචි විතර කට්ටක් කන්න වුනා. ඒත් ඉතිං මහන්සියේ හැටියට කිසිම පාඩුවක් වුනේ නෑ…. බලන්නකෝ පින්තූරේ. මේක සමහරවිට අප්සට් ඇති… ඒත් ඉතිං මං තාම ඉගනෙ ගන්නවනේ ෆොටෝ ගන්න….

මගේ ඔය ෆොටෝ ගැනිල්ලට අපේ ගෙදර කට්ටිය වගේම බුද්ධි අයියා, එතකොට තව බ්ලොග් යාළුවෝ කීපදෙනකේ එහෙමත් උදව් කරනවා. එතකොට අපේ කස්සා තමා මට ෆ්ලික්ර් ඇල්බම් එකක් හදාගන්න උදව් කලේ…

%d bloggers like this: