මේ කතාවත් මං කොහේ හරි ගිහිං ගෙදර යද්දී මායි යාළුවෙකුයි අතර ඇතිවෙච්ච කතාවක්. මේකත් ඉතිං බස් එකේ කතාවක්ම තමා. හැබැයි කෙල්ලෝ සම්බන්ධ නෑ…. එහෙම වුනයි කියලා මේකෙ අපිට ගන්න දෙයක් නැත්තෙත් නෑ,..
මට ඇත්තටම මතක නෑ මමයි මගේ යාළුවයි කොහේ ගිහිං එන ගමන්ද කියලා. කොහොමහරි අපි බස් එකට නැග්ගේ ගල්කිස්ස හරියෙන්. ඉතිං ඒ වෙලාවේ කොහොම හරි බස් එකේ සෙනගත් හිටියේ නෑ. ඒක නිසාම අපිට ඉඳගන්න සීට් දෙකකුත් ලැබුනා. පිටි පස්සේ සීට් එකේ තමා ඒ. දවල් 2ට විතර ඇති වෙලාව. ඒ කියන්නේ හොඳටම නිදිමත වෙලාව. ඒත් ඉතිං කන පැලෙන්න බස් එකේ සිංදු දාලා තිබ්බ නිසා නින්දක් පේන මානෙකවත් නෑ….
ඉතිං ඔහොම යද්දී රත්මලාන හරියෙදී…. කොන්දා මල්ලි එනවා ටිකට් කඩන්න. දැං ඉතිං පොර අපිට ඉස්සරහ ඉන්න අයගෙන් සල්ලි අරගෙන ටිකට් කඩාගෙන එනවා… හැබැයි පොරට ටිකක් මඤ්ඤං වගේ… මොකද මෑන් ඉන්නේ එවෙලේ ප්ලේ වෙන චාමර වීරසිංහගේ සිංදුවේ සිහියෙන්. මෑන්ස් ඒ සිංදුවට හෙන ආස පාටයි. හිමීට කටින් කිය කිය…. ටිකට් ටික කඩාගෙන යනවා…. ඒ අතරෙදි, ටිකට් කඩද්දී මිනිස්සු අතෙන්ට මෙතෙන්ට කියලා බහින තැන් කිව්වට කොන්දට ඇහෙන්නේ නෑ…. ඒක නිසා ඉතිං කොන්දයි බස් එකේ යන අයයි දෙගොල්ලොම වාත වෙනවා.
පස්සේ අන්තිමේ කොන්දා අපි ගාවටත් ආවා. ඒ පාර මං තමා ටිකට් ගත්තේ දෙන්නටම. එතෙන්දි තමා සීන් එක වුනේ. මගේ යාළුවා බහින්නේ මං බහින තැනට වඩා රුපියල් දෙකක් කලින්. හෝල්ට් ගාන කීයද කියලා මං දන්නේ නෑනේ. ඌ එක්ක කොච්චර ගමන් බිමන් ගියත් පොර බහින තැන ඉඳන් මං බහින තැනට තියෙන හෝල්ට් ගාන මට මතක නෑ…. ඒක නිසා තමා රුපියල් වලින්ම දුර කිව්වේ. අනික මේ අළුත්ම අළුත් ගාස්තු යටතේ දුර.
ඉතිං දැන්… කොන්දට මං හෝල්ට් දෙක කියලා ටිකට් ඉල්ලුවාම මූ… මහා ලොකු ගානක් හදනවා වගේ අපි දෙන්නට යන බස් ගාස්තුව ගනන් හදනවා. මං හිතන්නේ ඇල්බට් අයින්ස්ටයිටවත්, ප්ලේටෝ වගේ අයටවත් එච්චර ලොකු ගනන් තියෙන්න නැතුව ඇති. නිකං හිතන්න… මට ගාස්තුව රුපියල් 27යි…. යාළුවට රුපියල් 25යි කියලා. දැන් කොන්දට මාර පස්නේ මේ දෙක එකතු කරගන්න… එකපාරක්…. රුපියල් 53යි මහත්තයා… කිව්වා…
මම…. ඈ… බස් ගාස්තු ආයේ වැඩි වුනාද….? කියලා ඇහුවම… ආ නෑ නෑ…. මහත්තයා…47යි…. කිව්වා… ඒ පාර මගේ යාළුවා ඇහුවා ගාන හරිද කියලා…. ඔන්න ඊට පස්සේ තමා පොර ගාන හරියට කිව්වේ… බලාගෙන යද්දී සීන් එක වෙලා තියෙන්නේ මෑන්ගේ මොලේ ප්‍රයෝරිටි එක ගිහිං තියෙන්නේ අර සිංදුවට. පස්සේ ඉතිං යන්තං ටිකට් දීලා ඉස්සරහට ගිය ගමන් මට ටිකක් විතර හිනාගියා කොන්දොස්තරගේ විකාර හැසීරීම නිසා. සමහර වෙලාවට අපිත් ඔය වගේ වෙන්න ඇති.
පස්සේ ඉතිං මං හිනාවෙනවා දැකපු මගේ මිත්‍රයා කිව්ව දේ ගැන විශේෂයෙන් මට හිතන්න වුනා. මොකද මං එහෙම දෙයක් මීට කලින් අහලත් නෑ… ඒ තරමටම එහෙම දෙයක් හිතිලත් නෑ…. දැනිලත් නෑ…
මගේ යාළුවා කිව්වේ…
මචං ඌ උඹ තරම් ඉගෙන ගෙන නෑනේ… පොර ඉගෙන ගත්තනම් ඔය වගේ රස්සාවක් කරන්නේ නෑනේ බං…. කියලා.
ඇත්තටම ඊළඟ මොහොතේ මට කටඋත්තර නැතුව ගියා. ඒත් ඉතිං එවෙලේම මගේ කටට ආවේ…
ඔව්නේ බං… ඌට ගනන් බැරි වුනාට… සාමජ අධ්‍යනයයි, සිතියම් අධ්‍යනය පුළුවන්නේ බං. නැත්තං ඉතිං හෝල්ට් ඔක්කොම මතක තියාගෙන ගානට ටිකට් කඩන්න බැහැනේ…. කියලා. මාත් ඉති ලෝබ කමක් නැතුව ඒ ටික එහෙම්ම මගේ යාලුවට කිව්වා….
ඒත් පස්සේ ගෙදර ඇවිත් මේ සීන් මතක් වුනාම තමා හිතුනේ…ඇත්තනේ මේ කියන්නේ… කොන්දා යන්තං හරි විභාගයක් පාස් වෙලා තිබ්බනම් මෙහෙම, මිනිස්සුන්ගේ බැනුම් අහ අහ… දාඩිය පෙරාගෙන මහන්සි වෙන්නේ නෑනේ… කියලා. පස්සේ ඉතිං ටිකක් විතර දුකකුත් මට හිතුනා. ඒත් ඉතිං මොනා කරන්නද… ඒක ඒ මනුස්සයාගේ රස්සාවනේ… ඊටත් අත පය හතරම තියාගෙන කිසිම රැකියාවක් නොකර හොරකමේ යන, නිතී විරෝධි ක්‍රම වලට සල්ලි හම්බකරන අය ඕනේ තරම් ඉද්දී කොන්දා බැනුම් අහගෙන හරි රස්සාවක් කරන කොයි තරම් දෙයක්ද…!
ඇත්තටම මට ගනන් පුළුවන් වුනාට, මට වැඩිය හොඳට කොන්දට සමාජ අධ්‍යනයයි… සිතියම් ලකුණු කිරිමයි අනිවා පුළුවන් ඇති. සමහර විට එවේලේ අර සිංදුවට අවධානය යොමු වුනේ නැත්තං ගණිතයත් මට වැඩිය හොඳට පුළුවන් ඇති….
අනිත් එක තමා ඔය බස් වල දාන සිංදු වල සද්දේ… අම්මෝ වෙලාවකට කන තියාගෙන ඉන්න බෑ… බැහැලා වෙන එකක නගින්නමයි හිතෙන්නේ…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 6:35 ට
අනේද කියන්නේ?.කොන්දොස්තරලා කියන්නේ දොස්තරලා වෙන්න ගිහිල්ලා ලකුණු කිහිපයක් මදිවෙලා හොස්පිට්ල් එකෙන් බස් වලට මාරු වෙච්ච කට්ටිය නේ.කොච්චර ලොකු දෙයක්ද ඒ වගේ උගත් බුද්ධිමත් කොන්දොස්තරලා අපේ රටේ ඉන්න එක. 😀
කොන්දොස්තරලගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතාකරපු නිසා මේකත් කියන්න ඕනේ.දවසක් නෙත් එෆ් එම් එකේ සෙග්මන්ට් එකකට කතා කලා මාතර -කොලඹ බස් එකක වැඩ කරන කොන්දොස්තර කෙනෙක්.රටේ වාසනාව කියන්නේ එයා කලා උපාධිධාරියෙක්.ඔන්න ඕකයි රටේ තත්වේ….
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:19 ට
අඩේ උපාධියක් ඕනේද කොන්දොස්තර කෙනෙක් වෙන්න හැබෑට….
මොනා වුනත් පව් මෑන්. දුක් විඳලා ඉගෙන ගෙන දැන් තවත් දුක විඳිනවා.
2011 අගෝස්තු 4 දින ප.ව. 7:46 ට
අපේ කැම්පස් එකේ පොරක් ඉන්නවා. ඌ බස් අයිති කාරයෙක්. ඉතිං සෙනසුරාද ඉරිදා ගෙදර ගියාම කොන්දා ඌ තමා. එතකොට කට්ටියට කියන්න පුළුවන් මෙන්න බීඑස්සී කාරයෙක් කොන්දොස්තර වැඩේට බැහැල කියල. අර කිව්ව පොරත් එහෙම එකෙක් වෙන්න ඇති.
2011 අගෝස්තු 4 දින ප.ව. 9:49 ට
නෑ අයියේ පොර නම් එහෙම වෙන්න බෑ මං හිතන්නේ…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 6:45 ට
අපේ පැත්තෙ ඉන්න කොන්දොස්තරලටනම් එලටම ගණං පුලුවන්! ඒත් එයාල හිතලම තමයි ගණං වරද්දලා (ගාන වැඩියෙන් කියල) බැනුම් අහන්නෙ 😀
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:19 ට
ඒක මල්ලි සාමන්‍ය දෙයක්නේ. + හෝ – රුපියලක් තමා ගොඩ වෙලාවට…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 6:49 ට
කොන්දොස්තරල ගැන කියද්දි මට මතක් උනේ.. පහුගිය කාලෙදි නීතියක් දැම්මනෙ..ඔය නිල ඇඳුම් අඳින්න ඕනි කියල..ඒ කාලෙම දීල තිබ්බ කමිසය.. තාමත් ඒ ගොල්ලො අඳින්න ඕනි..ඒක චෙක් කරනව මන් හිතන්නෙ.. බලන්න ඒ ශර්ට් .. හිඟන්නොත් අඳිනව ඊට වඩා හොඳට.. පාවිච්චියත් එක්ක එව්ව වැරහැලි වෙලා.. එක්කො අලුත් එව්ව දෙන්න ඕනි..නැත්නම් නීතිය වෙනස් කරන්න ඕනි…පවු ඒ අය.. මගෙ පිටරට යාලුවෙක් මේ ලඟදි ඇහුව.Why are they shabbily dressed ? that poor ?.. මන් මොනව කියන්නද?ඔය නීතියෙ කතන්දරෙ කීවනම් මට හිනා වෙනව.. මන් එයාගෙ අවධානය වෙන අතකට හැරෙව්ව..
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:11 ට
ඒ නිළ ඇඳුම අපේ පැත්තේ ඇය නම් දැන් වැඩිය අඳින්නේ නැහැ. ඒ වෙනුවට මේ පැත්තේ ඉන්න සමහර කොන්දොස්තර මහත්තයලා දැක්කම ඉරිසියාවේ බැහැ. හරිම හැඩට අඳිනවා. තරුණ එක්කෙනෙක් ඉන්නවා, එයා අදින්නෙම ටී ෂර්ට්, ඩෙනිම් සහ සපත්තු… 🙂
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:23 ට
ඩිප්ස් අර හරිම හැඩට අඳින කෙනා…. සමහරවිට උදේට බස් එකේ ගිහිං එහෙමම වැඩට යනවා වෙන්න පුළුවන්. මොකද මං උදේට එන බස්වල එහෙම සීන් එකක් තියෙනවා. කොන්දොස්තරයි ඩ්‍රැයිවරුයි දෙන්නම බස් එක කොළඹ ස්ටෑන්ඩ් එකේ දාලා වෙන රැකියා වලට යනවා, පස්සේ ආයෙම හවසට සෙනග පුරවගෙන ගෙදර එනවා…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:20 ට
මං දන්න තරමින් කොන්දොස්තරලට හම්බුවුනේ කමිස දෙකයි. එකක් හෝදලා වේලෙන්න දාලා වැස්සොත් තව දවස් දෙකකින් අඳින්න එකක් නෑ…
2011 අගෝස්තු 4 දින ප.ව. 5:02 ට
අහ්හ් එහෙම අයත් ඉන්නවද? වෙන්න පුළුවන්..මේ කාලේ රස්සා 2 ක් නෙවේ දහයක් කලත් ජීවත් වෙන්න මදිනේ ආදායම
2011 අගෝස්තු 4 දින ප.ව. 9:17 ට
ඒකනේ නංගි…
2011 අගෝස්තු 4 දින ප.ව. 7:51 ට
ඕකෙ මෙහෙම දේකුත් තියේ. ඔය කමිසෙ සාමාන්‍ය ක්‍රීම් පාට කමිසයක් නෙ. ඩෙනිම් ගහල ටීෂර්ට් ඇඳල ඒකට උඩින්නෙ අර කමිසෙ අඳින්නෙ. ඉතිං අර වගේ තව කමිස දෙක තුනක් ඒගොල්ලන්ට මහගන්න බැරිද? වැඩිම උනොත් එක කමිසෙකට රු400ක් විතර යයි රෙදි වලටයි මහන්නයි දෙකටම (200+200). ටී ෂර්ට් එකක් 800න් මෙහා ගන්න පුළුවන්ද? ඕන කමක් නැති කම තියෙන්නෙ. ඒකත් පිනට දෙනකං ඉන්නෙ.
2011 අගෝස්තු 4 දින ප.ව. 9:52 ට
ඔව් අයියේ ඒ කතාවනම් ඇත්ත තමා….
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:17 ට
මාළු පැටිය..මානසිකව සංවර්ධනය වෙලා වගේ.. ඔයා නිකන් හිතන්න ඔයා කොන්දා කියල.. එතකොට බස් එක පදවන එක හැර අනෙක් සියළුම කටයුතු.. (පිරිසිඳු කිරීම.) කරන්නේ ඔයා. එහෙම එකේ ඔයාගේ ව්ධානයට වැඩ නොකරන අයත් සමග ඔයාට එන්නේ කේන්තියක්ද නැත්නම් වෙන එකක්ද.. සරම් ගඳ උනත් ඒකට බැහැල බලන්න ඕන සරම ඇන්දම කොහොමද කියල…. සිංදු ගැනත් කියන්න තියෙන්නේ ඕකමයි.. නමුත් මම කාරුණිකව ඉල්ලල ඕෆ් කරල තියෙනව, නැත්නම් වෙන චැනල් එකක් හරි වෙන කැසට් එකක් හරි දාගන්නව…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 8:08 ට
එහෙම හැමෝම කරන්නේ නෑ අයියේ…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:25 ට
අප්පට සිරි…අපේ තාත්තා කවදාවත් රැකියා විරහිත උපාධිධාරියෙක් වෙලා ඉදලා නෑ. එයාත් ඒ කාලේ කොන්දොස්තර කෙනෙක්…
අනික weniwel කියපු කතාවටත් මං එකඟයි. ඒ මිනිස්සුන්ට ඒක හෝදලා වේලෙන්නවත් වෙලාවක් නෑනෙ.
2011 අගෝස්තු 4 දින පෙ.ව. 8:12 ට
මන්තරකාරි, හැම කොන්දොස්තරම එක වගේ නෙවේ… හරිම හොඳ අයත් ඉන්නවා…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 7:31 ට
අනේ කාටද කියන්නෙ මලයො.. මේ පහුගිය සෙනසුරාද මටත් 170 බස් එකකින් බහින්ඩම හිතුණ.
සාමාන්‍යෙයං බස්වල බෆල් දෙකක් වගෙ නෙ තියෙන්නෙ… මේකෙ එක පැත්තක තිබුණ හතරක් විතර… බස් එකට නැංග වෙලාවෙ ඉඳල මගෙ කං අඩි දෙදරනව…. පස්සෙ බැලින්නං ඉස්සරහ රූපවාහිනියක්!!! ඒකෙ සංගීත සංදර්ශනයක් තමා පෙන්නන්නෙ… අනේ මන්ද බස්වල යන මිනිස්සුංට කං නැද්ද නැත්තං ඇහෙන්නෙ නැද්ද කියල???
2011 අගෝස්තු 4 දින පෙ.ව. 8:13 ට
මොනා කරන්නද ඉතිං…. කියවන්න ගියොත් සල්ලිත් නෑ, බස් එකෙන් බැහැලා වෙන එකක යන්න වෙන්නේ…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 8:20 ට
මේ ඔය ඩෙනිම් ගහලා , සපත්තු දාගෙන වැඩට යන රියදුරු අය ඉන්නවා අපේ පැත්තෙත් , සින් ඒක ක්ලික් උනේ ටික කාලේකට පස්සේ , බැලින්න්ම් ඒ එන්නේ බස් එකේ අයිති කාරයෝම තමයි..
වෙන මිනිස්සු දැම්මම හොර කරනවා කියලා ලු එහෙම එන්නේ..
කොන්දොස්තර/රියදුරු කිට් ඒක ගහන්නත් බැහැ ලැජ්ජයි නේ , ඒක නිසා නෝමල් කිට් එකක් ඇදගෙන ජොබ් ඒක කරනවා..
2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:49 ට
ඔව් මචං… මං ගොඩක් වෙලාවට උදේට එන බස් එකේ දෙන්නත් එහෙම තමා.
2011 අගෝස්තු 4 දින පෙ.ව. 9:41 ට
“එහෙම වුනයි කියලා මේකෙ අපිට ගන්න දෙයක් නැත්තෙත් නෑ,..”
මේ කතාවෙන් අපි ගත්තු දේ…
-අපි මුලින් හිතගෙන හිටියා වැරදිය…මාළුවා ඉස්කෝලේ ගොස් තිබේ… හි හි…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:49 ට
අනේ අනේ…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:06 ට
මාත් සිතියම් අධ්‍යනයට මාරම මනාපයි. හරිම ලේසි විෂයක් නේ. හික්ස්. 🙂
කෙල්ලෙක් සම්බන්ධ නැති කතාවක් කියෙව්වමද කොහෙද 🙂
2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:52 ට
නෑ නෑ බං මීට ඉස්සෙල්ලත් කෙල්ලෝ නැති එව්වා ලිව්වා…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:31 ට
උබ කියන එක වෙන්නත් පුලුවන් නො වෙන්නත් පුලුවන්. බහුතරයක් බස් කොන්දොස්තරවරු සාමාන්‍ය ඉගෙනීමක් ඇති අය බවයි මගේ අදහස.
ජය..
2011 අගෝස්තු 4 දින පෙ.ව. 10:54 ට
ඔව් මචං ඒක ඇත්ත වෙන්න පුළුවන්…
2011 අගෝස්තු 4 දින පෙ.ව. 11:54 ට
කොන්දෝ ගැන කියනවනම් මටත් ගොඩාරියක් කතා තිබේ.
“මචං ඌ උඹ තරම් ඉගෙන ගෙන නෑනේ… පොර ඉගෙන ගත්තනම් ඔය වගේ රස්සාවක් කරන්නේ නෑනේ බං…. ”
සිරාවට මේකේත් ඇත්තක් තියෙනවා.නැතුවමත් නෙමේ
2011 අගෝස්තු 4 දින ප.ව. 12:01 ට
ඔව් බං.. මටත් මීටර් වුනේ පස්සේ.
2011 අගෝස්තු 4 දින පෙ.ව. 11:57 ට
eth bn mma dnna keyna un dethun denek innw un campus yn kollo, eth tempry bus wl wd krnw..
2011 අගෝස්තු 4 දින ප.ව. 12:02 ට
ආහ්.. ඒක වෙන්න පුළුවන් මචං..
2011 අගෝස්තු 4 දින ප.ව. 12:07 ට
ඕං ප්‍රීපේඩ් කාඩ් සිස්ටර්ම් එකක් එනවලු බස් ටිකට් වෙනුවෙට. එහෙම උනොත් ගණිතය, සිතියම් අධ්‍යනය, සමාජ අධ්‍යයනය ඕනෑ වෙන්නෙම නෑ නෙ…
http://www.gossiplankanews.com/2011/07/card-ticket-system-for-busses.html
2011 අගෝස්තු 4 දින ප.ව. 1:29 ට
ඒකනම් ඇත්ත.. එතකොට අපිටත් ලේසියි…
2011 අගෝස්තු 4 දින ප.ව. 2:12 ට
අන්තිමට කියල තියෙන එකනම් ඇත්ත. හොරකම් නොකර ඔය කරන රස්සාව කොච්චර හොඳද.
2011 අගෝස්තු 4 දින ප.ව. 3:27 ට
ඔව්නේ… එහෙම නැතුව රස්තියාද ගහන එවුන් කී දෙනෙක් ඉන්නවද
2011 අගෝස්තු 4 දින ප.ව. 3:02 ට
බුදු අම්මේ මටත් ගණන් බෑ…
2011 අගෝස්තු 4 දින ප.ව. 3:37 ට
බොරු කියන්න එපා. එහෙනම් කියන්න බලන්න එකයි එකයි කීයද කියලා…
2011 අගෝස්තු 4 දින ප.ව. 7:54 ට
එකොළහයි :p
2011 අගෝස්තු 4 දින ප.ව. 4:42 ට
රේඩියෝ වල විතරක් යැ? ඕවයේ හෝන් වල සද්දෙ? හරියට නැව් වල වගේ. කොන්දොත් එක්ක කොච්චර මල පැන්නත් අන්තිමට හිතෙනව පව් කියල. වෙන රස්සාවක් කරන්ඩ ඉගෙන ගෙන තියෙනවනන් ඔහොම කට්ට කන්නෙ නෑනෙ.
2011 අගෝස්තු 4 දින ප.ව. 9:16 ට
ඒකනේ ඒකනේ…. අර හෝන් එක නැව් වල වගේ කිව්වා නේද…? ඒ වචන ටික නියමයි හයියෙන් හෝන් ගහද්දී කියන්න….
2011 අගෝස්තු 4 දින ප.ව. 6:46 ට
මං නං බස්වල සින්දු කියලා නවත්තලා තියෙනවා. ඒකට වාඩි වෙන්න ඕනෑ ඉස්සරහම සීට් එකේ.
2011 අගෝස්තු 4 දින ප.ව. 9:19 ට
සමහරු නම් කිව්වහම නවත්තනවා… අනිත් උං කියන්නේ… මහත්තයා සල්ලි දෙන්නං බැහැලා යන්න කියලා…
2011 අගෝස්තු 4 දින ප.ව. 7:46 ට
සද්දේටත් වැඩිය දාන සිංදු , හැලප කොලෙ කුණු බක්කියට දාපු එකයි, පත්තර කොලේ ඔතලා ලව් ලෙටර් දීපු එකයි , මේවා අහල පණ පලයන් කිව්වලු.
2011 අගෝස්තු 4 දින ප.ව. 9:50 ට
ඔව් බං… කනක් තියාගෙන ඉන්න සමරහ සිංදු වලට…
2011 අගෝස්තු 4 දින ප.ව. 7:50 ට
අඩේ ඕක මාත් හැමෝටම කියන කථාවක්නෙ බං.
අනික උඹ හිතන්නෙ ඔය හැම හෝල්ට් එකකටම ගණන් මතක තියන් ඉන්නව කියලද බං.එහෙම නෑ බං sections වගේ තියෙන්නෙ.ඒ ඇතුලෙ තියෙන ඕනිම තැනකට එකම ගාන.අනික හැම රූට් එකකටම අදාල වගුවක් තියෙනවා ඒක මාර ගතියට හදලා තියෙන්නෙ.පොඩ්ඩක් විපරම් කරල බලපන්කො.
පුංචි උදාහරණයක් කියන්නම්.හිතපන් උඹ නුගේගොඩින් බස් එකට නැග්ගා කියලා.ඒ වගුවෙ නුගේගොඩ කියන එකේ නම්බර් එක 3 කියල හිතපන්කො.මහරගමින් උඹ බහිනවනම් මහරගමට තියෙන නොම්බර් එක 5 කියල හිතපන්කො.එතකොට 5-3=2.ඒ වගුවෙ නො 0 ඉදන් 2ට යන්න යන ගාණම තමයි එතකොට නුගේගොඩ ඉදන් මහරගමට යන්න ගාණ වෙන්නෙ.
තේරුනාද මංද?
හැබැයි හරිම සිම්පල්.මහලොකුවට ඉගෙන ගන්න ඕනි නෑ.
2011 අගෝස්තු 4 දින ප.ව. 9:52 ට
උඹ කොහොමද දන්නේ…? පාර්ට් ටයිම් වත් කරනවද? 😛
2011 අගෝස්තු 5 දින පෙ.ව. 12:34 ට
ඇයි කලා උපාධිකාරයෝ ඕව කරාට පරිගණක විද්‍යා උපාධිදාරියෝ එහෙම කරනවා උඹ අහල තියෙද?
පොඩ්ඩක් හොයල බලපන්කො කොන්දෙක් එක්ක කථා කරල එහෙම බලපන්.
මටනම් මිනිස්සු කරන රස්සාව ප්‍රශ්නයක් නැති නිසා මම ඒ හැම රස්සාවකටම ගරු කරනවා.
2011 අගෝස්තු 4 දින ප.ව. 10:38 ට
උඩ අක්කන්ඩිගේ කමෙන්ට් එක හරියට වටිනවා .. මට නම් මචං අපේ කොන්දා කොල්ලෝ ටික මාර වටිනවා . මගේ පන්තියේම හිටපු මගේ ඉස්කෝලෙම හිටපු එවුන් තමයි අපේ බස් වල ටිකට් කඩන්නේ . ෆුඩ් බෝඩ් එකේ ගියත් ආයේ උං මට මොකුත් කියන්නෑ .. මම හැමදාම ෆ්‍රී යනවා ..
2011 අගෝස්තු 5 දින පෙ.ව. 7:14 ට
අපිට කොහෙන්ද බං එහෙම යාළුවෝ. අපේ එකෙක් හිටියොත් අපෙන් දෙගුනයක් ගනියි…
2011 අගෝස්තු 4 දින ප.ව. 11:04 ට
මාළුවො,පොඩි එකක් දෙනවද?මට කියන්නකො බ්ලොග් Home එකේ අපේ ලිපි ඔක්කොම පෙන්නන්නෙ නැතුව අලුත්ම ලිපි කීපයක් විතරක් පෙන්නන්න විදිහක්.ලොකු උදව්වක් මාලු අයියෙ……….මේ පොඩි කොලුවට තාම ඕව තේරෙන්නෙ නෑ…….මම ඉතින් තාම කෝඩුවනෙ………….
2011 අගෝස්තු 5 දින පෙ.ව. 7:15 ට
මලේ මට FB මැසේජ් එකක් දාපං. මං ගෙදර ගිහිං බලලා උඹට රිප්ලයි කරන්නම්.
2011 අගෝස්තු 5 දින පෙ.ව. 1:00 ට
කොන්දොස්තර ලත් එක්කල කොච්චර මල පැන්නත් පස්සේ පවු කියල හිතෙනව…
මෙන්න අතුරු කතාවක්:
අපේ පාරේ ඉස්සර ලංගම කොන්දොස්තර මහත්තයෙක් හිටියා.. බස් එකට පොෂ් සහ වෙන්ඩ පොෂ් ගෑනු උදවිය නැග්ගහම කඩ්ඩෙන් තමයි කතාව… කට්ටිය ඉස්සරහට ගියෙ නැති උනහමත් ඉතින් දෙසන්නේ කඩ්ඩෙන්… දැන් නම් එයා නෑ. විශ්‍රාම අරගෙනද කොහෙද.. හෝමාගම ඩිපොවෙ තමයි වැඩකලේ.. හරි හොඳ මනුස්සය.. 🙂
2011 අගෝස්තු 5 දින පෙ.ව. 7:16 ට
අඩේ මාර කොන්දොස්තර කෙනෙක්නේ….
2011 අගෝස්තු 5 දින ප.ව. 7:24 ට
වැඩි විස්තර මොකුත් ඕනෙ නෑ මචෝ . . . . 163 බස් එකක ඉන්නව කොන්දෙක් . . . . ඌ කොන්දොස්තර රස්සාවට එන්න කලිං රජයේ බැංකුවක “බ්‍රාන්ච් මැනේජර්” කෙනෙක්. . . . . . කොන්දොස්තර රස්සාවට බැහැල තියෙන්නෙ බැංකු රස්සාවෙ කිසිම නිදහසක් නෑ කියල.
2011 අගෝස්තු 5 දින ප.ව. 8:17 ට
ඈ… ඒක අයියේ පොරගේ ලැබීම වෙන්න ඇති…
2011 අගෝස්තු 13 දින ප.ව. 7:35 ට
hikiz සිතියම් බස් ගාස්තු
2011 අගෝස්තු 14 දින පෙ.ව. 6:32 ට
අළුත් නමක්…!!!
2011 අගෝස්තු 13 දින ප.ව. 11:48 ට
අපිට වඩා හොඳට ගනන් පුලුවන් කොන්දොස්තරලා මම දැකලා තියනවා ………
ඒ විතරක්යැ සමහර පහ පාස් නැති මුදලාලිලා ගේමක් නැතුව හිතින්ම ගනන් ටික එකතු කරලා ගාන කියන්නෙ …….
2011 අගෝස්තු 14 දින පෙ.ව. 6:40 ට
පුරුද්ද තමා ඉතිං….