කොල්ලෝ විතරනේ වැරදි….කෙල්ලෝ හරී… හොඳයි…

දවසක් දා මං හවස ඔෆිස් ගිහිං ගෙදර යනවා. වෙනදට මං තනියම ගියා වුනාට එදා නම් පොඩි විශේෂයක් තිබුනා.  එදා අපේ ඔෆිස් එකේ කලිං හිටිය ගෑණු ළමයෙක් මගදී හම්බුවෙලා එයත් මං යන බස් එකේම නැග්ගා….

 දැන් ඉතිං සෑහෙන කාලෙකින් හම්බුවෙච්ච එකේ කතා කරන්න දේවල් සෑහෙන තියෙනවනේ. කතා කරන්න කිව්වට එයා කතා කරනවා මම… හ්ම්… නෑ… බොරු…. ආහ්… ඔව්…. අයියෝ අපරාදේ…. ෂිට්…. ඉතිං ….. අප්පට සිරි… මල කෙලියයිනේ… ඊට පස්සේ …..  වගේ කතාවට සබැඳුම් දාගෙන ඉල්ලගෙන කනවා. මෙයා මං බහින්න කලින් බස් එකෙන් බහින නිසා, එයාට කියන්න තියෙන ඔක්කොම එව්වා මට කියනවා.

කොල්ලා බැනපුවයි, මං ගැන දුක හිතිච්ච අවස්ථායි…. දැන් ඔෆිස් එකේ අය ගැනයි, නයිටිය ඉරිච්චි හැටියි, ටවල් එක ගැල‍විලා වැටුන හැටියි අරකයි මේකයි හැම රෙද්දම මට කියනවා. මටත් ඉතිං එපා වෙලා හිටියේ… කන් දෙක අච්චාරුවක් වගේ වෙලා…. මේ ගෑණු ළමයා අපේ ඔෆිස් එකේ ඉද්දී කවදාවත් මාත් එක්ක මේ වගේ පෞද්ගලික දේවල් තියා රාජකාරි වැඩකටවත් වචන දෙකකට වැඩිය කතා කරපු කෙනෙක් නෙමේ. වැඩිම වුනොත්…. හරි මං සර්ට කියන්නම්…. කියලා විතරයි කියලා තියෙන්නේ…

ඉතිං ඒ කාලේ කතා නොකරපුවෑ ඇරියස් එක්කමද කොහෙද මට දෙනවා බඩ පිරෙන්න කන්දෙකට. හරි සනීපයි ඉතිං. අර ටවල් කේස් එහෙම කියද්දී ඇඟ හිරිවැටිලා යනවා. ඇයි දෙයියනේ කවදා අහන්න හිතපු එව්වද…! ඔක්කොමත් හරි ටික දුරක් යද්දී සෙනග අඩු වෙච්චි ගමන් මගේ අතින් අල්ල ගත්තා. කන් දෙක කීං කීං ගානව. මල මගුලයි දන්න කියන එකෙක් වත් දැක්කොත් මං සදා සොත්ති තමා. ඊට පස්සෙ තව ටික දුරක් යද්දී මුළු බස් එකටම සෙනග හි‍ටියේ 10ක් විතර. ඒ පාර මේකි මගේ අත අරගෙන එයාගේ ඉන වටේ ඔතා ගත්තා….

අනේ දෙයියනේ මේ මගුල් වෙන්නේ මටමයි. කවදාවත් මේ විදියට ගිහිං නැති මට මේ මගුලෙන් ‍ගැලවිලා දුවන්නත් බෑ…. එහෙමයි කියලා අත එහෙම්ම තියාගෙන ඉන්නත් බෑ… පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා…. ආයේ තව ටිකකින් අඩල්ට්ස් ඔන්ලි තැනකට මගේ අත උස්සලා එයාම තියාගත්‍තා. මේකි මේ එන්නේ මොකාටද කියලා මට නොතේරුනා වගේ හිටියට ඒකි දන්නේ නෑ මං මෙව්ව ගැන දන්නවයි කියලා. පස්සේ ඉතිං මං අත ගන්න යද්දිම මේකි අත අදාල තැනට තියලා තද කරගත්තා. ස්පොන්ජ් වගේ නම් තමා… ඒත් ඉතිං අනුන්ගේ කොට්ට වල මං නිදියන්නේ නැති නිසා අත ටිකක් වේගෙන් ඇදලා ඉන වටෙන් ආයෙත් අරගෙන මගේ බෑග් එක උඩන් තියාගත්තා. ඒ අස්සේ අර ඇතිවෙච්ච කම්පනේටද කොහෙද පපුවේ ලේ පොම්ප ටික වැඩ හෝ ගාලා.

ඌයි… මට රිදුනා….

පස්සේ මගේ අර අත වැදිච්ච පාරට මෙයාට රිදිලා. පවු ඉතිං… පුංචි මල්නේ… මලේ පෙති දෙකෙන් එකක ලාවට වැදුනම මෙච්චර රිදෙනව ඇති කියලා දන්නවනම් මං අත හොල්ලන්නේ නැතිව ඉන්නවා.

ඒ පාර ඔන්න මට නිවාඩු තියෙන දවස් අහනවා. මට කොහොමත් ෆෝවර්ඩ් කෙල්ලෝ දිරවන්නේ නැති නිසා…. මාත් ගත් කටටම… ඉරිදා නිවාඩු… ඒත් යශෝධරාව බලන්න යන්න ඕනේ…. කිව්වා.

ඔන්න ඉතිං ඒ පාර නම් අර අත වැදිච්ච පාරට වැඩිය එයාගේ හිත රිදුනා. මට කරන්න දෙයක් නැහැනේ. බලෙන් ඇගේ එල්ලිලා අනවශ්‍ය දේවල් වලට එද්දී මට ඊට වැඩිය හිත රිද්දන්න ක්‍රමයක් හිතාගන්න බැරිවුනා. පස්සේ ඉතිං ආයෙමත් මගේ අත අරගෙන උකුල උඩින් තියාගන්න හෙන ට්‍රයි එක. මේකි මගේ යාළුවෙක් වගේම මේකි කෙල්ලෙක් නිසා කන පැලෙන්න දෙකක් දී ගන්න විදියක් නැතුව මං හෙනට අසරන වුනා එතෙනදී. පස්සේ කරන්නම දෙයක් නැති පාර මං පොඩි වැඩකට ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා කියලා බස් එකෙන් බැස්සා.

ඉතිං හදිස්සියේ මේ පෝස්ට් එක දැම්මේ ඇයි කියලා බලයිනේ කට්ටිය. මේකයි හේතුව… කට්ටියට මතකද අපේ ඩීප්ස් නංගි පෝස්ට් එකක් දාලා තිබ්බා… බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලා කියලා… මේ ඒකෙ අනිත් පැත්ත.

ගෑණු ළමයි හිතාගෙන ඉන්න විදියට කොල්ලෝ තමා නරකම. ගැහැනු අය අතරෙත් නරක අය ඉන්න බව එයාලා එක්කෝ දන්නේ නෑ… එහෙම නැත්තං පිළිගන්නේ නෑ… මේ මට ඇත්තටම වෙච්ච එක සිද්ධියක් විතරයි. තව දෙකක් මං කලින් ලිව්වා. මායි යාළුවෙකුයි නුවර යද්දී බස් එකේ සෙට් වුන කෙල්ලෙක් ගැන එකයි. එදා මට ඕනේ කම තිබුනනම් ඒ කෙල්ලගෙන් ඕනේ දෙයක් ගන්න පුළුවන කම තිබුනා. අනිත් එක ඊයා වල් කෙල්ලෝ…

ආහ්… තව එකක් තියෙනවා… දන්නවාද බැඳපු මිනිහා වැඩට ගියාම වෙන කොල්ලෝ එක්ක ගිහිං ෆිල්ම් බලලා… රූම්ස් වලට ගිහිං සෙල්ලං කරලා අයෙම මනුස්සයා ගෙදර එන වෙලාවට ගෙදර යන අවුරුදු 22ක් 23ක් වෙන හොඳ ගෑණු ළමයි ඉන්නවා කියලා… මං පෞද්ගලිකව දන්නවා එක්කෙනෙක්ව… එයා මගේ යාළුවෙක්ව තමා ඒ වගේ දේවලට එක්කං යන්නේ… මං දන්නේ නෑ එයාගේ මනුස්සයාගේ ප්‍රශ්නයක්ද එහෙම නැත්තං වෙන මොකක් හරි සීන් එකද්ද කියන්න… කොහොම හරි යාළුවගේ වියදමුත් ඔක්කොම බලාගෙන කෙල්ල තමා අත දිග ඇරලා වියදම් කරලා කරගන්න ඕනේ ටික කරගන්නේ…

දැන් ඉතිං මේක කියවපු ගැහැණු ළමයි ටිකක් හිතලා බලන්න කොල්ලෝ විතරමද නරක කියලා. ඕනේ නං මං ලියපු මේ පරන පෝස්ට් එකත් කියවලා බලන්න. ඒකට අනුව මේ වගේ ගෑණු ළමයි වැටෙන්නේ පළවෙනි කාන්ඩෙට…

68 Responses to “කොල්ලෝ විතරනේ වැරදි….කෙල්ලෝ හරී… හොඳයි…”

  1. මධුරංග Says:

    ගොඩක් හිතන්න ඕනා ප්‍රශ්නයක්. ඇත්තටම කොල්ලෝ විතරද නරක….!!!! නෑනේ. කෙල්ලොත් නරකයි නේ.
    අයියා මේ සහෝදරකමකට අහන්නේ…… ඒ කෙල්ල කොහේ ඉන්න එකියක්ද !!!!
    ඇයි වදේ… සල්ලි ගොඩටමනේ සල්ලි එකතු වෙන්නේ !!!! 😦

  2. praveena Says:

    කෙල්ලන් ගැන කීව අදහස්වලට මුකුත් කියන්නේ නෑ. භාෂා විලාශය නම් අපූරුයි….:)

  3. weniwel Says:

    අපොයි නැහැ..කෙල්ලො හරිම හොඳය..චාම්ය.. නිවිච්ච පහන්ය..කොල්ලො තරම් නරක නැත.. ප.ලි. නෝනා කොස්සත් අතැතිව මන් ලියන දෙස බලා සිට මේ දැන් පුවත්පත ගෙන ඒමට එලියට ගියාය..

  4. සාතන් Says:

    මාලුවො අරකිගෙ නම්බරේ දීපන්…. වෙන මොකටවත් නෙමෙයි උඹට කරදර කරන්න හැදුවට බනින්න….

    කොල්ලො තමයි බන් වැරදි… කෙල්ලො හොදාාාාාාායි….. බස් එකකවත් යන්න දන්නෙ නැති මහ වල් කොල්ලොනෙ ඉන්නෙ… කෙල්ලො උන්ගෙන් බේරෙන්න ක්‍රම හොය හොය ඉන්නෙ…

  5. deeps Says:

    මාළු අයියේ. මම ඒ ලිපිය ලිව්වේ මගේ අත්දැකීම් මත පදනම් වෙලා කොල්ලෝ තමා නරක කියන අදහසින්. ඒකෙ අනිත් පැත්ත ගැන හිතුනේ නැත්තේ, මම ඒ පැත්ත ගැන බස් එකේදී නොදැක්ක නිසා සහ මට විදින්නට නොලැබී ඇති නිසා. නමුත් ප්‍රතිචාර කියවලා බලනකොට තේරුනා මේකේ පැති දෙකක් තියනවා කියලා. ස්තුතියි ලිපියට සහ ලින්ක් එකට. ඔන්න ඕක තමා බ්ලොග් වල මම දකින ආසම feature එක. තමන් හරියි කියලා හිතාගන ලියන බ්ලොග් ලිපියකට පස්සේ එන ප්‍රතිචාර වලින් අපි හිතන විදිය, ගැටළුවක් දිහා බලන විදිය සම්පුර්ණයෙන් වෙනස් වෙනවා. සිංහලෙන් කියනවා නම් blogging is a way of learning.

  6. Explorer Says:

    ගෑණු පිරිමි භේදයක් නෑ නරක මිනිස්සු ඕන තරම් මේ සමාජයේ ඉන්නවා.මටත් හිතෙන විදිහට මේ වෙලාවේ ඔයා ගත්ත තීරනේ නිවැරදියි.මොකද ඕක බෙල්ලේ එල්ලගත්තා නම් කවදාහරි පස්සේ කාලෙක හෙන කරදරයක් වෙනවා.

    ඔය වගේ කෙල්ලෝ මටත් දිරවන්නේ නෑ.ඔවා බැදගත්තත් කවදාහරි පිට යනවා. 😀

  7. maathalan Says:

    ඒයි මෙන්නෝ හරක් මාළු පැටියෙක්..

    හැමදාම කියන කතාවම තමයි කියන්න තියෙන්නේ. මුල්ම පටල ගැනිල්ල තමයි ලිංග බේදය පටලව ගෙන මනුස්සයා කියන පොදු සාධකය අමතක කිරීම. එතකොට තේරෙනව මේක සාපේක්ෂ දෙයක් කියල (මාතලන්ට පිස්සුද කොහෙද.)

    මමනම් ඇඟට ආවොත් අත අරින්නේ නෑ. හැබයි සෙනග අඩු බස්වල නම් කීයටවත් කළෙත් නෑ. කොට කලිසම ඇඳන් ඉස්කෝලේ යන කාලේ පටන් කාන්තා මනුස්සයෝ මට අතවර කරළ තියෙනව සෑහෙන්න. දැන් උනත් ඔවුන්ට විරුද්දව පියවරක් ගන්න බැරි ඒ ළමා අපයෝජනවලට මගේ අකමැත්තක් නොතිබීම.

  8. ශානි Says:

    ඇත්ත ඔය වගේ කට්ටිය දෙපැත්තෙන්ම ඉන්නවා

  9. abeetha Says:

    මේක කියවද්දී මට තේරුණ එකම දේ තමා මාලුවට “ස්ර්“ කියල කියන අය ඔෆිස් එකේ ඉන්නවා කියලා… මම හිතන්නේ මාලුවා කියන්න උත්සාහා කරන්න ඇත්තෙත් ඒක ද කොහේ ද….. 😀

  10. cjgayan Says:

    අනේ මාලුවෝ උඹත් මාර අද්දැකීම් වලටනේ මුන දීලා තියෙන්නෙ. ඔවා වලින් සන්නියක් එහෙම නටන්න වෙන තරමට බය වෙච්ච වෙලාවල් එහෙම නැද්ද???

  11. Kasun Chanaka Says:

    අන්න කතාව මාලු අයියෙ. මට ඕක කියාගන්න ගොඩක් ඕන වෙලා තිබුනෙ. ඒත් අපි කිව්වට කවුරුවත් ගනන් ගන්නෙ නැති නිසා කට පියාගෙන හිටිය. කෙල්ලො හිතන් ඉන්නෙ හැම කෙල්ලම පිච්ච මල් වගේ පිවිතුරුයි කියල. (එහෙම කෙල්ලො තමයි ගොඩක් ඉන්නෙ. ඒත් හැමෝම එහෙම නෑ නෙ.) කොල්ලො තමයි ලෝකෙ තියන ඔක්කොම ජරා වැඩ කරන්නෙ කියල නොකියා කියනව. ඇත්ත දන්නෙ නැති කම නෙමෙයි අයියෙ, ඒක පිළිගන්න කැමති නෑ.

    තව දෙයක් අයියෙ, මේ දවස් වල ඔය නිළි ගණිකාවො ගැන ගොඩක් කතා වෙනවනෙ. ඒ ගැන ගොඩක් බ්ලොග් පෝස්ට් එහෙමත් වැටුනනෙ. ඒවයෙ කමෙන්ට් වල කාන්තා පාර්ශවය පුදුම කතා කියල තියෙන්නෙ. කොහොමහරි බහුතරයකගෙ මතය අනුව නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න වල් කමේ යන නිලියො වැරදි නෑ, ඒවට යන පිරිමි විතරයි වැරදි. පුදුම ලෝකයක් තමයි අයියෙ.

  12. කිඩෝ Says:

    කමෙන්ටුව වයස මදි නිසාවෙන් බලදාරියා විසින් කපාහරින ලදි 😀

  13. සිතුවිලි නිහඬයි Says:

    හ්ම්….දෙපැත්තේම ඔය වගේ වැරදි කරන අය ඉන්නවා…වයිෆ් ගෙදර තියල මිනිහා වෙන ගැණු එක්ක යනවා….මිනිහ කොහේ හරි ගියාම වයිෆ් වෙන පිරිමි එක්ක යනවා….ඔය වගේ මිනිස්සු නිසා දෙපැත්තේම අය දෙපැත්ත ගැන වැරදියට හිතනවා…..

  14. සිතුවම් Says:

    ඕව ඔච්චර කල්පනා කොරන්න දෙයක් නෑ බං.ගෑණුන්ට වැරදි පිරිමි අපිට වැරදි ගෑණු.ඔය මොන එකත් අවලම්කමේ යන වලත්තයෝ.(ටික දෙනක් ඇරෙන්න..නැත්තම් මට කන්න වෙයි ලෙසටම)

  15. තාරා Says:

    ඔව්… මේකෙ පැති දෙකක් තියෙනවා තමයි….දීප්ස් කිව්වා වගේ අපිට අත්දැකීම් නැති නිසා වෙන්නැති අපි හිතන්නෙ පිරිමින්ගෙ විතරයි එහෙම කට්ටිය ඉන්නෙ කියලා… මොනවා උනත් දැන් මිනිස්සුන්ගෙ මානසික තත්ව ගැන හිතනකොට දුක හිතෙනවා…

  16. blog gadol Says:

    මාලුවා කරපු වැඩේ මම තරයේ හෙලාදකිමි. උඹ ඒ කෙල්ලට රිදවපු එක පවුනෙ බං! කවුරුහරි මනුස්සයෙක් උදව්වක් ඉල්ලද්දි ඒක කරලා දෙන්න තරම් හැදියාවක් නැද්ද හැබෑට? 🙂

    මරු සිද්දිය ඈ!!! හැබෑට මට ඔහොම සිද්දියක් වෙලා නෑනෙ.

  17. ගිනි තුරුල්ලා... Says:

    හික්ස්.. අද කාලේ කෙල්ලෙක්ට වත් බස් එකේ යන්න දෙන්නේ නෑනේ මූ…..

  18. ගිනි තුරුල්ලා... Says:

    ඒකනේ බන්.. ගොල්ඩ් ෆිස්ගේ යාළු ගෑනු දැරිවියෝ ටික මු ඉන්න බස් එකකට එහෙම නගින්න එපා.. වැරදිලාවත් බස් එකට නැග්ගොත් ස්පීඩ් එක කොච්චර වැඩි උනත් කමක් නෑ දබොක් ගාලා බස් එකෙන් එලියට පනින්න…

  19. Dinuka Harshana Says:

    අප්පට සිරි මාළුවටත් වෙලා තියෙන අකරතැබ්බයක්.
    යකෝ උබ වෙනුවට මම ඔතන හිටියානම් තව මාස දහයකින් ඔය කෙල්ල ඉස්පිරිතාලෙ නොවැ.
    චික් විතරක් මයෙ කැතහිත..

  20. පිණිබිඳු Says:

    තමන්ගෙ ගෞරවය තියාගෙන හිටියනම් ඉවරනෙ කෙල්ලෙක් උනාම. ඒ අතින් නම් මාලුවො මම උඹට ලකුණු දෙනවා මේ පාර. මී ලයික්ස් යූ ඒ කරපු වැඩේට. යශෝධරා එක්ක තියෙන අරියාදු ටික ඉවර වෙලා එක් වෙන්න ලැබෙන්න ඕනෙ.

  21. buddie-බුඩී Says:

    හප්පා ඕක තමයි කියන්නේ අතේ තියෙන දේ කටේ දාගන්න බැරි වෙනවා කියලා 😦

    මල්ලි හරි අර බැදලා සීන් කරන කෙල්ලෝ ගැන මාත් දන්නවා, උන් එක්ක යන උන් කියන්නේ මූදේ නැව් ගියාට පාරවල් හිටින් නෑ කියලා 🙂

  22. චතුර.... Says:

    අපොයි කියලා වැඩක් නෑ මාළු අයියේ ඔය බස්වල සීන් වලට පිරිමි විතරක් වරද කාරයෝ වුනාට දවසක්දා මටත් ඔය වගේ දෙයක් වුනා, මාරු වෙන එක තමයි ඇඟට ගුණ.. :p

  23. නවම් Says:

    කොල්ලො වත් කෙල්ලොවත් නරක නෑ හැම වෙලාවෙම. නරක මිනිස්සු හොඳ වෙන්නත් හොඳ මිනිස්සු නරක වෙන්නත් වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඒක නිසා දෙපැත්තටම වැරදි කියන්න නරකයි.

    හැබැයි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන ප්‍රතිපත්ති ‍රැකීම ගැන නම් ලකුණු 100 යි !
    [මම ඔතන උන්නනම් මොකක් වෙයිද අප්පා…. !]

  24. බෙලෙකා Says:

    උඹ මොන හෝල්ට් එකෙන්ද බං බැස්සෙ?ඒ බස් එක තාම එතන නවත්තගෙන ඉන්නවද දන්නෙ නැ නේ?

  25. හිස් අහස Says:

    මම දවසක එන්නම ඕන උඹව හම්බ වෙලා යන්න උඹලෑ බස් එකේ ගිහිලා උඹලෑ යාලුවෝ අඳුරගෙන . උඹ වගේ උතුම් මනුස්සයෙක් ගැන හදාරන්න මට ආසායි ..

  26. මන්තරකාරි Says:

    මේක කියවනකන් ඇත්තටම මෙහෙම පැත්තක් ගැන හිතුනෙත් නෑ, අහලත් නෑ. අපි දන්නේ ඉතින් පිරිමි මිනිස්සු බස්වල යන විදියනේ…

  27. Gayan Ruasinghe Says:

    මචං මම මේක අද බලන්නෙ, කලින් දැක්කනම් අනිව කමෙන්ටුවක් වරදින්නෙ නැ. සිරා කතාව. ඔය වගේම සීන් එකක් මට උනා, ඔය වගේම තමයි,,,

    ජය..

  28. jeewan Says:

    කෙල්ලෝ හොදයිනේ කොල්ලෝ තමයි නරක මගුල තමයි මම දැන් අවුරුදු ගානක් තිස්සේ මාසෙකට සැරයක් දුරගමන් සේවා බස් වැල යන එන කෙනෙක් 333 පාරේ යන එන අය දන්නවනේ කෙල්ලෙක් ඉන්න තැනක ශීට් එකක් හම්බවුනත් හිටගෙන යන එක තමයි ඇගට ගුණ කියල

  29. පන්සල් හංදිය Says:

    මූදේ පීනන මාලුවට දිය කඩිත්තක පීනුවට වැඩක් ඇතෑ ………..
    ඕක මේ මාලුවට නැතුව වක්කඩක ඉන්න හඳයෙකුට වගේ උනා නම් ඉහේ මලක් පිපුනා වගේ තියෙයි ……….


පන්සල් හංදිය වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: