කොල්ලෝ විතරනේ වැරදි….කෙල්ලෝ හරී… හොඳයි…

දවසක් දා මං හවස ඔෆිස් ගිහිං ගෙදර යනවා. වෙනදට මං තනියම ගියා වුනාට එදා නම් පොඩි විශේෂයක් තිබුනා.  එදා අපේ ඔෆිස් එකේ කලිං හිටිය ගෑණු ළමයෙක් මගදී හම්බුවෙලා එයත් මං යන බස් එකේම නැග්ගා….

 දැන් ඉතිං සෑහෙන කාලෙකින් හම්බුවෙච්ච එකේ කතා කරන්න දේවල් සෑහෙන තියෙනවනේ. කතා කරන්න කිව්වට එයා කතා කරනවා මම… හ්ම්… නෑ… බොරු…. ආහ්… ඔව්…. අයියෝ අපරාදේ…. ෂිට්…. ඉතිං ….. අප්පට සිරි… මල කෙලියයිනේ… ඊට පස්සේ …..  වගේ කතාවට සබැඳුම් දාගෙන ඉල්ලගෙන කනවා. මෙයා මං බහින්න කලින් බස් එකෙන් බහින නිසා, එයාට කියන්න තියෙන ඔක්කොම එව්වා මට කියනවා.

කොල්ලා බැනපුවයි, මං ගැන දුක හිතිච්ච අවස්ථායි…. දැන් ඔෆිස් එකේ අය ගැනයි, නයිටිය ඉරිච්චි හැටියි, ටවල් එක ගැල‍විලා වැටුන හැටියි අරකයි මේකයි හැම රෙද්දම මට කියනවා. මටත් ඉතිං එපා වෙලා හිටියේ… කන් දෙක අච්චාරුවක් වගේ වෙලා…. මේ ගෑණු ළමයා අපේ ඔෆිස් එකේ ඉද්දී කවදාවත් මාත් එක්ක මේ වගේ පෞද්ගලික දේවල් තියා රාජකාරි වැඩකටවත් වචන දෙකකට වැඩිය කතා කරපු කෙනෙක් නෙමේ. වැඩිම වුනොත්…. හරි මං සර්ට කියන්නම්…. කියලා විතරයි කියලා තියෙන්නේ…

ඉතිං ඒ කාලේ කතා නොකරපුවෑ ඇරියස් එක්කමද කොහෙද මට දෙනවා බඩ පිරෙන්න කන්දෙකට. හරි සනීපයි ඉතිං. අර ටවල් කේස් එහෙම කියද්දී ඇඟ හිරිවැටිලා යනවා. ඇයි දෙයියනේ කවදා අහන්න හිතපු එව්වද…! ඔක්කොමත් හරි ටික දුරක් යද්දී සෙනග අඩු වෙච්චි ගමන් මගේ අතින් අල්ල ගත්තා. කන් දෙක කීං කීං ගානව. මල මගුලයි දන්න කියන එකෙක් වත් දැක්කොත් මං සදා සොත්ති තමා. ඊට පස්සෙ තව ටික දුරක් යද්දී මුළු බස් එකටම සෙනග හි‍ටියේ 10ක් විතර. ඒ පාර මේකි මගේ අත අරගෙන එයාගේ ඉන වටේ ඔතා ගත්තා….

අනේ දෙයියනේ මේ මගුල් වෙන්නේ මටමයි. කවදාවත් මේ විදියට ගිහිං නැති මට මේ මගුලෙන් ‍ගැලවිලා දුවන්නත් බෑ…. එහෙමයි කියලා අත එහෙම්ම තියාගෙන ඉන්නත් බෑ… පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා…. ආයේ තව ටිකකින් අඩල්ට්ස් ඔන්ලි තැනකට මගේ අත උස්සලා එයාම තියාගත්‍තා. මේකි මේ එන්නේ මොකාටද කියලා මට නොතේරුනා වගේ හිටියට ඒකි දන්නේ නෑ මං මෙව්ව ගැන දන්නවයි කියලා. පස්සේ ඉතිං මං අත ගන්න යද්දිම මේකි අත අදාල තැනට තියලා තද කරගත්තා. ස්පොන්ජ් වගේ නම් තමා… ඒත් ඉතිං අනුන්ගේ කොට්ට වල මං නිදියන්නේ නැති නිසා අත ටිකක් වේගෙන් ඇදලා ඉන වටෙන් ආයෙත් අරගෙන මගේ බෑග් එක උඩන් තියාගත්තා. ඒ අස්සේ අර ඇතිවෙච්ච කම්පනේටද කොහෙද පපුවේ ලේ පොම්ප ටික වැඩ හෝ ගාලා.

ඌයි… මට රිදුනා….

පස්සේ මගේ අර අත වැදිච්ච පාරට මෙයාට රිදිලා. පවු ඉතිං… පුංචි මල්නේ… මලේ පෙති දෙකෙන් එකක ලාවට වැදුනම මෙච්චර රිදෙනව ඇති කියලා දන්නවනම් මං අත හොල්ලන්නේ නැතිව ඉන්නවා.

ඒ පාර ඔන්න මට නිවාඩු තියෙන දවස් අහනවා. මට කොහොමත් ෆෝවර්ඩ් කෙල්ලෝ දිරවන්නේ නැති නිසා…. මාත් ගත් කටටම… ඉරිදා නිවාඩු… ඒත් යශෝධරාව බලන්න යන්න ඕනේ…. කිව්වා.

ඔන්න ඉතිං ඒ පාර නම් අර අත වැදිච්ච පාරට වැඩිය එයාගේ හිත රිදුනා. මට කරන්න දෙයක් නැහැනේ. බලෙන් ඇගේ එල්ලිලා අනවශ්‍ය දේවල් වලට එද්දී මට ඊට වැඩිය හිත රිද්දන්න ක්‍රමයක් හිතාගන්න බැරිවුනා. පස්සේ ඉතිං ආයෙමත් මගේ අත අරගෙන උකුල උඩින් තියාගන්න හෙන ට්‍රයි එක. මේකි මගේ යාළුවෙක් වගේම මේකි කෙල්ලෙක් නිසා කන පැලෙන්න දෙකක් දී ගන්න විදියක් නැතුව මං හෙනට අසරන වුනා එතෙනදී. පස්සේ කරන්නම දෙයක් නැති පාර මං පොඩි වැඩකට ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා කියලා බස් එකෙන් බැස්සා.

ඉතිං හදිස්සියේ මේ පෝස්ට් එක දැම්මේ ඇයි කියලා බලයිනේ කට්ටිය. මේකයි හේතුව… කට්ටියට මතකද අපේ ඩීප්ස් නංගි පෝස්ට් එකක් දාලා තිබ්බා… බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලා කියලා… මේ ඒකෙ අනිත් පැත්ත.

ගෑණු ළමයි හිතාගෙන ඉන්න විදියට කොල්ලෝ තමා නරකම. ගැහැනු අය අතරෙත් නරක අය ඉන්න බව එයාලා එක්කෝ දන්නේ නෑ… එහෙම නැත්තං පිළිගන්නේ නෑ… මේ මට ඇත්තටම වෙච්ච එක සිද්ධියක් විතරයි. තව දෙකක් මං කලින් ලිව්වා. මායි යාළුවෙකුයි නුවර යද්දී බස් එකේ සෙට් වුන කෙල්ලෙක් ගැන එකයි. එදා මට ඕනේ කම තිබුනනම් ඒ කෙල්ලගෙන් ඕනේ දෙයක් ගන්න පුළුවන කම තිබුනා. අනිත් එක ඊයා වල් කෙල්ලෝ…

ආහ්… තව එකක් තියෙනවා… දන්නවාද බැඳපු මිනිහා වැඩට ගියාම වෙන කොල්ලෝ එක්ක ගිහිං ෆිල්ම් බලලා… රූම්ස් වලට ගිහිං සෙල්ලං කරලා අයෙම මනුස්සයා ගෙදර එන වෙලාවට ගෙදර යන අවුරුදු 22ක් 23ක් වෙන හොඳ ගෑණු ළමයි ඉන්නවා කියලා… මං පෞද්ගලිකව දන්නවා එක්කෙනෙක්ව… එයා මගේ යාළුවෙක්ව තමා ඒ වගේ දේවලට එක්කං යන්නේ… මං දන්නේ නෑ එයාගේ මනුස්සයාගේ ප්‍රශ්නයක්ද එහෙම නැත්තං වෙන මොකක් හරි සීන් එකද්ද කියන්න… කොහොම හරි යාළුවගේ වියදමුත් ඔක්කොම බලාගෙන කෙල්ල තමා අත දිග ඇරලා වියදම් කරලා කරගන්න ඕනේ ටික කරගන්නේ…

දැන් ඉතිං මේක කියවපු ගැහැණු ළමයි ටිකක් හිතලා බලන්න කොල්ලෝ විතරමද නරක කියලා. ඕනේ නං මං ලියපු මේ පරන පෝස්ට් එකත් කියවලා බලන්න. ඒකට අනුව මේ වගේ ගෑණු ළමයි වැටෙන්නේ පළවෙනි කාන්ඩෙට…

%d bloggers like this: