ඊළඟ උපන් දිනේට තව දවස් කීයද…? (18+)

ඔය පහල තියෙන්නේ මං තුමා විසින් බ්ලොග් එක පටන් ගන්න කලින් හදපු පොඩි ෆ්ලෑෂ් ෆයිල් එකක්. පස්සේ ටිකක් මොඩිෆයි කරලා ඕං දැම්මා. ඔයාලගේ උපන් දිනේ කවද්ද…? ඔයාලා​ගේ ඊළඟ උපන් දිනේට තව කොච්චර දවසක් තියනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. බලන්නකෝ කට්ටිය එක්ක පොඩි ට්‍රයි එකක් දාලා. මැද තියෙන කොටුවේ ක්ලික් කරලා “V” අකුර නැතුව අංක නමය විතරක් ටයිප් කරන්න.

මේකේ පොඩි අවුල් සහගත තැන් වගයක් තියෙනවා… ඒත් ඔයාලා හරියටම අයිඩෙන්ටි නම්බරේ දුන්නොත් වැඩේ හරි… වැරදුනොත් නම් සොරි. මං පුළුවන් තරම් බැලූවා මේකේ තියෙන කෝඩ් එක්ක හැප්පිලා එව්වා හදන්න. විවේකයක් නැති කම නිසා අද වෙනකං නම් පුළුවන් වුනේ නෑ. මට බැරි පාර වයඹ යුනියේ යාලුවෙක්ගේ උදව්වත් ගත්තා… ඒත් වැඩේ හරිගියේ නෑ. ඒ පාර ෆ්ලෑෂ් ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවම දැනගත්තා මේක ෆ්ලෑෂ් සමග එන ඇක්ෂන් ස්ක්‍රිප්ටින් වල තියෙන දෝෂයක් කියලා… එව්වට ඉතිං මයේ ගාව බෙහෙත් නෑනේ… ඒක නිසා ඕං පුළුවන් විදියට දැම්මා. කාට හරි බාගන්න ඕනෙ නං… මෙතෙනින් ගන්න. ඒ වගේම මොබයිල් වර්ෂන් එකකුත් තියේ ඒක… මෙතනින්(ලින්ක් උඩ රයිට් ක්ලික් කරලා save link as )

දැන් ඇයි මේක 18+ කියලා දැම්මේ අහන අයට මොනාද කියන්නේ…? මෙන්න මේකයි සීන් එක, 18 අඩු අයට මේකෙන් වැඩ කරන්න බෑනේ… අයිඩෙන්ටිය තියෙන්න එපැයි ඒකයි. කවද හරි ඔය පොඩි එව්වෝ ලොකු වෙච්ච දවසක අයිඩෙන්ටියක් හම්බුවෙයිනේ, එතකන් ඔය ගෙදර ඉන්න කෙනෙක්ගේ නම්බරේකින් වැඩ කරලා බලන්න.

90 Responses to “ඊළඟ උපන් දිනේට තව දවස් කීයද…? (18+)”

  1. මධුරංග Says:

    නියම වැඩ කෑල්ලක්නේ මාලු අයියේ !!!!
    මේක තව දුරටත් මොඩිෆයි කරන්න බැරිද එන්ටර් කරන නම්බර් එක අයිති කෙනා ගෑනුද පිරිමිදි කියලා. අයිඩි නම්බර් එකේ අන්තිම ඉලක්ක්ම තුනෙන් ඒක හොයන්න පුලුවන් ලූ. 🙂

    • ගෝල්ඩ් fish Says:

      උඹ උඹේ අයි ඩී නම්බර් එක දුන්නම Hello sir කියලා අවේ දිව්‍යඃඥානෙන් කියලද හිතුවේ…?

      • දොඩං Says:

        මුලම ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ ඉපදුනු අවුරුද්ද, ඊළඟ ඉලක්කම් තුනෙන් ඒ අවුරුදෙ ජනවාරි 1වැනිදා ඉඳන් උපන් දිනේට තියෙන දින ගාණ. අධික අවුරුද්දක් නෙවෙයි නං පෙබ 28ට පස්සෙ ඉපදුන අයට 1ක් එකතු කරනවා. ඊළඟට ගැහැණු අයට ඒ අගයට 500ක් එකතු කරනවා. ඉතුරු ඉලක්කම් 4 තමයි තමංගෙ අංකේ. මං හරිනේ. මේ කරුණු ටික නං මං හොයාගත්තුවා. තව විස්තර තියනවද දන්නෙ නෑ.

      • ගෝල්ඩ් fish Says:

        නෑ අයියේ මේ ටික තමා මාත් දන්නේ….

    • මදුශාන් Says:

      හෆ්ෆොයි බං අන්තිම් ඉලක්කම් 3න නෙවෙයි 😀 😀
      පලවෙනි ඉලක්කම් 2ක ඉපදිච්ච අවුරුද්ද
      ඊලඟ ඉලක්කම් 3න 500ට වැඩිනම් ගෑනු අඩුනම් පිරිමි
      ගෑනුනම් ඒකෙන 500ක් අඩු කරපුවාම එන ඉල්ක්කම
      පිරිමිනම් ඒකම අවුරුද්දෙ මුල ඉදලා උපන්දිනේට තියන දවස් ගාන 😀 😀
      ඉතුරු එව්වා මතක නෑ මාලුවා දන්නවද?
      එල වැඩක් මාලුවා 😛 😛

      • ගෝල්ඩ් fish Says:

        ඉතුරු එව්වයේ බං තේරුමක් නැහැයි කිව්වා , අයිඩෙන්ටි කාඩ් ඔෆිස් එකේ වැඩ කරන අක්කා කෙනෙක්ගෙන් ඇහුවම. ඒක අංක හතර රෙජිස්ටර් වෙන පිලිවෙලට දෙන එකක්ලු.

  2. Kasun Chanaka Says:

    18+ ප්ලස් කිව්වම දුවගෙන ආවෙ බලන්න. 😦

    මේකත් නියම අයිටම් එකක් නෙ.

  3. සාතන් Says:

    මගේ එක නම් හරියට ආව…. බලන් යද්දි මම හිතන් හිටියට වඩා මම අවුරුද්දක් බාලයිනෙ.. 😀

  4. Gayan Ruasinghe Says:

    අඩේ මේක වැඩ කරනව මචෝ. මට සර් කියලත් කිව්ව නොවැ. එල එක උබ ඉති ෆ්ලැශ් වැඩ කිඩ දන්න එකා නේ.. එල එල

    ජය…

  5. sulagawageawidin Says:

    අයි ඩී නම්බර් එකෙන් මැනුවලි බර්ත්ඩේ එක හොයන්නයි, අයිඩී නම්බර් එකෙන් ඒක ගෑනු ළමයෙක්ගෙද පිරිමි ළමයෙක්ගෙද කියලා හොයන සිස්ටම් එකනම් මම දැන ගත්තේ මීට අවුරුදු 3කට කලින් මාළු අයියේ

    මේ බර්ත් ඩේ එක දුන්නොත් අයිඩී නම්බර් එක හොයගන්න සිස්ටම් එකක් නැද්ද මාළු අයියේ

  6. සරුංගලේ Says:

    මේ ඕක වෙනස්කරන්න 16+ කියල. මොකද අවුරුදු 16 NIC ගන්න පුළුවන්නේ. සා/පෙ කාලෙදිත් NIC හදනවනේ………???????

  7. maathalan Says:

    කාන්තා පාර්ශවයේද කියල දැන ගන්නෙ 3,4,5, කියන අංක තුනට 500 එකතු කරල තියෙන්නේ.. මේ ගැන උනත් නොදන්න අය බොහෝයි.. ආමන්ත්‍රනයෙන් හරියට එනව පාර්ශවය… ආතල් සමග දැණුම එකට..

  8. සිතුවම් Says:

    සිරා වැඩක් මචෝ.ඔය කීවට එරර්ස් හදන්න පුලුවන් වෙන්නෝනි.අනික මුකුත් value එකක් නැතුව නිකන්ම එබුවම එන අවුරුදු 1991 වයස ගෑණි කව්ද බං?

  9. චරිත් යශෝද / Charith Yashoda Says:

    ෂා GoldFish අය්යේ එකෙත් පොඩි ගතියක් තියෙනවා නෙව .
    පට්ට වැඩ කෑල්ල

  10. දේවා Says:

    පලවෙනි ඉලක්කම් දෙක උපන් අවුරුද්ද, ඊලග තුන අර මදුශාන් කිව විදිහට උපන් දිනේ…
    ඉටපස්සෙ තියන 3න් එකක් රේස් එක අනිතිවා ගෙන් ඉපදුන දවසේ රෙග් කරපි පිලිවල කියනවලු.. අනිතිම එක නම් එයාලගේ කොඩ් එකක්ලූ… මම දන්නෙත් ඔය ටික තමා

  11. තාරා Says:

    නියම වැඩක්…. ඔය ලොජික් එක දාලා පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් කෑලි ලියන්න තිබුනා අපිටත්…. මාළුවා වැඩේ ලස්සනට කරලා තියෙනවා..

  12. weniwel Says:

    මන් මාලුවන්ගෙ 18+ එව්ව දැකලම නැහැ.. මදැයි දුවගෙන ඇවිත් බැලුවා.. චිහ් මේ මොන උලව්වක්ද මේ??? (විහිලුවට )
    එලද අර අර අර මොකද්ද එක තමයි..නියමයි අයිටම් එක නම්..

  13. mada Says:

    el el ado maxxa bn… Adenw thni ahata… Pisu pusek ne machan.. El wade.. Thw item dpan hode…

  14. මකුළු පැංචි Says:

    මගේ එකත් හරියටම ආවා… 😛
    මරු වැඩ කෑල්ලක්නෙ මාලුවෝ… මරු ඈ.. 😀

  15. Dinuka Harshana Says:

    එළ මාළුවෝ flash වැඩ කෑලිනම් මමත් හදලා තියෙනවා
    ඒවත් දාලා බලන්න ඕනි.
    එරර්ස් හදාගන්න උදවු කරන්න පුළුවනි ඕනි නම්…

  16. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    18+ කියල දාල තිබ්බ හින්ද මම හිතුව අදත් මොකක් හරි අලුගුත්තේරු වැඩක කරලා කියලා. එල එල. මගේ උපන්දිනෙත් හරියටම කිව්වා. ඇත්තද දෙමළ ජාතිකයන්ගේ ඔය අගට V වෙනුවට X තියනවා කියන්නේ?

  17. buddie-බුඩී Says:

    මාලුවෝ මේ කෝඩ් එකට නම්බර් එක දෙන්න ඉස්සෙල්ල ඒකේ ලෙන්ත් එක බලන්න එතකොට වැඩේ හරි. 5=< number නම් අවුලක් නෑ නේ. මම කෝඩ් එක නම් බැලුවේ නෑ හැබැයි වැඩ කරන විදිහට පේනවා ලෙන්ත් එක චෙක් කරන්නේ නෑ කියලා. 3 ක් දුන්නොත් NotaNumber error එක දෙන්නේ ඔය සීන් එක හින්දා හැබැයි අවුරුද්දනම් හරි.

  18. බුද්ධි Says:

    උඔටත් යමක් කමක් කරගන්නඩ පුලුවන් නේද? නියමයි හැබැයි මේක. වැඩියෙන්ම මම කැමති මේ පිට පෙනුමට සමහරු මාර වටින ගැජට් හදනවා. ඒත් පිට පෙනුම එච්චර හරි නෑ. මේක ඒ අතින් නියමයි. පොපෙසනල් පෙනුම නිල් කැටේට තියෙනවා

  19. වජිර Says:

    එල මාලුවෝ….

    හැබැයි මේ යකා අපේ අයි . ඩී. නොම්මර ටික එකතු කොරගන්න කරපු උප්පරවෙට්ටියක් ද කියන්නත් බැ…
    මොකෝ මාලුව දිය යටින් යන එකෙක් නෙ… :පී……

  20. අපරාජිතයා :::: Aparajithaya Says:

    අපි නම් අහුවෙයි ඔව්වට උඹ අපේ අයිඩී නම්බර් ටික එකතු කරන් ගේමක් දෙන්න නේද හැදුවේ… හික් හික්…. අපි අහුවෙයි… හූ……………

  21. චතුර.... Says:

    18+ නෙවෙයි මාළු අයියේ 16+ අපි නම් සාමාන්‍ය පෙළ කරන කොට තමයි ගත්තේ..එලකිරිස් කිව්වා වැඩ කෑල්ල නම්..

  22. හිස් අහස Says:

    මේකත් පට්ටයි මට උඹගේ හැකිහාවන් ගැන අභීත අයියා කියලා තියනවා . ඒක නෙවෙයි 18+ කතාවකුත් තිබුනානම් තමයි එල

  23. දේවා Says:

    මාර කේස් එක හැමෝගෙම කමෙන්ට් වලට මාලුවා මොනවා හරි කියලා තියනවා.. ඒත් මගේ එකට මුකුත් නැ…. දැන් ටික දවසක් ඉදන් මගේ බ්ලොග් එක පැත්තේ එන එකත් නතර කරලා…. මට මොකක් හරි ගේමක් අදින්න වගේ එකනේ ගෙවල් හරියේ තියෙනේ කැම්පස් එකේ කොලුවෙකුටම කතා කරලත් තියෙන්නේ….
    ඇත්තටම කවුද ඒ මැන්… මොකක්ද මාත් එක්ක තියන අවුල.//////

    ම්ම්ම්ම්ම්

    • ගෝල්ඩ් fish Says:

      දේවා, මචං පොඩි වැරදිමක් බං. උඹේ කමෙන්ට් එක මිස් වෙලා තමා. වැරැද්ද මගේ.

      මේ උඹත් අපේ ගම් පලාතෙනේ බං බලාගෙන යද්දී. අනික උඹේ බ්ලොග් එකට මට යන්න බෑ බ්‍රවුසර් එක ක්‍රෑෂ් වෙනවා විජට් නිසා…. ඒකට උඹ මක්ක හරි කරපං.

      • දේවා Says:

        වෙන්න බැනේ…. එතකොට මාලුවා කොහෙද? මෙතන කියන්න බැරිනම් මට මේල් එකක්වත් දාපන්කෝ… දන්න කියන එකෙක්ද දන්නේ නැනේ බන්….\
        sadaru.world@gmail.com

        දැන් ඒ අවුල ඉවරයි… ගොඩාක් ඒවා අයින් කලා.. දැන් ඇවිත් බලපන්කෝ…

        අහ් පොඩි ඇඩ් එකක් දාන්නම් තරහ නැනේ ඇවිත් බලන්නකෝ මගේ එකට පොඩ්ඩක් බ්ලොග් එදා හා අද ගැන

      • ගෝල්ඩ් fish Says:

        හරි මචං මං බලන්නම්

  24. අමා Says:

    එල එල මාළු මල්ලියෝ! තව මේ වගේ වැඩ කිඩ එලි දක් වන්න ඕනේ!
    හැබැයි අර කව්ද කිව්වා වගේ මේක 18+ නෙවෙයි 16+ වෙන්න ඕන! ඕ ලෙවෙල් කරද්දී කට්ටියටම ඉස්කෝලෙන් අයි ඩී හදල දුන්න මතකයි. හැබැයි මේ මට නම් ඕ ලෙවෙල් ලියද්දි 16 පිරිලා නොතිබුණු නිසා පස්සේ ඒ ලෙවල් කරද්දී හදාගත්තේ (මං ඉතින් පන්තියට හිටපු චුටි කෙල්ල නේ හික් හික්)

  25. asanka Says:

    අයි 18 අඩු අයට අයි.ඩි කාඩි නැද්ද???????

  26. සසීන්ද්‍ර Says:

    අපෝ මම නං මේ පෝස්ට් එක බැලුවෙ නෑ 😛

    [18ට අඩු අයටත් අයිඩී තියනව හරිද 😀 ]

  27. tharindu Says:

    අඩො මම දන්නව මොකද්ද මේ සීන් එක කියලා මෙක අන්ඩ වල්ඩ් කේස් එකක් මාලුව හදන්නේ අපිව පොලිසි අරින්න අපේ අයි.ඩි නම්බර් අරගෙන….මම මැරා නිසා ඕවා දන්නවා……..

  28. supun Says:

    සහො, 2000න් පස්සෙ ඉපදෙන උන්ගෙ අඩි# එකෙ මුල් ඉලක්කන් 2 අරගෙන උපන් දිනෙ හදල බලමුද?

  29. පන්සල් හංදිය Says:

    නියම ගැජට් කෑල්ලක්නෙ ……..
    තැන්කූ මලයා ……..


weniwel වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: