පුංචි ලෙඩක් තියෙන්නේ සර්…

නිකමට හිතන්න ඔයාලගේ ගෙදර තියෙන් මොකක් හරි උපකරනයක් මොකක් හරි දෙයක් නිසා වැඩ කරන්නේ නැතුව ගියා කියලා. ඒ වගේ වෙලාවකට ඔයාලා කරන්නේ ඒ අදාල දේට ලැබුන වගකීම් කාලය තව කොච්චරක්ද කියලා බලන එකනේ…

ඊට පස්සේ අදාල භාන්ඩෙ මිලදී ගත් තැනට කතා කරනවා. දැන් ඉතිං ඒ වගේ කෝල් එකක් මටත් ආවා. මේක ඇත්තටම මටම ආපු කෝල් එකක් නෙමෙයි. මගේ බොස්ට ආපු එකක්. ලොක්කා නැති නිසා මං තමා ආන්සර් කලේ… හිතාගන්නකෝ මං වැඩකරන ආයතනයේ හදන්නෙ විදුලි බල්බ් කියලා…

ඔන්න කෝල් එක දීපු කෙනා කතාකරනවා….

හෙලෝ…..

මම – හෙලෝ… ගුඩ් මෝර්නින් සර්….

ආහ්… මං මේ කතා කලේ මහත්තයා, මං සර්ලගෙන් ගත්තා බල්බ් එකක පුංචි ප්‍රශ්නයක් තියෙනවා කියන්න..

මල මගුලයි… මේක මේ කස්ටමර් කම්ප්ලේන් එකක්නේ… දැන් ඉතිං මොකද කරන්නේ… මට කස්ටමර් කම්ප්ලේන් වලට උත්තර දීලා පුරුද්දක් නැහැ. ඒකට තමා චීෆ් කොලිට් කන්ට්‍රෝලර් හරි, ප්‍රොඩක්ෂන් මැනේජර් හරි, කොලිටි මැනේජර් හරි ඉන්නේ… කරුමෙට මේ තුන් දෙනාම එකම මීටිමේ. ඒක නිසා කෝල් එක වෙන කෙනෙකුට යවන්නත් බෑ…

අන්තිමේ ඉතිං මං බලෙන්ම වගේ බීලී කොක්කට පැටලුනා. අර කෝල් එක දීපු පොරත් මට හිතෙන්නේ කොහෙහරි දුෂ්කර ගමක කෙනෙක් වෙන්න ඕනේ කතාකරපු විලාසයට අනුව. ආයෙමත් ඔන්න…

මම – එහෙමද සර්…. මොකද්ද දන්නේ නෑ ප්‍රශ්නේ…?

මං එහෙම ඇහුවේ… කස්ටමර්ලා අපිට කෝල් එක දෙන්නේ ප්‍රශ්නේ එයාලට පුලූවන් විදියට විසඳගන්න ට්‍රයි කරලා අනාගෙන … නාගෙන ඔක්කොම කරගෙන. ඒක නිසා ඉතිං විස්තරේ අහගන්න පුළුවන්නේ…. අනික පුංචි ප්‍රශ්නයක්නේ තියෙන්නේ… ඒක නිසා ඉතිං මට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන වැඩේට බැස්සා.

අනික් පැත්තෙන් මට උත්තර දෙනවා…  මහත්තයා අපි මහත්තයලගෙන් ගත්ත බල්බ් එක පත්තු වෙන්නේ නෑනේ…. ඒකට මොනව හරි කරලා දෙන්න. කියලා.

ඒ වචන ටික ඇහුනට පස්සේ මාව නිකං කරකෝලා අතෑරියා වගේ. ඇයි දෙයියනේ මේ යකා මුලින් කිව්වේ පුංචි ප්‍රශන්යක් කියලා… පස්සේ බලාගෙන යද්දී ඇතිවෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නෙත් ඒකමයි. බල්බ් කියන්නේ එලිය දෙන එකක්නේ. ඉතිං ඒකේ ප්‍රධාන අරමුන ආලෝකය දෙන එක නැත්තං පත්තු වෙන එකනේ. දැං අර මනුස්සයා කියන පුංචි ප්‍රශ්නේ තමා ලයිට් එක පත්තු වෙන්නේ නැති එක…. පොරට බල්බ් එක ගැන තියෙන ඒ ප්‍රශ්නය පුංචි ප්‍රශ්නයක් වුනාට අපේ කර්මාන්ත ශාලාවේ අයටනම් තියෙන ලොකුම ප්‍රශ්නය තමා ඒක… මං ඉතිං ඇදගෙන නාගත්ත වගේ දෙයක් තමා වුනේ.

ඕකට උත්තර දෙන්න අනිවාර්යෙන්ම තාක්ෂණික දැනුමක් තියෙන්න එපැයි. ඒක නිසා මං පොරගේ ගෙදර නොම්මරේ ඉල්ලගෙන පස්සේ අපි කතා කරන්නම් කියලා ප්‍රශ්නේ තාවකාලිකව විසඳුවා. අනික මං උදාහරණයක් විදියටනේ බල්බ් එක ගත්තේ. අපේ ආයතනයේ හදන භාන්ඩේ හැටියට ඒකේ ප්‍රධානම කාර්යය නොවෙන්න සෑහෙන්න කරුණු බලපානවා. මට ඉතිං නොදන්න දේවල් කියවන්න ගිහිං අර කස්ටමර්ව ආමරුවේ දාන්න බැහැනේ ඒක නිසා වැඩේ අපේ ලොක්කටම පංගාත්තු කරලා දැම්මා.

අනේ මන්දා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කස්ටමස්ලට පුංචි ප්‍රශ්නක් වෙන්නෙ කොහොමද කියලා….

එහෙම බලාගෙන පුංචි පුංචි ලෙඩ බර ගානක් තියෙනවනේ…. මට හිතිච්චා ටිකක් ඔය තියෙන්නේ පහල…

ඔරලෝසුවක් තියෙනවා… ඒකේ පුංචි ලෙඩක්…

ලෙඩේ තමා වෙලාව දුවන්නේ නැති එක.

අනිත් එක ශිතකරණයක්…

ඒකෙ පුංචි ලෙඩේ කූල් වෙන්නේ නැති එක…

එතකොට ටීවී ‍එකේ පුංචි ලෙඩේ රූප පේන්නෙත් නැ සද්දේ ඇහෙන්නෙත් නැති එක.

හීටරේටත් පුංචි ලෙඩක්… ලෙඩේ තමා පල්ග් කරාට රත්වෙන්නේ නැති එක…

52 Responses to “පුංචි ලෙඩක් තියෙන්නේ සර්…”

  1. සරුංගලේ Says:

    මට කෙල්ලෙක් ඉන්නවා………..
    පුංචි ලෙඩක් තියෙනවා…….
    එයා මට ආදරේ කරන්නේ නැහැනේ………??????

  2. බෙලෙකා Says:

    පුන්චි ලෙඩක් තමා ඕක.

  3. Marlan Fernando Says:

    අපෝ පුන්චි ලෙඩක්නෙ තිබිලා තියෙන්නේ….

  4. Gayan Ruasinghe Says:

    අපෙ ගෙදරත් පොඩි අවුලක් තියෙනව බං… බ්ලෙන්ඩරයක් තියෙනව කැර කෙන්නෙ නෑ නොවැ… හෙහ් හෙහ්

    ජය…

  5. සාතන් Says:

    උඹ දන්න තරමින්නෙ ඔය බල්බ් එක පත්තු නොවෙන එක ලොකුම ලෙඩේ වෙන්නෙ… කවුද දන්නෙ පොර බල්බ් එක මොකට පාවිච්චි කරනවද කියල… 😉

  6. sulagawageawidin Says:

    මටත් පුංචි ලෙඩක් තියෙනවා අයියා හුඟාක් දේවල් ඉක්මනට අමතක වෙනවා 😛

  7. mada Says:

    e mcho ape ekekge orlosuwk bim wtel wada kre n, eth walata watuna eka wal katenm goda enna one nesa thwa parak gahuw bima.. Bota keynna elakiri wge wada et psse.. 😀

    malu yalu ara google map wade moko, krdryk nththn poddk blpn hode..

  8. Dinuka Harshana Says:

    බල්බ් එක අතේ තියාගෙනද දන්නේ නෑ උබට කතාකලේ..

  9. ඕනයා Says:

    ඉස්සෙල්ල උඹට තිබ්බෙ චෙක්කරල බලන්න . . ඔය බුවාගෙ ගෙදර කරන්ට් තියනවද කියල . . . .???

  10. maathalan Says:

    පුංචි ප්‍රශ්නයක් මටත් තියෙනව..
    මේ කවුරු හරි හොඳට කාළ බීල ඉන්නවනම්.. මට වැඩියෙ ලස්සන බොග් දානවනම්.. ඒවට මට වැඩීයෙ කොමෙන්ට්ස් එනවනම්.. මගේ ඇඟේ මාළු නටනව…

  11. රත්ගමයා Says:

    ඉති බල්බ් එක පත්තු කරයි….ඔය වයසට බල්බ් කොහොමත් ගැහෙනව නේ…මම දැනගෙන ඉදියේ නෑ නේ අදාල ආයෙතනයේ මාලුවා බෝතල් පත්තර බල්බ් කාරයෙක් කියලා….හික් හික්…බල්බ් මාලුවා…

  12. තාරා Says:

    මාළුවා ඉන්න තැනක හශපු එකෙක් නම් ඉතින් ඔහොම වත් වැඩ කරොත් තමා පුදුමෙ…. හි හි හි…

  13. buddie-බුඩී Says:

    කස්ටමර් කෙයා නේද?
    ලගදි සෙට් වෙයි මෙහෙමත් කට්ටක් මට

  14. ~ChAnDiKa~~ Says:

    මාලුවා වැඩ කරන සින්දු කියන්නගෙ කොම්පැනියෙ බලුප් එහෙමත් විකුණනවද? 😀

  15. සිතුවම් Says:

    පව් බං ඒ මනුස්පයා.උඹල බාල බල්බ් විකුනලා තව මිනිස්සුන්ට බයිටුත් දෙනවා.හපෝයි.

  16. Alchemiya Says:

    ඉතින් කිව්වෙ නැද්ද බල්බ් එක ලිපට දාලා බලන්න කියලා පත්තු වෙනවද කියලා ?

    මූ නං හරිම මෝඩ මාළුවෙක්.. ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් නෙවෙයි ගල්මාළුවෙක්… 🙂

  17. හිස් අහස Says:

    ඉතින් බං ඕක ගෙනෙල්ලා අලුත් එකක් දියංකෝ ..! ප්‍රශ්නේ ඉවරයිනේ . බලුබ් එකක් වැඩිම වුණොත් රු 40 -50 වෙයි .. ඔය රූපේ තියන ජාතියේ එකක් නේද ? මට කීවානම් මම නිකං එකක් එවනවා ..

  18. චතුර.... Says:

    “බල්බ් එක පත්තු වෙන්නේ නෑනේ….” බල්බ් එකක් නිසා බොහෝ දුරට එක්කෝ පිච්චිලා(දැවී ගිහින්), එක්කෝ විදුලිය ඇණ හිටලා.. ලොල්.. 😛

    @ සඳරු
    මුගේ ටිකිරි මොළේට ඒක තේරිලා නැහැනේ..

  19. ගිනි කුරුල්ලා Says:

    අඩේ මාළුවා ඔය කොම්පැන් එක සි*** එහෙම නෙවෙයිද?????

  20. පිස්සිගෙ ලෝකය Says:

    මගෙ ලැප් එකේ mother board එක රිප්ලේස් කරලා කම්පනි අයිතිකාරයො කිව්වනේ පොඩි අවුලක් තියෙන්නනෙ කියලා..

    😛

  21. පන්සල් හංදිය Says:

    ඉතිං ඔය කියන බලුබ් එක මාරු කලාද ……………….

  22. තාරක Dilsh@n Says:

    මේකනේ… බල්බ් එක පත්තු වෙන්නේ නැත්තේ හෝල්ඩරේට කන්ටෑක් වෙන තැන අවුලක්ද දන්නේ නෑනෙ. එහෙම නම් ඒක පොඩි ලෙඩක් නේද?
    හරියට නිකන් කොම්පියුටරේ පවර් සප්ලයි එක මාරු කලා වගේ. මදර් බොර්ඩ්, සීපීයූ එහෙම මාරු කරන්න වුනානම්නේ වැඩේ ලොකු වෙන්නේ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: